Showing posts with label ඇහෙන දැනෙන දේවල්. Show all posts
Showing posts with label ඇහෙන දැනෙන දේවල්. Show all posts

Saturday, June 8, 2013

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!

මා ජිවත්වන්නේ මාරම ආතල් රටකය. මේ රට කොයිතරම් ආතල් ද කිවහොත් වසරේ සෑම දිනකම වාගේ ආතල් දේවල් සිදුවේ. ඒ සිදුවන දේවල් මෙහි ජිවත් වන්නන්ගේ මතකයේ රැදෙන්නේද ඉතා සීමාසහිත කාලයකි, උපරිම වශයෙන් සති දෙකකි. ඊට පසුව, වෙනත් ආතල් දෙයක් සිදුවන බැවින් පෙර සිදු වූ සිද්ධිය මතකයෙන් මැකී යයි.

මෑතකදි රජය විසින් රටේ විදුලි බිල ඉහල දමන ලදී. එයට විරෝධය පලකරමින් විපක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී. එදිනම රජයට සහය පතා ( වෙනින් විදියකට කිව්වොතින් , විදුලි විල වැඩිකරාට කමක් නෑ කියා ) කට්ටියක් පාගමනක් ගියේය. අපගේ වාසනාවට මේ දෙගොල්ලෝ අතරමග හම්බුනේ නැත. එසේ වූවානම් තවත් සතියට ආතල්ය. 

අපේ රටේ වසරකට වරක්, සිරිතක් පරිදි පුද්ගලික බස් හිමියන් ස්ට්‍රයික් කරති. ඉස්සර නම් ස්ට්‍රයික් කරේ බස් ගාස්තු වැඩි කර ගන්න උනාට, දැන්නම් ස්ට්‍රයික් කරන්නේ යහපත් පුද්ගලික ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ උදාර චේතනාවෙන්ය. අනේ සාධු !! ඒ ඇරත් , දැන් ස්ට්‍රයික් කරන්නෙත් ඉස්සර එකට ස්ට්‍රයික් කල අය වෙන්වෙලාය. ගැමුණු මාමා ස්ට්‍රයික් කරනකොට අනෙත් කට්ටිය හ්ම්ම් සද්ද නැත. අනෙක් අය ස්ට්‍රයික් කරනකොට ගැමුණු මාමා සද්ද නැත. එය ද මාරම ආතල් එහෙකි.

මේ ළගදි සිදු වූ අනෙක් සිද්දිය වන්නේ සිරුරට ගිනි තබාගෙන හාමදුරුවෝ නමක් අපවත් වීමය. කල දේ හරි හෝ වැරදි හෝ වේවා, හාමුදුරුවන්වහන්සේ තුළ නම් අනිවාර්යෙන් උත්තරීතර චේතනාවක් තමන්වහන්සේ කරන්න යන දේ ගැන තිබෙන්නට ඇත. නමුත් දැන් සිදු වන්නේ, " අනේ ඉතින් අර හාමුදුරුවොත් තමන්ගේ දිවි පුජා කරේ හරකෙක්ට නේ" යැයි සමහරු පැවසීමය. සමහරු සිරිසඟබෝ රජු හිස දන් දීපු එක පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වති. අපේ අය මේ සිද්ධියත් ආතල් එහෙකට පෙරල ගත්තේ එසේය.

දැන් යලිත් ඇත්තේ ක්‍රිකට් වසන්තය යි., ඒ නිසා මේ (අ)මුතු රටේ ඉන්න අයට බස් ස්ට්‍රයික් එකවත්, විදුලි බිල වැඩි උන එකවත්, හාමුදුරුවෝ ගිනි තියාගත්ත එකවත් මතකයේ නැත. අපේ රටට හැම දෙයක්ම වගේ පැමිණියේ ළගම ඇති ඉන්දියාවෙන් ය. ඒ නිසාවෙන් ඉන්දියාව‍ අපේ ලොකු අයියා වී, අප චුටී නංගි වන්නේය. ශුරයන්ගේ කුසලාන ආරම්භයේදීත් මේ සම්බන්ධය අප මුළු ලොවටම නැවත කියා දෙන ලදී. අන් සෑම රටක්ම තම දේශිය සංගීත නාද රටා වාදනය වනවිට, අපේ ලංකාව හදුන්වා දුන්නේ හින්දි සින්දුවකට ය. මෙය වූ කලි කෙතරම් ආඩම්බරයක් ද ? ලයනල් රන්වල / රෝහණ බැද්දගේ නොඑසේනම්  භාතිය/සන්තුෂ් / ඉරාජ් ගේ සින්දුවක් වාදනය වුවා නම් මෙවන් දේශීය අභිමානයක් අප කෙසේ ලබාගන්නද ?

( අපේ කට්ටිය ගැන කියන්නේ 5.16 ඉදන් )



මෙතැකින් මේ රටේ සිදුවන ආතල් දේවල් නැතිවන්නේද නැත. මන්ද මේ රට ආතල් දෙන්නන්ගෙන්ද , ආතල් ලබාගන්නන්ගෙන්ද බහුල රටක වන නිසා ය. මෙවන් ආතල් රටක ජිවත් වීමද මාරම ආතල් එහෙකි. එම නිසා ලබන ආත්මයේදීත් මෙහිම ඉපිද ආතල් ලබාගැනීමට හැකි වේවා යැයි, ආතල් එකක් ගිය බැවින් මෙය ලියු මම ප්‍රාර්ථනා කරමි.

අදත් පිටපත නෑ එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ


Saturday, January 5, 2013

2013 සහ ශ්‍රී ලංකාව

2012 ත් ඇවිල්ලා දන්නෙම නැතුව ඉවර වෙලා ගියා, දැන් ඔන්න 2013 ඇවිල්ලා .මේ අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක.ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්න ඕන සහ කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕන.

2012 ගත්තම ගැස්සිලි පැද්දිලි එක්ක මගේ වැඩ ටික නම් හොදින් කෙරුන අවුරුද්දක් උනා.පලවෙනි ජොබ් කට්ටට ගිහිල්ලත් මේ මාසේට හරියට අවුරුද්දක් වෙනවා.2013 ගත්තම ඉතින් ලොකු ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන, අවුරුද්ද ඉවර වෙනකන්ම ප්ලෑන් එහෙම ගහලා තියෙන අවුරුද්දක්.පුළුවන් තරම් ඉතින් හිතේ තියෙන දේවල් එකින් එක කරගන්න බලන්න ඕනේ ( බ්ලොග් එක ලියන එකත් ප්ලෑන් එහෙකම කොටසක් තමයි ඕන්න )

අපේ රට පැත්තෙන් කථාකරොත් ඉතින්, හැමදාම තියෙන විදේශික අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන වලට අමතරව ගිය අවුරුද්දට වඩා එක දශමෙකින්වත් දියුණු උනොත් නම් හොදයි.ඒ දියුණුවත් එහෙම නැත්තම් සවර්ධනයත් ඉලක්කම් සෙල්ලමක් නොවෙන තරමට වඩා හොදයි. ඊට අමතරව හොරකම් කරන, දුෂිත මිනිස්සුන්ගේ තොර වෙනවානම් හොදයි. ( ඔව් ! මම දන්නවා , ඒක නම් වෙන්නේ නැති බව ). මේ මාසේ පටන් ගන්නකොටම අපට තියෙනවා අගවිනිසුරුවරියගේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර ( දිගට ඇදිලා ගියේ නැති උනොත් ), ලංකාවේ ඉදිරි දේශපාලනයේ ගොඩක් තැන් තීරණය වෙන්න එතුමියට ලැබෙන තීන්දුව හේතු වෙයි.

අද උදේ නැගිට්ට ගමන් ෆේස්බුක් එකේ දුකා අයියා ෂෙයා කරපු පොස්ට් එකක් දැක්කා. මෙන්න මේ දේ ගැන  තමයි කියලා තිබුනේ. ඔයිට අමතරව ඉතින් මේ අවුරුද්දේ මේ මාසේ ඉදන් සුපර් මාර්කට් ( නව අර්ථ දැක්වීමට අනුව : සුබෝපබෝගී මිනිසුන් ආහාර ගැනීමට යන තැනක් ) වල තියෙන ආනයනික භාණ්ඩ වලටත්  ටැක්ස් එකක් ගහලා. අනේ මන්දා අපේ රටේ ආර්ථික පාලනය නම් කොයිබටද කියලා ?

විදුලි මිල/ගෑස් මිලත් සහ තෙල් මිල ( සුපුරුදු පරිදි ලෝක වෙළද පොළේ බලපෑමට පරිදි ද මන්දා ) මේ මාසේ වැඩි වෙන්න පුළුවන් ලු. එහෙම උනොත් ගැමුණු මාමා ගිය අවුරුදුවල කරා වගේ සුපුරුදු ස්ට්‍රයික් සෙල්ලම දාලා අපිට කොකා පෙන්නයි, ඒ හින්දා එහෙම දේවල් වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ ගමනාගමන බලය තියෙන අය ක්‍රියා කරොත් හොදා. එහෙම නැතුව ස්ට්‍රයික් එකට ඉස්සෙල්ලා 'පුළුවන් නම් ස්ට්‍රයික් කරපල්ලා' වගේ නැව් ටෝක් දීලා , පස්සේ මිනිස්සු බනින කොට ස්ට්‍රයික් එක දවසේ තියෙන විශේෂ සාකච්ඡාවකින් ඉල්ලලා තියෙන ඉල්ලීම් ට්ක දෙනවට වඩා.

ඊළගට අපේ රටේ ජාතික ක්‍රීඩාව විදියට සලකන ක්‍රිකට් පැත්තෙන් කථාකරොත්, ගිය අවුරුද්දේ අන්තිම ඉදන් කාගෙන කාගෙන එන කෑම මේ අවුරුද්දෙත් ඒ වගේම යන බව තමයි පේන්නේ. මේ දවස්වල තියෙන සිඩ්නි ටෙස්ට් මැච් එකත් දවස් 4 කින් ගොඩක් දුරට ඉවර වෙයී. අලුතින් එන්න ඉන්න ඇන්ජලෝ මැතිව්ස්ට ලැබෙන්න යන්නේ නම් සුළු පටු අභියෝගයක් නෙවෙයි අලුත් අවුරුද්දෙ , අපි බලමු මැතිව්ස් කොහොමද ඒ දේ කරන්නේ කියලා.

මේ හැම දේකින්ම පේන්න තියෙන්නේ 2013 ලංකාවට ගොඩක් ගොඩක් දේවල් වෙන්න පුළුවන් වසරක් වෙයි කියන දේ තමයි. ඉතින් අපි බලන් ඉමු !!

අපි ඔබ හැම දෙනාටම සුභ අනාගතයක්ම වේවා !!!!

Saturday, December 8, 2012

2012 - ලංකාවේ සින්දු | Songs in 2012

අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් උදා වෙන්න තියෙන්නේ හරියටම තව මාසෙකටත් අඩුවෙන්.මේ අවුරුද්දත් ගෙවිලා ගිය දැනුනෙවත් නෑ.අලකලංචි,ජරමර ඔක්කොම මැද්දේ මේ අවුරුද්ද පුරාම අපිට අහන්න ලැබුන සින්දු වලින් මගේ හිතට දැනුන හොදයි කියලා හිතෙන සිංහල සින්දු සෙට් එක තමයි අද කියන්න හදන්නේ.

1. දිගු දෑස දුටුවාම- රොමේෂ් සුගතපාල
දැන් නම් සින්දුවේ ජනප්‍රිය බව ටිකක් අඩු උනාට සින්දුව ආපු දවස්වල හොදටම හිට් උන සින්දුවක්.දෙරණ මියුසික් විඩියෝ උළෙල ජනප්‍රියම සින්දුව උනෙත් මේ සින්දුව. අමා නංගි දම්සාරි වෙලා පුළුවන් තරමක් කථා හදාගෙන , MEME වලට මාතෘකාවක් උනෙත් මේ සින්දුව නිසාම තමා. සින්දුවේ හිට් වෙන්න වීඩියෝ එකත් උපරිමෙටම උදව් උනා කියල කියන්න පුළුවන්.



2. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් - ආත්මා ලියනගේ
ආත්මා ලියනගේ ගායනා කරන මේ සින්දුව මම අහන්න ගත්තේ නම් ළගදී. ඇත්ත කථාවක් පාදක කරගෙන ලියපු සින්දුවක් කියල තමයි කියන්නේ නම්. මට අනුවනම් ආත්මා ලියනගේ ගයපු 'ලියතඹරා මුදු කුසුමකි' කියන සින්දුවට පස්සේ කියපු හොදම සින්දුව තමයි මේක.

3. විස්සයි - විස්සේ - BnS
දැන් අහන්න එපා මේක මොන එහෙකටද මෙතනට ආවේ කියලා. 20-20 ලෝක කුසලානයේ Official Event Song විදියට භාතිය-සන්තුෂ් හදපු මේ සින්දුව අහපු මුල් දවස්වල එච්චර ගතියක් දැනුනේ නැති උනාට අවසාන මහ තරගය කාලේදී වගේ 'ඇගට හොදට දැනුනා'. ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි භාතියලා හදපු Cricket Antherm ( 'රන් හිරු නැගෙනා - මේ ලෝ තලේ ') ගීතයත එක්ක බැලුවම මේක මෙලෝ රහක් නෑ කියන එක. නමුත් මතක තියාගන්න ඕන මේ ගීත දෙක හදුපු අවස්ථාවන් දෙක. විස්සයි විස්සේ ගීතය Event promotion ගීතයක් විදියට සාර්ථකයි කියන තැන මම නම් ඉන්නවා.



4. චන්ද්‍ර කින්නරාවි- බාචි සුසාන්
බාචි කියන සින්දුවලින් 'සරත් සදේ' සින්දුවට පස්සේ මම ආසම සින්දුවක්.මේ සින්දුවෙත් වීඩියෝ එක සින්දුව හිට් වෙන්න බලපැවා කියලා කියන්න පුළුවන්. 'අවසාන මොහොත' මාගේ කියන සින්දුව මගේ ලිස්ට් එක නැති උනත් බාචිගේ මේ සින්දුවට සහ ගායනා කරන විදිය නම් නියමයි.



5.සද රෑ මගේ දෑස මානේ - BnS
BnS ලගේ සරා සිහින ඇල්බම් තියෙන මම කැමතිම සින්දුවක් තමයි මේක.සරා සිහින ඇල්බම් එක ගිය අවුරුද්දේ නිකුත් උනාට මොකද තාමත් ඒකේ තියෙන සින්දු පරණ වෙලා නැහැ. මේ ගීතයේත් සංගීතය භාතිය ගෙන්.

6. මට සුර ලෝකේ මැව්වා - චින්ති
මේක මේ ඊයේ පෙරේදා ආපු චින්ති ගේ සින් දුවක්‌.../.. 'තරුම්නි ඔච්චම් පාමිනා' ගීතයෙන් ලංකාවේ රෙගේ මාකට් එක ආපු චින්ති කරපු ඒ විදියෙම වෙන සින්දුවක් තමයි මේක. ගොඩක් අයට චින්ති ගේ සින්දු දිරවන්නේ නැති උනත් මට නම් සමහර සින්දු අහගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙනවා.වීඩියෝ එකත් හරිම සරල ( ටිකක් රෙගේ ටයිප් එකට සමාන වෙන්න ) කරපු විඩ්යෝ එකක් තමයි තියෙන්නේ.ෂෙහාන් ගලහිටියාව තමයි සින්දුව ලියලා තියෙන්නේ , සංගීතය චින්තිගෙන්.



7. රාත්‍රියේ පිපෙන්නම් - කේෂාන්
මේ අවුරුදෙම එපා වෙන්නේ නැතුව අහපු සින්දු වලින් එකක් තමයි මේකත්. උපුල් ශාන්ත සන්නස්ගල තමයි සින්දුව ලියලා තියෙන්නේ, මහේෂ් දෙනිපිටිය තමයි සංගීතය සපයලා තියෙන්නේ.උපුල් ශාන්ත සන්නස්ගල ආදරණීය වස්සානයට ලියපු 'හීනයකි මට ජිවිතේ' සින්දුවට පස්සේ ලියපු හොදම සින්දුවක් මේක තමයි කියලයි මත හිතෙන්නේ.



සිංහල සින්දු සෙට් එකෙන් ඔය ටික තමයි මට නම් 2012 අහපු හොදයි කියලා කියන්න පුළුවන් සින්දු.මේවා මගේ කැමැත්ත සහ මම අහන ටයිප් එකෙ සින්දු නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.යු ටියුබ් ලින්ක් දාපු නිසා පිටුව ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යයි.

Sunday, November 18, 2012

ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි !

මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.

දැන් ඔන්න රාළහාමිගෙයි , අයියා බුවා ගෙයි කතාව යන්නේ මෙහෙමයි.

රාළහාමි : මේ බලන්න මහත්තයා මේකේ ඉන්ෂුවරන්ස් ඉවරවෙලා තියෙන්නේ දහ වෙනි මාසේ නේ , ඇයි තාම මේක ඉන්ෂුවරන්ස් එක අලුත් කරගෙන නැත්තේ
අයියා බුවා : ඔව් රාළහාමි ඉතින් දහ වෙනි මාසේ තමයි ඉවර වෙන්නේ
රාළහාමි : ඉතින් ඒක තමා මාත් කියන්නේ..ඇයි එහෙනම් ඉතින් මේක අලුත් කරන්නේ නැත්තේ
අයියා බුවා : ඉතින් සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් ඉවර උනාම නේ අලුත් කරන්නේ
රාළහාමි : ඉතින් මේක ඉවරයි නේ
අයියා බුවා : ඉතින් තාම දහවෙනි මාසේ නේ රාළහාමි
රාළහාමි : මේ දහවෙනි මාසේ වෙන්නේ කොහොමද..මේ එකලොස් වෙනි මාසේ..
අයියා බුවා : නෑ නෑ රාළහාමිට වැරදීලා..තාම දහවෙනි මාසේ

දැන් රාළහාමිත් ටිකක් අප්සෙට් වෙලා.අයියා බුවත් මෙච්චර ෂුවර් පිටම කියනවනම් මේ දහවෙනි මාසේ කියලා, ඇත්තටම මේක දහවෙනි මාසෙද කියල දැන් මිනිහට ෂුවරුත් නැහැ.දැන් මිනිහා ෂේප් එකේ ඇගිලි නව නව ගණන් කරලා බලනවා මේ යන්නේ කීවෙනි මාසේද කියලා. අයියගේ වෙලාවට ( නැත්තම් රාළහාමි ගණන් කිරීමේ හැකියාව හොද කමටද ) දන්නේ දෙයියනේ කියලා ඇගිලි නව නව ගණන් කරපු එකත් වැරදීලා. දැන් රාළහාමි තවත් අප්සෙට්.පස්සේ පාරේ හිටපු කෙනෙක් මාසේ අහලා හරි මාසේ හොයාගෙන.

දැන් ඉතින් අයියා බුවාට බේරෙන්න විදියක් නැහැ නේ.දැන් කතාව යන්නේ මෙහෙම.

රාලහාමි : ඒකනේ මම කිව්වේ මේක එකලොස්‌වෙනි මාසේ
අයියා බුවා : ( පොඩ්ඩක් ඔළුව එහෙම කහන ගමන් ) අනේ රාළහාමිට කියන්න මට ඕක අමතක උනා නේ..මම හිතාගෙන හිටියෙම තාම දහවෙනි මාසේ කියල නේ..
රාළහාමි : මහත්තයා දන්නවනේ ඉතින් ඔහොම අමතක උනාම දඩේ කියාද කියලා..

දැන් ඉතින් අයියා බුවාට ගොනා එන්නේ පොල් පැලෙයි , තැබිලි පැලෙයි දෙකම කාලා වතුරත් බීලා යන්න  කියලා තේරුනා.

අයියා බුවා : පිස්සුද රාළහාමි..මම ඇත්තටම ඕක දැනගෙන හිටියේ නැහැ නේ..නැත්තම් මම වාහනේ එලියට දාන්නේවත් නැහැ.අනික රාළහාමි ඕක ගෙවන්නේ නැතිව හිටියොත් කාටද පාඩුව තියෙන්නේ.රාළහාමිටද ? නැහැ නේ , මේ මට.. මටමනේ ඒකේ පාඩුව තියෙන්නේ. අනික මම කියන්නේ මෙහෙම ගිහින් කොහේ හරි ගිහින් ඇනගත්තා, කාටද පාඩුව , රාළහාමිටද නැහැ නේ..මට මේ මටම තමයි පාඩුව..මේ ලෝකේ කවුරුත් තමන්ටම කෙලවෙන වැඩකරගන්නවද නැහැ නේ..නැහැ..දැන් රාළහාමි උනත් . . . .

මාසේ පැටලිලා බාගෙට මෝල් වෙලා හිටපු රාළහාමිට එක හුස්මට ඔය ටික ඇහුනම තවත් අප්සට් වෙලා, එදා දවසෙම ඉන්ෂුවරන්ස් එක ගෙවන පොරොන්දුව පිට අයියා බුවාට යන්න කියලා.අපරාදේ කියන්න බෑ තාමත් පොර ඉන්ෂුවරන්ස් එක නම් ගෙවලා නෑ.

Sunday, April 15, 2012

අවුරුදු (කු)මාරයා !!!

අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.

Thursday, January 5, 2012

මුදලාලිගේ ටිකිරි මොළේ

ඔන්න එක නගරයක සාර්ථකව බිස්නස් එකක් කරගෙන යන මුදලාලි කෙනෙක් ඉන්නවා.බුවා පවුලක් පන්සලක් එහෙම වෙලා තමයි ඉන්නේ.එක දවසක් මුදලාලිත් වෙනදට වඩා කලින් බිස්නස් වැඩ ඉවර කරලා ගෙදර යනකොට කඩේ වැඩ කරන සේල්ස් රෙප් බුවෙකුයි , මුදලාලි ගේ බිරිදයි ගෙදර සෝෆා එකේ පෙම් සුව විදිමින් ඉන්නවලු.දැන් ඉතින් මුදලාලිට අම්බානෙක කේන්තියිලු.ඒ උනාට මොකෝ ඉතින් ඒ බවක් පෙන්නනේ නැතුව බුවා හෙමින් ගේ ඇතුලට ගිහින්.

පස්සේ දවසක මුදලාලි තමන් දන්න ලෝයර් කෙනෙක් හම්බුන වෙලාවක මේ සීන් එක කියලා ලෝයර් ගෙන් උපදෙසක් ඉල්ලුවා.

ලෝයර් : ඔහොම මිනිස්සු ළග පාතකවත් තියාගන්න එපා මුදලාලි , ඔය සේල්ස් රෙප්ව අදම ගිහින් අයින් කරලා දාන්න.
මුදලාලි : අපෝ එහෙම කරන්න බැහැ ලෝයර් මහත්තයෝ..ඔය යකා නේ ඉතින් මගේ බිස්නස් වැඩ
ඔක්කොම බලා කියා ගන්නේ.ඔය යකා වෙන තැනක වැඩට ගියා කියන්නේ මගේ රහස් ඔක්කොම මාට්‌ටුයි කියන එක තමා.
ලෝයර් : එකත් එහෙමද..එහෙනම් මොනවා කරන්නද..එහෙනම් ඉතින් අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ ඉතින් මුදලාලීගේ නෝනා මහත්තයාව ඩ්වෝර්ස් කරන්න කියන එක තමා.දෙන්නට දෙන්නා විශ්වාස නැතිව ඉන්නත් බැහැ නේ
මුදලාලි : අපෝ ඒකත් කීයටවත් කරන්න බැහැ..ඔය ගෑණි තමයි මගේ බිස්නස්වලට ඔක්කොම සල්ලි දැම්මේ.එයාව ඩ්වොර්ස් කරා කියන්නේ ඉතින් මට ඔය සල්ලි ටිකත් දෙන්න වෙනවා කියන එකනේ ..මේ වෙලාවේ හැටියට ඒකත් කරන්න බැහැ.
ලෝයර් : ( මල පැනලා ) එහෙනම් ඉතින් ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ

කොහොම හරි ටික දවසකට පස්සේ මේ ලෝයර්ට මුදලාලිව හම්බුවෙනවා.

ලෝයර් : කොහොමද මුදලාලිගේ අර ප්‍රශ්නේ ?
මුදලාලි : ආ මම ඒක ව්සදගත්තා
ලෝයර් : හොදයි හොදයි මුදලාලි..මොකද කරේ සේල්ස් රෙප්ව අයින් කරාද ?
මුදලාලි : අපො නැහැ ඒ යකා අයින් කරලා කොහොමද..
ලෝයර් : එහෙනම් ඉතින් නෝනව ඩ්වෝර්ස් කරාද ?
මුදලාලි : අනේ නැහැ , මම කොහොමද එහෙම ඒකත් කරන්නේ
ලෝයර් : එහෙනම් කොහොමද ප්‍රශ්නේ විසදගත්තේ ?
මුදලාලි : මම සෝෆා ඒක විකිණුවා !!

ආදර්ශය - සෑම ප්‍රශ්නයකටම මතුපිටින් පෙනෙන පිළිතුරුවලට වඩා පිළිතුරු ප්‍රමාණයක් ඇත.

Sunday, October 16, 2011

හයිය බටර්

අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.

මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් පිංකමක් කරනවා කියන එකත් ඉතින් ලේසියෙන් කරන්න බැහැනේ.පිරිත් මණ්ඩපයක් ගහන්න ඕන , එන අයට සංග්‍රහ කරන්න ඕන වැඩ කෝටියයි නේ.ඉතින් මේ පිරිත සංවිධානය කරන අයගෙන් කොටසක් ගියා ගෙවල් ගාව තියෙන පන්සලට.ගීහිල්ලා නායක හාමුදුරුවොන්ට වැදලා අදාළ කාරණාව කිව්වා.මේ නායක හාමුදුරුවෝ ටිකක් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමක්.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා එහෙමත් ටිකක් අඩුයි. දැන් අපේ අය අදාළ කළමනා ට්ක එහෙම අහන අතරේදී හාමුදුරුවන්ගේ ඇහුවා "....අවසරයි හාමුදුරුවනේ පිරිත් කියන අතරතුර සුළුවට වළදන්න මොනවද තියෙන්න ඕන ? ".

හාමුදුරුවොත් ටිකක් උගුර පාදලා එහෙම "..ඔය ගිලන්පස ටිකකට අමතරව හකුරු ,සුකිරි ,හයිය බටර් ටිකක් තිබ්බහම ඇති මහත්තයෝ.. "

ලිස්ට් එකේ තිබ්බ අනිත් දේවල් නම් එච්චර අවුලක් නැහැ ඒ උනාට අර " හයිය බටර් " කියන්නේ මොනාද ? විස්තර අහන්න ගිය අයට මේක සෑහෙන්න ප්‍රශ්නයක්.අහන්නේ නැතුවත් බැහැ.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා අඩු හින්දා ටිකක් හයියෙන් අහන්නත් ඕනේ.පස්සේ ඉතින් බැරිම තැන ගියපු කෙනෙක් "...තරහ අවසර හාමුදුරුවනේ ..මොනවාද මේ හයිය බටර් කියන්නේ ? ".

හාමුදුරුවො උත්තරේ විදියට "..ඇයි මහත්තයෝ අර පුංචි ත්‍රිකෝණ කෑලි ජාතියක් තියෙන්නේ , අර එළ හරකෙක්ගේ රූපයක් කාරිය එහෙම ඇදලා..රාත්‍රී ජාමේ පිරිත් කියන්න එන පුංචි නමවල් එහෙම ඔව්වාට ආසයි නොවෑ..ඒකයි මම හයිය බටර් කිව්වේ අනිත් ඒවාට අමතරව.. "

පස්සේ තමයි ඉතින් අපේ අයට හයිය බටර් මොනාද කියලා තේරුම් ගියේ.

[පින්තුරේ ගත්ත ගුගල් දෙයියගෙන් - http://www.tasty-life.com.cn/PIC/DIGI/201172053661909.jpg ]



Sunday, September 25, 2011

පොත් ප්‍රදර්ශනයෙදී පෙරලුන පොත්

සැප්තැම්බර් කියන්නේ පොත පත කියවන අයට වෙන්වුන මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍යය මාසය.ඊට අමතරව සැප්තැම්බර් කිව්වම මතක් වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.ලංකාවේ දැනට ඉන්න ලොකු කුඩා පොත් ප්‍රකාශන ආයතන වගේම පිටරට ඉන්න ප්‍රකාශන ආයතනත් බොහොමයක් මේ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා.ඕනම ජාතියේ පොතක් පතක් ලාභෙට ගන්න ඕනෙනම් යන්න කියාපු තැන.

බ්ලොග් ලියන කට්ටිය ( බුකියේ එකම පොස්ට් එකට වැඩිම කමෙන්ට්ස් එකතු කරමින් ලෝක වාර්තාවකුත් තියන ගමන්ම ) බුක් ෆෙයාර් යන්න සෙට් උනාට මොකෝ ඉතින් මට එදා එන්න බැරි උනා.ගියපු අය කරපු කියපුවා දකිනකොට ඉරිසියාවේ බැහැ අප්පා.මේ පාර ප්‍රදර්ශනය ඉවරවෙන දවසට කලින් දවසේ යාම්තම් පොත් බලන්න යන්න ලැබුනා.හප්පේ හිටපු සෙනග කන්දරාවක්.ඇතුලුවෙන තැනදීම ටිකට් එකක් අරගෙන ඇතුළුවෙන්න ඕන.( කට්ටියට මතක නම් මුල්ම කාලේ තිබ්බ බුක් ෆෙයාර් එකට මේ වගේ ටිකට් ගන්න ඕන උනේ නැහැ.සම්පුර්ණ නොමිලේ.මොකක්ද අරමුදලකටලුනේ ඔය සල්ලි එකතු කරන්නේ.ඒ නිසා කමක් නැහැ).

මේ පාරත් ඉතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නවීකරණය කරන නිසා ගිය පාර කාපු කට්ටම මදි නොකියන්න කන්න ලැබුනා.මාත් ඉතින් ඇතුළු වෙන තැන ඉදන්ම තෙරපි තෙරපි ඇතුළු උනා.මුළු හෝල් එකේම ඔළුගෙඩි ටිකක් විතරයි පේන්නේ.ටික දුරක් යන්න ලැබුනේ නැහැ , ඉස්කොලේ යාලුවෙක් හම්බුනා. පොරගේ (වෙන්ඩ) වයිෆ් එක්ක.ආගිය තොරතුරු එහෙම කතාකරලා මටත් ඉතින් නිකන් ඉන්න බැරි කමට ඇහුවා අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්නයක්,

මම - මොකෝ බන් මේ පැත්තේ? පොත් ගන්න ආවද ( නැතුව ඉතින් හාල් පොල් ගන්න පොත් ප්‍රදර්ශනේට එනවද බන් වගේ උත්තරයක්‌ බලාපොරොත්තු උනත් එහෙම එකක් ලැබුනේ නැහැ )
යාලුවා - ආ නෑ බන් මේ කෑල්ල එක්ක පොඩ් රවුමක් දාන්න ආවා
මම - ඉතින් බොලාට මේකට එන්න තිබ්බේ , වෙන යන්න තැන් නැද්ද බන් ?
යාලුවා - වෙන තැන් වගේද බන් , මේකට එනකොට ගෙදරින් බර බර නැහැ,අනික ඉතින් රවුමක් දාල දවල්ටම මෙතනින් කාලා බීලා යනවා

ඇයි යකඩෝ , මල් ප්‍රදර්ශනයක් වගේද පොත් ප්‍රදර්ශන කියන එව්වා.මෙච්චර කාලේකට මේ වගේ කතාවක් අහුවමද කොහෙද.කොහොමහරි මම මුන් දෙන්න එක්ක තව හිටියොත් මුන් දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකට මම ඇණයක් වෙන බව මට තේරුනා.ඒ හින්ද උන් දෙන්නට ඕන මගුලක් කරගන්න කියලා මම එතනින් මාරු උනා.ඊට පස්සේ ඔය වටා පිටාවේ ඇවිදලා කරලා කාලයක් තිස්සේ ගන්න ඕන කියලා හිතපු පොත් දෙක තුනකුත් අරගෙන එලියට එන්න හදනකොට මට ඉස්සරහින් යන කොල්ලෝ සෙට් එකක් වටාපිටාවේ යන ගෑනු ළමයින්ව බයිට් කර කර ඉන්නවා.උන් ටික ඉස්සර කරගෙන යන්න හදනකොට ඒ සෙට් එකේ කෙනෙක් අයියේ අයියේ කියලා කතා කරා , අප්පා අදුරන හාදයෙක් නේ බලන් යනකොට.

මම - ආ මල්ලි කොහොමද , පොත් ගන්න ආවද ? ( ෂික්..ආයිත් අර මෝඩ ප්‍රශ්නේ ඇහුවා )
මලයා - මොන පිස්සුද අයියේ , අද මේ ක්ලාසුත් කට් කරගෙන පොඩ් ෆන් එකක් ගන්න ආවා..
මම - නෑ..ඉතින් මොනාද කලේ
මලයා - දන්නේ නැද්ද ඉතින් ඔය කෙල්ලෙක් දෙන්නෙක් බයිට් කර කර පොත් දෙකතුනක් අල්ලලා කරලා ආවා..
මම - එල එල..මරු මරු..දැන් කොහෙද මේ යන්නේ
මලයා - දැන් මේ කොහෙන් හරි සයිවර් පාරක් දාන්න යනවා..කොහෙද මේකෙන් කන්න ආවේ,ගිනි ගනන් මේක ඇතුලේ කෑම ( ඔය කියන අතරෙත් මුන් ටික අහල පහලින් යන එන අය බයිට් කරනවා,කොල්ලෙක් එක්ක ගිය කෙල්ලෙක්ටත් මොනවද කියන්න ගිහින් යම්තම් ගුටි නොකා බේරුනා).තවදුරටත් මුන් එක්ක ඉන්න එක නුවණට හුරු නැති නිසා "යන්නම් මල්ලි" කියලා එතනින් මමතුමා මාරු උනා.

පොත් ප්‍රදර්ශනයෙන් එන ගමනුත් හිත හිත ආවේ ඇතුලෙදි වෙච්ච සිද්ධි දෙක. ඇත්තටම අපේ ඈයෝ මේ ප්‍රදර්ශනයට යන්නේ හරියට "විනෝද සවාරියකට" යනවා වගේ.පොතක් ගන්න තුන් හිතකවත් නැහැනේ මුන්ගේ.ප්‍රදර්ශනය බලන්න ලක්ෂයක් ආවනම් අඩුම ගානේ ඔයින් භාගෙට භාගයක් ඇවිත් තියෙන්නේ නිකන් කාලේ ගතකරන්න.ඒකෙන් වෙන්නේ ප්‍රදර්ශන භුමියේ අනවශය තදබදයක් හැදෙන එක විතරයි.අනේ මන්ද මට හිතුන විදියට ගොඩක් අය පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් ගන්න නෙවයි කාට කාට හරි පොත් පෙරලන්නද කොහෙද...මැදැයි ඉතින් පොත් ගන්න ගිහින් මටත් උන වැඩ.

ප.ලි - කියන්න අමතක උන දෙයක් තියෙනවා,ප්‍රදර්ශන භුමියේ තිබ්බ ස්වයංක්‍රීය තේ-මැෂින් එකනම් පට්ට.මොබිටෙල් කනෙක්ෂන් එකක් තිබ්බ නම් ට්‍රයි කරලා බලන්න තිබ්බා.දැනට ලංකාවේ ඒ වගේ ගැජට් එකක් මම දැකපු පලවෙනි පාර තමයි ඔය.

Sunday, September 11, 2011

අමා

මේක මේ ලගදි දවසක සිද්ද වෙච්ච කතාවක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ කාටවත් අපහාසයක් කිරීමේ හරි  අපහසුතාවයට ලක් කිරීමේ කිසිම චේතනාවක් නැති බව.හරි මෙන්න මේකයි උනේ.දවසක් මමයි තව මගේ යාලුවෙකුයි හවස් වරුවක පොඩ් කතාවක් දාගෙන හිටියා.ක්‍රිකට් මැච්වල වෙච්ච දේවල් , ජන්දේ ඉල්ලන එවුන් කරන ගොන් පාට් එහෙම කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව අපි කතාකරපු මාතෘකාව ලංකාවේ ටෙලි නාට්‍ය පැත්තටත් ගියා.නාට්‍යවලත් ඔය එක එක බයිලා කියව කියව ඉන්නකොට එක පාරටම අර යාලුවට කරන්ට් වැදීලා වගේ මගෙන් ඇහුවා ,

" මේ උබට අමාව මීටර් ද ? "

මම : ඔව් බන් මොකෝ මන් නොදන්නේ , අර අපේ දහම් පාසල් ආපු එක නේද ?
බුවා :  ඒ අමා නෙවෙයි බන් , අර නාට්‍යයක් යන්නේ බන් අයි.ටී.එන් එකේ අන්න එකේ ඉන්න අමා ?

මම කොහොමත් ඔය නාට්‍ය සබ්ජෙක්ට් එකේ නැති නිසා ඔය නාට්‍ය ගැන අප්ඩේට් නැහැ , ඒ ඇරත් ඔය මෙගා නාට්‍ය කියන එව්වා නම් මට කොහොමටත් දිරවන්නේ නැහැ.

මම : මීටර් නැහැ බන් , මම ඔය නාට්‍ය බලන්න නෑ බන්
බුවා :  අඩෝ බලපන් , ඒක පට්ටයි බන්
මම : නාට්‍යය ද  ?
බුවා  : නෑ  බන් , ඉන්න කෙල්ල . අමාට ඉන්න කෙල්ල  !!! මාර සිරා ඒක
මම : එල මම බලන්නම් .. 

ඔය බලන්නම් කිව්වට ඔය නාට්‍ය බලන්න  මට බැරි උනා , පස්සේ දවසක අර යාලුවා හම්බුඋනාම ආයිත් ඔය කතාව ආවා . .

බුවා : අඩෝ මේ උබ අර නාට්‍ය බැලුවද ?
මම : නෑ බන් බලන්න බැරි උනා නේ , අමතක උනා
බුවා : අපෝ උබ නම් ,ඒක නෙවයි මේ මම අර ඒකේ පට්ටයි කියපු කෑල්ලේ පොඩ් අප්සෙට් එකක් තියෙනවනේ බන්
මම  : ඇයි ඒ කෙල්ල එකපාරට කලු වෙලාද ?
බුවා : නෑ බන් ඒකි දත් පෙන්නලා හිනා වෙන්නේ නැහැ නේ
මම : මොකා !!! උබ ඉන්න වෙලාවට හිනා වෙන්නේ නැතුව ඇති බන්
බුවා : නෑ බන් , මම හෙන මිටරෙන් බැලුවා , සිරාවටමයි කියන්නේ, ඒ කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

කතාවේ ඊලග කොටස උනේ මෙහෙමයි , අපේ යාලුවෝ කට්ටියක් ඉන්න තැනකදී ආයිත් ඔය "කට තදකරෙන හිනා වෙන " සීන් එක ආවා.ඇයි මෙහෙම ප්‍රධාන නිළිය කට තද කරගෙන හිනා වෙන්නේ කියලා ඇහුවම ආපු  උත්තර තමයි මේ..

පලවෙනි උත්තරය - සමහරවිට ඒකිගේ දත් පණුවෝ කාලා ඇති බන් , ඇරත් නිලියක් නේ බන් , ඉස්සරහා දත පණුවෝ කාල කියලා දැක්කම චාටර් නේ , ඒක නිසා කට තද කරගෙන ඉන්නවා ඇති !!.

දෙවැනි උත්තරය - ඩ්රෙක්ටර් බුවා කිව්වද දන්නේ නැහැ නේ දත් පෙන්නන්න එපා , දත් පෙන්නුවොත් පොරොන්දු වෙච්ච ගාන දෙන්නේ නැහැ කියලා..ඒ හින්දා දත් නොපෙන්නා හිනා වෙනවා ඇති.

තෙවන උත්තරය - ඔය නාට්‍යවලට එනකොට ගහන ගිවිසුමේ දත් පෙන්නලා හිනා වෙනවට ගානක් වෙන්කරලා නැතිව ඇති , එක නිසා දත් පෙන්නන්නේ නැතුව ඇති...ගිවිසුමේ තිබ්බ නම් ඔන්න අපිට ඒකිගේ දත් සෙට් එක බලාගන්න තිබ්බා.

හතරවෙනි උත්තරේ - කෙල්ලගේ ඒ හැටි වයසක් පේන්නෙත් නැහැ නේ, කව්ද දන්නේ ලගදි කිරි දත් වැටිලා තාම ඇවිල්ලා නැද්ද කියලා.

තව තව විවිදාකාර උත්තර ගොඩක් ලැබුනා.ඒ කිව්ව සමහර උත්තර නම් මෙතන ලියන්න බැහැ. ඔය කතා වලින් පස්සේ මාත් ඔය නාට්‍ය කොටසක් දෙකක් බැලුවා ,අපේ බුවා කියපු කතාව ඇත්ත තමයි .සිරාවටම කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන තමා.අනේ ඉතින් මටත් පෙනුන හැටිද මන්දා.

ප.ලි - මෙන්න මේ සින්දුව තියෙන්නෙත් ඔය කියපු නාට්‍යයේ , පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද කියලා බලන්නකෝ. හිනාවෙන එක කෙසේ වෙතත් මේ සින්දුව නම් සිරා.




Thursday, August 25, 2011

මාත් ඉස්සර සිංහයෙක් තමයි

මේක මේ ළගදී අහන්න ලැබුණු පුංචි කතාවක්. කැලේ රජා වෙච්ච සිංහයාට ඔන්‍න‍ මගුලක් සෙට්වෙලා.කැලේ ඉන්න හැමෝටම එන්න කියලා ජයටම වෙඩින් එක ගන්න තමයි සිංහයාගේ ප්ලෑන් එක.කැලේ තමන් එක්ක දඩයමේ යන සෙට් එක , නෑදෑයෝ අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝටම ඔන්න දැන් ඉන්වයිට් කරලලු තියෙන්නේ. ආයි මොනාද ඉතින් රෝයල් වෙඩින් එකක් ගන්න තමයි සිංහයාත් හදන්නේ.

දැන් ඔන්න වෙඩින් එක දවසේ අලුත බැදපු සිංහයයි , සිංහ දෙනුවයි සුභ නැකතෙන් පිටත් වෙන මොහොතට කිට්ටු වෙනවා.මෙන්න මේ වෙලාගෙ කොහෙද හිටපු මී-තඩ්යෙක් එකපාරට හයියෙන් කෑගහලා කියනවලු
"අපේ සහෝදරයාට ජය වේවා !! කියලා ".මේ වෙලාවේ මී තඩියට ටිකක් වැඩිත් වෙලාලු හිටියේ.

මියා මේ කිව්ව කතාවට දෙවනි මනමාලයට හිටපු සිංහයෙක්ට හොදටම මල පැන්නා. ඇයි ඉතින් මේ මියාත් ඇගේ සයිස් එකටද කතාව. ඇරත් ඉතින් මෙච්චර පොඩි එකෙක් අර සද්දන්තයාට සහෝදරයා කිව්වම කාටද මල පනින්නේ නැත්තේ..

ඉතින් අර බෙස්ට්මන් සිංහයා මියාගෙන් ඇහුවලු "ඈ බොල ගොන් මියෝ , උබට කොහොමද අපේ අය්යට සහෝදරයා කියන්නනේ ? උබ කොහොමද අපේ ජාතියේ උනේ ? ".

මීයාත් ඉතින් ගත්කටටම වෙරි මරගාතේ කිව්වලු " ගොන් සිංහයෝ දැන් මම මෙහෙම හිටියට , බදින්න කලින් මාත් හිටියේ සිංහයෙක් වගේ තමයි !! " කියලා . . .

Monday, August 22, 2011

ශ්‍රී ලංකා රොක්ස්

අවංකවම කතාකලොත් අපේ රට නම් මාරම මාර සිරා රටකි.මේ රටේ වෙන දේවල් මේ ලෝකේ වෙන කිසිම රටම සිද්ද වෙන්නේ නැතුව ඇති. සින්දු කියන මන්ත්‍රීලට , ආණ්ඩුකාරවරුන්ට මන්ත්‍රී නළුවන්ට අමතරව අපේ රට තවත් අමුතු අමුතු,අප්සට් දේවල්වලින් පිරි ඉතිරි තිබේ.

මේ ඒ වගේ අප්සෙට් දේවල් ටිකක්. . . 

1.රේඩියෝ එකකින් සින්දුවක් ඉල්ලන කෙනෙක් සින්දුව ඉල්ලනවට අමතරව තමන්ගේ හත්මුතු පරම්පරාවෙම අයෙගේ නම් කියන්නේ ඇයි. ? 
මොකද ඒ කට්ටියත් ඒ වෙලාවේ සින්දුව අහන්න රේඩ්යෝ එක ළගට එනවද ?

2. බස්වලට යන්න වෙනම ලේන් එකක් පාරේ ඇදලා තියෙද්දී ඇයි බස් ඒ තීරුවේ යන්නේනැතුව පාරේ හැම තැනම යන්නේ ?

3.අපි කන බොන දේවල් පාරේ / පදික වේදිකාවේ කිසිම ආරක්ෂාවක් නැතිව විකුණනකොට , සෙරෙප්පු / සපත්තු වායු සමීකරණයකරපු කාමරවල තියාගෙන විකුණන්නේ ඇයි ?

4.දාන දාන හැම මැච් එහෙකදිම ලකුණු ලබාගන්න බැරි පිතිකරුවොන්ටම ,ඇයි තව දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නකොටත් තව තවත් අවස්ථාවන් ලබා දෙන්නේ ?

ඉතින් බලමුකෝ ඒ ටිකෙත් හැටි නේද....ඔන්න තව අප්සෙට් දේවල් තිබ්බොත් අටපට්ටමට කියන්න ඕනේ..

මේකේ තිබ්බ සමහර අප්සට් දේවල් මම මිට කලින් කෝපි කඩේ තිබ්බ මෙන්න මේ පොස්ට් එකේදිත් දැක්කා.


Sunday, August 7, 2011

ඔබාමා ජන්දේ දින්න හැටි

මේක ටිකක් විතර පරණ කතාවක්, අපේ එකෙක් මේ ළගදී මතක් කල නිසා තමයි ආයි මතක් උනේ.හැමෝම දන්නවනේ පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කලේ බරක්‌ ඔබාමා කියලා. ඒ වගේම මතක ඇතිනේ හිලරි ක්ලින්ටන් සහ ඔබාමා අතර තිබණු දැවැන්ත සටන.ඉතාමත් තියුණු තරගයක් නේ දෙන්නා අතරේම තිබ්බේ.ඔය ටික හැමෝම දන්නවා උනාට කවුරුත් දන්නේ නැති දේ තමයි ඔය ජන්දෙදි ලංකාවෙන් ගිය සෙට් එකක් තමයි  හිලරිගේ මැතිවරණ ප්‍රචාරණ වැඩ එහෙම බාරගෙන කරලා තියෙන්නේ. ඒකනේ මුල් කාලයේදී හිලරි පුදුම විදියට ප්‍රාන්ත එකින් එක  දිනාගෙන ආවේ.

ඉතින් හිලරි මේ විදියට දිනන කොට අනිත් පැත්තේ අය ඒ කියෙන්නේ ඔබාමාගේ කැම්පේන් එක කරපු අය බලනවලු මේ වැඩේ හරියන්නේ නැහැ , අපිත් කරන්න ඕන හොද ඇඩ්වර්ටයිසින් පාරක් කියලා ගැහුවා හොද පෝස්ටර් සෙට් එකක්. අර ජනප්‍රිය " වෙනසක් ඇතිකරමු- Change" පෝස්ටර් සෙට් එක ,තමා ඔහොම ප්ලෑන් කරලා ගැහුවේ.

ඇමෙරිකාවේ මිනිස්සුත් ඉතින් ඔය කියන තරම් මොලේ තියෙන උන් නෙවෙයි නේ ( නැත්නම් ඔය අහක ඉන්න රටවල් එක්ක යුද්ධ කරන්නේ නැහැ නේ ). එහෙ මිනිස්සුත් ඉතින් ඔය මලඉලව් "වෙනසක්" අපිට ඕනේ නැහැ කියලා හිටියා. මේ ඔබාමාගේ අළුත් පෝස්ටර් කැම්පෙන් එකට හිලරිලගේ සෙට් එකත් , ඒ කියන්නේ.අපේ අයත් ගැහුවා ප්‍රති-පෝස්ටරයක්,  හිලරි ලස්සනට හිනා වෙලා එහෙම ඉන්න පින්තුරයක් දාලා ඒ පෝස්ටරේ මෙන්න මෙහෙම එකක් තමා ලියලා තිබ්බේ , "බරක්‌ ඔබා-මා දිනවමු".

පෝස්ටරේ ප්‍රින්ට් කරන්න ගිහින් හිටියේ ලංකාවේ බුවෙක් ,  මිනිහට පොඩි මිස්ටේක් එකක් වෙලා පෝස්ටරේ පොඩ්ඩක් වැරදියට ප්‍රින්ට් වෙලා තියෙන්නේ. ප්‍රින්ට් වෙලා තියෙන්නේ "බරක්‌ ඔබාමා - දිනවමු" කියලා.ජන්දේ කිට්ටුව තමන් සපෝට් කරන තමන්ගේ අපේක්ෂකයා හිනා වෙලා තමන්ගේ විරුද්දවාදීයට ජන්දේ දෙන්න කිව්වාම ඉතින් මොන ජන්දදායකයද අහන්නේ නැතුව ඉන්නේ.ඔන්න ඔහොම තමයි මුල ඉදන් දිනාගෙන ආපු හිලරි ජන්දෙන් පැරදිලා ඔබාමා ජනාධිපති පුටුවට ආවේ.

ප.ලි - නැතුව ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා එහෙම නෙවයි.

ප.ප.ලි - දැන් ඉතින් ඇමරිකන්කාරයොන්ට සිංහල තේරෙන්නේ කොහොමද කියලා අහන්න එපා.

Monday, July 18, 2011

අපි හැමදාමත් තරු වෙමු අහසේ

මේක මට අහම්බෙන් වගේ අහන්න ලැබුණු සින්දුවක්.මේ දවස් වල ඇහෙන පද මාලාවන් විකාර වෙච්ච් , තේරුම එහෙම අප්සෙට් සින්දු අතරේ මේ සින්දුව අහපු පලවෙනි වතාවෙම හිතට අල්ලලා ගියා.සින්දුවේ පද ගලපලා තියෙන විදිය නම් හරිම ලස්සනයි.

සිහිනයට කලින් - සිත් අහස මැදින් සුවසේ
පිවිතුරු හිතකින් - අත්වැල් අල්ලන් රෑනේ
හෙට අද වාගේ - හිරු පායද්දෙන් මිතුරේ 
සදු එනවනම් - අපි හැමදාමත් තරු වෙමු අහසේ


මං රහසක් කිවුවා - සියොතුන් හොරෙන්ම ඇහුවා
කහ මල් පෙත්තක් මත ලිවුවා -රතු සමනලයින් කවි කිව්වා
හෙට පාන්දරම පිනි වැටී තියේ - පිණි මාල ගොතමු හිරු කෙදිත්තියෙන්
මල් පොකුරින් සුවදින් පිරුණු දැයේ - සමසුන් මිනිසුන් වෙමු තුරුණු වියේ


සෙත් කවියක් ලියුවා - මව් බිම රැක දෙන්නට කිව්වා
සුදු වළාකුලක් අත යැවුවා - දෙව්ලොව කවියන් කවි කිව්වා
අද පැහැසර නුවණැස පිපීතියේ - මුතු අහුරක් රන් මත ඈලි ගියේ
සද සිත් සෙනෙහින්මයි පිරි ගියේ -විශ්වය විල් තෙර තරු රටා තියේ


සිත් මල් නොතලා පෙති නොපෙලා - තහන්ච් පවුරෙන් ලොව දිනනා
සරතැස සුළගට විසිකරලා - ඉසිවර නෙත්කමින් සැරසිලා
අත්වැල නොසිදා මතු කිසිදා - හිරි මල් මිතු හැගුමින් ඉදිලා
කදුළට සුසුමට වැට බැදිලා - යූද ගිනි නැති මව් බිම වැදලා



ඔය යු -ටියුබ් විඩ්යෝ එක නම් මේ සින්දුව ඉසිපතන විද්යාලයේ තිබ්බ ප්‍රසංගයකදී කියන එකක්.ඔරිජිනල් සින්දුවේ අයිති අයත් මෙතන ඉන්නවද කියලා නම් දන්නේ නැහැ. මේ සින්දුවට සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ පසන් ලියනගේ , සින්දුව ලියලා තියෙන්නේ ගිහාන් චාමික කියන දෙන්නා. මේ සින්දුවම තමයි දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එකේ දෙවැනි අදියරේ කට්ටියත් අවසන් තරගයේදී කියලා තියෙන්නේ.