Saturday, July 14, 2012

ඒ කාලේ තෝසේ කාපු ක්‍රම !!

සාමාන්‍යයෙන් අපේ රටේ ලාභෙට කෑම කන්න ඕන නම් යන්න ඕන තැන තමයි තෝසේ කඩ කියන්නේ.ඔය තෝසේ කඩවලට ගියාම කොයි කවුරුත් තෝසේ කාලා , ප්ලේන් ටී එකක් නේ බොන්නේ. සමහර 'පොෂ්' තෝසේ කඩවල නම් ඉතින් ෆලුඩා එහෙමත් තියෙනවා මම දැකලා තියෙනවා. හරි දැන් සීන් එක මේකයි , මම ඒ/ලෙවල් පන්ති ගියේ බම්බලපිටියේ තැනකට. බමබා වල තියෙනවනේ අම්රිතා කියලා ටිකක් ප්‍රසිද්ද තෝසේ කඩයක් , අපෙ සෙට් එක ඇතුළු ඔය ක්ලාස් ආපු හැමෝම ඒ දවස්වල කෑවේ බිව්වේ ඔතනින් තමයි. ක්ලාස් එහෙක සෙට් එකක් තෝසේ කඩේට එනකොටම මුදලාලි ගේ මුණ ඇඹුල් වෙනවා , මොකෝ ඉතින් ආවා කියන්නේ කඩේට රුපියල් 200-300 පාඩුයි නේ. ඔය දවස්වල කට්ටිය සෙට් වෙලා කන්න ගිහිල්ලා කඩේට අලාභ කරපු විදි තමයි මේ.

1 ක්‍රමය
ගොඩක් වෙලාවට කන්න යන්නේ හය -හත් දෙනෙක්ගේ සෙට් එකක් නේ.කාලා ඉවර වෙලා බිල එන්න කලින් සෙට් එකේ එකා දෙන්න හිමිට මාරු වෙලා යනවා.එතකොට ඉතින් අන්තිමට ඉන්න දෙතුන් දෙනාට තමයි බිල ගෙවන්න සෙට් වෙන්නේ. හැබැයි පස්සේ ක්ලාස් එකේදී සෙට් උනාම සල්ලි දෙනවා.ඒ වෙනකොට ඉතින් පරම්පරා ගානක නෑයෝ අර බිල ගෙවපු එවුන් මතක් කරලා ඉවරයි.

2 ක්‍රමය
ඔය කඩේ ඉන්නේ සීමිත වැඩ කරන ප්‍රමාණයක්.ඉස්කොලේ ඇරුනම / කට්ටිය වැඩි වෙලාවට , එන අයව පාලනය කරගන්න හරිම අමාරුයි.තමන්ගේ බිල එහෙම ළගට ගෙනල්ලා හම්බුවෙන්න නැති තරම්.ඉතින් ඔය වගේ වෙලාවට ( ඔය වගේ වෙලාවල් බලලම තමයි අපි කන්න යන්නේ ) , මුදලාලි ළගට ගිහින් තමන් කාපු-බීපු දේවල් කියලා තමයි සල්ලි ගෙවලා යන්නේ. ආයේ ඉතින් කියන්න ඕනේ නෑනේ , කවදාවත්ම හරියට කාපු දේවල් නම් කියලා නෑ. ;)

3 ක්‍රමය
මෙන්න සාර්ථකම ක්‍රමය.සෙට් එකේ අය ගිහින් කෑම ඕඩර් කරනකොට , තෝසේ කඩේ තියෙන කන්න පුළුවන් හැම ජාතියෙන්ම ගේන්න කියනවා.තොසේ/වඩේ/කොත්තු/පරාටා/රොටි/තේ/බිම/... .සාමාන්‍යයෙන් බිල ගේනකොට  එක එක්කෙනාට වෙන වෙනම ගේන්න කියන්නේ නැහැනේ , ඔක්කොමලටම එකට තමයි ගේන්න කියන්නේ. බිල හදනකොට වේටර් මල්ලිට තමයි තරු පේන්නේ.මොකෝ හැම ජාතියේන්ම එක එක ඒවා ටේබල් එකේ , සමහර ඒවා කාලා නැහැ. ආයේ මොනාද , 10 පාරක් මේ ක්‍රමය පාවිච්චි කලොත් 7-8 පාරක් වත් ගේන්නේ වැරදි බිලක්‌ තමා.

4 ක්‍රමය
හරිම සරලම සහ භයානකම ක්‍රමය. ආයේ කෑවනම් බිව්වනම් මොකටද කාපු-බීපු තැන්වල ඉන්නේ කියලා කියමනක් තියෙනවනේ. කාලා ඉවර උන හැටියේම ටාර් ගාලා මාරු වෙන්න තියෙන්නේ.හැබැයි ඉතින් අහු උනොත් චාටර්.ආයේ ඒ පැත්ත පළාතේ ඇවිත් ඉවරයි.


 මේ ක්‍රම සියල්ලම වගේ , ඒ කාලේ අත්හදා බලලා තියෙන්නේ , ඒ හින්දා සාර්ථකවත්වය ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. හැබැයි මේවා පාවිච්චි කරලා චාටර් උනොත් ඔන්න මම නම් නෑ.

25 comments:

  1. අපෝ වංචා කරලා කන කෑම දිරවන්නේ නැහැ බං.
    හුඟ දවසකින් දැක්කේ...

    ReplyDelete
  2. මාත් කාලයක් අම්රිතා එකෙන් තෝසේ කෑවා. තෝසේ එකත් එක්ක දෙන රතු සම්බෝලයට තමා මම් මාර ආස. කහ පාට සම්බෝලයත් පට්ට !!!

    ඒ කාලේ ඔය අම්රිතා එක ගාව තිබ්බ ලොකු බිල්ඩින් එකක තමා මම වැඩ කලේ. මීවැල්ල බිල්ඩින් එක කිව්වම මිලාගිරියේ ඕන කෙනෙක් දන්නවා. අම්‍රිතා එකත් තියෙන්නේ මිලාගිරියේ නෙව. හික්ස් :)

    මිලාගිරියේ ක්ලාස් එකක් කියලා කිව්වම තියෙන්නේ එකම එක ක්ලාස් එකයි. ඒකේ නම නම් කියන්නේ නෑ. අර කදිරේශන් කෝවිල එහා පැත්තේ ක්ලාස් එක නේ බොලා කියන්නේ.

    උබලා සෙට් එක මාර පාඩුවක් එවුන්ට කරලා තියෙන්නේ. මතක් වෙනකොටත් හිනා. :)

    ReplyDelete
  3. අපි කලේ මෙහෙමයි... පාඩුවේ කනවා... බිල ගෙන්න ගන්නවා... ඒකත් අරන් කැශියර් ලඟට යනවා... බිල අතේ තියාගෙන කැෂියර් නැත්නම් මුදලාලිගෙන් රුපියල් සීයක් මාරු කරගන්නවා... ඒක බලන් ඉන්න වේටරයා හිතන්නේ අපි බිල ගෙව්වා කියලා... ඔහොම ඉතින් එක රුපියල් 100න් සතියම කුරුණෑගල තිබ්බ තෝස කඩ පහෙන්ම කනවා... වියදම් නොවී තිබ්බොත් ඊලඟ සතියෙත් ඒ රුපියල් 100ම තමයි....

    අත්දුටුවයි සත්තයි.. ජීවිතේට අහු වෙන්නේ නෑ.... :D :D :D

    ReplyDelete
    Replies
    1. Amdan iya uba nam patta pata pata ban...:P

      Delete
  4. මරු. මටත් තියනව මේවගේ කතා ගොඩක්‍. දාන්න ඕන.

    ReplyDelete
  5. මම නම් ඔය කඩවල් වලින් කාපු හැමපාරම හිතුනෙ කෑවට වඩා වැඩියෙන් දාලා කියලා..

    ReplyDelete
  6. අෆ්ෆා .. උඹලා මහ චාටර් නේ :P අපි නම් ඔව්වා කොරන්නේ නැහැ .. :P

    ReplyDelete
  7. අහ්හ් හා...අයියාත් පොඩ්ඩක් චාට්‍ර් වෙලා තියෙන පාටයි!!!! ;)

    ReplyDelete
  8. වැලිවිට ස්ටෝස් එකේ අන්කල් ඔළුව මේසෙට ගහගත්තා හොරකම ඉවසන්න බැරුව. ඉස්කෝලෙ දන්නෝ දනිති.

    ReplyDelete
  9. තොසේනම් තනිකරම ජරාව

    ReplyDelete
  10. අපේ එකෙකුත් සෙට් එකක් එක්ක තෝස කන්න ගිහිල්ලා සේරම එකට කාලා ඩවර වෙලා අත් එහෙම හෝදගෙන අරූ ඌ කාපුවගේ සල්ලි දෙන්න කියලා පර්ස් එක ගන්න හදද්දිම අනිත් එවුන් ටික දුවලා .මූට වැඩේ එච්චර මීටර් වෙලා නෑ .එකට ආපු සෙට් එක හින්දා මූත් අන්ගේ පිටිපස්සෙන් දුවලා.ටික දුරක් යන කොට එකෙක් කියනවලු අඩේ බං මගේ පොතක් කඩේ දාලා ආවනේ කියලා.ඊට පස්සේ මූ තනියම ගිහිල්ලා මුදලාලිගෙන සමාවත් අරගෙන පොත ආපහු අරගෙන අරන් ඇවිල්ලා.මුදලාලි මූට සමා දීලා නෑ දීලා තියෙන්නේ ඩබල් කරපු බිල ලු.
    සත්‍ය කතාවක් ඈ

    ReplyDelete
  11. අපි කෑව තව ක්‍රමයක්

    කඩේට යනවා...ගිහිල්ලා ඒකෙ ඉන්න හැම වෙටර්ගෙන්ම කෑම ගෙන්න ගන්නවා...අඩුවෙන්ම කෑම ගෙනල්ල දුන්න වේටර්ගෙන් බිල ඉල්ලනවා....

    තවත් එක ක්‍රමයක්
    කඩේට ගිහින් කෑම ඉල්ලනවා...ඔය අතරේ කාලා ඉවරවෙලා අත හෝදන්න යන අයගේ මේසවල කාල ඉවරවෙලා බිල ගෙවලා යන මේස වලින් නොදැනෙන්නේ කෑම ගන්නවා..ඔය වගේ දවස වලට වේටර් ගෙන් අඩුවෙන් කාලා අර ඇම්ඩා කිව්ව විදිහට කැෂියර් එකෙන් 100ක් මාරු කරගෙන ගෙදර යනවා...

    ReplyDelete
  12. siravata ^ like the comment..

    n api oya 4 vei eka kareema na neda ?? next time karamuda >>

    ReplyDelete
  13. කටට කෙල උනනවා බං... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. මචන් ඒ නම අම්රිතා නෙවෙයි අමිර්තා... හොදට බලපාන් බෝඩ් එ‍ක...

    ReplyDelete
  15. මචන් ඔය කඩේ නම අම්රිතා නෙවෙයි. අමිර්තා... ගොඩක් අයට පැටලෙනවා.. මම අවරුදු ක් ඔතනින් බැහැලා ඉස්කෝලේ ගියේ,, ඔකේ නම මමත් හිතන උන්නේ අම්රිතා කියල. එඅත් හරි නම අමිර්තා.. හොදට බලපාන බෝඩ් එක..

    ReplyDelete
  16. අමිර්තා එකෙන් කෑම කෑවා නම් ක්ලාස් ගිහිල්ලා තියෙන්නේ ' ශක්ති ' එකටයි. අපි යන කාලෙත් පුදුම පිස්සුවක් තිබුනා අමිර්තා එකේ කෑම ලිස්ට් එකේ තියෙන කෑම දවසක එක බැගින් කාලා ඉවර කිරීම. හැබැයි ඒකට සෑහෙන කාලයක් ගියා......

    ReplyDelete
  17. හැමදාම හවසට ඔවා තමයි..!

    ReplyDelete
  18. වේටර් කොලුවට ජරාවක් දීලා බිල අඩුකරගන්න ක්‍රමයකුත් තියනවා...
    -Gamaya-

    ReplyDelete
  19. මේක කියවලා මට තෝසෙ බඩගින්නක් ආවා. :((

    ReplyDelete
  20. චම්මා කාලෙකින් තෝසේ ගෙනත්... මමත් ඔතනින් කාලා ඇත.. ඒත් බිල ගෙවා ඇත. :-) මොකද එතකොට රස්සාව කළා නේ. :-)

    ReplyDelete
  21. අත්දැකීමෙන් කියන්නෙ ඔය හැම ක්‍රමයක්ම පට්ට සාර්ථකයි...අමාරු උනත් ඔය අන්තිම එක තමා ආතල්ම වැඩෙත්...

    ReplyDelete
  22. හරී සනීපයක් දැනෙනවා බලං ගියාම කවුරුත් එක නිසා!
    henryblogwalker the Dude

    ReplyDelete
  23. අම්රිතා හරි අමිර්තා හරි තෝස කඩවල කෑම නම් රහයි තමා... :)))

    ReplyDelete
  24. මගෙ කමෙන් එක ස්පෑම් වෙලා වගෙ. කමක් නෑ ‍තෝසෙ කියන්නෙ ඉස්කෝලෙ යන කොල්ලන්ගෙ ප්‍රධාන ආහාරය කිව්වත් වරදක් නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!