සාමන්යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ). මේ නව ගැජට් එකට කොතරම් ඇබ්බැහි ව් ඇද්දැයි කියතොත් දැන් අපේ අය බුකියේ ස්ටේටස් අප්ඩේට් කරන්නෙත් සිංහලෙනි.
මේ එවැනි එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවා දෙක තුනක්.සිරා වැඩේ කියන්නේ ඉතින් ඒවාට කමෙන්ට් වැටෙන්නෙත් දැන් සිංහලෙන් නොවැ.
මේ අපේ තට්ට අයියා දාපු එකක්
![]() |
අපේ තට්ට අයියාගේ ස්ටේටස් එකක් |
![]() |
සොනික් ට මඩ පාරක් |
ෆන් ස්ටේටස් අස්සේ හෙන සීරියස් ඒවාත් ඉතින් තිබ්බ.මේ එයින් දෙක තුනක්.
" පාළුව කියන්නෙ මොකක්ද කියලා මම ඉගෙන ගත්තෙ ඔයා මගෙ ජිවිතෙන් යන්න ගියාමයි. "
"සමහර දේදවල් එහෙම තමයි...අන්තිම මොහොතේ .... අපෙන් ගිලිහිලා යනවා. "
" ඇත්තටම ඇය මෙගද ? ඇය මැවුනේ මටමද ?සත්තයි.....ඇය කාගේදැයි නොමදැන ...බලාපොරොත්තු තබාගෙන හිස් අහස පිරෙන්නම මම ඇයට කොතරම් පෙම් කලාද ? "
ඔය ජරමර සේරම අස්සේ අපේ එකෙක් සිංහෙලෙන් ලව් කරන්නත් පටන් අරන්නේ.
![]() |
සිංහලෙන් ලව් කිරීම |
ඔය අස්සේ ඉතින් මැසේජස් වලත් ඉතින් ලාවට වගේ සිංහලෙන් බයිට් පාර යනවා.
![]() |
මේ ඉතින් මැසේජස් වල ගියපු මඩ පාරක් |
එක අතකට ඉතින් ජපන් අයට ජපන් භාෂාව තියෙනවා එයාලගේ පරිගණක වල.අනිත් ප්රධාන රටවලත් ඉතින් එහෙමනේ. එහෙව් එකේ ඉතින් අපිත් හැම තැනම අපේ මව් භාෂාව භාවිත කරන එකේ කිසි වරදක් නැහැ.මේ ගැජට් එක ඉතින් තාම අපේ අයට අහුවෙලා දවසයි දෙකයි නේ, ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙවී.
ප.ලි - මේකත් ඉතින් කියන්නම ඕන මේ ස්ක්රින් ෂොට් එහෙම දැම්මේ කාටවත් මඩ ගහන්න එහෙම නෙවෙයි.සිරාවටම කියන්නේ ඔන්න මඩ ගහන අරමුණක් නම් මගේ තුන් හිතකවත් (නො) තිබ්බේ නැහැ.අපේ කට්ට්ය මාත් එක්ක ඔන්න තරහ වෙන්න එපා.