Tuesday, June 28, 2011

අපේ කට්ටියගේ අලුත් ගැජමැටික් එක

අපේ මෙට්‍රෝ එකේ සෙට් එකට දැන් අලුත් ගැජමැටික් එකක් සෙට්වෙලා ඇත.අලුත් කිව්වට ඉතින් බ්ලොග් ලියන අයට නම් මෙය අලුත් නැත. ගැජමැටික් එක නම් සිංහලෙන් අප්සෙට් එකක් නැතිව ටයිප් කිරීමයි.ගුගල් දෙය්යාට පින් සිදු වෙන්න අපේ කට්ටිය හිටු කියා ගැජට් එක ඩවුන්ලෝඩ් කොරගෙන ඇත.

සාමන්‍යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ). මේ නව ගැජට් එකට කොතරම් ඇබ්බැහි ව් ඇද්දැයි කියතොත් දැන් අපේ අය බුකියේ ස්ටේටස් අප්ඩේට් කරන්නෙත් සිංහලෙනි.

මේ එවැනි එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවා දෙක තුනක්.සිරා වැඩේ කියන්නේ ඉතින් ඒවාට කමෙන්ට් වැටෙන්නෙත් දැන් සිංහලෙන් නොවැ.

මේ අපේ තට්ට අයියා දාපු එකක්

අපේ තට්ට අයියාගේ ස්ටේටස් එකක්

ඔය අස්සේ අපේ සොනිකාට ත් මොකක්ද මන්ද බයිට් එකක් යනවා.ඒකත් ඉතින් සිංහලෙන්ම තමා.

සොනික් ට මඩ පාරක්


ෆන් ස්ටේටස් අස්සේ හෙන සීරියස් ඒවාත් ඉතින් තිබ්බ.මේ එයින් දෙක තුනක්.
" පාළුව කියන්නෙ මොකක්ද කියලා මම ඉගෙන ගත්තෙ ඔයා මගෙ ජිවිතෙන් යන්න ගියාමයි. "
   "සමහර ‍දේදවල් එ‍හෙම තමයි...අන්තිම ‍මොහොතේ .... අ‍පෙන් ගිලිහිලා යනවා. " 
" ඇත්තටම ඇය ම‍ෙගද ? ඇය මැවු‍නේ මටමද ?සත්තයි.....ඇය කා‍ගේදැයි  ‍නොමදැන ...බලා‍පොරොත්තු තබා‍ගෙන හිස් අහස පි‍රෙන්නම මම ඇයට කොතරම් පෙම් කලාද ? " 

ඔය ජරමර සේරම අස්සේ අපේ එකෙක් සිංහෙලෙන් ලව් කරන්නත් පටන් අරන්නේ.
සිංහලෙන් ලව් කිරීම


ඔය අස්සේ ඉතින් මැසේජස් වලත් ඉතින් ලාවට වගේ සිංහලෙන් බයිට් පාර යනවා.

මේ ඉතින් මැසේජස් වල ගියපු මඩ පාරක්

එක අතකට ඉතින් ජපන් අයට ජපන් භාෂාව තියෙනවා එයාලගේ පරිගණක වල.අනිත් ප්‍රධාන රටවලත් ඉතින් එහෙමනේ. එහෙව් එකේ ඉතින් අපිත් හැම තැනම අපේ මව් භාෂාව භාවිත කරන එකේ කිසි වරදක් නැහැ.මේ ගැජට් එක ඉතින් තාම අපේ අයට අහුවෙලා දවසයි දෙකයි නේ, ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙවී.

ප.ලි - මේකත් ඉතින් කියන්නම ඕන මේ ස්ක්‍රින් ෂොට් එහෙම දැම්මේ කාටවත් මඩ ගහන්න එහෙම නෙවෙයි.සිරාවටම කියන්නේ ඔන්න මඩ ගහන අරමුණක් නම් මගේ තුන් හිතකවත් (නො) තිබ්බේ නැහැ.අපේ කට්ට්ය මාත් එක්ක ඔන්න තරහ වෙන්න එපා.

Monday, June 27, 2011

කාගෙද වරද

මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ  නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.

මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ගමන් සගයෝ ගොඩක් අන්තිමට දැක්කේ නම් මේ ලගකදී තිබ්බ බස් වර්ජනය වෙලාවේ.

මේ මොන බස් එකේ ආවත් දෙහිවල ගුවන් පාලම පහු කරන්න ඕනනේ.මම මේ කියන්න හදන අත්දැකීම නම් ගොඩක් අයට ඇති.දෙහිවල වර්ණ සලකුණ ළග බස් රථය නතර කරාම ගොඩක් අය කරන දේ තමයි ටක් ගාලා බස් එකෙන් බහින එක.හැබැයි ඒ වෙලාවෙම බස් එක ඉදිරියට ගත්තොත් මොකද වෙන්නේ ?. බොහෝ වෙලාවට ඉතින් වටිනා ජිවිතයක් නැති වෙනවා. දෙහිවල විලියම් මංසන්දිය , ගල්කිස්ස මංසන්දියේ එහෙම මෙවන්‌ සිදුවීම් නිතරම බලා ගන්න පුළුවන්. එක දවසක් ගල්කිස්සේදී කාන්තාවක් මේ වගේ බහින්න ගිහින් බසයෙන් වැටුනා.ඇගේ ජීවිතයට අනතුරක් උනේ නැත්තේ නම් පෙර පිනකින් වෙන්න ඕන.

කතාවේ හොදම දේ වෙන්නේ ඊට පස්සෙ. බස් එකකින් අර විදියට කවුරුහරි වැටුනොත් ඒ අවට වටා පිටාවේ ඉන්න මිනිස්සුයි , බස් එකේ මින්ස්සුයි හැමෝම ඉස්සෙලාම කරන්නේ බස් එකේ කොන්දොස්තරටයි , රියදුරු ටයි පුළුවන් තරම් බනින එක. වැටිච්ච මනුස්සයාට ටිකක් බරපතලයි වගේ නම් ඉතින් කොන්දොස්තරටයි , රියදුරුටයි අතින් පයින් සංග්‍රහ කරන්නත් ඉතින් අමතක කරන්න නැහැ.කවදාවත් වරද කාගෙද කියලා හොයලා බලලා වැඩ කරන්නේ නැහැනේ අපේ අය.ඔය පහුගිය කාලේ සිදුවුන රිය අනතුරු වලදීත් බස් එක ගිනි තියලා රියදුරුට සංග්‍රහ කරලා ඉවරා වෙලානේ නඩුව අහන්න පටන් ගත්තේ.

මොනදේ උනත් ඉතින් ප්‍රයිවට් බස් රථ වලත් ඉතින් සේවය හොදයි කියන්න නම් බැහැ.මම ඉන්න තැන ඉදලා කොළඹට විනාඩ් 45 යන්න පුළුවන් ගමන අපරාදේ කියන්න බැහැ අනිත් බස් වලට වෙට්ටු දාලා, හැම බස් හෝල්ට් එකක්ම මගින් ඇතැත් නැතත් පරික්ෂා කරලා එනකොට පැයත් පැනලා.වෙන විකල්පයකුත් නැති එකේ අපි ට යන්න තියෙන්නෙත් ප්‍රයිවට් බස් විතරනේ.ඒ අයත් ඉතින් අපිට කරන්නේ සේවයක් නේ(ද).

බස් කතාව ඔයින් ඉවරයි.ඉදිරියේදී ඇතිවෙනවා කියන අලුත් ශ්‍රී ලංකාවේ වත් මේ වගේ අප්සට් දේවල් නොවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

Friday, June 24, 2011

SLIIT එකේ අපේ සෙට් එක

මයික්‍රෝසොෆ්ට් එකෙන් නිකන්ම exam කරන විදිය ගැන ලියපු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර හින්දාම මගේ ඊළග පොස්ට් එක ටිකක් ඉක්මන් උනා.ඊලගට මොනවාද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට තමයි අපේ සෙට් එකේ මලියා කිවුවේ  "ලියනවකෝ ඕයි අපි කරපු ප්‍රෝජේක්ට් " ගැන කියලා. ප්‍රෝජෙක්ට් ගැන ලියන්න කියන්න කලින් ඉතින් ඒවා වල ඉන්න අපේ අය අදුර ගන්න ඕන නේ. ඔන්‍න‍ ඔහොම තමයි මේ පොස්ට් එකට අඩිතාලම වැටුනේ.

ඔන්‍න‍ ඉතින් මමත් උසස් පෙළ කරලා Campus එහෙම යන්න බැරුව වැලේ වැල් නැතිව ඉන්න කො‍ට තමයි SLIIT එක ගැන අහන්න ලැබෙන්නේ.ඔන්‍න‍ ඔහේ ඕන එකක් වෙන්න කියලා ඊට පස්සේ ඕකට මමත් ඉල්ලුම් කරනවා.ටික දවසකට පස්සේ මෙන්න ලියුමක් එනවා IQ Test එකක් ලියන්න මාලබේ එන්න කියලා.

A/L වලින් පස්සේ මොන IQ ද. ඒක හින්දා ඉතින් මාත් කෝකටත් කියලා අර බුද්ධි පරීක්ෂණ පොතක් එහෙම හොයාගෙන ප්‍රශ්න ටිකක් එහෙම කරලා ගියේ.ගිහින් ප්‍රශ්න පත්තරේ අතට ගත්තම නම් ඉතින් ඉල ඇදෙන්න හිනා උනා.එච්චරටම (අ)පහසු යි. A/L මැත කරපු අපිට ඕවා මොනාද. ;)

පස්සේ ඉතින් ටික දවසකින් ලියුමක් එහෙම ආවා , ඉලක්කම් 5 ක ගානක් ගෙවලා රෙජිස්ටර් වෙන්න කියලා. 2009 අවුරුද්දදේ පෙබරවාරි මාසේ දවසක හා හා පුරා කියලා මම මෙට්‍රෝ එකට ගියා. මුලින්ම එන්න කියලා තිබ්බේ මට මතක විදියට 9.00 ට වගේ. අපි කවද්ද ඉතින් වෙලාවට වැඩ කරේ. මම කොහොමහරි එදා යනකොට යාන්තමට 10 උනා. :D මුලින්ම ඉතින් අපිට උගන්නන කට්ටිය එහෙම අදුන්වලා එහෙම දීලා ලෙක්චර්ස් පටන් ගන්න දවස එහෙම කිවුවා.

මම මෙට්‍රෝ යනකොට අදුන ගෙන හිටියේ බොහොම සුළු පිරිසක්. එත් අද වෙනකට මම ගොඩක් කට්ටිය දැන අදුන ගෙන ඉන්නවා. ඔය අතරේ හිටපු බොහොම අමුතු චරිත , අප්සට් චරිත ගොඩක් මේ කාලෙට සෙට් උනා.

සාමන්යෙන් වෙන වෙන බැච් සහ අපේ බැච් එක අතර මාස තුන හතරකට වතාවක් වගේ වලි එහෙම සෙට් වෙනවා.අපේ උන්ටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ ඉතින් මොකක් හරි එකකට වලි. අපි අතර හිටපු එකෙක් හිටියා "වලි-ආකර්ෂකයි ". වලි කොහෙද මිනිහා එතන. පොරට වලියේ සම්බන්දයක් තිබුනා හෝ නොතිබුනා අපේ බුවා අපි කට්ටිය නියෝජනය කරමින් වලියේ ඉන්නවා. අපරාදේ කියන්න බැහැ ඉතින් තාම අතක් පයක් කඩා ගන්නේ නැතිව ඉන්නවා යහතින්.

තව හිටියා කට්ටියක් ඔලුව උදුම්ම්වගෙන, සරලව කිවුවොත් "අලි ඔලුවෙන්" ඉන්න අය. තමන් දන්න දේවල් අනුන්ට කියලා දෙන්න අකමැති ජාතියේ පිරිසක්. IT කිවුවාම ඉතින් හැම දෙයක්ම හැම තිස්සෙම වගේ අප්ඩේට් වෙනවනේ, ඉතින් ඔය අලුත් දේවල් අනිත් අයට එහෙම කියල දෙන්න අකමැති අයත් අපි අතරේම හිටියා.

ඔය අය අතරේ ඉතින් දෙපැත්ත කන අය , හතරවෙනි සිල් පදය එහෙම උපරිමයෙන්ම ආරක්ෂා (නො)කරපු අය එහෙම එමටයි. තමන්ට නැති වාහන , ඉඩ කඩම් එහෙම තියෙනවා කියලා " පොර" වෙන්න හදපු එක තමයි මේ කට්ටියගේ වැඩේ උනේ . අනේ මන්දා ඉතින් මිනිස්සුන්ටත් හිතෙන දේවල්.

ඔය  අතරේ හිටියා සිරාම සෙට් එකකුත්.හැමෝටම උදව් කරගෙන පිස්සු කෙලින වෙලාවට පිස්සු වැඩ කරගෙන , ඉගෙන ගන්න කොට ඉගෙන ගෙන ෆුල් ජොලියෙන් හිටපු අයත්.

මම හිතන්නේ මගේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ලබපු තැනක් තමයි මෙට්‍රෝ එක.විවිධාකාර මිනිස්සු මේ ටික කාලයට මෙතනදී මට හමුවුනා. තව ඉන්න පුංච් කාලයටත් මේ වගේම අත්දැකීම් ලැබේවි.මේ ලබපු අත්දැකීම් කවදාකහරි ජිවිතේට ප්‍රයෝජනවත් වෙයි නේ.

ප.ලි - කෙල්ලෝ සහ ආදරය සම්බන්දයෙන් ලිවුවේ නැත්තේ ඕන කමින්මයි. බොක්කෙන්ම ලව් කරපු කොල්ලෝ , බුට්‌ තියපු කෙල්ලෝ ගැන එහෙම කතන්දරත් ඕනතරම්.ඒවා ලියනවා නම් වෙනම පොස්ට් බරගානක් ලියන්න වෙයි.

Saturday, June 18, 2011

මයික්‍රෝසොෆ්ට් Exam නොමිලේම කරන විදිය



හරි ඔන්‍න‍ අද මම අර මයික්‍රෝසොෆ්ට් Exam  නොමිලේ ඉල්ලුම් කරන්න ඕන විදිය කියන්න හදන්නේ.මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ වැඩේ කරගන්න නමි මුලින්ම කරන්න ඕන තමන්ගේ වින්ඩෝස් ලයිව් මේල් එකෙන් මයික්‍රෝසොෆ්ට් එකට මේල් එකක් යවලා , මයික්‍රෝසොෆ්ට් Dreams Park Code එක ඉල්ලුම් කරන එක.
මෙන්න මෙතනට කොටලා අදාළ දේවල් ට්ක පුරවන්න.

ඉල්ලුම් කරන කොට වැදගත් දේවල්


Which DreamSpark product are you referring to? කියන එකට දාන්න Microsoft Visual Studio වගේ එකක්.
ඊළඟට What is the subject of your question or comment? එකට දාන්න Requesting Dreams Park වගේ එකක්.
ඊළඟ පියවර තමා Question or comment එක පුරවන එක.එතනට දාන්න , " ඔයා මයික්‍රෝසොෆ්ට් Exam එකක් කරන්න ඉන්නවා......" වගේ දෙයක්.ඊළඟට  දාන්න ඔයාගේ ඊමේල් එක.මතක ඇතිව ලයිව් එකේ ඇඩ්රස් එක දාන්න.එකක් නැත්තම් ඉතින් හිත හිත ඉන්නැතිව මෙතනට ගිහින් එකක් හදාගන්න.


දැන් ඉතින් කරන්න තියෙන්නේ මයික්‍රෝසොෆ්ට් එකෙන් ප්‍රතිචාරයක්‌ එනකම් ඉන්න එකයි.බය නැතිව ඉන්න පැය විසි හතරක් යන්න කලින් ප්‍රතිචාරයක්‌ එනවා.

ඉතින් ඒ එන රිප්ලයි එකේ තියෙනවා ඔයාගේ එක පාරක් විතරක් පාව්ච්චි කරන්න පුළුවන් Dreams Park Code එක සහ  ඔයා ඊළඟට කරන්න ඕන දේවල් ටික. ඊමේල් එකේ තියෙනවා Dreams Park Code එක activate කරන විධි දෙකක්.කැමැති එකකින් යන්න.ඔය ටික කරගෙන යනකොට ඔයාලට ලැබේවි Exam Voucher code එකක්.

ඊළඟට තියෙන්නේ Prometric වෙබ් එකට ගිහින් ඔන්ලයින් රෙජිස්ටර් වෙන එක ඔයාලට Prometric account එකක් එහෙම දැනටමත් නැත්නම් ඒකටත් මේ ගමන්ම හදා ගෙනම ගියානම් වැඩේ පහසුයි..වෙබ් අඩව්යට යන්න මෙන්න ලින්ක් එක.  ඔතන තියෙන Start එක ක්ලික් කරාම අපිට පුළුවන් exam එක කරන දවස, තැන,වෙලාව, අදාළ exam එක එහෙම තීරණය කරන්න.අන්තිම හරියේ එනවා exam fees ගෙවන්න අන්න එතැනදී තෝරන්න තියෙන්නේ Exam Voucher කියන එක.ඊට පස්සේ අපිට මුලින්ම ගත්තු Voucher code එක එතනට ඇතුළු කරන්න තියන්නේ.ඊට පස්සේ එක වලංගු එකක්ද කියල බලනවා.බය වෙන්න එපා code එක වලංගුයි. :D 

ඔක්කොම අවුලක් නැතුව කෙරුනනම් ඔයාට ඊමේල් එකක් එන්න ඕන.ඔයා තෝරපු exam එක, වෙලාව, තැන, දිනය එහෙම සදහන් කරපු.ඊට පස්සේ ඉතින් දෙය්යනේ කියල exam හොදට කරගන්න එක තමා කරන්න තියෙන්නේ. ;) ;)

මොනවා හරි අවුලක් එහෙම තිබේනම් කියන්න.ඔයාලගේ ප්‍රතිචාර ගොඩක් වැදගත්.එහෙනම් හොදට exam එක කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

Friday, June 17, 2011

මයික්‍රොසොෆ්ට් වෙතින් නොමිලේ IT Exam කිරීමට මාර්ගයකි







මම මේ අද කියන්නේ මට ලගදි අහන්න ලැබුන නිව්ස් එකක්.හැමෝම දන්නවනේ මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන IT Exam ගැන.දැන් මේක තමා කතාන්දරය.පෙර කියපු Exam අපි ගැන දුක හිතිලදා මන්දා නොමිලේම කරගන්න අවස්ථාවක්‌ ලබාදීලා.ඉතාමත් සීමිත කාලයකට තමා මෙම වටිනා අවස්ථාව ලබාදීලා තියෙන්නේ.ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා වෙනකන් විතරයි.
මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන සියලුම Exam සදහාම මෙය අදාලවනවා .මේ සම්බන්ධ වැඩ් විස්තරයක් ඉතාම ඉක්මනින්ම දාන්නම්.

Wednesday, June 15, 2011

පරිඝනක ඉන්ජිනේරුවන්ට අත්දැකීම් වැඩ්වත්ම අනාගතයේ සිදුවන දේ




මේක ඇව්ල්ලා අද මට ඊයකින් ලැබුන එකක්.හැබැයි මොනා උනත් පින්තුරේ තියෙන කතන්දරය නම් සිරා.අපිටත් ඉතින් තව ඉස්සරහට යන කල දසාව ගැන නම් ඉතින් මට ලාවට වගේ දුකත් හිතුනා.
එක අතකට ඉතින් IT Field එකේ ජොබක් කරන එකෙක් Computer ඉස්සරහා ඉන්නේ නැතුව වෙන මොකක් ඉස්සරහා ඉන්නද :පි


අපි සිංහල නේ

ඔන්න මමත් ඕන දෙයක් වෙන්න කියල අද ඉදන් සිංහලෙන්ම පොස්ට් දාන්න තීරණය කලා..ට්කක් කටු වැඩක් තමා,ඒ උනාට ඉතින් දන්න දෙයින්ම දාන එකම හොදා නේ :පි

මම මගේම කියලා බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ නම් ගොඩක් ඉස්සර.ප්‍රධාන අරමුණ කෙටියෙන් කියනවානම් Google Ad Sense තමා. ;) ඒත් ඉතින් " අපිට කොයින්ද පුසෝ මාලු" කියනවා වගේ අපිට කොයින්ද ඉතින් ඇඩ්.පස්සේ පස්සේ ඉතිම ඇඩ් සීන් එක හරියන්නැහැ කියලා තේරෙන්න ගත්තා.එහෙන්ම බ්ලොග් කෙරුවාවත් ඉවර උනා.එහෙම අතඇරලා දාපු බ්ලොග් කෙරුවාව තමයි මේ ආයි පටන් ගන්න හදන්නේ..
බ්ලොග් එක ලියලා ලියපු එක දිහා ආයි ආයි බලනකොට මොනවා උනත් හිතට දැනෙන දේ කියන්න නම් වචන නැහැ :) :)
එහෙනම් අපි ආයි මේ සයිබර් අවකාශය තුලම හමුවෙමු.හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. :) :)