අද කියන්න හදන්නේ නම් කතාවක් එහෙම නෙවයි.ගොඩක් කට්ටිය දන්න ඒත් වැඩිය භාවිතා නොකරන දෙයක් කතාකරන්නයි මේ හදන්නේ.පොස්ට් ටයිටල් එකේ තියෙනවා වගේම කතාකරන්නේ බ්ලොග් ලියන / කියවන අපි හැමොටම අවශ්‍ය වෙන HTML ටැග්ස් ටිකක්.
දැන් ඉතින් කට්ටිය බලයි නේ , බ්ලොග් ලියන්න HTML ඕන නැහැනේ , අපිට නෝමල් Dashboard එකේ පොස්ට් එක ටයිප් කරාම වැඩේ අහවරයි නේ කියලා.සමහරවිට කට්ටිය නොදන්නවා වෙන්න පුලුවන් පොස්ට් එකක් ලියන තැනට අමතරම අපි බ්ලොග් එකක් කියවලා කමෙන්ට් කරන තැන තියෙනවා නේද , අන්න එතනත් HTML සපෝට් කරනවා.
සරල උදාහරණයක් කිව්වොත් කාගේ හරි පොස්ට් එකකට අපි කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දානවානම් ගොඩක් අය කරන්නේ අදාළ ලින්ක් එක කොපි-පේස්ට් කරන එකනේ.එතකොට වෙන අවුල තමයි කමෙන්ට් එක කියවන කෙනාට අර ලින්ක් එක අමුතුවෙන්ම ආයි කොපි කරලා බලන්න ඕන වෙන එක.ඉතින් සාමාන්‍ය ලින්ක් එකක් වගේම අපිට ඔය වගේ කමෙන්ට්වල දාන ලින්ක්ස් දාන්න පුළුවන් නම් හැමෝටම පහසුයි නේද..
හරි මුලින්ම හැමෝම දන්නා කියන HTML ගැන කෙටියෙන් කියන්නම්.HTML ( Hyper Text Markup Language ) කියන්නේ ටැග්ස් මත පදනම් උන දෙයක්.සරලව ටැග් එකක් ආරම්භ කරොත් අනිවාර්යයෙන්ම එහි අවසානයක් තිබිය යුතුමයි ( එහෙම නොවන ටැග්ස් කිහිපයකුත් තියෙනවා, අපේ මාතෘකාවට එච්චර සම්බන්ද නැහැ ඒවා).
1.ලින්ක් එකක් දානකොට
<a> කියන ටැග් එකෙන් තමයි ලින්ක්ස් දෙන්නේ. මේ ටැග් එකේ අවසානය විය යුත්තේ</a> කියන ටැග් එක.මේ ටැග් එකේ තියෙන href කියන attriute එකට අපිට දෙන්න ඕන URL එක දෙන්න ඕන. අවශ්‍ය URL එක www.chammadreams.blogspot.com කියලා ගනිමු.එතකොට මේ ටැග් එක භාවිතා කරන්න ඕන මේ විදියටයි.
උදා :
<a href="www.chammadreams.blogspot.com"></a>
<a> ටැග් එක සහ </a> ටැග් දෙක අතරේදී අපිට අවශ්‍යනම් title එකක් දෙන්න පුළුවන්
උදා : <a href="http://www.chammadreams.blogspot.com/">මෙන්න මගේ බ්ලොග් එක</a>
තව href එකට අමතරව target කියල එකක් තියනවා , එකෙන් පුළුවන් ලින්ක් එක වෙනම ටැබ් එකක ඕපන් කරන්න.ඒකට කරන්න ඕන target="_blank" කියල ටයිප් කරන එකයි.
උදා : <a href="http://www.chammadreams.blogspot.com/" target="_blank">මෙන්න මගේ බ්ලොග් එක</a
2.බෝල්ඩ් / ඉටලික්
අපි කමෙන්ට් කරන දේ අපිට විශේෂ කරලා කරන්න පුළුවන් මෙන්න මේ ටැග්ස්වලින්.
බෝල්ඩ් කරන්නේ නම් <b> කියන ටැග් එකෙන්, ඒක අවසාන කරන්නේ </b> ටැග් එකෙන්.
ඉටලික් පටන් ගන්නේ <i> ඒක ඉවර වෙන්නේ </i>
උදා :
<b>බෝල්ඩ් කරන්න ඕන දේ</b>
<i>ඉටලික් කරන්න ඕන දේ</i>
ගොඩක් දුරට අපිට ඕනෑ කරෙන්නේ ඔය ටැග්ස් ටිකයි.මොකද ඔයිට අමතරව අවශ්‍යකරන දේවල් බ්ලොගර් එකෙන්ම අපිට සපයලා දෙන නිසා.මට අද විශේෂයෙන්ම කියන්න ඕන උන දෙයක් තමයි කමෙන්ට් කරනකොටත් මම කලින් කියලා දීපු ටැග්ස් පාවිච්ච් කරන්න පුළුවන්බව. කමෙන්ට්ස්වල ලින්ක්ස් දානකොට ඔය අවුල දැක්ක නිසා තමයි මේ පොස්ට් එක දාන්නත් හිතුවේ.මේ පොඩි සරල දේවල් ගොඩක් අය දන්නවා වෙන්න පුළුවන් , ඒත් දන්නේ නැති අයත් ඉන්නවා ඇති නේ.ඒ අය මේ දේවල් පොඩ්ඩක් අත්හදා බලන්නකෝ.
එහෙනම් දැන් HTML ඉවරයි.මිට පස්සේ බ්ලොග් කියවන කට්ටියට ඔන්‍න තමන්ගේ කමෙන්ට් එක හැඩ වැඩ දාලම පබ්ලිශ් කරන්න පුළුවන්.