Tuesday, February 7, 2012

ටිකෙන් ටික - ටිකෙන් ටික - Daddy

ඊයේ බුකියට ගියාම දෙතුන් දෙනෙක් ෂෙයාර් කරලා තිබ්බ ලින්ක් එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ.ලින්ක් එකේ තිබ්බේ Daddy බෑන්ඩ් එක අලුතින් කරපු ටිකෙන් ටික කියන සින්දුව ගැනයි.ඒ සින්දුවෙන් "භවතු සබ්බ මංගලන්" ගාථාව රැප් කරලා කියනවා කියලා තමයි ලියපු කෙනා කියලා තියෙන්නේ.කොහොම හරි අන්තිමට කියලා තියෙනවා මේ සින්දුව තහනම් කරන්න කියලත්.

අපි කරන කියන දෙයකින් මොනයම් හරි ආගමකට හරි ජාතියකට හරි අපහාස වෙනවනම් ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.ඒ උනාට මට නම් මේ සින්දුවේ කිසිම අවුලක් පේන්නේ නැහැ.සින්දුවේ මැද හරියේදී භවතු සබ්බ මංගලන් ගාථාව තියෙනවා තමයි.හැබයි ඒ රැප් එහෙකට නෙවයි.මේ වගේම කතාබහක් ආවා (මීටත් වඩා ) BnS ලා තම්දෙනා සින්දුව හදපු කාලේ.නුවර පෙරහැරේ බෙර වාදනයක් ගත්තා කියලා.පස්සේ ඉතින් කාලයත් එක්ක එහෙන්ම ඒවා නැති වෙලා ගියා.

අහලා නැත්තම් මේ තියෙන්නේ සින්දුව අහලා බලන්න.


හැබැයි ඉරාජ් ගේ සිත්තිමනීලා ගීතය තහනම් කරපු එකත් වැරදියි.මොකද කවුරුහරි හිතනවනම් ඒකෙනුත් කාටහරි අපහාසයක් වෙනවා කියලා , ඒකත් හරි ලාමක සිතුවිල්ලක්.කොහොමත් මේ රටේ ගොඩක් අප්සෙට් දේවල් වෙන එකේ මේ දේවල් මොනවද කියලත් හිතෙනවා.ගොඩක් රටවල්වල අවුලක් නැතිව පෙන්නපු Da Vinci Code අපේ රටේ තහනම් කරා ( කතෝලික බහුතරයක් ඉන්න රටවල්වලත් තහනම් නොකරට ). හැබැයි ඒ තහනම The Angels & Demons එකට තිබ්බේ නෑ.

පොස්ට් එක ඉවර කරන්න කලින් අපේ යාලුවෝ දෙන්නෙක් අතර වෙච්ච් කතාබහක් කියන්නම්.මේක උනේ  චින්ති ගේ කඩප්පුලි ඇල්බම් එක ආපු කාලේ වගේ තමයි.කතාවේ ඉන්න එකෙක්ට චින්ති ගෙ සින්දු පෙන්නන්න බෑ.සංස්කෘතිය විනාශ වෙනවා , මත් ද්‍රවය ගැන සින්දු කියනවා කියලා තමයි මිනිහා කියන්නේ.

1 යාළුවා : මොනවද බන් ඔය කිසිම සින්දුවක් තේරුමක් නෑ.. මල් ගැනයි , ගංජා ගහන හැටි නේ ඔය සින්දු තියෙන්නේ..ඕවා තමයි මේ රටේ සංස්කෘතිය නැති කරන්නේ ..ඔය සින්දු ඔක්කොම තහනම් කරලා දාන්න ඕන..
2 යාළුවා : උබ අහන්න අකමැති කියලා අනිත් එවුන්ට කරන්න දෙයක් නෑ නේ , අහන එවුන් අහනවා - නැති එවුන් නිකන් ඉන්නවා..අනික උබට එකක් කියන්නම් චින්ති ගෙ සින්දු තහනම් කරලා මේ රටේ සංස්කෘතිය හදන්න පුළුවන් කියලා උබ හිතනවානම් උබට පිස්සු..මොකද උගේ සින්දු වලින් නම් නෙවයි මෙහෙ සංස්කෘතිය නැති වෙන්නේ..


Update
Daddy බෑන්ඩ් එක මේ ගැන බුකියේ දාල තිබ්බ පැහැදිලි කිරීම.

71 comments:

  1. මේ සින්දුවත් එහෙනං අහල බලමු

    ReplyDelete
    Replies
    1. අහලා බලන්නකෝ ඔබා අයියේ..මෙහෙ හොදටම ඇවිස්සිලා තියෙන්නේ දැන්

      Delete
  2. It's just a cunning plan to throw Daddy bans's amazing music out of the industry. :(
    thats all what i can say now

    කව්රුත් නොදන්නා පැත්තක් තියෙනවා මේකේ daddy band එක අරාබිය ඇල්බම් එක කරලා මාස 7 ක් ගියා එයාලට රිලීස් කරන්න. වෙන අටිස්ලට වගේ මෙයාලට ඒ වෙද්දී කව්රුත් හිටියේ නැ M Entertainmant එක මෙයාලගේ සොන්ග්ස් හොරෙන් රින්ග් ඉන් ටෝන්ස් වලට දාලා සල්ලි හොයනවා සමහර අය මෙයාලගේ සොන්ග්ස් එක එක වෙළද දැන්වීම් වලට අවසරයකින් තොරව පාවිච්චි කරා ඒ ගැන කල කිරිල අන්තිමට උසාවි ගානේ ගියත් ඒ නඩුව මන් දන්නා විදියට රිජෙක්ට් කරලා තිබ්බ

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි...ඊට පස්සේ තමා ඔය කෂ්ටිය සින්දු කියන එක ටික කාලෙකට නවත්තල තිබ්බේ...

      Delete
    2. ඒක ඇත්ත මචං..මටත් මතකයි නඩුවේ සීන් එකයි , ඔය රින්ගින් ටෝන් කේස් එක..අනිත් එක මේ සින්දුව ඇවිත් දැන් මාස හතරක් විතර වෙනවා මට මතක විදියට..අපේ එවුන් දැන්තමයි ෆෝම් වෙලා තියෙන්නේ..

      Delete
  3. සින්දු තහනම් කරනවට වඩා දේවල් නම් රටේ දේවල් තියෙනවා කරන්න, ඒත් මිනිස්සුන්ගේ හැඟීම් එක්කත් සෙල්ලම් කරන්න හොඳ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඊට වඩා කොච්ච්ර දේවල් කරනවානම කරන්න තියෙනවද

      Delete
  4. ඇහුවේ නැ.. අහලා බලන්නම්... එත් ලොකේ රටේ වෙන දේවල් දිහා බලනකොට මේ සින්දු වලින් එහෙම දෙයක් වෙන්නේ නම් නැ....

    ReplyDelete
    Replies
    1. අහල බලළමා කියන්නකෝ දේවා..

      Delete
  5. පොඩි දෙයක් කවුරු හරි කිව්වම රෙදි උස්සන්.. කුණුහරුප වපුරගෙන බුදු දහම රකින්න එන යතුරු පුවරු වීරවරු බුදු දහමට කරන හානිය එක්ක බලද්දි මේක මොකක්ද...

    මේ ගීතයෙන් වෙන හානියක් නම මම දකින් නෑ. මේ ගැන පෝස්ට් එකක් දාන්න හදලත් නිකන් තේරුමක් නැති නිසා ඇතෑරිය.

    ReplyDelete
    Replies
    1. "යතුරු පුවරු විරවරු " අන්න වචනේ :D

      Delete
  6. මං මේ සම්බන්ධව දාන පල්වෙනි කොමෙන්ට් එක මේක..මොකද මේ ගැන මං මොනවා හරි කිව්වොත් මං කුමන්ත්‍රනකාරයා,දේශද්‍රෝහියා වෙනවා!

    ReplyDelete
    Replies
    1. අනේ මේ උබ බය නැතිව කියන්න ඕන දෙයක් කියහන් බන්..

      Delete
  7. ලංකාව ඉන්න උන්ට බාගේට (?) පිස්සු ,ඒ ගැන කියවෙන "මේ රටේ මිනිස්සු " සින්දුව මහ තැනම මැදිහත් වෙලා තහනම් කලේ ඒකනේ . ලංකාව කියන්නේ කලාකරුවෙකුට ජීවත් වෙන්න නරකම රට . මෙහෙ කලාකරුවෙක් (නමට ) වෙන්න නම් අර ජැකා වගේ ඉනෙන් පහල එලියේ දාගෙන කඩේ යන්න ඕනි !

    ප.ලි - මටත් චින්තියා පේන්න බැ බං , සංස්කෘතික සීන් එකක් නම් නෙවෙයි , ඌ කියන්නේ සින්දුද ?

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටල උඹත් එක්ක්ක එකඟ වෙන්න පුලුවන් කතාත් කියනව නේද:D

      Delete
    2. අහා ... ඉන්දික මහත්තයා එකඟද මේකට , දාන්න පහක් !

      Delete
    3. @ බුවා - එහෙනම් එහෙනම් ..ඒ උබ ඇහුවද " මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු " එකේ දෙවැනි කොටස...ඒක පටන් ගන්නකොට කියනවා "මේක කලින් එක ITN එකේ යන එක නතර කරා නේ .. " කියලා කෑල්ලකුත්..අර වගේම ලාවට බයිට් පාරක් යනවා..

      චින්ති සමහර සින්දු හොදයි බන්..පොඩ්ඩක් අහලා බලහන් :P

      @ ඉන්දික අයියා - හිකිස්‌....,,මේකාගේ සීන්දු ටේස්ට එක කොහොමත් හොදා

      Delete
    4. නියම කතාව බුවා...මමත් සම්පූර්ණයෙන්ම එකඟයි....

      Delete
    5. "මේ රටේ මිණිස්සු.." සිංදුවයි "රට කරවන්න නං මසුරන් ඇතුව කැටේ..." කියන නන්දා මාලනීගෙ සිංදුවයි දෙකේ වෙනස කොහොමද? පාලකයන්ට හොදටම රිදිල තිබුනෙ නන්දගෙ සිංදුවට(ඒ කාලෙ). දැං ඉන්න අය මේ රටේ මිණිස්සු.. වගේ සිංදු තහනම් කරන්නේ එයාලගේ(පාලකයන්ගේ) රසාඥතාවයත් බංකොලොත් නිසාද?

      Delete
  8. mamath hithenawa sinduwen agamata karadarayak wela ne kiyala. namuth me rate ehema dewal karana pirisak pahediliwa innawa. e wge weda karana aya handunagenimath wedagath. e wagema thama me sanskruthiya nethikaranna chinthita be wagema me sanskrutiye maha balakanu padam piyasi biththi hedila thiyenne th chinti karapu dewal walin newe. ewaye minissunge jiwith parithyaga pawa thiyenawa. ganja sindunam hugak aya ahanne ne. mama mehe sinduth dekala thiyanawa pitarata ewath dekala thiyanawa. ahana balana kiyawana buddhimath minissu pirisak, ratata adaraya karana minissu pirisak sitimai hugak wedagath.

    ReplyDelete
    Replies
    1. අදහසට එකගයි මිත්‍රයා...එක්ක්නෙක්ට අපේ දේවල් වෙනස් කරන්න බැහැ..ඔයා කියනවා වගේ රටට ආදරේ කරන කට්ටිය තමයි අපිට ඉන්න ඕන

      Delete
  9. Me sinduwe ehema agamata mada gesime balaporoththuwak nethi bawa pahadili. mita wada ape agama, jathiya, sanskruthiya wanasana aya innawa. eyalage photo ekka paththarawala blogwala yanawanam hondai. megena sinduwa kiyapu pudgalayama pehadili kirimak karanawanam ohuge nihathamani bawa agaya karami. chintita ape sanskrutiya wanasanna be kiyana eka kiyannath deyak da? ape rata sanskrutiya hedune chinti kiyapu ewayin newene. ithin minihata meka wanasanna hugak amarui. Ganja sindu set eka apith ahala thiyanawa. ape sanskrutiye bala kanu padam biththi wala minissunge le, dhadiya jeewith parithyaga boho thiyanawa. mamanam bohowita channel eka marukarana eka thama patangannakotama karanne. nawaparapure ahan inna puluwan sindu kochchara thiyanawa. hebei ape rata sanskrutiya wanasana aya innawa pehediliwama. ungena poddak api ehe gahagena inna ona.

    ReplyDelete
  10. මටත් මේ සිංදුවෙ එච්චරම වරදක් පේන්නෙ නෑ. ගීතයෙ එක්තරා තැනකදි භවතු සබ්බ මංගලම් කියන එක සංකේතාත්මකව යොදාගෙන තියෙනව.[ගීතයෙ අදහස් තීව් ර වෙන විදිහට]
    මම ආස නැති බටහිර ඌරුවට ගයල තිබුණට ...
    මේකෙන් බෞද්ධයට හානියක් වෙනව කියන එක නම් පිළිගන්න අමාරුයි.

    ReplyDelete
  11. මටත් මේ සිංදුවෙ එච්චරම වරදක් පේන්නෙ නෑ. ගීතයෙ එක්තරා තැනකදි භවතු සබ්බ මංගලම් කියන එක සංකේතාත්මකව යොදාගෙන තියෙනව.[ගීතයෙ අදහස් තීව් ර වෙන විදිහට]
    මම ආස නැති බටහිර ඌරුවට ගයල තිබුණට ...
    මේකෙන් බෞද්ධයට හානියක් වෙනව කියන එක නම් පිළිගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එක එක විදියට සින්දු රසවිදින්න පුලුවන්න නේ..ප්‍රශ්නේ තියෙන්නේ අපේ එවුන කෑ ගහගෙන එන්නේ මොකක් හරි ඇදෙකට නේ

      Delete
  12. ගීතයකට පසුබිම් සංගීතයක් යොදන්න අවශ්‍ය නං වෙන නිර්මානයක් කරන්න තිබ්බා නමුත් බුදුන් වහන්සේ දේශනා කල ගථාවක් යොදා ගන්නට අවශ්‍යතාවයක් නෑ.... ගාථාවේ අර්තයත් සමග විමසා බලන්න ගීතයකට යෙදීම සුදුසුද කියලා . සමහර විට තමුන් රැඩිකල් මතවාදයක ඉන්න බව පෙන්නන්න මේ ගීතයේ ඇති වරදක් නැති බව කියන්න පුලුවන් නමුත් මෙතන තිබෙන්නෙ ගීතයේ වරදක් නෙවී ගීතටයට පසුබිමට බුදුන් වහන්සේ දේශනා කල ගාථාවක් යොදා ගැනීමයි මෙම ගාථාව මංගල කරුණකදී සෙත් පැතීම සදහා භික්ශූන් වහන්සේ හෝ සුදුසු ගිහි පුද්ගලයකු හෝ කියවනු ලබනවා එහෙම නැතුව රැප් කරන්ඩවත් පසුබිම් සංගීතයකටත් නෙවී.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස , ඔතනදි සින්දුවේ අදහස ඉස්මතු කරන්න තමයි ඔය ගාථාව දාල තියෙන්නේ කියන එක..

      Delete
    2. ගීතයේ අදහසත් ගාථාවේ අර්ත්යත් අහසට පොලව වගේ වෙනස් ...... ගාථාව යෙදීමෙන් ගීතය අර්තවත් වෙනෙනේ නෑ...... ගාථාවට හානි උනා පමනයි . ගීතය තහනම් කල යුතුයි කියල මං කියන්නෙ නෑ එය නිවරදි කල යුතුයි... , අනිත් එක මෙම ගථාව යොදා ගන්නෙ මංගල කරුණු වලදී සෙත් පැතීමට විවාහයකදී පමනක් නොවෙයි

      Delete
    3. ඔබේ අදහස ට එකඟයි යාළුවා. ගාථාවන්, පිරිත් දේශනාවන් සජ්ජායනා කරන්නේ නිවැරදි ගණ පිහි‍ටුවලා. තාලුජ, මුර්ධජ අකුරු හරියට ශබ්ද කරන්න ඕනේ වගේ ම, එහි ස්වරයත් ගොඩක් වැදගත්. ගාථාවන් යොදාගන්නේ සෙත් පැතීම ආදී යහ අරමුණු උදෙසා මිස රසවින්දනය උදෙසා සංගීතය සැපයීම ට නෙවෙයි....

      ~~**දඟ මල්ල**~~~

      Delete
  13. අනාගතේ ගැන හිතුවොත් නම් ටිකක් මේකෙ තියන අවුල තේරෙයි,
    ඊට පස්සෙ තව තව පිරිත් සූත්‍ර සිංදු වලට දායි,
    සිංදුව ලස්සනයි,
    ඒත් මටත් මේ කරල තියන අපහාසෙ තේරුනේ අද,
    ඒත් මේ අපහාසෙ ඇති වුනේ ක්‍රමිකව,
    ඩැඩී බෑන්ඩ් එක විතරක් නෙවේ,
    මේක මඟුල් වලට තේරුමක් නැතුව යොදාගත් සිංහල බෞද්ධ අපිම මේකට වගකියන්න ඕන,
    කොහොමටත් මේ ගාථා තියන්නෙ මගුල් වලට කියන්න නෙවේනෙ,
    ඩැඩීලා හිතල කරාද දන්නෙ නෑ,
    ඒත් ලංකාවේ මගුලක් ගැන අධ්‍යනය කරල සුද්දෙක් සිංදුවක් හැදුවත් මේක දායි.
    මේ දෙපැත්තම ගැන හිතන්න මේක හොඳ අවස්ථාවක්,
    ඒත් සිත්තිමනීලා තහනම් කරා නම් ඇයි මේක තහනම් නොකරන්නෙ?

    "පොඩි දෙයක් කවුරු හරි කිව්වම රෙදි උස්සන්.. කුණුහරුප වපුරගෙන බුදු දහම රකින්න එන යතුරු පුවරු වීරවරු බුදු දහමට කරන හානිය එක්ක බලද්දි මේක මොකක්ද... "
    ඔබ හරි
    මේ වගේ දේවල් කරන මිනිස්සු නිසා වෙන්නෙ බුදු දහමට තවත් වල කැපීම.
    මොකද එතකොට වෙන්නෙ කවුරු වරදක් කරත් කියන්න මේ වගේ හේතු තියනවා.

    ReplyDelete
    Replies
    1. භවතු සබ්බ මංගලම් කියන ගාථාවේ තේරුම පන්සලක ඉන්න හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහල දැන ගන්න (හරියටම)එතකොට තේරෙයි ඒක මගුල් ගෙවල් වල කියන්නේ ඇයි කියලා....

      Delete
    2. සිත්තිමනිලා කේස් එක නම හරි..ඒක තහනම් කරේ ඇයි කියන එක මටත් අවුලක්..( හැබැයි තහනම් කරා කිව්වට ඒක රේඩියෝ/ටි.වී එකේ යනවා ).. Daddy මේ සම්බන්ධයෙන් මොකක් කියයිද දන්නේ නැහැ , මම හිතන්නේ නැහැ අපහාසයක් කරන අරමුණෙන් මේ ගාථාව දැම්ම කියන එක නම්..

      Delete
  14. මේ සිංදුවේ අවුලක් නෑ බං..සින්දුව හොඳා...

    ReplyDelete
    Replies
    1. එහෙම් එහෙම් රාජ් අයියේ..

      Delete
  15. මම මේ සිංදුව අහලා නෑ. අහලම කමෙන්ට් කරන්නම් !+

    ReplyDelete
    Replies
    1. අහලා බලන්නකෝ මධුරංග අයියේ..

      Delete
  16. උබලට කවදා හරි තේරෙයි ඔකේ තියෙන නරක.ඇයි සිත්තිමනිලා තහනම් කරා නම ඕක තහනම් කරන්න බැරි.මේ රටේ තනිකර බුද්දාගමේ මින්සුන්ට තැනක නෑ.ඒක තමයි ඇත්ත.හෙට අනිද්දා මංගල සුත්තාරේ රැප් කරත් උබල කියයි අවුලක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. නිකන් මෝඩ කතා කියන්න එපා බන් ඇනෝ :P

      Delete
  17. ඔය සිට්ටි මනිලා සින්දුව තහනම් කරා කියන ය මට පොඩ්ඩක් එක ගැන කියනවද? මොකද ඔය තහනම් කරා කියන සින්දුව උදේ හවස රේඩියෝ චැනල් වල යනවනේ වීඩියෝ එකත් ඉදලා හිටලා මන් දැකල තියෙනවා එහෙම නම් එක තනහමක් වෙන්න බැහැනේ :D

    අනික අමතක කරන්න එපා සිට්ටි මනිලා සින්දුව තහනම් කරන්න කලින් දවසේ රෑ ඒ සින්දුවට සම්මාන දෙකක් ලැබුන විත්තිය [ මොන සම්මානද කියල මතක නැ එත් ප්‍රසිද්ධ සම්මාන දෙකක් ]

    ReplyDelete
    Replies
    1. හිකිස්‌... ඕක තහනම් කරා කියලා වෙබ් එහෙක තමයි මාත් දැක්කේ...මොකද වීඩියෝ එකේ අවුලක් හින්ද ද දන්නේ නෑ තහනම් කරේ ( එහෙම අවුලක් තිබ්බද ? )
      මොකද දෙරණේ ඇනිවසරි ෂෝ එකෙත් ඔය සින්දුව කිව්වා වගේ මතකයි...

      Delete
  18. ගීතයේ භවතු සබ්භ මංගලම් කියන කොටස් තියෙන්නේ මංගල උළෙලක් සංකේතවත් කරන්න මිසක් සංස්කෘතිය කන අරමුණකින් නෙවෙයි. එත් සංස්කෘතිය කනවා කියන ඇහෙන බැලුවොත් වැරදියට පෙනෙයි. පාට කන්නාඩි දාගෙන ලෝකේ බලනකොට ලෝකේ පේන්නෙත් පාට පාට. ඉතින් කවදාහරි ඒ කන්නාඩි නැතුව ලෝකේ බලන්න පුළුවන් උනොත් ඔය සංස්කෘතික වාදියෝ තමන්ගේ මතෙන් බැහැරව ඉඳීවි. ඒත් ඒක මේ කපේට වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලයික් දිස් කොමෙන්ට්....

      Delete
    2. සිරාම කතාව අයියා..පාට කන්නාඩි වලින් බැලුවම හැම එකක්ම අප්සෙට් එහෙකට පේන්නේ..

      Delete
    3. ඔයාගෙ කතාව හරි.. කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.

      Delete
  19. මෙහෙමයි මචං....මෙතනදී රාමුවෙන් පිටතට ඇවිත් හිතන්න ඕනේ....
    පළවෙනි කාරණේ තමා මට නම් මේක සෑහෙන්න හොඳ නිර්මාණයක්....සංගීතය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා....ඒකට "භවතු සබ්බ මංගලම්" ගාථාව යොදා ගැනීමෙන් මට නම් ගාථාවට කිසිම අගෞරවයක් වෙලා තියෙනවා කියලා කියන්න අමාරුයි.
    දෙවෙනි කාරණේ බැරි වෙලාවත් ඔය සිංදුවේ රූප රචනය නොතිබුනා නම් මොකද වෙන්නේ?එතනදී ඔය කෑගැහිලි මොකුත් තියෙනවද?කවදාවත් එන්නේ නෑ.....හැබැයි අද වෙද්දී ගීතයකට රූප රචනය අත්‍යාවශ්‍යයි කියලා මතයක් තියෙන හින්දා රූප රචනය කරනවා...
    මේක ගැන සාකච්ඡා කරන බහුතරය ඇත්තටම කිව්වොත් බෞද්ධ අන්තවාදීන් පිරිසක්....ඒ අයට තාම තේරෙන්නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරේ බුද්ධ ධර්මය ‍අවබෝධ කරගන්න කියන එක....එහෙම උනා නම් කවදාවත් බෞද්ධාගම පිරිහීමට තියා වැනසිලා යන්නෑ....හැබැයි දැන් තත්වය අනේ මන්දා?

    ReplyDelete
    Replies
    1. "මේක ගැන සාකච්ඡා කරන බහුතරය ඇත්තටම කිව්වොත් බෞද්ධ අන්තවාදීන් පිරිසක්" ඒ කිව්වේ බුකියෙයි...ඕක ගැන මුලින්ම දාලා තිබ්බ ‍බ්ලොග් එකෙයි කට්ටිය ගැන...මෙතන කතා කරන කට්ටිය ගැන නෙමේ....හි හි හි

      Delete
    2. ඒකනේ මචං..දැන් අපේ එවුන අප්සෙට් වෙලා ඉන්නේ , ඔය වීඩියෝ එක හින්දනේ..මට නම ඔය සීන්දුව එල..ඒ කියන්න දැන් තියෙන අනිත් සින්දු එක්ක බලනකොට අහන ඉන්න පුළුවන්...
      උබ කිව්වා හරි වීඩියෝ එක නැත්තනම් ඔය සීන් එකක්වත නැති වෙන්නත් තිබ්බා

      Delete
  20. //මොකද උගේ සින්දු වලින් නම් නෙවයි මෙහෙ සංස්කෘතිය නැති වෙන්නේ..//

    සපුරා එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. ඕක කියපු ඒකාට මාත් ඒ වෙලාවේ ඕක කිව්වා

      Delete
  21. හ්ම්ම්.. නියම කතාව.. ඇත්ත!! ඒත් මමත් චින්ති කියන එහෙම සමහර සින්දු වලට අකමෙතියි!! මංදා... මගේ රසවින්දනයනෙ..

    ReplyDelete
    Replies
    1. හි හි..සමහර ඒවා හොදටම අවුල්..සමහර ඒවා හොදා..

      මේ සින්දු දෙක අහලා බලන්නකෝ ;)
      1.මම නම් හිත් හොරගන්නේ නෑ..
      2.ඔබ ලැබෙනා තුරා

      Delete
    2. අපේ සමහර අයියලා ගංජා ගැන, මත්වීම පිලිබදව කියා ගන්න කෙලින්ම තණමල්විල මල් කියල සින්දු කියන කාලේ චින්ති ඒක කොච්චර ලස්සනට වහල වක්‍රව කියනවද?

      ඔය ස්වීට් හවුස්..(Sweet house)කියන සින්දුව අහල බලන්නකෝ...

      Delete
  22. ඩැඩීලගේ සිංදුවේ අවුලක් වගේ මටත් පේනවා, මොකද මල්ලි අනිත් සිංදු වලට "ගාථාව" කියන ප්‍රශ්නේ ආවෙ නැහැනේ. හැබැයි මටත් ඔය ඊයෙ ගිහිපු පෝස්ට් එකෙන් තමයි ඒක ක්ලික් උනේ.

    මම අනිත් කතාව එක්ක නම් එකඟයි, සිංදුවක් අහලා ගංජා ගහන්න පුරුදු වෙන එකා නම් සුපිරි මෝලෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇනෝ අයියේ ..ගාථාව දාල තියෙන්නේ මංගල උත්සයක් කියන හැගීම දෙන්න කියන එකයි මම නම හිතන්නේ...

      Delete
    2. අෆ්ෆා මේ අපේ ජනක අයිය නේ .. :D

      Delete
    3. ප්‍රශ්නේ බුද්ධගමේ කියන හැම දේටම කියන්නේ ගාථා කියනලානේ...කව්රුවත් එකේ තියෙන ප්‍රභේද ගැන කතා කරන්නේ නෑ...ඔය කිහිපයක් මම කියන්නම්, ආශිර්වාදාත්මක ගාථා, බෝධි පූජා ගාථා,සිද්ධස්ථාන වන්දනා කරන ගාථා, බුදුන් වදින ගාථා..දැන් පොඩ්ඩක් හිතල බලන්නකෝ භවතු සබ්භ මංගලම් කියන්නේ මොන වර්ගයේ ගාථා වකද කියලා.....ඊට පස්සේ බලන්න ඔය සින්දුවේ අවුලක් තියෙනවද කියල බලන්නකෝ....

      Delete
  23. මාත් ඔය සින්දුවේ තියෙන දේ ගැන වරදක් දකින්නේ නැහැ.ඔයිට වඩා සංස්කෘතිය විනාස වෙන වැඩ කොච්චර මේ රටේ වෙනවද...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන්...ඔය සීන්දු නම මොනා ද

      Delete
  24. මම මේ අදමනේ මේක ඇහුවේ.. දැන් එතකොට මේක තහන්ම් කරලද? මෙහෙමම ඩවුන්ලෝඩ් කරන්න ඕන.. නැත්නම් ආයෙම හොයන්න තැනක් නැති වෙනවනෙ..

    ReplyDelete
  25. Da Vinci Code තහනම් කරේ මොකදෝ???? එව්වා කැත වැඩ...හි හි. ඒක තහනම් කරපු එකට කවුරුවත්ම මේ වගේ විරුද්ධ උනේ නැද්ද චම්මා?

    ReplyDelete
  26. හ්ම්ම් මට මේ ගැන හිතුනේ මෙහෙම..

    මුලින්ම රූප නොබලා තමයි මට සින්දුව අහන්න උනේ..(ඔපීසියේ නේ හිටියේ..:D). ඒක එච්චරම අවුලක් කියලා හිතුනේ නැහැ..හැබැයි රූප එක්ක බලද්දී නම් පොඩි අවුලක් දැනුනා. මෙතැනදී රූප රචනයේ වගකීම ත් ගීත නිර්මාණය භාර ගන්න ඕන කියලා හිතලා තමයි මම කතා කරන්නේ..ගාථාව යන වෙලාවට යොදා ගෙන තියන රූප රාමු ඒකට නුසුදුසුයි කියන එක තමයි මගේ හැඟීම.

    මේක ලොකු වැරද්දක් කියලා කියනවා නෙමෙයි, මේක ලොකු වැරදි වලට පාර කපන මුලක් වෙන්න පුළුවන්. එක මනුස්සයෙක්ට තනිවම සංස්කෘතිය විනාශ කරන්න බැරි බව ඇත්තයි. ඒත් එක්කෙනෙක් කරන පුංචි දෙය පවා කිසියම් විදියකින් ඒකට දායක වෙනවා.

    Overall - හොඳ ගීතයක්...සංගීතයේ වරදක් නැහැ..තහනම් කරන්න තරම් වරදක් දකින්නේ නැහැ..රූප රචනයේදී මිට වඩා සැළකිලිමත් උනානම් හොඳයි..

    ReplyDelete
  27. ඔය සින්දුවේ ‍එහෙම අවුලක් මටනම් නෑ. සංගීතය පැත්තෙන් කියනවා නම් හොඳ සංගීත නිර්මාණයක්. අනික සිත්තිමනීලා සින්දුව ගැනත් කියනවනම් ඒ වගේ විශිෂ්ට සංගීත නිර්මාණයක් තහනම් කරපු එකා සංගීතය දන්නේ නැති එකෙක්. එහෙම නැත්නම් කිසිම රසවින්දනයක් නැති එකෙක්.

    ReplyDelete
  28. ආගමික දේවල් ඒ විදියට තියෙන්දෙන්න ඕන. අනිත්එක නිදහස කියනදේ වල්බූරු නිදහසක් නොවිය යුතුයි. පහුගිය කාලෙ දළදා මාලිගාවෙ රූපය ටී ෂර්ට් එකකට ඔබ්බවල තිබුනා. ඒකෙන් සිද්ධවෙන මහලොකු හාණියක් නැතත් ඒවගේ දේවල් හැර දාන්න වෙනත් දේවල් මෙයාලට නැද්ද? තහනම් කරාවි කියල හිතන දේවල් නිර්මාණ ඇතුලට දාන්නෙ නිර්මාණාත්මක අතින් බංකොලොත් වෙච්ච එව්න්. නන්දා මාලනීල වික්ටර් රත්නායකල අමරදේව මාස්ටර්ල.... වගේ සංගීත ලෝකයේ අමරණිය කලාකාරයෝ ගංජ ගැන, ගාථා රැප්කිරීම වගේ තුට්ටු දෙකේ නිර්මාණ කරල තියනවද? මම කියන්නෙ තමන්ගෙ සිංදුවක් තහනම් කලාම ඒකෙන් "මාත් පොරක්" කියන හැගීම ඇතිකරගන්නයි මේවගේ බංකොලොත් නිර්මාණ කරන්නෙ. මොකද අද බිහිවෙන ගීත වලින් ‍ඉතාමත් සුළු ප්‍රථිශතයයිනේ අහන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ.

    @බිම්සර
    //සිත්තිමනීලා සින්දුව ගැනත් කියනවනම් ඒ වගේ විශිෂ්ට සංගීත නිර්මාණයක්//
    එතකොට මම උඩින් දක්වපු ගායක ගායිකාවන්ගේ සිංදුවල ඉස්සරහට දාන්න පුළුවන් විශේෂණ පදය කියනවද මල්ලී?

    ReplyDelete
    Replies
    1. ඔය ගීතයේ කොතනකවත් රැප් සංගීතය බිඳක්වත් ගැවි නැත

      Delete
    2. @ රාජ්: ඒවාට කියන්න පුළුවන් ඇති විශිෂ්ට කියලා...

      Delete
  29. මගෙ අදහස .... මමනම් මෙ සින්දුවට කැමති කතොලිකයෙකු උනත් සිංදුවෙන් හරි ගයාන් මංගල චාරිත්‍රය බුදුගුන සිහිකරලා පෙන්වන එකට

    ReplyDelete
  30. මේ සින්දුවේ අදහස හොඳයි. ඒත් මගේ විරුදධත්වය ප්‍රකාශ කරන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා.
    ගොඩක් අය තර්ක කරනවා රූප රචනාවක් නැත්තම් මේක ගැන නරකක් කියන එකක් නෑ කියලා. ඒත් රූප රචනා කළ ගීතයක් ගැන කතා කරනකොට රූප රචනය අත හැරලා කතා කරන්න බෑ. මොකද රූප රචනයත් ගීතයේ අංගයක් වෙලා තියෙන නිසා. ඒ නිසා රූප රචනයේදි මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
    අනිත් කාරණය තමයි, මංගල අවස්ථාවක් නිරූපණය කිරීම සඳහා ගාථාව යොදා ගත්තා කියලා තර්ක කළා ට, මංගල අවස්ථාවකදී සෙත් පතන අරමුණින් ගාථාවක් කියන ස්වරයක් නෙවෙයි මේ ගීතයෙන් ඇසෙන ගාථාවේ තියෙන්නේ. ඒ වෙනස හිත ට දැනෙන අය තමයි, මේකේ අවුලක් දකින්නේ. (sameera දාපු කමෙන්ට් 1ට මගේ reply එකෙන් මං ඒක පැහැදිළි කරලා ඇති ).

    අවසාන වශයෙන් කියන්න පුළුවන්, මේ ගීතය තහනම් කළ යුතු තරම් බරපතල මට්ටම ක නෑ කියලා. ඒත්, කලාකරුවන් සිය නිර්මාණ කරන විට හැමදෙයක් ම හොඳින් සලකා බලා කරන්න ඕනේ.
    (කලාකරුවන් ට නිදහසක් තියෙන්න ඕනේ තමයි. ඒත් ලෝකයේ හැමදේකට ම සීමාවක් තියෙනවා කියලත් දැනගත යුතුයි.
    "ඔබ ට නිදහස භුක්ති විඳීම ට ඇති අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙලවර වේ"
    -හැරල්ඩ් ජේ. ලැස්කි-)

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  31. තවත් විචාරයක්...

    http://www.youtube.com/watch?v=FojewjED3kU

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!