Showing posts with label කිරිකට් කථා. Show all posts
Showing posts with label කිරිකට් කථා. Show all posts

Sunday, March 4, 2012

ක්‍රිකට් - අතුරු කතා

අදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත් නායකත්වයත් එක්ක ටිකෙන් ටික ජයග්‍රාහී මාවතට එනවා වගේ පේනවා.

මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සි.බි කුසලානය පටන් ගන්නකොට ලංකාවේ ටීම් එක හිටපු තැනත් එක්ක බලනකොට අපි අද ෆයිනල් එකට ආපු එකම ලොකු දෙයක්.අවුරුදු ගානක් තිස්සේ ලෝක ශුරයෝ එතකොට වර්තමාන ලෝක ශුරයෝ ( නමට හරි ) , අනුශුරයෝ සෙල්ලම් කරන මේ තරගාවලිය කොහොමත් උණුසුම් තමා.

මේ සිරිස් එකේ අන්තිම හරියේ තිබ්බා ඉන්දියා - ශ්‍රී ලංකා මැච් එක කට්ටියට මතක ඇති නේ.ඒ මැච් එක ලංකාව දින්නොත් ඉන්දියාව‍ කෙලින්ම ගෙදර , ඉන්දියාව දින්නොත් ( බෝනස් ලකුණක් ) එක්කම එයාලට තරගාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක් නේ තිබ්බේ. ඔය මැච් එකේ අපි මුලින්ම බැට් කරලා 320 ගැහුවනෙ.දැන් අපේ කට්ටිය ෆුල් සතුටින් නේ හිටියේ , මැච් එක අත උඩින්ම දිනුම් කියලා. ඒ උනාට ඉතින් පස්සේදී උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් නේ. ඉන්දියාව කිසිම ගේමක් නැතිව 320 ලබා ගත්තා විතරක් නෙවේ බෝනස් ලකුණත් ගත්තා. විරාට් කෝලි 100කුත් ගැහුවා.

දැන් ඒක නෙවයි ප්‍රශ්නේ.කෝලි එකපාරට කොහොමද මෙහෙම ෆෝම් උනේ කියන එකයි.මොන දේකට උනත් ඉතින් උත්ප්‍රේරනයක් ( Motive ) එකක් තියෙන්න ඕන නේ. නැත්තම් ඉතින් ඕන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නේ.. ඔන්‍න‍ ඕකට උත්තරේ බුකියේ ෂෙයාර් වෙලා තිබ්බ මෙන්න මේ පින්තුරේ තියෙනවා..

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔහොම කියනවනම් ඉතින් මොකාද ෆෝම් වෙන්නේ නැත්තේ මං අහන්නේ.. හැබැයි හොදම හරිය එන්නේ දැන්. ඔය මැච් එකට පස්සේ තිබ්බනේ ශ්‍රීලංකා - ඔස්ට්‍රේලියා තරගය.එකෙන් ලංකාව දින්නොත් අපි ෆයිනල්ස් යනවා ( ඉන්දියාව ගෙදර යනවා ) , පැරදුනොත් ඉන්දියාව ෆයිනල් යනවා ( අපි ගෙදර එනවා ) සීන් එකක් නේ තිබ්බේ. අපේ කොල්ලෝ කොහොමහරි ඔය තරගේ දින්නනේ.දැන් ඉතින් අර කලින් පින්තුරේ හිටපු ගෑනු ළමයි දෙන්නට හිතෙන්නේ ඇති නේ , "කලින් දීපු ඔෆර් එක දීලා වැඩක් නෑ " කියලා.ඒ හින්දා එයාලා ඒක අයින් කරගන්න ඇති. අනේ අසරණ කෝලිට මොනවා හිතෙන්න ඇති නේද එහෙම උනා නම්.. ඔන්න ඕකට උත්තරෙත් තිබ්බේ මෙන්න මේ විදියට.

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔය අස්සේ ඉන්දියාවේ ගීත දර්ශවලට ( Chat List ) වලට මේ දවස්වල සිංහල සින්දුත් අහුවෙලා කියලයි කතාව යන්නේ. මේ දවස්වල පලවෙනි තැන තියෙන්නේ " ගහන්න එපා පොඩි දෝනි ට - බනින්න එපා " කියන සින්දුව.ඊළගට තියෙන්නේ " පුංච් දෝනි තරහා වෙලා " කියන එකලු.බලන්න නේ මැච් එහෙකින් කරන්න පුළුවන් දේවල්.

ඊළග එක තිබ්බෙත් බුකියෙමයි.මේක දාලා තිබ්බේ අපේ තුලන අයියා.IPL ගියපු අපේ සමහර ඈයොන්ට වදින්න තමා දාලා තිබ්බේ.හිතට වදින්නම දාලා තිබ්බ මේ දේ මට නම් සියට සියක්ම ඇත්ත.මෙන්න මේක තමා දාලා තිබ්බේ.

"Match එකක් තිබ්බම Office වල වැඩ නවත්තල Online Match බලන මිනිස්සුයි, පාරෙ යන ගමන් කඩේක දාල තියෙන TV එකකට ඔලුව ඔබල cricket match එක බලන මිනිස්සුයි, TV නැතත් වෙළඳ සේවයෙන් ඈපාසිංහගේ අතිශෝක්ති විස්තර විචාරය අහන මිනිස්සුයි, 6ක් ගැහුවත් Facebook එකේ Status Update එකක් දාන Cricket වලට ආදරේ කොල්ලොයි Match එකක් පැරදුනාම හදවතින්ම දුක් වෙන හැටි දන්නවා නම් සල්ලි වලට CRICKET ගහන එක අද ඉදන්වත් නතර කරපල්ල !"

හරි අදට ක්‍රිකට් ගැන එව්වා ඉවරයි..ඔන්න තවත් මේ වගේ අපුරු දේවල් එහෙම තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.

Friday, March 2, 2012

ක්‍රිකට් - විමසුම

අපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්‌තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට ස‍ටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ.

එහෙව් පරපුරකින් පැවත එන අපේ කොල්ලන් සි.බි කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය විය.පැරදුනාට කම් නැත.මන්ද පැරදුනේ අපේ ලොකු අයියට වන හෙයිනි.ඕනම පවුලක සිදුවනවා මෙන් අයියා , නගෝ ප්‍රශ්න අප රටවල් අතර ඇත.නමුත් පවුලේ ප්‍රශ්න පිටතට නොදිය යුතුය , පවුලේ දේවල් විසදීමට එහා ගෙදර මිනිහා අනවශ්‍ය.

මේ පරාජය බංකොලොත් දේශපාලන ඇසෙන් බැලීමට හැමදාම මෙන්  අපේ රටේ විපක්ෂය මෙවරද සුදානම් විය.ජිනීවාහිදී සම්මත වීමට නියමිත යෝජනාවෙදී අපිට සහය ලබා ගැනීමට අපි පැරදුන බවට ඒ බංකළොත් පක්ෂ පවසයි.එය එසේ වුවත් වරදක් නැත.මේ රටේ නමට පමණක් සිටින විපක්ෂයකට වඩා ඉන්දියාව මේ කරුණේදී අපි සමග එකට හිටියි නම් එය අපට හයියකි..චුටි නංගි අතින් වරදක් වුවාට , පවුලෙන් නෙරපා දමන සිරිතක් නැත.මේ කාරණා 'අලිමංකඩ කියා පාමංකඩ' යන අයට නොතේරෙයි.

එක පිට එක ජන්ද පරදින පක්ෂයකට අනුව නම් මේ පරාජයත් ලෝක කුසලාන අවසාන තරගයත් අතර සමානකමක් පවතියි.ඔවුන්ට අනුව ලෝක කුසලාන අවසන් තරගයත් අපි ඉන්දියාවට දිනන්නට දී ඇත.මේ තරගයත් ප්‍රසාද ලකුණක් සමග දිනන්නට දුන්නේ මානව හිමිකම් ප්‍රශ්නයට ඉන්දියාවේ සහය අවශ්‍ය නිසා බව ඔවුන් පවසයි.ඔවුන්ට අපිට දීමට ඇත්තේඩ ඉහත පිලිතුරමය.එනම් අප මේ කතාකරන්නේ ඉන්දියාව ගැන මිසක් ඇමරිකාව ගැන නොවන බවය.අප පැරදුනේ ඇමරිකාවට නො‍වන බවයි.ඒ නිසා පැරදුනාට හිතට දුකක් නැත. පැරදී ඇත්තේද අපේම කෙනෙකුටය. ඒ නිසා හිතේ සතුට ඇත.ඒ සතුට මේ රටේ සියලු දේශප්‍රේමී ජනයාට දැනෙනවා ඇත...

අදත් විමසුම පිටපත මිහින්ඩ අසෙබුන්දර ගෙනි....