Showing posts with label ස්ලිට්‌ එකේ කථා. Show all posts
Showing posts with label ස්ලිට්‌ එකේ කථා. Show all posts

Sunday, February 26, 2012

ස්ලිට්‌ එකේ ජිවිතේ II

මේ ටිකේම එක එක ජාතියේ තොප්පි වැටුන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය කරක්ගහන්නත් බැරි උනා.ස්ලිට්‌ එකේ ජිවිතේ I කියලා , ස්ලිට් එකේ උන දේවල් ලියන්න ගත්තු එක ලියාගන්නත් බැරි උනා ඒ හින්දා, අද එතැන් සිට..

පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනෑ දේවල් දෙකක් තියෙනවා.එකක් තමයි කලින් පොස්ට් එකේ අපි සෙට් එකේ අය පරක්කු වෙලා ආපු ඒවා ලියලා තිබ්බනේ.ඔය පරක්කුවෙලා එන ඒවනම් ඒ කාලෙන් පස්සේ නැති උනා.දැන්නම් ඉතින් වෙලාවටත් කලින්ම වගේ වැඩ.දෙවැනි එක තමා පොස්ට් එකේ නම ගැන , පොස්ට් එක කියවපු යාලුවෙක් කිව්වා ඕක "ස්ලිට් එකේ ජිවිතේ  " කියලා දාන්නේ නැතිව , "ස්ලිට් එකේ සමයං " කියලා ගියානම් හොදයි කියලා.බලාගෙන ගියාම ඉතින් ඒ කතාවත් ඇත්ත තමයි.ඉන්න කාලෙත් ඕක ඇතුලේ උනේ සමයං වැඩ , දැන් අයින් උනා කියලත් වෙන්නේ සමයං වැඩමනේ.

හරි කොහොමින් හරි ඉතාමත් සාර්ථක පලවෙනි සෙමෙස්ටර් එහෙකින් පස්සේ මමතුමා ඇතුළු අපි තුන් දෙනා දෙවැනි සෙමෙස්ටර් එකට ආවා.ආයේ ඉතින් පළවෙනි සෙමෙස්ටර් එක ගොඩයාම ඉහලින්ම සමරන්නත් අපි තුන් දෙනා අමතක කරේ නැහැ.Dine-More එක තියෙන්නෙත් මෙට්‍රෝ එක ළග පාත නේ , ඒකට ගිහින් සැමරුවා.අපි තුන් දෙනා පාස් උන එක ඔච්චර සමරන්නත් හේතුවක් තිබ්බා.මොකද yAkA ට ඒ දවස්වල ආරංචියක් ඇවිත් තිබ්බ ඩ්ග්‍රී කරන්න වැල පිටින් ආවට , ඩිග්‍රී එක දෙන්නේ පොඩි ගානකට කියලා.

මේ සෙමෙස්ටර් එකෙත් සබ්ජෙක්ට්ස් පහක් තිබ්බා.DBMS, System Analysis and Design , Technical Communication,Data Communication & Computer Networks සහ Java. හා හා පුරා කියලා සෙමෙස්ටර් එක පටන් ගත්තු දවසෙම තිබ්බ DCCN ලැබ් එක මායි yAkA යි කට් කරා.මොකද උදේම ගිහින් පොත් ටික අරගෙන එනකොට ලැබ් එකෙන් භාගයක් ගිහින්.අපි දෙන්නා ලැබ් එකේ භාගයක් කරලා තියෙද්දී ගිහින් උගන්නන ලෙක්චර් ගේ නෙට්වර්ක් මොකටද අවුල්  කරන්නේ කියලා හිතලා , පොත් ටිකත් අරගෙන අපි දෙන්න ගෙදර ආවා.

ඔය Data Communication කියන සබ්ජෙක්ට් එක කරේ සර් කෙනෙක්.ඒ සර් ආපු පලවෙනි ලෙක්චර් එකේදීම කිව්වා , "මගේ ලෙක්චර්ස්වලට කව්රුවත් පරක්කු වෙලා එහෙම එනවා නෙවෙයි " කියලා. හරියට අපි තුන් දෙනාගේ කල්-කිරියාව දැකලා කිව්ව වගේ,අපිටත් හරි පුදුමයි. පලවෙනි දවසේ ලෙක්චර් එකට ඉදලා , පලවෙනි පාරට ටියුට්‌ එකට ඉන්නකොටම අපි තුන් දෙනාම ඒකමතික තීරණයකට ඇවිත් ඉවරයි ආයි නම් ටියුට්‌ වලට ඉන්නේ නෑ කියලා.yAkA නම් පලවෙනි දවසින් පස්සේ ලෙක්චර්ස් ආවෙත් නෑ , මායි කස්සයි නම් ලෙක්චර්ස් ටික ඇදගෙන ගියා ( වෙලාවටත් ආවා වගේ මතකයි ).ඔය ලෙක්චර් එකයි ටියුට්‌ එකයි දෙකම තියෙන්නේ එක වෙලාවේ වගේ.ලෙක්චර් එක ඉවර වෙලා විනාඩි 10 වගේ ඉන්ට'වල් එකක් දෙනවා.ඔය වෙලාවේ සර් එලියට යන්නෙත් නෑ , ඉස්සරහා තියෙන ස්ටේජ් එකට වෙලා එක්කෝ පොතක් කියවනවා , නැත්තම් ටියුට්‌ එකක් බලනවා.ටියුට්‌ එක කට් කරනවා නම් යන්න වෙන්නෙත් මේ දෙන  විනාඩි 10 තමයි , නැත්තම් ඉතින් චාටර් වෙනවනේ.

ටියුට්‌ එක කට් කරන එක චාටර් නොවී කලාත්මකව කරන්න මායි කස්සයි නියම ක්‍රමයක් ඔය දවස්වල පාව්ච්චි කරා.විනාඩි 10 ඉන්ටවල් එක දුන්න ගමන් කස්සා මොකක් හරි අන්ධභූත ප්‍රශ්නයක් අරගෙන සර්ව හම්බුවෙන්න යනවා.ඔය අරගෙන යන ප්‍රශ්නෙත් ඇවිල්ලා මෙලෝ රහකට නැති එකක් ( අයියෝ සල්ලි  දැන් තමයි ඉතින් ඒවා තේරෙන්නේ ).කස්සා ප්‍රශ්නෙට උත්තරේ අහගන්න අතරේදී මම ටාර් ගාලා මගේ නයි මල්ලක් වගේ තිබ්බ පොත් බෑග් එකයි  , කස්සගේ පොත් ටිකයි අරගෙන හෝල් එකෙන් පනිනවා. දැන් උනත් ඉතින් ෆස්ට් ඉයර් අයට කරලා බලන්න පුළුවන් , කරලා චාටර් වෙලා ඔන්න මට කියන්න එපා. මුල දවස්වල ඔය විදියට පැන්නත් පස්සේ පස්සේ නම් ඉතින් සර් බලන් ඉන්නකොට වගේ නැගිටලා ආවා..හිකිස්‌

දැන් මේ කාලේ කියලත් කට්ටියගේ Halo උණ නම් නතරවෙලා තිබ්බේ නෑ. නිකන් ඉන්න වෙලාවක් තියෙනවානම් ( ගොඩක් තිබ්බේ ඒ වගේ ඒවා තමා :P ) හරි ලෙක්චර්ස් කලින් ඉවර වෙච්ච ගමන්ම කරන්නේ ලැබ් එහෙකට සෙට් වෙලා Halo ගහන එක තමා.ඔන්න ඔය කාලේදී තමයි මම හා හා පුරා කියලා ( ස්ලිට් එකේ  වැඩ වලට කියලා ) ඉන්ටනෙට් ගන්නේ.කොහෙද ඉතින් , Halo ඔන්ලයින් ගහන්න පුළුවන් කියලා yAkA හොයාගන්නවනේ.දැන් ඉතින් පැය 24 න් භාගයක් විතරම ෆුල් ටයිම් Halo ම තමා. ඔය කාලේදී පුරුද්දක් තිබ්බ රෑ දෙකට - තුනට නැගිටලා මොකක් හරි සර්වර් එහෙකට ජොයින් වෙලා Halo ගහන.කොටින්ම ඒ කාලේදී Maps එහෙම කට පාඩම්..ෆුල්ම ෆන් ඒ කාලේ.

මම ඉස්සෙල්ලා කිව්වනේ මේ සෙම්ස්ටර් එකේදී තිබ්බ කියලා System Analysis & Design කියලා සබ්ජෙක්ට් එකක්.ඕකේ නම කෙටි කරලා අපි කිව්වේ SAD කියලා.නම වගේම තමයි සබ්ජෙක්ට් එකත් So Sad.ෆුල් තියරි ගොඩක් එක්ක එක එක කන්සෙප්ට් තොගයක් තිබ්බේ.උගන්නපු මිස් නම් එළකිරියට ඉගැන්නුවා.අනිත් ඒ වගේ ටියුට්‌ කට් කරපු අපි ඉතින් මේකේ ටියුට්‌ කට් කෙරුවා කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ;)

ඊළගට තිබ්බ ෆුල්ම ෆන් සබ්ජෙක්ට් එක තමා Java.අපරාදේ කියන්න බෑ , yAkA ඇරෙන්න මායි කස්සයි කලින්ම ලෙක්චර්ස් ඇවිල්ලා , ලැබ් තියෙන ඒවටත් කලින්ම ඇවිල්ලා ෆුල් ආසාවෙන් කරපු සබ්ජෙක්ට් එක තමයි මේක.මේ සෙමෙස්ටර් එකේ මට වැඩිම ලකුණු තිබ්බෙත් මේ සබ්ජෙක්ට් එකට.

මේ සෙම්ස්ටර් එකේ උන සිරාම සිද්ධි දෙක තුනක් තිබ්බා.එකක්  තමයි ටැලන්ට් ෂෝ එක.අපි ෆස්ට් ඉයර් ඉන්නකොට තුන්වෙනි අවුරුද්දේ අයියලා - අක්කලා සෙට් එක තමා මේක කරේ.අපිටත් ඇවිත් කිව්වා , නාට්‍ය / නටන ඒවා / සින්දු කියන ඒවා කරන්න කැමති නම් සෙට් වෙන්න කියලා. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් වගේ යනකොට සින්දුවක් දෙකක් කිව්වට කට්ටිය ඉස්සරහ‍ සින්දු කිවිමේ හැකියාව පිහිටලා නැති නිසා මායි කස්සයි අපිට ලැබුණු ආරාධනාව ඉතාම සතුටින් ප්‍රතික්ෂේප කරා.ඒ උනාට නටන්න උපන් හැකියාවක් තියෙන නිසා yAkA නම් නටන අයිටම් එහෙකට ගියා.මේකාට ලෙක්චර්ස් එන්න කම්මැලි උනාට මොකෝ නටන්න පුරුදු වෙන්න නම් රට වටේම ගියා.කොහොමින් හරි ටැලන්ට් ෂෝ එකෙත් අපේ ෆස්ට් ඉයර් සෙට් එක කරපු අයිටම් වලින් හොදම නාට්‍යට ලැබෙන තෑග්ගයි , හොදම නැටුමට හිමි තෑග්ගයි ( කොහොමත් අපේ එකේ හිටපු බුවාලට සහ බුවීයන්ට හොද හොද නැටුම් නටන්න පුළුවන් :P ) දෙකම ලැබුනා.ටැලන්ට් ෂෝ එකෙන් පස්සේ වගේ තමයි හරියටම අපේ ඩොටී ඇතුළු බැච් එකේ ගොඩක් අය හරියට අදුර ගත්තේ. කොටින්ම කියනවනම් බුකියේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට බැච් එකේ කට්ටිය එකතු උනෙත් ටැලන්ට් ෂෝ එකේ ෆොටෝස් වල කට්ටිය ටැග් උනාට පස්සේ.ඔය ෆස්ට් ඉයර් ටැලන්ට් ෂෝ එකේ අතුරු කතා නම් එමටයි.කාගේ කාගේත් හිත සුව පිණිස ඒ කතා බ්ලොගයේ පළ නොකරමි :P

අනිත් වෙච්ච සිරාම වැඩේ තමයි අපේ බැච් එකට මල්සරා ගේ පැමිණීම සනිටුහන් වීම.ටැලන්ට් ෂෝ එකේදී බැචාලා , බැචීලා හැමෝවම වගේම අදුරගෙන හිටපු හින්දා කට්ටියටම මල්සරා මාමා ගේ ඊතල හොද ගානට වැදුනා.සමහරු කෙල්ලොන්ගේ පස්සෙන් ගිහින් කැමැත්ත අහලා , බෑ කියලා සාටර් උනා.සමහරුන්ට බාල ගිරි උත්තර ලැබුනා ( කැමැත්ත අද නෙවයි හෙට ).සමහරුන්ට ලැබුණ උත්තර වලින් කට්ටිය සතුටු උනා.එක එක ජාතියේ වෙඩින් ගොඩයි.මගේ බ්ලොග කියවන දැනට ස්ලිට් එකේ උගන්නන මගේ යාලුවෙක්ටත් මල් මාමාගේ ඊතලය වැදුනෙත් මෙන්න මේ කාලේදී තමයි.දැන් ඉතින් බලයි නේ , හැම එකා ගැනම කියන තොට මොකද උනේ කියලා..අවුරුදු 21 තිස්සේ මල් මාමා ගේ ඊතළ පහරවල් වලින් බේරිලා හිටපු මටත් , නීරෝ ස්නයිපර් ෂොට් එකක් දෙනවා වගේ ඊතලයක් වදිනවා මේ කාලේදී .ඔය ජැකලින් / දීපිකා පදුකෝන් වගේ කට්ටිය අයින් කරාම ,ඒ වෙනකම් විහිළුවටවත් ආදරේ කරලා තිබ්බේ නැති මම ( විහිළුවට ආදරේ කියන එක කරන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙත් නෑ  ) මගේ පලවෙනි , කුලුදුල් ආදරෙත් පටන් ගන්නවා...දැන් නම් පොස්ට් එක වල් වැදෙනවද මන්දා..කොහොමහරි ඔය ටොපික් එක ලංකාවේ මානව හිමිකම් වගේ හොට් ටොපික් එකක් හින්දා වැඩිය කතා නොකර ඉන්න තරමට හොදා...

මේ කාලේ තනිකරම පාටි වලින් පිරුණ කාලයක්.දෙන්නෙක් කපල් උනා කියන්නේ, ගොඩක් වෙලාවට උන් දෙන්නට ඇරෙන්න අහල පහල ඉන්න එවුන්ට මගුල් ගෙයක් වගේ නේ.කොහොමින් හරි මෙහෙම මාසේ දෙක තුන යනකොට කස්සයි , yAkA යි මාත් එක්ක තියෙන ෆිට් එක අඩු වෙනවා.කොටින්ම එකට කකා - බිබී හිටපු ඒවාත් නැති වෙනවා.එකට ලෙක්චර්ස් ආපු , ඉවර වෙලා එකටම ගියපු ෆිට් එකත් නැති වෙනවා.එහෙම වෙන්නත් හේතුවක් තිබ්බ.ඒකත් මානව හිමිකම් වගේ මතබේදාත්මක කේස් එහෙකට සම්බන්ධ නිසා වැඩිදුර කතා නොකරමි ( කස්සයි , yAkA යි තාමත් සහ ජිවත් වෙලා ඉන්නකම් මගේ ඉන්න හොදම ෆිට් දෙකක් , ඒක කවුරු නිසාවත් වෙනස් වෙන්නේ නෑ )...ඔය ඔය ආයේ වල් වැදුනා මේක..

දැන් ෆස්ට් ඉයර් අන්තිම විභාගෙටත් එන්න එන්නම කාලේ ළගයි.දැන් නම් බැච් එකේ අය අදුරගෙන හිටපු නිසා ගියා පාර වගේ මිස් උන (කරපු ) ලෙක්චර්ස් වල නෝට්ස් හොයන්න වැඩිය චාටර් වෙන්න උනේ නැහැ.කලින් පාර නම් විභාගේ කිට්ටුව මායි , කස්සයි , yAkA ගෙදරට වෙලා පාඩම් කරත් , මේ පාර එක එක හේතු හින්දා එහෙම උනේ නැහැ. කස්සයි , yAkA යි ගෙදරට වෙලා පාඩම් කරත් මම ස්ලිට්‌ එකට ඇවිත් සාටර් වේවි හිටියා.කොහොමින් හරි විභාගෙත් ලිව්වා කියමුකෝ.

විභාගේ ප්‍රථිපල එනකොට හිතුවේ නැති දේවල් ගොඩක් වෙලා තිබ්බා.ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙලා තිබ්බත් , ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා හිතාගෙන හිටපු හීනෙ සුදු කොඩි වැටෙන්න පටන් අරන් තිබ්බ.කොටින්ම GPA එක දැක්ක ගමන් මට කදුළු ආවේ නැති එක විතරයි.ඔය සෙමෙස්ටර් එකේදී කෙල වෙච්ච GPA එක හදාගන්න ඉතුරු සෙමෙස්ටර් හතරේ කාපු කට්ට දන්නේ මායි මගේ හිතයි විතරයි.

මගේ ජිවිතේ ආපහු පටන් ගන්න කියලා කවුරු හරි මට චාන්ස් එකක් දුන්නොත් මම ආපහු යන්නේ මෙන්න මේ සෙමෙස්ටර් එකට.මොකද පස්සේ කාලෙකදි උන ගොඩක් දේවල්වල පටන් ගැන්ම උනේ මේ සෙමෙස්ටර් එකේ උන දේවල්.ඒ දේවල් දැන් වැඩක් නැහැ..වෙන්න තිබ්බ දේවල් උනා...

පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මගේ වැඩ :

  • GPA එක කෙලවිම සහ ෆස්ට් ක්ලාස් සිහිනයට සුදු කොඩ් පෙනෙන්නට පටන් ගැනීම.
  • Dine-More එක ගෙදර වගේ වීම සහ Submarine එක ජාතික ආහාරය බවට පත් වීම.
  • කෙල්ලෙක් සෙට් වීම.
  • බැච් එකේ ඔක්කොම එවුන් වගේ ෆිට් වීම.
ඔන්න ඔහොම තමයි මගේ ස්ලිට්‌ එකේ පලවෙනි අවුරුද්ද එහෙමත් නැත්තම් මගේ දැනට ගෙවපු ජිවිතේ Turning Point කාලය ගෙවුනේ.අනිත් අවුරුදු දෙක ගැනත් ලියනවද නැද්ද කියලා ආයේ දෙපාරක් , තුන් පාරක් නෙවෙයි n වතාවක් හිතලා බලන්න ඕන.මොකද මිට පස්සේ තිබ්බ අවුරුදේ දෙකේදී වෙච්ච හැම දෙයක්ම වගේ මම සම්පුර්ණයෙන්ම වගේ අමතක කරලයි තියෙන්නේ , ආයි මොකටද අමතක කරපුවා මතක් කර ගන්නේ..අනිත් දේ ඊළග අවුරුදු දෙකේදී ඉගෙන ගත්ත එක විතරයි හරියකට උනේ.අනිත් හැමද්ම අප්සෙට් යන්න පටන් ගත්තා..ඒක හින්දා ලියන්න වෙන්නේ කොමඩි නැති , සීරියස් විදියට වැඩ කරපු දේවල් ගැන තමා...බලමුකෝ !!

Saturday, February 18, 2012

තොප්පිය වැටුන දා...

හිතවත් Chamma වෙත ,

ඉතින් ඔබගේ සැප දුක් කෙසේද ? මම නම් තාමත් සුපුරුදු පරිදි තොප්පියක් දෙකක් විකුණගෙන චාටර් වේවි ඉන්නවා.ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන නිසා තමා මේ ලියමන ලියන්න හිතුනේ.

දැන් ඉතින් තොප්පි කිව්වම එක එක ජාතියේ තොප්පි තියෙනවනේ.මල තොප්පි , චාටර් තොප්පි , සතුටුදායක තොප්පි වගේ.දැන් ඊයේ වැටුනේ ඇවිල්ල සතුටුදායක තොප්පියක් නේ. කොහොමත් බොට එහෙම මේ අවුරුදු තුන,හතරට කියලා වැටුන තරමක් වැටුනේ තොප්පිම නේ , එයිනුත් ඉතින් ඔය සතුටුදායක තොප්පියක් වැටුනමද කොහෙද නේ.

අවුරුදු ගානක් තිස්සේ සාටර් උනේ ඉතින් ඔය තොප්පිය දාගන්න නේ.ඒ උනාට මට ආරංචි උන විදියට තොප්පි දාන උත්සවේ තිබ්බ දවසේ නම කස්ටිය හැමෝම හිටියේ කොයි වෙලාවේ තොප්පියයි , ලෝගුවයි ගලවනවද කිය කියලු නේද ? අනේ ඇයි එහෙම උනේ.තොප්පිය දාගෙන ඉන්න පින්තූර ගන්න ගිහිල්ලත් කට්ටියට නියම තොප්පි ටිකක් වැටුනලු නේද?

තොප්පි දාන්න කියලා ඉතින් ඔයාලා සෙට් එකත් එක්ක කී දෙනක් ආවද නේද , ඒ උනාට ඉතින් එක එක හේතු හින්දා ඒ අයට තොප්පි දාන උත්සවේට එන්න බැරි උනා නේ.ඒ අය නැතිව කට්ටිය පාලුවෙන් වෙන්න ඇති නේද ඉන්න ඇත්තේ.කොහොමත් බොලාලගේ පට්ට සෙට් එකක් හිටියනේ , ඔයින් ඊයේ දවසේ එන්න බැරි උන එවුන් බොලාලට මතක් නොඋනොත් නේ පුදුම.බොලාලගේ මෙච්චර කාලයක් තිබ්බ ෆිට් එක තවත් ඉස්සරහට , පුළුවන් තරම් කාලයක් ගෙනියන්න පුලුවන්නම් තමා හොද , එහෙම තමා වෙන්නත් ඕන.

මම එහෙනම් මේ ලියමන අහවර කරන්නයි යන්නේ , මේ පාර තොප්පි දාගන්න පුළුවන් උන හැමෝටම ඔන්න මගෙන් ටිකක් විතර සීතල වෙච්ච් සුභ පැතුම්.පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.හැමෝටම සුභ අනාගතයක් .

මිට ,
සදා තොප්පි සපයන ,
තොප්පි වෙළෙන්දා

ප.ලි - ඔය දාගත්තු තොප්පි ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මණට ලැබෙන්න සැලස්සුවොත් හොදා , නැත්තම් වෙනම  තොප්පියක් ඒකට වැටෙන්න පුළුවන්.


Sunday, February 5, 2012

ස්ලිට් එකේ ජිවිතේ I

බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉදන්ම මේ වගේ පොස්ට් එකක් ලියන්න ඕන කියන එක හිතේ තිබ්බට මොකක් හරි කොස්සක් වැටුනා.දැන් ස්ලිට් එකේ වැඩත් ඉවර එකේ තවත් කල් යවන්නේ නැතිව ස්ලිට් එකේ කරපු පිස්සු ගැන ලියන්න ඕන.

මම ඕ'ලෙවල් කලේ 2004 අවුරුද්දේ.ඉස්කෝලේ බාහිර වැඩ වැඩිය නොකෙරුවාට ඉගෙනගන්න වැඩ ටික අවුලක් නැතිව කරා.ඒ හින්දා ඕ'ලෙවල් ඒ 8 එක්ක පාස් වෙන්න පුළුවන් උනා.ඒ'ලෙවල් කරන්න ආසාවෙන් හිටියේ බයෝ වලින්.දන්න කියන අයගේ සහ ගෙදරින් තිබ්බ දැඩි විරුද්ධතාවය නිසා බයෝ කිරිල්ල කෙසේ වෙතත් මැත්ස් කරන්න සෙට් උනා.මොකද IT කරන්න මෝරා යන්න ආසාවක් තිබ්බ නිසා මාත් වැඩේට බැස්සා.

ඕ'ලෙවල් කාලෙට වඩා වෙන වෙන වැඩ කරන්න සෙට් උනත් පාඩම් වැඩ ටිකත් ෂේප් එකේ කරගෙන ගියා. 2007 ඒ'ලෙවල් කලා.රිසල්ට්ස් එනකොට මොරා කෙසේ වෙතත් සබරගමු වගේ යන්න පුළුවන් සීන් එකක් තිබ්බේ . ඔය අතරේ E-soft එකේ කම්පියුටර් කොස් එකක් කරන්න කියලා ගියා.ඕකෙදි තමයි yAkA ව සෙට් වෙන්නෙත්.එතැන්දී තමයි දැනගන්නේ ස්ලිට්‌ කියලා එකක් තියෙනවා කියලා , ඒකෙ  ඩ්ග්‍රී එකක් ළගකදී  පටන්ගන්නවා කියලා.පස්සේ මම ගිහින් ඇප්ලිකේෂන් එකක් පුරවලා මෙට්‍රෝ එකට බාරදුන්නා ඊට සතියකට පස්සේ ගෙදරට ලියුමක් එනවා ටෙස්ට් එකක් තියෙනවා ලියන්න එන්න කියලා.ටෙස්ට් කිව්වම ඉතින් මොනවද දන්නෙත් නැහැ නේ .ඒ හින්දා රටේ තියෙන ඔක්කොම IQ ටෙස්ට් කරලා ටෙස්ට් එකට යනවා.ඒකේ නම තිබ්බේ මෙලෝ රහක් නැති I.Q ප්‍රශ්න.කොහොමහරි ටෙස්ට් එකත් පාස් කියලා ලියුමක් ජනවාරි මුල ලැබෙනවා.පෙබරවාරි මුල සෙමෙස්ටර් එක පටන් ගන්නවා ඒකට එන්න කියලා තමයි ඒකෙ තියෙන්නේ.

ආ කියන්න බැරි උනා ඉස්කොලේ ඒ'ලෙවල් කාලේ ඉදන් වගේ මගේ තිබ්බ පුරුද්දක් තමයි වෙලාවට වැඩ (නො)කිරීම.කොහෙට හරි 10 ට එන්න ඕන නම් මගේ යාලුවෝ ගොඩක් අය මට 9.30ට වත් එන්න කියන එක සිරිතක්.ආයේ මොනවාද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ , ස්ලිට්‌ එක හා හා පුරා කියලා පටන් ගත්ත දවසෙත් මම ස්ලිට් එක යනකොට අම්බානෙක පරක්කුයි.මට මතක විදියට 10 ට එන්න කියලා තිබ්බ එකට මම යනකොට 11 ටත් කිට්ටුයි.සාමාන්‍යයෙන් යකා උනත් වෙලාවට වැඩ කරන්නේ නැහැ.පුදුමේ කියන්නේ ඔය පටන් ගන්න දවසේ නම් කස්සා , යකා ඔක්කොමලා වෙලාවට ඇවිත් හිටියා.

තකට තක හිටිය අපේ සෙට් එකේ පරක්කු වෙලා වැඩ කරන එක කොච්චර පුරුද්දට ගියාද කියනවනම් ස්ලිට්‌ එකේ ලියපු පලවෙනි විභාගේ ඉදන් අන්තිම විභාගේ වෙනකම් අපි තුන් දෙනාගේ සෙට් එකේ කව්රුවත් විභාගේ පටන් ගන්න වෙලාව්දී හෝල් එකේ නැහැ.හැමදාම අඩුම ගානේ පැය භාගයක්වත් පරක්කුයි.කස්සා නම් එක පාරක් විනාඩි 45 විතර පරක්කු උනා.හැබයි අපි තුන් දෙනා කොච්චර පරක්කු වෙලා විභාගෙට ආවත් එකම විභාගයක්වත් රීපිට්  වෙලා නැහැ ( වෙලාව මදි වෙලත් නැහැ ).ආයේ ඉතින් අපේ ටයිමින් කොහොමද නේද. ඔය පරක්කු වෙලා එන රෙකොඩ් එක නම් කාටවත් කඩන්න වෙන්න නැහැ.ඒක නම් ෂුවර්.

හරි කොහොමෙන් හරි ඔන්න ස්ලිට්‌ යන පලවෙනි දවස එනවා කියමුකෝ.ඔරියන්ටෙෂන් ප්‍රෝග්‍රැම් එකක් තමයි මුල් මාසේ වගේ තිබ්බේ.8.30 පටන් ගන්නවා කියපු එකට යන්තම් 8.45 ගියා.මුලින්ම කඩ්ඩ උගන්නන එකක් තිබ්බේ.කස්සයි ,යකායි මායි ගිහින් ඔන්න පිටිපස්සෙන්ම තැනක් අල්ලාගෙන ඉන්නවා.ඔය අතරේ වටේ පිටේ ඉන්න දෙතුන් දෙනක් කතාවට සෙට් උනා.මුලින්ම කතාවට සෙට් උන බුවා , Java වැඩකරුවෙක්(ලු). SCJP කරලා තියෙනවාලු.BCS Exam කරන කෙනෙක්.ඊළගට සෙට් උන කෙනා මොරටුව කැම්පස් එකේ රිසර්ච් ඇසිස්ටන්ට කෙනෙක්.ඔය කාලේ වෙනකොට SCJP,BCS ඔය දේවල් මොනවාද කියලවත් දන්නේ නැහැ.නිකමට වගේ කතා කරපු දෙන්නම පට්ට ඩයල් දෙකක්.මම කස්සට කතා කරලා.

මම :  මේ ස්කෝල් එක දාන එක නම් හරියන් නැහැ..මේ එහා පැත්තේ එකා Scjp ද මොකක්ද එකක් කරලා තියෙනවා , අනිත් එකත් මොරටුවේ මොනවද කරනවා බන්..අපිට ඇඩ්රස් නැති වෙන සීන් එකක් තියෙන්නේ...
කස්සා : යකෝ SCJP කියන්න ජාවා exam එකක්..මාත් ඒක කරලා තියෙනවා..ස්කෝල් වැඩේ නම් අතඅරින සීන් එකක් තමයි තියෙන්නේ..මුන් දෙන්න මෙහෙම නම් අනිත් උන් කොහොම ඇත්ද..

කොහොමහරි සෙම්ස්‌ටරේ පටන් ගන්න ඉස්සෙලා තුන් දෙනා දැන් පාඩම් කරන්න ප්ලෑන් එහෙමත් හදාගෙන ඉන්නේ. මොකද ස්ලිට් එකේ සෙම්ස්ටර් එහෙක හොදම ලකුණු තියෙන කට්ටිය ස්කෝල් එකක් දෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තිබ්බා. මුලදී තිබ්බ සබ්ජෙට්ස් තමයි Maths , C , Programming Techniques , Business English Communication , Fundamentals of IT . ඔය සෙට් එකෙන් ලෙක්චර්ස් හරියට ගියේ C , PTP විතරයි, ටියුට්‌ නම් ගියේම නැති තරම්. වැරදිලාවත් ටියුට්‌ ගියත් ඉවර වෙන්නේ කොයි වේලාවේද කියා කියා තමයි බල බල ඉන්නේ.

ඔය අතරේදී අපිට PTP ප්‍රසන්ටේෂන් එකක් හදන්න සෙට් උනා. හවස් වරුවක අපි තුන් දෙනා ඕක හදන්න කියලා ලැබ් එහෙකට ගියාම මෙන්න සීනියර් අයියලා ටිකක් සද්දෙට කෑ ගහගන්නවා.අපි තුන් දෙනත් හිමිට කිට්ටු කරලා බැලින්නම් කට්ටිය PC ටික LAN කරගෙන Halo ගහනවා. දැන් ඉතින් මොන ප්‍රසන්ටේෂන්ද , දෙපැත්ත බෙදිලා ගැහුවා Halo. එදා ස්ලිට් එකෙන් යනකොටත් 7.30 විතර ඇති.කොහොමහරි රෑ එලි වෙනකම වගේ කට්ට කාගෙන ප්‍රසන්ටේෂන් එක හදලා ඊළග දවසේ එළටම ප්‍රසන්ට් කරා.

දැන් අපි තුන්දෙනාගේ ලිස්ට් එකට තව වැඩක් සෙට් උනා , ඒ තමයි Halo ගහන එක.කස්සා නම වැඩිය Halo වලට සෙට් උනේ නැහැ.මමයි යකායි නම් ආයි ෆුල් ටයිම් Halo.සමහර දවස් තිබුනා ලෙක්චර්ස් හිටපු වෙලාවට වඩා ලැබ් එකේ Halo ගහපු වෙලවා වැඩි.

ඔය කාලේදී තමයි මිඩ් එකත් ආවේ.ලෙක්චර්ස් යන්නේ නැතිව කොහෙන්ද නෝට්ස්.මොනවා කරන්නද බැච් එකේ එවුනුත් වැඩිය දන්නෙත් නැහැ මේ වෙනකොට.ස්ල්යිඩ් ටික බාගෙන ගුගල් දෙයියා අමතලා යම්තම් මිඩ් එක ලිව්වා. මට තාම මතකයි මැත්ස් මිඩ් එකට යකාට 40/40 , මටයි කස්සටයි 38/40 .අනිත් ඒවාත් අවුලක් නැතිවා තිබ්බා.

ඔය කාලෙම තමයි බුකියේ තිබ්බ මාෆියා වොස්‌ කියන ගේම් එක සෙට් වෙන්නේ.ඕක ගහපු අය දන්නවා ඕකට ඇබ්බැහි උනාම තියෙන ආතල් එක කොහොමද කියලා.අපරාදේ කියන්න බෑ , අපි තුන්දෙනාත් මේ කාලේ වෙනකොට ෆුල් ආතල් එකේ Halo , Mafia Wars ගහලා ආතල් එකේ ඉන්නවා. දැන් ඔන්න ෆයිනල් එකත් ළගයි.දැන් නම බැච් එකේ එකා දෙන්න දන්නා නිසා ගියපු නැති ලෙක්චර්ස් වල ( ගොඩක් ගියේ නැති ඒවා තමයි තිබ්බේ ) නෝට්ස් ෆොටෝ කොපි කරගෙන ලේස්ති වෙන්වා.බැච් එකේ අය මේ කාලේ කුප්පි එහෙමත් දානවා. මට මතක විදියට අපි ඉතින් ඒවාටත් බයිට් දදා Halo ගහමින් හිටියා.කොහොමහරි exam එකත් ෂේප් එකේ කරගත්තා.හැබයි මේ වෙනකොට ස්කෝල් එකේ බලාපොරොත්තුව නම අතඇරලා හිටියේ.මේ යන විදියට මොන ස්කෝල් ද ?

ඔන්න ඔහොම ෆුල්ම ෆන් එකේ තමයි අපේ ෆස්ට් සෙම්ස්ටර් එක ගෙවුනේ.තාමත් පිස්සුවෙන් වගේ Halo ගහපු හැටි මතක් වෙනකොටත් හිනා.Sniper Suwa , Ganga , Kill4  ඔන්න අපේ Halo ගහපු අයගේ.

කොහොම හරි පලවෙනි අවුරුද්දේ පලවෙනි සෙම්ස්ටර් එක ඉවර වෙනකොට කරපු වැඩ සාරාංශ කරොත් .

  • කොච්චර පිස්සු කෙලියත් , ලෙක්චර්ස් කට් කරලා තිබ්බත් 3.4 GPA එහෙක හිම්කරුවෙක් වීම සහ  ෆස්ට් ක්ලාස් එකක් ලබාගැනීමේ සිහිනයේ මුල් පියවර තියන්න (ට්‍රයි) එකක් දීම.
  • Halo හෙඩ් ෂොට් එක පුරුදු වීම. ( ඒ උනාට තාම බෑ )
  • බැච් එකේ භාගෙට භාගයක් අදුරගෙන නොතිබීම ( ඇයි ඉතින් ලෙක්චර්ස් ඇවිල්ලා කට්ටිය එක්ක අපි වැඩිය සෙට් උනේ නැහැ නේ ) .
  • ගුණසිරි හෝටලයෙන් නොකා බැරි වීම.

ඔන්න ඔය ටික තමයි ස්ලිට්‌ එකේ ගත කරපු පලවෙනි සෙම්ස්ටර් එකේ උනේ.මට මතක් උන විදියට ඔක්කොම වගේ ලිව්වා මිස් කරන්නේ නැතිව.මේ ටික ලියන්න දවස් පහක් විතර ගියා.ඊගාවට තියෙන්නේ ඉතින් ටිකක් අප්සෙට් සෙම්ස්ටර් එකක් , දැනටත් මේක මාගලක් වගේ දිග වැඩි උන හින්දා ඒක ඊළග පොස්ට් එකට තමා.

Wednesday, November 30, 2011

T.V සීරීස්

මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා ඇබෑර්තු ඇත කියන නාට්‍ය.මට නම් ඒක නියමයි .සිරා කතාවක් තිබ්බා ( ලාවට වගේ ලව් ස්ටොරියකුත් තිබ්බා , දැන ගන්න ලැබුන විදියට මේ පාර සුමති සම්මාන උළෙල හොදම නාට්‍ය විදියටත් තේරිලාලු )

කොහොමත් ලංකාවේ පෙන්නන ඉන්දියාවේ අච්චාරු නාට්‍ය බලනවට වඩා මට නම් ටී.වී සිරිස් එකක් බලාගෙන ඉන්න එක සැපයි.මොකද ඔය මෙගා කියලා පෙන්නන ඒවාගේ ( මෙගා කියන්නේ මම දන්න තරමට දැවැන්ත නිෂ්පාදනයක් නම් නේ , ඒ උනාට ලංකාවේ මෙගා නම් ? ) අද බලන කොටසයි , තව මාසයකින් බැලුවමත් මහ ලොකු වෙනසක් නැහැ.

මේ පල්ලෙහා තියෙන්නේ මම දැනට බලන / බලපු ඒවා ටිකකුයි , මගේ යාළුවෝ බලන ටී.වී සීරිස් ටිකයි.මේවා නම් ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන හරි බැලුවට පාඩු නැහැ.

1. Nikita - කතාව හොදයි , දැනට දෙවැනි සීසන් එක යන්නේ
2. Outsourced - කෝල් සෙන්ටර් එකක් ඉන්දියාවට අවුට්සෝස් කරපු කතන්දරයක් තියෙන්නේ.කොමඩියක්,එක සීසන් එකයි තියෙන්නේ.මම බලපු සිරාම එකක්.
3. Vampire Diaries - දැනට තුන්වෙනි සීසන් එක යන්නේ , දැනට මම බලපු ඒවගෙන් හොදම එකක්.
4. Breakout Kings - Prison Break හදපු සෙට් එකමයි හදලා තියෙන්නේ , මමත් මේ දවස්වල බලමින් ඉන්න එකක්.
5. Californication - X-Files වල හිටපු මෝල්ඩර් මේකේ ඉන්නේ.දැනට සීසන් 4 තියෙනවා.
6. Community - සිරා කොමඩියක් තියෙන්නේ මේකෙත්.කතාව සිරා , සීසන් 3 තියෙනවා.

ඔය සෙට් එක තමයි ඉතින් මේ දවස්වල බලන්නේ , ඕවාට අමතරව මේ ටිකත් මගේ ලිස්ට් එකේ තියෙනවා. The Secret Circle, Alphas, CSI, LOST ,Chuck,Whit Collar,Castle,Sherlock Holmes,Merlin,The Walking Dead,The Office,Suits,V,Hung,The Event

Prison Break,Supernatural,The Legend of the Seeker,Kyle XY ඒවත් හොදයි.

බුකියේ තියෙන මෙන්නේ මේ Entertrainement World කියන පේජ් එකේ අලුතින්ම එන ටී.වී සිරිස් / ෆිල්ම්ස් ගැන අප්ඩේට්ස් ගන්න පුළුවන්.ඩවුන්ලෝඩ් කරන්න ඕන අයට Direct ලින්ක්ස් එහෙමත් තියෙනවා.පොඩ්ඩක් ඔළුව දාලා බලන්න.

ටී.වී සීරිස් ගැනම අපේ දෙන්නෙක් අතරේ උනු කතාබහකින්ම මේ පොස්ට් එක ඉවරකරන්නම්කො.

මෙට්‍රෝ එකට මාතර පැත්තේ ඉදන් ආපු බුවෙක් දවසක් අපේ එකෙක් ගෙන අහලා තියෙනවා ,
" මේ මට නිකිටා එකේ සීසන් වන් එකේ 5 වෙනි එපිසෝඩ් එක දීපන්කෝ  " කියලා
ඕකට ඉතින් උත්තරේ විදියට ලැබිලා තියෙන්නේ ,
" අනේ නිකන් පලයන් බන් යන්නේ , කෝපි-කඩේ බල බල හිටපු උබලට මොන නිකිට ද "
ප්‍රශ්නේ අහපු බුවා ඉතින් ඊට පස්සේ නෝ-කතා.

Saturday, November 26, 2011

Presentation ගොඩ දා ගැනීම

ඔන්න ඉතින් මීට කලින් ලියනවා කියලා හිටපු මාතෘකාව තමයි අද කතා කරන්නේ.ඔක්කොටම කලින් මුලින්ම කියන්න ඕන මම මේ කාරණය ගැන කතා කරන්නේ මට තියෙන අත්දැකීම් ප්‍රමාණයේ හැටියටයි.ඒක හින්දා ඉතින් මේ දේවල් සියයට සියයක්ම හරියන්නේ නැතිවෙන්න පුළුවන්.හැබැයි මම මේ කියන්න යන ගොඩක් දේවල් මට ඇතුළු මගේ යාලුවොන්ට එහෙම හරිගියපු ක්‍රම.හරි වැඩිය කතා කරන්නේ නැතිව එහෙනම් වැඩේට බහිමු.

1. Topic / Type
Presentation එකට  සුදානම් වෙනකොට මූලිකවම හිතන්න ඕන දෙයක් තමයි මේක.අනිවා මාතෘකාව ගැන හොද අවබෝධයක් තියෙන්නම ඕන.තමන් කරන කොටස ගැන දැන ගන්නවට වඩා , සම්පුර්ණ මාතෘකාවම ගැන දැනගෙන ඉන්න එක හොදයි.මොකද Audience එකට ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට අහවල් කෙනා පෙන්නලා අහන්නේ නැහැනේ. අහන්නේ ගෘප් එකේ ඉන්න සෙට් එකෙන්මයි.එතකොට තමන්ට ටොපික් එක ගැන හරි කතා කරන දේ ගැන හරි අවබෝධයක් නැත්නම් වැඩේ අවුල්.

අනිත් එක මොන ජාතියේ Presentation එකක්ද කියන එක. Proposal, Prototype, Midreview ඔය එක එක Presentation වලට ලැබෙන කාලය වෙනස් නේ.ඒක හින්දා Type එක අනුව සුදානම් වෙන එකත්  වැදගත්.

2. Presentation Flow
මේක තමයි ඊළගට වැදගත් දේ.Present කරන හැමෝම තමන්ට කලින් එක්කෙනා කරගෙන ආවා වගේම ( පුළුවන්නම් ඊටත් හොදට ) තමන්ගේ කොටස කරලා ඉවර කරන්න ඕන.yAkA සහ මම හිටපු මුල් කාලේ Presentation වල yAkA මුලින්ම පටන් ගන්නවා , ඊට පස්සේ අන්තිමට මම ඉවර කරනවා.අපි ඒ කාලේ ඉදන් තේරුම් ගියපු දෙයක් තමයි , Presenation එකේ පටන් ගන්න එකයි , අවසාන වෙන එකයි එලටම තියෙන්න ඕන කියන එක.අපේ රිසර්ච් එකේදිත් තට්ට අයියා පටන් ගන්නවා , මලියා හරි මම හරි ඉවර කරනවා.

තේරෙන උදාහරණයක් කියනවනම් ( මේ දවස් වලට හරි ගියේ නැති උනත් ) , ඩ්ල්ෂාන් මැච් එක පටන් ගන්නවා වගේ Presentation එක පටන් අරගෙන මැතිව්ස් මැච් එක ඉවර කරනවා වගේ Presentation එක ඉවර කරන්න ඕන.

සාර්ථක ආරම්භයකින් හැමෝම ගැන හොද හැගීමක් ඇතිකරන්න පුළුවන් වගේම , සාර්ථක අවසානයකින් වැඩේ හොදටම උනා කියන හැගීම ඇති කරන්න පුළුවන්

3. Timing
ගොඩක් අයට අවුල් යනම දේ මේක තමා.ගොඩක් වෙලාවට Presentation  එකට ලැබෙන්නේ විනාඩි  20 ක් වගේ කාලයක් නේ ( Present කරන්න විනාඩි 15 ප්‍රශ්න වලට විනාඩි 5 ).ගෘප් එහෙක 5 හිටියොත් එක්කෙනක්ට ලැබෙන්නේ ගොඩක් දුරට විනාඩි 3 ක් විතර.වැඩක් නැති Slides ඔක්කොම අයින් කරලා දැම්මත් එක්කෙනක්ට Slides 3-6 අතර ගාණක් එන්න පුළුවන්.ඉතින් විනාඩි 3 කින් ඔය Slides ටික කවර් කරනවා කියන එක අමාරු වැඩක්.මොකද කාලය ඉවරයි කියලා බෙල් එක වැදුනම , ගොඩක් වෙලාවට ආයි වෙලාවක් දෙන්නේ නැහැ.දුන්නත් ඉතින් ලකුණු අඩු වෙලානේ වෙලාව ලැබෙන්නේ.ඒක හින්දා පුලුවන් තරම් Timing කියන එක හොදටම තියෙන්න ඕන.අපේ අයගේ භාෂාවෙන් කියනවා නම් ඉතින් වෙලාව අඩුයි වගේ කියලා හිතෙනවානම් ඉතින් Slides විදින්න ඕන.

Timing අවුල් නම් එකම විසදුම Timing හරියනකම් තනි තනිව හරි ගෘප් එකේ ඔක්කොමයි Presentation එක පුරුදු වෙන එක තමා.

4. Language
අපේ හැමෝගෙම කඩ්ඩ එක වගේ නැහැ නේ.සමහරුන්ට හොදටම පුළුවන් ,සමහර අයට අවුල්.Presentation එහෙකදී කඩ්ඩ බලන්නේ නැති උනාට (මම අදහස් කරේ Grammar වගේ දේවල් ), කඩ්ඩ ගොඩක්ම අවුල් නම් තමන්ගේ වගකීම තමයි කඩ්ඩ හොදට හදාගන්න එක.මොකද Present කරගෙන යනකොට කඩ්ඩ අවුල් හින්දා Presentation එක Slow උනොත් ඒක මුළු Presentation එකටම බලපානවා.

5. Practice
Practice makes perfect කියලනේ කියන්නේ ( ඔන්න මම නම් නෙවයි මේක කියලා තියෙන්නේ , ඒ උනාට මේක ඇත්ත ).මොකද අපි Practice වෙන්න වෙන්න අපේ තියෙන අඩුපාඩු , වැරදෙන තැන් , Slow වෙන තැන් අපිටම අල්ලගන්න පුළුවන්.මුලින්ම තමන්ගේ කොටස් තනි තනිව පුරුදු වෙලා , අඩුම ගානේ දෙපාරක් වත ගෘප් එකේ හැමෝම Presentation එක පුරුදු වෙනවනම් වැඩේ ගොඩ.

තව දෙයක් තමයි අනපේක්ෂිත දේවල් වලට ලෑස්ති වෙලා යන්න ඕන.අපි හිතමු විනාඩ් 20 Presentation එකට ලෑස්ති වෙලා ගියාට , පටන් ගන්නකොට අපිට කියනවා තියෙන්නේ විනාඩි 20 නෙවයි 15 ක් කියලා.ඒ වෙලාවෙදී අනේ අපි විනාඩි 20 ටනේ Practice කරේ අපි කොහොමද විනාඩි 15 කරන්නේ කියලා හිත හිත ඉදලා නම් වැඩක් නැහැ.ඒ වගේ වෙලාවට ගානට හරි ගැහෙන්න ඕන.ඔය වගේම තමයි එක පාරට ප්‍රෝජෙක්ටර් එක අවුල් ගියාම වගේ වැඩ උනාමත් බය නැතිව කරගෙන ආපු විදියටම Presentation එක කරන්න ඕන.

Presentation එකක් කරන්න ඕන කොහොමද කියන එක ගැන මගේ අදහස් බෙදා ගන්න එක තමයි මගේ අරමුණ උනේ.හැබැයි ඉතින් මේ මොන දේ තිබ්බත් Slides ටික එළකිරියට තිබ්බේ නැත්නම් වැඩේ අවුල්.ඒවා ඉතින් සාමන්‍ය දේවල් නේ.ඉස්සරහට Presentation කරන්න ඉන්න මගේ බ්ලොග් එක බලන නංගිලා , මල්ලිලාට මේක කියවලා මොනවහරි දෙයක් ගන්න පුළුවන් උනානම් ඒක තමයි වෙන්න ඕන දේ.

ප.ලි - මගේ බ්ලොග් එකේ වැදගත් කියලා දෙයක් ලිය උනාමද මන්දා :P

Wednesday, November 16, 2011

The Farewell - කුලී ළිද

ඊයේ තමයි අන්තිම දවස.අවරුදු තුනක අධ්‍යාපන කටුයුතුවලට නිල අවසානයක් දුන්න දවස.හැම අවුරුද්දකම වගේ මේ පාරත් දෙවැනි අවුරුද්දේ අපේම සහෝදර-සහෝදරියෝ , පලවෙනි වසරේ කට්ටියත් එක්කාසු කරගෙන අපිට ෆෙයාවෙල් එකක් දුන්න.Farewell එකට සිංහල වචනයක් මතක් කරාට මතක් උනේ නැහැ , ඒ පාර තමයි ඉතින් "කුලී ළිද" කියන වචනේ ඔළුවට ආවේ.සමුගැනීමේ සාදය කියන වචනේ ටිකක් දරුණු වැඩියි නේ.

මම ස්ලිට්‌ එකට ආවේ 2009 අවුරුද්දේ, ඒ එනකොට අදුරගෙන හිටියේ එකම එක්කෙනාවයි.ඒ තමයි yAkA.ඊටත් පස්සේ අපේ ඉස්කෝලේ හිටපු කස්සව මට සෙට් උනා.ඔහොම ටිකින් ටික අපේ බැච් එකේ හැමෝම මාත් එක්ක ෆිට් උනා.අනිත් හැම බැච් එකකම වගේ අපේ බැච් එකෙත් ඉතින් පොඩි පොඩි වලි තිබ්බ , හැබැයි අපේම අය අතර අමනාපකම් තිබ්බට , කව්රුත් මාත් එක්කනම් අමනාප වෙලා හිටියේ නැහැ.මුළු බැච් එකම වගේ මාත් එක්ක ෆිට් ( මේ බ්ලොග් පොස්ට් එකක ලියන මොහොත වෙනකම් ). මගේ ජිවිතේ මේ වෙනකොට වැඩියෙන්ම සතුටින් ගත කරපු කාලේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මගේ උත්තරය වෙන්නේ ඒ.ලෙවෙල් කාලේ කියන එකයි.හැබැයි මගේ ජිවිතේ වැඩියෙන්ම අත්දැකීම් ලැබුන කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම අනිවාර්යෙන්ම කියන්නේ ස්ලිට්‌ එකේ හිටපු අවුරුදු 3 කියලයි.

මේ අවුරුදු තුනේදී අයි.ටි ඉගෙනගත්තට ඊටත් වඩා හොද පාඩම් ගොඩක් ඉගෙනගත්තා.ඒ ඉගෙනගත්තු පාඩම් නම් මගේ ජිවිතේ තියෙනතුරාවට අමතක වෙන්නේ නැහැ ( අමතක කරන්නෙත් නැහැ ). අපි අවට ඉන්න පුද්ගල්යන් ගැන ඉගෙනගත්තු දේවල් එහෙමත් අමතක කරන්න පුලුවන්ද.මොකද ස්ලිට්‌ එකට එනකොට මම මහා ලොකුවට සමාජය ගැන දැනගෙන හිටියේ නැහැ , හැබයි මේ අවුරුදු තුනේදී සමාජය ගැන මින්ස්සු ගැන ඉගෙන ගත්තු දේවල් මිල කරන්නත් බැහැ.

ෆෙයාවෙල් දවසත් ලස්සනට සංවිධානය කරලා තිබ්බා.3 ට පටන් ගන්නවා කියලා තිබ්බට ඉතින් මම යනකොට නම් හතරත් පහු වෙලා තිබුනේ.ස්ලිට් එකේ එක විභාගයකටවත් වෙලාවට ගියේ නැති මම ෆෙයාවෙල් එකට වෙලාවට යයිද.මම හෝල් එක ඇතුළු උන ගමන් හිතුවේ ෂුවර් එකට වැරදි එහෙකට තමයි ඇවිත් ඉන්නේ කියලා.මොකද ජිවිතේට දැකපු නැති කට්ට්ය තමයි එහෙට මෙහෙට යනවා දැක්කේ.පස්සේ අදුරන මල්ලි කෙනෙක් ඇවිත් අයියේ ඉස්සරහින් වාඩි වෙන්න කිව්වා.ඊට පස්සේ තමයි අදුරන එකා දෙන්නා දකින්න ගත්තේ.ඒත් ඉතින් කොහේ අදුරගන්නද එක්කෝ මගේ ඇස්වල අවුලක් , නැත්නම් මේකප් වල බලමහිමය.පරක්කු වෙලා ආපු මට එතැන තිබ්බ කල්චර් එකට සෙට් වෙන්න තව වෙලාවක් ගියා.කොහොමින් හරි එක එක ජාතියේ ඉවෙන්ට්ස් එහෙමත් ගොඩක් තිබ්බ.බැලුන් බෝලයක් තියාගෙන පත්තර කොලයක උඩ නටන එක එහෙම නැගලා ගියා.

ඔය අතරේදී තමයි පුටු වගයක් සම්බන්ධ තරගයක් තියෙනවා කියලා නිවේදනය කරේ.මට ඇහුනේ මියුසිකල් චෙයාර්ස් කියනවා වගේ. ආයි මොනාද ඉතින් මමත් ඉතින් මියුසිකල් චෙයාර්ස්වලින් කප් ගහපු බුවා නේ , මාත් ඉතින් පැනගෙන ගියා.ගියාට පස්සේ තමයි දන්නේ මම දන්න මියුසිකල් චෙයාර්ස් නෙවේ , වෙන අටමගුලක් කියලා.කණ්ඩායම් දෙකක් තියෙනවා , කට්ටිය හැමෝම පුටුවල වාඩිවෙලා අතින් අල්ලන්නේ නැතුව පොල් ගෙඩියක් කකුලෙන් පාස් කරන්න ඕන.ඕන එකක් කියලා ඉතින් මාත් ආපු එකේ ගිහින් පුටුවෙන් වාඩි උනා.මොන පොල්ගෙඩි පාස් කිරිල්ලක්ද , මුලින්ම හිටපු එකා මට පොල් ගෙඩිය දුන්නට මොකෝ මම පාසේ කරාම මගේ එහාපැත්තේ හිටපු එකාට කකුලෙන් ඒක අල්ලගන්නම බැරි උනා.අපේ කණ්ඩායමේ මුල් දෙන්නා ගාවම පොල් ගෙඩිය කැරකි කැරකි තියෙද්දී, එහා පැත්තේ සෙට් එක පොල් ගෙඩිය පාස් කරලත් ඉවරයි.ඒ පැත්තේ හිටියේ හොරෙන් වතු වලට පැනලා පොල් පාස් කරපු උන්ද කොහෙද , නැත්තම් කොහෙන්ද ඔච්චර ඉක්මණට ඕක පාස් කරේ.ඔය සීන් එකෙන් පස්සේ අපේ එවුන් ටික මට කිව්වා තව නම් ඉවෙන්ට්ස් වලට යන්න එපා කියලා.යාලුවෝ උනාම කියන දේ අහන්න ඕනනේ, ඒක හින්දා ඊට පස්සේ මම ඔය තරග වලට සෙට් උනේ නැහැ.

අපේ සෙට් එකේ හිටපු අය ඔය ඉවෙන්ට්ස්වලට සෙට් නොවුනට මොකද කන-බොන ඉවෙන්ට් එකටනම් මුලින්ම ගියා.එතැන්දීත් yAkA ටෝකන් එකක් නොදී කෑවා කියලා තමා කථාව නම් ගියේ.කෑම බිමත් එලටම තිබුනා.මට නම් DJ එක එච්චරම ඇල්ලුවේ නැහැ.ඉස්කොලේ බිග් මැච් එකට ගියාවගේ හැගීමක් තමයි මට DJ එකේ ඉන්නකොට ආවේ.සංවිධාන කටුයුතු ගොඩක් ලස්සනට කරලා තිබ්බා.මතක සටහනක් විදියට දීපු පින්තුරෙත් ගොඩක් වටිනවා.

අපෙ හිටපු හැම ලෙක්චර් කෙනෙක්ම අපිට ගොඩක් දේවල් ඉගැන්නුවා.යසස් සර්,නිපුනිකා මිස් , නිලක්ෂි මිස්,ලේකනි මිස් ,ඉෂාර සර් ඔය හැමදෙනාම උගන්වපු දේවල් කවමදාවත් අමතකවෙන්නේ නැහැ.ඔය අතරින් අපේ අන්තිම අවුරුද්දේ රිසර්ච් එකේ සුපවයිසර් විදියට හිටපු ගායනා මිස්ව විශේෂයින්ම මතක් කරන්න ඕන.අපේ සෙට් එකේ කාටහරි කෝඩ්න්වල මොකක් හරි අවුලක් ගිය ගමන් අපි හැමෝම මුලින්ම හම්බුවෙන්න යන්නේ ගායනා මිස්වයි.ගායනා මිසුත් මොන වැඩේ තිබුනත්, අපි කීපාරක් කිහින් කරදර කරත් පොඩ්ඩක්වත් තරහා ගන්නේ නැතුව  අපිට ඕන දේ කියලා දෙනවා.ඊට අමතරව අපේ අන්තිම අවුරුද්දේදි අපේ ස්ටාෆ් එකට අලුතින් ආපු ඩ්ල්හාන් සර්වත් මතක් කරන්න ඕන.සර් අපිට ඉගැන්නුවේ බොහොම පුංචි කාලයක් උනාට ඒ පුංචි කාලේදී අපේ ජිවිතවලට වැදගත් ගොඩක් දේවල් ඉගැන්නුවා.සර් ගේ ලෙක්චර් එකේ අන්තිම විනාඩි 15 ගොඩක් වෙලාවට වෙන්කරලා තිබ්බේ , අපිට ධනාත්මක චින්තනය ගැන අවබෝධයක් ලබාදෙන්න.මම ඇතුළු අපි හැමෝටම ඒ දේවල් ඉස්සරහට ගොඩක් වැදගත් වේවි.අපිට දවසක් හරි උගන්නපු හැම දෙනාටම බොහෝම ස්තුතියි.

අපිත් එක්ක එකටම හිටපු ගොඩක් අය හම්බුවෙන අන්තිම දවස මේක වෙන්න පුළුවන්.ඒ උනත් මේක හරිම පුංචි රටක් නේ මේ රටේදීම අපි ආයේ කොහොම හරි හම්බුවෙන්න පුළුවන්.මගේ යාලුවෝ හැමෝගෙම අනාගතය සුභම වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

ප.ලි - ස්ලිට්‌ ජීවිතය නිල වශයෙන් ඉවර නිසා , ස්ලිට්‌ එක ඇතුලේ උන සමහර දේවල් ලියන්න තිබ්බ බාධාවනුත් ඉවර වෙනවා.ඒ හින්දා ඒවත් දැන් පුළුවන් විදියට ලියන්න ඕන.

ප.ප.ලි - මේ පොස්ට් එකට සම්බන්ධ නොවුනත් මේ දේත් කියන්න ඕන.යාළුවෝ කියන අය ඉන්න ඕන අපිට තියෙන කාලේදී නෙවෙයි , අපිට නැති කාලෙදියි.ඒ දේ අතින් මම වාසනාවන්තයි , මොකද මට තියෙන කාලේදී හිටපු යාළුවෝ දෙතුන් දෙනාට වඩා, මට නැති කාලේදී මාත් එක්ක යාළුවෝ ගොඩක් හිටියා.ඒ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.

Monday, November 14, 2011

මොරටුව ලෝයර්ස්

අද ලියන්න හදන්නේ නම් අපි කරපු(කරන්න ගියපු) Project එකක් ගැන.ඔන්න ඉතින් මෙට්‍රෝ එකේ දෙවෙනි වසරේ ඉන්නකොට අපිට කරන්න සෙට් වෙනවා Project එකක්.තමන් කැමති කස්ටෙක් තෝරගෙන එයාලා දෙන Requirements විදියට Project එක කරන්න ඕන.එක ගෘප් එකකට උපරිම වශයෙන් 6 දෙනෙක්ට ඉන්න පුළුවන්.

අපේ ගෘප් එකෙත් ඔන්‍න‍ 6 ක් ඉන්නවා. මලියා තමයි Project Manager.ඊලගට ඉන්නේ අයි.යු .ඊලග කෙනා තමයි ඇල්බා.ඊලගට තට්ට අයියා. ම්නිහාගේ අපි හැමෝටම වඩා කොන්ඩේ එහෙම තියෙනවා. අපේ අයගේ අලුත් ගැජමැටික් පොස්ට් එකේ ස්ටේටස් එහෙම දැම්මේ මෙන්න මෙයා තමා. ඊටත් පස්සේ ඉන්නවා නයනා ( දැන් අහන්න එපා ඉතින් මම නම් ආසයි අහන්න නයනා එකේ ඉන්න එක්කෙනාද කියලා ). අවසාන වශයෙන් හිට්යේ මම.

ගෘප් එකක් තිබ්බට වැඩක් නැහැ නේ ඉතින් කරන්න ප්‍රෝජෙක්ට් එකක් නැතිව. කොහොමින් කොහොම හරි ඉතින් අපිට දන්න කෙනෙක් ගේ මාර්ගයෙන් ප්‍රෝජෙක්ට් එකක් ලැබුනා  ප්‍රෝජෙක්ට් එකේ තියෙන්නේ මොරටුව නීති සංගමයට වෙබ් ඇප්‍ එකක් හදන්න. මොරටුවේ ඉන්න නීතිවේදීන් හැමෝම කනෙක්ට් වෙන විදියටත් , නීතිවේදීන්ට තමන්ගේ කස්ටොන්ව සම්බන්ධ කරන්නත් මේ වෙබ් එකෙන් වෙන්න ඕන.ඒ කිවුවේ නිකන් ෆේස්බුක් ටයිප් එකේ මැසේජින් සිස්ටම් එකක්. ඔයිට අමතරව ඉතින් හැම ලෝයර් කෙනෙක්ටම තම තමන්ගේම ප්‍රෝෆයිල් එකක් තියෙන්නත් ඕන.

වැඩේ ඉතින් පටන් ගත්තට මොකෝ වැඩේ පටන් ගන්නකොටම කොටම අපි දැන ගත්තා වැඩේ ලේසි පහසු නොවෙන වග. ප්‍රෝජෙක්ට් එහෙම කරනකොට තියෙනවනේ අර ගෘප් මීටින් කියලා දේවල්. ඔන්‍න‍ ඉතින් අපිත් එහෙම එකක් තිබ්බා

මම : මේ දැන් අපි මොනවාද මේකේ Additional Function විදියට දාන්නේ ?
මලියා : අනේ මේ මගුලක් කතා කරන්න එපා. තියෙන ටික කරන්න බැරිව ඉන්නවා තව Additional දාන්න කථාව.
මම : නැහැ බන් එහම හරියන්නේ නැහැ..අර . . . .අරුන් අරම කරලා අපිත් ඔය මොනවා හරි දාමු.
තට්ට අයියා : ඔව් ඔව් බන් මොනවම හරි දාන්න වෙනවා
මම : අඩේ අපි දාමු මෙහෙම එකක්..ලෝයර් කෙනෙක්ට පුළුවන් එයාලාගේ කස්ටමර්ලාට Sms යවන්න..ඔය නඩු දිනේ අනං මනං විස්තර එහෙම දාලා
මලියා : ඕයි ඕවා කරන්න බැ බන්..තො‍ට පිස්සුද
මම : හරි බන් කරලා බලමුකෝ..හැම එකටම බැහැ කියන්නැතුව
මලියා : ඕන මගුලක් කරගනින්

කොහොමින් කොහොම හරි ඉතින් තියෙන ඒවා මදිවාට තව Sms Function එකකුත් එකතු උනා. දැන් ඉතින් කස්ටිය දාගෙන ඔය එක එක ඒවා හදනවා ( හදනවා කිව්වට හරිම වචනේ හදන්න උත්සාහ කරනවා කියන එක). කොහොමින් කොහොම හරි ඉතින් දැන් අන්තිම Presentation එකටත් කාලය කිට්ටු වෙනවා. අපරාදේ කියන්න බැ තාම අපි ළදරු අවදියේ ඉන්නේ. ඔය සෙමෙස්ටර් එකේ ඔය ප්‍රෝජෙක්ට් එකට අමතරව තව අම්බානෙක වැඩ තිබ්බා.

දවසක් මලියා චැට් එකෙන් සෙට් වෙලා මගෙන් අහනවා

මලියා : ආ..මොනවාද බන් කරන්නේ
මම : නැහැ මුකුත් නැහැ
මලියා : ආ එල එල..
මම : එල
මලියා :මේ ඕයි අපි අර මොරටුව ප්‍රෝජෙක්ට් එක කරන්නේ නැද්ද ?
මම : ඔව් බන් එක කරන්නත් ඕන තමයි නේද..හරි සෙට් වෙ‍ලා කරමු.

කලින් මලියා ගැන කියපු පොස්ට් එකේ මම නොකිව්වට ආපු කමෙන්ට් එකක තිබ්බනේ මලියගේ "ෂෝට් ටර්ම් මිමොරි ලොස්" එක ගැන විස්තරේ.මලියා හරි ට්‍රැක් එකේ ඉන්න දවසක තමයි ඔය උඩ තියෙන චැට් එකේ උන කතාබහ උනේ.

ඔන්‍න‍ ඔහොම ඉතින් ආයි ප්‍රෝජෙක්ට් එක රි-ලෝන්ච් පාරක් එහෙම දීලා වැඩේ පටන් ගත්තා. තව පොඩි කාලයයි තියෙන්න Final එකට. දැන් ඉතින් ගෘප් එකේ කට්ටිය බොක්කෙන්ම Javascript , Css ගැන ඉගෙනගන්නවා.කොහොම හරි ඉතින් යන්තම් Final එක කාලේ වෙනකොට ප්‍රෝජෙක්ට් එක ගැට ගහගත්තා. හැබැයි ඉතින් අර Sms කැලි නම් නැහැ. මැසේජින් සිස්ටම් එක නම් වැඩ(ලු).

මොනවා උනත් අන්තිම මොහොතේ කලා උනත් අපේ සෙට් එක ඇප්ලිකේෂන් එක එලටම  කලා. අපිම හදපු අපේම කියලා ටෙම්ප්ලේට් එකක් අපි ඩ්සයින් කලා. css අපිම ලිවුවා. කොහමහරි ඉතින් අපි කට්ටියට ඉතින් අපරාදේ කියන්න බැහැ  A එහෙමත් ලැබුනා.

ප.ලි - කොහොම හරි ඉතින් අපේ සෙමෙස්ටර් එක පාස් උනාට අපේ ප්‍රෝජෙක්ට එක අයිති කෙනාට අපි හදපු එක දුන්නේ නැහැ. මොකද කියනවනම් අපි හදපු  ප්‍රොජෙක්ට් එකයි , ඉල්ලපු ප්‍රොජෙක්ට් එකයි අතර ඉතාමත් දරුණු වෙනස් කම් තියෙන නිසා. දැන් උනත් ප්‍රෝජෙක්ට් එක අයිති කෙනා හම්බ උනාම අහනවා කෝ අර ප්‍රෝජෙක්ට් එක කියලා.එතකොට ඉතින් අපි මොනවම හරි කියලා මාරු වෙනවා

ප.ප.ලි - තට්ට අයියයි , මමයි අතර ගිවිසුමක් තියෙන නිසා තට්ට අයියා ගැන ඇවෙන්ජර හිට්ස් පොස්ට් එකක් ලිව්වේ නැහැ.අනිත් අයගේ ඇවෙන්ජර් හිට්ස් පොස්ට්වලට විස්තර හොයලා දුන්න වැඩ කරෙත් තට්ට අයියා , ඒකට ස්තුතියි.

ප.ප.ලි - මේ පොස්ට් එකවත් අපේ සෙට් එක බලලා දැන්වත් මේ ප්‍රෝජෙක්ට් එක ඉක්‌මනට කරන්න හිතේවා කියන එක තමයි මගේ අවංක ප්‍රාර්ථනය !!

Friday, November 11, 2011

ඇවෙන්ජර් හිට්ස් II - අයි.යු

ඔන්න ඉතින් අන්තිමට ඇවෙන්ජර් හිට්ස් I - මලියා ගැන විස්තරේ කිවුවනේ.මම ඉතින් කිව්වත් වගේ පොස්ට් එකේ ලිව්වට වඩා කරුණු කමෙන්ට්ස්වලින් ආවා.එදා කිව්වා වගේ ඔන්න ඇවෙන්ජර් හිට්ස් II කොටස කියන්නයි මේ හදන්නේ.මේ තමයි අපේ සෙට් එකේ දෙවැනි සාමාජිකයා.I.U (අයි ලව් යු නෙවෙයි.). අපේ සෙට් එකේ හිටපු සද්ධන්තම බුවා තමයි මෙයා. මලියට වුල්වරින් සෙට් වෙනවා නම් අයි.යු ට හරියන්නේ හල්ක් තමා.

අපි කරපු ( කරන්න හිටපු ) ප්‍රොජෙක්ට් ගොඩකම ක්‍රියාකාරී සමාජිකයෙක් තමා අයි.යු.Resource Allocating කියන සබ්ජෙක්ට් නම් උපරිමයෙන්ම පුළුවන්.උදාහරණයක් විදියට, මලියා කිව්වොත් ලබන සතිය වෙද්දී Router එකක් ඕන කියලා , ආයි නෑ මොන ලෝකෙන් හරි Router එකක් ලබන සතිය වෙනකොට අයි.යු ගෙනත් දෙනවා.එච්චරට විවිධාකාරයේ සම්බන්ධතා අයි.යු ට තිබ්බා.ඒ නිසා අපේ ගෘප් එකට කවදාවත් රිසොස් පැත්තෙන් ප්‍රශ්න නම් තිබ්බේ නැහැ.සමහරු නම් ඉතින් ඔය සම්බන්ධතාවලට එක එක කට කැඩිච්ච කතා කිව්වා, ඒ උනාට මොකද පල ඇති ගහටනේ ගල් වදින්නේ කියනවා වගේ අයි.යු නම් සැලුනේ නැහැ ඒ කතාවලින්.

අයි.යු මේ මෑත කාලයක් වෙනතුරුම ලෝක වාර්තාවක් තියාගෙන හිටියා.දැන් නම් ඒකේ තත්වය කොහොමද දන්නේ නැහැ.වාර්තාව තමයි අවුරුදු තුනක් යනකම් කිසිම ඩ්සයිනින් ටුල් එකක් ගෙදර පරිගණකයේ දාගෙන නොතිබීම.දැන් ඉතින් පුදුම වෙන්න එපා , එහෙනම් මේ යෝධයා කොහොමද අවුරුදු තුනක් තිබ්බ විභාග / ප්‍රැක්ටිකල් එහෙම පාස් උනේ කියලා.ඒකට තමයි කියන්න ටැලන්ට් එක කියලා.මගේ මතකයේ හරි නම් මේ වෙනකම් කිසිම සබ්ජෙක්ට් එකක් අයි.යු අවුල් කරගෙන නැහැ. කොහොමද හැකියාව.

හැකියාව ගැන කිව්වම මතක් උනේ , ඔය මම කිව්වා හැකියාවට අමතරව තව විශේෂ හැකියාවන් රාශියක් අයි.යු ට තිබ්බා.අනේ ඉතින් ඒවා දන්නෝ දනිති.අපේ රංග අයියා ප්‍රසිද්ධ වැඩේටත් අයි.යු ප්‍රසිද්ධයි.තවත් අයි.යු කිව්වම මතක් වෙන දෙයක් තියෙනවා ඒ තමයි අයි.යු සහ විභාග කියන එක අයි.යු ගේ වැඩියෙන් ඇක්ටීවී කාලවලින් එකක් තමයි විභාග කාල සීමාව.විභාගයට කලින් දවසේ ඉන්න ඕන , විභාග ශාලාවේදී ඉන්න ඕන කොහොමද කියන එක ගැන උපදෙස් ගන්නවනම් , නියාම පුද්ගලයා අපේ අයි.යු තමයි මල් ස්ට්‍රැටජී වගේ තමා මේ ක්‍රමත් අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි.

අන්තීමට කියන්න ඕන පොඩි දෙයක් තියෙනවා, ඒක තමා අයි.යු ගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රි ලංකාවේ පොලිසියට යන්න.ඉතින් ලංකාවේ පොලිසිය අද තියෙන තත්වයෙන්
මුදාගන්න අයි.යු ට හැකිවෙන්න කියලත් මමතුමා ලාවට වගේ ප්‍රර්ථනා කරනවා.

ප.ලි - පුරුපුරු මේක කියවනවනම් , ඔයා හිතන අයි.යු ම තමයි මේ ;)

Tuesday, November 8, 2011

ඇවෙන්ජර් හිට්ස් I - මලියා

මේ දවස්වල ඇවෙන්ජර්ස් කිව්වම මතක් වෙන්නේ ඊළග අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් කටුව නේ.වුල්වරින්,අයන් මෑන් එතකොට හල්ක් , තෝර් , කැප්ටන් ඇමෙරිකා වගේ තනි තනිව ආපු ෆිල්ම් සෙට් එකේම හිටපු ප්‍රධාන චරිත ඔක්කොම ඔය කියපු ඇවෙන්ජර් ෆිල්ම් එකේ එනවා.

දැන් ඉතින් මගේ මේ පොස්ට් එකයි ඇවෙන්ජර්ස් එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කට්ටිය බලනවා ඇතිනේ.මතක ඇතිනේ මම කලින් පොස්ට් එකක් ලිව්වා අපේ ප්‍රොජෙක්ට් ගෘප් එකේ හිටපු ඇල්බා ගැන.මගේ ඇවෙන්ජර් හිට්ස් ලිස්ට් එකේ පලවෙනි ඇවෙන්ජර් තමයි ඇල්බා.කළින් නම් හිතාගෙන හිටියේ අපේ ගෘප් එකේ හිටපු සෙට් එක ගැනම වෙන වෙනම ලියන්න (හරියට තනි තනිව ඇවෙන්ජර් ෆිල්ම්ස් ආවා වගේ ), ඊට පස්සේ ඉතින් කට්ටියම එකතු වෙලා කරපු දේවල් ලියන්න (ඇවෙන්ජර් හිට්ස් ෆිල්ම් එක වගේ ).ඒත් ඉතින් කොහෙද වෙලාවක් සෙට් උනේ නැහැ නේ වැඩේ කරන්න.දැන්නම් වෙලාව එහෙම තියෙන එකේ වැඩේ පටන් ගන්න ඕන.එහෙනම් ඉතින් පටන් ගම්මු මගේ ඇවෙන්ජ්ර් හිට්ස් ලිස්ට් එක.

පලවෙනි ඇවෙන්ජර් තමයි මලියා.පොරගේ හරිම ආසාවක් තිබ්බා පොරට වුල්වරින් කියලා කියනවට.ඒ හින්දම පොර කොන්ඩෙයි,රැවුලයිත් වැවුවා.අපේ අයගේ ඉතින් කට කැඩ්ච්චකමට 'වවුල්වරින්' කියලත් කිව්වා පොරට. අපි කරපු ප්‍රෝජේක්ට් ගොඩකම ප්‍රෝජෙක්ට් මැනේජර් මලියා තමා.ආයි ඉතින් කියල වැඩක් නැහැ, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෘප් එක මෙහෙයවීම උපරිමෙට කරා. කොච්චර හොදට කරාද කියනවානම් ඉතින් අපිට දෙන්න තිබ්බ සමහර Document එහෙම බාර දෙන්න ඕන වෙලාවට පස්සෙ තමයි අපි දෙන්නේ.'ටයිම් මැනේජ්මන්ට්' උපරිමයි.

තව දෙයක් තමයි මලියගේ කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස්.අපේ අය අතරේ නම් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ "මල්-ස්ටැන්ඩර්ඩ්ස්" කියලයි.මේ ක්‍රමය ඕනම Class,Variable,Interface ලියනකොට වගේම File එකක් නම් කරනකොට යොදාගන්න පුළුවන්.හරිම පහසුයි සහ සරලයි.හැබැයි පාවිච්චි කරන්න පුළුවන් එකම එක අකුරකුයි එක වචනයකුයි විතරයි , ඒ තමයි m අකුරයි mal කියන වචනෙයි.වැඩේ තේරුනේ නැහැ වගේ මේ පහල තියෙන උදාහරණ ටික බලන්නකෝ.
m.txt , mmm.css , mal.cs , mal1.html , int m , class mal1, mmmmm1.aspx

දැන් වැඩේ මීටර් නේ.අපේ මලියා ලියපු කෝඩ් කොහෙද එතන ඔය මම කියපු කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස් අනිවාර්යයෙන්ම පාවිචිචි කරලා තියෙනවා.ඒක හින්දා ඉතින් මලියගේ කෝඩ් එකක් කවුරුහරි ගත්තු ගමන්ම කරන්නේ ඔය කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස් ටික වෙනස් කරන එක.

අර කතාවක් තියෙන්නේ මීයා පිටකරන දුම මීදුම කියලා.අන්න ඒ වගේ මලියා ගහන කෝඩ් "මල්-කෝඩ්" මලියා ලියන ඇල්ගොරිතම් "මල්ගොරිතම්" උනා.කියන්න අමතක උන විශේෂම දෙයක් තියෙනවා ඒ තමයි "මල්-ප්ලෑනින්".අපේ මේ අවරුදු දෙක තුන ඇතුලේ "මල්-ප්ලෑනින්" වලින් අපේ අය ගොඩක් වැඩ කරගත්තා.මල්-ප්ලෑනින් වල තියන එක "ස්ට්‍රැටජියක්" මම කියන්නම්කෝ.

දැන් අපි හිතමු අපිට ඉන්නවා ෆේස් බුක් එකේ ලස්සන කෙල්ලෙක්.හැබැයි ඉතින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මට ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ.ඔන්න ඔය වගේ වෙලාවකට මලියගේ මල්-ස්ට්‍රැටජියක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්.මුලින්ම කරන්න ඕන ඔය අදාළ කෙල්ලගේ යාළුවෝ කට්ටියක් හොයාගන්න එක.ඊට පස්සේ කරන්න ඕන ඒ අයට රික්වෙස්ට් දාන එක.මේක ඉතින් එක්කෙනක් දෙන්නෙක්ට නෙවෙයි 20-30 කට වගේ කරන්න ඕන.( මොකද ඉතින් කෙල්ලගේ යාලුවොත් ඇක්සෙප්ට් නොකිරිමේ ප්‍රවණතාවයක් තියෙනවනේ).ඔහොම රික්වෙස්ට් දාලා කවදා හරි ඉතින් ඔය කට්ටිය ඇක්සෙප්ට් කරනවනේ.අන්න ඒ කාලේදී අර අපිට මුලින්ම සෙට් කරගන්න ඕන කෙල්ලට රික්වෙස්ට් දාන්න ඕන.එතකොට එයා අනිවා ඇක්සෙප්ට් කරනවා.මොකද ඉතින් Mutual Friends ලා ගාන වැඩියි නේ.මේ මල්-ස්ට්‍රැටජිය සියයට සීයක්ම අපේ මලියගේම අදහසක්.නිරවද්‍යතාවය එහෙම පුද්ගලිකවම සහතික කරලයි තියෙන්නේ.

මලියා ගැන තවනම් ලියන්න දේවල් ගොඩක් තියෙනවා, අපේ දන්න කියන අය ඉතින් මේක දැක්කොත් දාන කමෙන්ට්ස් වලින් තව විස්තර හොයාගන්න පුළුවන් වෙයි.

ප.ලි - ඇවෙන්ජර් හිට්ස් II ඊළග පොස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.

Friday, November 4, 2011

ඉවරායි. . .

ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි.අවුරුදු තුනකට කිට්ටු වෙන්න කට්ටක් කාලා කරපු දේ ඉවරයි.අන්තිම අවුරුද්දේ තිබ්බ viva එක ( හරි මයිලෝ එක හරි නෙස්ටමෝල්ට් එක හරි ) එකත් ඉවරයි.අපේ හිටපු පස්දෙනාම ඒකෙනුත් ගොඩ ගියා.ඔය අන්තිමට තියෙන එක තමයි සාමාන්‍යයෙන් අමාරුම එක , ඒක අවුලක් උනේ නැහැ කියෙන්නේ ඉතින් ගොඩේ ගොඩ.

අපි සතුටින් හිටියට ඉතින් අපේ සමහර යාළුවෝ කිහිප දෙනෙක්ට නම් පොඩ්ඩක් අවුල් උනා.ඒ උනාට ඉතින් කට්ටියටම සති දෙකක් විතර ලැබුනා , තමන් කරපු ප්‍රොජෙක්ට් එකට අලුතින් component එකතු කරලා හරි , තව තියෙන component වෙනස් කරන්න හරි.එයාලගේ ප්‍රොජෙක්ට් එකේ තීරණය ලැබෙන්නේ ඊට පස්සේ.බයවෙන්න එපා යාලුවනේ කාටවත් අවුලක් වෙන්නේ නැහැ.

අපේ මේ පාර ප්‍රොජෙට් එක නම් වැදගත් වෙන්නේ ලංකාවේ ඉස්කෝලවලට.ලංකාවේ පාසල්වල තියෙන දත්ත එක තැනකට එකතු කරගෙන , අවශ්‍ය වෙලාවල් වලදී ඒවා ලබාදෙන එක වගේ දෙයක් තමයි කරේ.( සරලව කිව්වොත් එහෙම දෙයක් තමයි වෙන්නේ), ඊට අමතරව පාසලෙන් ලැබෙන අස්වීමේ සහතිකය , අදාළ දත්ත නිවැරදිව ඇතුළු කරාම Auto Generate වෙලා එන විදියේ component එකකුත් තිබුනා.අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ මේ ප්‍රොජෙක්ට් එක අපි කරා,අම්බෝ මේක කරන්න ගිහිල්ලා උන දේවල්.ඒ ටිකත් පුළුවන් විදියට කියන්නම්.

ඔයිට අමතරව ඉතින් මගේ පැත්තෙන් විස්තර කියනවනම් ලොකු ලොකු දේවල් ගොඩක් උනා.ජොබ් එකකුත් ලැබුනා.ස්ලිට්‌ එකේ වැඩ ඉවරඋන ගමන් ජොබ් එකක් ලැබුන එකත් ඉතින් එක අතකට හොදයි.කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා එ දේවල් වෙලාව තියෙන විදියට කියන්නම්.

ප.ලි - මකුළු දැල් කැඩුවට ඉතින් , ඒ කරලත් සතියකට පස්සේ තමයි මේක ලියන්නෙත්.

ප.ප.ලි - අර communication skills කතන්දරේ ලියාගෙන යනවා.ළගදීම ඒක පබ්ලිශ් කරන්නම්.

Saturday, September 17, 2011

ඇල්බා

අපේ ගෘප් එකේ හිටියා බුවෙක් ඇල්බා කියලා.හරි නම නම් ඇල්බා නෙවෙයි ඒ උනාට කවුරුත් දන්නේ ඇල්බා කිව්වම තමයි.අපේ සෙට් එකෙන් හා හා පුරා කියලා ලැප් එකක් ගත්තේ ඇල්බා.ඔය ලැප් එක අරගෙන තනිකරම කරේ ස්කයිප් / බුකියේ චැට් කරපු එක තමා.චැට් කරෙත් ආයි එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි පිටරට ජිවිතේට අදුරන්නේවත් නැති ඈයොත් එක්ක.කොච්චරක් හොදට චැට් කිරීමේ හැකියාවක් ඇල්බට තිබ්බද කිව්වොත් , අර ජිවිතේට දැකලා නැති සුද්දෝ චැට් එක ඉවර කරන්නේ "බුදුසරණයි දෙවි පිහිටයි කියලා". කොහොමද ඉතින් වැඩ !! සිංහල භාෂාව , සිංහල සිරිත් විරිත් ජාත්‍යන්තරකරණය කිරීමේ පුරෝගාමියෙක්.

ඔයිට අමතරව ඉතින් පිටරට අයට ( සුද්දියන්ට විශේෂයින්ම ) තමන්ගේ දුක්ගැනවිලි එහෙම කියලා සල්ලි ගෙන්න ගන්න වැඩ එහෙමත් පොර කලා.එක පාරක් ඔහොම දුක මාකට් කරලා යුරෝ බරගානක් මිනිහට ලැබුනා.ඒ දවස්වල අපි කිය කියා හිටියේ ආධාර ගේන්න පිටරටවලට යන ඇමතිලා සෙට් එකක් එක්ක ඇල්බව යැව්වොත් පොරොන්දු වෙච්ච ප්‍රමාණයට වඩා ලොකු මුදලක් ඒ රටවල් වලින් ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා.ඒ තරමටම මාකටින් නියමයි.

ඇල්බා කියන්නේ ටියුබ් ලයිට්.ඉස්තරම් වර්ගයේම ට්යුබ් ලයිට් එකක්.පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඇල්බගෙන් කෝල් එකක් එනවා,

යාලුවා - ඇල්බා කියපන්
ඇල්බා - අඩෝ මේ මාර සීන් එකක් වෙලා තියෙන්නේ බන්
යාලුවා - ඇයි මොකෝ
ඇලබා - කම්පියුටරේට මොකක්ද වෙලා බන් , මම මේ සෑහෙන්න වෙලා හදන්න බැලුවා හදන්න බැ බන්
යාලුවා - ඒ මොකෝ
ඇල්බා - නෑ බන් මේ කම්පියුටරේ ස්ටාර්ට් බට්න් එකත් එක්ක තියෙන තීරුව එක පාරට අනිත් පැත්තට ගියා නේ බන් $#%&%#@
යාලුවා - හරි බන් ,මොනිටර් එක අනිත් පැත්ත ගහලා බලපන් බන් ඉවරයිනේ කේස් එක

බලනකොට ඉතින් වෙලා තියෙන්නේ ටාස්ක්-බාර් එක ඇල්බා අතින් අනිත් පැත්තට ගිහිල්ලා.යාලුවා කිව්ව එක මුලින්ම ඇල්බට තේරුම ගිහිල්ලා නැහැ, පස්සේ තේරුම් ගියාම ඉතින් යාලුවට හොද වචන වලින් සංග්‍රහයකුත් කරලා තියෙනවා.

ඇමෙරිකන් හමුදාව ලග තියෙන "ඇපාච්" කියන හෙළිකොප්ටරයට "අප්පච්චි" කියලා සිංහල නම දැම්මෙත් ඇල්බම තමයි.අපි කරපු හැම ප්‍රෝජේක්ට් එකක්ම වගේ ටෙස්ටින් පාර්ට් එක කලේ ඇල්බා."ඇල්බා ද ටෙස්ටර්" කියලා පොඩ් කාඩ් එකකුත් ඒ නිසාම පොරට වැටිලා තිබ්බා.ඇල්බා කරන ටෙස්ටින් වලට අපි කිව්වේ  "ඇල්බා ටෙස්ටින් " කියලා.  ( ඇල්ෆා ටෙස්ටින් වලට කිසිදු සම්බන්ධයක් නොමැත.)

කොහොමින් කොහොම හරි ඉතින් මේ වෙනකොට අපි අතරේ ඇල්බා නැහැ.අපි අතරේ නැහැ කිව්වේ මොනවත් වෙලා එහෙමෙ නෙවේ.ඇල්බා අවුරුදු දෙකක් ස්ලිට්‌ එකේ ඉදලා අයින් උනා.දැන් නම් පොර ඉන්නේ ආණ්ඩුවේ මයික් ටයිසන් ඇමති කෙනෙක් ගාව.කොහොමද ආයි සෙල්ලම් නැහැ .කොහොමත් ටයිසන් ඇමතිතුමා වගේ කෙනෙක්ට ඇල්බා වගේ අයව ගැලපෙනවා වගේ දෙයකුත් තියෙනවනේ ;)

ප.ලි - ගොඩක් දුරට ඇල්බා ඉස්සරහට ජන්දේ ඉල්ලයි.කොහොමද ඉතින් වැරදිලා හරි දේශපාලනයෙන් ඉදිරියට ආවොත්.මං අහන්නේ කාටද ආඩම්බර !!!

Thursday, September 8, 2011

අපරාදේ බිලක් ගෙවා ගන්න තිබ්බ චාන්ස් එක

මේ සිද්දිය උනේ මම ස්ලිට් එකට ගියපු මුල්ම කාලේදී වගේ.ඔයා කාලෙදිම වගේ අදුරන කෙනෙක්ගේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා.ගෙදර කට්ටියත් එක්ක මටත් ඕකට යන්න සෙට් උනා.දන්න නොදන්න නෑදෑයෝයි අරගොල්ලොයි මේගොල්ලොයි හැමෝම ඕකට ඇවිත් ඉන්නවා දැන්.ඔය අතරේදී ටිකක් විතර දුරින් නැදෑ වෙන බුවෙක් මාත් එක්ක කතාවට සෙට් උනා.

බුවා : පුතා කොහමද ඉතින්  ?
මම : වරදක් නැහැ අන්කල් , ඔහේ ඉන්නවා
බුවා - කොහොමද ඉතින් ගෙදර කට්ටිය එහෙම සතුටින් ඉන්නවද ?
මම - ඔව් අන්කල් හොදින් ඉන්නවා
බුවා - අහන්නත් බැරි උනානේ , දැන් පුතා මොනවාද කරන්නේ ?
මම - මම අන්කල් ස්ලිට් නේ දැන්
බුවා - ආ ඇත්තද පුතා ..අහන්නත් සන්තෝසයි නේ

මොකා , මොන මගුලකට මම ස්ලිට් යනවා කිව්වම ඒක අහන්න සන්තෝෂ වෙන්නේ.අන්කල් ගේ වයර් වත් මාරු වෙලාද ?

මට ඔය වගේ අප්සට් දේවල් හිතෙන අතරේ ආයි පොර කතාවට සෙට් උනා.

බුවා - ඕකට පුතා ලේසියෙන් යන්න බැහැ , සෑහෙන කට්ටක් එහෙමත් කන්න වෙනවා..පුතාට එහෙම ඉස්සරහට හොද වෙයි

දැන්නම් මට හොදටම ෂුවර් වයර් ෂෝට් එකක් තමයි කියලා.මොකද ඉතින් ස්ලිට් ඒකෙ වැඩ කරගෙන යනඑක අමාරු උනත් ඉතින් ඇතුළු වෙන ඒක ඒ හැටි අමාරු නැහැ නේ.කොයිකටත් ඉතින් මම හිනා වෙලා හිටියා.මොනව අදහස් කරාද දන්නේ නැහැ නේ.ඔය අතරේ මිනිහාට වෙන වැඩක් සෙට් වෙලා ඒකට ගියා.වැඩේ ඉවරකරගෙන ආයි කදේට වැටුනා.

බුවා - දැන් පුතා කවද්ද ප'මනන්ට් කරන්නේ ? අවුරුද්දක්වත් ට්‍රේනින් ඉන්න ඕන නේ ?
හරි මගේ සැකේ ටක්කෙටම හරි,වයර් ෂෝට් වීමක්ම තමා.

මම - අන්කල් මම වර්ක් කරන් නැහැ තාම
බුවා - ආ පුතා දැන් කිව්වේ SLT කියලා
මම - නෑ නෑ අන්කල් මම මේ ස්ලිට් එකේ , අර මාලබේ එහෙම තියෙන්නේ
බුවා - ආ මම ඕවා ඉතින් දන්නේ නැහැ නේ සන් .. මම හිතුවේ SLT කියලා.එහෙනම් ඉතින් අපිට හදිස්සියකට බිලක්‌ වත් පුතාට කියලා ගෙවාගන්න පුළුවන් නේ $*%@$#%!!&

Saturday, September 3, 2011

ටැලන්ට් ෂෝ - තිරය පිටුපස

ඊයේ අපේ ටැලන්ට් ෂෝ එක ලෙසටම පැවැත්වුනි.එන්න හිටපු 600 න් භාගෙට පොඩ්ඩක් වැඩිවෙන්න වගේ තමන්ගේ සහභාගීත්වය සු ගා  සටහන් කර තිබුනහ.ආපු සියලු දෙනා මදි නොකියන්නම ෆුල්ම ෆුල් ආතල් එකක් ගත්ත අතර ආවේ නැතිව හිටපු එවුන් බුකියේ අප්ඩේට් වෙන ෆෝටෝ කෑලි දෙස බලා හුල්ලමින් සිට්ති.ටැලන්ට් හොයන්න ගිහින් සිද්ද වෙච්ච සීන් ටිකක් තමයි මේ.

නටන්න ඇදුම් හෙවිම
ටැලන්ට් හොයන්න ගිහින් මුලින්ම පරිප්පුව කෑවේ මමතුමා සමග SLIIT භූතයා එකේ මේන් කැරැක්ටර් බුවා ය.ඒ පුජා නැටුම නටන නැට්ට්ච්යන්ට ඇදුම් හොයන්න ගොසින්ය.අපරාදේ කියන්ට බැරිය මොර සුරන වැස්සේ පාරවල් වැරදි අප දෙදෙනා සෑහෙන දුරක් පයින් ගැටුහ.පසුව ඇදුම් ලැබුනත් හිස කුදිච්ච් නැතුව නටන්න බැරියයි නැට්ට්ච්ච්යෝ සෙට් එක ප්‍රකාශකල නිසා අප දෙදෙනාගේම ඉහ මොළ රත්විය.යම්තම් ඒ ප්‍රශ්නය දුරකථන ජිල්මාට් එකක් දමා විසදා දුනි.නැත්නම් සිදුවන්නේ මටයි අපේ භූත බුවාටයි පුජා නැටුම නටන්නටය.

ආරක්ෂාව
ටැලන්ට් හොයන මුළු උළෙලහිම ආරක්ෂා කටුයුතු භාරව කටුයුතු කලේ දන්න කියන අපේ බුවෙක් ය.ඒ වැඩෙය අකුරටම බුවා ඉටුකරන ලදී.කෙතරම් ලෙසට කරාද කියතොත් උළෙලට අනුග්‍රහය දැක්වූ අයගෙන්ද ටිකට් ඉල්ලන්ට ගොස් ඇත.

නිවේදන කටුයුතු
ටැලන්ට් එකේ කඩ්ඩ නිවේදන කරේ අපේ ටුටු ය.කිව්වේ මොනවාද කියලා කාටවත් නොතේරුන නිසාදෝ සැමදෙනාම පාහේ ඔහු කියන හැමදේටම අත්පුඩි තැලුහ.

කෑම බීම
කන බොන බුවෙක්ට කෑම අංශය දිය යුතු නිසාම කෑම-බීම අංශය මමතුමාට භාරදෙන ලදී.උදේ ආහාරය කිසිදු බකට් එකක් නැතුව ඇදීගියත් අපේ ජෝන්ටෙක් විසින් අමුත්තෙකුගේ ආහාර වෙනත් පුද්ගලයෙකුට මාරු කර යැවීම නිසා දවල් ආහාරවේල අබ්ලික් විය.අවසානයේදී මදි වු ආහාර ගෙන ඒමද මට සහ සිංහලෙන් ලව් කිරීම ජාත්‍යන්තරකරණය කරන බුවාට සෙට් විය.

නැටුම්
ටැලන්ට් එකේ සිරාම ඇඩ් එක දැම්මේ yAkA ය.කාටත් කාලෙකට අමතක නොවෙන සේ යකා රොබෝ කෙනෙක් විය.එය කෙතරම් සිත් ගත්තේද කිවහොත් DJ එකේදී හැමෝම නැටුවේ රොබෝ කෙනෙක් මෙන් රොබෝ ඩාන්ස්ය.අපේ සෙට් එකේ නැටුමට දෙවැනි තැන ලැබුනි.කොහොමත් අපේ සෙට් එකට "හොදට නටන්නට" හැකිය.
වල්පල් ලියන පිස්සු පුසාත් ( තමන්ගේ පුසීත් ඇතුළුව තව සෙට් එකක් සමග ) හොද නැටුමක් නැටුහ.එයත් ලෙසටම තිබින.

ඩාන්ස් පාට්නර්
අපේ සෙට් එකේ නටන්න පුළුවන් කෙනෙකුට DJ එකේදී නටන්න පාට්නර් කෙනෙක් නොමැතිව හරි කෙලියක් විය.අදාළ කෙනා දැන් දැන් නටන්න එයි යැයි සිතුවත් ඇය "ඔහු" හා නටන්න පැමිණියේම නැත.ඇයත් සමග නැටීමේ බලාපොරොත්තුව "ලත්-තැනම-ලොප්" විය

ස්තුති කතාව
වැඩේ අහවරක් වී ස්තුති කතාව කරේ සභාපති සොනික් ය.නොකා නොබී කරන ලද පුහුණුවීමකින් අමතරව අවුලක් නැතුව කතාව කරන ලදී.කවුද කට කැඩිච්ච එකෙක් "සොනික් නිකන් කවියක් කියනවා වගේනේ කතාව කරන්නේ" කිව්වට අමතරව කිසිම අප්සෙට් එකක් කතාවේ නොවිනි.සියලුම වැඩ අහවරවී සියලුම දෙනා සොනික්ට සුභ පැතු අතර , එසේ පැමිණි සියල්ලටම සොනික් සිපාචාර්ය දැක්වීමට ගොස් යාම්තමට නවත්වා ගන්නා ලදී.එසේ නොවුනි නම් තවත් ටැලන්ට් ෂෝ එකක් බලාගන්නට තිබ්ණ.

මඩ නම් එමටය.මේ ලියපු ටිකටත් මට ගුටි කන්නට වේවි දැයි නොදන්නා නිසා මෙයින් නවතිමි.අපේ සෙට් එකේ ඩාන්ස් එක පුහුණු  වු ආකාරය ගැන ලියන්න කියා විශේෂ ඉල්ලීමක් තිබුනත් එය වෙන දවසකට කල්දමන ලදී.

Thursday, August 18, 2011

SLIIT භූතයා

මේ දවස් ටිකේම ටී.වී එක බැලුවත් කියන්නෙම එක්කෝ ග්‍රීස් යකෙක් ගැන එහෙමත් නැත්නම් භූතයක් ගැන.අනේ මන්දා අපේ ලංකාවටත් මොනවායින් මොනවා වීගෙන එනවද කියලා.ඔය එක එක ජාතියේ භූත කේස් අස්සේ අපේ මෙට්‍රෝ ටවර් එකෙත් භූතයෙක් ඉන්නවා කියලා කතාවක් යනවා.

මේ ස්ලිට්‌ එකේ ඉන්න භූතයා නම් ටිකක් වෙනස්ම ජාතියේ භූතයෙක්, මේ භූතයා අරක්ගෙන ඉන්නේ අපි හැමෝම එදිනෙදා භාවිතා කරන ලිෆ්ට් සෙට් එකට. Ground Floor යන්න කියලා හිතාගෙන අදාළ බොත්තම ඔබලා ලිෆ්ට් එකේ යනකොට හිටපු ගමන් ඒ බොත්තම එබිලා තියෙන එක නතර වෙනවා වගේ වැඩ මේ භූත රාජයා කරනවලු.ඒ විතරක් නම් කමක් නැහැ. Basement එකට ලිෆ්ට් එක ගෙනත් ආයි ඉබේම වෙන Floor එකකට ලිෆ්ට් එක අරන් යනවා , වැඩේ කියන්නේ ඔය වෙලාවල්වලදී ලිෆ්ට් එකේ කිසිම බොත්තමක් වැඩ කරන්නෙත් නැහැ.අපේ අය දෙතුන් දෙනෙක්ටත් ඔය මම කිව්ව දේ වෙලා තියෙනවා.මුලදී වැඩිය ගනන් නොගෙන හිටියට හැම තිස්සෙම එකම විදියට මේ දේ වෙන නිසා දැන් දැන් කට්ටිය ලිෆ්ට් එකේ යන්නෙත් බයෙන් බයෙන්...හිකිස්‌.ඔය ජරමර සේරම අස්සේ ඉතින් හදිසි විදුලි බිදවැටීමක එහෙම වෙලා එකපාරට ලිෆ්ට් එක වැඩ කරන්නේ නැතිව ගියත් අර අහක ඉන්න භූත රාජයට සහ එතුමාගේ මව්-දෙමව්පියන්ටම තමයි බැණුම් අහන්න වෙන්නේ.

මේ ඊයේ පෙරේදා දවසක පිටකොටුව පැත්තේ කම්පැනියක ජොබක් කරන අපේ එකෙක් , තව කෙල්ලෝ ගොඩක් එක්ක ලිෆ්ට් එකේ හිරවෙලා තිබූනා.සිරාම සීන් එක කියන්නේ කෙල්ලෝ සෙට් එක නම් ලිෆ්ට් එක හිර උනාට බය වෙලා කෑගහලා නැහැ , කොල්ලා නම් අම්බානෙක බය වෙලා.බෙන්තර ගගෙන් එහා පැත්තේ බුවෙක් උනාට මොකෝ ඉතින් ලිෆ්ට් එකක් අස්සේ කෙල්ලෝ ගොඩක් එක්ක හිර උනාම කාට කියලා ඉතින් කියන්නද.

මේක කියවන ඔයාලත් මෙට්‍රෝ එකේ ලිෆ්ට් එකක් පාවිච්ච් කර කර ඉන්නකොට ලිෆ්ට් එකක් පිස්සු නටන්න පටන්ගන්න ගත්තොත් ආයි හිතන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ඒ භූතයා තමයි.

Wednesday, July 20, 2011

සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපට වැනිය

මෑතකදී ආපු ඉංග්‍රීසි චිත්‍රපටි වල නම් එහෙම සම්බන්ධ කරලා පොඩ් කොමිටල් ටයිප් එකේ පණිවිඩයක් මේ දවස් වල හුවමාරු වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ එකේ ඔරිජිනල්ම වර්ෂන් එකේ නෙවෙයි ,පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එකක්.

සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න.

"  සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "

සරසවිය - The Jurasic Park 
භාරකරුවන්( ඩීන් ) - King Kong
උප ප්‍රදානින් - Hulk
ලෙක්චර්ස් ලා- Alians
ලැබ්ස් - Planet of the Apes
බැච් එකේ ඉන්න කොල්ලෝ - Desperators
බැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
විෂය නිර්දේශය - Deep Blue Sea
විභාග - The Mission Impossible
පරීක්ෂකවරු - Terminator
උපාධි  ප්‍රතිපල -2012



Monday, July 11, 2011

ගන්නවනම් මෙන්න පොත්

මේ දවස් ටිකේම පොස්ට් එකක් ලියන්න බැරි උනා.අන්තිම සෙමෙස්ටර් ඒක හින්ද ප්‍රෝජේක්ට්ද , ප්‍රසන්ටේෂන් ද වැඩ කෝටියයි.මට බ්ලොග් එකට වැඩිය ලියන්න බැරි උනාට අනිත් අය ලියපුවා නම් කියෙව්වා,පුළුවන් විදියට කමෙන්ට් කරා.අදත් මේ කියන්න හදන්නේ බුකියෙන්ම සෙට් උන කතාවක්.

අපේ අය IT කරාට මොකද හොදට පොත් පත් එහම ලියන්න කියන්න පුළුවන්(ලු).ඒක හින්දා පලවෙනි ,දෙවෙනි වසරවල ඉන්න අපේ පොඩ් අයට කරන උපකාරයක් විදියට පොත් සීරිස් එකක් ලියන්න පටන් අරගෙන.මේ පොත් සීරිස් ඒක ප්‍රදාන වශයෙන්
කැටගරි 3 තියෙනවා

1. IT සම්බන්ධ පොත්
2. Communication Skills - සන්නිවේදන කුසලාතා සදහා වෙන්වූ පොත්
3.ආදරය සම්බන්ධ පොත්

IT පොත් වලින් ටිකක් නම් කලොත්
   1.How to do MCTS in 12 hours
   2.Write a Report in 2 hours
   3.How to do Litreature Survey in 5 hours
   4.How to write  Progress Reports without having a Progress

සන්නිවේදන කුසලතා වර්ධනයට හදපු ඒවාට තියෙන පොත්
   1.How to do presentation without practicing it
   2.How to Cheat Your Instructor in presentation

ආදරය සම්බන්ධ පොත්
   1.සිංහලෙන් ආදරය කිරීම I ( මේක නම් ලියන්නේ අපේ නම්බුවා , ආරංචි විදියට කොටස් දෙක තුනක්ම එන ලකුණු තියනවා )

තව මීට අමතරව " වින්ඩෝස් හයිබ්‍රිඩ් " ගැන ලියවෙන පොත් සීරිස් එකකුත් එනවා.එකේ සියලුම සංස්කරණ කටුයුතු කරන්නේ අපේ සොනික් තුමා විසින්.මේ පොතේ නම් බිල්ගේට්ස් හොයාගත්ත වින්ඩෝස් වලටත් වඩා අලුත් දේවල් ඇතුලත් බවයි කියවෙන්නේ.

මේ පොත් භාවිත කිරීමට කිසිදු මුලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.ඕන කරන එකම දේ තමයි හොදින් හුස්ම වැටෙන එක.
Communication Skills පොත් සෙට් එකටනම් අත පය හොලාවන්න පුලුවන් නම් හොදටම ප්‍රමාණවත් කියලයි කට්ටිය කියන්නේ.

Tuesday, July 5, 2011

සිහිනය සිහිනයක්ම විය

මේක ඉක්මනටම දාන බොහොම පොඩ් පොස්ට් එකක්.අද උන දෙයක් හින්දා මගේ හිතේ ගොඩක් කල් ඉදලා තිබුණ හීනයක් බිද වැටෙනවා.ගොඩක් කල් ඉදලා සැලසුම් කරලා ඒ හිතපු දේ ඒ විදියට උනේ නැති උනාම කොච්චර දුකක් දැනෙනවද....

ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ඒ හීනේ බිදවැටෙන්න හේතුව උනේ වෙන කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ධ උනාමයි.හ්ම්ම්ම්..

කෙටියෙන් සරලව කියනවනම් ඉතින් ගිය පාර කරපු ප්‍රෝජෙක්ට් එකක ප්‍රතිපල අද ආවා.හීනෙන් වත් හිතපු නැති එකක් උනේ.අන්තිම අවුරුද්දේ එක සබ්ජෙක්ට් එකකට හරි Grade එක අඩු වෙනවා කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.මුළු අවුරුදු 3 ම කරපුවා ඉවරයි.

මගේ පුද්ගලික අදහස නම් viva එක හොදට evaluate කරේ නැහැ කියන එකයි.කොටින්ම ඉතින් evaluate කරන කෙනා ලියපු code නොබලනවනම් මොනවා කරන්නද.කොහොමින් හරි ඉතින් එකේ පාඩුවක් උනේ අපිටම තමා ...

මට උන දේ උන අය නම් ගොඩක් ඇති, හැම ආයතනයකම ඔය දේ අඩු වැඩියෙන් තියෙනවා ඇති.අනේ මන්ද ඉතින්...ඔය වෙන වෙන පරිබාහිර කාරණාවලට ලකුණු දෙන එක නම් කොහොමත් අනුමත කරන්න බැහැ.කෙල්ලෝ වැඩියෙන් ඉන්න ගෘප් වලට එහෙමත් නැත්නම් දැන ඇදුනුම්කම් වලට වගේ..

එක අතකට ඉතින් උන දේ උනා.තවත් ජීවිතයට අත්දැකීමක් එකතු උනා. ! ! ! ! !
දුකක් නැහැ කියන්න බැහැ..හීන කියන දේවල් බිදවැටෙන කොට දුක වැඩියි......

     Thanks For Ruining My Hopes and Dreams !!! 

Tuesday, June 28, 2011

අපේ කට්ටියගේ අලුත් ගැජමැටික් එක

අපේ මෙට්‍රෝ එකේ සෙට් එකට දැන් අලුත් ගැජමැටික් එකක් සෙට්වෙලා ඇත.අලුත් කිව්වට ඉතින් බ්ලොග් ලියන අයට නම් මෙය අලුත් නැත. ගැජමැටික් එක නම් සිංහලෙන් අප්සෙට් එකක් නැතිව ටයිප් කිරීමයි.ගුගල් දෙය්යාට පින් සිදු වෙන්න අපේ කට්ටිය හිටු කියා ගැජට් එක ඩවුන්ලෝඩ් කොරගෙන ඇත.

සාමන්‍යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ). මේ නව ගැජට් එකට කොතරම් ඇබ්බැහි ව් ඇද්දැයි කියතොත් දැන් අපේ අය බුකියේ ස්ටේටස් අප්ඩේට් කරන්නෙත් සිංහලෙනි.

මේ එවැනි එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවා දෙක තුනක්.සිරා වැඩේ කියන්නේ ඉතින් ඒවාට කමෙන්ට් වැටෙන්නෙත් දැන් සිංහලෙන් නොවැ.

මේ අපේ තට්ට අයියා දාපු එකක්

අපේ තට්ට අයියාගේ ස්ටේටස් එකක්

ඔය අස්සේ අපේ සොනිකාට ත් මොකක්ද මන්ද බයිට් එකක් යනවා.ඒකත් ඉතින් සිංහලෙන්ම තමා.

සොනික් ට මඩ පාරක්


ෆන් ස්ටේටස් අස්සේ හෙන සීරියස් ඒවාත් ඉතින් තිබ්බ.මේ එයින් දෙක තුනක්.
" පාළුව කියන්නෙ මොකක්ද කියලා මම ඉගෙන ගත්තෙ ඔයා මගෙ ජිවිතෙන් යන්න ගියාමයි. "
   "සමහර ‍දේදවල් එ‍හෙම තමයි...අන්තිම ‍මොහොතේ .... අ‍පෙන් ගිලිහිලා යනවා. " 
" ඇත්තටම ඇය ම‍ෙගද ? ඇය මැවු‍නේ මටමද ?සත්තයි.....ඇය කා‍ගේදැයි  ‍නොමදැන ...බලා‍පොරොත්තු තබා‍ගෙන හිස් අහස පි‍රෙන්නම මම ඇයට කොතරම් පෙම් කලාද ? " 

ඔය ජරමර සේරම අස්සේ අපේ එකෙක් සිංහෙලෙන් ලව් කරන්නත් පටන් අරන්නේ.
සිංහලෙන් ලව් කිරීම


ඔය අස්සේ ඉතින් මැසේජස් වලත් ඉතින් ලාවට වගේ සිංහලෙන් බයිට් පාර යනවා.

මේ ඉතින් මැසේජස් වල ගියපු මඩ පාරක්

එක අතකට ඉතින් ජපන් අයට ජපන් භාෂාව තියෙනවා එයාලගේ පරිගණක වල.අනිත් ප්‍රධාන රටවලත් ඉතින් එහෙමනේ. එහෙව් එකේ ඉතින් අපිත් හැම තැනම අපේ මව් භාෂාව භාවිත කරන එකේ කිසි වරදක් නැහැ.මේ ගැජට් එක ඉතින් තාම අපේ අයට අහුවෙලා දවසයි දෙකයි නේ, ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙවී.

ප.ලි - මේකත් ඉතින් කියන්නම ඕන මේ ස්ක්‍රින් ෂොට් එහෙම දැම්මේ කාටවත් මඩ ගහන්න එහෙම නෙවෙයි.සිරාවටම කියන්නේ ඔන්න මඩ ගහන අරමුණක් නම් මගේ තුන් හිතකවත් (නො) තිබ්බේ නැහැ.අපේ කට්ට්ය මාත් එක්ක ඔන්න තරහ වෙන්න එපා.

Friday, June 24, 2011

SLIIT එකේ අපේ සෙට් එක

මයික්‍රෝසොෆ්ට් එකෙන් නිකන්ම exam කරන විදිය ගැන ලියපු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර හින්දාම මගේ ඊළග පොස්ට් එක ටිකක් ඉක්මන් උනා.ඊලගට මොනවාද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට තමයි අපේ සෙට් එකේ මලියා කිවුවේ  "ලියනවකෝ ඕයි අපි කරපු ප්‍රෝජේක්ට් " ගැන කියලා. ප්‍රෝජෙක්ට් ගැන ලියන්න කියන්න කලින් ඉතින් ඒවා වල ඉන්න අපේ අය අදුර ගන්න ඕන නේ. ඔන්‍න‍ ඔහොම තමයි මේ පොස්ට් එකට අඩිතාලම වැටුනේ.

ඔන්‍න‍ ඉතින් මමත් උසස් පෙළ කරලා Campus එහෙම යන්න බැරුව වැලේ වැල් නැතිව ඉන්න කො‍ට තමයි SLIIT එක ගැන අහන්න ලැබෙන්නේ.ඔන්‍න‍ ඔහේ ඕන එකක් වෙන්න කියලා ඊට පස්සේ ඕකට මමත් ඉල්ලුම් කරනවා.ටික දවසකට පස්සේ මෙන්න ලියුමක් එනවා IQ Test එකක් ලියන්න මාලබේ එන්න කියලා.

A/L වලින් පස්සේ මොන IQ ද. ඒක හින්දා ඉතින් මාත් කෝකටත් කියලා අර බුද්ධි පරීක්ෂණ පොතක් එහෙම හොයාගෙන ප්‍රශ්න ටිකක් එහෙම කරලා ගියේ.ගිහින් ප්‍රශ්න පත්තරේ අතට ගත්තම නම් ඉතින් ඉල ඇදෙන්න හිනා උනා.එච්චරටම (අ)පහසු යි. A/L මැත කරපු අපිට ඕවා මොනාද. ;)

පස්සේ ඉතින් ටික දවසකින් ලියුමක් එහෙම ආවා , ඉලක්කම් 5 ක ගානක් ගෙවලා රෙජිස්ටර් වෙන්න කියලා. 2009 අවුරුද්දදේ පෙබරවාරි මාසේ දවසක හා හා පුරා කියලා මම මෙට්‍රෝ එකට ගියා. මුලින්ම එන්න කියලා තිබ්බේ මට මතක විදියට 9.00 ට වගේ. අපි කවද්ද ඉතින් වෙලාවට වැඩ කරේ. මම කොහොමහරි එදා යනකොට යාන්තමට 10 උනා. :D මුලින්ම ඉතින් අපිට උගන්නන කට්ටිය එහෙම අදුන්වලා එහෙම දීලා ලෙක්චර්ස් පටන් ගන්න දවස එහෙම කිවුවා.

මම මෙට්‍රෝ යනකොට අදුන ගෙන හිටියේ බොහොම සුළු පිරිසක්. එත් අද වෙනකට මම ගොඩක් කට්ටිය දැන අදුන ගෙන ඉන්නවා. ඔය අතරේ හිටපු බොහොම අමුතු චරිත , අප්සට් චරිත ගොඩක් මේ කාලෙට සෙට් උනා.

සාමන්යෙන් වෙන වෙන බැච් සහ අපේ බැච් එක අතර මාස තුන හතරකට වතාවක් වගේ වලි එහෙම සෙට් වෙනවා.අපේ උන්ටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ ඉතින් මොකක් හරි එකකට වලි. අපි අතර හිටපු එකෙක් හිටියා "වලි-ආකර්ෂකයි ". වලි කොහෙද මිනිහා එතන. පොරට වලියේ සම්බන්දයක් තිබුනා හෝ නොතිබුනා අපේ බුවා අපි කට්ටිය නියෝජනය කරමින් වලියේ ඉන්නවා. අපරාදේ කියන්න බැහැ ඉතින් තාම අතක් පයක් කඩා ගන්නේ නැතිව ඉන්නවා යහතින්.

තව හිටියා කට්ටියක් ඔලුව උදුම්ම්වගෙන, සරලව කිවුවොත් "අලි ඔලුවෙන්" ඉන්න අය. තමන් දන්න දේවල් අනුන්ට කියලා දෙන්න අකමැති ජාතියේ පිරිසක්. IT කිවුවාම ඉතින් හැම දෙයක්ම හැම තිස්සෙම වගේ අප්ඩේට් වෙනවනේ, ඉතින් ඔය අලුත් දේවල් අනිත් අයට එහෙම කියල දෙන්න අකමැති අයත් අපි අතරේම හිටියා.

ඔය අය අතරේ ඉතින් දෙපැත්ත කන අය , හතරවෙනි සිල් පදය එහෙම උපරිමයෙන්ම ආරක්ෂා (නො)කරපු අය එහෙම එමටයි. තමන්ට නැති වාහන , ඉඩ කඩම් එහෙම තියෙනවා කියලා " පොර" වෙන්න හදපු එක තමයි මේ කට්ටියගේ වැඩේ උනේ . අනේ මන්දා ඉතින් මිනිස්සුන්ටත් හිතෙන දේවල්.

ඔය  අතරේ හිටියා සිරාම සෙට් එකකුත්.හැමෝටම උදව් කරගෙන පිස්සු කෙලින වෙලාවට පිස්සු වැඩ කරගෙන , ඉගෙන ගන්න කොට ඉගෙන ගෙන ෆුල් ජොලියෙන් හිටපු අයත්.

මම හිතන්නේ මගේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ලබපු තැනක් තමයි මෙට්‍රෝ එක.විවිධාකාර මිනිස්සු මේ ටික කාලයට මෙතනදී මට හමුවුනා. තව ඉන්න පුංච් කාලයටත් මේ වගේම අත්දැකීම් ලැබේවි.මේ ලබපු අත්දැකීම් කවදාකහරි ජිවිතේට ප්‍රයෝජනවත් වෙයි නේ.

ප.ලි - කෙල්ලෝ සහ ආදරය සම්බන්දයෙන් ලිවුවේ නැත්තේ ඕන කමින්මයි. බොක්කෙන්ම ලව් කරපු කොල්ලෝ , බුට්‌ තියපු කෙල්ලෝ ගැන එහෙම කතන්දරත් ඕනතරම්.ඒවා ලියනවා නම් වෙනම පොස්ට් බරගානක් ලියන්න වෙයි.