මේක උනේ පහුගිය දවසක වැඩ කරලා ඉවර වෙලා රෑ ගෙදර එනකොට.මම සාමන්‍යයෙන් ගෙදර එනකොට 8 විතර වෙනවා.ඒක හින්දා අහල පහල එකෙක්වත් ළගකදී සෙට් උනේ නැහැ.මේ කිව්ව දවසේත් කාලෙකින් සෙට් උනේ නැති එකෙක්ව තමයි සෙට් උනේ.ඔය ආගිය තොරතුරු අනං මනං කතා කරන ගමන් බුවා ඇහුවා..
බුවා : අඩෝ මේ උබ පබා බැලුවද ?
මම : උබ දන්නවනේ මම ඔය මෙගා කෙස් බලන්නේ නැහැ කියලා
බුවා : නෑ බන් මේ නාට්‍ය සීන් එක නෙවයි බන්..අර ෆිල්ම් එකක් තියෙන්නේ....පුජා ඉන්න එක බන්
මම : නෑ බන් බැලුවේ නැහැ..ඇයි මොකෝ සීන් ඒක ?
බුවා : අඩෝ මේ සෙනසුරාදා යමු බලන්න , පුජත් ඉන්නවනේ
මම : එළ ..පුළුවන් උනොත් තමා
ඔය කිව්වට ඉතින් සෙනසුරාදා හවස් වෙනකම් මට කුසා පබා මතක් උනේ නැහැ.ඇරත් වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉදන් විනෝදාංශය විදියට කරගෙන ආපු නිදා ගන්න එකත් කරන්න බැරි වෙන හින්දා සෙනසුරාදා දවසෙන් භාගයක් විතර නිදා ගන්න තමයි වෙන් කරලා තියෙන්නේ.කොහොමහරි ෆිල්ම් එක බලන්න මට යන්න උනේ නැහැ.පස්සේ ඊට පස්සේ ඉරිදා මට අර බුවා කතා කරලා කියනවා.
බුවා : අඩෝ වැඩක් නෑ බන් ඒ ෆිල්ම් එක...මෙලෝ රහක් නෑ.
මම : වෙන්න බෑ බන්..ඒක ඇවිල්ලා හෙන ගානක් වියදම් කරලා හදලා තියෙන්නේ..චාටර් වෙන්න බෑ බන්..
බුවා : ඒවා මං දන්නෑ බන්..මට මෙලෝ දෙයක් තේරුනෙත් නෑ..ඉන්න උන් කතා කරන්නෙතේ කවි කියනවා වගේ...තිබ්බ සින්දුත් නිකන් මෝල් වගේ
මම : ඉතින් බන් රජ කාලේ කතාවක් නේ..ඒක හින්දා තමයි එහෙම කතා කරන්න ඇත්තේ..
බුවා : ඉතින් යකෝ එහෙනම් අර අශෝක් එකත් රජ කාලේ සීන් එකක් නේ..ඒකේ ඔහොම අප්සෙට් එකක් තිබ්බේ නැහැ නේ..අනික ඒකේ සින්දුත් පට්ට නේ..අඩුම ගානේ හින්දි තේරෙන්නේ නැති එකේ කරීනා දිහා හරි කට ඇරගෙන බලන් ඉන්න තිබ්බා...
මම : ඉතින් උබ පුජා දිහා බලන් හිටියේ නැද්ද
බුවා : මගුලක් කතා කරනවා..මට හෙන වෙලාවක් ගියා එ ඉන්නේ පුජාමද කියල මීටර් කරගන්න..මට නම් මෙලෝ රහක් නෑ බන්..
මම : ඒ ඉතින් උබේ ටේස්ට් එකනේ..
බුවා : මේ ඒක නෙවයි..ෆිල්ම් ඒක පටන් ගන්න ඉස්සෙල්ලා ගියා සුපර් සික්ස් එකේ ට්‍රේලර් එකක්..අන්න ඒකනම් පට්ටයි..අන්න ෆිල්ම් බන්.. ***** ඉන්නවා අදුරගන්නත් බෑ..ඔන්න ඕකනම් අනිවා බලන්න යමු හරිද
මම : බලමු බලමු..තාම ආවෙත් නැහැ නේ..
ඔන්න අපේ එවුන්ගේ චිත්‍රපට විචාර බුද්ධිය.
වින්දනාත්මක පැත්තට මුල් තැන දීල හදන චිත්‍රපටි වල කඩවසම් පිරිමි හා රූමත් කාන්තාවන් එකතු කරගන්න එක ඒකතරා රසයක් විදිහට හඳුන්වන්න පුලුවන් , හැබැයි ඉතින් ඒකම බලාගෙන චිත්‍රපටි බලන එකේ නම් තේරුමක් නැ . කුස පබා බලන්න තමයි හිතාන ඉන්නේ , චිත්‍රපටියේ මියුසික් නම් එච්චර රහක් නැ කියල තමයි ට්‍රේලරය බැලුවාම හිතෙන්නේ . සුපර් 6 වෙනසක් කරන්න උත්සහා කරල තියනවා පැහැදිලිව . හැමදාම අපේ සිනමාවේ තිබුන ඉන්දියානු අභාෂය සාර්ථකව භාවිතා කරන්න උත්සහා කරල තියනවා අවුල තියෙන්නේ දෙමල චිත්‍රපටි ටයිප් එකේ ඇක්ෂන්
ReplyDeleteඒක ඇත්ත බුවා..එක එක එවුන්ගේ ටෙස්ට් එක වෙනස් නේ කොහොමත්..මටත් ෆිල්ම් එක නම් හොදයි වගේ...
Deleteසුපර් 6 එකේ වෙනසක් වෙයි කියලා හිතනවා..ඒත් කියන්න බෑ , ප්රචාරණයත් ඕන ෆිල්ම් එක හැදුවා වගේම...
මමත් බලන්ඩ ඉන්නේ ඔය ෆිල්ම් එක ආ..මාතා බලන්ඩත් ඔන..බලමුකො කොච්චර දුරට සාර්ථක නිර්මාණද කියල..
ReplyDeleteමාතා නම් බලන්න ඕන තමා...ඒක තමයි බලන්නේ නැතිව කියන්න බෑ.
Deleteමමත් බලන්ඩ ඉන්නේ ඔය ෆිල්ම් එක ආ..මාතා බලන්ඩත් ඔන..බලමුකො කොච්චර දුරට සාර්ථක නිර්මාණද කියල..
ReplyDeletesuper six එකේ සින්දු ටික නම් හොදයි කතාවත් හොදයි කියල හිතනවා බලමු ඉතින් :)
ReplyDeleteමාතා බැලුවද? අන්න බලනවා නම් ෆිල්ම් මන් දෙපාරක් බැලුවා අයි හෙටත් බලන්න යන්න ඉන්නේ ඔෆිස් එකේ අය එක්ක
"මාතා Film එක නොබැලු දෑස මක්කටැයි" කියා මම කියන්නේ නැත. මක්නිසාදයත් මට දැනෙන දේ ඔබටද එසේම දැනීමට මෙන්ම නොදනිමටද හැකියාවක් ඇති බැවින්ය."
සුපර් 6 , සුපර් ද කියලා ආවම බලමුකෝ මචං..කතාව වෙන කොහේහරි ෆිල්ම් එහෙක තිබ්බ එකක් වෙන්න එපා කියලා තමයි ප්‍රර්ථනා කරනං වෙන්නේ...
Deleteඅඩේ මට තාම මාතා බලන්න බැරි උනා නේ..බලන්න්න ඕන කොහොමහරි...
මාතා Film එක නොබැලු දෑස මක්කටැයි" කියා මම කියන්නේ නැත. මක්නිසාදයත් මට දැනෙන දේ ඔබටද එසේම දැනීමට මෙන්ම නොදනිමටද හැකියාවක් ඇති බැවින්ය.
ReplyDeleteඅන්න තේමාව !!
Deleteඉන්දියන් ගතියනං පේනව ට්‍රේලර් වලින්. මට හිතෙන්නෙ ඉන්දියන් ගතිය වැඩිදෝ කියල. විවාහය අවස්ථාවෙ මියුසික්එක බලන්න.
ReplyDeleteමට ඒ සීන් එක නම් වැඩිය මීටර් නැහැ මචන්..බලන්න ඕන..
Deleteඉන්දියාව ෆිල්ම් ගහන්නේ කොලිවුඩ් හොලිවුඩ් කොපි කරලා එහෙම කොපි වලින් කොපි කරලා හදන සිංහල ෆිල්ම් මෙලෝ රහක් නෑ.....කොපි කරනවා නම් ඔරිජිනල් එක කොපි කරලා හදන්න ඕනේ මාතා නම් නියම ෆිල්ම් එකක් සුපිරියි
ReplyDeleteඉන්දියාව , හොලිවුඩ් ඒවා කොපි කරනවා ...අපි ඉන්දියන් ඒවා කොපි කරනවා...මුලින්ම කොපි කරන අයට කොහොමත් අඩු කොලිටියට නේ කොපි කරන්නේ , අපි ගාවට එනකොට එන්නේ කොලිටිය අඩුම එකක්..
Deleteකොල්ලනේ මොනා ගැනද බොලා මේ කතා වෙන්නෙ ?
ReplyDeleteමේ ගැන
Deletehttp://www.elakirinews.com/2012/01/blog-post_31.html
@ඉන්දික - දාල තියන ලින්ක් එකේ ලිපිය දැක්කාම එක පැත්තකින් දුකයි අනික් පැත්තෙන් හිනාත් යනවා . කලා නිර්මාණයක රඟපාන වුන්ගේ ජාතිය ජම්මය හොයන තරමට ලංකාවේ සිංහල තලෙයිබාන් ලා පහතට වැටිලා , ප්‍රශ්නේ තියෙන්නේ කුස පබා ස්ටෝරි එක "සිංහල -බෞද්ධ " වුනේ කොහොමද කියන එක . ඇත්තෙන්ම පන්සිය පනස් ජාතක පොත කියන්නෙත් බෞද්ධ දර්ශනයට අදාල නොවෙන සුරංගනා කථා පොතක් !
Deleteඔබා අයියේ - අලුත් ෆිල්ම් කටුවක් තියෙනවා..ආපු වෙලාවක් බලන්න :D
Deleteඉන්දික අයියා - අපේ එවුන්ගේ තරම තමා ඉතින්..වෙන මොනවා කියන්නද..බුවා කිව්වා වගේ ඔය තනිකර සිංහල තලෙයිබාන්ලගේ වැඩ තමා..
Indika & Chamma,
DeleteA Big Thank You To Both Of You.
සිංහල ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.
ReplyDeleteඅයියලට කොහෙන්ද ඉතින් සිංහල ඒවා බලන්න වෙන්නේ..හැබැයි පුළුවන්නම් මාතා එක බලන්න..හැමෝම හොදයි කියනවා..ට්‍රේලර් එකත සුපිරියි..
Deleteඅහ්හ්.. ඉතිහාස කතාවක් නිසා මටත් ඕක බලන්න යන්න උවමනාවක් තිබ්බා..ඒත් සෙට් ව්උනේ නෑ තාම වෙලාවක්..:/ බලන්න ඕනෙ..
ReplyDeleteඉතිහාස කතාවක් නිසාද නැත්තම් ලව් ස්ටොරි එකක් තියෙන හින්දද හිතු :p
Delete@හිතුවක්කාරි,ChammA
Deleteහෑ... ඉතිහාස කතාවක්? ඔය කියන්නේ මාතා ගැනද?ඒකනම් ලංකාවේ මෑත ඉතිහාසය සම්බන්ධ කතාවක් තමයි.
හැබැයි කුස පබා නම් ඉතිහාස කතාවක් නෙවෙයි හොදේ!
මාත් සිංහල ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ..
ReplyDeleteඒ මම හිතුවේ ඔය පැත්තට ෆිල්ම් / වේදිකා නාට්‍ය එහෙම යනවා ඇති කියලනේ මචං..දැන් බැලුවද ඒක වැරදිද :o
Deleteබලපු එකෙක් කතාව කිව්වා නම්
ReplyDeleteදන්නා කතාවම තමයි බන් තියෙන්නේ..
Deleteමාතා නම් බැලුව..සිරාම ෆිල්ම් එක..කුස පබා බලන්න යන්න ඕන...හෙටවත් බලමු
ReplyDeleteමේ හැමෝම කියන එකේ මාතා නම් බලන්නම ඕන !!
Deleteෆිල්ම් ලිස්ට් එකක්ම තියෙනවා බලන්න !!!!
ReplyDeleteමාතා, කුස පබා, සුපර් සික්ස් !
මාත් ගිහින් මාතා නම් බලන්න ඕනි..
ReplyDeleteමමත් තාම බැලුවේ නම් නැහැ. බලලම කියන්නම්කො ගුණ දොස්
ReplyDeleteකුස පබා අපේ පලාතට එද්දී තව අවුරුද්දක්වත් යාවි . මෙච්චර අමුත්තක් ඒකේ තියනවා නම් හොයාගෙන හරි බලන්ඩ ඕනෙ ..
ReplyDeleteමිනිස්සුන්ගෙ රුචිකත්වයෙ වෙනස. 60 දශකයෙ කාගෙන් හරි ඇහුවනම් ඒ කාලෙ පට්ට සිරාම චිත්‍රපටියක නමක් කියයි. ඒක හොයාගෙන බලන්න එදා උන්ගෙයි තමන්ගෙ රුචිකත්වයෙ වෙනස. ඉතින් ඕකට කරන්න දෙයක් නෑ. සමහර අයට ජෝතිපාල හොඳයි ඒත් සමහරුන්ට ජෝතිපාල අරහං.
ReplyDeleteඋඹට ඉන්නවා බං පට්ට යාළුවෝ ටිකක්...
ReplyDelete