හිතවත් Chamma වෙත ,
ඉතින් ඔබගේ සැප දුක් කෙසේද ? මම නම් තාමත් සුපුරුදු පරිදි තොප්පියක් දෙකක් විකුණගෙන චාටර් වේවි ඉන්නවා.ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන නිසා තමා මේ ලියමන ලියන්න හිතුනේ.
දැන් ඉතින් තොප්පි කිව්වම එක එක ජාතියේ තොප්පි තියෙනවනේ.මල තොප්පි , චාටර් තොප්පි , සතුටුදායක තොප්පි වගේ.දැන් ඊයේ වැටුනේ ඇවිල්ල සතුටුදායක තොප්පියක් නේ. කොහොමත් බොට එහෙම මේ අවුරුදු තුන,හතරට කියලා වැටුන තරමක් වැටුනේ තොප්පිම නේ , එයිනුත් ඉතින් ඔය සතුටුදායක තොප්පියක් වැටුනමද කොහෙද නේ.
අවුරුදු ගානක් තිස්සේ සාටර් උනේ ඉතින් ඔය තොප්පිය දාගන්න නේ.ඒ උනාට මට ආරංචි උන විදියට තොප්පි දාන උත්සවේ තිබ්බ දවසේ නම කස්ටිය හැමෝම හිටියේ කොයි වෙලාවේ තොප්පියයි , ලෝගුවයි ගලවනවද කිය කියලු නේද ? අනේ ඇයි එහෙම උනේ.තොප්පිය දාගෙන ඉන්න පින්තූර ගන්න ගිහිල්ලත් කට්ටියට නියම තොප්පි ටිකක් වැටුනලු නේද?
තොප්පි දාන්න කියලා ඉතින් ඔයාලා සෙට් එකත් එක්ක කී දෙනක් ආවද නේද , ඒ උනාට ඉතින් එක එක හේතු හින්දා ඒ අයට තොප්පි දාන උත්සවේට එන්න බැරි උනා නේ.ඒ අය නැතිව කට්ටිය පාලුවෙන් වෙන්න ඇති නේද ඉන්න ඇත්තේ.කොහොමත් බොලාලගේ පට්ට සෙට් එකක් හිටියනේ , ඔයින් ඊයේ දවසේ එන්න බැරි උන එවුන් බොලාලට මතක් නොඋනොත් නේ පුදුම.බොලාලගේ මෙච්චර කාලයක් තිබ්බ ෆිට් එක තවත් ඉස්සරහට , පුළුවන් තරම් කාලයක් ගෙනියන්න පුලුවන්නම් තමා හොද , එහෙම තමා වෙන්නත් ඕන.
මම එහෙනම් මේ ලියමන අහවර කරන්නයි යන්නේ , මේ පාර තොප්පි දාගන්න පුළුවන් උන හැමෝටම ඔන්න මගෙන් ටිකක් විතර සීතල වෙච්ච් සුභ පැතුම්.පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.හැමෝටම සුභ අනාගතයක් .
මිට ,
සදා තොප්පි සපයන ,
තොප්පි වෙළෙන්දා
ප.ලි - ඔය දාගත්තු තොප්පි ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මණට ලැබෙන්න සැලස්සුවොත් හොදා , නැත්තම් වෙනම තොප්පියක් ඒකට වැටෙන්න පුළුවන්.
චම්මා... තව පලියක් දාලා මේකෙ තේරුම ටිකක් කියපං...
ReplyDeleteපින්තුරෙන්වත් වැඩේ මීටර් නැතෙයි..
Deleteඔව් ඔව් ඔය තොප්පි ටික ආපහු ගිහින් දෙන්න..ඒත් ඉස්සෙල්ලා ෆොටෝ ගහ ගන්න හතර අතේ ඉඳන්ම.. !
ReplyDeleteආයෙත් අහලා වෙනි අයියේ..ගැහැව්වා හතරේ අතේ තියාගෙන !
Deleteතොප්පි වැටුණද? වට්ට ගත්තද? :D මාත් ඔය පැත්තේ රවුම් ගහහා තමයි හිටියේ.. එත් අනේ ඔයාව දැක්කේ නෑ.. දැක්කත් කොහොම අදුරගන්න ද???? හැමොම එක වගේ නේ..:P ඔන්න එහෙනම් ඔයා ගේ තොප්පි දා ගැනිල්ලට මගෙන් සුබ පැතුම්..:)
ReplyDeleteවැඩක් නෑ වැඩක් නෑ..කතා කරන්නණේ අක්කේ තිබ්බේ :/ :/
Deleteතොප්පි වැටුණද? වට්ට ගත්තද? :D මාත් ඔය පැත්තේ රවුම් ගහහා තමයි හිටියේ.. එත් අනේ ඔයාව දැක්කේ නෑ.. දැක්කත් කොහොම අදුරගන්න ද???? හැමොම එක වගේ නේ.. :P ඔන්න එහෙනම් ඔයා ගේ තොප්පි දා ගැනිල්ලට මගෙන් සුබ පැතුම්.. :)
ReplyDeleteඅපටනං තොප්පි දාගන්න තව ටික දොහක් බලා ඉන්න වෙනවා.
ReplyDeleteබලන් හිටියට ඔන්න පාඩුවක් වෙන්නේ නෑ පුතේ..
Deleteආ... ජය වේවා!! ඔය වැටුණූ තොප්පියා සෑහෙන්න වටිනවලුනේ??? අනේ අපිට කොයින්ද ඉත්ං තොප්පි කිව්වලු..
ReplyDeleteජය වේවා අයියා!! ඔන්න අඅයෙමත් සුභ පැතුම්!!!
තොප්පියක් දාගත්තේ නැත්තම් බලාගමු :/
Deleteතැන්කු වේවා කිව්වා :)
Congratz Chamma! I think this is B.Sc. Right ? Now go for M.Sc! Then for Ph.D !! :D
ReplyDeleteyaa it's Bsc..heheee we'll see ;) ;)
DeleteCongratulations my dear friend. Hope you will be successful in your every other endeavors too. මටත් ලබන අවුරුද්දෙ තොප්පියක් වැටෙයි මගෙ හිතේ :)
ReplyDeleteඅා එළනේ..අපෙත් සෙට් එකක් ඉන්නවා ලබන අවුර්ද්දේ ගන්න..එන්න පුළුවන් වෙයි කොහොමත් ඔය පැත්තේ ;)
Deleteආයේ ගෙනල්ලා දෙන්න කිව්වා එක නම් හරි නැහැ.ඕවා ආයේ දෙන්න උබට ලෝබ නැද්ද?.
ReplyDeleteලෝභ උනාට මොනා කොරන්නද බන්..දෙන්නම වෙනවා
Deleteදාගත්ත තොප්පියට ඔන්න මගෙන් සුභ පැතුම්.. තව තවත් තොප්පි ඔළුවට වැටේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි වේවා..කොහොමත් මෙ ටිකෙත් හෙට තොප්පි වැටෙනවා මචෝ
Deleteඔයාට තොප්පි වැටුනාට මගේ සතුට .. ජය වේවා!
ReplyDeleteතැන්කු වේවා ගිම්හානි අක්කේ :)
Deleteමොකක්ද බන් මේ. අවබෝධයක් නොමැත..
ReplyDeleteහයියෝ සල්ලි..පින්තුරෙන්වත් ක්ලික් නැතෙයි මාතලන් අයියේ
Deleteසන්තෝසයි සන්තෝසයි....... ඔන්න තොප්පි වැටුනට මගෙනුත් සුභ පැතුම්......
ReplyDeleteස්තුතියි ගොඩයා අයියේ..මොකෝ මේ ටිකේ මිසින්
Deleteතොපිය වැටුනට උණුසුම් සුභපැතුම්!!!!
ReplyDeleteසුභ අනාගතයක්...
මගුලක් කතා කරනවා සුභ අනාගතයක්..හොදට හිටි :P
Deleteතැන්ක්ස් ඇනෝ
සුබ පැතුම් තොප්පි උත්සවේට, මම හොයලා බැලුවා අපේ එකට නම් තොප්පි නැතිලු, අපරාදේ!
ReplyDeleteඅප්පා එහෙමද තොප්පිය දාගෙන ඉන්න නම් අවුල්..හැබැයි ඔය විසි කරන ඇඩ් එක නම් පට්ට
Deleteසුභ පැතුම් මගෙනුත්~
ReplyDeleteතැන්ක්ස් මචෝ..
DeleteCongratulations...!!!චම්මත් තොප්පිය දා ගත්ත එහෙනං... :-)
ReplyDeleteThankssssss ඔබා අයියේ..
Deleteසුබ පැතුම් මල්ලිට...
ReplyDeleteස්තුතියි නදී අක්කේ :))
Deleteචම්මා තොප්පිය දාගැනීමේ ප්‍රීතිය වෙනුවෙන් ...... අපේ ප්‍රීතිය..... ජය වේවා..!!!
ReplyDeleteතැන්කු වේවා අයියේ.. :)
Deleteඅනේ ඉතින් අපිට කොයින්ද තොප්පි? අර වවුල් ලෝගුව නම් දානවා ලබන සතිය දිහාට..:PP
ReplyDeleteචම්මා අයියට සුබ පැතුම්!
ආ ලබන සතියේ නේ..ඔන්න පාටියක් ඕන හරිද :P
Deleteඅහ්හ් සුභ පැතුම් තොප්පි වෙළෙන්දෝ :ඩි
ReplyDeleteතොප්පි වෙළෙන්දා :P
Deleteස්තුතියි වර්ණා නංගි
හලේ චම්මා ඉල්ලන් තොප්පි දාගෙන.. අපි නම් දන්නේ නෑ ඕන්න..
ReplyDeleteඔන්න මමත් පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අනේ අම්බෝ මේ තොප්පිය ඇති වගේද මන්දා...ස්තුතියි ප්‍රර්ථනා.. :))
Deleteඅනේ වාසනාවන් තව තව නේක තොප්පි දාගන්න ලැබේවා.......!!!!!........උණුසුම් සුභ පැතුම්............!!!!!!!
ReplyDeleteහි හි...මේ එක එක ඒවා වැටෙන කාලයයි මලයෝ
Deleteචම්මා මල්ලි තොප්පි දගෙන !!!
ReplyDeleteඅපිත් ලඟදි තොප්පි දා... ආහ් නෑ අපට තොප්පි නෑ නෙව. අපි දාන්නේ ලෝගුවක් !!!
වැඩි කල් නෑ මාර්තු පලවෙනිදා මාත් ඔය ලෝගුවක් දාගන්නවා !!!!
මල්ලිට සුබ පැතුම් ය !
ආ අයියලාගේ මාර්තු මාසේ නේ..මම දන්නවා :)) අපිට බලන්න බැරියෑ අයියා ලෝගුව දැන්මම කෝමද කියලා..
Deleteඑළ එළ ජය වේවා !!!!
ReplyDeleteඑළස්...කිව්වා...
ReplyDeleteතව තවත් සතුටුදායක තොප්පිම වැටේවා..!!!
ReplyDeleteසුබ පැතුම්..!!! :)
මමත් තොප්පි දැම්මා එදා..ඒත් ඉතින් චම්මව අදුනන්නේ නෑනේ.. මගේ සුබ පැතුම්..
ReplyDeleteමමත් තොප්පි දැම්මා එදා..ඒත් ඉතින් චම්මව අදුනන්නේ නෑනේ.. මගේ සුබ පැතුම්..
ReplyDeleteකොන්ග්රෑට්ස් කිව්වා එහෙනම් ඔන්න :)
ReplyDeleteතොප්පි වෙළෙන්දෙක් දවසක්, තොප්පි ගොඩක් කරේ තියං, තොප්පි ගන්න මාමලාට, තොප්පි ගන්න නැන්දලාට, තොප්පි ලාබයි තොප්පි ලාබයි, තොප්පි ලාබයි කියා ගියා !!!!
ReplyDelete