tag:blogger.com,1999:blog-39424728816726703012024-02-08T11:43:59.798+05:30ChammA's බ්ලොග්Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-3942472881672670301.post-69759009739990585052013-06-08T17:16:00.002+05:302013-06-08T20:13:41.480+05:30ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!මා ජිවත්වන්නේ මාරම ආතල් රටකය. මේ රට කොයිතරම් ආතල් ද කිවහොත් වසරේ සෑම දිනකම වාගේ ආතල් දේවල් සිදුවේ. ඒ සිදුවන දේවල් මෙහි ජිවත් වන්නන්ගේ මතකයේ රැදෙන්නේද ඉතා සීමාසහිත කාලයකි, උපරිම වශයෙන් සති දෙකකි. ඊට පසුව, වෙනත් ආතල් දෙයක් සිදුවන බැවින් පෙර සිදු වූ සිද්ධිය මතකයෙන් මැකී යයි.

මෑතකදි රජය විසින් රටේ විදුලි බිල ඉහල දමන ලදී. එයට විරෝධය පලකරමින් විපක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී. එදිනම රජයට සහය පතා ( වෙනින් විදියකට කිව්වොතින් , විදුලි විල වැඩිකරාට කමක් නෑ කියා ) කට්ටියක් පාගමනක් ගියේය. අපගේ වාසනාවට මේ දෙගොල්ලෝ අතරමග හම්බුනේ නැත. එසේ වූවානම් තවත් සතියට ආතල්ය.

අපේ රටේ වසරකට වරක්, සිරිතක් පරිදි පුද්ගලික බස් හිමියන් ස්ට්‍රයික් කරති. ඉස්සර නම් ස්ට්‍රයික් කරේ බස් ගාස්තු වැඩි කර ගන්න උනාට, දැන්නම් ස්ට්‍රයික් කරන්නේ යහපත් පුද්ගලික ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ උදාර චේතනාවෙන්ය. අනේ සාධු !! ඒ ඇරත් , දැන් ස්ට්‍රයික් කරන්නෙත් ඉස්සර එකට ස්ට්‍රයික් කල අය වෙන්වෙලාය. ගැමුණු මාමා ස්ට්‍රයික් කරනකොට අනෙත් කට්ටිය හ්ම්ම් සද්ද නැත. අනෙක් අය ස්ට්‍රයික් කරනකොට ගැමුණු මාමා සද්ද නැත. එය ද මාරම ආතල් එහෙකි.

මේ ළගදි සිදු වූ අනෙක් සිද්දිය වන්නේ සිරුරට ගිනි තබාගෙන හාමදුරුවෝ නමක් අපවත් වීමය. කල දේ හරි හෝ වැරදි හෝ වේවා, හාමුදුරුවන්වහන්සේ තුළ නම් අනිවාර්යෙන් උත්තරීතර චේතනාවක් තමන්වහන්සේ කරන්න යන දේ ගැන තිබෙන්නට ඇත. නමුත් දැන් සිදු වන්නේ, " අනේ ඉතින් අර හාමුදුරුවොත් තමන්ගේ දිවි පුජා කරේ හරකෙක්ට නේ" යැයි සමහරු පැවසීමය. සමහරු සිරිසඟබෝ රජු හිස දන් දීපු එක පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වති. අපේ අය මේ සිද්ධියත් ආතල් එහෙකට පෙරල ගත්තේ එසේය.

දැන් යලිත් ඇත්තේ ක්‍රිකට් වසන්තය යි., ඒ නිසා මේ (අ)මුතු රටේ ඉන්න අයට බස් ස්ට්‍රයික් එකවත්, විදුලි බිල වැඩි උන එකවත්, හාමුදුරුවෝ ගිනි තියාගත්ත එකවත් මතකයේ නැත. අපේ රටට හැම දෙයක්ම වගේ පැමිණියේ ළගම ඇති ඉන්දියාවෙන් ය. ඒ නිසාවෙන් ඉන්දියාව අපේ ලොකු අයියා වී, අප චුටී නංගි වන්නේය. ශුරයන්ගේ කුසලාන ආරම්භයේදීත් මේ සම්බන්ධය අප මුළු ලොවටම නැවත කියා දෙන ලදී. අන් සෑම රටක්ම තම දේශිය සංගීත නාද රටා වාදනය වනවිට, අපේ ලංකාව හදුන්වා දුන්නේ හින්දි සින්දුවකට ය. මෙය වූ කලි කෙතරම් ආඩම්බරයක් ද ? ලයනල් රන්වල / රෝහණ බැද්දගේ නොඑසේනම් භාතිය/සන්තුෂ් / ඉරාජ් ගේ සින්දුවක් වාදනය වුවා නම් මෙවන් දේශීය අභිමානයක් අප කෙසේ ලබාගන්නද ?

( අපේ කට්ටිය ගැන කියන්නේ 5.16 ඉදන් )

<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="http://img.youtube.com/vi/vfvv39_5shc/0.jpg" height="266" width="320"><param name="movie" value="http://youtube.googleapis.com/v/vfvv39_5shc&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><param name="allowFullScreen" value="true" /><embed width="320" height="266" src="http://youtube.googleapis.com/v/vfvv39_5shc&source=uds" type="application/x-shockwave-flash" allowfullscreen="true"></embed></object>

මෙතැකින් මේ රටේ සිදුවන ආතල් දේවල් නැතිවන්නේද නැත. මන්ද මේ රට ආතල් දෙන්නන්ගෙන්ද , ආතල් ලබාගන්නන්ගෙන්ද බහුල රටක වන නිසා ය. මෙවන් ආතල් රටක ජිවත් වීමද මාරම ආතල් එහෙකි. එම නිසා ලබන ආත්මයේදීත් මෙහිම ඉපිද ආතල් ලබාගැනීමට හැකි වේවා යැයි, ආතල් එකක් ගිය බැවින් මෙය ලියු මම ප්‍රාර්ථනා කරමි.

අදත් පිටපත නෑ එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com8tag:blogger.com,1999:blog-3942472881672670301.post-32716681259272370802013-01-05T17:29:00.003+05:302013-01-05T17:38:48.748+05:302013 සහ ශ්‍රී ලංකාව2012 ත් ඇවිල්ලා දන්නෙම නැතුව ඉවර වෙලා ගියා, දැන් ඔන්න 2013 ඇවිල්ලා .මේ අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක.ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්න ඕන සහ කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕන.

2012 ගත්තම ගැස්සිලි පැද්දිලි එක්ක මගේ වැඩ ටික නම් හොදින් කෙරුන අවුරුද්දක් උනා.පලවෙනි ජොබ් කට්ටට ගිහිල්ලත් මේ මාසේට හරියට අවුරුද්දක් වෙනවා.2013 ගත්තම ඉතින් ලොකු ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන, අවුරුද්ද ඉවර වෙනකන්ම ප්ලෑන් එහෙම ගහලා තියෙන අවුරුද්දක්.පුළුවන් තරම් ඉතින් හිතේ තියෙන දේවල් එකින් එක කරගන්න බලන්න ඕනේ ( බ්ලොග් එක ලියන එකත් ප්ලෑන් එහෙකම කොටසක් තමයි ඕන්න )

අපේ රට පැත්තෙන් කථාකරොත් ඉතින්, හැමදාම තියෙන විදේශික අධිරාජ්‍යවාදී කුමන්ත්රන වලට අමතරව ගිය අවුරුද්දට වඩා එක දශමෙකින්වත් දියුණු උනොත් නම් හොදයි.ඒ දියුණුවත් එහෙම නැත්තම් සවර්ධනයත් ඉලක්කම් සෙල්ලමක් නොවෙන තරමට වඩා හොදයි. ඊට අමතරව හොරකම් කරන, දුෂිත මිනිස්සුන්ගේ තොර වෙනවානම් හොදයි. ( ඔව් ! මම දන්නවා , ඒක නම් වෙන්නේ නැති බව ). මේ මාසේ පටන් ගන්නකොටම අපට තියෙනවා අගවිනිසුරුවරියගේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර ( දිගට ඇදිලා ගියේ නැති උනොත් ), ලංකාවේ ඉදිරි දේශපාලනයේ ගොඩක් තැන් තීරණය වෙන්න එතුමියට ලැබෙන තීන්දුව හේතු වෙයි.

අද උදේ නැගිට්ට ගමන් ෆේස්බුක් එකේ දුකා අයියා ෂෙයා කරපු පොස්ට් එකක් දැක්කා. මෙන්න මේ දේ ගැන තමයි කියලා තිබුනේ. ඔයිට අමතරව ඉතින් මේ අවුරුද්දේ මේ මාසේ ඉදන් සුපර් මාර්කට් ( නව අර්ථ දැක්වීමට අනුව : සුබෝපබෝගී මිනිසුන් ආහාර ගැනීමට යන තැනක් ) වල තියෙන ආනයනික භාණ්ඩ වලටත් ටැක්ස් එකක් ගහලා. අනේ මන්දා අපේ රටේ ආර්ථික පාලනය නම් කොයිබටද කියලා ?

විදුලි මිල/ගෑස් මිලත් සහ තෙල් මිල ( සුපුරුදු පරිදි ලෝක වෙළද පොළේ බලපෑමට පරිදි ද මන්දා ) මේ මාසේ වැඩි වෙන්න පුළුවන් ලු. එහෙම උනොත් ගැමුණු මාමා ගිය අවුරුදුවල කරා වගේ සුපුරුදු ස්ට්‍රයික් සෙල්ලම දාලා අපිට කොකා පෙන්නයි, ඒ හින්දා එහෙම දේවල් වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ ගමනාගමන බලය තියෙන අය ක්‍රියා කරොත් හොදා. එහෙම නැතුව ස්ට්‍රයික් එකට ඉස්සෙල්ලා 'පුළුවන් නම් ස්ට්‍රයික් කරපල්ලා' වගේ නැව් ටෝක් දීලා , පස්සේ මිනිස්සු බනින කොට ස්ට්‍රයික් එක දවසේ තියෙන විශේෂ සාකච්ඡාවකින් ඉල්ලලා තියෙන ඉල්ලීම් ට්ක දෙනවට වඩා.

ඊළගට අපේ රටේ ජාතික ක්‍රීඩාව විදියට සලකන ක්‍රිකට් පැත්තෙන් කථාකරොත්, ගිය අවුරුද්දේ අන්තිම ඉදන් කාගෙන කාගෙන එන කෑම මේ අවුරුද්දෙත් ඒ වගේම යන බව තමයි පේන්නේ. මේ දවස්වල තියෙන සිඩ්නි ටෙස්ට් මැච් එකත් දවස් 4 කින් ගොඩක් දුරට ඉවර වෙයී. අලුතින් එන්න ඉන්න ඇන්ජලෝ මැතිව්ස්ට ලැබෙන්න යන්නේ නම් සුළු පටු අභියෝගයක් නෙවෙයි අලුත් අවුරුද්දෙ , අපි බලමු මැතිව්ස් කොහොමද ඒ දේ කරන්නේ කියලා.

මේ හැම දේකින්ම පේන්න තියෙන්නේ 2013 ලංකාවට ගොඩක් ගොඩක් දේවල් වෙන්න පුළුවන් වසරක් වෙයි කියන දේ තමයි. ඉතින් අපි බලන් ඉමු !!

අපි ඔබ හැම දෙනාටම සුභ අනාගතයක්ම වේවා !!!!Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com11tag:blogger.com,1999:blog-3942472881672670301.post-29016398446174114302012-12-22T16:23:00.000+05:302015-01-29T07:29:22.361+05:30භාතිය සහ සන්තුෂ්ට පසු | Concept of 'Brand ambassadors' & BnSඅපි කවුරුත් හොදට දන්නා භාතිය සහ සන්තුෂ් මුලින්ම ලංකාවේ සංගීත කේෂ්ත්රයටආවේ 1998 අවුරුද්දී 'වසන්තයේ' ගීත ඇල්බමයත් එක්ක.පළමු ගීත ඇල්බමය එළිදක්වලා දැනට අවුරුදු 15 ක් ගත වුනත් අදටත් ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩුවීමක් නැහැ.වසන්තයේ සංගීත ඇල්බමයට පස්සේ 'ලයිෆ්', 'තාරුණ්‍යයේ', ' නේත්තරා' සහ 'සරා සිහින' යන ප්‍රධාන ගීත ඇල්බම් 5ක් සහ තවත් තනි ගීත රැසක් මේ දෙන්නා විසින් නිර්මාණය කරලා තියෙනවා.

සන්නාම තානාපතිධුරයන් නොඑසේනම් Brand ambassador සදහා ලෝකයේ ඕනෑම රටක සුදුසු වන්නේ ( සහ තෝරාගන්නේ ) ඒ ඒ ක්ෂේත්රයක නියමුවන්. NIKEවෙළද දැන්වීම් සහදා බෙකම්, ඉන්දියාවේ ක්‍රිකට් දැන්වීම් සදහා ජනප්‍රිය ක්‍රිකට් තරු යොදාගැනීම මේ සදහා උදාහරණ විදියට දක්වන්නට පුළුවන්. අපේ රටේත් මෙකී සන්නාම තනාපතිධුරයන් සදහා ( කුමාර් සංගක්කාර ඇරෙන්නට) වැඩි වශයෙන්ම තෝරා ගනු ලැබුණු දෙදෙනා වුයේ භාතිය සහ සංතුෂ්ය.

දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙල , IIFA උළෙල , ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් , ලෝක කුසලානය ඇතුළු ජාත්‍යන්තර උළෙලවල්ට අමතරව දේශීය සහ විදේශීය භාණ්ඩ සහ සේවා රැසකටම මොවුන් තම නිර්මාණ දායකත්වය ලබා දී තිබෙනවා.

භාතිය/සංතුෂ් ගෙන් පසු....

අපේ රට තුළ ක්‍රිකට් තරුවලට අමතරව ජනප්‍රියම ගොන්නට එකතුවන්නේ ගායන තරුය. එම නිසා , සංගා හෝ ඊටත් වඩා මාකට් කලහැකි චරිතයක් ලැබෙන තුරු රට නියෝජනය කරන්නට සහ රට වෙනුවෙන් නිර්මාණය දායකත්වය සැපයිය හැකියයි අනුමාන කළහැකි දැනට සිටින තරු වන්නේ.

කසුන් කල්හාර

සංගීත දැනුම සහ නිර්මාණශීලීත්වය අතින් බැලුවොත් දැනට ලංකාවේ ඉන්න හොදම තරුණ සංගීත ශිල්පියා කියලා කියන්න පුළුවන්. මේ වනතුරුත් කසුන් කල්හාර සිටින එකදු වෙළද දැන්වීමක් හෝ ශ්‍රී ලංකා නියෝජනයක් දැකලා නැති නිසා ඉදිරියේත් Brand ambassador කමකට යොමු වෙයි කියලා හිතන්න බැහැ.

ඉරාජ්

ගායන හැකියාව කෙසේ වෙතත් නිර්මාණශීලි ගීත නිර්මාණය කරන(කරපු) කෙනක්. BnS සමහ 2011 World Cup එක ලංකාව නියෝජනය කරන්න අවස්තාව ලැබුනෙත් ඉරාජ්ට. BnS පස්සේ Brand ambassador කමට වැඩි අවස්ථාවක් තියෙන්න කෙනෙක්.

ජය ග්රී

ඔස්ට්‍රියාව පාදකකරගෙන ඉන්න ලංකාවේ බෑන්ඩ් එකක් විදියට අනිත් අයට වඩා ජාත්‍යන්තර අත්දැකීම මෙයාලට නම් තියෙන්න ඕනෑ.ඒත් ලංකාවේ වැඩිකාලයක් ඉන්නේ නැති හින්දද මන්දා , ලංකාව තුල ලොකු මාකට් එකක් මෙයාලට නැහැ.

සෙන්ටිග්‍රේඩ්ස් , චිලි , දුෂ්යන්ත් , වොයිස් ප්‍රින්ට් ,Daddy, ශිහාන් ( ඇතුළු තරු වැඩසටහන්වලින් ආපු ඔක්කොම තරු) කළින් සදහන් කරපු අයගේ ගොන්නට ඇතුලත් නොකරන්නට හේතු කිහිපියක් තියෙනවා.

1. ජාත්‍යන්තර අත්දැකීම මදිකම

2. ජනප්‍රියතාවය ලංකාවට පමණක් සිමාවීම

3. මාකට් කරන්න පුළුවන් ගුණයේ මදිකම

අවසාන නිගමනය වශයෙන් කියන්න තියෙන්නේ , නර්තන අංශයෙන් පණිභාරත , චන්න-උපුලි වගේ අයගෙන් පස්සේ ලංකාව නියෝජනය කරන්න චන්දන වික්‍රමසිංහ වගේ අය හිටියත් භාතිය සහ සංතුෂ් ගෙන් පසුව ඒ හිස්තැනට කෙනෙක් නම් පෙනෙන මානයක නොමැතිබවයි. එම නිසා දැන්ම සිට සියළු මාකටින් ආයතන සහ Event plannersලා දිනේෂ් චන්දීමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් වෙන්කරවා තබා ගැනීම ඇගට ගුණය.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com29tag:blogger.com,1999:blog-3942472881672670301.post-72401874022190616512012-12-08T17:41:00.000+05:302012-12-08T17:44:12.790+05:302012 - ලංකාවේ සින්දු | Songs in 2012අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් උදා වෙන්න තියෙන්නේ හරියටම තව මාසෙකටත් අඩුවෙන්.මේ අවුරුද්දත් ගෙවිලා ගිය දැනුනෙවත් නෑ.අලකලංචි,ජරමර ඔක්කොම මැද්දේ මේ අවුරුද්ද පුරාම අපිට අහන්න ලැබුන සින්දු වලින් මගේ හිතට දැනුන හොදයි කියලා හිතෙන සිංහල සින්දු සෙට් එක තමයි අද කියන්න හදන්නේ.

1. දිගු දෑස දුටුවාම- රොමේෂ් සුගතපාල

දැන් නම් සින්දුවේ ජනප්‍රිය බව ටිකක් අඩු උනාට සින්දුව ආපු දවස්වල හොදටම හිට් උන සින්දුවක්.දෙරණ මියුසික් විඩියෝ උළෙල ජනප්‍රියම සින්දුව උනෙත් මේ සින්දුව. අමා නංගි දම්සාරි වෙලා පුළුවන් තරමක් කථා හදාගෙන , MEME වලට මාතෘකාවක් උනෙත් මේ සින්දුව නිසාම තමා. සින්දුවේ හිට් වෙන්න වීඩියෝ එකත් උපරිමෙටම උදව් උනා කියල කියන්න පුළුවන්.

<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="http://0.gvt0.com/vi/eGDmM_kw8qQ/0.jpg" height="266" width="320"><param name="movie" value="http://www.youtube.com/v/eGDmM_kw8qQ&fs=1&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><param name="allowFullScreen" value="true" /><embed width="320" height="266" src="http://www.youtube.com/v/eGDmM_kw8qQ&fs=1&source=uds" type="application/x-shockwave-flash" allowfullscreen="true"></embed></object>

2. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් - ආත්මා ලියනගේ

ආත්මා ලියනගේ ගායනා කරන මේ සින්දුව මම අහන්න ගත්තේ නම් ළගදී. ඇත්ත කථාවක් පාදක කරගෙන ලියපු සින්දුවක් කියල තමයි කියන්නේ නම්. මට අනුවනම් ආත්මා ලියනගේ ගයපු 'ලියතඹරා මුදු කුසුමකි' කියන සින්දුවට පස්සේ කියපු හොදම සින්දුව තමයි මේක.

3. විස්සයි - විස්සේ - BnS

දැන් අහන්න එපා මේක මොන එහෙකටද මෙතනට ආවේ කියලා. 20-20 ලෝක කුසලානයේ Official Event Song විදියට භාතිය-සන්තුෂ් හදපු මේ සින්දුව අහපු මුල් දවස්වල එච්චර ගතියක් දැනුනේ නැති උනාට අවසාන මහ තරගය කාලේදී වගේ 'ඇගට හොදට දැනුනා'. ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි භාතියලා හදපු Cricket Antherm ( 'රන් හිරු නැගෙනා - මේ ලෝ තලේ ') ගීතයත එක්ක බැලුවම මේක මෙලෝ රහක් නෑ කියන එක. නමුත් මතක තියාගන්න ඕන මේ ගීත දෙක හදුපු අවස්ථාවන් දෙක. විස්සයි විස්සේ ගීතය Event promotion ගීතයක් විදියට සාර්ථකයි කියන තැන මම නම් ඉන්නවා.

<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="http://1.gvt0.com/vi/0SZ_T98XC-k/0.jpg" height="266" width="320"><param name="movie" value="http://www.youtube.com/v/0SZ_T98XC-k&fs=1&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><param name="allowFullScreen" value="true" /><embed width="320" height="266" src="http://www.youtube.com/v/0SZ_T98XC-k&fs=1&source=uds" type="application/x-shockwave-flash" allowfullscreen="true"></embed></object>

4. චන්ද්‍ර කින්නරාවි- බාචි සුසාන්

බාචි කියන සින්දුවලින් 'සරත් සදේ' සින්දුවට පස්සේ මම ආසම සින්දුවක්.මේ සින්දුවෙත් වීඩියෝ එක සින්දුව හිට් වෙන්න බලපැවා කියලා කියන්න පුළුවන්. 'අවසාන මොහොත' මාගේ කියන සින්දුව මගේ ලිස්ට් එක නැති උනත් බාචිගේ මේ සින්දුවට සහ ගායනා කරන විදිය නම් නියමයි.

5.සද රෑ මගේ දෑස මානේ - BnS

BnS ලගේ සරා සිහින ඇල්බම් තියෙන මම කැමතිම සින්දුවක් තමයි මේක.සරා සිහින ඇල්බම් එක ගිය අවුරුද්දේ නිකුත් උනාට මොකද තාමත් ඒකේ තියෙන සින්දු පරණ වෙලා නැහැ. මේ ගීතයේත් සංගීතය භාතිය ගෙන්.

6. මට සුර ලෝකේ මැව්වා - චින්ති

මේක මේ ඊයේ පෙරේදා ආපු චින්ති ගේ සින් දුවක්.../.. 'තරුම්නි ඔච්චම් පාමිනා' ගීතයෙන් ලංකාවේ රෙගේ මාකට් එක ආපු චින්ති කරපු ඒ විදියෙම වෙන සින්දුවක් තමයි මේක. ගොඩක් අයට චින්ති ගේ සින්දු දිරවන්නේ නැති උනත් මට නම් සමහර සින්දු අහගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙනවා.වීඩියෝ එකත් හරිම සරල ( ටිකක් රෙගේ ටයිප් එකට සමාන වෙන්න ) කරපු විඩ්යෝ එකක් තමයි තියෙන්නේ.ෂෙහාන් ගලහිටියාව තමයි සින්දුව ලියලා තියෙන්නේ , සංගීතය චින්තිගෙන්.

7. රාත්‍රියේ පිපෙන්නම් - කේෂාන්

මේ අවුරුදෙම එපා වෙන්නේ නැතුව අහපු සින්දු වලින් එකක් තමයි මේකත්. උපුල් ශාන්ත සන්නස්ගල තමයි සින්දුව ලියලා තියෙන්නේ, මහේෂ් දෙනිපිටිය තමයි සංගීතය සපයලා තියෙන්නේ.උපුල් ශාන්ත සන්නස්ගල ආදරණීය වස්සානයට ලියපු 'හීනයකි මට ජිවිතේ' සින්දුවට පස්සේ ලියපු හොදම සින්දුවක් මේක තමයි කියලයි මත හිතෙන්නේ.

සිංහල සින්දු සෙට් එකෙන් ඔය ටික තමයි මට නම් 2012 අහපු හොදයි කියලා කියන්න පුළුවන් සින්දු.මේවා මගේ කැමැත්ත සහ මම අහන ටයිප් එකෙ සින්දු නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.යු ටියුබ් ලින්ක් දාපු නිසා පිටුව ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යයි.

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com23tag:blogger.com,1999:blog-3942472881672670301.post-58966235255531672042012-11-25T13:21:00.000+05:302012-11-25T13:25:06.839+05:30අයං චන්ද්‍රිකා කාලෝ ( මේ එලඹෙන්නේ චන්ද්‍රිකා සමයයි )බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.

කථා අංක - 1

එතුමා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලකයෙකි.දිනක් තමන් හමුවීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලකයෙකු සමහ සුහද කථාවක නිරත වීමෙන් අනතුරුව කතාබහ ඇදී ගියේ චන්ද්‍රිකාව කෙරෙහිය.

ආ. දේශාපලකයා : කොහොමද මන්ත්‍රිතුමා අපේ වැඩ දැන් , සෙල්ලම් නැහැ නේ කෙලින්ම අහසට බඩු යවන්නේ

වි. දේශපාලකයා : අනේ නිකන් ඉන්නව අයිසේ..ඔය චීන කාරයෝ එක්ක එකතු වෙලා මොනවා කරන්න බැරිද

ආ. දේශාපලකයා : ආ එහෙම කියන්න එපා..ඉතින් ඔබතුමාලට එහෙමවත් එකක් කරන්න බැරි උනා නේ..

වි.දේශාපලකයා : අපිට ඉතින් ඔව්වා කරන්න හිතුනේ නැහැ.ඇරත් ඉතින් චීනකාරයෝ මොනවා උනත් දාහක් දෙදාහක් ගත්තොත් නම ගහල දෙනවනේ..දැන් බයිසිකල් උනත් දාහක් දෙදාහක් ගත්තොත් මගේ නම උනත් ගහගන්න පුළුවන්..ඒක හින්දා ඔය මේඩ් ඉන් ශ්‍රී ලංකා ගහන එක නම් මහා දෙයක් නෙවෙයි..

ආ දැන් කෝ ඔහෙලගෙ ඔය මල ඉලව්ව

ආ. දේශාපලකයා : තව දවස පහ හයක් යයි

වි. දේශාපලකයා : (මහ හයියෙන් සිනහසෙමින්) ඉතින් හරි නේ ඕයි..චන්ද්‍රිකා උනත් වෙලාවට ආවේ නෑනේ..ඉතින් කොහෙද ඕයි ඕක වෙලාවට උඩ යන්නේ ?

කථා අංක - 2

දැන් දැන් දැනුම බෙදන - රට හදන රුපවාහිනී සංවාදවල මාතෘකාවද චන්ද්‍රිකාය.විද්වතුන් සෑමසියලු දෙනාම චන්ද්‍රිකාට පිස්සු වැටී ඇත.

දැන් බලන්න ....මහත්තයෝ , ඉස්සර අපේ පොඩ් එවුන්ගේ පොත්වල මොනාද තිබ්බේ, අර කොහෙවත් තියෙන ජපානේ පොඩ් කොලුගැටයෙක් නිදා ගෙන ඉන්න ගමන හොයා ගත්තු වල්ගා තරුවක් ගැන.දැන් මම අහන්නේ .....මහත්තයෝ ඕවා දැන ගත්ත කියලා අප ගිරුවාපත්තුවේ බණ්ඩාගේ පුතාට ඇති ප්‍රයෝජනේ මොකක්ද ? නැහැ නේ..ආන්න දැන් එකට දැන් අපේ පොඩ් එවුන්ට , නේද රෑට රෑට ආකාසේ දිහා බලාගෙන ඉන්න කොට හෙමිට එහාට යන තරුවක් දැක්කොත් ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ රටෙන් යවපු චන්ද්‍රිකාවක යනවා කියලා..මේවා දකින්න , කියන්න අපේ ඇස් , කටවල් පින් කරලා තියෙන්න ඕන ........මහත්තයෝ..මටනම් සන් තෝසේ බෑ ..... මහත්තයෝ..

කථා අංක - 3

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ ඉහළ පෙළ නිලධාරියෙක්ට දුරකථන ඇමතුමක්.

අමෙරිකානු නිලධාරියා : මොකක්ද මිනිහෝ ඔය කරලා තියෙන්නේ..කිව්වා නේද ඔය මල ඉලව්ව යවන්න එපා කියලා.. දැන් බලනවා වෙලා තියෙන දේ

ලංකාවේ නිලධාරියා : ඇයි ඇයි මොනවද වෙලා තියෙන්නේ

ඇමෙරිකානු නිලධාරියා : ඇයි තමයි..අර බලවා තමුසෙලා යවපු එක අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇමිණන්න ගිහින්..ඒකේ හිටපු එවුන් යන්තං ඒක එහාට කරගෙන බේරිලා තියෙන්නේ..අපි යවපු වෙන සැට් එහෙක ඔක වැදිලා අන්න ඒක කඩන්වැටිලා.. මොනාද ඕයි මේ කරන්නේ..චීනාගේ තියෙන්නේ හොර බඩු කියලා තමුසෙලා තාමත් දන්නේ නැද්ද..හෙට අනිද්දා ඔය කොහෙවත් තියෙන යු.එෆ්.ඕ එහෙකට තමුසෙලා යවපු එක පාට් එකක් දාල පුළුවන් නම මෙතන ලෝක යුද්ධෙකුත් සෙට් කරනවකෝ...තමුසෙලත් මොනවා නැතත් මහා ලොකුවට සින්දු හදලා තමයි වැඩ පටන් ගන්නේ..මොනවාද ඕයි හැම මල ඉලව්වටම සින්දුවක් හදනවා..හැබෑටම මම අහන්නේ තමුසෙලට පිස්සුද ?Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com25tag:blogger.com,1999:blog-3942472881672670301.post-65968685737036179052012-11-18T06:30:00.004+05:302012-11-18T06:30:47.135+05:30ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි !මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.

දැන් ඔන්න රාළහාමිගෙයි , අයියා බුවා ගෙයි කතාව යන්නේ මෙහෙමයි.

රාළහාමි : මේ බලන්න මහත්තයා මේකේ ඉන්ෂුවරන්ස් ඉවරවෙලා තියෙන්නේ දහ වෙනි මාසේ නේ , ඇයි තාම මේක ඉන්ෂුවරන්ස් එක අලුත් කරගෙන නැත්තේ

අයියා බුවා : ඔව් රාළහාමි ඉතින් දහ වෙනි මාසේ තමයි ඉවර වෙන්නේ

රාළහාමි : ඉතින් ඒක තමා මාත් කියන්නේ..ඇයි එහෙනම් ඉතින් මේක අලුත් කරන්නේ නැත්තේ

අයියා බුවා : ඉතින් සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් ඉවර උනාම නේ අලුත් කරන්නේ

රාළහාමි : ඉතින් මේක ඉවරයි නේ

අයියා බුවා : ඉතින් තාම දහවෙනි මාසේ නේ රාළහාමි

රාළහාමි : මේ දහවෙනි මාසේ වෙන්නේ කොහොමද..මේ එකලොස් වෙනි මාසේ..

අයියා බුවා : නෑ නෑ රාළහාමිට වැරදීලා..තාම දහවෙනි මාසේ

දැන් රාළහාමිත් ටිකක් අප්සෙට් වෙලා.අයියා බුවත් මෙච්චර ෂුවර් පිටම කියනවනම් මේ දහවෙනි මාසේ කියලා, ඇත්තටම මේක දහවෙනි මාසෙද කියල දැන් මිනිහට ෂුවරුත් නැහැ.දැන් මිනිහා ෂේප් එකේ ඇගිලි නව නව ගණන් කරලා බලනවා මේ යන්නේ කීවෙනි මාසේද කියලා. අයියගේ වෙලාවට ( නැත්තම් රාළහාමි ගණන් කිරීමේ හැකියාව හොද කමටද ) දන්නේ දෙයියනේ කියලා ඇගිලි නව නව ගණන් කරපු එකත් වැරදීලා. දැන් රාළහාමි තවත් අප්සෙට්.පස්සේ පාරේ හිටපු කෙනෙක් මාසේ අහලා හරි මාසේ හොයාගෙන.

දැන් ඉතින් අයියා බුවාට බේරෙන්න විදියක් නැහැ නේ.දැන් කතාව යන්නේ මෙහෙම.

රාලහාමි : ඒකනේ මම කිව්වේ මේක එකලොස්වෙනි මාසේ

අයියා බුවා : ( පොඩ්ඩක් ඔළුව එහෙම කහන ගමන් ) අනේ රාළහාමිට කියන්න මට ඕක අමතක උනා නේ..මම හිතාගෙන හිටියෙම තාම දහවෙනි මාසේ කියල නේ..

රාළහාමි : මහත්තයා දන්නවනේ ඉතින් ඔහොම අමතක උනාම දඩේ කියාද කියලා..

දැන් ඉතින් අයියා බුවාට ගොනා එන්නේ පොල් පැලෙයි , තැබිලි පැලෙයි දෙකම කාලා වතුරත් බීලා යන්න කියලා තේරුනා.

අයියා බුවා : පිස්සුද රාළහාමි..මම ඇත්තටම ඕක දැනගෙන හිටියේ නැහැ නේ..නැත්තම් මම වාහනේ එලියට දාන්නේවත් නැහැ.අනික රාළහාමි ඕක ගෙවන්නේ නැතිව හිටියොත් කාටද පාඩුව තියෙන්නේ.රාළහාමිටද ? නැහැ නේ , මේ මට.. මටමනේ ඒකේ පාඩුව තියෙන්නේ. අනික මම කියන්නේ මෙහෙම ගිහින් කොහේ හරි ගිහින් ඇනගත්තා, කාටද පාඩුව , රාළහාමිටද නැහැ නේ..මට මේ මටම තමයි පාඩුව..මේ ලෝකේ කවුරුත් තමන්ටම කෙලවෙන වැඩකරගන්නවද නැහැ නේ..නැහැ..දැන් රාළහාමි උනත් . . . .

මාසේ පැටලිලා බාගෙට මෝල් වෙලා හිටපු රාළහාමිට එක හුස්මට ඔය ටික ඇහුනම තවත් අප්සට් වෙලා, එදා දවසෙම ඉන්ෂුවරන්ස් එක ගෙවන පොරොන්දුව පිට අයියා බුවාට යන්න කියලා.අපරාදේ කියන්න බෑ තාමත් පොර ඉන්ෂුවරන්ස් එක නම් ගෙවලා නෑ.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com17tag:blogger.com,1999:blog-3942472881672670301.post-15733689139075726142012-11-11T19:38:00.000+05:302012-11-11T19:47:22.287+05:30කෝ මේ බ්ලොග් එක ලියපු එකා ?කාරුණික දැනුම් දීමයි

අද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි.

තවද මින්පසුව මෙම බ්ලොයට පාළුවට යාමට ඉඩ නොදෙන බවට ගැත්තා විසින් ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු කරන ආකාරය ගුගල් සර්වර් හි සිට මම නිරීක්ෂණය කරමින් සිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි. දුන් පොරොන්දු ඉටු නොවුනහොත් සුදු පැහැති රේසින් වාහන එවීමට පසුබට නොවන බවද දැන්වීමට කැමත්තෙමි.

වැඩ බලන අමාත්‍ය (බ්ලොග් භාර දෙවියන් වෙනුවට)

- මිනිස්ට්‍රි ඔෆ් බ්ලොග් ඇන්ඩ් රිලේටඩ් අෆෙයාර්ස්

- ආශ්චර්යලන්ඩ්

ප.ලි : විවිධාකාරයේ වැඩ කටයුතු / බාල්දී / ජරමර සිදු වූ බැවින් පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට / කියවීමට නොහැකි වීම ගැන සමාව වනු මැනවි.

ඔබාමා අයියා දෙවැනි පාරට දිනපු එකේ , කලින් පාර ඔබාමා අයියා දිනපු එකට දාපු පොස්ට් එක මෙතන ක්ලික් කරලා බලන්න.

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com18tag:blogger.com,1999:blog-3942472881672670301.post-75992003346418178132012-07-21T08:26:00.001+05:302012-07-21T08:26:50.525+05:30බිල ගෙව්වනම් සලකා බැලිය හැක !!මේක උනේ ඒ/ලෙවල් කරපු අන්තිම කාලේදී වගේ.කතාවේ ප්‍රධාන චරිතවලින් එකෙකේ මගේ යාලුවෙක් , අනිත් කෙනා කෙල්ලෙක්. ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක්.ඒ කාලේ ( 2007 අන්තිම වගේ ) හවසට තිබ්බ ටි.වී ප්‍රෝග්‍රෑම් එකක් කරා.

මගේ යාලුව ඔය කෙල්ලව මුලින්ම දැකලා තියෙන්නෙත් ඔය හවස ටී.වී ෂෝ එකක් කර කර ඉන්නකොට..මගේ යාලුවත් දැකපු මුල් දවසේ ඉදන්ම ෆුල් ලව් කෙල්ලට. කොහොමහරි දවස් ගානක් චාටර් වෙලා මේකා , ඔය කෙල්ලගේ ෆේස් බුක් එකවුන්ට් එක හොයාගෙන රික්වෙස්ට් එකක් දැම්මා.කෙල්ලත් දවසකට දෙහෙකට පස්සේ මුගේ රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා තිබ්බා.

පස්සේ දවසක කෙල්ල ඔන්ලයින් ඉන්න වෙලාවක් බලලා , පලවෙනි වතාවට මගේ යාලුවා චැට් කරන්න පටන් ගත්තා.ටික වෙලාවක් ගිහින් කෙල්ලගෙනුත් රිප්ලයි එන්න ගත්තා.දැන් ඉතින් මුට රජ මගුල්.කොහොම හරි මේ කාලෙම අලුත් මොබයිල් ෆෝන් එහෙකුත් මගේ යාලුවා අර ගත්තා.අරගෙන ෆේස්බුක් මොබයිල් ඇක්ටීවේට් කරගත්තා.දැන් ඉතින් කෙල්ලයි , මේකයි හෙන ෆිට් වෙලා.හැම තිස්සෙම ෆේස් බුක් මැසේජින්ම තමා.

දැන් ඔහොම සති දෙක තුනක් ගියා, දැන් ඉතින් ඊළග පියවරට යන්න ඕනේ නේ.ඒ කියන්න කැමතිද - නැද්ද කියල අහන පියවරට.දැන් ඒක අහන්න විදියක් ප්ලෑන් කරගෙන ඉන්න කොට , කෙල්ලගෙන් මුගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් එනවා.

කෙල්ල - Hi **** , ඔයා ෆ්‍රී ද ?

යාලුවා - ඔව් ඔව් කියන්නකෝ !!

කෙල්ල - අනේ බලන්න මගේ මොබයිල් එක කපල නේ. :(

යාලුවා - ආ..එහෙමද

කෙල්ල - ඔව් අනේ..මට යාළුවෙක්ටවත් ටෙක්ස්ට් කරන්න බැහැ නේ.. අනේ ***** ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න.

යාලුවා - මොකක්ද බලන්න කියන්නකෝ

කෙල්ල - ඔයාට පුලුවන්ද මගේ බිල් එක සෙට්ල් කරන්න

යාලුවා - කියක් විතරද ?

කෙල්ල - 3200 වගේ තියෙන්නේ අනේ

යාලුවා - ආ !!! #$#$#$#$#

කෙල්ල - අනික මට ඉම්පෝටන්ට් කෝල් එකක් ගන්නත් තියෙනවා අද ?

යාලුවා - ඒකත් එහෙමද...හ්ම්ම්.. කාටද ?

කෙල්ල - මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ට ?

යාලුවා - ආ ඔයාට කලින් බෝයි කෙනෙකුත් හිටියද ?

කොහොමහරි අන්තිමේදී මගේ යාලුවා මොබයිල් බිල් එක නම් ගෙව්වේ නැහැ.ඔය කතා-බහ ගිහිල්ලා , සති දෙක තුනකට පස්සේ කෙල්ල මුත් එක්ක තියෙන කනෙක්ෂන් ටික ටික අයින් කරා.මේ වෙනකොට නම් කිසිම කනේක්ෂන් එකක් නැති තරම්.කෙල්ල නම් ළගදී බැන්දා කියලත් ආරංචියි.

ප.ලි - දැන් කෙල්ල කවුද කියල හොයන්න නම් එපෝ.දෙන්න පුළුවන් එකම ඉගිය කෙල්ල මේ වෙනකොටත් උදේට උදේට ටි.වී චැනල් එහෙක පත්තර කියවනවා කියන එක විතරයි ;)
Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com24tag:blogger.com,1999:blog-3942472881672670301.post-26246508766134606652012-07-14T16:30:00.000+05:302012-07-14T16:30:04.458+05:30ඒ කාලේ තෝසේ කාපු ක්‍රම !!සාමාන්‍යයෙන් අපේ රටේ ලාභෙට කෑම කන්න ඕන නම් යන්න ඕන තැන තමයි තෝසේ කඩ කියන්නේ.ඔය තෝසේ කඩවලට ගියාම කොයි කවුරුත් තෝසේ කාලා , ප්ලේන් ටී එකක් නේ බොන්නේ. සමහර 'පොෂ්' තෝසේ කඩවල නම් ඉතින් ෆලුඩා එහෙමත් තියෙනවා මම දැකලා තියෙනවා. හරි දැන් සීන් එක මේකයි , මම ඒ/ලෙවල් පන්ති ගියේ බම්බලපිටියේ තැනකට. බමබා වල තියෙනවනේ අම්රිතා කියලා ටිකක් ප්‍රසිද්ද තෝසේ කඩයක් , අපෙ සෙට් එක ඇතුළු ඔය ක්ලාස් ආපු හැමෝම ඒ දවස්වල කෑවේ බිව්වේ ඔතනින් තමයි. ක්ලාස් එහෙක සෙට් එකක් තෝසේ කඩේට එනකොටම මුදලාලි ගේ මුණ ඇඹුල් වෙනවා , මොකෝ ඉතින් ආවා කියන්නේ කඩේට රුපියල් 200-300 පාඩුයි නේ. ඔය දවස්වල කට්ටිය සෙට් වෙලා කන්න ගිහිල්ලා කඩේට අලාභ කරපු විදි තමයි මේ.

1 ක්‍රමය

ගොඩක් වෙලාවට කන්න යන්නේ හය -හත් දෙනෙක්ගේ සෙට් එකක් නේ.කාලා ඉවර වෙලා බිල එන්න කලින් සෙට් එකේ එකා දෙන්න හිමිට මාරු වෙලා යනවා.එතකොට ඉතින් අන්තිමට ඉන්න දෙතුන් දෙනාට තමයි බිල ගෙවන්න සෙට් වෙන්නේ. හැබැයි පස්සේ ක්ලාස් එකේදී සෙට් උනාම සල්ලි දෙනවා.ඒ වෙනකොට ඉතින් පරම්පරා ගානක නෑයෝ අර බිල ගෙවපු එවුන් මතක් කරලා ඉවරයි.

2 ක්‍රමය

ඔය කඩේ ඉන්නේ සීමිත වැඩ කරන ප්‍රමාණයක්.ඉස්කොලේ ඇරුනම / කට්ටිය වැඩි වෙලාවට , එන අයව පාලනය කරගන්න හරිම අමාරුයි.තමන්ගේ බිල එහෙම ළගට ගෙනල්ලා හම්බුවෙන්න නැති තරම්.ඉතින් ඔය වගේ වෙලාවට ( ඔය වගේ වෙලාවල් බලලම තමයි අපි කන්න යන්නේ ) , මුදලාලි ළගට ගිහින් තමන් කාපු-බීපු දේවල් කියලා තමයි සල්ලි ගෙවලා යන්නේ. ආයේ ඉතින් කියන්න ඕනේ නෑනේ , කවදාවත්ම හරියට කාපු දේවල් නම් කියලා නෑ. ;)

3 ක්‍රමය

මෙන්න සාර්ථකම ක්‍රමය.සෙට් එකේ අය ගිහින් කෑම ඕඩර් කරනකොට , තෝසේ කඩේ තියෙන කන්න පුළුවන් හැම ජාතියෙන්ම ගේන්න කියනවා.තොසේ/වඩේ/කොත්තු/පරාටා/රොටි/තේ/බිම/... .සාමාන්‍යයෙන් බිල ගේනකොට එක එක්කෙනාට වෙන වෙනම ගේන්න කියන්නේ නැහැනේ , ඔක්කොමලටම එකට තමයි ගේන්න කියන්නේ. බිල හදනකොට වේටර් මල්ලිට තමයි තරු පේන්නේ.මොකෝ හැම ජාතියේන්ම එක එක ඒවා ටේබල් එකේ , සමහර ඒවා කාලා නැහැ. ආයේ මොනාද , 10 පාරක් මේ ක්‍රමය පාවිච්චි කලොත් 7-8 පාරක් වත් ගේන්නේ වැරදි බිලක් තමා.

4 ක්‍රමය

හරිම සරලම සහ භයානකම ක්‍රමය. ආයේ කෑවනම් බිව්වනම් මොකටද කාපු-බීපු තැන්වල ඉන්නේ කියලා කියමනක් තියෙනවනේ. කාලා ඉවර උන හැටියේම ටාර් ගාලා මාරු වෙන්න තියෙන්නේ.හැබැයි ඉතින් අහු උනොත් චාටර්.ආයේ ඒ පැත්ත පළාතේ ඇවිත් ඉවරයි.

මේ ක්‍රම සියල්ලම වගේ , ඒ කාලේ අත්හදා බලලා තියෙන්නේ , ඒ හින්දා සාර්ථකවත්වය ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. හැබැයි මේවා පාවිච්චි කරලා චාටර් උනොත් ඔන්න මම නම් නෑ.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com25tag:blogger.com,1999:blog-3942472881672670301.post-62059170798466499442012-06-03T11:38:00.003+05:302012-06-03T11:38:29.851+05:30කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !!මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට පස්සේ සිකුරු සංක්‍රාන්තිය වෙන්නේ ජුනි 6 වෙනිදා.ඒ ගැන කියන එක තමයි අද නිමිත්ත.

මේ සිකුරු සංක්‍රාන්තියේදි අපිට පේන්නේ හරියට සුර්යයා උඩින් සිකුරු ග්‍රහය ගමන් කරනවා වගේ.ඒ උනාට ඇත්තටම වෙන්නේ සූර්යයා,සිකුරු සහ පෘතුවිය එක රේඛාවක එක එල්ලේ පිහිටන එකයි.මේ වගේ පිහිටීමක් එන එක හරි විරල සිදුවීමක්.

මීට කලින් ඒ කියන්නේ 2004 තිබ්බ සිකුරු සංක්‍රාන්තිය අපේ රටට හොදට බලා ගන්න පුළුවන් උනාට මෙදා පාර නම් සම්පුර්ණයෙන්ම බලන්න වෙන්නේ නැහැ.අපේ රටට පැය 4 වගේ කාලෙකට තමයි සිකුරා මාරු වෙන එක බලාගන්න වෙන්නේ.අපේ රටේ වේලාවෙන් උදේ 5.55 පස්සේ ( ඉර උදා උනාට පස්සේ ) තමයි මේ සිකුරු සංක්‍රාන්තිය බලන්න වෙන්නේ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන එක සුදුසු නැහැ, ඒ නිසා සුර්ය පේරෙන පාවිච්ච් කරන එක තමයි සුදුසුම වැඩේ.නැත්තම් සුර්යාගේ ජායාව සුදු බිත්තියකට වැටෙන්න දීලා ඒකෙන් බලාගන්නත් පුළුවන්.ඔය ක්‍රම දෙකම අප්සට් වගේ නම් යකඩ පාස්සන අය පාවිච්ච් කරන ආරක්ෂිත දෑස් ආවරණයකින් උනත් මේ වැඩේට හොදයි.

අවුරුදු ගානකට පස්සේ මාරු වෙන මේ සිකුරත් එක්ක බ්ලොග් ලියන / කියවන හැමෝටමත් සිකුරා ලබන්න වාසනාව ලැබේවා !!!!

සංක්‍රාන්තිය බලන්න පුළුවන් රටවල් ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

සිකුරු සංක්‍රාන්තිය ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com19tag:blogger.com,1999:blog-3942472881672670301.post-77032159510673190232012-04-26T00:01:00.003+05:302012-04-26T00:01:50.740+05:30අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!!දිනය - 2012.04.22

වේලාව - උදෑසන 9.30 පමණ

ස්ථානය - නිවස

අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම

මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා

අම්මා : මොන අවුරුදු උත්සවේද ?

හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..

මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..

අම්මා : මොනවා ? බ්ලොග් ??

එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.

මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..

අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?

මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්

අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?

මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)

අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!

කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com77tag:blogger.com,1999:blog-3942472881672670301.post-5050874372515769432012-04-15T23:05:00.000+05:302012-04-17T19:36:46.262+05:30අවුරුදු (කු)මාරයා !!!අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com25tag:blogger.com,1999:blog-3942472881672670301.post-45251692661452203822012-04-03T23:39:00.000+05:302012-04-03T23:39:46.099+05:30වාසගමේ ප්රයෝජනේමේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.

ඔන්න දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.

අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.

මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "

අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "

අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "

අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com31tag:blogger.com,1999:blog-3942472881672670301.post-26113148967101056492012-03-27T00:05:00.001+05:302012-03-27T00:05:27.716+05:30ගොසිප් සයිට්ස් සහ කමෙන්ට්ස් - Gossip Web Sites & Commentsලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා විදියට ආවත් තාක්ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස් ( Gossip Sites ).

ලංකාව වගේ විකල්ප මාධ්‍ය අඩු රටකට මේ කියන ගොසිප් සයිට්ස් වලින් කෙරෙන්නේ එක්තරා ආකාරයක උදව්වක්.අවධානය ලැබිය යුතු එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ අවධානය ලැබෙන්නේ නැති කුමක් හෝ ප්රවෘත්තියකට ඒ අදාළ ලැබිය යුතු ප්රවෘත්තිමය වටිනාකමක් ලබා දීමට මේ ගොසිප් සයිට් වලට හැකියාව තියෙනවා.මොකද Google ( දැන් නම් නම කියන්නත් බයයි ) , Yahoo , Facebook වගේ වෙබ් අඩවි වලට අමතරව ලංකාවේ වැඩියෙන්ම පිරිසක් නරඹන වෙබ් අඩවි වෙන්නේ මේ ගොසිප් සයිට්ස්.ප්රවෘත්ති සදහාම පමණක් තියෙන වෙබ් අඩවි පවා සමහර අවස්ථාවල මේ ගොසිප් සයිට් විසින් අභිබවා ගිහින් තියෙනවා.

මේ ගොසිප් අඩවිවල තියෙන එක විශේෂත්වයක් වන්නේ කතෘ නාමිකව පෙනී නොසිටීමයි.ඒ නිසා මේ සයිට්ස් එක්තරා ආකාරයක දැලි පිහියක් විදියටත් නම් කරන්න පුළුවන්.ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙකට අපහාස කිරීමටත් ( ඕනෑකමක් තියේනම් ) මේ අඩවි භාවිතා කරන්න පුළුවන්.

මේ සයිට්ස් වල කමෙන්ට් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් වගේම තමයි ඒ කමෙන්ට් කෙරෙන්නේ බොහෝවිට තමන්ගේ දේශපාලනය,රුචි-අරුචි කම් මතයි.මේ ලිපිය ලියන්නට හිතුනෙත් කමෙන්ට් කතන්දරයකි.ඒ කථාව මෙහෙමයි.

ගායක අමරසිරි පිරිස් මහතාගේ ගීත Ring-n-tone සදහා අනවසරෙන් භාවිතා කර තිබු බවට ගොසිප් අඩවියක් පහු ගිය දවසක වාර්ථා කරලා තිබුනා. ඒකේ තිබ්බ විදියට ජනප්‍රිය තරුණ පොප් ගායකයෝ දෙන්නෙක් තමයි මේ වැඩේට සම්බන්ධ. දැන් ඔය ටික කිව්ව ගමන්ම මතක් වෙන්නේ කවුද ????

ඔය නිව්ස් එක තිබ්බ පොස්ට් එකේ කමෙන්ට්ස් වලින් ගොඩක් අය මේ ගායකයෝ දෙන්න භාතිය - සන්තුෂ් කියලා නිගමනය කරලා තිබ්බ.ඒ විතරක් නම් මදෑ , භාතිය - සංතුෂ් ගේ නෑදෑ - හත්මුතු පරම්පරාවම මතක් කරලා හොදට බැනලත් තිබ්බා.සින්දු රිමික්ස් කරන තැන ඉදන් - සංගීතය කාබාසිනිය කරනවා කියන තැනට එනකන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලත් තිබ්බා.

හැබැයි මුලින්ම ප්‍රවෘත්තිය ගිය සයිට් එකෙන්ම භාතියගෙන් මේ ගැන කෙලින්ම අහලා තිබුනා.ඔහු සමහ තිබුණ සම්මුඛ සාකච්ඡාවත් ඒ සයිට් එකේ පළ කරා. භාතියට අනුව ඔවුන් මේ දේට කොහොමටවත් සම්බන්ද වෙලා නෑ.Ring-n-tone වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙනමම කෙනෙක්.ඒ උනාට අදාළ ප්‍රවෘත්තියට තටු ඇවිල්ලා වගේ ප්‍රචාරය උනේ වෙනමම විදියකට.

දැන් තමයි හොදම හරිය , කලින් පොස්ට් එකේ භාතිය-සන්තුෂ්ට පලු යන්න බැනපු අයම දැන් අලුත් පොස්ට් එකේ කමෙන්ට් දාලා අමරසිරි පිරිස් මහත්මයාට බනිනවා , කොහෙවත් ඉන්න කොල්ලෝ දෙන්නෙක් වැරදි කාරයෝ කරන්න හැදුවා කියලා.

අපේ රටේ අයගේ කන්න ඕන උනාම තලගොයත් කබරගොයා කර ගන්න ප්‍රතිපත්තිය තමයි මේ සිද්ධියෙදී උනත් පේන්නේ.කවුද හරි,කවුද වැරදි කියලා හොයන්නේ බලන්නේ නැතිව කාට හරි බනින්න තියෙනවානම් ඉතින් අපේ අයට එච්චර තමයි ඕනෑ.

ප.ලි - ගොසිප් සයිට් කරන සේවය අවතක්සේරුවට ලක් කරන්න කිසිදු චේතනාවක් නොමැත.ඔවුන් කරන සේවය අතිවිශිෂ්ඨය.

ප.ප.ලි - ඔය ගොසිප් සයිට් වල කමෙන්ට් කරන එක්තරා සෙට් එකක් ඉන්නවා.කමෙන්ට් කරන විදිය / කමෙන්ට් කරන නම් / පාවිච්චි කරන වචන වගේ රිසර්ච් එකක් කරන්න තරම් කරුණු එතැන තියෙනවා.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com38tag:blogger.com,1999:blog-3942472881672670301.post-66210131507196807642012-03-22T06:06:00.000+05:302012-03-22T06:06:45.188+05:30ආදර ජාති - Types of Loveඅපි කවුරුත් ඉතින් එක එක විදියට ආදරේ කරලා , ආදරේ ලබලා තියෙනවනේ.පුංචිම කාලේ ඉදන් ලැබෙන දෙමව්පිය ආදරෙන් පටන් ගත්තම තරුණ කාලේ කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදෙරේ වෙනකන්ම අපිට ආදරේ එක එක විදියට ලැබෙනවා.සාමන්‍යයෙන් ගත්තම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ මොන කාලේදී උනත් වෙනස් වෙන්න නැති උනාට කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් ( එහෙම තමයි පැරණි පඩිවරු කියලා තියෙන්නේ ).

කොහොමහරි මේ කාලේදී කොල්ලෝ / කෙල්ලෝන්ගේ තියෙන ආදරේ එක එක ප්රහේද තියෙනවා.මේ ඒවගෙන් ප්‍රධාන එව්වා ටිකක්.

බත් ආදරේ - මේකෙදි කෙලින්ම කෙල්ල / කොල්ලාගේ ටාගට් එක වෙන්නේ අදාළ කෙනාගේ බත් පාර්සල් එක.ගොඩක් වෙලාවට ඉතින් මේ ආදර වර්ගයෙදී අගතියට පත් පාර්ශවය වෙන්නේ කෙල්ලෝ තමයි.මොකද ඉතින් කොල්ලෝ කියලා කෑම උයන එකක්ද.

නෝට් ආදරේ - කලින් එකේ බත් පැකට් එක වගේ මේකේදී ටාගට් එක අදාළ කෙනාගේ නෝට් මිටිය.කැම්පස් වල නම් ඉතින් මේවගේ එව්වා එමටයි.සුපුරුදු පරිදි අගතියට පත් පාර්ශවය කෙල්ලොම තමා.කොල්ලෝ ගාව නෝට්ස් කියලා දේවල් නැහැ නේ.

ඇකා ආදරේ - ඇකඩමික් කියන එක කෙටියෙන් තමයි ඔය ඇකා කියලා කියන්නේ.ඉස්සෙල්ලා එක වගේම තමයි , ඒකේම ටිකක් දිග වර්ෂන් එක. කෙල්ලෝ / කොල්ලෝ දෙගොල්ලොම අගතියට පත් වෙන්න පුළුවන්. ඇක ගොඩ දාගන්න කාලේදී හොද බුලට් එකක් හම්බ උනොත් දෙන්නම ගොඩ කියලා කියන්නේ ඉතින් කට කහනවට නෙවයි නේ.

බස් ආදරේ - ලව් කරන ඩබලගේ ගම් පළාත් එහෙම තියෙන්නේ ටිකක් ඈත නම් , යන්න වෙන්නේ පැය හතර පහක ගමනකින් වගේ නම් අන්න බස් ආදරේකට හොද පොයින්ට් එකක්. බස් එකේ ගැනත් ගානට බේරගන්න පුළුවන් ( භාගේ - භාගේ දානවනම් එහෙමයි නැත්තම් කොල්ලෝ ෆුල් දානවනම් එහෙමයි )

ඔය ටිකට අමතරව තවත් ආදර ජාති හම්බු උනොත් අටපට්ටමට කියන්න ඕන හොදද !!!

ප.ලි - මේ ටිකේ බ්ලොග් ලියන / කියවන ඒවා කරේ හරිම අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ දවස්වල විනෝදාංශයක් විදියට නිදාගන්න එක කරන එක. කලින් ලියපු බස් මාකටින් එකත් ගොඩ කාලෙකට කලින් ඩ්‍රාෆ්ට් කරලා තිබ්බ එකක් තමයි පබ්ල්ෂ් කලේ.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com44tag:blogger.com,1999:blog-3942472881672670301.post-83109587447434386032012-03-18T14:09:00.001+05:302012-03-21T23:24:37.930+05:30බස් මාකටින් - "Marketing" in a Busඅද මේ කියන්න යන්නේ ලංකාවේ බස්වල සුලභව දකින්න පුළුවන් දෙයක්.කොහොමත් අපේ රටේ හැම තැනකදීම ඕනෑම විදියක වෙළදාමක් දකින්න පුළුවන් එකේ ඉතින් බස් එහෙකදී මොනවහරි විකුණන එක මහ ලොකු දෙයක් නෙවෙයි.හැබැයි මම මේ කියන්න යන වෙලදාම් කරන මාකටින් ක්‍රම ටික නම් සුපිරියි.මේ ගොඩක් දේවල් දකින්න ලැබුනේ 154 අගුලාන - කිරිබත්ගොඩ බස් මාර්ගයේදියි කොටුව බස් නැවතුම්පොළේදීයි.

පළවෙනියටම ඉන්නේ සාමාන්‍ය වෙළෙන්දෝ.ඉස්සර නම් මොනවහරි පලතුරු / ටොෆි / චොකලට් වගේ දේවල් ගෙනාවත් දැන් දැන් අයිස් වතුර බෝතල් වල ඉදන් සැහැල්ලු ආහාර විකුණන තත්වයටම දියුණු වෙලා.කොටුවේ නවත්තලා තියෙන බස්වල නම් මේක ඕනෑ තරම් තියෙනවා.

දෙවැනියට ඉන්නේ කිසිම දෙයක් විකුණන්නේවත් නැහැ මුකුත් කරන්නේ නැහැ , හැබැයි අනුකම්පාව දිනාගෙන කියක් හරි ඉල්ල ගන්න බලන අය.සමහරුන්ව නම් ඉතින් දැක්ක ගමන් පේනවා කිසිම අමාරුවක් නැහැ කියලා ඒ උනාට ලෝකේ නැති අමාරුකම් කියවනවා.ඕකෙත් ඉතින් දෙපැත්තක් තියෙනව , අපි සල්ලි දෙන්නේ අපි හිතේ හොද චේතනාවකින් නේ ඒ නිසා අදාළ කෙනා කියන්නේ ඇත්ත හෝ බොරු හෝ ඒ දේ අපිට ප්‍රශ්නයක් නැහැ.

තුන්වෙනි ටයිප් එකත් ට්කක් ප්‍රසිද්ධයි.ඒ තමයි බස්වල පොත් පත් විකුණන එක.බෝධි පුජා කවි / ගාථා පොත් ඒ වගේම සිංහල / දෙමල / ඉංග්‍රීසි වචන 1000 පොත් වගේ ඒවා තමයි ගොඩක්ම විකුණන අය ගේන්නේ.අනිත් විශේෂත්වය වෙන්නේ මේවා විකුණන්නේ පොත් 4 ම රුපියල් 100 කියලනේ.ඒ නිසා පොත අනවශ්‍ය උනත් ලාභ නිසා පොත් ගන්න අය ඕනෑ තරම් ඉන්නවා.

දවසක් බස් එහෙකට නැග්ගා ඔහොම පොත් විකුණන කෙනෙක් , විකුණුවේ අවසාන සටන කියල පොතක්.බස් මාකටින් වල දෙවනියට හොදම මාකටින් එක විදියට මම නම් කරන්නේ ඒක තමයි.පොර මෙන්න මේ විදියට තමයි විකිණුවේ.

" අම්මේ තාත්තේ අපි අද ඉන්නවා හෙට මැරෙනවා , ඒ උනාට අවුරුදු 30 තිස්සේ තිබ්බ යුද්ධය තිබ්බ විදිය දන්නේ අපි විතරයි.. ඔබේ දුව පුතා ඒ දේ දන්නේ නෑ.. ඒ කුරිරු යුද්ධය ඉවර කරපු හැටි දන්නේ නැහැ..අද දෙපැත්තේ හිටයත් මහින්ද මහත්තයයි , සරත් මහත්තයයි යුද්ධේ ඉවර කරපු හැටි ඔබේ දුවා පුතා දැන ගන්නම ඕන.. මේ පොතේ තියෙනවා ඒ විස්තරේ අකුරින් අකුර..දවසින් දවස විස්තරේ..පින්තුර ඔක්කොමත් එක්කම අවසන් සටනේ විස්තර ඔක්කොම තියෙනවා.. "

ඔය කිව්ව විස්තරේට අමතරව සුදූ කොඩි කේස් එකත් එහෙන් මෙහෙන් විස්තරේට දැන්මා..බස් එකේ මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමණයක් ඔය පොත නම් ගත්තා.

හතරවෙනි ටයිප් එක තමයි මාල විකුණන වැඩේ.මේකත් 154 නම් ඕනෑතරම්.මේකෙදි වෙන්නේ කවුරුහරි බුවෙක් බස් එකට නැගලා ඉමිටේෂන් මාල විකුනනවා හැබැයි මේ මාලවල පාට යන්නේ නෑ මොනවා කරත් ( එහෙම තමා කියන්නේ ).ඒක පෙන්නනවා පහේ කාසියකින් හුරලා.ඕන කෙනෙක්ට අල්ලලා බලලා චෙක් කරන්න පුළුවන්.රුපියල් 150 කට තමා විකුණන්නේ.හොදම දේ කියන්න By one Get One Free Offer එකක් තිබ්බ වැලන්ටයින් දවසේ , මාලයක් ගත්තොත් පෙන්ඩන් එකක් නිකන් දුන්නා ( 154 බස්වල )

පස්වෙනි ටයිප් එක සහ මට අනුව හොදම මාකටින් ඇක්ට් එක. මේක කරන්නේ සෙනග අඩු බස්වලදී. බස් එකේ ඉස්සරහින් තමයි වැඩේ කරන බුවා නගින්නේ , නැගලා ළගම තියෙන රැක් එහෙක බුරුලියට නුලක් ගැටගහනවා.ඊට පස්සේ ඉස්සරහට ගිහින් තමන් කරන දේ ගැන කියවනවා පොඩ්ඩක් ( මට කියපු දේ නම් හරියටම ඇහුනේ නැහැ ) . ඊට පස්සේ කරන්නේ අර නුලේ එක කොනක් නහය ඇතුලට දාගෙන පොඩ්ඩ පොඩ්ඩ අදිනවා.ඇදලා සම්පුර්ණ නුල්ම දාගන්නවා නහය ඇතුලට , ඊට පස්සේ බස් එකට ඇහෙන්න කියනවා " මම දැන් ඔයගොල්ලෝ දැක්ක නුල මගේ නහය ඇතුලට දාගත්තා , මම මිට කලින් දාගත්තු නුල ගන්නත් මට ඔපරේෂන් එකක් කරන්න ඕන උනා..මේ දැන් මගේ නහය ඇතුලට ගියපු නුල ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙයි..අනේ ඉතින් එකට පුළුවන් විදියට කීය කීය හරි දෙන්න " කියලා. ආතල්ම වැඩේ කියන්නේ ඉතින් අපි කවුරුත් මිනිහට නුලක් දාගන්න කිව්වේ නැහැ නේ , මිනිහම නේ දාගන්නේ. ඒ උනාට අනිත් හැම එහෙකට වඩා ( පොත් විකුණන එක ඇරෙන්න ) වැඩියෙන්ම සල්ලි ලැබුනේ මේකට.මොකද මේක කරපු බුවා කරපු වැඩේ නියමෙටම කරා.

ඔය එක එක මාකටින් ක්‍රම වලට හොයන සල්ලි මොනවට වියදම් වෙනවද කියලා නම් දන්නේ නැහැ හැබැයි ඉතින් මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හොයනවට වඩා ඉතින් කටේ බලෙන් සල්ලි හොයන එක හොදයිද මන්දා.

මේ මාසේ ලියපු මගේ මතය කැටගරි එකේ පොස්ට් එක

ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ද ?Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com52tag:blogger.com,1999:blog-3942472881672670301.post-67985778411900141742012-03-11T19:33:00.000+05:302012-03-12T06:00:18.729+05:30ලොකු සීන්සුපුරුදු මා නුපුරුදු ලෙස

හිටියේ ඔබ කෙලෙසද තව

දෑ අවුරුදු මල ඉලව්වේ

ගයපු ගැයුම් අමතකද තීට

ඒ කාලේ කියපු කෙරුම්

ඉතුරුව ඇත හදවතෙහි තව

මැරුණත් මා හෙට අනිද්දා

නැත යන්නේ මතකයෙන් එය

කරපු කියපු ලොකු සීන් නම්

කවදත් නෑ දිරවූයේ මට

කැමති ඕන නැටුමක් දැන්

ඕන ලෙසක නටත හැක

අනේ ඉතින් මට පාන්ද

අහන්න ඇත්තේ එපමණය මට

ප.ලි - ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්. ;)

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com42tag:blogger.com,1999:blog-3942472881672670301.post-36204381279906165712012-03-07T16:43:00.003+05:302012-03-21T23:26:16.648+05:30ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? - "Policiya" Best Music Video or not?

[පින්තුරේ ඉස්සුවේ ගුගල් දෙයියගෙන්]

මිට අවුරුදු තුනකට පමණ කලින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ලංකාවේ සංගීත වීඩියෝ පට ඇගයීමේ උළෙලක් ආරම්භ විය.ඒ Derana Music Video Awards නම් විය.තබන ලද ආරම්භය අති සාර්ථක එකක් නම් නොවීය.පළමු උළෙල තාක්ෂණික දෝෂ , නිවේදකයන්ගේ දුර්වලතා වලින් අඩුවක් නැති විය.සම්මාන ලැබූවන් පිළිබඳ එතරම් ගැටළුවක් නොවුවත් සමස්ථ උළෙල අසාර්ථක පැත්තට බරය.

පළමු උළෙලේ තිබු අඩුපාඩු මගහරවමින් පැවැත්වූ දෙවැනි සම්මාන උළෙල විශිෂ්ට අන්දමින් පැවැත්විය.සරලවම පැවසුවහොත් ජාත්‍යන්තර සම්මාන උළෙලක තිබිය යුතු ප්‍රමිතිය හැකි පමණ ආරක්ෂා කරගනිමින් දෙවැනි උළෙල සංවිධානය කර තිබින.පසුතල අලංකරණය, ආලෝකකරණය ඉතා මැනවින් සිදු කර තිබු අතර ගීත නිර්මාණ අතරට එක්කර තිබු නාට්‍යමය ජවනිකා මගින් උළෙල තවත් අලංකාරවත් කර තිබුනහ.

නොකඩවා තෙවැනි වරටත් මෙවර Music Video උළෙල පැවැත්වුන අතර කණගාටුවෙන් වුවද පැවසීමට ඇත්තේ දෙවැනි වර පැවති සම්මාන උළෙලහි තිබු කික්  එක මෙවර තිබුනේ නැති බවය. දෙවැනිවර තිබු සම්මාන උළෙල තිබු අපුරු හැඩතල කිසිවක් මෙවර තිබුනේ නැත. පසුගිය සම්මාන උළෙලවල් හිදී ජනප්‍රිය අංගයක් වූ දුකා - රුක්ෂාන් එකතුව සිදු කරන මඩ ගැසීමේ අංගය මෙවර තිබුනේ නැත , ඒ වෙනුවට දුකා පමණක් පැමිණ මොනවද සිදු කර වේදිකාවෙන් ඉවත් විය. හාස්යෝත්පාදනය සෑම විටම එක ලෙස සිදු කිරීම අපහසු බව සැබෑ වුවත් මෙවර මඩ ගැසීමේ  අංගයට එතරම් සුදානමක් තිබු බවක් නම් පෙනෙන්නට නොතිබින.

සුපුරුදු ලෙසම ගියවර මෙන්ම නිවේදන කටුයුතු සදහා සිටියේ අනර්කලී සහ සාරාංගය.දේශපාලන අනාගැනීම් කුමක් වුවත් ලංකාවේ කඩ්ඩ නිවේදනය සම්බන්ධයෙන් අංක එක අනර්කලීය.ඊටත් අමතරව දැන් අනර්කලී සිටින්නේ වෙනත් නාලිකාවක් සමගය.එසේ තිබියදීත් අනර්කලීට නිවේදනයට ආරාධනා කිරීම සහ ආරාධනාව පිළිගැනීම ගැන දෙරණත්, අනර්කලීවත් අගය කල යුතුය.මන්ද ලංකාවේ මේ තාක් කල් ( නාරද බක්මීවැව හැරුන කොට ) ස්වාධීන මාධ්‍යවේදී  සංකල්පය තිබු කෙනෙක් මා දැක නැති නිසාය. ( මෙහිදී ස්වාධින මාධ්‍යවේදී යනුවෙන් මා අදහස් කරන්නේ එක නාලිකාව සිර නොවී සිටීමය ) .වෙනදා මෙන්ම සාරංගත් තමන්ගේ නිවේදන කාර්යය නිර්මාණශිලිව ඉටු කෙළේය. කමල්ගෙන් පසුව නිවේදනය කොපි නොකර කල හැකි පරපුරක් සිටීම ගැන අවංකව සතුටු විය හැක.

ජනප්‍රියම සම්මාන සදහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කල දා පටන්ම බලාපොරොත්තු වූ පරිදිම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීඩියෝවට හිමි සම්මානය ලැබිණ.ගියවර රම්බරි  ජනප්‍රියම ගීතය වූ අයුරින්ම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීමට ඕනෑ තරම් හේතු ඇත.එම වීඩියෝවේ ඕනෑ තරම් අමා ලක්ෂණ ඇත. ;)

සම්මන උළෙලේ කිසිදු සම්මානයක් සම්බන්ධයෙන් මා හට ගැටලුවක් නොමැති වුවත් හොදම වීඩියෝවට හිමි සම්මානය පොලිසිය වීඩියෝවට ලැබිම ගැන නම් ගැටලුවක් ඇත. කසුන් ගේ කදුළු වීඩියෝවත් පොලිසිය වීඩියෝවට වඩා සිය ගුණයක් ඉදිරියෙන් සිටියි.

සමස්ථයක් ලෙස උළෙලේ මා දුටු සුවිශේෂීම අවස්ථාව වුයේ , අහන් ඉන්න - අහගෙන ඉන්න ගීතය ගායනා කරන මේකලා ගමගේ ට හොදම නවක නිර්මාණ ශිල්පියාට හිමි සම්මානය ලැබුණු අවස්ථාවයි. කසුන් කල්හාර අතින් ඒ සම්මානය ලබාගන්නා අවස්ථාවේදී උළෙලට පැමිණි සියලු දෙනාම පාහේ තමන්ගේ අසුන්වලින් නැගී සිට මේකලාට තමන්ගේ ආචාරය පුද කර සිටියහ.

අවසාන වශයෙන් සාම්ප්‍රදායික සම්මාන ආකෘතියෙන් මිදී අලුත් යමක් කිරීමේ උවමානව ඇති දෙරණට සුභ පතන අතරම ලංකාවේ පවත්වන අනිකුත් සම්මාන උළෙලවල් අවම වශයෙන් මේ තත්වයෙන් වත් පැවැත්වීමට සම්මන උළෙලවල් සංවිධානය කරන උදවියට හැකි වේවායැයි ප්‍රාර්ථනා කරමි.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com38tag:blogger.com,1999:blog-3942472881672670301.post-19766208124692965782012-03-04T07:04:00.000+05:302012-03-04T07:08:37.475+05:30ක්‍රිකට් - අතුරු කතාඅදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත් නායකත්වයත් එක්ක ටිකෙන් ටික ජයග්‍රාහී මාවතට එනවා වගේ පේනවා.

මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සි.බි කුසලානය පටන් ගන්නකොට ලංකාවේ ටීම් එක හිටපු තැනත් එක්ක බලනකොට අපි අද ෆයිනල් එකට ආපු එකම ලොකු දෙයක්.අවුරුදු ගානක් තිස්සේ ලෝක ශුරයෝ එතකොට වර්තමාන ලෝක ශුරයෝ ( නමට හරි ) , අනුශුරයෝ සෙල්ලම් කරන මේ තරගාවලිය කොහොමත් උණුසුම් තමා.

මේ සිරිස් එකේ අන්තිම හරියේ තිබ්බා ඉන්දියා - ශ්‍රී ලංකා මැච් එක කට්ටියට මතක ඇති නේ.ඒ මැච් එක ලංකාව දින්නොත් ඉන්දියාව කෙලින්ම ගෙදර , ඉන්දියාව දින්නොත් ( බෝනස් ලකුණක් ) එක්කම එයාලට තරගාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක් නේ තිබ්බේ. ඔය මැච් එකේ අපි මුලින්ම බැට් කරලා 320 ගැහුවනෙ.දැන් අපේ කට්ටිය ෆුල් සතුටින් නේ හිටියේ , මැච් එක අත උඩින්ම දිනුම් කියලා. ඒ උනාට ඉතින් පස්සේදී උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් නේ. ඉන්දියාව කිසිම ගේමක් නැතිව 320 ලබා ගත්තා විතරක් නෙවේ බෝනස් ලකුණත් ගත්තා. විරාට් කෝලි 100කුත් ගැහුවා.

දැන් ඒක නෙවයි ප්‍රශ්නේ.කෝලි එකපාරට කොහොමද මෙහෙම ෆෝම් උනේ කියන එකයි.මොන දේකට උනත් ඉතින් උත්ප්‍රේරනයක් ( Motive ) එකක් තියෙන්න ඕන නේ. නැත්තම් ඉතින් ඕන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නේ.. ඔන්න ඕකට උත්තරේ බුකියේ ෂෙයාර් වෙලා තිබ්බ මෙන්න මේ පින්තුරේ තියෙනවා..

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔහොම කියනවනම් ඉතින් මොකාද ෆෝම් වෙන්නේ නැත්තේ මං අහන්නේ.. හැබැයි හොදම හරිය එන්නේ දැන්. ඔය මැච් එකට පස්සේ තිබ්බනේ ශ්‍රීලංකා - ඔස්ට්‍රේලියා තරගය.එකෙන් ලංකාව දින්නොත් අපි ෆයිනල්ස් යනවා ( ඉන්දියාව ගෙදර යනවා ) , පැරදුනොත් ඉන්දියාව ෆයිනල් යනවා ( අපි ගෙදර එනවා ) සීන් එකක් නේ තිබ්බේ. අපේ කොල්ලෝ කොහොමහරි ඔය තරගේ දින්නනේ.දැන් ඉතින් අර කලින් පින්තුරේ හිටපු ගෑනු ළමයි දෙන්නට හිතෙන්නේ ඇති නේ , "කලින් දීපු ඔෆර් එක දීලා වැඩක් නෑ " කියලා.ඒ හින්දා එයාලා ඒක අයින් කරගන්න ඇති. අනේ අසරණ කෝලිට මොනවා හිතෙන්න ඇති නේද එහෙම උනා නම්.. ඔන්න ඕකට උත්තරෙත් තිබ්බේ මෙන්න මේ
විදියට.

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔය අස්සේ ඉන්දියාවේ ගීත දර්ශවලට ( Chat List ) වලට මේ දවස්වල සිංහල සින්දුත් අහුවෙලා කියලයි කතාව යන්නේ. මේ දවස්වල පලවෙනි තැන තියෙන්නේ " ගහන්න එපා පොඩි දෝනි ට - බනින්න එපා " කියන සින්දුව.ඊළගට තියෙන්නේ " පුංච් දෝනි තරහා වෙලා " කියන එකලු.බලන්න නේ මැච් එහෙකින් කරන්න පුළුවන් දේවල්.

ඊළග එක තිබ්බෙත් බුකියෙමයි.මේක දාලා තිබ්බේ අපේ තුලන අයියා.IPL ගියපු අපේ සමහර ඈයොන්ට වදින්න තමා දාලා තිබ්බේ.හිතට වදින්නම දාලා තිබ්බ මේ දේ මට නම් සියට සියක්ම ඇත්ත.මෙන්න මේක තමා දාලා තිබ්බේ.

"Match එකක් තිබ්බම Office වල වැඩ නවත්තල Online Match බලන මිනිස්සුයි, පාරෙ යන ගමන් කඩේක දාල තියෙන TV එකකට ඔලුව ඔබල cricket match එක බලන මිනිස්සුයි, TV නැතත් වෙළඳ සේවයෙන් ඈපාසිංහගේ අතිශෝක්ති විස්තර විචාරය අහන මිනිස්සුයි, 6ක් ගැහුවත් Facebook එකේ Status Update එකක් දාන Cricket වලට ආදරේ කොල්ලොයි Match එකක් පැරදුනාම හදවතින්ම දුක් වෙන හැටි දන්නවා නම් සල්ලි වලට CRICKET ගහන එක අද ඉදන්වත් නතර කරපල්ල !"

හරි අදට ක්‍රිකට් ගැන එව්වා ඉවරයි..ඔන්න තවත් මේ වගේ අපුරු දේවල් එහෙම තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com37tag:blogger.com,1999:blog-3942472881672670301.post-3847208028962859102012-03-02T05:21:00.001+05:302012-03-03T21:34:16.531+05:30ක්‍රිකට් - විමසුමඅපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට සටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ.

එහෙව් පරපුරකින් පැවත එන අපේ කොල්ලන් සි.බි කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය විය.පැරදුනාට කම් නැත.මන්ද පැරදුනේ අපේ ලොකු අයියට වන හෙයිනි.ඕනම පවුලක සිදුවනවා මෙන් අයියා , නගෝ ප්‍රශ්න අප රටවල් අතර ඇත.නමුත් පවුලේ ප්‍රශ්න පිටතට නොදිය යුතුය , පවුලේ දේවල් විසදීමට එහා ගෙදර මිනිහා අනවශ්‍ය.

මේ පරාජය බංකොලොත් දේශපාලන ඇසෙන් බැලීමට හැමදාම මෙන් අපේ රටේ විපක්ෂය මෙවරද සුදානම් විය.ජිනීවාහිදී සම්මත වීමට නියමිත යෝජනාවෙදී අපිට සහය ලබා ගැනීමට අපි පැරදුන බවට ඒ බංකළොත් පක්ෂ පවසයි.එය එසේ වුවත් වරදක් නැත.මේ රටේ නමට පමණක් සිටින විපක්ෂයකට වඩා ඉන්දියාව මේ කරුණේදී අපි සමග එකට හිටියි නම් එය අපට හයියකි..චුටි නංගි අතින් වරදක් වුවාට , පවුලෙන් නෙරපා දමන සිරිතක් නැත.මේ කාරණා 'අලිමංකඩ කියා පාමංකඩ' යන අයට නොතේරෙයි.

එක පිට එක ජන්ද පරදින පක්ෂයකට අනුව නම් මේ පරාජයත් ලෝක කුසලාන අවසාන තරගයත් අතර සමානකමක් පවතියි.ඔවුන්ට අනුව ලෝක කුසලාන අවසන් තරගයත් අපි ඉන්දියාවට දිනන්නට දී ඇත.මේ තරගයත් ප්‍රසාද ලකුණක් සමග දිනන්නට දුන්නේ මානව හිමිකම් ප්‍රශ්නයට ඉන්දියාවේ සහය අවශ්‍ය නිසා බව ඔවුන් පවසයි.ඔවුන්ට අපිට දීමට ඇත්තේඩ ඉහත පිලිතුරමය.එනම් අප මේ කතාකරන්නේ ඉන්දියාව ගැන මිසක් ඇමරිකාව ගැන නොවන බවය.අප පැරදුනේ ඇමරිකාවට නොවන බවයි.ඒ නිසා පැරදුනාට හිතට දුකක් නැත. පැරදී ඇත්තේද අපේම කෙනෙකුටය. ඒ නිසා හිතේ සතුට ඇත.ඒ සතුට මේ රටේ සියලු දේශප්‍රේමී ජනයාට දැනෙනවා ඇත...

අදත් විමසුම පිටපත මිහින්ඩ අසෙබුන්දර ගෙනි....Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com37tag:blogger.com,1999:blog-3942472881672670301.post-26605661523975457532012-02-26T06:50:00.001+05:302012-03-03T21:40:18.212+05:30ස්ලිට් එකේ ජිවිතේ IIමේ ටිකේම එක එක ජාතියේ තොප්පි වැටුන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය කරක්ගහන්නත් බැරි උනා.ස්ලිට් එකේ ජිවිතේ I කියලා , ස්ලිට් එකේ උන දේවල් ලියන්න ගත්තු එක ලියාගන්නත් බැරි උනා ඒ හින්දා, අද එතැන් සිට..

පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනෑ දේවල් දෙකක් තියෙනවා.එකක් තමයි කලින් පොස්ට් එකේ අපි සෙට් එකේ අය පරක්කු වෙලා ආපු ඒවා ලියලා තිබ්බනේ.ඔය පරක්කුවෙලා එන ඒවනම් ඒ කාලෙන් පස්සේ නැති උනා.දැන්නම් ඉතින් වෙලාවටත් කලින්ම වගේ වැඩ.දෙවැනි එක තමා පොස්ට් එකේ නම ගැන , පොස්ට් එක කියවපු යාලුවෙක් කිව්වා ඕක "ස්ලිට් එකේ ජිවිතේ " කියලා දාන්නේ නැතිව , "ස්ලිට් එකේ සමයං " කියලා ගියානම් හොදයි කියලා.බලාගෙන ගියාම ඉතින් ඒ කතාවත් ඇත්ත තමයි.ඉන්න කාලෙත් ඕක ඇතුලේ උනේ සමයං වැඩ , දැන් අයින් උනා කියලත් වෙන්නේ සමයං වැඩමනේ.

හරි කොහොමින් හරි ඉතාමත් සාර්ථක පලවෙනි සෙමෙස්ටර් එහෙකින් පස්සේ මමතුමා ඇතුළු අපි තුන් දෙනා දෙවැනි සෙමෙස්ටර් එකට ආවා.ආයේ ඉතින් පළවෙනි සෙමෙස්ටර් එක ගොඩයාම ඉහලින්ම සමරන්නත් අපි තුන් දෙනා අමතක කරේ නැහැ.Dine-More එක තියෙන්නෙත් මෙට්‍රෝ එක ළග පාත නේ , ඒකට ගිහින් සැමරුවා.අපි තුන් දෙනා පාස් උන එක ඔච්චර සමරන්නත් හේතුවක් තිබ්බා.මොකද yAkA ට ඒ දවස්වල ආරංචියක් ඇවිත් තිබ්බ ඩ්ග්‍රී කරන්න වැල පිටින් ආවට , ඩිග්‍රී එක දෙන්නේ පොඩි ගානකට කියලා.

මේ සෙමෙස්ටර් එකෙත් සබ්ජෙක්ට්ස් පහක් තිබ්බා.DBMS, System Analysis and Design , Technical Communication,Data Communication & Computer Networks සහ Java. හා හා පුරා කියලා සෙමෙස්ටර් එක පටන් ගත්තු දවසෙම තිබ්බ DCCN ලැබ් එක මායි yAkA යි කට් කරා.මොකද උදේම ගිහින් පොත් ටික අරගෙන එනකොට ලැබ් එකෙන් භාගයක් ගිහින්.අපි දෙන්නා ලැබ් එකේ භාගයක් කරලා තියෙද්දී ගිහින් උගන්නන ලෙක්චර් ගේ නෙට්වර්ක් මොකටද අවුල් කරන්නේ කියලා හිතලා , පොත් ටිකත් අරගෙන අපි දෙන්න ගෙදර ආවා.

ඔය Data Communication කියන සබ්ජෙක්ට් එක කරේ සර් කෙනෙක්.ඒ සර් ආපු පලවෙනි ලෙක්චර් එකේදීම කිව්වා , "මගේ ලෙක්චර්ස්වලට කව්රුවත් පරක්කු වෙලා එහෙම එනවා නෙවෙයි " කියලා. හරියට අපි තුන් දෙනාගේ කල්-කිරියාව දැකලා කිව්ව වගේ,අපිටත් හරි පුදුමයි. පලවෙනි දවසේ ලෙක්චර් එකට ඉදලා , පලවෙනි පාරට ටියුට් එකට ඉන්නකොටම අපි තුන් දෙනාම ඒකමතික තීරණයකට ඇවිත් ඉවරයි ආයි නම් ටියුට් වලට ඉන්නේ නෑ කියලා.yAkA නම් පලවෙනි දවසින් පස්සේ ලෙක්චර්ස් ආවෙත් නෑ , මායි කස්සයි නම් ලෙක්චර්ස් ටික ඇදගෙන ගියා ( වෙලාවටත් ආවා වගේ මතකයි ).ඔය ලෙක්චර් එකයි ටියුට් එකයි දෙකම තියෙන්නේ එක වෙලාවේ වගේ.ලෙක්චර් එක ඉවර වෙලා විනාඩි 10 වගේ ඉන්ට'වල් එකක් දෙනවා.ඔය වෙලාවේ සර් එලියට යන්නෙත් නෑ , ඉස්සරහා තියෙන ස්ටේජ් එකට වෙලා එක්කෝ පොතක් කියවනවා , නැත්තම් ටියුට් එකක් බලනවා.ටියුට් එක කට් කරනවා නම් යන්න වෙන්නෙත් මේ දෙන විනාඩි 10 තමයි , නැත්තම් ඉතින් චාටර් වෙනවනේ.

ටියුට් එක කට් කරන එක චාටර් නොවී කලාත්මකව කරන්න මායි කස්සයි නියම ක්‍රමයක් ඔය දවස්වල පාව්ච්චි කරා.විනාඩි 10 ඉන්ටවල් එක දුන්න ගමන් කස්සා මොකක් හරි අන්ධභූත ප්‍රශ්නයක් අරගෙන සර්ව හම්බුවෙන්න යනවා.ඔය අරගෙන යන ප්‍රශ්නෙත් ඇවිල්ලා මෙලෝ රහකට නැති එකක් ( අයියෝ සල්ලි දැන් තමයි ඉතින් ඒවා තේරෙන්නේ ).කස්සා ප්‍රශ්නෙට උත්තරේ අහගන්න අතරේදී මම ටාර් ගාලා මගේ නයි මල්ලක් වගේ තිබ්බ පොත් බෑග් එකයි , කස්සගේ පොත් ටිකයි අරගෙන හෝල් එකෙන් පනිනවා. දැන් උනත් ඉතින් ෆස්ට් ඉයර් අයට කරලා බලන්න පුළුවන් , කරලා චාටර් වෙලා ඔන්න මට කියන්න එපා. මුල දවස්වල ඔය විදියට පැන්නත් පස්සේ පස්සේ නම් ඉතින් සර් බලන් ඉන්නකොට වගේ නැගිටලා ආවා..හිකිස්

දැන් මේ කාලේ කියලත් කට්ටියගේ Halo උණ නම් නතරවෙලා තිබ්බේ නෑ. නිකන් ඉන්න වෙලාවක් තියෙනවානම් ( ගොඩක් තිබ්බේ ඒ වගේ ඒවා තමා :P ) හරි ලෙක්චර්ස් කලින් ඉවර වෙච්ච ගමන්ම කරන්නේ ලැබ් එහෙකට සෙට් වෙලා Halo ගහන එක තමා.ඔන්න ඔය කාලේදී තමයි මම හා හා පුරා කියලා ( ස්ලිට් එකේ වැඩ වලට කියලා ) ඉන්ටනෙට් ගන්නේ.කොහෙද ඉතින් , Halo ඔන්ලයින් ගහන්න පුළුවන් කියලා yAkA හොයාගන්නවනේ.දැන් ඉතින් පැය 24 න් භාගයක් විතරම ෆුල් ටයිම් Halo ම තමා. ඔය කාලේදී පුරුද්දක් තිබ්බ රෑ දෙකට - තුනට නැගිටලා මොකක් හරි සර්වර් එහෙකට ජොයින් වෙලා Halo ගහන.කොටින්ම ඒ කාලේදී Maps එහෙම කට පාඩම්..ෆුල්ම ෆන් ඒ කාලේ.

මම ඉස්සෙල්ලා කිව්වනේ මේ සෙම්ස්ටර් එකේදී තිබ්බ කියලා System Analysis & Design කියලා සබ්ජෙක්ට් එකක්.ඕකේ නම කෙටි කරලා අපි කිව්වේ SAD කියලා.නම වගේම තමයි සබ්ජෙක්ට් එකත් So Sad.ෆුල් තියරි ගොඩක් එක්ක එක එක කන්සෙප්ට් තොගයක් තිබ්බේ.උගන්නපු මිස් නම් එළකිරියට ඉගැන්නුවා.අනිත් ඒ වගේ ටියුට් කට් කරපු අපි ඉතින් මේකේ ටියුට් කට් කෙරුවා කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ;)

ඊළගට තිබ්බ ෆුල්ම ෆන් සබ්ජෙක්ට් එක තමා Java.අපරාදේ කියන්න බෑ , yAkA ඇරෙන්න මායි කස්සයි කලින්ම ලෙක්චර්ස් ඇවිල්ලා , ලැබ් තියෙන ඒවටත් කලින්ම ඇවිල්ලා ෆුල් ආසාවෙන් කරපු සබ්ජෙක්ට් එක තමයි මේක.මේ සෙමෙස්ටර් එකේ මට වැඩිම ලකුණු තිබ්බෙත් මේ සබ්ජෙක්ට් එකට.

මේ සෙම්ස්ටර් එකේ උන සිරාම සිද්ධි දෙක තුනක් තිබ්බා.එකක් තමයි ටැලන්ට් ෂෝ එක.අපි ෆස්ට් ඉයර් ඉන්නකොට තුන්වෙනි අවුරුද්දේ අයියලා - අක්කලා සෙට් එක තමා මේක කරේ.අපිටත් ඇවිත් කිව්වා , නාට්‍ය / නටන ඒවා / සින්දු කියන ඒවා කරන්න කැමති නම් සෙට් වෙන්න කියලා. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් වගේ යනකොට සින්දුවක් දෙකක් කිව්වට කට්ටිය ඉස්සරහ සින්දු කිවිමේ හැකියාව පිහිටලා නැති නිසා මායි කස්සයි අපිට ලැබුණු ආරාධනාව ඉතාම සතුටින් ප්‍රතික්ෂේප කරා.ඒ උනාට නටන්න උපන් හැකියාවක් තියෙන නිසා yAkA නම් නටන අයිටම් එහෙකට ගියා.මේකාට ලෙක්චර්ස් එන්න කම්මැලි උනාට මොකෝ නටන්න පුරුදු වෙන්න නම් රට වටේම ගියා.කොහොමින් හරි ටැලන්ට් ෂෝ එකෙත් අපේ ෆස්ට් ඉයර් සෙට් එක කරපු අයිටම් වලින් හොදම නාට්‍යට ලැබෙන තෑග්ගයි , හොදම නැටුමට හිමි තෑග්ගයි ( කොහොමත් අපේ එකේ හිටපු බුවාලට සහ බුවීයන්ට හොද හොද නැටුම් නටන්න පුළුවන් :P ) දෙකම ලැබුනා.ටැලන්ට් ෂෝ එකෙන් පස්සේ වගේ තමයි හරියටම අපේ ඩොටී ඇතුළු බැච් එකේ ගොඩක් අය හරියට අදුර ගත්තේ. කොටින්ම කියනවනම් බුකියේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට බැච් එකේ කට්ටිය එකතු උනෙත් ටැලන්ට් ෂෝ එකේ ෆොටෝස් වල කට්ටිය ටැග් උනාට පස්සේ.ඔය ෆස්ට් ඉයර් ටැලන්ට් ෂෝ එකේ අතුරු කතා නම් එමටයි.කාගේ කාගේත් හිත සුව පිණිස ඒ කතා බ්ලොගයේ පළ නොකරමි :P

අනිත් වෙච්ච සිරාම වැඩේ තමයි අපේ බැච් එකට මල්සරා ගේ පැමිණීම සනිටුහන් වීම.ටැලන්ට් ෂෝ එකේදී බැචාලා , බැචීලා හැමෝවම වගේම අදුරගෙන හිටපු හින්දා කට්ටියටම මල්සරා මාමා ගේ ඊතල හොද ගානට වැදුනා.සමහරු කෙල්ලොන්ගේ පස්සෙන් ගිහින් කැමැත්ත අහලා , බෑ කියලා සාටර් උනා.සමහරුන්ට බාල ගිරි උත්තර ලැබුනා ( කැමැත්ත අද නෙවයි හෙට ).සමහරුන්ට ලැබුණ උත්තර වලින් කට්ටිය සතුටු උනා.එක එක ජාතියේ වෙඩින් ගොඩයි.මගේ බ්ලොග කියවන දැනට ස්ලිට් එකේ උගන්නන මගේ යාලුවෙක්ටත් මල් මාමාගේ ඊතලය වැදුනෙත් මෙන්න මේ කාලේදී තමයි.දැන් ඉතින් බලයි නේ , හැම එකා ගැනම කියන තොට මොකද උනේ කියලා..අවුරුදු 21 තිස්සේ මල් මාමා ගේ ඊතළ පහරවල් වලින් බේරිලා හිටපු මටත් , නීරෝ ස්නයිපර් ෂොට් එකක් දෙනවා වගේ ඊතලයක් වදිනවා මේ කාලේදී .ඔය ජැකලින් / දීපිකා පදුකෝන් වගේ කට්ටිය අයින් කරාම ,ඒ වෙනකම් විහිළුවටවත් ආදරේ කරලා තිබ්බේ නැති මම ( විහිළුවට ආදරේ කියන එක කරන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙත් නෑ ) මගේ පලවෙනි , කුලුදුල් ආදරෙත් පටන් ගන්නවා...දැන් නම් පොස්ට් එක වල් වැදෙනවද මන්දා..කොහොමහරි ඔය ටොපික් එක ලංකාවේ මානව හිමිකම් වගේ හොට් ටොපික් එකක් හින්දා වැඩිය කතා නොකර ඉන්න තරමට හොදා...

මේ කාලේ තනිකරම පාටි වලින් පිරුණ කාලයක්.දෙන්නෙක් කපල් උනා කියන්නේ, ගොඩක් වෙලාවට උන් දෙන්නට ඇරෙන්න අහල පහල ඉන්න එවුන්ට මගුල් ගෙයක් වගේ නේ.කොහොමින් හරි මෙහෙම මාසේ දෙක තුන යනකොට කස්සයි , yAkA යි මාත් එක්ක තියෙන ෆිට් එක අඩු වෙනවා.කොටින්ම එකට කකා - බිබී හිටපු ඒවාත් නැති වෙනවා.එකට ලෙක්චර්ස් ආපු , ඉවර වෙලා එකටම ගියපු ෆිට් එකත් නැති වෙනවා.එහෙම වෙන්නත් හේතුවක් තිබ්බ.ඒකත් මානව හිමිකම් වගේ මතබේදාත්මක කේස් එහෙකට සම්බන්ධ නිසා වැඩිදුර කතා නොකරමි ( කස්සයි , yAkA යි තාමත් සහ ජිවත් වෙලා ඉන්නකම් මගේ ඉන්න හොදම ෆිට් දෙකක් , ඒක කවුරු නිසාවත් වෙනස් වෙන්නේ නෑ )...ඔය ඔය ආයේ වල් වැදුනා මේක..

දැන් ෆස්ට් ඉයර් අන්තිම විභාගෙටත් එන්න එන්නම කාලේ ළගයි.දැන් නම් බැච් එකේ අය අදුරගෙන හිටපු නිසා ගියා පාර වගේ මිස් උන (කරපු ) ලෙක්චර්ස් වල නෝට්ස් හොයන්න වැඩිය චාටර් වෙන්න උනේ නැහැ.කලින් පාර නම් විභාගේ කිට්ටුව මායි , කස්සයි , yAkA ගෙදරට වෙලා පාඩම් කරත් , මේ පාර එක එක හේතු හින්දා එහෙම උනේ නැහැ. කස්සයි , yAkA යි ගෙදරට වෙලා පාඩම් කරත් මම ස්ලිට් එකට ඇවිත් සාටර් වේවි හිටියා.කොහොමින් හරි විභාගෙත් ලිව්වා කියමුකෝ.

විභාගේ ප්‍රථිපල එනකොට හිතුවේ නැති දේවල් ගොඩක් වෙලා තිබ්බා.ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙලා තිබ්බත් , ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා හිතාගෙන හිටපු හීනෙ සුදු කොඩි වැටෙන්න පටන් අරන් තිබ්බ.කොටින්ම GPA එක දැක්ක ගමන් මට කදුළු ආවේ නැති එක විතරයි.ඔය සෙමෙස්ටර් එකේදී කෙල වෙච්ච GPA එක හදාගන්න ඉතුරු සෙමෙස්ටර් හතරේ කාපු කට්ට දන්නේ මායි මගේ හිතයි විතරයි.

මගේ ජිවිතේ ආපහු පටන් ගන්න කියලා කවුරු හරි මට චාන්ස් එකක් දුන්නොත් මම ආපහු යන්නේ මෙන්න මේ සෙමෙස්ටර් එකට.මොකද පස්සේ කාලෙකදි උන ගොඩක් දේවල්වල පටන් ගැන්ම උනේ මේ සෙමෙස්ටර් එකේ උන දේවල්.ඒ දේවල් දැන් වැඩක් නැහැ..වෙන්න තිබ්බ දේවල් උනා...

පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මගේ වැඩ :

GPA එක කෙලවිම සහ ෆස්ට් ක්ලාස් සිහිනයට සුදු කොඩ් පෙනෙන්නට පටන් ගැනීම.

Dine-More එක ගෙදර වගේ වීම සහ Submarine එක ජාතික ආහාරය බවට පත් වීම.

කෙල්ලෙක් සෙට් වීම.

බැච් එකේ ඔක්කොම එවුන් වගේ ෆිට් වීම.

ඔන්න ඔහොම තමයි මගේ ස්ලිට් එකේ පලවෙනි අවුරුද්ද එහෙමත් නැත්තම් මගේ දැනට ගෙවපු ජිවිතේ Turning Point කාලය ගෙවුනේ.අනිත් අවුරුදු දෙක ගැනත් ලියනවද නැද්ද කියලා ආයේ දෙපාරක් , තුන් පාරක් නෙවෙයි n වතාවක් හිතලා බලන්න ඕන.මොකද මිට පස්සේ තිබ්බ අවුරුදේ දෙකේදී වෙච්ච හැම දෙයක්ම වගේ මම සම්පුර්ණයෙන්ම වගේ අමතක කරලයි තියෙන්නේ , ආයි මොකටද අමතක කරපුවා මතක් කර ගන්නේ..අනිත් දේ ඊළග අවුරුදු දෙකේදී ඉගෙන ගත්ත එක විතරයි හරියකට උනේ.අනිත් හැමද්ම අප්සෙට් යන්න පටන් ගත්තා..ඒක හින්දා ලියන්න වෙන්නේ කොමඩි නැති , සීරියස් විදියට වැඩ කරපු දේවල් ගැන තමා...බලමුකෝ !!Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com57tag:blogger.com,1999:blog-3942472881672670301.post-43123168906655964312012-02-18T18:35:00.001+05:302012-03-03T22:28:12.798+05:30තොප්පිය වැටුන දා...හිතවත් Chamma වෙත ,

ඉතින් ඔබගේ සැප දුක් කෙසේද ? මම නම් තාමත් සුපුරුදු පරිදි තොප්පියක් දෙකක් විකුණගෙන චාටර් වේවි ඉන්නවා.ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන නිසා තමා මේ ලියමන ලියන්න හිතුනේ.

දැන් ඉතින් තොප්පි කිව්වම එක එක ජාතියේ තොප්පි තියෙනවනේ.මල තොප්පි , චාටර් තොප්පි , සතුටුදායක තොප්පි වගේ.දැන් ඊයේ වැටුනේ ඇවිල්ල සතුටුදායක තොප්පියක් නේ. කොහොමත් බොට එහෙම මේ අවුරුදු තුන,හතරට කියලා වැටුන තරමක් වැටුනේ තොප්පිම නේ , එයිනුත් ඉතින් ඔය සතුටුදායක තොප්පියක් වැටුනමද කොහෙද නේ.

අවුරුදු ගානක් තිස්සේ සාටර් උනේ ඉතින් ඔය තොප්පිය දාගන්න නේ.ඒ උනාට මට ආරංචි උන විදියට තොප්පි දාන උත්සවේ තිබ්බ දවසේ නම කස්ටිය හැමෝම හිටියේ කොයි වෙලාවේ තොප්පියයි , ලෝගුවයි ගලවනවද කිය කියලු නේද ? අනේ ඇයි එහෙම උනේ.තොප්පිය දාගෙන ඉන්න පින්තූර ගන්න ගිහිල්ලත් කට්ටියට නියම තොප්පි ටිකක් වැටුනලු නේද?

තොප්පි දාන්න කියලා ඉතින් ඔයාලා සෙට් එකත් එක්ක කී දෙනක් ආවද නේද , ඒ උනාට ඉතින් එක එක හේතු හින්දා ඒ අයට තොප්පි දාන උත්සවේට එන්න බැරි උනා නේ.ඒ අය නැතිව කට්ටිය පාලුවෙන් වෙන්න ඇති නේද ඉන්න ඇත්තේ.කොහොමත් බොලාලගේ පට්ට සෙට් එකක් හිටියනේ , ඔයින් ඊයේ දවසේ එන්න බැරි උන එවුන් බොලාලට මතක් නොඋනොත් නේ පුදුම.බොලාලගේ මෙච්චර කාලයක් තිබ්බ ෆිට් එක තවත් ඉස්සරහට , පුළුවන් තරම් කාලයක් ගෙනියන්න පුලුවන්නම් තමා හොද , එහෙම තමා වෙන්නත් ඕන.

මම එහෙනම් මේ ලියමන අහවර කරන්නයි යන්නේ , මේ පාර තොප්පි දාගන්න පුළුවන් උන හැමෝටම ඔන්න මගෙන් ටිකක් විතර සීතල වෙච්ච් සුභ පැතුම්.පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.හැමෝටම සුභ අනාගතයක් .

මිට ,

සදා තොප්පි සපයන ,

තොප්පි වෙළෙන්දා

ප.ලි - ඔය දාගත්තු තොප්පි ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මණට ලැබෙන්න සැලස්සුවොත් හොදා , නැත්තම් වෙනම තොප්පියක් ඒකට වැටෙන්න පුළුවන්.

Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com54tag:blogger.com,1999:blog-3942472881672670301.post-68646978999833635632012-02-14T02:28:00.000+05:302012-03-03T23:33:19.038+05:30මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සුඊයේ ඒ කියන්නේ අළුත් සතියක් පටන් ගන්න දවස.චතුරිකා අක්කා හැමදාම කියන බිවිවොත් දවස ප්‍රබෝධමත් වෙනවා කියන ඒවයින් එකක් බිලා මාත් පුරුදු පරිදි දවස පහේ චාරිකාව පටන් ගන්න එලියට බැස්සා.මුළු බස් හෝල්ට් එකම කඩි ගුලක් වගේ.එතකොට තමයි මතක් උනේ බස් ස්ට්‍රයික් එහෙකුත් තියෙනවා නේද කියලා.මොනවා කරන්නද ඉතින් පොදු ප්‍රවාහන සේවයනේ තාම පාවිචිචි කරන්නේ, හිටියා මොකක් හරි බස් එකක් එයි කියලා හිතාගෙන.ආපු ඔක්කොම බස් පොල් පටවන්න වගේ මිනිස්සු පටවලා , ඒවගේ යන්න තියා හිතන්නවත් බෑ.ඈත තියා හිස් බස් එකක් එනවා දැක්ක නිසා මාත් වීරයා වගේ පාර මැද්දට ගිහින් දැම්මා අත.අනේ අපොයි බැලින්නම් හමුදාවේ බස් එකක් නොවෑ.හෝල්ට් එකේ කාටවත් වැඩේ මීටර් නැති නිසා වැඩිය බයිට් උනේ නෑ..

කොහොමහරි හෝල්ට් එකේ පැය භාගයක් විතර චාටර් වෙලා බස් එහෙක කෙසේ වෙතත් කෝච්චියකින් වැඩ කරන තැනට සෙට් උනා.එහෙට ගියාම තමයි දැනගත්තේ මම වගේම අනිත් අයත් මේ කට්ටම කාල තියෙනවා කියලා.ස්ට්‍රයික් එකේ රගේ තේරුණේ එතකොට තමයි.ආයේ ගෙදර එනකොටත් ඒ වගේම කට්ටක් කාලා යාන්තමට ගෙදර ආවා.ඇවිල්ලා මේ නිව්ස් එක දැක්කම තමයි ආයි ඇගේ මාළු ඔක්කොම නටන්න ගත්තේ.

මම දන්නා විදියට Unsuccessful කියන්නේ අසාර්ථකයි කියන එකට.ඒ උනාට ඉතින් බස් ස්ට්‍රයික් එකනම් අසාර්ථක නැහැ.උඩින්ම සාර්ථකයි.හැමදාම වගේ කට්ටිය ස්ට්‍රයික් කරලා බස් ටිකට් ගාන කොහොමහරි වැඩි කරගන්නවා.

අනේ මන්දා ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේට මොනවා වෙන්න යනවද කියලා.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුම තමා.

අනිත් සීන් එක තමා ඊයේ රෑ මට මොනම චැනල් එහෙකවත් නිව්ස් එකක් බලන්න බැරි උනා.සාමන්‍යයෙන් මේ වගේ ස්ට්‍රයික් එකක් තියෙන දවසක හැම චැනල් එහෙකින්ම වගේ බස් හෝල්ට් වල චාටර් වේවි ඉන්න මිනිස්සුන්ගේ වොයිස් කට් ගන්නවනේ.මේ පල්ලෙහා තියෙන්නේ මට හිතෙන විදියට ලංකාවේ චැනල්වලට මිනිස්සු දෙන වොයිස් කට් ( මෙහෙම උනාද කියලා නම් ඔන්න මම දන්නේ නැහැ )

අද දෙරණ : මොනවා කරන්නද ඉතින් එයාලා ස්ට්‍රයික් කරනවා , අපි මෙහෙ විදවනවා..ආණ්ඩුවවත් එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දෙන්න ඕන..අසරණ මිනිස්සු නේ මේ පාරවල්වල ඉන්නේ

සිරස නිව්ස් ෆස්ට් : මේ ආණ්ඩුවට කිසිම දේක පාලනයක් නෑ..එහෙන් ඩිසල් , පෙට්‍රල් වැඩි උනා..දැන් මෙයාලා ස්ට්‍රයික් කරනවා , මේ රටේ ආණ්ඩුවක් කියලා එකක් නැද්ද ?

ජාතික රූපවාහිනීය: හැම එකටම ඉතින් ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ නේ , ඔය බස් කාරයෝ කොහොමත් ඔහොම්ම තමා හිතුන හිතුන වෙලාවට ස්ට්‍රයික් කරනවා..

අයි.ටි.එන් : මේ ඔක්කොම කරදර ඉතින් ඇමරිකාව අර ඉරනෙට සම්බාධක දාපු හින්දනේ..නැත්තම් අපිට ඒ රටෙන් හොද ලාභෙට ඩිසල්,පෙට්‍රල් ටික හම්බු වේවි නේ තිබ්බේ..ඇමරිකන්කාරයා ඒකටත් කෙලෙව්වනේ..මේ වෙලාවේ ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..අපි ඔක්කොම ඔය ඇමරිකන්කාරයෝන්ගේ මේ වැඩවලට් විරුද්ධව නැගීටින්න ඕන...Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com42tag:blogger.com,1999:blog-3942472881672670301.post-32071968577955371352012-02-12T07:39:00.000+05:302012-03-03T23:34:24.144+05:30SQL වලින් ලව් කරමුඑන්න එන්න වැලා ගේ දවසටත් ලං වෙනවනේ.කට්ටිය දැන් ඉදන්ම වැලාව ඉහළින් සමරන්න සමහරවිට සෙට් වෙනවත් ඇති.අද මේ කියන්න හදන්නේ ළගකදී ආපු ඊයක තිබ්බ එකක්.

මේකේ තියෙන්නේ හොද පෝසත් කෙල්ලෙක්ට ලව් කරන IT කරන (බැදපු)කොල්ලෙක් එයාගේ හිතේ තියෙන දේ තමන්ගේ විදියට කියපු හැටි.ඒකට වයිපරේ දෙන උත්තරයකුයි.IT කරන හින්දා ඉතින් නිකන්ම ලව් එක කියන්නත් බැරි හින්දා SQL වලින් තමයි හිතේ තියෙන දේ කියන්නේ.

ඔන්න කොල්ල තමන්ගේ හිතේ තියෙන දේ මෙන්න මෙහෙම කියනවා,

CREATE PROCEDURE MyMarriage (

BrideGroom Male (25) ,

Bride Female(20) )

AS

BEGIN

SELECT Bride FROM srilankan_ Brides

WHERE FatherInLaw = 'Millionaire'

AND Count(Car) > 20 AND HouseStatus ='ThreeStoreyed'

AND BrideEduStatus IN ( Bsc in IT , Msc ) AND Having Brothers= Null

AND Sisters =Full

SELECT Gold ,Cash,Car,BankBalance

FROM FatherInLaw

UPDATE MyBankAccout

SET MyBal = MyBal + FatherInLawBal

UPDATE MyLocker

SET MyLockerContents = MyLockerContents + FatherInLawGold

INSERT INTO MyCarShed VALUES ('BMW')

END
GO

ඕක දැකපු පොරගේ වයිපරේ දෙන්නේ මේ වගේ උත්තරයක්

DROP HUSBAND;

Commit;

ප.ලි : SQL වැඩිය මීටර් නැති අයට ,

Procedure එකක් කියන්නේ සරලවම Data ඇක්සස් කරන්න යොදා ගන්න ක්‍රමයක්.

SELECT කියන්න අදාලා ටේබල් ඒකෙන තෝරගන්නවා කියන එක.

UPDATE කියන්නේ වචනේ තේරුමම තමා , ටේබල් එක අප්ඩේට් කරනවා කියන එකයි.

INSERT එකෙන් කරන්නේ අපිට අවශය ටේබල් එකට Data ඇතුළු කරන එකට.

අන්තීමට DROP කරනවා කියන්න ඒ ටේබල් එක සම්පුර්ණයෙන්ම Database එකෙන් අයින් කරනවා කියන එකට.
Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com52tag:blogger.com,1999:blog-3942472881672670301.post-72706989081807210062012-02-09T05:36:00.000+05:302012-03-03T23:38:34.534+05:30ඇයි බ්ලොග් ලියන්නේ ?මම සිංහල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැයි මාසේදී වගේ.මුලින්ම කඩ්ඩෙන් තමා බ්ලොග් එක ලිව්වේ.ඔහොම ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නේ.ඊට පස්සේ තමා මගේ කඩ්ඩ බ්ලොග් එක සිංහල වෙන්නේ.ඔය කාලේදී අහල පහල ඉන්න යාලුවෝ මම බ්ලොගක් ලියනවා කියල දැනගෙන හිටියේ නෑ , උන් ඒක දැන ගත්ත දවසේ ඉදන් අද වෙනකන්ම අහනන දෙයක් තමයි , " ඇයි බන් උබ බ්ලොග් එකක් ලියන්නේ " කියන එක.ඔය දේට මම ඒ කාලේ ඉදන්ම දීපු උත්තර ටික තමයි මේ.

උබලා කරන කියන දේවල් මම ලිව්වේ නැත්තම් වෙන කව්ද බන් ලියන්නේ.

ටි.වී සිරිස් ටික ඉවරයි , ඉතින් කරන්න දෙයක් නෑ

මොකෝ රෑ වෙනකන් මම මල් කඩන්න කියලද , බ්ලොගක් කියවන / ලියන එක විතරයි තියෙන්නේ.

ඔය අනං මනං උත්තර දුන්නට මොකෝ මාත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හරියට දැනගෙන හිටියේ නෑ.මොකද ඔන්න බුවා වගේ මම ලියන ඒවගෙන් රට හැදෙන්නෙත් නෑ නේ ( බුවා ලියන ඒවගෙන් එහෙම වෙනවද :P ).මේ ලියන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 52 පොස්ට් එක.ඔය පොස්ට් ඔක්කොම එක එක දේවල් ගැන ලියපු ඒවා.ඒ ඔක්කොම මටයි මගේ අහල පහල ඉන්න එවුන්ට වෙච්ච දේවල් ( අපරාදේ කියන්න බෑ මට තමයි වැඩි හරියක් දේවල් උනේ ).ඔය පොස්ට් 52 ටම තියෙන්නේ එකම එක අප්සට් සිදුවීමක් විතරයි.ඒකත් උනේ වැරදි වැටහීමක් හින්දයි.ඒ දේ ඇරෙන්න බ්ලොග් ජිවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ හොද සතුටුදායක දේවල්.

ඉස්සරහටත් අතුරු ආන්තාරාවක් නැතිව හිටියොත් මේ බ්ලොග් එක මගේ සතුට වෙනුවෙන් දිගටම පුලුවන් හැටියකට ලියන්න හිතාගෙන ඉන්නවා.කොහොමත් බ්ලොග් එකක් කියවන / ලියන කෙනා තමයි ඒකේ තියෙන රසේ දන්නේ.බ්ලොග් ලියන අය මාත් එක්ක එකග වෙයි ඒ දේට.

මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.මේ ඊයේ පෙරේදා දවසක වැඩ කරන තැන උන කතාබහක්.එතන ඉන්න සමහරු නම් දන්නවා මම බ්ලොග් එකක් ලියනවා කියලා.අපි කට්ටියක් කතා කර කර ඉන්නකොට අපිත් එක්ක ඉන්න ගෑණු ළමයෙක් මගේ දිහා හැරිලා..

ගෑනු ළමයා : මේ ඔයාගේ බ්ලොග් එක මම කියෙව්වා..අන්තීමට ලියලා තිබ්බ ටිකෙන් ටික එකයි , ස්ලිට් එකේ එකයි දෙක තුනම කියෙව්වේ..ඒ ඔයා මාරයි නේ..

මම : ඇයි ඒ මොකද ?

ගෑනු ළමයා : නෑ ඒ ඔයාමද ලියන්නේ කියලා හිතන්න බෑ නේ..බ්ලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒ ඔයාද කියලා හිතන්න බෑ ..අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!

ඇත්තම කියනවනම් මට ඒ වෙලාවේ එතනම වලක් කපාගෙන යන්න හිතුනා.Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com63