බ්ලොග් ලියන කට්ටිය ( බුකියේ එකම පොස්ට් එකට වැඩිම කමෙන්ට්ස් එකතු කරමින් ලෝක වාර්තාවකුත් තියන ගමන්ම ) බුක් ෆෙයාර් යන්න සෙට් උනාට මොකෝ ඉතින් මට එදා එන්න බැරි උනා.ගියපු අය කරපු කියපුවා දකිනකොට ඉරිසියාවේ බැහැ අප්පා.මේ පාර ප්‍රදර්ශනය ඉවරවෙන දවසට කලින් දවසේ යාම්තම් පොත් බලන්න යන්න ලැබුනා.හප්පේ හිටපු සෙනග කන්දරාවක්.ඇතුලුවෙන තැනදීම ටිකට් එකක් අරගෙන ඇතුළුවෙන්න ඕන.( කට්ටියට මතක නම් මුල්ම කාලේ තිබ්බ බුක් ෆෙයාර් එකට මේ වගේ ටිකට් ගන්න ඕන උනේ නැහැ.සම්පුර්ණ නොමිලේ.මොකක්ද අරමුදලකටලුනේ ඔය සල්ලි එකතු කරන්නේ.ඒ නිසා කමක් නැහැ).
මේ පාරත් ඉතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නවීකරණය කරන නිසා ගිය පාර කාපු කට්ටම මදි නොකියන්න කන්න ලැබුනා.මාත් ඉතින් ඇතුළු වෙන තැන ඉදන්ම තෙරපි තෙරපි ඇතුළු උනා.මුළු හෝල් එකේම ඔළුගෙඩි ටිකක් විතරයි පේන්නේ.ටික දුරක් යන්න ලැබුනේ නැහැ , ඉස්කොලේ යාලුවෙක් හම්බුනා. පොරගේ (වෙන්ඩ) වයිෆ් එක්ක.ආගිය තොරතුරු එහෙම කතාකරලා මටත් ඉතින් නිකන් ඉන්න බැරි කමට ඇහුවා අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්නයක්,
මම - මොකෝ බන් මේ පැත්තේ? පොත් ගන්න ආවද ( නැතුව ඉතින් හාල් පොල් ගන්න පොත් ප්‍රදර්ශනේට එනවද බන් වගේ උත්තරයක් බලාපොරොත්තු උනත් එහෙම එකක් ලැබුනේ නැහැ )
යාලුවා - ආ නෑ බන් මේ කෑල්ල එක්ක පොඩ් රවුමක් දාන්න ආවා
මම - ඉතින් බොලාට මේකට එන්න තිබ්බේ , වෙන යන්න තැන් නැද්ද බන් ?
යාලුවා - වෙන තැන් වගේද බන් , මේකට එනකොට ගෙදරින් බර බර නැහැ,අනික ඉතින් රවුමක් දාල දවල්ටම මෙතනින් කාලා බීලා යනවා
ඇයි යකඩෝ , මල් ප්‍රදර්ශනයක් වගේද පොත් ප්‍රදර්ශන කියන එව්වා.මෙච්චර කාලේකට මේ වගේ කතාවක් අහුවමද කොහෙද.කොහොමහරි මම මුන් දෙන්න එක්ක තව හිටියොත් මුන් දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකට මම ඇණයක් වෙන බව මට තේරුනා.ඒ හින්ද උන් දෙන්නට ඕන මගුලක් කරගන්න කියලා මම එතනින් මාරු උනා.ඊට පස්සේ ඔය වටා පිටාවේ ඇවිදලා කරලා කාලයක් තිස්සේ ගන්න ඕන කියලා හිතපු පොත් දෙක තුනකුත් අරගෙන එලියට එන්න හදනකොට මට ඉස්සරහින් යන කොල්ලෝ සෙට් එකක් වටාපිටාවේ යන ගෑනු ළමයින්ව බයිට් කර කර ඉන්නවා.උන් ටික ඉස්සර කරගෙන යන්න හදනකොට ඒ සෙට් එකේ කෙනෙක් අයියේ අයියේ කියලා කතා කරා , අප්පා අදුරන හාදයෙක් නේ බලන් යනකොට.
මම - ආ මල්ලි කොහොමද , පොත් ගන්න ආවද ? ( ෂික්..ආයිත් අර මෝඩ ප්‍රශ්නේ ඇහුවා )
මලයා - මොන පිස්සුද අයියේ , අද මේ ක්ලාසුත් කට් කරගෙන පොඩ් ෆන් එකක් ගන්න ආවා..
මම - නෑ..ඉතින් මොනාද කලේ
මලයා - දන්නේ නැද්ද ඉතින් ඔය කෙල්ලෙක් දෙන්නෙක් බයිට් කර කර පොත් දෙකතුනක් අල්ලලා කරලා ආවා..
මම - එල එල..මරු මරු..දැන් කොහෙද මේ යන්නේ
මලයා - දැන් මේ කොහෙන් හරි සයිවර් පාරක් දාන්න යනවා..කොහෙද මේකෙන් කන්න ආවේ,ගිනි ගනන් මේක ඇතුලේ කෑම ( ඔය කියන අතරෙත් මුන් ටික අහල පහලින් යන එන අය බයිට් කරනවා,කොල්ලෙක් එක්ක ගිය කෙල්ලෙක්ටත් මොනවද කියන්න ගිහින් යම්තම් ගුටි නොකා බේරුනා).තවදුරටත් මුන් එක්ක ඉන්න එක නුවණට හුරු නැති නිසා "යන්නම් මල්ලි" කියලා එතනින් මමතුමා මාරු උනා.
පොත් ප්‍රදර්ශනයෙන් එන ගමනුත් හිත හිත ආවේ ඇතුලෙදි වෙච්ච සිද්ධි දෙක. ඇත්තටම අපේ ඈයෝ මේ ප්‍රදර්ශනයට යන්නේ හරියට "විනෝද සවාරියකට" යනවා වගේ.පොතක් ගන්න තුන් හිතකවත් නැහැනේ මුන්ගේ.ප්‍රදර්ශනය බලන්න ලක්ෂයක් ආවනම් අඩුම ගානේ ඔයින් භාගෙට භාගයක් ඇවිත් තියෙන්නේ නිකන් කාලේ ගතකරන්න.ඒකෙන් වෙන්නේ ප්‍රදර්ශන භුමියේ අනවශය තදබදයක් හැදෙන එක විතරයි.අනේ මන්ද මට හිතුන විදියට ගොඩක් අය පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් ගන්න නෙවයි කාට කාට හරි පොත් පෙරලන්නද කොහෙද...මැදැයි ඉතින් පොත් ගන්න ගිහින් මටත් උන වැඩ.
ප.ලි - කියන්න අමතක උන දෙයක් තියෙනවා,ප්‍රදර්ශන භුමියේ තිබ්බ ස්වයංක්‍රීය තේ-මැෂින් එකනම් පට්ට.මොබිටෙල් කනෙක්ෂන් එකක් තිබ්බ නම් ට්‍රයි කරලා බලන්න තිබ්බා.දැනට ලංකාවේ ඒ වගේ ගැජට් එකක් මම දැකපු පලවෙනි පාර තමයි ඔය.