Friday, December 30, 2011

31 රෑ මොකද කරන්නේ ?

මීට අවුරුදු 10 කට කලින් 31 රෑට මොකද කරන්නේ කියලා ඇහුවොත් ගොඩක් දුරට ලැබෙන උත්තරේ තමයි හොද සංගිතයක් තියෙනවා ඒක බලන්න තමා ඉන්නේ කියන එක.අලුත් අවුරුද්ද උදා වෙන එක එහෙමත් නැත්නම් 31 රෑ ගොඩක් රටවල් ලොකුවට සමරන දෙයක්.අපේ රටේ නම් ඉතින් ( ලොකු හෝටල් අයින් කරාම ) ,31 රෑ මහා ලොකුවට සමරන්නේ නැති තරම්.

මට මේ කියන්න යන එක මතක් උනේ 31 රෑ ලංකාවේ ටි.වී චැනල්වල පෙන්නන්න තියෙන ෆිල්ම්ස් ටික දැක්කමයි.2011 අවුරුද්දේ හිට් උන ( ඒ වගේම හිට් උනේ නැති ) හින්දි ෆිල්ම්ස් ලංකාවේ චැනල් හැම එහෙක්ම වගේ පෙන්නනවා.ඒ උනාට මීට අවුරුදු 10 - 12 කලින් නම් තිබ්බේ සෑහෙන්න වෙනස් දෙයක් නේද කියලා පොඩ්ඩක් මතක් කරොත් මතක් වෙයි.ඒ කාලේ 31 රෑට අපේ රටේ චැනල් පෙන්නුවේ අනිවාර්යයෙන්ම සංගීත සංදර්ශනක්.හැම නාලිකාවකවම සංගීත සංදර්ශන පෙන්නුවාට මොකද , ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්.ස්වර්ණවාහිනියේ ගෝල්ෆේස් එකේ ප්‍රසංගය පවත්වනකොට සිරසේ කොළඹ නගර සභා පිටියේ එයාලගේ ප්‍රසංගය තියෙනවා.

ඔය ප්‍රසංගවලත් හොදම එක නැත්නම් උපරිම තලයකට ආපු එක තිබුනේ වර්ෂ 2000 ලබනකොටයි.ජාතික රුපවාහිනීයෙන් ගාල්ල සමනළ පිටියේදී කරා ලස්සන ප්‍රසංගයක්.ස්ටේජ් එකට තිබුනේ නැවක්.ස්වර්ණවාහිනියෙන් ගෝල්ෆේස් එකේ තවත් ලස්සන ප්‍රසංගයක් කරා.පිටසක්වළ යානවක් ගොඩ බැහැලා එක එක අලුත් වැඩ ගොඩක් එකේ තිබ්බා. ( සිරසෙන් 2000 කරපු ප්‍රසංගය නම් මතකයේ නැහැ ).2000 න් පස්සේ ඊළග අවුරුදු වල ස්වර්නාහිමානය කියලා කරපු ප්‍රසංග මාලාවත් සෑහෙන්න නිර්මාණශිලියි.මට මතක හැටියට.තමන්ගේ මැදිරි සංකීර්ණ එහෙම ගොඩක් ලස්සනට හදලා ඒ නිර්මාණ කරලා තිබ්බා.ඔය කාලේදී වගේ තමයි ඉන්දියාවෙන් සින්දු කියන අය ගෙනල්ලා ඔය ප්‍රසංග වල සින්දු කිව්වෙත්.

ඔය හැම දේකම හැරවුම් ලක්ෂය උනේ 2002 අවුරුද්ද. ඒ අවුරුද්දේ ITN එකේ 31 රෑ ට පෙන්නුවේ ෆිල්ම් ෆෙයාර් සම්මාන ගොඩක් දිනාගත්තු Kuch Kuch Hota Hai කියන ෆිල්ම් එක.වැඩේ කොච්චර සාර්ථක කියලා කිව්වොත් වෙනදා සංගීත ප්‍රසංග බලන හැමෝම එකතු වෙලා ෆිල්ම් එක බලන්න ගත්තා.ඒ සැරේ ස්වර්ණවාහිනියේ පෙන්නුවේ එයාලගේ ස්ටුඩියෝ එකක් තුලම කරපු ස්වර්නභිමානය ප්‍රසංගයක් ( රජ කාලේ ඉදන් 2002 වෙනකන් ලංකාව වෙනස් උන හැටි කියවෙන සින්දු එහෙම තියෙන ලොකු වියදමක් දරලා කරපු නිර්මණයක්).ගොඩක් අය ෆිල්ම් එක බලපු හින්දා ඉතින් මේ ප්‍රසංගය එච්චර හිට් එකක් උනේ නැහැ.

කොහොමහරි ITN එක ලබපු සාර්ථකත්වය හින්දම අනිත් චැනල් හැම එකක්ම වගේ 2003 ඉදන් සංගීත ප්‍රසංග කරන වැඩේ අතහැරලා දාලා හින්දි ෆිල්ම්ස් පෙන්නන්න ගත්තා.මුල්ම කාලේ 31 රෑ පෙන්නපු රිදී රැයක් ප්‍රසංගය පස්සේ පස්සේ 1 වෙනිදාට හරි ඊට පස්සේ දවසක රෑකට මාරු කරලා 31 වෙනිදා ෆිල්ම් එක පෙන්නන්න තරම් 31 හින්දි ෆිල්ම් පෙන්වන වැඩේ හිට් උනා.මගේ මතකයේ හැටියට අබා පෙන්වපු වතාවේ ඇරෙන්න අනිත් හැම වතාවකම වගේ ගොඩක් දුරට චැනල් හැම එහෙකම වගේ පෙන්නුවේ හින්දි ෆිල්ම්ස්ම තමයි.

හැබැයි ඔය හින්දි ෆිල්ම්ස් පෙන්වන ඒකෙත් පොඩ් දෙයක් තියෙනවා.ඔය මුලින්ම පෙන්වපු KKHH ෆිල්ම් එක රිලීස් උනේ 1998 , හැබැයි මෙහේ පෙන්නුවේ 2002 දී.අවුරුදු 4ක් පරණයි.ලංකාවේ ෆිල්ම් හෝල්ස් වලත් ෆිල්ම් එක පෙන්නලා ටික කාලකෙට පස්සේ තමා ෆිල්ම් එක ටි.වී එකේ පෙන්නුවේ.ඒ හින්දා විකාශන අයිතියට ගෙවන්න ඕන කරන මුදල් එහෙමත් අඩු වෙන්න ඕන නේ.ඒ හින්දා ඔය චැනල් හින්දි ෆිල්ම් පෙන්නනකොට ගොඩක් දුරට පෙන්නුවේ ටිකක් විතර පරණ ෆිල්ම්ස්.හැබැයි 2006 වගේ ( වර්ෂය නම් හරියටම මතක නැහැ ) ,දෙරණෙන් පෙන්නුවා Krrish ෆිල්ම් එක.ඒ ෆිල්ම් එක ආවෙත් ඒ අවුරුද්දෙම තමා. විශේෂ කාරණය අළුත්ම ෆිල්ම් එකක් දෙරණෙන් පෙන්නුපු එක නෙවෙයි.Krrish පෙන්වනවා කියලා දාපු පුර්ව ප්‍රචාරක පටය.ඒ ඇඩ් එකේ තිබ්බේ ඒ අවුරුද්දේ ස්වර්ණවාහිනියේ පෙන්නන ෆිල්ම් එකෙන් ලබපු ආදායමයි , සිරසේ පෙන්නන ෆිල්ම් එකෙන් ලබපු ආදායමයි ඒ වගේම Krish එකෙන් ලබපු ආදායමයි පෙන්වපු එක.ඊට පස්සේ ඒ ආදායම් ටික සංසන්දනය කරලා ( නොකියා ) ඇහුවා ඉන්දියාවේවත් හිට් උනේ නැති ෆිල්ම් එකක් 31 රෑ බලනවද එහෙම නැත්නම් Krish බලන එකද හොද කියලා.මගේ මතයේ හැටියට එදා ගොඩක් අය බැලුවේ Krish තමා.ඔය වගේම ඇඩ් එකක් තමයි දෙරණෙන් මේ පාර 31 රෑට මොකද කරන්නේ කියලා කරෙන්නෙත්.

එක අතකට අවුරුද්දකට ෆිල්ම්ස් ගොඩක් හැදෙන රටේ , අඩුවෙන්ම හිට් උන ෆිල්ම් එකක් අවුරුද්දේ අන්තිම දවසේ පෙන්නලා වැඩියෙන ලාභ ගන්නාවාට වඩා හිට් වෙච්ච ෆිල්ම් එක පෙන්වන එක හොදයි කියන එකයි මගේ අදහස නම්.ඒ අතින් බලනකොට දෙරණේ ඇඩ්වටයිසින් කැම්පේන් එකට 10/10 දෙන්න පුළුවන්.( දෙරණේ වැඩසටහනකට හරි  ෆිල්ම් එහෙකට හරි කලින් කරන පුර්ව ප්‍රචාරක වැඩ නම් උපරිමයි.ඒ කැම්පේන් කරන්න පුලුවන් හොදම විදියට එයාලා කරනවා ).

ඉස්සරහට උනත් ටී.වී චැනල්වල ෆිල්ම්ස් පෙන්වන එක නතර කරනවා වගේ විශේෂ යමක් නොවුනොත් 31 රෑට අපිට දෙයියනේ කියලා ෆිල්ම් එකක් බලාගෙන ඉන්න පුළුවන්.හැමෝම එකම ඩේ නොකර විවිධාකාර දේවල් 31 රෑ කරන්න පුළුවන්නම් හොදයි.මොකද තරගකාරිත්වය හැම තිස්සෙම හොද දේකට පාර කියන හින්දා.

හැමෝටම මේ ලබන්නාවූ 2012 වසර සාමය සතුට පිරි බකට් නොපෙරෙලෙන සුභම සුභ නව වසරක් වෙන්න ඕන.

ප.ලි - ෆිල්ම් / වැඩසටහන් හිට් උනා / උනේ නැහැ කියලා කිව්වේ මගේ පුද්ගලික අදහස්වලට අනුව.ඒවා සමහර වි‍ට වෙනස් වෙන්න පුළුවන්.

Sunday, December 25, 2011

ඉන්ටර්නෙට් මනි

ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලිව්වේ නැති උනත් අද කියන්න හදන මාතෘකාව මේ දවස්
ටිකේම බුකියෙයි,බ්ලොග් ලෝකයෙයි නිතරම වගේ කතාවෙනවා.ඒ නිසා ඒ ගැන මම දන්න දේවල්
ටිකත් කියන්න ඕන කියලා හිතුවා.

Internet Money එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිත කරලා සල්ලි හොයන එක වෙන
කවදාකටවත් වඩා මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා වගේ.අපේ අයත් ඉතින් මහන්සි නොවී ලේසීයෙන්
සල්ලි හොයන්න තියෙනවානම් ඉතින් ඒ දේට කැමතියි නේ.මේ ළගදී බුකියේ ෆොටෝ එකක් ෂෙයාර්
වෙලා තිබුනා මුලින්ම රුපියල් 10,000 ගෙවලා රෙජිස්ටර් වෙලා , මොකක්ද කම්පනියකට වැඩ
කරලා සල්ලි හම්බු කරන විදියක් ගැන.ඕක ෂෙයාර් කරපු හැමෝම කියලා තිබ්බේ අතේ තියෙන
10,000 විදගන්න ක්‍රමයක් කියලයි.ඔය ලේසියෙන් සල්ලි හොයන ක්‍රම ගැන රංග අයියා ලියපු
බ්ලොග් පොස්ට් එකට බලන්න මෙතනින් යන්න.

මගේ යාලුවෙක් ඉන්නවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන.හැබැයි මිනිහා නම් ඔය වෙබ් සයිට් වලට
ගිහින් ලින්ක්ස් ක්ලික් කරලා නම් නෙවෙයි සල්ලි හොයාගන්නේ.Odesk කියලා සයිට් එකක්
තියෙනවා අන්න ඒකෙන් තමයි මිනිහා සල්ලි හොයන්නේ.වෙබ් සයිට් හදන වැඩ , ලෝගෝ හදන වැඩ
වගේ ඒවා තමයි මගේ යාලුවා කරලා තියෙන්නේ.සැලකිය යුතු ගණනක් එහෙම දැනට හොයලත්
තියෙනවා.මම දන්න විදියට Odesk එකේ සල්ලි ගෙවන විදි එහෙම ආරක්ෂාකාරීව තමයි වෙන්නේ ,
Odesk වැඩ කරලා අමාරුවේ වැටුණ අය දන්නා විදියට නම නැහැ.මගේ අදහස නම් ලින්ක්  ක්ලික්
කරලා බොරුවට කාලේ කනවට වඩා තමන් දන්න දෙයකින් වැඩ ගන්න එක ලොකු දෙයක් නේ.

අද මේ නත්තල් දවසේවත් අනුන්ට කරදරයක් නොකර මිනිස්සු ඉන්න පුරුදු වෙනවානම් කොච්චර එකක්ද.එහෙම ලෝකයක් අපිට කවදා දකින්න ලැබෙයිද ?. ඒ කොහොම උනත් බ්ලොග් ලෝකයේ නත්තල් තියෙන/නොතියෙන හැමෝටම උදා වූ නත්තල  සාමය සතුට පිරි  සුභම සුභ නත්තලක් වෙන්න ඕන.

Wednesday, December 7, 2011

කයිරෝගේ සටහන්

හැම සතියකම අපේ ගෙදරට ලක්බිම පත්තරේ ගෙනාපු ගමන්ම මම නොවරදවාම බලන කොටස තමයි මණ්දාකිණිය අතිරේකය.ඒ කොටසේ හැමදාම තියෙනවා ලස්සන කතාවක්.නම තමා කවුන්ට් ලුවී හැමන් නොහොත් කයිරෝ ගේ සටහන් ඇසුරින් ලියවෙන ඓතිහාසික චරිතයක ඉරණමේ හෝරාව
කයිරෝ කියන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන රේඛා නිරීක්ෂණය කරලා ඒවා මගින් ඒ පුද්ගලයන්ගේ අනාගතය ගැන අනාවැකි කියන කෙනෙක්.කතා මාලාවේ හැටියට කයිරෝ ජිවත් වෙන්නේ ලන්ඩන් නුවර.ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ ගොඩක් දෙනෙක්ට කයිරෝ අනාවැකි කියලා තියෙනවා ,ඒ වගේම ඒ දේවල් 100% හරි ගිහිල්ලත් තියෙනවා.

ඇත්තටම මෙහෙම කෙනෙක් මෙහෙම අනාවැකි කිව්වද කියලා කියන්න නම් මම හරියටම දන්නේ නැහැ(විකිපීඩියා එකේ විස්තර තියෙන පිටුව ). හැබැයි දැනට ලියවෙලා තියෙන කතාවලට අනුව දෙවන ලෝක යුද්ධ කාලයේ හිටපු සෙන්පතියොන්ට,ඔස්කාර් වයිල්ඩ් වගේ ප්‍රසිද්ධ අයට,රුසියාවේ සාර් රජ පෙළපතේ හිමිකරුවෝ වගේ වැදගත් ඒ වගේම ඉතිහාසයේ ඇත්තටම ජිවත් උන අයට කයිරෝ අනාවැකි කියලා තියෙනවා.පසුගිය සතියේ ගියපු කතාවේ තියෙන්නේ එංගලන්තයේ උමං දුම්රිය මාර්ග තැනීමේ මුලිකත්වය ගෙන කටුයුතු කරපු විටෙකාර් ගැන ලියවුනු කතාවයි.

මේ කතා මාලාව ලක්බිම පත්තරේට ලියන්නේ වෛද්‍ය බන්ධුල සිරිවර්ධන මහත්මයා.හැම සතියකදිම හරිම වෙනස් විදියේ කතාවක් තමයි ලියවෙන්නේ.දැනට මම හිතන්නේ කතා 50 කට කිට්ටු වෙන්න වගේ ලියවිලා ඇති.කියවලා නැත්නම් කියවලා බලන්නකෝ.ගිය සතියේ ගියපු කොටස මෙන්න මෙතනින් බලන්න පුළුවන්.( අකුරු නම් හොදටම පොඩි , ඒක නිසා සයිස් එක ලොකු කරගෙන බලන්න වෙයි )

ප.ලි - මම සාමන්‍යයෙන් කාට හරි මොකක් හරි බලන්න කියලා දුන්නොත් ගොඩක් දුරට ඊළග සතියේ වගේ ඒ බලන්න ගියපු එක ඉවර වෙනවා.ටික කාලෙකට කලින් ජාතික රුපවාහිනීයේ පෙන්නුවා මායා රංග කියලා නාට්‍යක්.හොල්මන් , අද්භූත කතා තේමාවක් තමයි තිබ්බේ.මගේ යාලුවෙක්ට සිරා නාට්‍යක් කියලා තියෙන වෙලාවයි,දවසයි ඔක්කොම කිව්වා.වැඩේ කියන්නේ ඉතින් ඊළග සතියෙම නාට්‍ය පෙන්නලා ඉවර උනා.ඒ දේ නම් කයිරෝ ගේ කතා මාලාවට වෙන්න නම් එපා !!

Wednesday, November 30, 2011

T.V සීරීස්

මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා ඇබෑර්තු ඇත කියන නාට්‍ය.මට නම් ඒක නියමයි .සිරා කතාවක් තිබ්බා ( ලාවට වගේ ලව් ස්ටොරියකුත් තිබ්බා , දැන ගන්න ලැබුන විදියට මේ පාර සුමති සම්මාන උළෙල හොදම නාට්‍ය විදියටත් තේරිලාලු )

කොහොමත් ලංකාවේ පෙන්නන ඉන්දියාවේ අච්චාරු නාට්‍ය බලනවට වඩා මට නම් ටී.වී සිරිස් එකක් බලාගෙන ඉන්න එක සැපයි.මොකද ඔය මෙගා කියලා පෙන්නන ඒවාගේ ( මෙගා කියන්නේ මම දන්න තරමට දැවැන්ත නිෂ්පාදනයක් නම් නේ , ඒ උනාට ලංකාවේ මෙගා නම් ? ) අද බලන කොටසයි , තව මාසයකින් බැලුවමත් මහ ලොකු වෙනසක් නැහැ.

මේ පල්ලෙහා තියෙන්නේ මම දැනට බලන / බලපු ඒවා ටිකකුයි , මගේ යාළුවෝ බලන ටී.වී සීරිස් ටිකයි.මේවා නම් ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන හරි බැලුවට පාඩු නැහැ.

1. Nikita - කතාව හොදයි , දැනට දෙවැනි සීසන් එක යන්නේ
2. Outsourced - කෝල් සෙන්ටර් එකක් ඉන්දියාවට අවුට්සෝස් කරපු කතන්දරයක් තියෙන්නේ.කොමඩියක්,එක සීසන් එකයි තියෙන්නේ.මම බලපු සිරාම එකක්.
3. Vampire Diaries - දැනට තුන්වෙනි සීසන් එක යන්නේ , දැනට මම බලපු ඒවගෙන් හොදම එකක්.
4. Breakout Kings - Prison Break හදපු සෙට් එකමයි හදලා තියෙන්නේ , මමත් මේ දවස්වල බලමින් ඉන්න එකක්.
5. Californication - X-Files වල හිටපු මෝල්ඩර් මේකේ ඉන්නේ.දැනට සීසන් 4 තියෙනවා.
6. Community - සිරා කොමඩියක් තියෙන්නේ මේකෙත්.කතාව සිරා , සීසන් 3 තියෙනවා.

ඔය සෙට් එක තමයි ඉතින් මේ දවස්වල බලන්නේ , ඕවාට අමතරව මේ ටිකත් මගේ ලිස්ට් එකේ තියෙනවා. The Secret Circle, Alphas, CSI, LOST ,Chuck,Whit Collar,Castle,Sherlock Holmes,Merlin,The Walking Dead,The Office,Suits,V,Hung,The Event

Prison Break,Supernatural,The Legend of the Seeker,Kyle XY ඒවත් හොදයි.

බුකියේ තියෙන මෙන්නේ මේ Entertrainement World කියන පේජ් එකේ අලුතින්ම එන ටී.වී සිරිස් / ෆිල්ම්ස් ගැන අප්ඩේට්ස් ගන්න පුළුවන්.ඩවුන්ලෝඩ් කරන්න ඕන අයට Direct ලින්ක්ස් එහෙමත් තියෙනවා.පොඩ්ඩක් ඔළුව දාලා බලන්න.

ටී.වී සීරිස් ගැනම අපේ දෙන්නෙක් අතරේ උනු කතාබහකින්ම මේ පොස්ට් එක ඉවරකරන්නම්කො.

මෙට්‍රෝ එකට මාතර පැත්තේ ඉදන් ආපු බුවෙක් දවසක් අපේ එකෙක් ගෙන අහලා තියෙනවා ,
" මේ මට නිකිටා එකේ සීසන් වන් එකේ 5 වෙනි එපිසෝඩ් එක දීපන්කෝ  " කියලා
ඕකට ඉතින් උත්තරේ විදියට ලැබිලා තියෙන්නේ ,
" අනේ නිකන් පලයන් බන් යන්නේ , කෝපි-කඩේ බල බල හිටපු උබලට මොන නිකිට ද "
ප්‍රශ්නේ අහපු බුවා ඉතින් ඊට පස්සේ නෝ-කතා.

Saturday, November 26, 2011

Presentation ගොඩ දා ගැනීම

ඔන්න ඉතින් මීට කලින් ලියනවා කියලා හිටපු මාතෘකාව තමයි අද කතා කරන්නේ.ඔක්කොටම කලින් මුලින්ම කියන්න ඕන මම මේ කාරණය ගැන කතා කරන්නේ මට තියෙන අත්දැකීම් ප්‍රමාණයේ හැටියටයි.ඒක හින්දා ඉතින් මේ දේවල් සියයට සියයක්ම හරියන්නේ නැතිවෙන්න පුළුවන්.හැබැයි මම මේ කියන්න යන ගොඩක් දේවල් මට ඇතුළු මගේ යාලුවොන්ට එහෙම හරිගියපු ක්‍රම.හරි වැඩිය කතා කරන්නේ නැතිව එහෙනම් වැඩේට බහිමු.

1. Topic / Type
Presentation එකට  සුදානම් වෙනකොට මූලිකවම හිතන්න ඕන දෙයක් තමයි මේක.අනිවා මාතෘකාව ගැන හොද අවබෝධයක් තියෙන්නම ඕන.තමන් කරන කොටස ගැන දැන ගන්නවට වඩා , සම්පුර්ණ මාතෘකාවම ගැන දැනගෙන ඉන්න එක හොදයි.මොකද Audience එකට ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට අහවල් කෙනා පෙන්නලා අහන්නේ නැහැනේ. අහන්නේ ගෘප් එකේ ඉන්න සෙට් එකෙන්මයි.එතකොට තමන්ට ටොපික් එක ගැන හරි කතා කරන දේ ගැන හරි අවබෝධයක් නැත්නම් වැඩේ අවුල්.

අනිත් එක මොන ජාතියේ Presentation එකක්ද කියන එක. Proposal, Prototype, Midreview ඔය එක එක Presentation වලට ලැබෙන කාලය වෙනස් නේ.ඒක හින්දා Type එක අනුව සුදානම් වෙන එකත්  වැදගත්.

2. Presentation Flow
මේක තමයි ඊළගට වැදගත් දේ.Present කරන හැමෝම තමන්ට කලින් එක්කෙනා කරගෙන ආවා වගේම ( පුළුවන්නම් ඊටත් හොදට ) තමන්ගේ කොටස කරලා ඉවර කරන්න ඕන.yAkA සහ මම හිටපු මුල් කාලේ Presentation වල yAkA මුලින්ම පටන් ගන්නවා , ඊට පස්සේ අන්තිමට මම ඉවර කරනවා.අපි ඒ කාලේ ඉදන් තේරුම් ගියපු දෙයක් තමයි , Presenation එකේ පටන් ගන්න එකයි , අවසාන වෙන එකයි එලටම තියෙන්න ඕන කියන එක.අපේ රිසර්ච් එකේදිත් තට්ට අයියා පටන් ගන්නවා , මලියා හරි මම හරි ඉවර කරනවා.

තේරෙන උදාහරණයක් කියනවනම් ( මේ දවස් වලට හරි ගියේ නැති උනත් ) , ඩ්ල්ෂාන් මැච් එක පටන් ගන්නවා වගේ Presentation එක පටන් අරගෙන මැතිව්ස් මැච් එක ඉවර කරනවා වගේ Presentation එක ඉවර කරන්න ඕන.

සාර්ථක ආරම්භයකින් හැමෝම ගැන හොද හැගීමක් ඇතිකරන්න පුළුවන් වගේම , සාර්ථක අවසානයකින් වැඩේ හොදටම උනා කියන හැගීම ඇති කරන්න පුළුවන්

3. Timing
ගොඩක් අයට අවුල් යනම දේ මේක තමා.ගොඩක් වෙලාවට Presentation  එකට ලැබෙන්නේ විනාඩි  20 ක් වගේ කාලයක් නේ ( Present කරන්න විනාඩි 15 ප්‍රශ්න වලට විනාඩි 5 ).ගෘප් එහෙක 5 හිටියොත් එක්කෙනක්ට ලැබෙන්නේ ගොඩක් දුරට විනාඩි 3 ක් විතර.වැඩක් නැති Slides ඔක්කොම අයින් කරලා දැම්මත් එක්කෙනක්ට Slides 3-6 අතර ගාණක් එන්න පුළුවන්.ඉතින් විනාඩි 3 කින් ඔය Slides ටික කවර් කරනවා කියන එක අමාරු වැඩක්.මොකද කාලය ඉවරයි කියලා බෙල් එක වැදුනම , ගොඩක් වෙලාවට ආයි වෙලාවක් දෙන්නේ නැහැ.දුන්නත් ඉතින් ලකුණු අඩු වෙලානේ වෙලාව ලැබෙන්නේ.ඒක හින්දා පුලුවන් තරම් Timing කියන එක හොදටම තියෙන්න ඕන.අපේ අයගේ භාෂාවෙන් කියනවා නම් ඉතින් වෙලාව අඩුයි වගේ කියලා හිතෙනවානම් ඉතින් Slides විදින්න ඕන.

Timing අවුල් නම් එකම විසදුම Timing හරියනකම් තනි තනිව හරි ගෘප් එකේ ඔක්කොමයි Presentation එක පුරුදු වෙන එක තමා.

4. Language
අපේ හැමෝගෙම කඩ්ඩ එක වගේ නැහැ නේ.සමහරුන්ට හොදටම පුළුවන් ,සමහර අයට අවුල්.Presentation එහෙකදී කඩ්ඩ බලන්නේ නැති උනාට (මම අදහස් කරේ Grammar වගේ දේවල් ), කඩ්ඩ ගොඩක්ම අවුල් නම් තමන්ගේ වගකීම තමයි කඩ්ඩ හොදට හදාගන්න එක.මොකද Present කරගෙන යනකොට කඩ්ඩ අවුල් හින්දා Presentation එක Slow උනොත් ඒක මුළු Presentation එකටම බලපානවා.

5. Practice
Practice makes perfect කියලනේ කියන්නේ ( ඔන්න මම නම් නෙවයි මේක කියලා තියෙන්නේ , ඒ උනාට මේක ඇත්ත ).මොකද අපි Practice වෙන්න වෙන්න අපේ තියෙන අඩුපාඩු , වැරදෙන තැන් , Slow වෙන තැන් අපිටම අල්ලගන්න පුළුවන්.මුලින්ම තමන්ගේ කොටස් තනි තනිව පුරුදු වෙලා , අඩුම ගානේ දෙපාරක් වත ගෘප් එකේ හැමෝම Presentation එක පුරුදු වෙනවනම් වැඩේ ගොඩ.

තව දෙයක් තමයි අනපේක්ෂිත දේවල් වලට ලෑස්ති වෙලා යන්න ඕන.අපි හිතමු විනාඩ් 20 Presentation එකට ලෑස්ති වෙලා ගියාට , පටන් ගන්නකොට අපිට කියනවා තියෙන්නේ විනාඩි 20 නෙවයි 15 ක් කියලා.ඒ වෙලාවෙදී අනේ අපි විනාඩි 20 ටනේ Practice කරේ අපි කොහොමද විනාඩි 15 කරන්නේ කියලා හිත හිත ඉදලා නම් වැඩක් නැහැ.ඒ වගේ වෙලාවට ගානට හරි ගැහෙන්න ඕන.ඔය වගේම තමයි එක පාරට ප්‍රෝජෙක්ටර් එක අවුල් ගියාම වගේ වැඩ උනාමත් බය නැතිව කරගෙන ආපු විදියටම Presentation එක කරන්න ඕන.

Presentation එකක් කරන්න ඕන කොහොමද කියන එක ගැන මගේ අදහස් බෙදා ගන්න එක තමයි මගේ අරමුණ උනේ.හැබැයි ඉතින් මේ මොන දේ තිබ්බත් Slides ටික එළකිරියට තිබ්බේ නැත්නම් වැඩේ අවුල්.ඒවා ඉතින් සාමන්‍ය දේවල් නේ.ඉස්සරහට Presentation කරන්න ඉන්න මගේ බ්ලොග් එක බලන නංගිලා , මල්ලිලාට මේක කියවලා මොනවහරි දෙයක් ගන්න පුළුවන් උනානම් ඒක තමයි වෙන්න ඕන දේ.

ප.ලි - මගේ බ්ලොග් එකේ වැදගත් කියලා දෙයක් ලිය උනාමද මන්දා :P

Wednesday, November 16, 2011

The Farewell - කුලී ළිද

ඊයේ තමයි අන්තිම දවස.අවරුදු තුනක අධ්‍යාපන කටුයුතුවලට නිල අවසානයක් දුන්න දවස.හැම අවුරුද්දකම වගේ මේ පාරත් දෙවැනි අවුරුද්දේ අපේම සහෝදර-සහෝදරියෝ , පලවෙනි වසරේ කට්ටියත් එක්කාසු කරගෙන අපිට ෆෙයාවෙල් එකක් දුන්න.Farewell එකට සිංහල වචනයක් මතක් කරාට මතක් උනේ නැහැ , ඒ පාර තමයි ඉතින් "කුලී ළිද" කියන වචනේ ඔළුවට ආවේ.සමුගැනීමේ සාදය කියන වචනේ ටිකක් දරුණු වැඩියි නේ.

මම ස්ලිට්‌ එකට ආවේ 2009 අවුරුද්දේ, ඒ එනකොට අදුරගෙන හිටියේ එකම එක්කෙනාවයි.ඒ තමයි yAkA.ඊටත් පස්සේ අපේ ඉස්කෝලේ හිටපු කස්සව මට සෙට් උනා.ඔහොම ටිකින් ටික අපේ බැච් එකේ හැමෝම මාත් එක්ක ෆිට් උනා.අනිත් හැම බැච් එකකම වගේ අපේ බැච් එකෙත් ඉතින් පොඩි පොඩි වලි තිබ්බ , හැබැයි අපේම අය අතර අමනාපකම් තිබ්බට , කව්රුත් මාත් එක්කනම් අමනාප වෙලා හිටියේ නැහැ.මුළු බැච් එකම වගේ මාත් එක්ක ෆිට් ( මේ බ්ලොග් පොස්ට් එකක ලියන මොහොත වෙනකම් ). මගේ ජිවිතේ මේ වෙනකොට වැඩියෙන්ම සතුටින් ගත කරපු කාලේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මගේ උත්තරය වෙන්නේ ඒ.ලෙවෙල් කාලේ කියන එකයි.හැබැයි මගේ ජිවිතේ වැඩියෙන්ම අත්දැකීම් ලැබුන කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම අනිවාර්යෙන්ම කියන්නේ ස්ලිට්‌ එකේ හිටපු අවුරුදු 3 කියලයි.

මේ අවුරුදු තුනේදී අයි.ටි ඉගෙනගත්තට ඊටත් වඩා හොද පාඩම් ගොඩක් ඉගෙනගත්තා.ඒ ඉගෙනගත්තු පාඩම් නම් මගේ ජිවිතේ තියෙනතුරාවට අමතක වෙන්නේ නැහැ ( අමතක කරන්නෙත් නැහැ ). අපි අවට ඉන්න පුද්ගල්යන් ගැන ඉගෙනගත්තු දේවල් එහෙමත් අමතක කරන්න පුලුවන්ද.මොකද ස්ලිට්‌ එකට එනකොට මම මහා ලොකුවට සමාජය ගැන දැනගෙන හිටියේ නැහැ , හැබයි මේ අවුරුදු තුනේදී සමාජය ගැන මින්ස්සු ගැන ඉගෙන ගත්තු දේවල් මිල කරන්නත් බැහැ.

ෆෙයාවෙල් දවසත් ලස්සනට සංවිධානය කරලා තිබ්බා.3 ට පටන් ගන්නවා කියලා තිබ්බට ඉතින් මම යනකොට නම් හතරත් පහු වෙලා තිබුනේ.ස්ලිට් එකේ එක විභාගයකටවත් වෙලාවට ගියේ නැති මම ෆෙයාවෙල් එකට වෙලාවට යයිද.මම හෝල් එක ඇතුළු උන ගමන් හිතුවේ ෂුවර් එකට වැරදි එහෙකට තමයි ඇවිත් ඉන්නේ කියලා.මොකද ජිවිතේට දැකපු නැති කට්ට්ය තමයි එහෙට මෙහෙට යනවා දැක්කේ.පස්සේ අදුරන මල්ලි කෙනෙක් ඇවිත් අයියේ ඉස්සරහින් වාඩි වෙන්න කිව්වා.ඊට පස්සේ තමයි අදුරන එකා දෙන්නා දකින්න ගත්තේ.ඒත් ඉතින් කොහේ අදුරගන්නද එක්කෝ මගේ ඇස්වල අවුලක් , නැත්නම් මේකප් වල බලමහිමය.පරක්කු වෙලා ආපු මට එතැන තිබ්බ කල්චර් එකට සෙට් වෙන්න තව වෙලාවක් ගියා.කොහොමින් හරි එක එක ජාතියේ ඉවෙන්ට්ස් එහෙමත් ගොඩක් තිබ්බ.බැලුන් බෝලයක් තියාගෙන පත්තර කොලයක උඩ නටන එක එහෙම නැගලා ගියා.

ඔය අතරේදී තමයි පුටු වගයක් සම්බන්ධ තරගයක් තියෙනවා කියලා නිවේදනය කරේ.මට ඇහුනේ මියුසිකල් චෙයාර්ස් කියනවා වගේ. ආයි මොනාද ඉතින් මමත් ඉතින් මියුසිකල් චෙයාර්ස්වලින් කප් ගහපු බුවා නේ , මාත් ඉතින් පැනගෙන ගියා.ගියාට පස්සේ තමයි දන්නේ මම දන්න මියුසිකල් චෙයාර්ස් නෙවේ , වෙන අටමගුලක් කියලා.කණ්ඩායම් දෙකක් තියෙනවා , කට්ටිය හැමෝම පුටුවල වාඩිවෙලා අතින් අල්ලන්නේ නැතුව පොල් ගෙඩියක් කකුලෙන් පාස් කරන්න ඕන.ඕන එකක් කියලා ඉතින් මාත් ආපු එකේ ගිහින් පුටුවෙන් වාඩි උනා.මොන පොල්ගෙඩි පාස් කිරිල්ලක්ද , මුලින්ම හිටපු එකා මට පොල් ගෙඩිය දුන්නට මොකෝ මම පාසේ කරාම මගේ එහාපැත්තේ හිටපු එකාට කකුලෙන් ඒක අල්ලගන්නම බැරි උනා.අපේ කණ්ඩායමේ මුල් දෙන්නා ගාවම පොල් ගෙඩිය කැරකි කැරකි තියෙද්දී, එහා පැත්තේ සෙට් එක පොල් ගෙඩිය පාස් කරලත් ඉවරයි.ඒ පැත්තේ හිටියේ හොරෙන් වතු වලට පැනලා පොල් පාස් කරපු උන්ද කොහෙද , නැත්තම් කොහෙන්ද ඔච්චර ඉක්මණට ඕක පාස් කරේ.ඔය සීන් එකෙන් පස්සේ අපේ එවුන් ටික මට කිව්වා තව නම් ඉවෙන්ට්ස් වලට යන්න එපා කියලා.යාලුවෝ උනාම කියන දේ අහන්න ඕනනේ, ඒක හින්දා ඊට පස්සේ මම ඔය තරග වලට සෙට් උනේ නැහැ.

අපේ සෙට් එකේ හිටපු අය ඔය ඉවෙන්ට්ස්වලට සෙට් නොවුනට මොකද කන-බොන ඉවෙන්ට් එකටනම් මුලින්ම ගියා.එතැන්දීත් yAkA ටෝකන් එකක් නොදී කෑවා කියලා තමා කථාව නම් ගියේ.කෑම බිමත් එලටම තිබුනා.මට නම් DJ එක එච්චරම ඇල්ලුවේ නැහැ.ඉස්කොලේ බිග් මැච් එකට ගියාවගේ හැගීමක් තමයි මට DJ එකේ ඉන්නකොට ආවේ.සංවිධාන කටුයුතු ගොඩක් ලස්සනට කරලා තිබ්බා.මතක සටහනක් විදියට දීපු පින්තුරෙත් ගොඩක් වටිනවා.

අපෙ හිටපු හැම ලෙක්චර් කෙනෙක්ම අපිට ගොඩක් දේවල් ඉගැන්නුවා.යසස් සර්,නිපුනිකා මිස් , නිලක්ෂි මිස්,ලේකනි මිස් ,ඉෂාර සර් ඔය හැමදෙනාම උගන්වපු දේවල් කවමදාවත් අමතකවෙන්නේ නැහැ.ඔය අතරින් අපේ අන්තිම අවුරුද්දේ රිසර්ච් එකේ සුපවයිසර් විදියට හිටපු ගායනා මිස්ව විශේෂයින්ම මතක් කරන්න ඕන.අපේ සෙට් එකේ කාටහරි කෝඩ්න්වල මොකක් හරි අවුලක් ගිය ගමන් අපි හැමෝම මුලින්ම හම්බුවෙන්න යන්නේ ගායනා මිස්වයි.ගායනා මිසුත් මොන වැඩේ තිබුනත්, අපි කීපාරක් කිහින් කරදර කරත් පොඩ්ඩක්වත් තරහා ගන්නේ නැතුව  අපිට ඕන දේ කියලා දෙනවා.ඊට අමතරව අපේ අන්තිම අවුරුද්දේදි අපේ ස්ටාෆ් එකට අලුතින් ආපු ඩ්ල්හාන් සර්වත් මතක් කරන්න ඕන.සර් අපිට ඉගැන්නුවේ බොහොම පුංචි කාලයක් උනාට ඒ පුංචි කාලේදී අපේ ජිවිතවලට වැදගත් ගොඩක් දේවල් ඉගැන්නුවා.සර් ගේ ලෙක්චර් එකේ අන්තිම විනාඩි 15 ගොඩක් වෙලාවට වෙන්කරලා තිබ්බේ , අපිට ධනාත්මක චින්තනය ගැන අවබෝධයක් ලබාදෙන්න.මම ඇතුළු අපි හැමෝටම ඒ දේවල් ඉස්සරහට ගොඩක් වැදගත් වේවි.අපිට දවසක් හරි උගන්නපු හැම දෙනාටම බොහෝම ස්තුතියි.

අපිත් එක්ක එකටම හිටපු ගොඩක් අය හම්බුවෙන අන්තිම දවස මේක වෙන්න පුළුවන්.ඒ උනත් මේක හරිම පුංචි රටක් නේ මේ රටේදීම අපි ආයේ කොහොම හරි හම්බුවෙන්න පුළුවන්.මගේ යාලුවෝ හැමෝගෙම අනාගතය සුභම වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

ප.ලි - ස්ලිට්‌ ජීවිතය නිල වශයෙන් ඉවර නිසා , ස්ලිට්‌ එක ඇතුලේ උන සමහර දේවල් ලියන්න තිබ්බ බාධාවනුත් ඉවර වෙනවා.ඒ හින්දා ඒවත් දැන් පුළුවන් විදියට ලියන්න ඕන.

ප.ප.ලි - මේ පොස්ට් එකට සම්බන්ධ නොවුනත් මේ දේත් කියන්න ඕන.යාළුවෝ කියන අය ඉන්න ඕන අපිට තියෙන කාලේදී නෙවෙයි , අපිට නැති කාලෙදියි.ඒ දේ අතින් මම වාසනාවන්තයි , මොකද මට තියෙන කාලේදී හිටපු යාළුවෝ දෙතුන් දෙනාට වඩා, මට නැති කාලේදී මාත් එක්ක යාළුවෝ ගොඩක් හිටියා.ඒ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.

Monday, November 14, 2011

මොරටුව ලෝයර්ස්

අද ලියන්න හදන්නේ නම් අපි කරපු(කරන්න ගියපු) Project එකක් ගැන.ඔන්න ඉතින් මෙට්‍රෝ එකේ දෙවෙනි වසරේ ඉන්නකොට අපිට කරන්න සෙට් වෙනවා Project එකක්.තමන් කැමති කස්ටෙක් තෝරගෙන එයාලා දෙන Requirements විදියට Project එක කරන්න ඕන.එක ගෘප් එකකට උපරිම වශයෙන් 6 දෙනෙක්ට ඉන්න පුළුවන්.

අපේ ගෘප් එකෙත් ඔන්‍න‍ 6 ක් ඉන්නවා. මලියා තමයි Project Manager.ඊලගට ඉන්නේ අයි.යු .ඊලග කෙනා තමයි ඇල්බා.ඊලගට තට්ට අයියා. ම්නිහාගේ අපි හැමෝටම වඩා කොන්ඩේ එහෙම තියෙනවා. අපේ අයගේ අලුත් ගැජමැටික් පොස්ට් එකේ ස්ටේටස් එහෙම දැම්මේ මෙන්න මෙයා තමා. ඊටත් පස්සේ ඉන්නවා නයනා ( දැන් අහන්න එපා ඉතින් මම නම් ආසයි අහන්න නයනා එකේ ඉන්න එක්කෙනාද කියලා ). අවසාන වශයෙන් හිට්යේ මම.

ගෘප් එකක් තිබ්බට වැඩක් නැහැ නේ ඉතින් කරන්න ප්‍රෝජෙක්ට් එකක් නැතිව. කොහොමින් කොහොම හරි ඉතින් අපිට දන්න කෙනෙක් ගේ මාර්ගයෙන් ප්‍රෝජෙක්ට් එකක් ලැබුනා  ප්‍රෝජෙක්ට් එකේ තියෙන්නේ මොරටුව නීති සංගමයට වෙබ් ඇප්‍ එකක් හදන්න. මොරටුවේ ඉන්න නීතිවේදීන් හැමෝම කනෙක්ට් වෙන විදියටත් , නීතිවේදීන්ට තමන්ගේ කස්ටොන්ව සම්බන්ධ කරන්නත් මේ වෙබ් එකෙන් වෙන්න ඕන.ඒ කිවුවේ නිකන් ෆේස්බුක් ටයිප් එකේ මැසේජින් සිස්ටම් එකක්. ඔයිට අමතරව ඉතින් හැම ලෝයර් කෙනෙක්ටම තම තමන්ගේම ප්‍රෝෆයිල් එකක් තියෙන්නත් ඕන.

වැඩේ ඉතින් පටන් ගත්තට මොකෝ වැඩේ පටන් ගන්නකොටම කොටම අපි දැන ගත්තා වැඩේ ලේසි පහසු නොවෙන වග. ප්‍රෝජෙක්ට් එහෙම කරනකොට තියෙනවනේ අර ගෘප් මීටින් කියලා දේවල්. ඔන්‍න‍ ඉතින් අපිත් එහෙම එකක් තිබ්බා

මම : මේ දැන් අපි මොනවාද මේකේ Additional Function විදියට දාන්නේ ?
මලියා : අනේ මේ මගුලක් කතා කරන්න එපා. තියෙන ටික කරන්න බැරිව ඉන්නවා තව Additional දාන්න කථාව.
මම : නැහැ බන් එහම හරියන්නේ නැහැ..අර . . . .අරුන් අරම කරලා අපිත් ඔය මොනවා හරි දාමු.
තට්ට අයියා : ඔව් ඔව් බන් මොනවම හරි දාන්න වෙනවා
මම : අඩේ අපි දාමු මෙහෙම එකක්..ලෝයර් කෙනෙක්ට පුළුවන් එයාලාගේ කස්ටමර්ලාට Sms යවන්න..ඔය නඩු දිනේ අනං මනං විස්තර එහෙම දාලා
මලියා : ඕයි ඕවා කරන්න බැ බන්..තො‍ට පිස්සුද
මම : හරි බන් කරලා බලමුකෝ..හැම එකටම බැහැ කියන්නැතුව
මලියා : ඕන මගුලක් කරගනින්

කොහොමින් කොහොම හරි ඉතින් තියෙන ඒවා මදිවාට තව Sms Function එකකුත් එකතු උනා. දැන් ඉතින් කස්ටිය දාගෙන ඔය එක එක ඒවා හදනවා ( හදනවා කිව්වට හරිම වචනේ හදන්න උත්සාහ කරනවා කියන එක). කොහොමින් කොහොම හරි ඉතින් දැන් අන්තිම Presentation එකටත් කාලය කිට්ටු වෙනවා. අපරාදේ කියන්න බැ තාම අපි ළදරු අවදියේ ඉන්නේ. ඔය සෙමෙස්ටර් එකේ ඔය ප්‍රෝජෙක්ට් එකට අමතරව තව අම්බානෙක වැඩ තිබ්බා.

දවසක් මලියා චැට් එකෙන් සෙට් වෙලා මගෙන් අහනවා

මලියා : ආ..මොනවාද බන් කරන්නේ
මම : නැහැ මුකුත් නැහැ
මලියා : ආ එල එල..
මම : එල
මලියා :මේ ඕයි අපි අර මොරටුව ප්‍රෝජෙක්ට් එක කරන්නේ නැද්ද ?
මම : ඔව් බන් එක කරන්නත් ඕන තමයි නේද..හරි සෙට් වෙ‍ලා කරමු.

කලින් මලියා ගැන කියපු පොස්ට් එකේ මම නොකිව්වට ආපු කමෙන්ට් එකක තිබ්බනේ මලියගේ "ෂෝට් ටර්ම් මිමොරි ලොස්" එක ගැන විස්තරේ.මලියා හරි ට්‍රැක් එකේ ඉන්න දවසක තමයි ඔය උඩ තියෙන චැට් එකේ උන කතාබහ උනේ.

ඔන්‍න‍ ඔහොම ඉතින් ආයි ප්‍රෝජෙක්ට් එක රි-ලෝන්ච් පාරක් එහෙම දීලා වැඩේ පටන් ගත්තා. තව පොඩි කාලයයි තියෙන්න Final එකට. දැන් ඉතින් ගෘප් එකේ කට්ටිය බොක්කෙන්ම Javascript , Css ගැන ඉගෙනගන්නවා.කොහොම හරි ඉතින් යන්තම් Final එක කාලේ වෙනකොට ප්‍රෝජෙක්ට් එක ගැට ගහගත්තා. හැබැයි ඉතින් අර Sms කැලි නම් නැහැ. මැසේජින් සිස්ටම් එක නම් වැඩ(ලු).

මොනවා උනත් අන්තිම මොහොතේ කලා උනත් අපේ සෙට් එක ඇප්ලිකේෂන් එක එලටම  කලා. අපිම හදපු අපේම කියලා ටෙම්ප්ලේට් එකක් අපි ඩ්සයින් කලා. css අපිම ලිවුවා. කොහමහරි ඉතින් අපි කට්ටියට ඉතින් අපරාදේ කියන්න බැහැ  A එහෙමත් ලැබුනා.

ප.ලි - කොහොම හරි ඉතින් අපේ සෙමෙස්ටර් එක පාස් උනාට අපේ ප්‍රෝජෙක්ට එක අයිති කෙනාට අපි හදපු එක දුන්නේ නැහැ. මොකද කියනවනම් අපි හදපු  ප්‍රොජෙක්ට් එකයි , ඉල්ලපු ප්‍රොජෙක්ට් එකයි අතර ඉතාමත් දරුණු වෙනස් කම් තියෙන නිසා. දැන් උනත් ප්‍රෝජෙක්ට් එක අයිති කෙනා හම්බ උනාම අහනවා කෝ අර ප්‍රෝජෙක්ට් එක කියලා.එතකොට ඉතින් අපි මොනවම හරි කියලා මාරු වෙනවා

ප.ප.ලි - තට්ට අයියයි , මමයි අතර ගිවිසුමක් තියෙන නිසා තට්ට අයියා ගැන ඇවෙන්ජර හිට්ස් පොස්ට් එකක් ලිව්වේ නැහැ.අනිත් අයගේ ඇවෙන්ජර් හිට්ස් පොස්ට්වලට විස්තර හොයලා දුන්න වැඩ කරෙත් තට්ට අයියා , ඒකට ස්තුතියි.

ප.ප.ලි - මේ පොස්ට් එකවත් අපේ සෙට් එක බලලා දැන්වත් මේ ප්‍රෝජෙක්ට් එක ඉක්‌මනට කරන්න හිතේවා කියන එක තමයි මගේ අවංක ප්‍රාර්ථනය !!

Friday, November 11, 2011

ඇවෙන්ජර් හිට්ස් II - අයි.යු

ඔන්න ඉතින් අන්තිමට ඇවෙන්ජර් හිට්ස් I - මලියා ගැන විස්තරේ කිවුවනේ.මම ඉතින් කිව්වත් වගේ පොස්ට් එකේ ලිව්වට වඩා කරුණු කමෙන්ට්ස්වලින් ආවා.එදා කිව්වා වගේ ඔන්න ඇවෙන්ජර් හිට්ස් II කොටස කියන්නයි මේ හදන්නේ.මේ තමයි අපේ සෙට් එකේ දෙවැනි සාමාජිකයා.I.U (අයි ලව් යු නෙවෙයි.). අපේ සෙට් එකේ හිටපු සද්ධන්තම බුවා තමයි මෙයා. මලියට වුල්වරින් සෙට් වෙනවා නම් අයි.යු ට හරියන්නේ හල්ක් තමා.

අපි කරපු ( කරන්න හිටපු ) ප්‍රොජෙක්ට් ගොඩකම ක්‍රියාකාරී සමාජිකයෙක් තමා අයි.යු.Resource Allocating කියන සබ්ජෙක්ට් නම් උපරිමයෙන්ම පුළුවන්.උදාහරණයක් විදියට, මලියා කිව්වොත් ලබන සතිය වෙද්දී Router එකක් ඕන කියලා , ආයි නෑ මොන ලෝකෙන් හරි Router එකක් ලබන සතිය වෙනකොට අයි.යු ගෙනත් දෙනවා.එච්චරට විවිධාකාරයේ සම්බන්ධතා අයි.යු ට තිබ්බා.ඒ නිසා අපේ ගෘප් එකට කවදාවත් රිසොස් පැත්තෙන් ප්‍රශ්න නම් තිබ්බේ නැහැ.සමහරු නම් ඉතින් ඔය සම්බන්ධතාවලට එක එක කට කැඩිච්ච කතා කිව්වා, ඒ උනාට මොකද පල ඇති ගහටනේ ගල් වදින්නේ කියනවා වගේ අයි.යු නම් සැලුනේ නැහැ ඒ කතාවලින්.

අයි.යු මේ මෑත කාලයක් වෙනතුරුම ලෝක වාර්තාවක් තියාගෙන හිටියා.දැන් නම් ඒකේ තත්වය කොහොමද දන්නේ නැහැ.වාර්තාව තමයි අවුරුදු තුනක් යනකම් කිසිම ඩ්සයිනින් ටුල් එකක් ගෙදර පරිගණකයේ දාගෙන නොතිබීම.දැන් ඉතින් පුදුම වෙන්න එපා , එහෙනම් මේ යෝධයා කොහොමද අවුරුදු තුනක් තිබ්බ විභාග / ප්‍රැක්ටිකල් එහෙම පාස් උනේ කියලා.ඒකට තමයි කියන්න ටැලන්ට් එක කියලා.මගේ මතකයේ හරි නම් මේ වෙනකම් කිසිම සබ්ජෙක්ට් එකක් අයි.යු අවුල් කරගෙන නැහැ. කොහොමද හැකියාව.

හැකියාව ගැන කිව්වම මතක් උනේ , ඔය මම කිව්වා හැකියාවට අමතරව තව විශේෂ හැකියාවන් රාශියක් අයි.යු ට තිබ්බා.අනේ ඉතින් ඒවා දන්නෝ දනිති.අපේ රංග අයියා ප්‍රසිද්ධ වැඩේටත් අයි.යු ප්‍රසිද්ධයි.තවත් අයි.යු කිව්වම මතක් වෙන දෙයක් තියෙනවා ඒ තමයි අයි.යු සහ විභාග කියන එක අයි.යු ගේ වැඩියෙන් ඇක්ටීවී කාලවලින් එකක් තමයි විභාග කාල සීමාව.විභාගයට කලින් දවසේ ඉන්න ඕන , විභාග ශාලාවේදී ඉන්න ඕන කොහොමද කියන එක ගැන උපදෙස් ගන්නවනම් , නියාම පුද්ගලයා අපේ අයි.යු තමයි මල් ස්ට්‍රැටජී වගේ තමා මේ ක්‍රමත් අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි.

අන්තීමට කියන්න ඕන පොඩි දෙයක් තියෙනවා, ඒක තමා අයි.යු ගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රි ලංකාවේ පොලිසියට යන්න.ඉතින් ලංකාවේ පොලිසිය අද තියෙන තත්වයෙන්
මුදාගන්න අයි.යු ට හැකිවෙන්න කියලත් මමතුමා ලාවට වගේ ප්‍රර්ථනා කරනවා.

ප.ලි - පුරුපුරු මේක කියවනවනම් , ඔයා හිතන අයි.යු ම තමයි මේ ;)

Tuesday, November 8, 2011

ඇවෙන්ජර් හිට්ස් I - මලියා

මේ දවස්වල ඇවෙන්ජර්ස් කිව්වම මතක් වෙන්නේ ඊළග අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් කටුව නේ.වුල්වරින්,අයන් මෑන් එතකොට හල්ක් , තෝර් , කැප්ටන් ඇමෙරිකා වගේ තනි තනිව ආපු ෆිල්ම් සෙට් එකේම හිටපු ප්‍රධාන චරිත ඔක්කොම ඔය කියපු ඇවෙන්ජර් ෆිල්ම් එකේ එනවා.

දැන් ඉතින් මගේ මේ පොස්ට් එකයි ඇවෙන්ජර්ස් එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කට්ටිය බලනවා ඇතිනේ.මතක ඇතිනේ මම කලින් පොස්ට් එකක් ලිව්වා අපේ ප්‍රොජෙක්ට් ගෘප් එකේ හිටපු ඇල්බා ගැන.මගේ ඇවෙන්ජර් හිට්ස් ලිස්ට් එකේ පලවෙනි ඇවෙන්ජර් තමයි ඇල්බා.කළින් නම් හිතාගෙන හිටියේ අපේ ගෘප් එකේ හිටපු සෙට් එක ගැනම වෙන වෙනම ලියන්න (හරියට තනි තනිව ඇවෙන්ජර් ෆිල්ම්ස් ආවා වගේ ), ඊට පස්සේ ඉතින් කට්ටියම එකතු වෙලා කරපු දේවල් ලියන්න (ඇවෙන්ජර් හිට්ස් ෆිල්ම් එක වගේ ).ඒත් ඉතින් කොහෙද වෙලාවක් සෙට් උනේ නැහැ නේ වැඩේ කරන්න.දැන්නම් වෙලාව එහෙම තියෙන එකේ වැඩේ පටන් ගන්න ඕන.එහෙනම් ඉතින් පටන් ගම්මු මගේ ඇවෙන්ජ්ර් හිට්ස් ලිස්ට් එක.

පලවෙනි ඇවෙන්ජර් තමයි මලියා.පොරගේ හරිම ආසාවක් තිබ්බා පොරට වුල්වරින් කියලා කියනවට.ඒ හින්දම පොර කොන්ඩෙයි,රැවුලයිත් වැවුවා.අපේ අයගේ ඉතින් කට කැඩ්ච්චකමට 'වවුල්වරින්' කියලත් කිව්වා පොරට. අපි කරපු ප්‍රෝජේක්ට් ගොඩකම ප්‍රෝජෙක්ට් මැනේජර් මලියා තමා.ආයි ඉතින් කියල වැඩක් නැහැ, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෘප් එක මෙහෙයවීම උපරිමෙට කරා. කොච්චර හොදට කරාද කියනවානම් ඉතින් අපිට දෙන්න තිබ්බ සමහර Document එහෙම බාර දෙන්න ඕන වෙලාවට පස්සෙ තමයි අපි දෙන්නේ.'ටයිම් මැනේජ්මන්ට්' උපරිමයි.

තව දෙයක් තමයි මලියගේ කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස්.අපේ අය අතරේ නම් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ "මල්-ස්ටැන්ඩර්ඩ්ස්" කියලයි.මේ ක්‍රමය ඕනම Class,Variable,Interface ලියනකොට වගේම File එකක් නම් කරනකොට යොදාගන්න පුළුවන්.හරිම පහසුයි සහ සරලයි.හැබැයි පාවිච්චි කරන්න පුළුවන් එකම එක අකුරකුයි එක වචනයකුයි විතරයි , ඒ තමයි m අකුරයි mal කියන වචනෙයි.වැඩේ තේරුනේ නැහැ වගේ මේ පහල තියෙන උදාහරණ ටික බලන්නකෝ.
m.txt , mmm.css , mal.cs , mal1.html , int m , class mal1, mmmmm1.aspx

දැන් වැඩේ මීටර් නේ.අපේ මලියා ලියපු කෝඩ් කොහෙද එතන ඔය මම කියපු කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස් අනිවාර්යයෙන්ම පාවිචිචි කරලා තියෙනවා.ඒක හින්දා ඉතින් මලියගේ කෝඩ් එකක් කවුරුහරි ගත්තු ගමන්ම කරන්නේ ඔය කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස් ටික වෙනස් කරන එක.

අර කතාවක් තියෙන්නේ මීයා පිටකරන දුම මීදුම කියලා.අන්න ඒ වගේ මලියා ගහන කෝඩ් "මල්-කෝඩ්" මලියා ලියන ඇල්ගොරිතම් "මල්ගොරිතම්" උනා.කියන්න අමතක උන විශේෂම දෙයක් තියෙනවා ඒ තමයි "මල්-ප්ලෑනින්".අපේ මේ අවරුදු දෙක තුන ඇතුලේ "මල්-ප්ලෑනින්" වලින් අපේ අය ගොඩක් වැඩ කරගත්තා.මල්-ප්ලෑනින් වල තියන එක "ස්ට්‍රැටජියක්" මම කියන්නම්කෝ.

දැන් අපි හිතමු අපිට ඉන්නවා ෆේස් බුක් එකේ ලස්සන කෙල්ලෙක්.හැබැයි ඉතින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මට ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ.ඔන්න ඔය වගේ වෙලාවකට මලියගේ මල්-ස්ට්‍රැටජියක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්.මුලින්ම කරන්න ඕන ඔය අදාළ කෙල්ලගේ යාළුවෝ කට්ටියක් හොයාගන්න එක.ඊට පස්සේ කරන්න ඕන ඒ අයට රික්වෙස්ට් දාන එක.මේක ඉතින් එක්කෙනක් දෙන්නෙක්ට නෙවෙයි 20-30 කට වගේ කරන්න ඕන.( මොකද ඉතින් කෙල්ලගේ යාලුවොත් ඇක්සෙප්ට් නොකිරිමේ ප්‍රවණතාවයක් තියෙනවනේ).ඔහොම රික්වෙස්ට් දාලා කවදා හරි ඉතින් ඔය කට්ටිය ඇක්සෙප්ට් කරනවනේ.අන්න ඒ කාලේදී අර අපිට මුලින්ම සෙට් කරගන්න ඕන කෙල්ලට රික්වෙස්ට් දාන්න ඕන.එතකොට එයා අනිවා ඇක්සෙප්ට් කරනවා.මොකද ඉතින් Mutual Friends ලා ගාන වැඩියි නේ.මේ මල්-ස්ට්‍රැටජිය සියයට සීයක්ම අපේ මලියගේම අදහසක්.නිරවද්‍යතාවය එහෙම පුද්ගලිකවම සහතික කරලයි තියෙන්නේ.

මලියා ගැන තවනම් ලියන්න දේවල් ගොඩක් තියෙනවා, අපේ දන්න කියන අය ඉතින් මේක දැක්කොත් දාන කමෙන්ට්ස් වලින් තව විස්තර හොයාගන්න පුළුවන් වෙයි.

ප.ලි - ඇවෙන්ජර් හිට්ස් II ඊළග පොස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.

Friday, November 4, 2011

ඉවරායි. . .

ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි.අවුරුදු තුනකට කිට්ටු වෙන්න කට්ටක් කාලා කරපු දේ ඉවරයි.අන්තිම අවුරුද්දේ තිබ්බ viva එක ( හරි මයිලෝ එක හරි නෙස්ටමෝල්ට් එක හරි ) එකත් ඉවරයි.අපේ හිටපු පස්දෙනාම ඒකෙනුත් ගොඩ ගියා.ඔය අන්තිමට තියෙන එක තමයි සාමාන්‍යයෙන් අමාරුම එක , ඒක අවුලක් උනේ නැහැ කියෙන්නේ ඉතින් ගොඩේ ගොඩ.

අපි සතුටින් හිටියට ඉතින් අපේ සමහර යාළුවෝ කිහිප දෙනෙක්ට නම් පොඩ්ඩක් අවුල් උනා.ඒ උනාට ඉතින් කට්ටියටම සති දෙකක් විතර ලැබුනා , තමන් කරපු ප්‍රොජෙක්ට් එකට අලුතින් component එකතු කරලා හරි , තව තියෙන component වෙනස් කරන්න හරි.එයාලගේ ප්‍රොජෙක්ට් එකේ තීරණය ලැබෙන්නේ ඊට පස්සේ.බයවෙන්න එපා යාලුවනේ කාටවත් අවුලක් වෙන්නේ නැහැ.

අපේ මේ පාර ප්‍රොජෙට් එක නම් වැදගත් වෙන්නේ ලංකාවේ ඉස්කෝලවලට.ලංකාවේ පාසල්වල තියෙන දත්ත එක තැනකට එකතු කරගෙන , අවශ්‍ය වෙලාවල් වලදී ඒවා ලබාදෙන එක වගේ දෙයක් තමයි කරේ.( සරලව කිව්වොත් එහෙම දෙයක් තමයි වෙන්නේ), ඊට අමතරව පාසලෙන් ලැබෙන අස්වීමේ සහතිකය , අදාළ දත්ත නිවැරදිව ඇතුළු කරාම Auto Generate වෙලා එන විදියේ component එකකුත් තිබුනා.අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ මේ ප්‍රොජෙක්ට් එක අපි කරා,අම්බෝ මේක කරන්න ගිහිල්ලා උන දේවල්.ඒ ටිකත් පුළුවන් විදියට කියන්නම්.

ඔයිට අමතරව ඉතින් මගේ පැත්තෙන් විස්තර කියනවනම් ලොකු ලොකු දේවල් ගොඩක් උනා.ජොබ් එකකුත් ලැබුනා.ස්ලිට්‌ එකේ වැඩ ඉවරඋන ගමන් ජොබ් එකක් ලැබුන එකත් ඉතින් එක අතකට හොදයි.කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා එ දේවල් වෙලාව තියෙන විදියට කියන්නම්.

ප.ලි - මකුළු දැල් කැඩුවට ඉතින් , ඒ කරලත් සතියකට පස්සේ තමයි මේක ලියන්නෙත්.

ප.ප.ලි - අර communication skills කතන්දරේ ලියාගෙන යනවා.ළගදීම ඒක පබ්ලිශ් කරන්නම්.

Sunday, October 23, 2011

රිටර්න් ටු බ්ලොග්

මම හිතන්නේ බ්ලොග් ලියන්න ඇවිත් ගතකරපු අප්සෙට්ම මාසේ මේකද කොහෙද.මේ මාසෙටම ලියලා තියෙන්නේ පොස්ට් දෙකයි.අනිත් හැම මාසේම පොස්ට් හත අටක්වත් ලියපු මම මේ මාසේ මෙලෝම දෙයක් ලියලා නැහැ නේ.

ලියන්න බැරි උන එකට ඉතින් හේතු නැත්තෙත් නැහැ.අන්තිම අවුරුද්දේ අන්තිම විභාගේ තිබ්බෙත් පහුගිය දවස්වල.ඉතින් ඒකට පොඩ්ඩක් කාලේ යෙදෙව්වා.නැතිව ඉතින් බැහැනේ මේ අවුරුදු තුනම අවුලක් නැතිව කරලා, මේ අන්තිම එක අප්සෙට් ගියොත් එහෙම.විභාගේ කාරිය ඉවර උනාට මොකෝ ඉතින් තාම උපාධියේ වැඩ නම් ඉවර නැහැ.අන්තිම Viva එක තියෙනවා.ඒකෙන් පස්සේ ඉතින් අපිත් නිදහස් ගොවියෝ.

පොස්ට් එකක් ලියන්න බැරි උනාට අනිත් අය ලියපු කියපුවා නම් පුළුවන් විදියට කියවලා හිටියේ.අපේ කට්ටිය අලුතින් මාර මාර ටොපික් හොයාගෙන තියෙනවානේ ඉතින් ලියන්නත්.ඉතින් ඉස්සරහට නම් පුළුවන් විදියට ලියන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.මම ටිකක් ඉස්සර විනෝදෙට වගේ ලිව්වා ගන්නවානම් මෙන්න පොත් කියලා පොස්ට් එකක්.ඒ පොස්ට් එක තනිකරම කොමිටල් පොස්ට් එකක් උනාට ඒකට ආපු ප්‍රතිචාර එක්ක Communication Skills ගැන මට වගේම අපේ ගෘප් එකේ ඉන්න අනිත් අයගේ අත්දැකීම් ගැන පොස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා.අපිටත් ඉතින් අවුරුදු තුනක්ම අත්දැකීම් තියෙනවානේ කොහොමද presentation එකක් එහෙම කරන්නේ කියන එක ගැන.

ඉතින් ඔය ටික තමයි අලුතින්ම වෙන්නේ , තව ඉතින් ඔයිට අමතරව පොඩි පොඩි අප්සෙට් කතා/සීන් දෙක,තුනක්,හතරක්  (ගොඩක්)  උනා.ඒවත් ඉතින් හැකි පමණ ලියන්න ඕන.එහෙනම් මේ බ්ලොග් එකට අරක් ගත්තු ප්‍රේතයෝ,භූතයෝ අහක් කරලා දාන්න අවසරයි.

ප.ලි - පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තේ ඇවිත් කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි.ඒ හැමෝටම පුළුවන් විදියට ප්‍රතිචාර දක්වන්නම්.

Sunday, October 16, 2011

හයිය බටර්

අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.

මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් පිංකමක් කරනවා කියන එකත් ඉතින් ලේසියෙන් කරන්න බැහැනේ.පිරිත් මණ්ඩපයක් ගහන්න ඕන , එන අයට සංග්‍රහ කරන්න ඕන වැඩ කෝටියයි නේ.ඉතින් මේ පිරිත සංවිධානය කරන අයගෙන් කොටසක් ගියා ගෙවල් ගාව තියෙන පන්සලට.ගීහිල්ලා නායක හාමුදුරුවොන්ට වැදලා අදාළ කාරණාව කිව්වා.මේ නායක හාමුදුරුවෝ ටිකක් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමක්.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා එහෙමත් ටිකක් අඩුයි. දැන් අපේ අය අදාළ කළමනා ට්ක එහෙම අහන අතරේදී හාමුදුරුවන්ගේ ඇහුවා "....අවසරයි හාමුදුරුවනේ පිරිත් කියන අතරතුර සුළුවට වළදන්න මොනවද තියෙන්න ඕන ? ".

හාමුදුරුවොත් ටිකක් උගුර පාදලා එහෙම "..ඔය ගිලන්පස ටිකකට අමතරව හකුරු ,සුකිරි ,හයිය බටර් ටිකක් තිබ්බහම ඇති මහත්තයෝ.. "

ලිස්ට් එකේ තිබ්බ අනිත් දේවල් නම් එච්චර අවුලක් නැහැ ඒ උනාට අර " හයිය බටර් " කියන්නේ මොනාද ? විස්තර අහන්න ගිය අයට මේක සෑහෙන්න ප්‍රශ්නයක්.අහන්නේ නැතුවත් බැහැ.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා අඩු හින්දා ටිකක් හයියෙන් අහන්නත් ඕනේ.පස්සේ ඉතින් බැරිම තැන ගියපු කෙනෙක් "...තරහ අවසර හාමුදුරුවනේ ..මොනවාද මේ හයිය බටර් කියන්නේ ? ".

හාමුදුරුවො උත්තරේ විදියට "..ඇයි මහත්තයෝ අර පුංචි ත්‍රිකෝණ කෑලි ජාතියක් තියෙන්නේ , අර එළ හරකෙක්ගේ රූපයක් කාරිය එහෙම ඇදලා..රාත්‍රී ජාමේ පිරිත් කියන්න එන පුංචි නමවල් එහෙම ඔව්වාට ආසයි නොවෑ..ඒකයි මම හයිය බටර් කිව්වේ අනිත් ඒවාට අමතරව.. "

පස්සේ තමයි ඉතින් අපේ අයට හයිය බටර් මොනාද කියලා තේරුම් ගියේ.

[පින්තුරේ ගත්ත ගුගල් දෙයියගෙන් - http://www.tasty-life.com.cn/PIC/DIGI/201172053661909.jpg ]



Friday, October 7, 2011

ස්ටීව් ජොබ්ස් සහ අපි

ස්ටීව් ජොබ්ස් එහෙමත් නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෘ කාලයක් තිස්සේ තිබුන රෝගයක් නිසා පහුගිය 6 වෙනිදා අභාවප්‍රාප්ත උනා.ලෝක ප්‍රකට ඇපල් නිෂ්පාදන රැසක්ම ජොබ්ස් ගේ මනසේ ඇදුන දේවල්.iPhone,iPad වගේ දේවල් ඒ අතුරින් ප්‍රධානයි.තමන්ගේ ජීවිතය ගොඩක්ම පොඩියට පටන් අරගෙන ඊට පස්සේ ඇපල් වගේ ලෝකයේ වටිනාම සමාගමක් හදන්න තරම් හිතේ ධෛර්යමත් බවක් ජොබ්ස් ට තිබුනා.ස්ටීව් ජොබ්ස් සහ ඇපල් කියන්නේ එකිනෙක වෙන්කරන්න බැරි දේවල් දෙකක්.ඇපල් සමාගමෙන් ජොබ්ස් ඉවත් උන විටදී ඇපල් හි කොටස් මිළ පහල යාමෙන්ම ඒ බව පැහැදිලියි.

ස්ටිව් ජොබ්ස් කරන ලද දේශන , වර්තමාන ලෝකයේ පුද්ගලයෙක් විසින් කරන ලද සාර්ථකම දේශන කිහිපය අතරට අයත්.ඒ අතරින් 2005 දී තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ස්ටැෆඩ් විශ්ව විද්‍යාලයේදී කරන ලද දේශනය අනර්ගයි.


ලෝකය වෙනස් කරපු විශේෂ සිද්ධි 3කටම ඇපල් ගෙඩිය සම්බන්ධ වෙලා තියෙනවා.පළමුවැන්න තමයි ක්‍රිස්තු සාහිත්‍යය එන ආදම් -ඒවා සිද්ධියට සම්බන්ද ඇපල් ගෙඩිය, දෙවැන්න ගුරුත්වාකර්ෂන නියමය සෙවීමට මග පෙන්වූ අයිසෙක් නිව්ටන් ගේ හිස මත පතිත උන ඇපල් ගෙඩිය , තෙවැන්න ස්ටීව් ජොබ්ස් නිමවූ ලෝ-ප්‍රකට ඇපල් නිෂ්පාදන.

තවත් විශේෂ කරුණක් වෙන්නේ උපතින් අන්‍ය භක්තිකයෙක් උනත් ස්ටිව් ජොබ්ස් පස්සේ කාලයකදී බෞද්ධ දර්ශනය වටහා ගෙන බුදු දහමට එක් උන එක.ඒ නිසා බෞද්ධ අපි ලෝකයට වටිනා දේවල් දායාද කල ස්ටීව් ජොබ්ස් ට නිවන් සුව ලැබේවා ප්‍රර්ථනා කරමු.

ස්ටිව් ජොබ්ස් ගේ මරණය දැනගත්තු වෙලාවේ ඉදන් ලෝකයේ වගේම ලංකාවෙත් ෆේස්බුක් / ටීවිටර් ගිණුම වල ශෝක ප්‍රකාශ කරලා හැමෝම දුක් වෙලා තිබ්බා.ලංකාවේ අයත් ජොබ්ස් ගේ පින්තුරේ ප්‍රෝෆයිල් පික්චර් විදියට දාගෙන තිබ්බා.මීට දවස ගානකට කලින් ලංකාවේ හිටපු විශිෂ්ඨ නළුවෙක් උන ජෝ අබේවික්‍රම මියගිය වෙලාවේ අපේ අයට මෙහෙම දේවල් කරන්න හිතුනේ නැත්තේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. අවුරුදු 30 ක ත්‍රස්‌තවාදය ඉවර කරපු මැයි 19 වෙනිදට සිංහ කොඩියක් ෆේස්බුක් ප්‍රෝෆයිල් පික්චර් එක කරන්න "අකමැති" අපේම ලංකාවේ ෆේස් බුක් පාවීචිචි කරන අය ස්ටීවී ජොබ්ස් ගේ පින්තුරේ දාලා දුක් වෙන්නේ සමහර විට ලංකාවට වඩා ඇපල් අයි-ෆෝන් එක වටිනා නිසා වෙන්න ඇති.

Sunday, September 25, 2011

පොත් ප්‍රදර්ශනයෙදී පෙරලුන පොත්

සැප්තැම්බර් කියන්නේ පොත පත කියවන අයට වෙන්වුන මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍යය මාසය.ඊට අමතරව සැප්තැම්බර් කිව්වම මතක් වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.ලංකාවේ දැනට ඉන්න ලොකු කුඩා පොත් ප්‍රකාශන ආයතන වගේම පිටරට ඉන්න ප්‍රකාශන ආයතනත් බොහොමයක් මේ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා.ඕනම ජාතියේ පොතක් පතක් ලාභෙට ගන්න ඕනෙනම් යන්න කියාපු තැන.

බ්ලොග් ලියන කට්ටිය ( බුකියේ එකම පොස්ට් එකට වැඩිම කමෙන්ට්ස් එකතු කරමින් ලෝක වාර්තාවකුත් තියන ගමන්ම ) බුක් ෆෙයාර් යන්න සෙට් උනාට මොකෝ ඉතින් මට එදා එන්න බැරි උනා.ගියපු අය කරපු කියපුවා දකිනකොට ඉරිසියාවේ බැහැ අප්පා.මේ පාර ප්‍රදර්ශනය ඉවරවෙන දවසට කලින් දවසේ යාම්තම් පොත් බලන්න යන්න ලැබුනා.හප්පේ හිටපු සෙනග කන්දරාවක්.ඇතුලුවෙන තැනදීම ටිකට් එකක් අරගෙන ඇතුළුවෙන්න ඕන.( කට්ටියට මතක නම් මුල්ම කාලේ තිබ්බ බුක් ෆෙයාර් එකට මේ වගේ ටිකට් ගන්න ඕන උනේ නැහැ.සම්පුර්ණ නොමිලේ.මොකක්ද අරමුදලකටලුනේ ඔය සල්ලි එකතු කරන්නේ.ඒ නිසා කමක් නැහැ).

මේ පාරත් ඉතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නවීකරණය කරන නිසා ගිය පාර කාපු කට්ටම මදි නොකියන්න කන්න ලැබුනා.මාත් ඉතින් ඇතුළු වෙන තැන ඉදන්ම තෙරපි තෙරපි ඇතුළු උනා.මුළු හෝල් එකේම ඔළුගෙඩි ටිකක් විතරයි පේන්නේ.ටික දුරක් යන්න ලැබුනේ නැහැ , ඉස්කොලේ යාලුවෙක් හම්බුනා. පොරගේ (වෙන්ඩ) වයිෆ් එක්ක.ආගිය තොරතුරු එහෙම කතාකරලා මටත් ඉතින් නිකන් ඉන්න බැරි කමට ඇහුවා අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්නයක්,

මම - මොකෝ බන් මේ පැත්තේ? පොත් ගන්න ආවද ( නැතුව ඉතින් හාල් පොල් ගන්න පොත් ප්‍රදර්ශනේට එනවද බන් වගේ උත්තරයක්‌ බලාපොරොත්තු උනත් එහෙම එකක් ලැබුනේ නැහැ )
යාලුවා - ආ නෑ බන් මේ කෑල්ල එක්ක පොඩ් රවුමක් දාන්න ආවා
මම - ඉතින් බොලාට මේකට එන්න තිබ්බේ , වෙන යන්න තැන් නැද්ද බන් ?
යාලුවා - වෙන තැන් වගේද බන් , මේකට එනකොට ගෙදරින් බර බර නැහැ,අනික ඉතින් රවුමක් දාල දවල්ටම මෙතනින් කාලා බීලා යනවා

ඇයි යකඩෝ , මල් ප්‍රදර්ශනයක් වගේද පොත් ප්‍රදර්ශන කියන එව්වා.මෙච්චර කාලේකට මේ වගේ කතාවක් අහුවමද කොහෙද.කොහොමහරි මම මුන් දෙන්න එක්ක තව හිටියොත් මුන් දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකට මම ඇණයක් වෙන බව මට තේරුනා.ඒ හින්ද උන් දෙන්නට ඕන මගුලක් කරගන්න කියලා මම එතනින් මාරු උනා.ඊට පස්සේ ඔය වටා පිටාවේ ඇවිදලා කරලා කාලයක් තිස්සේ ගන්න ඕන කියලා හිතපු පොත් දෙක තුනකුත් අරගෙන එලියට එන්න හදනකොට මට ඉස්සරහින් යන කොල්ලෝ සෙට් එකක් වටාපිටාවේ යන ගෑනු ළමයින්ව බයිට් කර කර ඉන්නවා.උන් ටික ඉස්සර කරගෙන යන්න හදනකොට ඒ සෙට් එකේ කෙනෙක් අයියේ අයියේ කියලා කතා කරා , අප්පා අදුරන හාදයෙක් නේ බලන් යනකොට.

මම - ආ මල්ලි කොහොමද , පොත් ගන්න ආවද ? ( ෂික්..ආයිත් අර මෝඩ ප්‍රශ්නේ ඇහුවා )
මලයා - මොන පිස්සුද අයියේ , අද මේ ක්ලාසුත් කට් කරගෙන පොඩ් ෆන් එකක් ගන්න ආවා..
මම - නෑ..ඉතින් මොනාද කලේ
මලයා - දන්නේ නැද්ද ඉතින් ඔය කෙල්ලෙක් දෙන්නෙක් බයිට් කර කර පොත් දෙකතුනක් අල්ලලා කරලා ආවා..
මම - එල එල..මරු මරු..දැන් කොහෙද මේ යන්නේ
මලයා - දැන් මේ කොහෙන් හරි සයිවර් පාරක් දාන්න යනවා..කොහෙද මේකෙන් කන්න ආවේ,ගිනි ගනන් මේක ඇතුලේ කෑම ( ඔය කියන අතරෙත් මුන් ටික අහල පහලින් යන එන අය බයිට් කරනවා,කොල්ලෙක් එක්ක ගිය කෙල්ලෙක්ටත් මොනවද කියන්න ගිහින් යම්තම් ගුටි නොකා බේරුනා).තවදුරටත් මුන් එක්ක ඉන්න එක නුවණට හුරු නැති නිසා "යන්නම් මල්ලි" කියලා එතනින් මමතුමා මාරු උනා.

පොත් ප්‍රදර්ශනයෙන් එන ගමනුත් හිත හිත ආවේ ඇතුලෙදි වෙච්ච සිද්ධි දෙක. ඇත්තටම අපේ ඈයෝ මේ ප්‍රදර්ශනයට යන්නේ හරියට "විනෝද සවාරියකට" යනවා වගේ.පොතක් ගන්න තුන් හිතකවත් නැහැනේ මුන්ගේ.ප්‍රදර්ශනය බලන්න ලක්ෂයක් ආවනම් අඩුම ගානේ ඔයින් භාගෙට භාගයක් ඇවිත් තියෙන්නේ නිකන් කාලේ ගතකරන්න.ඒකෙන් වෙන්නේ ප්‍රදර්ශන භුමියේ අනවශය තදබදයක් හැදෙන එක විතරයි.අනේ මන්ද මට හිතුන විදියට ගොඩක් අය පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් ගන්න නෙවයි කාට කාට හරි පොත් පෙරලන්නද කොහෙද...මැදැයි ඉතින් පොත් ගන්න ගිහින් මටත් උන වැඩ.

ප.ලි - කියන්න අමතක උන දෙයක් තියෙනවා,ප්‍රදර්ශන භුමියේ තිබ්බ ස්වයංක්‍රීය තේ-මැෂින් එකනම් පට්ට.මොබිටෙල් කනෙක්ෂන් එකක් තිබ්බ නම් ට්‍රයි කරලා බලන්න තිබ්බා.දැනට ලංකාවේ ඒ වගේ ගැජට් එකක් මම දැකපු පලවෙනි පාර තමයි ඔය.

Thursday, September 22, 2011

පොලිටික්ස් + ඇඩ්වටයිසින්

කාලෙකට පස්සේ ආයිත් අපිට ජන්ද උණුසුම ඇවිත්.ජන්දයක් නැති කාලේ හරිම අමාරුවෙන් තමයි ගෙවෙන්නේ.ජන්ද නැති කාලෙට ටී.වී එකේ නිව්ස් බලන්නවත් හිතෙන්නේ නැහැ.හරියට නිකන් ටෙස්ට් මැච් එකක් වගේ.මෙලෝම රහක් නැහැ.ඒ වගේද ජන්ද තියෙන දවස් වලට, ඒ පැත්තෙන් මේ පැත්තට බනිනවා , මේ පැත්තෙන් ඒ පැත්තට බනිනවා බලන්නත් ආසයි.

ඇයි තාප්පවලට යන කලදසාව,බලන්න එපැයි ඔය ජිවිතේට දැකලා නැති ඈයෝ හිනා වෙලා ඉන්න ලස්සන.හරියට නිකන් අපිත් එක්කම හිනාවෙනවා වගේ නේ.අනිත් දවස්වලට මරණ දැන්වීමක් වත් අලවන්නේ නැති තාප්පේ මේ කාලෙට පෝස්ටර්ම වැහි වැහැලා. ඔය අලවන ඒ පෝස්ටර් වලත් අමුතු අමුතු දේවල් නේ ලියලා තියෙන්නේ.

 ***** මැතිදුන් අපිට දායාද කල හිතවතා 
අප්පොච්චියේ අපි දන්නා විදියට එතුමන්ට හිටියේ ළමයි දෙන්නයි නේ , එතකොට මේ හාදයා කවුද ? ඇරත් ඉතින් මේ වගේ දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හරිද මං අහන්නේ.නෝනා මහත්තයා දැක්කොත් මොනවා නොහිතයිද.

ඇත් රෑනේ - සිංහයා
තවත් මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ නේ.අනික ඉතින් ඇත්තු ගොඩේ කොහෙන්ද සිංහයෝ ?

මේක තිබුනේ ඔය අපේක්ෂකයෝ බෙදලා දෙන කොලේක , අර ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා බෙදන්නේ
....මම උසස් අධ්‍යාපනය ලැබුවේ රුපලාවන්‍ය සම්බන්ධයෙන් ඉන්දියානු විශ්ව විද්‍යාලයකිනි..
විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබුවා කියන එක නම් කියන්න ඕන හරි ඒක අපි පිළිගත්තා කියමුකෝ.ඒත් ඉතින් මහජන සේවය කරන්න එන කෙනෙක්ට රුපලාවන්‍ය උපාධියක්‌ මොකටද ?.එක අතකට ඉතින් මහජනයා ඉදිරියට වැරදිලා හරි යන දවසකට ලස්සනට යන්න ඕන නේ , ඒ හින්දාද දන්නෙත් නැහැ.

ජන්දේ ඉල්ලන තව කෙනෙක් බෝධි පුජා ගාථා තියෙන පොතක් පහුගිය පෝය දවසේදී අපේ පන්සලේදී බෙදලා දුන්නා.මුලින් කිව්වේ නම් තමන්ගේ නැති උන මව්පියන්ට පිං පමුණුවන්න තමයි මෙහෙම කරන්නේ කියලා ඒත් බැලින්නම් පොත ඇතුලේ ජන්දේ ඉල්ලන කෙනා දත් තිස් දෙකම පෙන්නගෙන හිනා වේගෙන ඉන්නවා.පිටුවෙන් පිටුවට තමන්ගේ ජන්ද අංකයත් මුද්‍රණය කරලා.

ඉතින් බලන්න මේ වගේ සත්ගුණවත් , ප්‍රතිපත්ති ගරුක අපේක්ෂකයන්ට නේ අපි ජන්දේ දෙන්නේ.ඉතින් අපේ රට දියුණු වෙන එක අහන්නත් දෙයක්ද.

ප.ලි - කව්ද බෝයි එකේ සින්දුව අපේ සිංහයා මතක් කරලා තිබ්බ කමෙන්ට් එකකින්,ඒක නිසා ඔන්න ඒකත් මෙතනටම දැම්ම.


Saturday, September 17, 2011

ඇල්බා

අපේ ගෘප් එකේ හිටියා බුවෙක් ඇල්බා කියලා.හරි නම නම් ඇල්බා නෙවෙයි ඒ උනාට කවුරුත් දන්නේ ඇල්බා කිව්වම තමයි.අපේ සෙට් එකෙන් හා හා පුරා කියලා ලැප් එකක් ගත්තේ ඇල්බා.ඔය ලැප් එක අරගෙන තනිකරම කරේ ස්කයිප් / බුකියේ චැට් කරපු එක තමා.චැට් කරෙත් ආයි එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි පිටරට ජිවිතේට අදුරන්නේවත් නැති ඈයොත් එක්ක.කොච්චරක් හොදට චැට් කිරීමේ හැකියාවක් ඇල්බට තිබ්බද කිව්වොත් , අර ජිවිතේට දැකලා නැති සුද්දෝ චැට් එක ඉවර කරන්නේ "බුදුසරණයි දෙවි පිහිටයි කියලා". කොහොමද ඉතින් වැඩ !! සිංහල භාෂාව , සිංහල සිරිත් විරිත් ජාත්‍යන්තරකරණය කිරීමේ පුරෝගාමියෙක්.

ඔයිට අමතරව ඉතින් පිටරට අයට ( සුද්දියන්ට විශේෂයින්ම ) තමන්ගේ දුක්ගැනවිලි එහෙම කියලා සල්ලි ගෙන්න ගන්න වැඩ එහෙමත් පොර කලා.එක පාරක් ඔහොම දුක මාකට් කරලා යුරෝ බරගානක් මිනිහට ලැබුනා.ඒ දවස්වල අපි කිය කියා හිටියේ ආධාර ගේන්න පිටරටවලට යන ඇමතිලා සෙට් එකක් එක්ක ඇල්බව යැව්වොත් පොරොන්දු වෙච්ච ප්‍රමාණයට වඩා ලොකු මුදලක් ඒ රටවල් වලින් ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා.ඒ තරමටම මාකටින් නියමයි.

ඇල්බා කියන්නේ ටියුබ් ලයිට්.ඉස්තරම් වර්ගයේම ට්යුබ් ලයිට් එකක්.පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඇල්බගෙන් කෝල් එකක් එනවා,

යාලුවා - ඇල්බා කියපන්
ඇල්බා - අඩෝ මේ මාර සීන් එකක් වෙලා තියෙන්නේ බන්
යාලුවා - ඇයි මොකෝ
ඇලබා - කම්පියුටරේට මොකක්ද වෙලා බන් , මම මේ සෑහෙන්න වෙලා හදන්න බැලුවා හදන්න බැ බන්
යාලුවා - ඒ මොකෝ
ඇල්බා - නෑ බන් මේ කම්පියුටරේ ස්ටාර්ට් බට්න් එකත් එක්ක තියෙන තීරුව එක පාරට අනිත් පැත්තට ගියා නේ බන් $#%&%#@
යාලුවා - හරි බන් ,මොනිටර් එක අනිත් පැත්ත ගහලා බලපන් බන් ඉවරයිනේ කේස් එක

බලනකොට ඉතින් වෙලා තියෙන්නේ ටාස්ක්-බාර් එක ඇල්බා අතින් අනිත් පැත්තට ගිහිල්ලා.යාලුවා කිව්ව එක මුලින්ම ඇල්බට තේරුම ගිහිල්ලා නැහැ, පස්සේ තේරුම් ගියාම ඉතින් යාලුවට හොද වචන වලින් සංග්‍රහයකුත් කරලා තියෙනවා.

ඇමෙරිකන් හමුදාව ලග තියෙන "ඇපාච්" කියන හෙළිකොප්ටරයට "අප්පච්චි" කියලා සිංහල නම දැම්මෙත් ඇල්බම තමයි.අපි කරපු හැම ප්‍රෝජේක්ට් එකක්ම වගේ ටෙස්ටින් පාර්ට් එක කලේ ඇල්බා."ඇල්බා ද ටෙස්ටර්" කියලා පොඩ් කාඩ් එකකුත් ඒ නිසාම පොරට වැටිලා තිබ්බා.ඇල්බා කරන ටෙස්ටින් වලට අපි කිව්වේ  "ඇල්බා ටෙස්ටින් " කියලා.  ( ඇල්ෆා ටෙස්ටින් වලට කිසිදු සම්බන්ධයක් නොමැත.)

කොහොමින් කොහොම හරි ඉතින් මේ වෙනකොට අපි අතරේ ඇල්බා නැහැ.අපි අතරේ නැහැ කිව්වේ මොනවත් වෙලා එහෙමෙ නෙවේ.ඇල්බා අවුරුදු දෙකක් ස්ලිට්‌ එකේ ඉදලා අයින් උනා.දැන් නම් පොර ඉන්නේ ආණ්ඩුවේ මයික් ටයිසන් ඇමති කෙනෙක් ගාව.කොහොමද ආයි සෙල්ලම් නැහැ .කොහොමත් ටයිසන් ඇමතිතුමා වගේ කෙනෙක්ට ඇල්බා වගේ අයව ගැලපෙනවා වගේ දෙයකුත් තියෙනවනේ ;)

ප.ලි - ගොඩක් දුරට ඇල්බා ඉස්සරහට ජන්දේ ඉල්ලයි.කොහොමද ඉතින් වැරදිලා හරි දේශපාලනයෙන් ඉදිරියට ආවොත්.මං අහන්නේ කාටද ආඩම්බර !!!

Sunday, September 11, 2011

අමා

මේක මේ ලගදි දවසක සිද්ද වෙච්ච කතාවක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ කාටවත් අපහාසයක් කිරීමේ හරි  අපහසුතාවයට ලක් කිරීමේ කිසිම චේතනාවක් නැති බව.හරි මෙන්න මේකයි උනේ.දවසක් මමයි තව මගේ යාලුවෙකුයි හවස් වරුවක පොඩ් කතාවක් දාගෙන හිටියා.ක්‍රිකට් මැච්වල වෙච්ච දේවල් , ජන්දේ ඉල්ලන එවුන් කරන ගොන් පාට් එහෙම කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව අපි කතාකරපු මාතෘකාව ලංකාවේ ටෙලි නාට්‍ය පැත්තටත් ගියා.නාට්‍යවලත් ඔය එක එක බයිලා කියව කියව ඉන්නකොට එක පාරටම අර යාලුවට කරන්ට් වැදීලා වගේ මගෙන් ඇහුවා ,

මේ උබට අමාව මීටර් ද ? "

මම : ඔව් බන් මොකෝ මන් නොදන්නේ , අර අපේ දහම් පාසල් ආපු එක නේද ?
බුවා :  ඒ අමා නෙවෙයි බන් , අර නාට්‍යයක් යන්නේ බන් අයි.ටී.එන් එකේ අන්න එකේ ඉන්න අමා ?

මම කොහොමත් ඔය නාට්‍ය සබ්ජෙක්ට් එකේ නැති නිසා ඔය නාට්‍ය ගැන අප්ඩේට් නැහැ , ඒ ඇරත් ඔය මෙගා නාට්‍ය කියන එව්වා නම් මට කොහොමටත් දිරවන්නේ නැහැ.

මම : මීටර් නැහැ බන් , මම ඔය නාට්‍ය බලන්න නෑ බන්
බුවා :  අඩෝ බලපන් , ඒක පට්ටයි බන්
මම : නාට්‍යය ද  ?
බුවා  : නෑ  බන් , ඉන්න කෙල්ල . අමාට ඉන්න කෙල්ල  !!! මාර සිරා ඒක
මම : එල මම බලන්නම් .. 

ඔය බලන්නම් කිව්වට ඔය නාට්‍ය බලන්න  මට බැරි උනා , පස්සේ දවසක අර යාලුවා හම්බුඋනාම ආයිත් ඔය කතාව ආවා . .

බුවා : අඩෝ මේ උබ අර නාට්‍ය බැලුවද ?
මම : නෑ බන් බලන්න බැරි උනා නේ , අමතක උනා
බුවා : අපෝ උබ නම් ,ඒක නෙවයි මේ මම අර ඒකේ පට්ටයි කියපු කෑල්ලේ පොඩ් අප්සෙට් එකක් තියෙනවනේ බන්
මම  : ඇයි ඒ කෙල්ල එකපාරට කලු වෙලාද ?
බුවා : නෑ බන් ඒකි දත් පෙන්නලා හිනා වෙන්නේ නැහැ නේ
මම : මොකා !!! උබ ඉන්න වෙලාවට හිනා වෙන්නේ නැතුව ඇති බන්
බුවා : නෑ බන් , මම හෙන මිටරෙන් බැලුවා , සිරාවටමයි කියන්නේ, ඒ කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

කතාවේ ඊලග කොටස උනේ මෙහෙමයි , අපේ යාලුවෝ කට්ටියක් ඉන්න තැනකදී ආයිත් ඔය "කට තදකරෙන හිනා වෙන " සීන් එක ආවා.ඇයි මෙහෙම ප්‍රධාන නිළිය කට තද කරගෙන හිනා වෙන්නේ කියලා ඇහුවම ආපු  උත්තර තමයි මේ..

පලවෙනි උත්තරය - සමහරවිට ඒකිගේ දත් පණුවෝ කාලා ඇති බන් , ඇරත් නිලියක් නේ බන් , ඉස්සරහා දත පණුවෝ කාල කියලා දැක්කම චාටර් නේ , ඒක නිසා කට තද කරගෙන ඉන්නවා ඇති !!.

දෙවැනි උත්තරය - ඩ්රෙක්ටර් බුවා කිව්වද දන්නේ නැහැ නේ දත් පෙන්නන්න එපා , දත් පෙන්නුවොත් පොරොන්දු වෙච්ච ගාන දෙන්නේ නැහැ කියලා..ඒ හින්දා දත් නොපෙන්නා හිනා වෙනවා ඇති.

තෙවන උත්තරය - ඔය නාට්‍යවලට එනකොට ගහන ගිවිසුමේ දත් පෙන්නලා හිනා වෙනවට ගානක් වෙන්කරලා නැතිව ඇති , එක නිසා දත් පෙන්නන්නේ නැතුව ඇති...ගිවිසුමේ තිබ්බ නම් ඔන්න අපිට ඒකිගේ දත් සෙට් එක බලාගන්න තිබ්බා.

හතරවෙනි උත්තරේ - කෙල්ලගේ ඒ හැටි වයසක් පේන්නෙත් නැහැ නේ, කව්ද දන්නේ ලගදි කිරි දත් වැටිලා තාම ඇවිල්ලා නැද්ද කියලා.

තව තව විවිදාකාර උත්තර ගොඩක් ලැබුනා.ඒ කිව්ව සමහර උත්තර නම් මෙතන ලියන්න බැහැ. ඔය කතා වලින් පස්සේ මාත් ඔය නාට්‍ය කොටසක් දෙකක් බැලුවා ,අපේ බුවා කියපු කතාව ඇත්ත තමයි .සිරාවටම කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන තමා.අනේ ඉතින් මටත් පෙනුන හැටිද මන්දා.

ප.ලි - මෙන්න මේ සින්දුව තියෙන්නෙත් ඔය කියපු නාට්‍යයේ , පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද කියලා බලන්නකෝ. හිනාවෙන එක කෙසේ වෙතත් මේ සින්දුව නම් සිරා.




Thursday, September 8, 2011

අපරාදේ බිලක් ගෙවා ගන්න තිබ්බ චාන්ස් එක

මේ සිද්දිය උනේ මම ස්ලිට් එකට ගියපු මුල්ම කාලේදී වගේ.ඔයා කාලෙදිම වගේ අදුරන කෙනෙක්ගේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා.ගෙදර කට්ටියත් එක්ක මටත් ඕකට යන්න සෙට් උනා.දන්න නොදන්න නෑදෑයෝයි අරගොල්ලොයි මේගොල්ලොයි හැමෝම ඕකට ඇවිත් ඉන්නවා දැන්.ඔය අතරේදී ටිකක් විතර දුරින් නැදෑ වෙන බුවෙක් මාත් එක්ක කතාවට සෙට් උනා.

බුවා : පුතා කොහමද ඉතින්  ?
මම : වරදක් නැහැ අන්කල් , ඔහේ ඉන්නවා
බුවා - කොහොමද ඉතින් ගෙදර කට්ටිය එහෙම සතුටින් ඉන්නවද ?
මම - ඔව් අන්කල් හොදින් ඉන්නවා
බුවා - අහන්නත් බැරි උනානේ , දැන් පුතා මොනවාද කරන්නේ ?
මම - මම අන්කල් ස්ලිට් නේ දැන්
බුවා - ආ ඇත්තද පුතා ..අහන්නත් සන්තෝසයි නේ

මොකා , මොන මගුලකට මම ස්ලිට් යනවා කිව්වම ඒක අහන්න සන්තෝෂ වෙන්නේ.අන්කල් ගේ වයර් වත් මාරු වෙලාද ?

මට ඔය වගේ අප්සට් දේවල් හිතෙන අතරේ ආයි පොර කතාවට සෙට් උනා.

බුවා - ඕකට පුතා ලේසියෙන් යන්න බැහැ , සෑහෙන කට්ටක් එහෙමත් කන්න වෙනවා..පුතාට එහෙම ඉස්සරහට හොද වෙයි

දැන්නම් මට හොදටම ෂුවර් වයර් ෂෝට් එකක් තමයි කියලා.මොකද ඉතින් ස්ලිට් ඒකෙ වැඩ කරගෙන යනඑක අමාරු උනත් ඉතින් ඇතුළු වෙන ඒක ඒ හැටි අමාරු නැහැ නේ.කොයිකටත් ඉතින් මම හිනා වෙලා හිටියා.මොනව අදහස් කරාද දන්නේ නැහැ නේ.ඔය අතරේ මිනිහාට වෙන වැඩක් සෙට් වෙලා ඒකට ගියා.වැඩේ ඉවරකරගෙන ආයි කදේට වැටුනා.

බුවා - දැන් පුතා කවද්ද ප'මනන්ට් කරන්නේ ? අවුරුද්දක්වත් ට්‍රේනින් ඉන්න ඕන නේ ?
හරි මගේ සැකේ ටක්කෙටම හරි,වයර් ෂෝට් වීමක්ම තමා.

මම - අන්කල් මම වර්ක් කරන් නැහැ තාම
බුවා - ආ පුතා දැන් කිව්වේ SLT කියලා
මම - නෑ නෑ අන්කල් මම මේ ස්ලිට් එකේ , අර මාලබේ එහෙම තියෙන්නේ
බුවා - ආ මම ඕවා ඉතින් දන්නේ නැහැ නේ සන් .. මම හිතුවේ SLT කියලා.එහෙනම් ඉතින් අපිට හදිස්සියකට බිලක්‌ වත් පුතාට කියලා ගෙවාගන්න පුළුවන් නේ $*%@$#%!!&

Saturday, September 3, 2011

ටැලන්ට් ෂෝ - තිරය පිටුපස

ඊයේ අපේ ටැලන්ට් ෂෝ එක ලෙසටම පැවැත්වුනි.එන්න හිටපු 600 න් භාගෙට පොඩ්ඩක් වැඩිවෙන්න වගේ තමන්ගේ සහභාගීත්වය සු ගා  සටහන් කර තිබුනහ.ආපු සියලු දෙනා මදි නොකියන්නම ෆුල්ම ෆුල් ආතල් එකක් ගත්ත අතර ආවේ නැතිව හිටපු එවුන් බුකියේ අප්ඩේට් වෙන ෆෝටෝ කෑලි දෙස බලා හුල්ලමින් සිට්ති.ටැලන්ට් හොයන්න ගිහින් සිද්ද වෙච්ච සීන් ටිකක් තමයි මේ.

නටන්න ඇදුම් හෙවිම
ටැලන්ට් හොයන්න ගිහින් මුලින්ම පරිප්පුව කෑවේ මමතුමා සමග SLIIT භූතයා එකේ මේන් කැරැක්ටර් බුවා ය.ඒ පුජා නැටුම නටන නැට්ට්ච්යන්ට ඇදුම් හොයන්න ගොසින්ය.අපරාදේ කියන්ට බැරිය මොර සුරන වැස්සේ පාරවල් වැරදි අප දෙදෙනා සෑහෙන දුරක් පයින් ගැටුහ.පසුව ඇදුම් ලැබුනත් හිස කුදිච්ච් නැතුව නටන්න බැරියයි නැට්ට්ච්ච්යෝ සෙට් එක ප්‍රකාශකල නිසා අප දෙදෙනාගේම ඉහ මොළ රත්විය.යම්තම් ඒ ප්‍රශ්නය දුරකථන ජිල්මාට් එකක් දමා විසදා දුනි.නැත්නම් සිදුවන්නේ මටයි අපේ භූත බුවාටයි පුජා නැටුම නටන්නටය.

ආරක්ෂාව
ටැලන්ට් හොයන මුළු උළෙලහිම ආරක්ෂා කටුයුතු භාරව කටුයුතු කලේ දන්න කියන අපේ බුවෙක් ය.ඒ වැඩෙය අකුරටම බුවා ඉටුකරන ලදී.කෙතරම් ලෙසට කරාද කියතොත් උළෙලට අනුග්‍රහය දැක්වූ අයගෙන්ද ටිකට් ඉල්ලන්ට ගොස් ඇත.

නිවේදන කටුයුතු
ටැලන්ට් එකේ කඩ්ඩ නිවේදන කරේ අපේ ටුටු ය.කිව්වේ මොනවාද කියලා කාටවත් නොතේරුන නිසාදෝ සැමදෙනාම පාහේ ඔහු කියන හැමදේටම අත්පුඩි තැලුහ.

කෑම බීම
කන බොන බුවෙක්ට කෑම අංශය දිය යුතු නිසාම කෑම-බීම අංශය මමතුමාට භාරදෙන ලදී.උදේ ආහාරය කිසිදු බකට් එකක් නැතුව ඇදීගියත් අපේ ජෝන්ටෙක් විසින් අමුත්තෙකුගේ ආහාර වෙනත් පුද්ගලයෙකුට මාරු කර යැවීම නිසා දවල් ආහාරවේල අබ්ලික් විය.අවසානයේදී මදි වු ආහාර ගෙන ඒමද මට සහ සිංහලෙන් ලව් කිරීම ජාත්‍යන්තරකරණය කරන බුවාට සෙට් විය.

නැටුම්
ටැලන්ට් එකේ සිරාම ඇඩ් එක දැම්මේ yAkA ය.කාටත් කාලෙකට අමතක නොවෙන සේ යකා රොබෝ කෙනෙක් විය.එය කෙතරම් සිත් ගත්තේද කිවහොත් DJ එකේදී හැමෝම නැටුවේ රොබෝ කෙනෙක් මෙන් රොබෝ ඩාන්ස්ය.අපේ සෙට් එකේ නැටුමට දෙවැනි තැන ලැබුනි.කොහොමත් අපේ සෙට් එකට "හොදට නටන්නට" හැකිය.
වල්පල් ලියන පිස්සු පුසාත් ( තමන්ගේ පුසීත් ඇතුළුව තව සෙට් එකක් සමග ) හොද නැටුමක් නැටුහ.එයත් ලෙසටම තිබින.

ඩාන්ස් පාට්නර්
අපේ සෙට් එකේ නටන්න පුළුවන් කෙනෙකුට DJ එකේදී නටන්න පාට්නර් කෙනෙක් නොමැතිව හරි කෙලියක් විය.අදාළ කෙනා දැන් දැන් නටන්න එයි යැයි සිතුවත් ඇය "ඔහු" හා නටන්න පැමිණියේම නැත.ඇයත් සමග නැටීමේ බලාපොරොත්තුව "ලත්-තැනම-ලොප්" විය

ස්තුති කතාව
වැඩේ අහවරක් වී ස්තුති කතාව කරේ සභාපති සොනික් ය.නොකා නොබී කරන ලද පුහුණුවීමකින් අමතරව අවුලක් නැතුව කතාව කරන ලදී.කවුද කට කැඩිච්ච එකෙක් "සොනික් නිකන් කවියක් කියනවා වගේනේ කතාව කරන්නේ" කිව්වට අමතරව කිසිම අප්සෙට් එකක් කතාවේ නොවිනි.සියලුම වැඩ අහවරවී සියලුම දෙනා සොනික්ට සුභ පැතු අතර , එසේ පැමිණි සියල්ලටම සොනික් සිපාචාර්ය දැක්වීමට ගොස් යාම්තමට නවත්වා ගන්නා ලදී.එසේ නොවුනි නම් තවත් ටැලන්ට් ෂෝ එකක් බලාගන්නට තිබ්ණ.

මඩ නම් එමටය.මේ ලියපු ටිකටත් මට ගුටි කන්නට වේවි දැයි නොදන්නා නිසා මෙයින් නවතිමි.අපේ සෙට් එකේ ඩාන්ස් එක පුහුණු  වු ආකාරය ගැන ලියන්න කියා විශේෂ ඉල්ලීමක් තිබුනත් එය වෙන දවසකට කල්දමන ලදී.

Tuesday, August 30, 2011

බ්ලොග් ලියන / කියවන අයට HTML

අද කියන්න හදන්නේ නම් කතාවක් එහෙම නෙවයි.ගොඩක් කට්ටිය දන්න ඒත් වැඩිය භාවිතා නොකරන දෙයක් කතාකරන්නයි මේ හදන්නේ.පොස්ට් ටයිටල් එකේ තියෙනවා වගේම කතාකරන්නේ බ්ලොග් ලියන / කියවන අපි හැමොටම අවශ්‍ය වෙන HTML ටැග්ස් ටිකක්.

දැන් ඉතින් කට්ටිය බලයි නේ , බ්ලොග් ලියන්න HTML ඕන නැහැනේ , අපිට නෝමල් Dashboard එකේ පොස්ට් එක ටයිප් කරාම වැඩේ අහවරයි නේ කියලා.සමහරවිට කට්ටිය නොදන්නවා වෙන්න පුලුවන් පොස්ට් එකක් ලියන තැනට අමතරම අපි බ්ලොග් එකක් කියවලා කමෙන්ට් කරන තැන තියෙනවා නේද , අන්න එතනත්  HTML සපෝට් කරනවා.

සරල උදාහරණයක් කිව්වොත් කාගේ හරි පොස්ට් එකකට අපි කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දානවානම් ගොඩක් අය කරන්නේ අදාළ ලින්ක් එක කොපි-පේස්ට් කරන එකනේ.එතකොට වෙන අවුල තමයි කමෙන්ට් එක කියවන කෙනාට අර ලින්ක් එක අමුතුවෙන්ම ආයි කොපි කරලා බලන්න ඕන වෙන එක.ඉතින් සාමාන්‍ය ලින්ක් එකක් වගේම අපිට ඔය වගේ කමෙන්ට්වල දාන ලින්ක්ස් දාන්න පුළුවන් නම් හැමෝටම පහසුයි නේද..

හරි මුලින්ම හැමෝම දන්නා කියන HTML ගැන කෙටියෙන් කියන්නම්.HTML ( Hyper Text Markup Language ) කියන්නේ ටැග්ස් මත පදනම් උන දෙයක්.සරලව ටැග් එකක් ආරම්භ කරොත් අනිවාර්යයෙන්ම එහි අවසානයක් තිබිය යුතුමයි ( එහෙම නොවන ටැග්ස් කිහිපයකුත් තියෙනවා, අපේ මාතෘකාවට එච්චර සම්බන්ද නැහැ ඒවා).

1.ලින්ක් එකක් දානකොට

<a> කියන ටැග් එකෙන් තමයි ලින්ක්ස් දෙන්නේ. මේ ටැග් එකේ අවසානය විය යුත්තේ</a> කියන ටැග් එක.මේ ටැග් එකේ තියෙන href කියන attriute එකට අපිට දෙන්න ඕන URL එක දෙන්න ඕන. අවශ්‍ය URL එක www.chammadreams.blogspot.com කියලා ගනිමු.එතකොට මේ ටැග් එක භාවිතා කරන්න ඕන මේ විදියටයි.

උදා :
<a href="www.chammadreams.blogspot.com"></a>

<a> ටැග් එක සහ </a> ටැග් දෙක අතරේදී අපිට අවශ්‍යනම් title එකක් දෙන්න පුළුවන්

උදා : <a href="http://www.chammadreams.blogspot.com/">මෙන්න මගේ බ්ලොග් එක</a>

තව href එකට අමතරව target කියල එකක් තියනවා , එකෙන් පුළුවන් ලින්ක් එක වෙනම ටැබ් එකක ඕපන් කරන්න.ඒකට කරන්න ඕන target="_blank" කියල ටයිප් කරන එකයි.

උදා : <a href="http://www.chammadreams.blogspot.com/" target="_blank">මෙන්න මගේ බ්ලොග් එක</a

2.බෝල්ඩ් / ඉටලික්

අපි කමෙන්ට් කරන දේ අපිට විශේෂ කරලා කරන්න පුළුවන් මෙන්න මේ ටැග්ස්වලින්.
බෝල්ඩ් කරන්නේ නම් <b> කියන ටැග් එකෙන්, ඒක අවසාන කරන්නේ </b> ටැග් එකෙන්.
ඉටලික් පටන් ගන්නේ <i> ඒක ඉවර වෙන්නේ </i>

උදා :
<b>බෝල්ඩ් කරන්න ඕන දේ</b>
<i>ඉටලික් කරන්න ඕන දේ</i>

ගොඩක් දුරට අපිට ඕනෑ කරෙන්නේ ඔය ටැග්ස් ටිකයි.මොකද ඔයිට අමතරව අවශ්‍යකරන දේවල් බ්ලොගර් එකෙන්ම අපිට සපයලා දෙන නිසා.මට අද විශේෂයෙන්ම කියන්න ඕන උන දෙයක් තමයි කමෙන්ට් කරනකොටත් මම කලින් කියලා දීපු ටැග්ස් පාවිච්ච් කරන්න පුළුවන්බව. කමෙන්ට්ස්වල ලින්ක්ස් දානකොට ඔය අවුල දැක්ක නිසා තමයි මේ පොස්ට් එක දාන්නත් හිතුවේ.මේ පොඩි සරල දේවල් ගොඩක් අය දන්නවා වෙන්න පුළුවන් , ඒත් දන්නේ නැති අයත් ඉන්නවා ඇති නේ.ඒ අය මේ දේවල් පොඩ්ඩක් අත්හදා බලන්නකෝ.

එහෙනම් දැන් HTML ඉවරයි.මිට පස්සේ බ්ලොග් කියවන කට්ටියට ඔන්‍න‍ තමන්ගේ කමෙන්ට් එක හැඩ වැඩ දාලම පබ්ලිශ් කරන්න පුළුවන්.

Sunday, August 28, 2011

M.C පවු

මේ කියන්න යන සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලේදී.ඒ කියන්නේ 2007 කාලේදී.ඉස්කෝලේ යන කාලේ එක එක ජාතියේ ආසාවල් එහෙම තියෙනවනේ.අපේ සෙට් එකේ හිටපු එවුන්ට තිබ්බ ආසාවක් තමයි ගෑනු ළමයින්ගේ ඉස්කෝලෙක තාප්පේ තමන්ගේ නම ලියන එක. කියන්නයන කතාවත් එහෙම ලියන්න ගිහින් වෙච්ච පොඩ් ඇබැද්දියක්

තාප්පෙක නමක් ලියන්න කොලඹ පැත්තේ තිබ්බේ හොද තැන් දෙක තුනයි. කොලඹ ඉස්කෝලේ ගිය කාගෙන් හරි ඇහුවොත් නම් ටාර් ගාලා කියයි.එකක් තමයි S.P.M එකේ තාප්පේ , අනිත් එක තමයි වීශාකා එකේ තාප්පේ. ඔය දෙකෙනුත් මම හිතන්නේ S.P.M එකේ තාප්පෙ තමයි ජනප්‍රියම එක. ඒ කාලේ ඔය ඉස්කෝලවල තියෙන විද්‍යා / වාණිජ දිනයක්  එහෙමත් නැත්නම් සංගීත ප්‍රසංගයක් එහෙම තියෙන දිනයක් නොවැරදීම ඔය S.P.M බිත්තියේ සටහන් කරනවා.අනිත් දේ තමයි ගොඩක් වෙලාවට තාප්පේ තීන්ත එහෙම ගානවා අඩුයි.මොකද ඉතින් තීන්ත ගාල ඉවරවෙලා ඊලග දවසේ බලනකොට ඉතින් ආයි පෙර තිබ්බ තත්වෙටම ඇවිත්.

හරි මේ වෙන වෙන ඒවා කියන්න ගිහින් ට්‍රැක් එක පැන්නනේ.මෙන්න මේකයි උනේ.ඉස්කොලේ බිග් මැච් තිබ්බ කාලේක රෑ වෙලා අපේ සෙට් එකක් යනවා ස්ප්‍රේ පාරක් දාන්න කියලා.අර මම කලින් කිව්වා ඉස්කෝලේටම තමයි යන්නේ.ඔය තාප්පේත් හෙන දිගයි.අපේ එවුනුත් එක එක තැන්වල ස්ප්‍රේ කරගෙන ඉන්නවා.2007 Rox , MC Rox ඔය වගේ ඒවා. ඔහොම ස්ප්‍රේ කර කර ඉන්නකොට.

සෙට් එකේ එකෙක් : " මේ බන් මෙච්චර පොඩියට ගහලා හරියන් නැහැ බන්..ගහමු ලොකුවට ඇඩ්රස් නැති වෙන්න , එතකොට හැමෝටම පේනවත් එක්කනේ  "
දෙවැන්නා : " හරි උබ පටන් ගනින්..කරන මගුලක් ඉක්මනට කරපන් කවුරුහරි දැක්කොත් චාටර්"

ඊට පස්සේ අර පලවෙනි එකා ලොකුවට M.C Power කියන එක ගහන්න පටන් ගත්තා. භාගයක් ගහගෙන යන කොටම ආවේ නැද්ද පොලිසියේ ජංගම මුර රථයක්.ඔය කාලේ කොටි කේස් එහෙමත් තිබ්බා.අපාරදේ කියන්න බෑ ඉතින් හිටපු පොලිස් අන්කල්ලා අපේ එවුන්ට ඉතාම කරුණාවෙන් කරන වැඩේ වටිනාකම කියලා දීලා තියෙනවා.පස්සේ අපේ ඉස්කෝලේ ගාවින් ගිහින් බස්සලත් තියෙනවා.

කට්ටියටම තරු පේන්න ගත්තේ පහුවෙනිදා ඉස්කෝලේ ආවාමයි.පොලිසිය ආපු කලබලේට ස්ප්‍රේ කරපු එකා හරියට ගහන එක ගහලා නැහැ.මිනිහා ස්ප්‍රේ කරලා තියෙන්නේ M.C Pow කියලා $#!~@$(@ !!!

වස නෝන්ඩියයි නේ.ඒ අස්සේ අදාළ ඉස්කෝලේ ළමයි හම්බඋනාම අහන්නෙත් ඔය සීන් එකමයි.තව ඒ දවස්වල ක්ලාස්වලදී එහෙම ඔය මොනවහරි කේස් එකක් ගිය ගමන් වෙන ඉස්කෝලවල උන් අහන්නේ " අඩෝ ඉතින් උබලගේ ඉස්කොලේ එවුන් පව් කියලා උබලගේ උන්ම කියනවනේ..තව මොනවාද බන් " කියලා. එකෙක් කරපු ගොන් වැඩක් නිසා අපේ එවුන් ඒ කාලේ අම්බානෙක බයිට්.

ප.ලි - අර ගහන්න ගියපු වචනේ අන්තිම අකුරු දෙක පස්සේ දවසක තව සෙට් එකක් ගිහින් ස්ප්‍රේ කරලා ඇවිත් තිබ්බා.

Thursday, August 25, 2011

මාත් ඉස්සර සිංහයෙක් තමයි

මේක මේ ළගදී අහන්න ලැබුණු පුංචි කතාවක්. කැලේ රජා වෙච්ච සිංහයාට ඔන්‍න‍ මගුලක් සෙට්වෙලා.කැලේ ඉන්න හැමෝටම එන්න කියලා ජයටම වෙඩින් එක ගන්න තමයි සිංහයාගේ ප්ලෑන් එක.කැලේ තමන් එක්ක දඩයමේ යන සෙට් එක , නෑදෑයෝ අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝටම ඔන්න දැන් ඉන්වයිට් කරලලු තියෙන්නේ. ආයි මොනාද ඉතින් රෝයල් වෙඩින් එකක් ගන්න තමයි සිංහයාත් හදන්නේ.

දැන් ඔන්න වෙඩින් එක දවසේ අලුත බැදපු සිංහයයි , සිංහ දෙනුවයි සුභ නැකතෙන් පිටත් වෙන මොහොතට කිට්ටු වෙනවා.මෙන්න මේ වෙලාගෙ කොහෙද හිටපු මී-තඩ්යෙක් එකපාරට හයියෙන් කෑගහලා කියනවලු
"අපේ සහෝදරයාට ජය වේවා !! කියලා ".මේ වෙලාවේ මී තඩියට ටිකක් වැඩිත් වෙලාලු හිටියේ.

මියා මේ කිව්ව කතාවට දෙවනි මනමාලයට හිටපු සිංහයෙක්ට හොදටම මල පැන්නා. ඇයි ඉතින් මේ මියාත් ඇගේ සයිස් එකටද කතාව. ඇරත් ඉතින් මෙච්චර පොඩි එකෙක් අර සද්දන්තයාට සහෝදරයා කිව්වම කාටද මල පනින්නේ නැත්තේ..

ඉතින් අර බෙස්ට්මන් සිංහයා මියාගෙන් ඇහුවලු "ඈ බොල ගොන් මියෝ , උබට කොහොමද අපේ අය්යට සහෝදරයා කියන්නනේ ? උබ කොහොමද අපේ ජාතියේ උනේ ? ".

මීයාත් ඉතින් ගත්කටටම වෙරි මරගාතේ කිව්වලු " ගොන් සිංහයෝ දැන් මම මෙහෙම හිටියට , බදින්න කලින් මාත් හිටියේ සිංහයෙක් වගේ තමයි !! " කියලා . . .

Monday, August 22, 2011

ශ්‍රී ලංකා රොක්ස්

අවංකවම කතාකලොත් අපේ රට නම් මාරම මාර සිරා රටකි.මේ රටේ වෙන දේවල් මේ ලෝකේ වෙන කිසිම රටම සිද්ද වෙන්නේ නැතුව ඇති. සින්දු කියන මන්ත්‍රීලට , ආණ්ඩුකාරවරුන්ට මන්ත්‍රී නළුවන්ට අමතරව අපේ රට තවත් අමුතු අමුතු,අප්සට් දේවල්වලින් පිරි ඉතිරි තිබේ.

මේ ඒ වගේ අප්සෙට් දේවල් ටිකක්. . . 

1.රේඩියෝ එකකින් සින්දුවක් ඉල්ලන කෙනෙක් සින්දුව ඉල්ලනවට අමතරව තමන්ගේ හත්මුතු පරම්පරාවෙම අයෙගේ නම් කියන්නේ ඇයි. ? 
මොකද ඒ කට්ටියත් ඒ වෙලාවේ සින්දුව අහන්න රේඩ්යෝ එක ළගට එනවද ?

2. බස්වලට යන්න වෙනම ලේන් එකක් පාරේ ඇදලා තියෙද්දී ඇයි බස් ඒ තීරුවේ යන්නේනැතුව පාරේ හැම තැනම යන්නේ ?

3.අපි කන බොන දේවල් පාරේ / පදික වේදිකාවේ කිසිම ආරක්ෂාවක් නැතිව විකුණනකොට , සෙරෙප්පු / සපත්තු වායු සමීකරණයකරපු කාමරවල තියාගෙන විකුණන්නේ ඇයි ?

4.දාන දාන හැම මැච් එහෙකදිම ලකුණු ලබාගන්න බැරි පිතිකරුවොන්ටම ,ඇයි තව දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නකොටත් තව තවත් අවස්ථාවන් ලබා දෙන්නේ ?

ඉතින් බලමුකෝ ඒ ටිකෙත් හැටි නේද....ඔන්න තව අප්සෙට් දේවල් තිබ්බොත් අටපට්ටමට කියන්න ඕනේ..

මේකේ තිබ්බ සමහර අප්සට් දේවල් මම මිට කලින් කෝපි කඩේ තිබ්බ මෙන්න මේ පොස්ට් එකේදිත් දැක්කා.


Thursday, August 18, 2011

SLIIT භූතයා

මේ දවස් ටිකේම ටී.වී එක බැලුවත් කියන්නෙම එක්කෝ ග්‍රීස් යකෙක් ගැන එහෙමත් නැත්නම් භූතයක් ගැන.අනේ මන්දා අපේ ලංකාවටත් මොනවායින් මොනවා වීගෙන එනවද කියලා.ඔය එක එක ජාතියේ භූත කේස් අස්සේ අපේ මෙට්‍රෝ ටවර් එකෙත් භූතයෙක් ඉන්නවා කියලා කතාවක් යනවා.

මේ ස්ලිට්‌ එකේ ඉන්න භූතයා නම් ටිකක් වෙනස්ම ජාතියේ භූතයෙක්, මේ භූතයා අරක්ගෙන ඉන්නේ අපි හැමෝම එදිනෙදා භාවිතා කරන ලිෆ්ට් සෙට් එකට. Ground Floor යන්න කියලා හිතාගෙන අදාළ බොත්තම ඔබලා ලිෆ්ට් එකේ යනකොට හිටපු ගමන් ඒ බොත්තම එබිලා තියෙන එක නතර වෙනවා වගේ වැඩ මේ භූත රාජයා කරනවලු.ඒ විතරක් නම් කමක් නැහැ. Basement එකට ලිෆ්ට් එක ගෙනත් ආයි ඉබේම වෙන Floor එකකට ලිෆ්ට් එක අරන් යනවා , වැඩේ කියන්නේ ඔය වෙලාවල්වලදී ලිෆ්ට් එකේ කිසිම බොත්තමක් වැඩ කරන්නෙත් නැහැ.අපේ අය දෙතුන් දෙනෙක්ටත් ඔය මම කිව්ව දේ වෙලා තියෙනවා.මුලදී වැඩිය ගනන් නොගෙන හිටියට හැම තිස්සෙම එකම විදියට මේ දේ වෙන නිසා දැන් දැන් කට්ටිය ලිෆ්ට් එකේ යන්නෙත් බයෙන් බයෙන්...හිකිස්‌.ඔය ජරමර සේරම අස්සේ ඉතින් හදිසි විදුලි බිදවැටීමක එහෙම වෙලා එකපාරට ලිෆ්ට් එක වැඩ කරන්නේ නැතිව ගියත් අර අහක ඉන්න භූත රාජයට සහ එතුමාගේ මව්-දෙමව්පියන්ටම තමයි බැණුම් අහන්න වෙන්නේ.

මේ ඊයේ පෙරේදා දවසක පිටකොටුව පැත්තේ කම්පැනියක ජොබක් කරන අපේ එකෙක් , තව කෙල්ලෝ ගොඩක් එක්ක ලිෆ්ට් එකේ හිරවෙලා තිබූනා.සිරාම සීන් එක කියන්නේ කෙල්ලෝ සෙට් එක නම් ලිෆ්ට් එක හිර උනාට බය වෙලා කෑගහලා නැහැ , කොල්ලා නම් අම්බානෙක බය වෙලා.බෙන්තර ගගෙන් එහා පැත්තේ බුවෙක් උනාට මොකෝ ඉතින් ලිෆ්ට් එකක් අස්සේ කෙල්ලෝ ගොඩක් එක්ක හිර උනාම කාට කියලා ඉතින් කියන්නද.

මේක කියවන ඔයාලත් මෙට්‍රෝ එකේ ලිෆ්ට් එකක් පාවිච්ච් කර කර ඉන්නකොට ලිෆ්ට් එකක් පිස්සු නටන්න පටන්ගන්න ගත්තොත් ආයි හිතන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ඒ භූතයා තමයි.

Sunday, August 7, 2011

ඔබාමා ජන්දේ දින්න හැටි

මේක ටිකක් විතර පරණ කතාවක්, අපේ එකෙක් මේ ළගදී මතක් කල නිසා තමයි ආයි මතක් උනේ.හැමෝම දන්නවනේ පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කලේ බරක්‌ ඔබාමා කියලා. ඒ වගේම මතක ඇතිනේ හිලරි ක්ලින්ටන් සහ ඔබාමා අතර තිබණු දැවැන්ත සටන.ඉතාමත් තියුණු තරගයක් නේ දෙන්නා අතරේම තිබ්බේ.ඔය ටික හැමෝම දන්නවා උනාට කවුරුත් දන්නේ නැති දේ තමයි ඔය ජන්දෙදි ලංකාවෙන් ගිය සෙට් එකක් තමයි  හිලරිගේ මැතිවරණ ප්‍රචාරණ වැඩ එහෙම බාරගෙන කරලා තියෙන්නේ. ඒකනේ මුල් කාලයේදී හිලරි පුදුම විදියට ප්‍රාන්ත එකින් එක  දිනාගෙන ආවේ.

ඉතින් හිලරි මේ විදියට දිනන කොට අනිත් පැත්තේ අය ඒ කියෙන්නේ ඔබාමාගේ කැම්පේන් එක කරපු අය බලනවලු මේ වැඩේ හරියන්නේ නැහැ , අපිත් කරන්න ඕන හොද ඇඩ්වර්ටයිසින් පාරක් කියලා ගැහුවා හොද පෝස්ටර් සෙට් එකක්. අර ජනප්‍රිය " වෙනසක් ඇතිකරමු- Change" පෝස්ටර් සෙට් එක ,තමා ඔහොම ප්ලෑන් කරලා ගැහුවේ.

ඇමෙරිකාවේ මිනිස්සුත් ඉතින් ඔය කියන තරම් මොලේ තියෙන උන් නෙවෙයි නේ ( නැත්නම් ඔය අහක ඉන්න රටවල් එක්ක යුද්ධ කරන්නේ නැහැ නේ ). එහෙ මිනිස්සුත් ඉතින් ඔය මලඉලව් "වෙනසක්" අපිට ඕනේ නැහැ කියලා හිටියා. මේ ඔබාමාගේ අළුත් පෝස්ටර් කැම්පෙන් එකට හිලරිලගේ සෙට් එකත් , ඒ කියන්නේ.අපේ අයත් ගැහුවා ප්‍රති-පෝස්ටරයක්,  හිලරි ලස්සනට හිනා වෙලා එහෙම ඉන්න පින්තුරයක් දාලා ඒ පෝස්ටරේ මෙන්න මෙහෙම එකක් තමා ලියලා තිබ්බේ , "බරක්‌ ඔබා-මා දිනවමු".

පෝස්ටරේ ප්‍රින්ට් කරන්න ගිහින් හිටියේ ලංකාවේ බුවෙක් ,  මිනිහට පොඩි මිස්ටේක් එකක් වෙලා පෝස්ටරේ පොඩ්ඩක් වැරදියට ප්‍රින්ට් වෙලා තියෙන්නේ. ප්‍රින්ට් වෙලා තියෙන්නේ "බරක්‌ ඔබාමා - දිනවමු" කියලා.ජන්දේ කිට්ටුව තමන් සපෝට් කරන තමන්ගේ අපේක්ෂකයා හිනා වෙලා තමන්ගේ විරුද්දවාදීයට ජන්දේ දෙන්න කිව්වාම ඉතින් මොන ජන්දදායකයද අහන්නේ නැතුව ඉන්නේ.ඔන්න ඔහොම තමයි මුල ඉදන් දිනාගෙන ආපු හිලරි ජන්දෙන් පැරදිලා ඔබාමා ජනාධිපති පුටුවට ආවේ.

ප.ලි - නැතුව ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා එහෙම නෙවයි.

ප.ප.ලි - දැන් ඉතින් ඇමරිකන්කාරයොන්ට සිංහල තේරෙන්නේ කොහොමද කියලා අහන්න එපා.

Thursday, August 4, 2011

I Love You



හැමදාම ලගට වී
තුරුළුව සෙනෙහසින්
නොකිව්වට ආදරෙයි මම
මැවෙන හැමවිට
රුසිරු ඔබේ රුව
සිතෙන් කියනෙමි
හෑම මොහොතකදීම
ආදරෙයි මා ආදරෙයි. . .
දුරින් සිටියත් අප
හදවතින් නම්
ඉන්නේ හැමවිට
අපි අතරමය . .


පින්තූරය  : http://images.free-extras.com/pics/i/i_love_you_so_much-1386.gif

Saturday, July 30, 2011

රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows

" අපගේ මිළග සුපිරි තරුව වන්නේ . . . .  "

මේ ටිකේම අහන්න දකින්න පුළුවන් සුපුරුදු වදනක් තමයි ඉතින් ඕක.ලංකාවෙත් ඉතින් පුදුම රියලටි ෂෝ තොගයක් නේ තියෙන්නේ.මොන නාලිකාව බැලුවත් අපරාදේ කියන්න බැහැ සති අන්තයට නම් රියලටි ෂෝ වරදින්නේ නැහැ.මගේ මතකයට අනුව නම් ලංකාවේ පටන් ගත්තු පලවෙනි රියලටි එක තමයි "සුපර් ස්ටාර්".ඒකාලේදී හිතාගන්න බැරි තරමටම ජනප්‍රියත්වයක් ඒ වැඩසටහන ලබා ගත්තා.රේටින්ග්ස් වලින් ගත්තත් ,වෙළද දැන්වීම් පැත්තෙන් ගත්තත් ලබා ගන්න පුළුවන් උපරිම ජනප්‍රියත්වය ඒ වැඩසටහන ලබා ගත්තා. තාමත් මතකයි ඒ තරගය යන කාලයේ ජන(අ)ප්‍රිය ගායකයෙක් ඉවත් උනා කියලා ගෑනු ළමයි එහෙම අඩපු හැටි. හිකිස්‌ . . ඔහොම පොඩියට පටන් ගනිපු රියලටි උන්මාදය අනිත් නාලිකාවලටත් බෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ ගොඩක් නාලිකා රියලටි කරන්න ගිහින් වැඩේ අනාගත්තා.

ලංකාවේ හැදුන ගොඩක්  රියලටි  වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol  කියන වැඩසටහන් වලින්. වෙන රටවල දී වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත්  යොදා ගත්තා.කොහොම උනත් ඔතනදි මම කියපු "අභාෂය" කියන දේත් පොඩ්ඩක් විතර කොන්දේසි වලට යටත් වෙනවා.මොකද කියනවනම් ඇමෙරිකාවේ පවත්වපු තරග වලදී භාවිතා කරපු දැවැන්ත වේදිකා , උසස් තාක්ෂණය, වෙනස් වෙනස් කැමරා කෝණ වගේ දේවල් මුල් කාලයේ තිබ්බ රියලටි ෂෝ වල තිබ්බේ නැහැ.මගේ අදහස තාමත් තාක්‍ෂණය සහ වේදිකාවන් කියන කාරණා ගත්තොත් දෙරණෙන් කරන රියලටි ෂෝ එක ඉදිරියෙන් ඉන්නවා.

කොහොමහරි ඔය තරගවල තියෙන පොදු ලකෂනයක්ද මන්දා ජයග්‍රහණය කරන කෙනා ට වඩා තරගය තුලදී ජනප්‍රිය නැත්නම් ඉස්මතු වන වෙන කෙනක් ඉන්නවා.American Idol ගත්තත් ලංකාවේ රියලටි  ගත්තත් ඔය දේ පොදුයි.උදාහරණත් ඕනනම් මම කියන්නම් අජිත් බන්ඩාර ට වඩා ශිහාන් මිහිරංග ජනප්‍රියයි , ප්‍රදීප් රංගනට වඩා සුරේන්ද ජනප්‍රිය යි ,උදේශ් ඉන්දුලට වඩා චින්තක මලිත් ජනප්‍රිය යි. American Idol ගත්තොත් Taylor Hicks ට වඩා Chirs Daughtry ද , Kris Allen ට වඩා Adam Lambert  ජනප්‍රියයි. දක්ෂතාවය සහ ජනප්‍රියත්වය එකිනෙකට වෙනස් කාරණා දෙකක් තමයි.හැබැයි මම  කියන්නේ උත්සාහ කරේ රියලටි වල පොදු ලක්ෂණයක්.

දැන් කට්ටිය බලනවා ඇති මම උදාහරණ ගන්නකොට ඇයි සිරස සහ දෙරණ විතරක්ම ගන්නේ කියලා.ඒකටත් හේතු තියෙනවා. මගේ පුද්ගලික අදහසක් තමයි ලංකාව වගේ රටක කරන රියලටි ෂෝ වල ගුණාත්මක බව ( සහ ජනප්‍රියත්වය ) මනින්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ අදාළ වැඩසටහන පවත්වන වාර ගනන නැත්නම් සීසන් ප්‍රමාණය.මොකද ඕනෑම නාලිකාවක් කැමති වෙන්නේ නැහැ අනුග්‍රාහකයන් නැතිව නිකන් බොරුවට වැඩසටහන් කරන්න.කප්පරක් රියලටි ලංකාවේ තිබ්බට යම්තම් සීසන් දෙකක් හරි ඊට වඩා පවත්වාගෙන යන්න පුළුවන් රියලටි කරමින් ඉන්නේ මම ඉස්සර කියපු නාලිකා දෙක විතරයි.අනිත් නාලිකාවලින් දක්ෂයන් බිහිනොවුනා නෙවෙයි, නමුත් යම් යම් හේතු මත ඔවුන්ගේ වැඩසටහන් අසාර්ථකයි.

තව හේතුවක් තමයි ඔය නාලිකා දෙකෙන්ම තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න "ගොන්-පාට්" දාන්නේ නැහැ.උදාහරණ ඉතින් කියන්න ඕනෑ නැහැනේ.

තවත් එකක් තියෙනවා , මේක නම් මගේ යාලුවෙක් ගේ අදහසක්.මම 100 % එකග නැහැ.හැබැයි වැරැද්දක් කියන්නත් බැහැ. එයා කියෙන්නේ තමන්ගේ වැඩසටහන ජනප්‍රියනම් බය නැතිව අවසාන මහා තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ තියන්න පුළුවන්කම තියෙන්න ඕනලු.ගොඩක් සෙනගක් දාන්න පුළුවන් දැනට තියෙන එකම තැන එහේ විතරනේ.ඒ තර්කෙට අනුව බැලුවත් සුගතදාස ක්‍රීඩාංගනය පිරෙන්න සෙනග ගෙනල්ලා රියලටි ෂෝ කරලා තියෙන්නෙත් මම කලින් කියපු නාලිකා දෙක විතරයි.

ඔය මොන නාලිකාවලින් හරි එක එක විදියට තරු හැදුවත් ඔය බබලන තරුවලින් ගොඩක් කට්ටිය උල්කාපාත වගේ බිමට කඩන් පාත් වෙනවා.ඒකටත් ඉතින් හේතු එමටයි.හැම ආධුනික ගායකයෙක්ම ගායනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය අයගේ ගීත.ඉතින් ඔය කට්ටියට SMS යවන්නේ එයාල ගීතය කියනවටත් වඩා මුල් ගීතයට/මුල් ගායකයාට තියෙන කැමැත්තට.ඉතින් කවදා හරි තමන්ගේම කියලා ගීතයක් ඉදිරිපත් කරාමත් මිනිස්සු හිතන්නේ " මෙයාට මේ වගේ සින්දු කියන්න බැහැ..මෙයාට අරයගේ සින්දු නම් ලස්සනට කියන්න පුලූවන්" වගේ දෙයක්. නම් නොකිව්වට දැන් ඔයාලගේ හිතට ඕනෑ තරම් උදාහරණ එනවනේ. ඔය දෙයින් මිදිලා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ජෝතිපාල ගේ සින්දු ලස්සනට කිව්වා කියලා ජෝතිපාල වෙන්නත් , රූකාන්තගේ සින්දු ඒ වගේ කිව්වා කියලා තවකෙනෙක්ට රූකාන්ත වෙන්නත් බැහැ.

මේ ඉදිරි කාලය ලංකාවට ගොඩක් තරු පායන්න ඉන්න කාලයක්නෙ.ඔය පායන්න ඉන්න තරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ උල්කාපාත නොවී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරු වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.හැබැයි එහෙම නොවුනා කියලා ඔය මොන නාලිකාවක්වත් තමන් කරන රියලැට් ෂෝ නවත්වන්නෙවත් , ප්‍රේක්ෂකයො ඕවා බලන ඒක නවත්වන්නෙවත් නැහැ.ඒකනම් සියයට දෙසීයක් විශ්වාසයි.

ප.ලි -ටෙම්ප්ලේට් එක ටිකක් වෙනස් කරා ඒක අවුලක් නැහැ කියලා හිතනවා.

Saturday, July 23, 2011

මට නම් සිත් හොරා ගන්න බැ - මම ඇස් දිහා බලන්නැ සුන්දරියන්ගේ

ඔන්න මීට ටික කාලෙකට ඉස්සෙල්ලා හිට්යා හොද ෆිට් යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්න කොච්චර  ෆිට්ද කියලා කියතොත් කන්නේ බොන්නේ , පාඩම් කරන්නේ , පන්ති එහෙම යන්නේ ඔක්කොම එකටමයි. දෙන්නාගේ ගෙවල් තිබ්බෙත් එක ළගමයි. ඒක නිසා මේ දෙන්නාගේ යාලුකම තවත් වැඩි දියුණු උනා.

කොහොමහරි ඉතින් උසස් පෙළ කරන කාලේදී නුගේගොඩ පැත්තේ තිබ්බ පන්තියකටත් මේ දෙන්නා සම්බන්ධ උනා.ඒ පන්තියට මේ යාලුවෝ දෙන්නට අමතරව තව යාලුවෝ සෙට් එකකුත් එකතු වෙලා හිටියා. මේ පන්තිය ප්‍රසිද්ධ රසායන විද්‍යා පන්තියක්. හැමදාම පන්තිය ඉවර වෙනකොට හවස දෙක තුන වෙනවා , පංති ඉවර වෙලා යන්නත් ඕන අර ගාට ගාට යන 183 බස් එකේ. ඉතින් මේ යාලුවෝ සෙට් එක කරන්නේ හැමදා පන්ති ඉවර වෙලත් තව පැය භාගයක් විතර බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. ඔය ඉන්න කොට ඉතින් අහල පහල ඉන්න ගෑනු ළමයි , පාසල් ඇරිලා යන ළමයින්ව එහෙම ලාවට වගේ බයිට් එකටත් ගන්නවා. ඔහොම ඉදලා 3 ට විතර එන හිස් 183 බස් එකක කට්ටියම නගිනවා.

ඔය වැඩේ ටික කාලයක් කරගෙන යනකොට දැන් මේ යාලුවෝ කට්ටියට තේරෙනවා තමන්ගේ සෙට් එක විතරක් නෙවේ මෙහෙම 3 විතර වෙනකන් ඉන්නේ වෙන සෙට් එකකුත් ඉන්නවා කියලා.බැලින්නම් ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්.සෙට් එකක් කිව්වට ඉන්නේ  කෙල්ලෝ දෙන්නෙක්. තව කාලයක් මේ වෙන වැඩේ ෆලෝ කරගෙන ඉන්නකොට කට්ටියට ක්ලික් වෙනවා මේ කෙල්ලෝ දෙන්නත් ඉන්නේ ගෙවල් ළග පාතමයි කියලා.

දැන් ඉතින් යාලුවෝ ටිකටත් නිකන් මැජික් වගේ නේ මේ වෙන වැඩේ. පස්සේ ඉතින් කට්ටිය කරේ වෙනදා 3 වෙනකන් ඉදලා හිස් බස් එකක යන එක වෙනුවට අර කෙල්ලෝ සෙට් එක එනකම් ඉදලා එයාලා එක්කම යන්න හිටපු එක.මේ වෙනකොට කෙල්ලෝ සෙට් එක නම් කොල්ලෝ සෙට් එක ගණන් ගත්තේ නැහැ ,කොල්ලෝ ගණන් ගත්තට :D .  දැන් ඉතින් පන්ති ඉවරවෙලා හැමදාම අර කෙල්ලෝ සෙට් එකත් එක්කම එකම බස් එකේ එයාලව බයිට් කර කර අපේ කට්ටිය යනවා.

ආ මට කියන්න අමතක උනා , අර කලින් කිව්ව හොද ෆිට් යාලුවෝ දෙන්නගෙන් එක්කෙනක් මේ කාලය වෙනකොට ප්‍රේම සම්බන්ධයක් තියා කෙල්ලෙක් එක්ක මුණට මුණ බලාගෙන කතා කරලවත් නැහැ.විශ්වාස කරන්න බැරි උනාට ඒක එහෙම තමා. අපේ කතාවේ ප්‍රධාන චරිතය නැත්නම් කතා නායකයත් එයාම තමයි.මිනිහාගේ හිතේ තිබ්බේ උසස් පෙළ කරලා කැම්පස් එකකට පනින එක. අනිත් යාලුවා නම් එහෙම නැහැ.මිනිහා සමජශීලීයි.ඔය එව්වා මෙව්වා දෙක තුනක් එහෙමත් තිබ්බා. කැම්පස් පනින හීනයට වඩා  මිනිහට තිබ්බේ කවදා හරි රට යන්න ඕන කියන හීනය.

අපේ කතා නායක යාලුවට බස් එකේ යන කෙල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක්ව සෙට් කරන්න අර අනිත් යාලුවට පොඩ් අයිඩියා එකකුත් එන්නේ මෙන්න මේ කාලෙදිම තමයි. ඔහොම අයිඩියා එකක් ආවම ඉතින් අනිත් අය බැහැලම සහයෝගය දෙනවනේ. අනිත් අයත් දැන් වැඩේට ෆුල් කැමතියි.දවසක්  අයිඩියා එක ආපු යාලුවා මෙහෙම අහනවා අපේ කතා නායකයාගෙන්...

 " මේ උබ අරකිට කැමතියි නේද "
 " කාටද බන් ? "
 " කාටද කියෙන්නේ බන් අර අපිත් එක්ක  බස් එකේ එකට යන්නේ බන්...අන්න ඒකිට.."
" මේ උබට පිස්සුද බන්..තව එක්සැම් එකට කොච්චර ටික කාලේද තියෙන්නේ..ඕව කර කර හිටියොත් එක්සැම් හබක් වෙනවා බන් "
" හරි හරි බන් උබ කැමතිද නැද්ද කියහන්කෝ..ඉතුරු ටික මම කරන්නම් ... "
" බෑ බෑ මට එපා බන්...උබ දන්නවනේ මම ඕවට නැහැ කියලා දැන්ම"
" උබ ඕන එකක් කරපන් මම එකිට කියනවා උබ කැමතියි කියල...... "

දැන් අර කතා නායක යාලුවා බලනවා මේ මොන දේවාලයක්ද මගේ ඔළුවට කඩන් වැටුනේ කියලා.කොහෙද ඉතින් යාලුවා උනත් මු කියන එක අහන එකක්ද. #$%(#@

දැන් ඔතන් පටන් බස් එකේ යනකොට බයිට් කරන එව්වා එහෙම කැරකෙන්නේ වෙන වෙන විදියට.වැඩේ මුලිකත්වය ගන්නේ කෙල්ල සෙට් කිරීමේ අයිඩියා එක ආපු යාලුවා. අනේ අසරණ යාලුවා ඉතින් හිනා වෙවී ඉන්නවා.වෙන මොනව කරන්නද ඉතින්.

කාලය ගෙවිලා ගෙවිලා පන්තියට එන අන්තිම දවසත් ආවා.දැන් අර කෙල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි ටිකක් විතර යාලුයි.දෙගොල්ලෝ කතා කරනවා ඒත් ඉතින් අපේ කතා නායක යාලුවා නම් තාමත් එක කෙල්ලෙක් එක්කවත් කතා කරලා නැහැ. පන්තිය අන්තිම වෙන දවසේ අර ෆිට් යාලුවෝ දෙන්නා අතරේ මෙන්න මේ වගේ කතාවක් යනවා

" මේ බන් අද දැන් ක්ලාස් ඉවරනේ...අද තමයි අන්තිම දවස..ඔන්න උබ ගිහින් අද අරකිගෙන් කෙලින්ම අහපන් කැමැතිද නැද්ද කියලා "
" උබට මෝල් ද  ? "
" මට මෝල් නැහැ බන්..එක්කෝ ඔව් නැත්නම් නැහැ..දෙකින් එකයි නේ."
" අනේ මට බැහැ බන්..අනික මට එහෙම එකී ගැන හිතිලා නැහැ..මම උබට කියලා තියෙනවනේ ඒක "
" මේ උබ ඕන එකක් කරගනින් මම අද උබේ මොබයිල් නම්බර් එක ඒකිට දෙනවා "
" මේ උබේ මොලේ නරක් වේගෙන එනවද..මගේ එක දෙන්නේ උබේ නම්බර් එක දීපං කෝ #^#$%@ "

කිව්වත් වගේ මේ යෝදයා නම්බර් එක කෙල්ලට දුන්නා.කෙල්ලත් ඉතින් මුකුත් නොකියා හිනා වෙවී නම්බර් එක ගත්තා. කට්ටිය හැමෝටම සතුටුයි...නම්බර් එක අයිති යාලුවට හැර.මිනිහා හිත හිත ඉන්නේ මොන මගුලක්ද මේ උනේ කියලා.

කොහොමින් හරි උසස් පෙළ විභාගෙට කලින් දවසේ අපේ කතා නායකයට කෙටි පණිවිඩයක් එනවා දන්නේ නැති නම්බර් එකකින්, විභාගෙට සුභ පතලා.කවුද කින්ද මන්ද කියලා පොඩ්ඩක් විපරම් කරනකොට දැනගන්න ලැබෙනවා අර නම්බර් එක ගත්තු ගැණු ළමයා තමයි මේ මැසේජ් එවන්නේ කියලා.මෙයත් ඉතින් මෙයාගේ හොදම යාලුවට මේ වැඩේ කිව්වා...

" ඒ මචං මේ අන්න අරකි මැසේජ් එකක් දාල තියෙනවා "
" කවුද බන් අරකි ??"
" අර ක්ලාස් ආවේ බන්..අර උබ හරකා වගේ නම්බර් එක දුන්නේ "
" නෑ...........පිස්සු හැදෙනවා.... ඉතින් උබ ඇහුවද කැමතිද කියලා "
" උබට පිස්සුද බන්.. #&%@#!^$@!  ...විභාගෙට විශ් කරලා තියෙන්නේ "
" අඩේ මරු මරු...ඒ කියෙන්නේ ඒකී උබට කැමතියි..හරි ගියාම අපිටත් කියපන් හරිද "
" මගුලක් කතා කරනවා "

උසස් පෙළත් ඉවර උනා කියමුකෝ.අපේ කතා නායකයයි අර කෙල්ලයි මේ කාලේ වෙනකොට කෙටි පණිවිඩ නිතරම හුවමාරු කර ගන්නව.කතා නායක යාළුවගේ හොදම යාලුවත් මේ අස්සේ නිතර නිතරම අහනව තාම කෙල්ලගෙන් කැමතිද කියලා ඇහුවේ නැද්ද කියලත්. ඔන්න ඔහොම කාලය කෙමෙන් කෙමෙන් ගලාගෙන යනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ අර හොදම යාලුවාගේ බලාපොරොත්තුවක් තිබ්බ කියලා රට යන්න. ඉතින් ඒ නිසා එයා ඒ අරමුණ ඉටු කරගන්න කොලඹ තිබ්බ අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙනවා. ලංකාවේ ටික කාලයක් ඉගෙන ගෙන ඉතුරු ටික පිටරට ගිහින් කරන්න පුලුවන් පාඨමාලාවක් එයා පටන් ගන්නවා. අර කෙල්ලත් ඒ ආයතනයනට යන්න තීරණය කරනව ඔන්‍න‍ ඔය කාලෙදිම.

තව ටික කාලෙකට පස්සේ අපේ කතා නායක මිත්‍රයට ආරංචි වෙනවා එයාගේ හොදම යාලුවා අර කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා. හොදම යාලුවා නම් ඒ බවක් කියලා නැහැ , වෙන යාලුවෙක් තමයි කියලා තියෙන්නේ , තාමත් හිතා ගන්න බැහැ ඇයි එහෙම කරේ කියලා. කොහොමින් හරි ඔය දේවල් වලින් පස්සේ මේ හොදම යාලුවෝ දෙන්නා අතරේ තිබ්බ හොද ෆිට් එක නම් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා ගිහින්.හැබැයි ඉතින් කතා නායකයා නම් එයාගේ හොදම යාලුවත් එක්ක කිසිම තරහක් තියා ගත්තේ නැහැ.එයාට හදවතින්ම සුභ පැතුවා.

ප.ලි - මේක සිරාවටම වෙච්ච කතාවක්. කතා නායකයාට නම් රටේ (අ)වාසනාවට මන්ද කැම්පස් යන්න ලැබුනේ නැහැ.මිනිහා නම් තාම ලංකවේ ඉන්නවා.හොදම යාළුවයි අර කෙල්ලයි දෙන්නා ලංකාවෙන් ඈත දුරු රටක තම තමන්ගේ ඉතුරු අධ්‍යාපනය කටුයුතු කරගෙන ඉන්නවා.

ප.ප.ලි - මේ පොස්ට් එක ටිකක් දිග වැඩි උනා.ලියපු දිගම පොස්ට් එකද මන්දා. . .

Wednesday, July 20, 2011

සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපට වැනිය

මෑතකදී ආපු ඉංග්‍රීසි චිත්‍රපටි වල නම් එහෙම සම්බන්ධ කරලා පොඩ් කොමිටල් ටයිප් එකේ පණිවිඩයක් මේ දවස් වල හුවමාරු වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ එකේ ඔරිජිනල්ම වර්ෂන් එකේ නෙවෙයි ,පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එකක්.

සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න.

"  සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "

සරසවිය - The Jurasic Park 
භාරකරුවන්( ඩීන් ) - King Kong
උප ප්‍රදානින් - Hulk
ලෙක්චර්ස් ලා- Alians
ලැබ්ස් - Planet of the Apes
බැච් එකේ ඉන්න කොල්ලෝ - Desperators
බැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
විෂය නිර්දේශය - Deep Blue Sea
විභාග - The Mission Impossible
පරීක්ෂකවරු - Terminator
උපාධි  ප්‍රතිපල -2012



Monday, July 18, 2011

අපි හැමදාමත් තරු වෙමු අහසේ

මේක මට අහම්බෙන් වගේ අහන්න ලැබුණු සින්දුවක්.මේ දවස් වල ඇහෙන පද මාලාවන් විකාර වෙච්ච් , තේරුම එහෙම අප්සෙට් සින්දු අතරේ මේ සින්දුව අහපු පලවෙනි වතාවෙම හිතට අල්ලලා ගියා.සින්දුවේ පද ගලපලා තියෙන විදිය නම් හරිම ලස්සනයි.

සිහිනයට කලින් - සිත් අහස මැදින් සුවසේ
පිවිතුරු හිතකින් - අත්වැල් අල්ලන් රෑනේ
හෙට අද වාගේ - හිරු පායද්දෙන් මිතුරේ 
සදු එනවනම් - අපි හැමදාමත් තරු වෙමු අහසේ


මං රහසක් කිවුවා - සියොතුන් හොරෙන්ම ඇහුවා
කහ මල් පෙත්තක් මත ලිවුවා -රතු සමනලයින් කවි කිව්වා
හෙට පාන්දරම පිනි වැටී තියේ - පිණි මාල ගොතමු හිරු කෙදිත්තියෙන්
මල් පොකුරින් සුවදින් පිරුණු දැයේ - සමසුන් මිනිසුන් වෙමු තුරුණු වියේ


සෙත් කවියක් ලියුවා - මව් බිම රැක දෙන්නට කිව්වා
සුදු වළාකුලක් අත යැවුවා - දෙව්ලොව කවියන් කවි කිව්වා
අද පැහැසර නුවණැස පිපීතියේ - මුතු අහුරක් රන් මත ඈලි ගියේ
සද සිත් සෙනෙහින්මයි පිරි ගියේ -විශ්වය විල් තෙර තරු රටා තියේ


සිත් මල් නොතලා පෙති නොපෙලා - තහන්ච් පවුරෙන් ලොව දිනනා
සරතැස සුළගට විසිකරලා - ඉසිවර නෙත්කමින් සැරසිලා
අත්වැල නොසිදා මතු කිසිදා - හිරි මල් මිතු හැගුමින් ඉදිලා
කදුළට සුසුමට වැට බැදිලා - යූද ගිනි නැති මව් බිම වැදලා



ඔය යු -ටියුබ් විඩ්යෝ එක නම් මේ සින්දුව ඉසිපතන විද්යාලයේ තිබ්බ ප්‍රසංගයකදී කියන එකක්.ඔරිජිනල් සින්දුවේ අයිති අයත් මෙතන ඉන්නවද කියලා නම් දන්නේ නැහැ. මේ සින්දුවට සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ පසන් ලියනගේ , සින්දුව ලියලා තියෙන්නේ ගිහාන් චාමික කියන දෙන්නා. මේ සින්දුවම තමයි දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එකේ දෙවැනි අදියරේ කට්ටියත් අවසන් තරගයේදී කියලා තියෙන්නේ.

Monday, July 11, 2011

ගන්නවනම් මෙන්න පොත්

මේ දවස් ටිකේම පොස්ට් එකක් ලියන්න බැරි උනා.අන්තිම සෙමෙස්ටර් ඒක හින්ද ප්‍රෝජේක්ට්ද , ප්‍රසන්ටේෂන් ද වැඩ කෝටියයි.මට බ්ලොග් එකට වැඩිය ලියන්න බැරි උනාට අනිත් අය ලියපුවා නම් කියෙව්වා,පුළුවන් විදියට කමෙන්ට් කරා.අදත් මේ කියන්න හදන්නේ බුකියෙන්ම සෙට් උන කතාවක්.

අපේ අය IT කරාට මොකද හොදට පොත් පත් එහම ලියන්න කියන්න පුළුවන්(ලු).ඒක හින්දා පලවෙනි ,දෙවෙනි වසරවල ඉන්න අපේ පොඩ් අයට කරන උපකාරයක් විදියට පොත් සීරිස් එකක් ලියන්න පටන් අරගෙන.මේ පොත් සීරිස් ඒක ප්‍රදාන වශයෙන්
කැටගරි 3 තියෙනවා

1. IT සම්බන්ධ පොත්
2. Communication Skills - සන්නිවේදන කුසලාතා සදහා වෙන්වූ පොත්
3.ආදරය සම්බන්ධ පොත්

IT පොත් වලින් ටිකක් නම් කලොත්
   1.How to do MCTS in 12 hours
   2.Write a Report in 2 hours
   3.How to do Litreature Survey in 5 hours
   4.How to write  Progress Reports without having a Progress

සන්නිවේදන කුසලතා වර්ධනයට හදපු ඒවාට තියෙන පොත්
   1.How to do presentation without practicing it
   2.How to Cheat Your Instructor in presentation

ආදරය සම්බන්ධ පොත්
   1.සිංහලෙන් ආදරය කිරීම I ( මේක නම් ලියන්නේ අපේ නම්බුවා , ආරංචි විදියට කොටස් දෙක තුනක්ම එන ලකුණු තියනවා )

තව මීට අමතරව " වින්ඩෝස් හයිබ්‍රිඩ් " ගැන ලියවෙන පොත් සීරිස් එකකුත් එනවා.එකේ සියලුම සංස්කරණ කටුයුතු කරන්නේ අපේ සොනික් තුමා විසින්.මේ පොතේ නම් බිල්ගේට්ස් හොයාගත්ත වින්ඩෝස් වලටත් වඩා අලුත් දේවල් ඇතුලත් බවයි කියවෙන්නේ.

මේ පොත් භාවිත කිරීමට කිසිදු මුලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.ඕන කරන එකම දේ තමයි හොදින් හුස්ම වැටෙන එක.
Communication Skills පොත් සෙට් එකටනම් අත පය හොලාවන්න පුලුවන් නම් හොදටම ප්‍රමාණවත් කියලයි කට්ටිය කියන්නේ.

Tuesday, July 5, 2011

සිහිනය සිහිනයක්ම විය

මේක ඉක්මනටම දාන බොහොම පොඩ් පොස්ට් එකක්.අද උන දෙයක් හින්දා මගේ හිතේ ගොඩක් කල් ඉදලා තිබුණ හීනයක් බිද වැටෙනවා.ගොඩක් කල් ඉදලා සැලසුම් කරලා ඒ හිතපු දේ ඒ විදියට උනේ නැති උනාම කොච්චර දුකක් දැනෙනවද....

ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ඒ හීනේ බිදවැටෙන්න හේතුව උනේ වෙන කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ධ උනාමයි.හ්ම්ම්ම්..

කෙටියෙන් සරලව කියනවනම් ඉතින් ගිය පාර කරපු ප්‍රෝජෙක්ට් එකක ප්‍රතිපල අද ආවා.හීනෙන් වත් හිතපු නැති එකක් උනේ.අන්තිම අවුරුද්දේ එක සබ්ජෙක්ට් එකකට හරි Grade එක අඩු වෙනවා කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.මුළු අවුරුදු 3 ම කරපුවා ඉවරයි.

මගේ පුද්ගලික අදහස නම් viva එක හොදට evaluate කරේ නැහැ කියන එකයි.කොටින්ම ඉතින් evaluate කරන කෙනා ලියපු code නොබලනවනම් මොනවා කරන්නද.කොහොමින් හරි ඉතින් එකේ පාඩුවක් උනේ අපිටම තමා ...

මට උන දේ උන අය නම් ගොඩක් ඇති, හැම ආයතනයකම ඔය දේ අඩු වැඩියෙන් තියෙනවා ඇති.අනේ මන්ද ඉතින්...ඔය වෙන වෙන පරිබාහිර කාරණාවලට ලකුණු දෙන එක නම් කොහොමත් අනුමත කරන්න බැහැ.කෙල්ලෝ වැඩියෙන් ඉන්න ගෘප් වලට එහෙමත් නැත්නම් දැන ඇදුනුම්කම් වලට වගේ..

එක අතකට ඉතින් උන දේ උනා.තවත් ජීවිතයට අත්දැකීමක් එකතු උනා. ! ! ! ! !
දුකක් නැහැ කියන්න බැහැ..හීන කියන දේවල් බිදවැටෙන කොට දුක වැඩියි......

     Thanks For Ruining My Hopes and Dreams !!! 

Sunday, July 3, 2011

මදුරුවෙක් කතාකරයි



මම මදුරුවෙක් වෙමි.සමහරු මට ඩිංගි කියාද කියති.කොයික කිව්වත් මට නම් කමක් නැත.මන්ද ඔය කොයික කියන එකාවත් මාව හප කරනකොට මම කවුදැයි නොබලන නිසාය.මට උත්පත්තියෙන්ම ඉතාම ලස්සන දළ දෙකක් අපේ මව්-දෙමව්පියගෙන් ලැබිණි.නැතුව ඕන් වෙන කාගෙන් ලැබෙන්නද.ඔවුන්ට පින්සිද්ද වෙන්නට යාන්තන් වැටෙන්නැතිව පියාඹන්නට හැකිය.

සිරි ලංකාව මගේ උපන් දේශය නොවුවත් දැන් නම් එය මගේ උපන් දේශය වගේමය.මක්නිසාද මෙහි ඉන්න බුවාලා සහ බුවීලා මට ඉන්න හිටින්න නිවාස ඇතිකිරීමට මාසික ක්‍රමයට කොන්ත්‍රාත් ගෙන ඇති නිසාය.ඔවුන් තරගයට මෙන් මට නිවස තනා දෙන අතර ඒවා කඩා දමන්නට හදන්නේ දඩ කොලයක් ලැබුනොත් පමණි.එම නිසා මා බැලීමට මුදල් ගෙවා සත්තු වත්තට නොයා යුතු අතර මා ඔබ සියළු දෙනා බැලීමට පුද්ගලිකවම පැමිණේ.මුදල් නොගෙවා බැලිය හැකි එකම සතාද මා විය හැක.

මගේ ප්‍රියතම කෑම සහ බීම ලේ ය.මම ලේ බීමට රුසියෙකි වෙමි.නමුත් මම ඩ්රැකුයාලට නෑ හිමිකමක් නොදක්වන අතරම  අර වැම්පයර්ද මොක්කුන්ටද කිසිදු සම්බන්දයක් නොදක්වමි.දැන් දැන් මට හිතිලා තියෙන දේවල හැටියට "ඩෙංගුලයිට්" කියා ෆිල්ම් කටුවක් ගහන්නටද හිතේ.එවිට ඔය ඇති පදමට වැම්පයර්ලට ආලේ කොරන අයට ඉකි ගසමින් එය නරඹන්නට හැක.මෙහෙම හිටියට අපිත් හොද ඇග පත තියෙන කොලු මදුරුවෝය.

තවද මෙම රටේ සින්දු කියන එක්කෙනකු අපේ වරිගෙ එවුන්ට මල් පැණි බොන්නට ඉගැන්වීමට වරෙක උත්සාහ කළේය.එව්වා කොහෙද අපේ එවුන් එක්ක.අපිට මල් පැණි බීම ඉගැන්වීම කෙසේ වෙතත් අදාළ අය වෙන වෙන පැණි වර්ග නම් බොන්නට ඇති බව අපගේ අදහසයි. අපේ වරිගෙ විනාශ කරන්න එන අයට අපි දැඩි ප්‍රහාර එල්ල නොකර මිස පසු නොබසියි.එය අපගේ මදුරු ශක්තියයි.

මේ ලගදි දවසක අපිට ඩ්.ඩ්.ට් ද මොනවාද ගහන්නට කට්ටියක් උත්සාහ කළේය.නමුත් ඉතින් මේ රටේ දී සාමාන්‍යයෙන් වැඩක් ලේසියෙන් කොරන්නට බැරිය.මැටි-ඇමැටිලගේ කඹ ඇදීමට පින් සිදු වන්නට ඒ කරදරෙන්ද අපි බේරුනි.අපිත් මැටි-ඇමැටිවරුත් දෙගොල්ලන්ම ගොඩ ගියහ.

අපගේ මදුරු මිතුරෝ විවධ ක්‍රීඩා කරන අතර ක්‍රිකට් ඉන් විශේෂයි.පන්දු යැවීමට උපන් හපන් කමක් දක්වන අපේ අය යවන දහර පන්දු වලට කියන්නේ "මදුරු දගර" කියාය.

මේ රටේ අපේ නමෙන් අලුත් වාහනයක්ද ඇත.ටිකක් විපරම් කොට බැලු විට එය බයිසිකලයකි.මොන අටමගුලකට එයට මදුරුවා කියනවාදැයි මම නොදනිමි.පළමු කොට එයට පියාපත් වැනි දෑ ඇතැයි මා සිතුවත් එයට ඇති පියාපතක් නැත.කෙසේ වුවත් එහි යන්නවුන් නම් උන්ට පියාපත් ඇතැයි සිතා එහි යන බව නම් මට හැගේ.

මම සාමාන්‍යයෙන් ශබ්ද වලට බිය ඇත්තෙක් වෙමි.විශේෂයෙන්ම චටස් යන ශබ්දය සමග එන පහරට මම බිය වෙමි.මන්ද ඒ පහර බොහෝවිට භයානක නිසාය.තව කිමට ඇති මදුරු කතා බොහෝය, නමුත් වෙලාව හරස් වී ඇත. එම නිසා අදට මදුරු කතා එපමණය.වැඩි වෙලාවක් සිටියොත් මේ කොටන යතුරු පුවරුව අයිති බුවාගේ පහරකට මා ගොදුරු විය හැක.

සැ.යු - මෙහි සදහන් සියළු කරුණු මගේ මදුරු සිතේ ඇතිවු මදුරු අදහස් පමණක්ම බව සලකන්න.

Saturday, July 2, 2011

ජිවිත කවිය


ජීවිතය යනු 
විටකදී මිරිගුවක් මෙන් නොපෙනෙන..
ගංගාවක් මෙන් සැඩ මවන..
ප්‍රේහෙලිකාවක් මෙන් ප්‍රශ්නයක්
වන්නාවූ දෙයකි...
ජිවිත මිරිගුව 
පසුපස  යන්නා

මොහොතෙන් වෙහෙසට පත් ව

පැතු දේ නොලැබුන කල හඩා වැලපේ....

ජීවිත ප්‍රේහෙලිකාව

විටක සතුට ගෙන දෙන අතරම
විටක කදුළු ගංගාවද මවයි....


මේක මම ලියපු එකක් නම් නෙවෙයි.මගේ හොදම යාලුවෙක් ලියපු එකක්.හොදයි කියලා හිතුන නිසා මම දැම්මා.මේක දැම්මට පස්සේ කොපි රයිට්ස් එහෙම ඉල්ලයිද දන්නේ නැහැ.

Tuesday, June 28, 2011

අපේ කට්ටියගේ අලුත් ගැජමැටික් එක

අපේ මෙට්‍රෝ එකේ සෙට් එකට දැන් අලුත් ගැජමැටික් එකක් සෙට්වෙලා ඇත.අලුත් කිව්වට ඉතින් බ්ලොග් ලියන අයට නම් මෙය අලුත් නැත. ගැජමැටික් එක නම් සිංහලෙන් අප්සෙට් එකක් නැතිව ටයිප් කිරීමයි.ගුගල් දෙය්යාට පින් සිදු වෙන්න අපේ කට්ටිය හිටු කියා ගැජට් එක ඩවුන්ලෝඩ් කොරගෙන ඇත.

සාමන්‍යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ). මේ නව ගැජට් එකට කොතරම් ඇබ්බැහි ව් ඇද්දැයි කියතොත් දැන් අපේ අය බුකියේ ස්ටේටස් අප්ඩේට් කරන්නෙත් සිංහලෙනි.

මේ එවැනි එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවා දෙක තුනක්.සිරා වැඩේ කියන්නේ ඉතින් ඒවාට කමෙන්ට් වැටෙන්නෙත් දැන් සිංහලෙන් නොවැ.

මේ අපේ තට්ට අයියා දාපු එකක්

අපේ තට්ට අයියාගේ ස්ටේටස් එකක්

ඔය අස්සේ අපේ සොනිකාට ත් මොකක්ද මන්ද බයිට් එකක් යනවා.ඒකත් ඉතින් සිංහලෙන්ම තමා.

සොනික් ට මඩ පාරක්


ෆන් ස්ටේටස් අස්සේ හෙන සීරියස් ඒවාත් ඉතින් තිබ්බ.මේ එයින් දෙක තුනක්.
" පාළුව කියන්නෙ මොකක්ද කියලා මම ඉගෙන ගත්තෙ ඔයා මගෙ ජිවිතෙන් යන්න ගියාමයි. "
   "සමහර ‍දේදවල් එ‍හෙම තමයි...අන්තිම ‍මොහොතේ .... අ‍පෙන් ගිලිහිලා යනවා. " 
" ඇත්තටම ඇය ම‍ෙගද ? ඇය මැවු‍නේ මටමද ?සත්තයි.....ඇය කා‍ගේදැයි  ‍නොමදැන ...බලා‍පොරොත්තු තබා‍ගෙන හිස් අහස පි‍රෙන්නම මම ඇයට කොතරම් පෙම් කලාද ? " 

ඔය ජරමර සේරම අස්සේ අපේ එකෙක් සිංහෙලෙන් ලව් කරන්නත් පටන් අරන්නේ.
සිංහලෙන් ලව් කිරීම


ඔය අස්සේ ඉතින් මැසේජස් වලත් ඉතින් ලාවට වගේ සිංහලෙන් බයිට් පාර යනවා.

මේ ඉතින් මැසේජස් වල ගියපු මඩ පාරක්

එක අතකට ඉතින් ජපන් අයට ජපන් භාෂාව තියෙනවා එයාලගේ පරිගණක වල.අනිත් ප්‍රධාන රටවලත් ඉතින් එහෙමනේ. එහෙව් එකේ ඉතින් අපිත් හැම තැනම අපේ මව් භාෂාව භාවිත කරන එකේ කිසි වරදක් නැහැ.මේ ගැජට් එක ඉතින් තාම අපේ අයට අහුවෙලා දවසයි දෙකයි නේ, ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙවී.

ප.ලි - මේකත් ඉතින් කියන්නම ඕන මේ ස්ක්‍රින් ෂොට් එහෙම දැම්මේ කාටවත් මඩ ගහන්න එහෙම නෙවෙයි.සිරාවටම කියන්නේ ඔන්න මඩ ගහන අරමුණක් නම් මගේ තුන් හිතකවත් (නො) තිබ්බේ නැහැ.අපේ කට්ට්ය මාත් එක්ක ඔන්න තරහ වෙන්න එපා.