- උබලා කරන කියන දේවල් මම ලිව්වේ නැත්තම් වෙන කව්ද බන් ලියන්නේ.
- ටි.වී සිරිස් ටික ඉවරයි , ඉතින් කරන්න දෙයක් නෑ
- මොකෝ රෑ වෙනකන් මම මල් කඩන්න කියලද , බ්ලොගක් කියවන / ලියන එක විතරයි තියෙන්නේ.
ඔය අනං මනං උත්තර දුන්නට මොකෝ මාත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හරියට දැනගෙන හිටියේ නෑ.මොකද ඔන්න බුවා වගේ මම ලියන ඒවගෙන් රට හැදෙන්නෙත් නෑ නේ ( බුවා ලියන ඒවගෙන් එහෙම වෙනවද :P ).මේ ලියන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 52 පොස්ට් එක.ඔය පොස්ට් ඔක්කොම එක එක දේවල් ගැන ලියපු ඒවා.ඒ ඔක්කොම මටයි මගේ අහල පහල ඉන්න එවුන්ට වෙච්ච දේවල් ( අපරාදේ කියන්න බෑ මට තමයි වැඩි හරියක් දේවල් උනේ ).ඔය පොස්ට් 52 ටම තියෙන්නේ එකම එක අප්සට් සිදුවීමක් විතරයි.ඒකත් උනේ වැරදි වැටහීමක් හින්දයි.ඒ දේ ඇරෙන්න බ්ලොග් ජිවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ හොද සතුටුදායක දේවල්.
ඉස්සරහටත් අතුරු ආන්තාරාවක් නැතිව හිටියොත් මේ බ්ලොග් එක මගේ සතුට වෙනුවෙන් දිගටම පුලුවන් හැටියකට ලියන්න හිතාගෙන ඉන්නවා.කොහොමත් බ්ලොග් එකක් කියවන / ලියන කෙනා තමයි ඒකේ තියෙන රසේ දන්නේ.බ්ලොග් ලියන අය මාත් එක්ක එකග වෙයි ඒ දේට.
ඉස්සරහටත් අතුරු ආන්තාරාවක් නැතිව හිටියොත් මේ බ්ලොග් එක මගේ සතුට වෙනුවෙන් දිගටම පුලුවන් හැටියකට ලියන්න හිතාගෙන ඉන්නවා.කොහොමත් බ්ලොග් එකක් කියවන / ලියන කෙනා තමයි ඒකේ තියෙන රසේ දන්නේ.බ්ලොග් ලියන අය මාත් එක්ක එකග වෙයි ඒ දේට.
මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.මේ ඊයේ පෙරේදා දවසක වැඩ කරන තැන උන කතාබහක්.එතන ඉන්න සමහරු නම් දන්නවා මම බ්ලොග් එකක් ලියනවා කියලා.අපි කට්ටියක් කතා කර කර ඉන්නකොට අපිත් එක්ක ඉන්න ගෑණු ළමයෙක් මගේ දිහා හැරිලා..
ගෑනු ළමයා : මේ ඔයාගේ බ්ලොග් එක මම කියෙව්වා..අන්තීමට ලියලා තිබ්බ ටිකෙන් ටික එකයි , ස්ලිට් එකේ එකයි දෙක තුනම කියෙව්වේ..ඒ ඔයා මාරයි නේ..
මම : ඇයි ඒ මොකද ?
ගෑනු ළමයා : නෑ ඒ ඔයාමද ලියන්නේ කියලා හිතන්න බෑ නේ..බ්ලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒ ඔයාද කියලා හිතන්න බෑ ..අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!
ඇත්තම කියනවනම් මට ඒ වෙලාවේ එතනම වලක් කපාගෙන යන්න හිතුනා.
සරලම වචනේ "ආත්ම තෘප්තිය" , අපි හැමෝම ලියන්නේ ඒකට . ලංකාව කියන්නේ සම්මජාතියේ හැදෙන රටක් නොවුනට ,අපි ලියන ඒවයින් රට හැදෙයි කියලා හිතාන ඒවම ලියන්නෙත් ඒකයි . අහල පහල යාලුවන්ගෙන් නම් මට ප්‍රශ්න නැ , මොකද කිසි කෙනෙක් මම බ්ලොග් එකක් ලියනව කියල දන්නෙ නැ
ReplyDeleteහරියට හරි බුවා! මිනිස්සු ලියන්නෙ තමන්ට සතුටු වෙන්න. ඒත් ඒ අරමුණ්ට අන්තිමට ලඟා වෙන්නෙ කී දෙනාද?
Deleteමේ චම්ම ලියන බුවාටත් කියන්න තීන්නෙ...ලියාගෙන ලියාගෙන යන්න කියල තමයි.
හරියට හරි බුවා..අපේ සතුටට තමා නේ ලියන්නේ :))
Deleteඔන්න ඕක තමයි ඇනෝනිමස් ඉන්න එකේ වාසිය..කවුරුත් දන්නේ නෑ නේ..
@ ඉන්දික අයියා - බොහොම ස්තුතියි කිව්වා :) අරමුණට ළගා වෙන්නේ නම් බොහොම සුළු කස්ටියක් තමා...
මම නම් සතුටින්.. ඉඳල හිටල වාද වලට පැටලුනාට ඒව එතනින් ඉවරයි . හැබැයි ඉතින් සමහර දේවල් ලියන්න හිතන්න වෙනවා වැඩියි , මම හෙනම ගේමක් දීල ලියපු ලිපිය ගුගල් දෙය්යො අවුලක් ගහල මැකුණා . ඒ දරුස්මාන් වාර්ථාව ගැන . මුලු රිපොර්ට් එකම කියවල , දවස් 5ක් තිස්සෙ ලියපු මගේ දිගම ලිපිය ඒක . ඒත් ඊට ආසන්න කාරණා ගැන ලියපු ලිපි වලට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය අනික් ඒවට වඩා අඩුයි , බ්ලොග් එකක් ලියන්න ගත්තේ මහන්සි නොවී බොක්කට එන දේවල් ඔහේ ලියල දාලා අර සතුටම ලබන්න පුලුවන් නිසා . මට හිතෙන විදිහට ඒ වැඩේ සැහෙන්න සාර්ථකයි
Deletecomment ver - 2.0
Deleteමම නම් සතුටින්.. ඉඳල හිටල වාද වලට පැටලුනාට ඒව එතනින් ඉවරයි . හැබැයි ඉතින් සමහර දේවල් ලියන්න හිතන්න වෙනවා වැඩියි , මම හෙනම ගේමක් දීල ලියපු ලිපිය ගුගල් දෙය්යො අවුලක් ගහල මැකුණා . ඒ දරුස්මාන් වාර්ථාව ගැන . මුලු රිපොර්ට් එකම කියවල , දවස් 5ක් තිස්සෙ ලියපු මගේ දිගම ලිපිය ඒක . ඒත් ඊට ආසන්න කාරණා ගැන ලියපු ලිපි වලට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය අනික් ඒවට වඩා අඩුයි , Entertainment බ්ලොග් එකක් ලියන්න ගත්තේ මහන්සි නොවී බොක්කට එන දේවල් ඔහේ ලියල දාලා අර සතුටම ලබන්න පුලුවන් නිසා . මට හිතෙන විදිහට ඒ වැඩේ සැහෙන්න සාර්ථකයි
//මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.//
ReplyDeleteමේ කතාවම මාත් බ්ලොග් ලියන්න ආපු අලුත මගේ හොදම යාලුවෙක්ගෙන් අහ ගත්තා.මං කිව්වා බ්ලොග් ලියනකොට සීමාවක් දාගෙන නෑ නෙ කියලා...
ජය පෝස්ට් පනස් දෙකට.මටනම් තාම 50ක් ලියන්න බැරි වුනා.
බැලින්නම් මම විතරක් නෙවයි නේ ඒ කතාව අහගෙන තියෙන්නේ..අක්ක ඉතින් මේ දවස්වල බිල්ඩිමට හිර වෙලානේ..බිල්ඩ්ම හදලා ආයි බ්ලොග් එක යථාතත්වෙට ගමු..
Deleteබ්ලොග් ලියන අයත් කමෙන්ට් කරන අයත් කොපමණ ප්‍රසිද්ධද කියල ම්ට වෑටහුනේ ලඟදී ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගිය වෙලාවක
ReplyDeleteඅම්මගේ අසනීපෙකට .එතන හිටපු දොස්තර කතාවට වෑටුන මාත් එක්ක . එතනදී ඔය බ්ලොග් ගෑන අහම්බෙන් කතා උනා . බලනකොට දොස්තරත් බ්ලොග් කියවන කෙනෙක්. එතනදී මම කිව්ව මම ගිම්හානි බව . ගොඩාක් සතුටු උනා ඒ මම බව කීවම .
අහන්නත් සතුටුයි නේ ගිම්හානි අක්කේ , දැන් ගොඩක් අය සිංහල බ්ලොග් කියවනවනම් තමා , සතුටට කරුණක්..
Deleteමාත් කල්පනා කලේ ඇයි කියල.
ReplyDeleteබුවා ගේ උත්තරේම තමා දෙන්න වෙන්නේ :P
Deleteමාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.
ReplyDeleteහිකිස්... මාත් ඔය කථාව නම් ගොඩාක් අයගෙන් අහගෙන තියෙනවා ඊට වඩා ටිකක් වෙනස් විදියට. සමහර අය පුදුම වෙනවා මම බ්ලොග් එකේ ලියන ඒවා මගේම අදහස් කිව්වම... අනේ ඉතින් ඒ වගේ වෙලාවට මටත් හිතෙන්නේ වලක් කපාගන්න තමා...
ඔන්න ජයග්‍රාහී තුන්වෙනියා..කස්ටියටම දැන් එකට වලවල් කපාගන්න පුළුවන්... :D
Deleteඅනේ මේ විකාර නැතුව දිගටම ලියාගෙන පලයන්..හික්..උබට ඔන දෙ හිතෙන දේ ලියහන් එච්චරයි...
ReplyDeleteහික්...,,හික්,,අනිවා පුළුවන් විදියට ලියන් යනවා රාජ් අයියා.. :)
Deleteඅනේ මේ විකාර නැතුව දිගටම ලියාගෙන පලයන්..හික්..උබට ඔන දෙ හිතෙන දේ ලියහන් එච්චරයි...
ReplyDeleteගනං ගන්න එපා චම්ම අයියෙ 10ට ගනං කරන්න බැරි වුනාට අම්බානෙකට කියවන්න අය ඉන්නවනෙ.....
ReplyDeleteඅඩේ පිස්සු මල්ලිත් මට බයිට දානවා නේ :p
Deleteමට බ්ලොග් ලියන්න ගත්තේ නම් ලොකු බලාපොරොත්තුවක්වත් ලොකු අසාවකුත් නැතුව...
ReplyDeleteදිල්ෂාරා අක්කාගේ බ්ලොග් එක කියවලා එයාගෙන් ලැබුනු උදව් එක්කමයි..
එත් මහ ලොකු දෙයක් නොලිවාත් දවසින් දවස මේකට තියන ආසාව වැඩිවෙනවා..
දවසින් දවසගොඩාක් හොද යාලුවෝ ටිකක් එකතු වෙනවා
නොදන්න ගොඩාක් දේවල් දැන ගන්නවා,
මහන්සිය කාන්සිය නැති කරගන්නවා මේ නිසා
මාත් එහෙම තමා මචන්..කිසිම ලොකු බලාපොරොත්තුවක තිබ්බේ නෑ..කිව්වා වගේ දවසින් දවස ආසාව නම වැඩි වෙනවා...එල සෙට් එකක් සෙට් වෙනවා...
Delete@gimhani ane nikan inna meya oyawa mn adai dana gaththe.ehema eke doctor danne kohomada?anika oyawa doctor anduna gaththa kiyala nikan wedakam kale nane.parissamin oya wage aya ekka wedi kathawata yanna epa.
ReplyDeleteගිම්හානී@ මම තමයි ඒ දොස්තර
ReplyDeleteනෑ..සිරාවට :P
Deleteමම බ්ලොග් ලියන කෙනෙක් නෙමේ. කියවන කෙනෙක්. මම ඒකෙන් ලබන්නෙ සරළ ආත්ම තෘප්තියක්. පිල් බෙදීම් වලින් තොරව සරළ වින්ඳනයක්,මානසීක නිදහසක් දෙන්න පුළුවන් ලිපි මම කියවන්න කැමතියි.
ReplyDeleteසුබ පැතුම් !
ඉතින් සදලි ඔයත් පටන් ගන්නකො බ්ලොග් එකක්..අපේ ගිම්හානි අක්කත් ඔයවගේ ඉදලා තමයි දැන් බ්ලොග් ලියන්න අරගෙන තියෙන්නේ...මේ පැත්තේ ආවට ස්තුතියි... :))
Deleteපොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. මම තාමත් බ්ලොග් ලියන්නේ නැ. කලකට පෙර ආත්තම්මගේ පෙට්ට්ගමට කවි කීපයක් දැම්මා. නමුත් ඒ බ්ලොග් එක මගේ නෙමේ. ඒක ලොකු ජෝන්ගේ . මට බ්ලොග් එකක් නැත.
Deleteදිග ගමනකට මගෙනුත් සුභ පැතුම්
ReplyDeleteතැන්කු තැන්කු..ඔබා අයියේ :D :D
Deleteගෑනු ළමයා : නෑ ඒ ඔයාමද ලියන්නේ කියලා හිතන්න බෑ නේ..බ්ලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒ ඔයාද කියලා හිතන්න බෑ ..අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!
ReplyDelete"10 ට ගණන් කරන්න බෑ වගේ නේ"
පට්ට කතාව.....
පල පල :P
Deleteබ්ලොග් එකක් ලියන එකෙන් අපි බලාපොරොත්තුවෙන්නේ පොඩි සතුටක්.. මම හිතන්නේ නම් ඒ විදිහට.. දවස පුරාම ඉන්න රාජකාරි ජීවිතෙන් ටිකක් විතර ඈත් වෙන්න මේක හොද ක්‍රමයක්..
ReplyDelete50ට සුභ පැතුම් යාළුවා..
මගෙත් තියෙන්නේ ඒ අදහසම තමා මචන්...හිතට විවේකයක්..
Deleteබොහොම ස්තුතියි මචන් :)
මම බ්ලොග් ලියන්නෙත් ආත්ම තෘප්තියට..:) හැබැයි මේ බ්ලොග් නිසා මට හම්බුනු යාලුවො ගැන මට හුඟාක් සතුටුයි!!
ReplyDeleteහික්ස්ස්...:D ඔය කතාවට මටනම් ඉතින් කියන්න තියෙන්නෙ එච්චරම ලැජ්ජ වෙන්න, නෝන්ඩි ව්එන්න දෙයක් නෑ කියලා...නරක දෙයක් කරනවායැ???
ප.ලි- කිව්වා නේද පෝස්ට් එකක් සීන් එක ගැන.. හික්ස්ස්..:D ජය වේවා!!
මේ ඉන්න බ්ලොග් හින්දා සෙට් උන ෆිට් එකක්.. :) :)
Deleteඒකනේ ලිව්වා ලිව්වා , ඔයාගේනේ මුල් අයිඩියා එක ;)
බුවාගේ කතාවේ ආත්ම තෘප්තියට කියන දේට මම සහමුලින්ම එකඟයි. ඔව් ඉතින් අරෙහෙම කෙල්ලක් කිව්වම කොන්ක්‍රීට් පොළවක් උනත් හාරන් බහින්න නොහිතුනොත් ඇති,
ReplyDeleteඒකනේ අයියා , අයියත් සාටර් කාලා තියෙනවා වගේ
Deleteලියන දෙයින් කියවන්නා යම් වින්දනයක් ලබයි නම් මට ඒ ඇති.
ReplyDeleteCustomer Satisfaction :P
Deleteමේ පටන් ගත්ත විතරනේ...තව ඔහොම යමුකෝ....
ReplyDeleteහි හි...ඒකනේ එකනේ..
Delete10 ට ගණන් කරන්න බෑ...අපිනේ දන්නේ මෙයා ගණන් කරපු තරම්...අනේ චම්මෝ...
ReplyDeleteපල ඇනෝ..මොනාද මම කොලේ :P
Deleteඋඹ මොනවද නොකළේ...
Deleteමගේ බ්ලොග් එකත් වැඩ පලේ කිහිප දෙනෙකුත් කියවනවා.. ඒ වගේම මගේ නංගිලා කිහිප දෙනෙකුත් කියවනවා..ඒත් කවදාවත් මොනවත්ම කියලනං නැහැ...
ReplyDeleteඋන්ගෙනුත් අහලම බලන්න ඕන..
අනිවා අහලා බලන්න මාරයියේ..බලන්න්කෝ මොනාද කියන්නේ කියලා..
Deleteඇත්තම කියනවා නම් මම blog කියවන්න පටන් ගත්තේ අය්යාගේ blog එක කියවලා තමයි
ReplyDeleteදැන් නම් මටත් ආසයි blog එකක් ලියන්න......
දිගටම blog ලියන්න මගෙන් සුභ පැතුම්...!!!!!!
ado who`s the girl ? අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!
ReplyDeletesira kathava :P
:P
Deleteබ්ලොග් ලියන්නේ ඇයි කියලා කීපදෙනෙක්ම අහලා තියෙනවා ?
ReplyDeleteමම නම් ලියන්නේ ජොලියට !
අපිත් එහෙම තමා අයියේ :)
Deleteදැන්ම වලක් කපා ගන්නවද කියලා මාත් මේ කල්පනා කලේ.. :P ඵ් හැමදාම වගේ මුණ ගැහෙන කිසිම කෙනෙක් දන්නේ නෑ මම බ්ලොග් ලියනවා කියලා.. :P
ReplyDelete//මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.//
//අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!//
දන්නවා නම් ඔය කථාව ඔය විදිහටමයි මටත් එන්නේ ..එ නිසාමයි කියන්නේ නැත්තේ.. :D :D
:P :P :P අනිවා එහෙනම් දන්නා කස්ටියට දෙන්න ඕන මෙයාගේ බ්ලෝග
Deleteඅය්යෝ.... පනස් දෙකකුත් ලියල ඔන්න මම දැනුයි ආවේ... මගෙ යාළුවෝ (බුකියේ අය ඇරෙන්න) කවුරුත් මම බ්ලොග් එකක් ලියන බව දන්නේ නෑ. මාත් 50 ට සුභ පතනවා!!!
ReplyDeleteමම නම් ගොඩක් දේ ඉගෙන ගත්ත අපේ අය ලියන බ්ලොග් වලින්.ඒ හැමටම සුබ පතනවා ඔයාල ලියන්න බලන අය මොනව හරි ඉගෙන ගනීවි.අපේ රටේ අනිත් මාද්ය ගැන නම් තියෙන්නෙ කල කිරීමක්.ඉතාලියෙන්.
ReplyDeleteතමන්ට හිතෙන දේ ලියන්න පුළුවන්. කාගෙන්වත් තහනමක් නෑ. මම ලියපුවා ආපහු කියවලා ලොකු තෘප්තියක් ලබනවා වගේම කාගෙ හරි කමෙන්ට් එකක් දැක්කම තවත් සතුටුයි.ඒකයි මම නං ලියන්නෙ.
ReplyDeleteකියවීමෙන් වගේම ලිවීමෙනුත් සම්පූර්ණ මිනිසෙක් වෙන්න පුළුවන්.
මගෙනුත් සුබ පැතුම් , ඇත්තටම මේ සිංහල බ්ලොග් නිසා මටත් බොහෝ මිතුරන් පිරිසක් හඳුනගන්නට ලැබුණා , ඒකම සතුටක් .....
ReplyDeleteආතල් එකට ලියන්නේ....
ReplyDeleteමමත් බ්ලොග් එකක් පටන්ගත්තෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් .. අනික හැකියාවක් තියෙනවද නැද්ද කියල හරි බලන්න ට්‍රයි කරන්න පුලුවන්නෙ ...
ReplyDeleteසුබ පැතුම් ..!
//ඇත්තම කියනවනම් මට ඒ වෙලාවේ එතනම වලක් කපාගෙන යන්න හිතුනා. //
ReplyDeleteඅනෙ නිකං බොරු නොකිය හිටහං ඒවෙලෙ T SHIRT එකක් ඇඳන් හිටපු හින්දා කොලර් එකක් නෑ උස්සන්න. කියලා කියුවනම් මම පිලිගන්නවා
හික් හික් ඒ අන්තිම වාක්‍ය නම් මාරු අහ්හ්
ReplyDeleteNice work friend
ReplyDeleteKeep it up
Best regards....
චම්මා මටත් උය උඹට වුනා වගේ අන්තිම සීන් එක ලෙසටම වෙලා තියෙනවා... අනේ අප්පෝ.. එතකොට දැනෙන සනීපේ....!!!
ReplyDeleteසූබ පැතුම් මචං අමතකක වුන 50ට....
අද වෙනකන් මම දන්නේ නැහැ මම ඇයි බ්ලොග් ලියන්නේ කියලා.ඒත් මං දානං හිටියෙනහ මට මෙච්චරවත් දෙයක් ලියාගන්න පුළුවන් හැකියාවක් තිබුනද කියලා.
ReplyDelete