ඊයේ ඒ කියන්නේ අළුත් සතියක් පටන් ගන්න දවස.චතුරිකා අක්කා හැමදාම කියන බිවිවොත් දවස ප්‍රබෝධමත් වෙනවා කියන ඒවයින් එකක් බිලා මාත් පුරුදු පරිදි දවස පහේ චාරිකාව පටන් ගන්න එලියට බැස්සා.මුළු බස් හෝල්ට් එකම කඩි ගුලක් වගේ.එතකොට තමයි මතක් උනේ බස් ස්ට්‍රයික් එහෙකුත් තියෙනවා නේද කියලා.මොනවා කරන්නද ඉතින් පොදු ප්‍රවාහන සේවයනේ තාම පාවිචිචි කරන්නේ, හිටියා මොකක් හරි බස් එකක් එයි කියලා හිතාගෙන.ආපු ඔක්කොම බස් පොල් පටවන්න වගේ මිනිස්සු පටවලා , ඒවගේ යන්න තියා හිතන්නවත් බෑ.ඈත තියා හිස් බස් එකක් එනවා දැක්ක නිසා මාත් වීරයා වගේ පාර මැද්දට ගිහින් දැම්මා අත.අනේ අපොයි බැලින්නම් හමුදාවේ බස් එකක් නොවෑ.හෝල්ට් එකේ කාටවත් වැඩේ මීටර් නැති නිසා වැඩිය බයිට් උනේ නෑ..
කොහොමහරි හෝල්ට් එකේ පැය භාගයක් විතර චාටර් වෙලා බස් එහෙක කෙසේ වෙතත් කෝච්චියකින් වැඩ කරන තැනට සෙට් උනා.එහෙට ගියාම තමයි දැනගත්තේ මම වගේම අනිත් අයත් මේ කට්ටම කාල තියෙනවා කියලා.ස්ට්‍රයික් එකේ රගේ තේරුණේ එතකොට තමයි.ආයේ ගෙදර එනකොටත් ඒ වගේම කට්ටක් කාලා යාන්තමට ගෙදර ආවා.ඇවිල්ලා මේ නිව්ස් එක දැක්කම තමයි ආයි ඇගේ මාළු ඔක්කොම නටන්න ගත්තේ.
මම දන්නා විදියට Unsuccessful කියන්නේ අසාර්ථකයි කියන එකට.ඒ උනාට ඉතින් බස් ස්ට්‍රයික් එකනම් අසාර්ථක නැහැ.උඩින්ම සාර්ථකයි.හැමදාම වගේ කට්ටිය ස්ට්‍රයික් කරලා බස් ටිකට් ගාන කොහොමහරි වැඩි කරගන්නවා.
අනේ මන්දා ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේට මොනවා වෙන්න යනවද කියලා.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුම තමා.
අනිත් සීන් එක තමා ඊයේ රෑ මට මොනම චැනල් එහෙකවත් නිව්ස් එකක් බලන්න බැරි උනා.සාමන්‍යයෙන් මේ වගේ ස්ට්‍රයික් එකක් තියෙන දවසක හැම චැනල් එහෙකින්ම වගේ බස් හෝල්ට් වල චාටර් වේවි ඉන්න මිනිස්සුන්ගේ වොයිස් කට් ගන්නවනේ.මේ පල්ලෙහා තියෙන්නේ මට හිතෙන විදියට ලංකාවේ චැනල්වලට මිනිස්සු දෙන වොයිස් කට් ( මෙහෙම උනාද කියලා නම් ඔන්න මම දන්නේ නැහැ )
අද දෙරණ : මොනවා කරන්නද ඉතින් එයාලා ස්ට්‍රයික් කරනවා , අපි මෙහෙ විදවනවා..ආණ්ඩුවවත් එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දෙන්න ඕන..අසරණ මිනිස්සු නේ මේ පාරවල්වල ඉන්නේ
සිරස නිව්ස් ෆස්ට් : මේ ආණ්ඩුවට කිසිම දේක පාලනයක් නෑ..එහෙන් ඩිසල් , පෙට්‍රල් වැඩි උනා..දැන් මෙයාලා ස්ට්‍රයික් කරනවා , මේ රටේ ආණ්ඩුවක් කියලා එකක් නැද්ද ?
ජාතික රූපවාහිනීය: හැම එකටම ඉතින් ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ නේ , ඔය බස් කාරයෝ කොහොමත් ඔහොම්ම තමා හිතුන හිතුන වෙලාවට ස්ට්‍රයික් කරනවා..
අයි.ටි.එන් : මේ ඔක්කොම කරදර ඉතින් ඇමරිකාව අර ඉරනෙට සම්බාධක දාපු හින්දනේ..නැත්තම් අපිට ඒ රටෙන් හොද ලාභෙට ඩිසල්,පෙට්‍රල් ටික හම්බු වේවි නේ තිබ්බේ..ඇමරිකන්කාරයා ඒකටත් කෙලෙව්වනේ..මේ වෙලාවේ ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..අපි ඔක්කොම ඔය ඇමරිකන්කාරයෝන්ගේ මේ වැඩවලට් විරුද්ධව නැගීටින්න ඕන...
චැනල් 4 එකේ මොනා කියයිද දන්නේ නෑ..
ReplyDeleteඩීසල් මිල වැඩි කරල ශ්‍රි ලංකා රජය ජනතාවගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කරලා ..කියයි
Deleteශ්‍රී ලංකාවේ දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව මේ වැඩ වර්ජනයෙන් පෙනේ.. ඔය වගේ එකක් තමා ඉතින්
Deleteහ්ම්...මේ රාමුව බිඳින්ට ඕනෙ තමා...
ReplyDeleteමේ කපේට වෙන එකක් නෑ ඔබා අයියේ..
Deleteඔව් කට්ටිය එකතු වෙලා ගහමු ඇමරිකාවට , අන්න ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවට සහය දෙනවත් ලු ! , අපිට කොටින්ට ගහන්න ගියේ අවුරුදු 2යි, කොටි ලෝකේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානේ ,බින් ලාඩන් අය්යව මරා ගන්නත් ඇමරිකාවට අවුරුදු 10ක් ගියා . අල් කයිඩාව ඉවරත් නැ , අනික අල්කයිඩාව කියන්නේ දෙවෙනියට දරුණු ත්‍රස්තවාදි සංවිධානේ . ඒ අනුව කොයි හමුදාවද වැඩිය ප්‍රභල ? ඇමරිකාවට ගහන එක දලං ..... හි හි හි
ReplyDeleteබුවා මේ උබ සී--නිවුස් බලනවා වැඩියි හරිද :p
Deleteදැන් පඩි වැඩිකර ගැනිමේ මහා සටනට සැරසෙවු...
ReplyDeleteඕක නම් deadlock ම තමා..පඩි වැඩි කරනවා - ගාස්තු වැඩි වෙනවා..
Deleteඔන්න ඔහොම ලු උනේ නේ..
ReplyDeleteතාම වෙන්න ගත්තේ නෑ අයියේ...තාම මුල
Deleteසහනාධාර වැඩේ නං අර එකසැරයක් ඒජී ඔෆීස් වලින් පාසල් නිල ඇදුම් දුන්න වගේ.
ReplyDeleteමට සින් එක මීටර් නැහැ නේ..
Deleteසිරාවට අර නිවුස් ටික නම් එහෙමම යන්න ඇති... :D
ReplyDeleteලයිව් ඇට් එයිට් මිස් උනා නේ බන්..චක්..
Deleteමචන් උබ චතුරිකා අක්කා TV එකේ පෙන්නන එක බිව්වානම් බස් හෝල්ට් ගානේ චාටර් වෙන්නේ නැතුව. බයිසිකල් එකකකින් යන්න තිබ්බනේ. අපරාදේ :O
ReplyDelete:P
Deleteකථාව අමූලික ඇත්ත. චැනල් කරන්නේ තමන්ට ඕනේ විදියට ප්රවෘත්ති කියව ගන්න එක. දෙරණ තමා ටිකක් හරි ඇත්ත කියන්නේ.
ReplyDeleteඇමරිකාවට බැන්නම අපිට පාරෙ යන්න බස් ලැබේවි නේ.......පුදුම සතුටක් අප්ප දැනෙන්නෙ.
ReplyDeleteසතුට ඉහ වහා ගිහින් නේ අපි ඉන්නේ
Deleteදැන් ඇමරිකාව තමා විත්තිකරු :)
ReplyDeleteහිකිස්...,,ලෝක පොලිස්කරු විත්තිකරු වේ..
Deleteකිව්වත් වගේ ඊලඟට පඩි වැඩිකරගැනීමේ මහා සටන......
ReplyDeleteබලන් හිටුකෝ වැඩි කරනකන් :P
Deleteඔෆ්ෆිස් එකට පයින් යන හන්ද බස් ස්ට්‍රයික් එක මට නම් අවුලක් වුනේ නෑ. ඒ වුනත් තව කීදාහක් මහ පාරේ අතරමං වෙන්න ඇත්ද
ReplyDeleteඅද කාපු කට්ට නම ආයේ අමරණියයි..!!
Deleteබස් ස්ට්‍රයික් වලින් ලංකාව හොල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ ලංකාවේ හරි හමන් පොදු ප්‍රවාහනයක් නැති හින්ද. අනික රජයවල් ඔහොම රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියල ඒ බර මිනිස්සුන්ට පටවන එක හරිද? රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම අංශ නැති කරන එක ඒ අය කරන්න ඕනේ, දුෂණ අවම කරන්න ඕනේ. ඒත් වෙන්නේ නැත්තේ ඒ ටිකමයි. දැන් ලංකාවට ඕනේ තද දරදඬු පාලකයෙක්.ජනතාව පාලනය කරන්න නෙවෙයි, රජයත් ඇමතීනුත් දුෂණ සෙට් එකත් පාලනය කරන්න. මෙච්චර ලොකු කැබිනට් එකක් තියාගෙන ඉන්න එකම මදිද?
ReplyDeleteචැනල් ෆෝර්? ඇමරිකාව ඇමරිකාව.. බුවා කිව්ව කතාවට උඩින්ම එකඟයි. ඇමරිකන් හමුදාව ඔච්චර බඩු තියාගනත් ගහන්නේ එක්කෝ වැරදි තැනට නැත්තන් ගහන ගහන එක පුස්. ඇහුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයි සීන් එකක්,. ඒ වගේද අපේ කොල්ලෝ? තිබ්බ ගල් කැටෙන් හරි ගහල ගේම දින්නා.
මාත් එක්ක එකඟ වෙන්න ඉක්මන් වෙන්න එපා , මම ෆුල් 100% බටහිර හිතවාදියෙක් , ඔය දාල තියන අදහස මම පොඩ්ඩක් හිනා වෙන්න ඕනි වුනාම බලන විමලයගේ සී නිවුසියේ දේශප්‍රේමී පාඨකයො නිතරම කියන එකක් ,අවංකම කථාව ගත්තොත් ලංකාවට ඇමරිකාවට තියා පකිස්ථානෙටවත් ගහන්න තරම් යුධ හැකියාවක් නැ , ඒත් ඇමරිකාවටත් ගහන්න වගේ ලොකු ටෝක් දෙන එකයි ඉවසන්න බැරි .
Deleteක්සැන්ඩර්ට වැරදුනාද මංද.. ;-)
Deleteවරුදුනේ ක්සැන්ඩර්ට නෙවේ බුවාටයි...ඔය කියන ලොකු යුධ හැකියාවක් තියා ගෙන තනි මින්හෙක් අල්ල ගන්න අවුරුදු 10ක් ගියා...ලෝකේ හැමතැනටම ගැහුවා...මිලියන ගානක් සල්ලි නැතිකළා...අපිට ඔය කියන මහා ලොකු යුධ ශක්තිය නෑ තමා...ඒත් අපේ හමුධාවේ මින්ස්සුන්ගේ හිතේ තියෙන දහිරිය, මානසික ශක්තිය ඔය ලෝකේ කිසිම හමුදාවක එකෙක්ට නෑ....බය නැතුව සතුරු හමුදාව ලගට ගිහින් ඔත්තු බැලුවේ අපේ හමුදාවේ මිනිස්සු මිසක් ඔය ඇමරිකන් කාරයෝ නෙවේ...උන් කරන්නේ ලෝකෙම තියෙන satellite ටික අරන්...ඒවයෙන් බලල attack කරන එක...උන් ඔය පාවිච්චි කරන satellite හොයා ගත්තෙත් ලංකාවේ පුරවැසිකම ලබාගත් ම්නිහෙක් කියනඑක අමතක කරන්න එපා බුවා....ඔය කියන හමුදා ශක්තිය නැති මිනිස්සු ටික තමා තමන්ගේ ජීවිත ගැන හිතැන්නේ නැතුව නිදහස් රටක් හදන්න ලංකාව වෙනුවෙන් කැප වුනේ කියන එක අමතක කරන්න එපා බුවා...පොඩ්ඩක් මතක් කරලා බලන්න අවුරුදු 5කට විතර කලින් අපි ජීවත්වුණේ මොන වගේ රටකද කියලා...උදේට පාරට බැස්සේ අයෙ ගෙදර යන එක ගැන බලාපොරොත්තුව නැතිකරගෙන...ඔය හමුදා ශක්තිය නැති හමුදාවේ ඉන්නවා තමන්ගේ රට වෙනුවෙන් දැන් වුනත් මැරෙන්න කැමති මිනිස්සු..ඒ වගේම අමතක කරන්න එපා ලංකාවෙත් හමුදාවේ නොවන ඒ වගේ මිනිස්සු තාම ජීවත් වෙනවා...ඔය බුවා වගේ කීපදෙනෙක් ඇරෙන්න...ඕන වුනොත් ඇමරිකාවට නෙවේ ලෝකෙටම වුනත් බය නැතුව ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ලංකාවට ශක්තියක් තියෙනවා...බුවා බටහිර වුනාට කිසිම ප්‍රශ්නයක් නෑ..අමතක කරන්න එපා උඹේ අම්මයි තාත්තයි ලංකාවේ කියන එක....
Deleteඇනෝ - සහෝදරයා මම මෙතනදි අපෙ හමුදාවේ මානසික ශක්තිය පහත් කරනවා නෙවෙයි නමුත් ලංකාවේ හමුදාව තමන්ගේ සම්පූර්න යුධ ශක්තියෙන් කරපු සටන හා ඇමරිකාව තමන්ගෙ යුධ ශක්තියෙක් කොටසක් භාවිතා කරල මහද්වීපික ප්‍රදේශයක කරපු සටනත් සන්සන්දනය කරලා අපේ හමුදාව ඇමරිකානු හමුදාවට වඩා ප්‍රභලය කියන තර්කය අසාර්ථකයි . ඒ වගේම ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට හමුදාවන් එවීම හා දිගු කාලීනව රඳවා තැබීම පිටුපස බින් ලාඩන් ඇල්ලීමට එහා ගිය දේශපාලනික පසුබිමකුත් තියෙයි . හිතේ හය්යෙන් විතරක් යුද්ධයක් කරන්න හැකියාවක් නැ , ඒ සඳහා අදාල රටවල යුධමය හැකියාවයි වැදගත් , පහල තියන වෙබ් අඩවියට ගිහින් වෙලාවක් තියනව නම් පොඩ්ඩක් සැරිසරල බලන්න , ලෝකේ රටවල් 55 යුධමය හැකියාවන් ගැන සම්පූර්ණ විස්තර තියනවා , රටවල් සන්සන්දනය කරල බලන්නත් පුලුවන් ! , ඊලඟ කාරණය යුද්ධයක් අවශ්‍ය වෙන්නෙත් නැ බටහිරට ලංකාව වට්ටන්න , ලංකාවේන් අපනයනය කරන භාණ්ඩ හා සේවා වැඩි ප්‍රතිශතයක් යවන්නේ බටහිරට , බටහිරින් එන ආර්ථික සම්බාධකයක් ඇති ලංකාව බිමට වට්ටන්න .ආතර් සී ක්ලාක් මහත්තය ලාංකිකයෙක් වීම ගැන මටත් සතුටුයි . එතුමාගෙ සන්නිවේදන ච්න්ද්‍රිකා අදහස දියුණු වෙලා සන්නිවේදනයෙන් පරිභාහිර කාරණා රාශියකට ලෝකයම භාවිතා කරනවා , නමුත් එතුමා ජීවිතයේ වැඩි කාලයක් ගත කරපු ලංකාවේ තාරකා විද්‍යාව පිලිබඳ හරිහමන් අධ්‍යාපනයක් වත් ඇති කරගන්න අපිට පුලුවන් වෙලා තියනවද ? රටට ආදරය කරන එක හොඳයි , මාත් ශ්‍රි ලංකාවට ආදරෙයි නමුත් රටේ හැකියාවන් ගැන අධි තක්සේරුවක ඉන්න එක නම් සුන්දර සිහිනයක් විතරයි
Deleteප.ලි- බටහිර බලපැම් වලට ලංකාවේ ඉඳන් බනින සමහරක් උතුමන්ලා තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය තාම තියාගෙන ඉන්නවා කියන එකත් , තවත් බටහිර විරෝධි දේශීය චින්තකයින් පිරිසකගේ දුවා දරුවන් බටහිර රටවලම අධ්‍යාපනය ලබන බවත් මතක් කරන්න කැමතියි
http://www.globalfirepower.com
http://www.globalfirepower.com/countries-comparison-detail.asp
බුවා මේක කියන්නා ඇත්තේ හිනාවෙන්න. එක හරි. නමුත් ඒ කතාවේ ගතයුත්තක් තිබ්බ, එකයි මම එකඟ උනේ. ඇනෝ කිව්ව වගේ අපේ හමුදාවේ කොල්ලන්ගේ අතම ශක්තිය විශාලයි. ඇමරිකන් හමුදාවට නැත්තෙත් එකමයි. බටහිර චිත්‍රපට වල පෙන්නන ඇමරිකන් හමුදාව නෙවෙයි ඇත්තටම යුධබිමේ ඉන්නේ. මානසිකව ඉක්මනින් වැටෙන පිරිසක්. දන්නවද ඇමරිකන් හමුදාවට මරාගෙන මැරෙන බෝම්බ කාරයින්ට මූන දෙන්න උගැන්නුවේ අපේ කොල්ලෝ කියල? අපේ කොල්ලෝ මරුවා පෙනී පෙනී බෝම්බ බැඳන් කොටි ඉස්සරහට යද්දී බංකර් වලට දෑතේ බෝම්බ රඳවන් පනිද්දී එහෙම කරපු එකම ඇමරිකන් කාරයෙක්වත් ඇති කියල මම හිතන්නේ නෑ. ලෝක යුද්දයේදී පරමාණු බෝම්බ හෙලන්න මුල් උනෙත් ඇමරිකාවට ඔය යුද්දෙන් දිනන එක අමාරු හිතුන හින්ද.
Deleteකොහොමත් බර දරන්නේ ජනතාවය. ආණ්ඩුව සහනාධාර දෙන්නේ එක්කෝ නය ගෙනය. නැත්නම් මුදල් අච්චු ගසාය. මේ ක්‍රම දෙකම අනාගතයේ වැඩි බලපෑම් ඇති කරයි. රවී තුමා කියන ආකාරයට පෙට්රෝල් ඩිසල් රු.70-80 දිය නොහැක. මගේ දැනුම හැටියට මේ සියල්ලම රු95-105 අතර වේ (නිෂ්පාදන වියදම පමණක්. ගබඩා, ප්‍රවාහන, පිරවුම්හල්වල ලාභ මෙයට වෙනමම එකතු වේ). දැනට ඇති මිල අධිකම එන්ධනය ඩිසල් (ඉල්ලුම වැඩි නිසා) වන අතර ඊළගට භුමිතෙල්ද අවසානයට පෙට්රෝල් ද වේ. භූමිතෙල්, ඩිසල් මිල ඕනෑකමින් අඩු කල විට පෙට්රෝල් මිල අමුතුවෙන් වැඩි වන බව අමුතුවෙන් කිව යුතු නැත.
Deleteනමුත් ලංකාවේ ඇති පැරණි (වසර විස්සකට පෙර සම්පුර්ණ අලුත්වැඩියාවක් කල යුතුව තිබු) පිරිපහදුවේ කාර්යක්ෂම තව අඩු නිසා එහි නිෂ්පාදන වියදම් තවත් ඉහලය (බොර තෙල් බැරලයකට ගත හැකි පෙට්රෝල්,ඩිසල්,භූමිතෙල් ප්‍රමාණය අඩුය). පිරිපහදුව වසා දමා පෙට්රෝල්,ඩිසල් ලෙස පමණක් ආනයනය කිරීමට තරම් අපට පෙට්රෝල්,ඩිසල්,etc ගබඩා පහසුකම් ඇතිදැයි මම නොදනිමි. එසේම එවිට LP ගෑස්, තාර, දැවී තෙල් ආදී සියලු දේද ආනයනය කරන්න සිදු වේ.
එසේම ඉන්ධන මිලේ අපේ රටේ පමණක් ඇති අමුතු වැඩියක් අනිත් රටවල මිල ගණන් සැසදීමේදී නොපෙනේ (http://en.wikipedia.org/wiki/Gasoline_and_diesel_usage_and_pricing#Typical_gasoline_prices_around_the_world).
මාත් බොහොම අමාරුවෙන් CTB බස් වල එල්ලිලා ගියා.දැන් බස් ගාස්තු ඇහුවාම එපා වෙනවා...
ReplyDeleteහෆ්ෆෝ...මතක් වෙනකොටත් තරහයි..ඊයේ ස්ට්‍රයික්..හැබැයි අද ගානට වැඩිවුනු ගාස්තුත් එක්ක ලස්සනට අය කරනවා... ප්:@ :@
ReplyDeleteඑතකොට ලයිව් ඇට් එයිට්??? එයත් මොනා හරි කියන්නෙපැයි.... නැත්නම් හරි නෑනේ
ReplyDeleteලස්සන කවියක් ගොතල කියයි!
Deleteඅය්යෝ සල්ලි...........
ReplyDeleteහෆොයි මටත් කෙළ උනා ඕක හින්දා...
ReplyDeleteහෆ්ෆා සිරාවටම මම ඊයේ සල්ලි දෙනකං ඉඳලා කියනවා මල්ලි මාත් එක්ක තරහවෙන්න එපා රු 10 ක් වැඩියිලු !@#$%^&*()
ReplyDeleteමට මගෙ රට ගැන ආඩම්බරයි!
ReplyDelete#$%#^%$&%*^%$^$&^#%!#
ReplyDelete