Sunday, February 5, 2012

ස්ලිට් එකේ ජිවිතේ I

බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉදන්ම මේ වගේ පොස්ට් එකක් ලියන්න ඕන කියන එක හිතේ තිබ්බට මොකක් හරි කොස්සක් වැටුනා.දැන් ස්ලිට් එකේ වැඩත් ඉවර එකේ තවත් කල් යවන්නේ නැතිව ස්ලිට් එකේ කරපු පිස්සු ගැන ලියන්න ඕන.

මම ඕ'ලෙවල් කලේ 2004 අවුරුද්දේ.ඉස්කෝලේ බාහිර වැඩ වැඩිය නොකෙරුවාට ඉගෙනගන්න වැඩ ටික අවුලක් නැතිව කරා.ඒ හින්දා ඕ'ලෙවල් ඒ 8 එක්ක පාස් වෙන්න පුළුවන් උනා.ඒ'ලෙවල් කරන්න ආසාවෙන් හිටියේ බයෝ වලින්.දන්න කියන අයගේ සහ ගෙදරින් තිබ්බ දැඩි විරුද්ධතාවය නිසා බයෝ කිරිල්ල කෙසේ වෙතත් මැත්ස් කරන්න සෙට් උනා.මොකද IT කරන්න මෝරා යන්න ආසාවක් තිබ්බ නිසා මාත් වැඩේට බැස්සා.

ඕ'ලෙවල් කාලෙට වඩා වෙන වෙන වැඩ කරන්න සෙට් උනත් පාඩම් වැඩ ටිකත් ෂේප් එකේ කරගෙන ගියා. 2007 ඒ'ලෙවල් කලා.රිසල්ට්ස් එනකොට මොරා කෙසේ වෙතත් සබරගමු වගේ යන්න පුළුවන් සීන් එකක් තිබ්බේ . ඔය අතරේ E-soft එකේ කම්පියුටර් කොස් එකක් කරන්න කියලා ගියා.ඕකෙදි තමයි yAkA ව සෙට් වෙන්නෙත්.එතැන්දී තමයි දැනගන්නේ ස්ලිට්‌ කියලා එකක් තියෙනවා කියලා , ඒකෙ  ඩ්ග්‍රී එකක් ළගකදී  පටන්ගන්නවා කියලා.පස්සේ මම ගිහින් ඇප්ලිකේෂන් එකක් පුරවලා මෙට්‍රෝ එකට බාරදුන්නා ඊට සතියකට පස්සේ ගෙදරට ලියුමක් එනවා ටෙස්ට් එකක් තියෙනවා ලියන්න එන්න කියලා.ටෙස්ට් කිව්වම ඉතින් මොනවද දන්නෙත් නැහැ නේ .ඒ හින්දා රටේ තියෙන ඔක්කොම IQ ටෙස්ට් කරලා ටෙස්ට් එකට යනවා.ඒකේ නම තිබ්බේ මෙලෝ රහක් නැති I.Q ප්‍රශ්න.කොහොමහරි ටෙස්ට් එකත් පාස් කියලා ලියුමක් ජනවාරි මුල ලැබෙනවා.පෙබරවාරි මුල සෙමෙස්ටර් එක පටන් ගන්නවා ඒකට එන්න කියලා තමයි ඒකෙ තියෙන්නේ.

ආ කියන්න බැරි උනා ඉස්කොලේ ඒ'ලෙවල් කාලේ ඉදන් වගේ මගේ තිබ්බ පුරුද්දක් තමයි වෙලාවට වැඩ (නො)කිරීම.කොහෙට හරි 10 ට එන්න ඕන නම් මගේ යාලුවෝ ගොඩක් අය මට 9.30ට වත් එන්න කියන එක සිරිතක්.ආයේ මොනවාද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ , ස්ලිට්‌ එක හා හා පුරා කියලා පටන් ගත්ත දවසෙත් මම ස්ලිට් එක යනකොට අම්බානෙක පරක්කුයි.මට මතක විදියට 10 ට එන්න කියලා තිබ්බ එකට මම යනකොට 11 ටත් කිට්ටුයි.සාමාන්‍යයෙන් යකා උනත් වෙලාවට වැඩ කරන්නේ නැහැ.පුදුමේ කියන්නේ ඔය පටන් ගන්න දවසේ නම් කස්සා , යකා ඔක්කොමලා වෙලාවට ඇවිත් හිටියා.

තකට තක හිටිය අපේ සෙට් එකේ පරක්කු වෙලා වැඩ කරන එක කොච්චර පුරුද්දට ගියාද කියනවනම් ස්ලිට්‌ එකේ ලියපු පලවෙනි විභාගේ ඉදන් අන්තිම විභාගේ වෙනකම් අපි තුන් දෙනාගේ සෙට් එකේ කව්රුවත් විභාගේ පටන් ගන්න වෙලාව්දී හෝල් එකේ නැහැ.හැමදාම අඩුම ගානේ පැය භාගයක්වත් පරක්කුයි.කස්සා නම් එක පාරක් විනාඩි 45 විතර පරක්කු උනා.හැබයි අපි තුන් දෙනා කොච්චර පරක්කු වෙලා විභාගෙට ආවත් එකම විභාගයක්වත් රීපිට්  වෙලා නැහැ ( වෙලාව මදි වෙලත් නැහැ ).ආයේ ඉතින් අපේ ටයිමින් කොහොමද නේද. ඔය පරක්කු වෙලා එන රෙකොඩ් එක නම් කාටවත් කඩන්න වෙන්න නැහැ.ඒක නම් ෂුවර්.

හරි කොහොමෙන් හරි ඔන්න ස්ලිට්‌ යන පලවෙනි දවස එනවා කියමුකෝ.ඔරියන්ටෙෂන් ප්‍රෝග්‍රැම් එකක් තමයි මුල් මාසේ වගේ තිබ්බේ.8.30 පටන් ගන්නවා කියපු එකට යන්තම් 8.45 ගියා.මුලින්ම කඩ්ඩ උගන්නන එකක් තිබ්බේ.කස්සයි ,යකායි මායි ගිහින් ඔන්න පිටිපස්සෙන්ම තැනක් අල්ලාගෙන ඉන්නවා.ඔය අතරේ වටේ පිටේ ඉන්න දෙතුන් දෙනක් කතාවට සෙට් උනා.මුලින්ම කතාවට සෙට් උන බුවා , Java වැඩකරුවෙක්(ලු). SCJP කරලා තියෙනවාලු.BCS Exam කරන කෙනෙක්.ඊළගට සෙට් උන කෙනා මොරටුව කැම්පස් එකේ රිසර්ච් ඇසිස්ටන්ට කෙනෙක්.ඔය කාලේ වෙනකොට SCJP,BCS ඔය දේවල් මොනවාද කියලවත් දන්නේ නැහැ.නිකමට වගේ කතා කරපු දෙන්නම පට්ට ඩයල් දෙකක්.මම කස්සට කතා කරලා.

මම :  මේ ස්කෝල් එක දාන එක නම් හරියන් නැහැ..මේ එහා පැත්තේ එකා Scjp ද මොකක්ද එකක් කරලා තියෙනවා , අනිත් එකත් මොරටුවේ මොනවද කරනවා බන්..අපිට ඇඩ්රස් නැති වෙන සීන් එකක් තියෙන්නේ...
කස්සා : යකෝ SCJP කියන්න ජාවා exam එකක්..මාත් ඒක කරලා තියෙනවා..ස්කෝල් වැඩේ නම් අතඅරින සීන් එකක් තමයි තියෙන්නේ..මුන් දෙන්න මෙහෙම නම් අනිත් උන් කොහොම ඇත්ද..

කොහොමහරි සෙම්ස්‌ටරේ පටන් ගන්න ඉස්සෙලා තුන් දෙනා දැන් පාඩම් කරන්න ප්ලෑන් එහෙමත් හදාගෙන ඉන්නේ. මොකද ස්ලිට් එකේ සෙම්ස්ටර් එහෙක හොදම ලකුණු තියෙන කට්ටිය ස්කෝල් එකක් දෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තිබ්බා. මුලදී තිබ්බ සබ්ජෙට්ස් තමයි Maths , C , Programming Techniques , Business English Communication , Fundamentals of IT . ඔය සෙට් එකෙන් ලෙක්චර්ස් හරියට ගියේ C , PTP විතරයි, ටියුට්‌ නම් ගියේම නැති තරම්. වැරදිලාවත් ටියුට්‌ ගියත් ඉවර වෙන්නේ කොයි වේලාවේද කියා කියා තමයි බල බල ඉන්නේ.

ඔය අතරේදී අපිට PTP ප්‍රසන්ටේෂන් එකක් හදන්න සෙට් උනා. හවස් වරුවක අපි තුන් දෙනා ඕක හදන්න කියලා ලැබ් එහෙකට ගියාම මෙන්න සීනියර් අයියලා ටිකක් සද්දෙට කෑ ගහගන්නවා.අපි තුන් දෙනත් හිමිට කිට්ටු කරලා බැලින්නම් කට්ටිය PC ටික LAN කරගෙන Halo ගහනවා. දැන් ඉතින් මොන ප්‍රසන්ටේෂන්ද , දෙපැත්ත බෙදිලා ගැහුවා Halo. එදා ස්ලිට් එකෙන් යනකොටත් 7.30 විතර ඇති.කොහොමහරි රෑ එලි වෙනකම වගේ කට්ට කාගෙන ප්‍රසන්ටේෂන් එක හදලා ඊළග දවසේ එළටම ප්‍රසන්ට් කරා.

දැන් අපි තුන්දෙනාගේ ලිස්ට් එකට තව වැඩක් සෙට් උනා , ඒ තමයි Halo ගහන එක.කස්සා නම වැඩිය Halo වලට සෙට් උනේ නැහැ.මමයි යකායි නම් ආයි ෆුල් ටයිම් Halo.සමහර දවස් තිබුනා ලෙක්චර්ස් හිටපු වෙලාවට වඩා ලැබ් එකේ Halo ගහපු වෙලවා වැඩි.

ඔය කාලේදී තමයි මිඩ් එකත් ආවේ.ලෙක්චර්ස් යන්නේ නැතිව කොහෙන්ද නෝට්ස්.මොනවා කරන්නද බැච් එකේ එවුනුත් වැඩිය දන්නෙත් නැහැ මේ වෙනකොට.ස්ල්යිඩ් ටික බාගෙන ගුගල් දෙයියා අමතලා යම්තම් මිඩ් එක ලිව්වා. මට තාම මතකයි මැත්ස් මිඩ් එකට යකාට 40/40 , මටයි කස්සටයි 38/40 .අනිත් ඒවාත් අවුලක් නැතිවා තිබ්බා.

ඔය කාලෙම තමයි බුකියේ තිබ්බ මාෆියා වොස්‌ කියන ගේම් එක සෙට් වෙන්නේ.ඕක ගහපු අය දන්නවා ඕකට ඇබ්බැහි උනාම තියෙන ආතල් එක කොහොමද කියලා.අපරාදේ කියන්න බෑ , අපි තුන්දෙනාත් මේ කාලේ වෙනකොට ෆුල් ආතල් එකේ Halo , Mafia Wars ගහලා ආතල් එකේ ඉන්නවා. දැන් ඔන්න ෆයිනල් එකත් ළගයි.දැන් නම බැච් එකේ එකා දෙන්න දන්නා නිසා ගියපු නැති ලෙක්චර්ස් වල ( ගොඩක් ගියේ නැති ඒවා තමයි තිබ්බේ ) නෝට්ස් ෆොටෝ කොපි කරගෙන ලේස්ති වෙන්වා.බැච් එකේ අය මේ කාලේ කුප්පි එහෙමත් දානවා. මට මතක විදියට අපි ඉතින් ඒවාටත් බයිට් දදා Halo ගහමින් හිටියා.කොහොමහරි exam එකත් ෂේප් එකේ කරගත්තා.හැබයි මේ වෙනකොට ස්කෝල් එකේ බලාපොරොත්තුව නම අතඇරලා හිටියේ.මේ යන විදියට මොන ස්කෝල් ද ?

ඔන්න ඔහොම ෆුල්ම ෆන් එකේ තමයි අපේ ෆස්ට් සෙම්ස්ටර් එක ගෙවුනේ.තාමත් පිස්සුවෙන් වගේ Halo ගහපු හැටි මතක් වෙනකොටත් හිනා.Sniper Suwa , Ganga , Kill4  ඔන්න අපේ Halo ගහපු අයගේ.

කොහොම හරි පලවෙනි අවුරුද්දේ පලවෙනි සෙම්ස්ටර් එක ඉවර වෙනකොට කරපු වැඩ සාරාංශ කරොත් .

  • කොච්චර පිස්සු කෙලියත් , ලෙක්චර්ස් කට් කරලා තිබ්බත් 3.4 GPA එහෙක හිම්කරුවෙක් වීම සහ  ෆස්ට් ක්ලාස් එකක් ලබාගැනීමේ සිහිනයේ මුල් පියවර තියන්න (ට්‍රයි) එකක් දීම.
  • Halo හෙඩ් ෂොට් එක පුරුදු වීම. ( ඒ උනාට තාම බෑ )
  • බැච් එකේ භාගෙට භාගයක් අදුරගෙන නොතිබීම ( ඇයි ඉතින් ලෙක්චර්ස් ඇවිල්ලා කට්ටිය එක්ක අපි වැඩිය සෙට් උනේ නැහැ නේ ) .
  • ගුණසිරි හෝටලයෙන් නොකා බැරි වීම.

ඔන්න ඔය ටික තමයි ස්ලිට්‌ එකේ ගත කරපු පලවෙනි සෙම්ස්ටර් එකේ උනේ.මට මතක් උන විදියට ඔක්කොම වගේ ලිව්වා මිස් කරන්නේ නැතිව.මේ ටික ලියන්න දවස් පහක් විතර ගියා.ඊගාවට තියෙන්නේ ඉතින් ටිකක් අප්සෙට් සෙම්ස්ටර් එකක් , දැනටත් මේක මාගලක් වගේ දිග වැඩි උන හින්දා ඒක ඊළග පොස්ට් එකට තමා.

68 comments:

  1. හික්ස්ස්...:D මරුනෙ... වෙලාවට වැඩ නොකරන මිනිස්සු මෙහෙමත් දියුණු ව්එනවද හෆ්ෆ?? :O මාරයිනෙ..මාත් පොඩ්ඩක් අනුගමනය කරන්න ඕනෙ..එතකොට අපිටත් බැරියා iphone එකක් එහෙම අරගෙන පොඩ්ඩක් පොරියක් ව්එන්න.. :p

    නියමයි අයියා.. ඉතුරු ටිකත් ලියමු!!! පිස්සු වැඩ කියවන්න බලාගෙන ඉන්නවා..:D

    ReplyDelete
    Replies
    1. iphone විතරක් නම් බැරියෑ දැන් ලොකු කම්පැනිවල නේ වැඩ කරන්නේ :P

      Delete
    2. iphone විතරක් නම් මදිද හිතුවක්කාරී ඇයි දැන් ලොකු ලොකු කම්පැනියක නේ වැඩ කරන්නේ :P

      Delete
    3. හික්ස්ස්... ආයෙත් අහලා ඇනෝ!!! කියලා වැඩක් නෑනෙ?? ChammA අයියා දැන් හිතට අරං වැඩ කරන හෙන ලොක්කෙක්නෙ හෆ්ෆ...:D හිකි හිකි!!!

      ආව්ව්.. මම අද එක නේද?? ජය වේවා!!!!

      Delete
    4. අප්පට හුඩු චම්මා දැන් ලොකු තැනකද වැඩ , නොදන්න අපිට ඉඟියක්වත් දුන්නා නම්

      Delete
    5. @ හිතුවක්කාරී - ඒ දැන් වෙලාවට වැඩ කරනවානේ..නැත්තමි හොදට හිටි :P
      මේ iPhone එකක් ගත්තම නම් පොරියක් වෙන්නේ නැහැ :P :P :P :P
      ඉතුරු එව්වත් ඉතින් ළග ළගම ලියන්න බලන්නම්කෝ :)

      @ ඇනෝ - පල පල ඇනෝ :P

      Delete
    6. චම්මා දැන් වැඩ කරන්නේ ලොකු තැනක තමයි....ඒ බිල්ඩිම හරිම ලොකුයි...

      Delete
  2. අප්පට සිරි බලන් යනකොට හේලෝ හැමතැනමනේ.. අපේ බැච් එකේ අයගෙත් වැඩේ හේලෝ ගලන එක.. වෙලාවක සෙට් වෙමුකො අයියේ.. මාත් එක්කනම් ඉතින් ලේසි වෙන්නෙ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා ඔහෙත් Halo ගහනවද..මරු නේ..සෙට් වෙලා ගහමු එහෙනම් :P දැන් නම් Controls ටික මතකත් නැහැ

      Delete
  3. ado chamma tnx machan......sirawata mata nam halo eka set une ne...MAFIA wars nam habai hodi nokiyanna gahuwa........eka gahauwa neme paluwa.......hora accounts matakada??nataliya....lol.....

    sirwata sliit first seme ekata nam fatta.....

    ahhh ko dine mor giya eka liyala nane oi....:((((

    ReplyDelete
    Replies
    1. අලේ උබ ඉතින් CS ne ;) ... ඇයි බන් අර scam , Lotteries ...LOL :D :D
      ෆස්ට් සෙම්ස්‌ටර් එක තමා පට්ටම ෆන් බන්.. :)
      අඩේ Dinemore එක නෙක්ස්ට් එපිසෝඩ් එකේ :P

      Delete
    2. අපෝ ලොටෝ හොරා...

      Delete
  4. ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් ඊළග සෙමිය නම් පික්සු උනා බන් :D

      Delete
  5. මාගලක් තරම්ම දිග නෑ :P

    ReplyDelete
    Replies
    1. දිගයි බන්..මේක මිඩ්යම් සයිස් මාගලක් :P

      Delete
  6. :) :) ithuru ewath dandaaaaaaaaaaaa....

    ReplyDelete
  7. patta aaaaaa gunaeiriyai sliit ekai Lecs cut karapu life ekai.... anthimedi api ithin goda dagaththne machan

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම් ;) ;) කොහොමහරි කස්ටිය හැමෝම ගොඩ නේ

      Delete
  8. balanakota pissu kelina un tika thama goda gihin thiyenne,ela ela

    ReplyDelete
    Replies
    1. හිකිස්‌....,,ඒ උනාට ඉතින් ලාවට වගේ වැඩත් කලානේ අයියේ :D

      Delete
  9. හිකිස් පට්ට් සීන් ටික..

    ReplyDelete
  10. Replies
    1. :O ටියුබ් ලයිට් කකා

      Delete
  11. Replies
    1. අපි කොහොමත් මාරයි නේ මාතලන් අයියේ !!

      Delete
  12. Mamanam dan SlIIT gihin yantham honda job kattak karanawa(UK/Sheffield). a okkoma mamanam kare amaruwen. mage cumulative GPA eka thibbeth 2.6k wage, godak mahansi welath.
    hamotama ohoma karanna ba. eka nisa hithata aran anith mallila wada karoth hondai. athal ganna ewa job hoyanna giyama therei!

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි හොද ජොබක් කරනවා කියන එක..කොහොමත් මම පිස්සු කෙලින්න කිව්වා නම් නෙවෙයි.පිස්සු කෙලියත් වැඩ කරන්න ඕන.. IT කරන කොට ඉතින් Multitasking නැතිව බෑ නේ...+

      Delete
  13. පිස්සු ආතල්නේ.... කොහොමෙන් හරි වැඩේ ගොඩනේ....

    ඔය තරම් පිස්සු නොකෙලියත් අපිත් කෙලියෙම පිස්සු තමා... අනිත් උන් ක්ලාස් යනකොට මම හිටියේ වෙන කොහේ හරි.. අනේ මගේ කරුමෙටද උන්නේ කරුමෙකටද තාම උන් යැපෙන්නේ ගෙවල් වලින්...

    හික්ස් ඊලග කොටස තෙක් නොයිවසිල්ලෙන්පිස්සු ආතල්නේ.... කොහොමෙන් හරි වැඩේ ගොඩනේ....

    ඔය තරම් පිස්සු නොකෙලියත් අපිත් කෙලියෙම පිස්සු තමා... අනිත් උන් ක්ලාස් යනකොට මම හිටියේ වෙන කොහේ හරි.. අනේ මගේ කරුමෙටද උන්නේ කරුමෙකටද තාම උන් යැපෙන්නේ ගෙවල් වලින්...

    හික්ස් ඊලග කොටස තෙක් නොයිවසිල්ලෙන්

    ReplyDelete
    Replies
    1. අප්පා මේ ඉන්නේ තවත් පිස්සු කොල්ලෙක්..
      ඒක ඉතින් උන්ගේ වෙලාව බන්..අර ඉතින් කිව්වත් වගේ ටයිම්න් තමයි ;)

      Delete
  14. හිකිස්... උඹලත් කරන වැඩ...

    ReplyDelete
  15. වෙලාවට වැඩ කරන මිනිස්සුයි දියුණු වෙන්නේ කියන කතාව බොරුනේ බලන් යද්දී..

    ReplyDelete
    Replies
    1. මේ දැන් නම් වෙලවාට වැඩ කරනවා බන් .නැත්තම් බැහැ නේ..ඒ කාලේ තමයි ඉතින් පිස්සු කෙලියේ :D

      Delete
  16. අඩෝ ෆට්ට ෆන් !! අන්ෆොගෙටබල් මෙමරීස් !!
    කවුද බලමු එක ලෙක්චර් එකකටවත් එන්නේ නෑතුව පාස් වෙන්නේ... :D :D
    +
    අයියෝ හාලෝ !! Miss that thing big time :(

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අයට තමා යක්කු කියන්නේ....

      Delete
    2. අනිවා...අන්ෆගෙටබල්දත් අහනවා...
      එහෙක එකකුත් හිටියනේ නේද :P

      Delete
  17. :) වැඩ ටික හරියට කරගනින්!

    ReplyDelete
    Replies
    1. මම කරලා ඉවරයි මචෝ.. :)

      Delete
  18. mafia wars nisa thamai mata me elakiri set eka set une :) halo gahala chammata dunna atti halenna man,,, mathakada danna..LOL.. monawa unath math A/l karanna kalin sliit giya,, me chamma bro,malitha bro,yako bro,buddhima bro,janaka bro nisa..hehe..result awath hari e heene kela wela giya :)

    ReplyDelete
    Replies
    1. හිකිස්‌......,,,මාෆියා ගැන්සිය... :D

      Delete
  19. Mafia wars <3 <3 hehe.. mafia wars nisa thama chamma bro,yaka bro,malitha bro,buddhima bro,janaka bro set une.. pattama set eka..oya set eka nisa mama kalayak SLIIT ekata yanna asawenuth hitiya :)

    ReplyDelete
  20. //ආ කියන්න බැරි උනා ඉස්කොලේ ඒ'ලෙවල් කාලේ ඉදන් වගේ මගේ තිබ්බ පුරුද්දක් තමයි වෙලාවට වැඩ (නො)කිරීම//

    තරහ වෙන්න එපා චම්මා, ආඩම්බරෙන් වගේ කියල තිබ්බට අන්තිම නරක පුරුද්දක්. අපිට ලංකාවට ආවම අත්දකින්න ලැබෙන දෙයක් තමා කිසි කෙනෙක් පොරොන්දු වුන වෙලාවට වැඩක් කරන්න අඩු ගානේ පටන් ගන්නෙ වත් නෑ කියන එක.

    අර සිංදුවකත් කියන්නෙ, 'හැමෝගෙම අතේ ඔරලෝසුවක් ඇතේ, වෙලාවට වැඩක් නං නැතේ' කියල

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ඔබා අයියේ..මොනවට තරහ වෙන්නද..ඒ කාලේ එහෙම අප්සෙට් වැඩ කරාට මොකද දැන් නම් වෙලාවට වැඩ කරනවා :) නැත්තම් බැහැ නේ ...

      Delete
  21. අහ්හ් අයියා මාත් ඕකෙම තමා..!! අපි දැන් 2 න්ඩ් යෙර් ලු කියන්නේ..!!ඔබ තුමා csn ද ??

    ReplyDelete
  22. අහ්හ් අයියා අපිත් ඕකෙම තමා..!! අපි දැන් 2 න්ඩ් යර් ලු කියන්නේ ..!! ඔය තුමා csn ද ..??

    ReplyDelete
    Replies
    1. ආ මෙට්‍රෝ...මම දැන් ඉවරයි බන්...මේ හෙට අනිද්දා තොප්පිය දාගන්න කියලා ඉන්නේ

      Delete
  23. මටත් මගේ 1st Year එක මතක් උනා. දැන්නම් ඉතින් PS Lecture එක ඇරෙන්න අනිත් සේරම ටික ටික කට් කරනවා... :ඩී එ උනාට දැන් වැඩිය ලැබ්වල Halo ගහන්නෑ... ගහපු set එකක් මාට්ටු වෙල case එකක් ගියා... Waiting for next post...

    ReplyDelete
    Replies
    1. දන්නා කියන හැමෝම වගේ PS කට් කොරනවා වගේ..හිකිස්‌...
      අපිත් හැබයි halo ගැහිල්ල නතර කරා දෙවැනි අවුරුද්දේඩි වගේ...

      Delete
  24. මට පේන විදියට මේ හේලෝ ගැහිල්ල හැම කැම්පස් එකකම කෙරෙනවා වගේ...අපිත් ඉස්සර ලෙක්චර්ස් නැති දාටත් කැම්පස් යනවා හේලෝ ගහලා එන්න..එච්චර ෆන් ගේම් එකක් ඊට පස්සේ ගැහුවේම නෑ..ගහන්න කට්ටිය ඉන්න එපෑ ඉතින්..චම්මා කිව්වා වගේ සමහරුන්ට හේලෝ නම් රෙජිස්ටර් උනා අන්තිමේදී..අපිට නම් තිබ්බේ කරෝලිස්, කුරුන්ගුරුන්, සඳ ලතා, බුරිස්‌.... වගේ නම් තමා...

    ReplyDelete
    Replies
    1. :O ආ ගෑනු ළමයිනුත් Halo ගහනවද...මම ඇහුවමනේ ..කතාව නම් ඇත්ත තමයි..ෆන් ගේම් එකක්නම් තමා..
      අක්කලගේ මරු නම් ටික මොනවා උනත් :D

      Delete
  25. ස්ලිට් කිව්වම මතක් වෙන්නේම ක්ලිට්......

    ReplyDelete
  26. ස්ලිට් එකේ කතා තව තියෙනවා නම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. කතා නම් එමටයි අයියා !!

      Delete
  27. ඔය කියන තම්රම් ඔයා ලෙක්චර්ස් කට් කලේ නෑ...බොරු කියන්න එපා....

    ReplyDelete
    Replies
    1. ඔයා වැඩිය අපි එක්ක ෆස්ට් ඉයර් හිටියේ නැහැ නේ ඇනෝ :P

      Delete
    2. අනේ යන්න හලෝ..මම දන්නේ නැද්ද ඔයා ගැන....

      Delete
  28. මුලින්ම කතා කරපු දෙන්නගෙන් එක්කෙනෙක්...February 6, 2012 at 8:58 PM

    ඔයා නිකමට කතා කරපු පලවෙනි දෙන්නම හරිම අහිංසකයි..

    ReplyDelete
  29. අපේ බෝඩිමේ ඉන්නව 3ක් SLIIT යන...උනුත් හැමදාම පරක්කු වෙනව. එකෙක් කලින් ලෑස්ති වෙලා බෙරිහන් දීල සුද්ධ සිංහල 2ක් කිව්වම පට ගාල ලෑස්ති වෙලා දුවනව.මේක බලද්දි මට උන් 3නා මතක් වුනා.

    ReplyDelete
  30. අෆ්ෆා... ඒ කාලේ ගැන කතා සෙට් එකක් මතක් උනා මල්ලි.. පොස්ට් එකක් දානවද නැද්ද කියල මං මේ කල්පනා කරන්නේ.

    ReplyDelete
  31. ආහ් 2004 OL මාත් 2004 OL යාලු :)

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!