Sunday, February 26, 2012

ස්ලිට්‌ එකේ ජිවිතේ II

මේ ටිකේම එක එක ජාතියේ තොප්පි වැටුන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය කරක්ගහන්නත් බැරි උනා.ස්ලිට්‌ එකේ ජිවිතේ I කියලා , ස්ලිට් එකේ උන දේවල් ලියන්න ගත්තු එක ලියාගන්නත් බැරි උනා ඒ හින්දා, අද එතැන් සිට..

පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනෑ දේවල් දෙකක් තියෙනවා.එකක් තමයි කලින් පොස්ට් එකේ අපි සෙට් එකේ අය පරක්කු වෙලා ආපු ඒවා ලියලා තිබ්බනේ.ඔය පරක්කුවෙලා එන ඒවනම් ඒ කාලෙන් පස්සේ නැති උනා.දැන්නම් ඉතින් වෙලාවටත් කලින්ම වගේ වැඩ.දෙවැනි එක තමා පොස්ට් එකේ නම ගැන , පොස්ට් එක කියවපු යාලුවෙක් කිව්වා ඕක "ස්ලිට් එකේ ජිවිතේ  " කියලා දාන්නේ නැතිව , "ස්ලිට් එකේ සමයං " කියලා ගියානම් හොදයි කියලා.බලාගෙන ගියාම ඉතින් ඒ කතාවත් ඇත්ත තමයි.ඉන්න කාලෙත් ඕක ඇතුලේ උනේ සමයං වැඩ , දැන් අයින් උනා කියලත් වෙන්නේ සමයං වැඩමනේ.

හරි කොහොමින් හරි ඉතාමත් සාර්ථක පලවෙනි සෙමෙස්ටර් එහෙකින් පස්සේ මමතුමා ඇතුළු අපි තුන් දෙනා දෙවැනි සෙමෙස්ටර් එකට ආවා.ආයේ ඉතින් පළවෙනි සෙමෙස්ටර් එක ගොඩයාම ඉහලින්ම සමරන්නත් අපි තුන් දෙනා අමතක කරේ නැහැ.Dine-More එක තියෙන්නෙත් මෙට්‍රෝ එක ළග පාත නේ , ඒකට ගිහින් සැමරුවා.අපි තුන් දෙනා පාස් උන එක ඔච්චර සමරන්නත් හේතුවක් තිබ්බා.මොකද yAkA ට ඒ දවස්වල ආරංචියක් ඇවිත් තිබ්බ ඩ්ග්‍රී කරන්න වැල පිටින් ආවට , ඩිග්‍රී එක දෙන්නේ පොඩි ගානකට කියලා.

මේ සෙමෙස්ටර් එකෙත් සබ්ජෙක්ට්ස් පහක් තිබ්බා.DBMS, System Analysis and Design , Technical Communication,Data Communication & Computer Networks සහ Java. හා හා පුරා කියලා සෙමෙස්ටර් එක පටන් ගත්තු දවසෙම තිබ්බ DCCN ලැබ් එක මායි yAkA යි කට් කරා.මොකද උදේම ගිහින් පොත් ටික අරගෙන එනකොට ලැබ් එකෙන් භාගයක් ගිහින්.අපි දෙන්නා ලැබ් එකේ භාගයක් කරලා තියෙද්දී ගිහින් උගන්නන ලෙක්චර් ගේ නෙට්වර්ක් මොකටද අවුල්  කරන්නේ කියලා හිතලා , පොත් ටිකත් අරගෙන අපි දෙන්න ගෙදර ආවා.

ඔය Data Communication කියන සබ්ජෙක්ට් එක කරේ සර් කෙනෙක්.ඒ සර් ආපු පලවෙනි ලෙක්චර් එකේදීම කිව්වා , "මගේ ලෙක්චර්ස්වලට කව්රුවත් පරක්කු වෙලා එහෙම එනවා නෙවෙයි " කියලා. හරියට අපි තුන් දෙනාගේ කල්-කිරියාව දැකලා කිව්ව වගේ,අපිටත් හරි පුදුමයි. පලවෙනි දවසේ ලෙක්චර් එකට ඉදලා , පලවෙනි පාරට ටියුට්‌ එකට ඉන්නකොටම අපි තුන් දෙනාම ඒකමතික තීරණයකට ඇවිත් ඉවරයි ආයි නම් ටියුට්‌ වලට ඉන්නේ නෑ කියලා.yAkA නම් පලවෙනි දවසින් පස්සේ ලෙක්චර්ස් ආවෙත් නෑ , මායි කස්සයි නම් ලෙක්චර්ස් ටික ඇදගෙන ගියා ( වෙලාවටත් ආවා වගේ මතකයි ).ඔය ලෙක්චර් එකයි ටියුට්‌ එකයි දෙකම තියෙන්නේ එක වෙලාවේ වගේ.ලෙක්චර් එක ඉවර වෙලා විනාඩි 10 වගේ ඉන්ට'වල් එකක් දෙනවා.ඔය වෙලාවේ සර් එලියට යන්නෙත් නෑ , ඉස්සරහා තියෙන ස්ටේජ් එකට වෙලා එක්කෝ පොතක් කියවනවා , නැත්තම් ටියුට්‌ එකක් බලනවා.ටියුට්‌ එක කට් කරනවා නම් යන්න වෙන්නෙත් මේ දෙන  විනාඩි 10 තමයි , නැත්තම් ඉතින් චාටර් වෙනවනේ.

ටියුට්‌ එක කට් කරන එක චාටර් නොවී කලාත්මකව කරන්න මායි කස්සයි නියම ක්‍රමයක් ඔය දවස්වල පාව්ච්චි කරා.විනාඩි 10 ඉන්ටවල් එක දුන්න ගමන් කස්සා මොකක් හරි අන්ධභූත ප්‍රශ්නයක් අරගෙන සර්ව හම්බුවෙන්න යනවා.ඔය අරගෙන යන ප්‍රශ්නෙත් ඇවිල්ලා මෙලෝ රහකට නැති එකක් ( අයියෝ සල්ලි  දැන් තමයි ඉතින් ඒවා තේරෙන්නේ ).කස්සා ප්‍රශ්නෙට උත්තරේ අහගන්න අතරේදී මම ටාර් ගාලා මගේ නයි මල්ලක් වගේ තිබ්බ පොත් බෑග් එකයි  , කස්සගේ පොත් ටිකයි අරගෙන හෝල් එකෙන් පනිනවා. දැන් උනත් ඉතින් ෆස්ට් ඉයර් අයට කරලා බලන්න පුළුවන් , කරලා චාටර් වෙලා ඔන්න මට කියන්න එපා. මුල දවස්වල ඔය විදියට පැන්නත් පස්සේ පස්සේ නම් ඉතින් සර් බලන් ඉන්නකොට වගේ නැගිටලා ආවා..හිකිස්‌

දැන් මේ කාලේ කියලත් කට්ටියගේ Halo උණ නම් නතරවෙලා තිබ්බේ නෑ. නිකන් ඉන්න වෙලාවක් තියෙනවානම් ( ගොඩක් තිබ්බේ ඒ වගේ ඒවා තමා :P ) හරි ලෙක්චර්ස් කලින් ඉවර වෙච්ච ගමන්ම කරන්නේ ලැබ් එහෙකට සෙට් වෙලා Halo ගහන එක තමා.ඔන්න ඔය කාලේදී තමයි මම හා හා පුරා කියලා ( ස්ලිට් එකේ  වැඩ වලට කියලා ) ඉන්ටනෙට් ගන්නේ.කොහෙද ඉතින් , Halo ඔන්ලයින් ගහන්න පුළුවන් කියලා yAkA හොයාගන්නවනේ.දැන් ඉතින් පැය 24 න් භාගයක් විතරම ෆුල් ටයිම් Halo ම තමා. ඔය කාලේදී පුරුද්දක් තිබ්බ රෑ දෙකට - තුනට නැගිටලා මොකක් හරි සර්වර් එහෙකට ජොයින් වෙලා Halo ගහන.කොටින්ම ඒ කාලේදී Maps එහෙම කට පාඩම්..ෆුල්ම ෆන් ඒ කාලේ.

මම ඉස්සෙල්ලා කිව්වනේ මේ සෙම්ස්ටර් එකේදී තිබ්බ කියලා System Analysis & Design කියලා සබ්ජෙක්ට් එකක්.ඕකේ නම කෙටි කරලා අපි කිව්වේ SAD කියලා.නම වගේම තමයි සබ්ජෙක්ට් එකත් So Sad.ෆුල් තියරි ගොඩක් එක්ක එක එක කන්සෙප්ට් තොගයක් තිබ්බේ.උගන්නපු මිස් නම් එළකිරියට ඉගැන්නුවා.අනිත් ඒ වගේ ටියුට්‌ කට් කරපු අපි ඉතින් මේකේ ටියුට්‌ කට් කෙරුවා කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ;)

ඊළගට තිබ්බ ෆුල්ම ෆන් සබ්ජෙක්ට් එක තමා Java.අපරාදේ කියන්න බෑ , yAkA ඇරෙන්න මායි කස්සයි කලින්ම ලෙක්චර්ස් ඇවිල්ලා , ලැබ් තියෙන ඒවටත් කලින්ම ඇවිල්ලා ෆුල් ආසාවෙන් කරපු සබ්ජෙක්ට් එක තමයි මේක.මේ සෙමෙස්ටර් එකේ මට වැඩිම ලකුණු තිබ්බෙත් මේ සබ්ජෙක්ට් එකට.

මේ සෙම්ස්ටර් එකේ උන සිරාම සිද්ධි දෙක තුනක් තිබ්බා.එකක්  තමයි ටැලන්ට් ෂෝ එක.අපි ෆස්ට් ඉයර් ඉන්නකොට තුන්වෙනි අවුරුද්දේ අයියලා - අක්කලා සෙට් එක තමා මේක කරේ.අපිටත් ඇවිත් කිව්වා , නාට්‍ය / නටන ඒවා / සින්දු කියන ඒවා කරන්න කැමති නම් සෙට් වෙන්න කියලා. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් වගේ යනකොට සින්දුවක් දෙකක් කිව්වට කට්ටිය ඉස්සරහ‍ සින්දු කිවිමේ හැකියාව පිහිටලා නැති නිසා මායි කස්සයි අපිට ලැබුණු ආරාධනාව ඉතාම සතුටින් ප්‍රතික්ෂේප කරා.ඒ උනාට නටන්න උපන් හැකියාවක් තියෙන නිසා yAkA නම් නටන අයිටම් එහෙකට ගියා.මේකාට ලෙක්චර්ස් එන්න කම්මැලි උනාට මොකෝ නටන්න පුරුදු වෙන්න නම් රට වටේම ගියා.කොහොමින් හරි ටැලන්ට් ෂෝ එකෙත් අපේ ෆස්ට් ඉයර් සෙට් එක කරපු අයිටම් වලින් හොදම නාට්‍යට ලැබෙන තෑග්ගයි , හොදම නැටුමට හිමි තෑග්ගයි ( කොහොමත් අපේ එකේ හිටපු බුවාලට සහ බුවීයන්ට හොද හොද නැටුම් නටන්න පුළුවන් :P ) දෙකම ලැබුනා.ටැලන්ට් ෂෝ එකෙන් පස්සේ වගේ තමයි හරියටම අපේ ඩොටී ඇතුළු බැච් එකේ ගොඩක් අය හරියට අදුර ගත්තේ. කොටින්ම කියනවනම් බුකියේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට බැච් එකේ කට්ටිය එකතු උනෙත් ටැලන්ට් ෂෝ එකේ ෆොටෝස් වල කට්ටිය ටැග් උනාට පස්සේ.ඔය ෆස්ට් ඉයර් ටැලන්ට් ෂෝ එකේ අතුරු කතා නම් එමටයි.කාගේ කාගේත් හිත සුව පිණිස ඒ කතා බ්ලොගයේ පළ නොකරමි :P

අනිත් වෙච්ච සිරාම වැඩේ තමයි අපේ බැච් එකට මල්සරා ගේ පැමිණීම සනිටුහන් වීම.ටැලන්ට් ෂෝ එකේදී බැචාලා , බැචීලා හැමෝවම වගේම අදුරගෙන හිටපු හින්දා කට්ටියටම මල්සරා මාමා ගේ ඊතල හොද ගානට වැදුනා.සමහරු කෙල්ලොන්ගේ පස්සෙන් ගිහින් කැමැත්ත අහලා , බෑ කියලා සාටර් උනා.සමහරුන්ට බාල ගිරි උත්තර ලැබුනා ( කැමැත්ත අද නෙවයි හෙට ).සමහරුන්ට ලැබුණ උත්තර වලින් කට්ටිය සතුටු උනා.එක එක ජාතියේ වෙඩින් ගොඩයි.මගේ බ්ලොග කියවන දැනට ස්ලිට් එකේ උගන්නන මගේ යාලුවෙක්ටත් මල් මාමාගේ ඊතලය වැදුනෙත් මෙන්න මේ කාලේදී තමයි.දැන් ඉතින් බලයි නේ , හැම එකා ගැනම කියන තොට මොකද උනේ කියලා..අවුරුදු 21 තිස්සේ මල් මාමා ගේ ඊතළ පහරවල් වලින් බේරිලා හිටපු මටත් , නීරෝ ස්නයිපර් ෂොට් එකක් දෙනවා වගේ ඊතලයක් වදිනවා මේ කාලේදී .ඔය ජැකලින් / දීපිකා පදුකෝන් වගේ කට්ටිය අයින් කරාම ,ඒ වෙනකම් විහිළුවටවත් ආදරේ කරලා තිබ්බේ නැති මම ( විහිළුවට ආදරේ කියන එක කරන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙත් නෑ  ) මගේ පලවෙනි , කුලුදුල් ආදරෙත් පටන් ගන්නවා...දැන් නම් පොස්ට් එක වල් වැදෙනවද මන්දා..කොහොමහරි ඔය ටොපික් එක ලංකාවේ මානව හිමිකම් වගේ හොට් ටොපික් එකක් හින්දා වැඩිය කතා නොකර ඉන්න තරමට හොදා...

මේ කාලේ තනිකරම පාටි වලින් පිරුණ කාලයක්.දෙන්නෙක් කපල් උනා කියන්නේ, ගොඩක් වෙලාවට උන් දෙන්නට ඇරෙන්න අහල පහල ඉන්න එවුන්ට මගුල් ගෙයක් වගේ නේ.කොහොමින් හරි මෙහෙම මාසේ දෙක තුන යනකොට කස්සයි , yAkA යි මාත් එක්ක තියෙන ෆිට් එක අඩු වෙනවා.කොටින්ම එකට කකා - බිබී හිටපු ඒවාත් නැති වෙනවා.එකට ලෙක්චර්ස් ආපු , ඉවර වෙලා එකටම ගියපු ෆිට් එකත් නැති වෙනවා.එහෙම වෙන්නත් හේතුවක් තිබ්බ.ඒකත් මානව හිමිකම් වගේ මතබේදාත්මක කේස් එහෙකට සම්බන්ධ නිසා වැඩිදුර කතා නොකරමි ( කස්සයි , yAkA යි තාමත් සහ ජිවත් වෙලා ඉන්නකම් මගේ ඉන්න හොදම ෆිට් දෙකක් , ඒක කවුරු නිසාවත් වෙනස් වෙන්නේ නෑ )...ඔය ඔය ආයේ වල් වැදුනා මේක..

දැන් ෆස්ට් ඉයර් අන්තිම විභාගෙටත් එන්න එන්නම කාලේ ළගයි.දැන් නම් බැච් එකේ අය අදුරගෙන හිටපු නිසා ගියා පාර වගේ මිස් උන (කරපු ) ලෙක්චර්ස් වල නෝට්ස් හොයන්න වැඩිය චාටර් වෙන්න උනේ නැහැ.කලින් පාර නම් විභාගේ කිට්ටුව මායි , කස්සයි , yAkA ගෙදරට වෙලා පාඩම් කරත් , මේ පාර එක එක හේතු හින්දා එහෙම උනේ නැහැ. කස්සයි , yAkA යි ගෙදරට වෙලා පාඩම් කරත් මම ස්ලිට්‌ එකට ඇවිත් සාටර් වේවි හිටියා.කොහොමින් හරි විභාගෙත් ලිව්වා කියමුකෝ.

විභාගේ ප්‍රථිපල එනකොට හිතුවේ නැති දේවල් ගොඩක් වෙලා තිබ්බා.ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙලා තිබ්බත් , ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා හිතාගෙන හිටපු හීනෙ සුදු කොඩි වැටෙන්න පටන් අරන් තිබ්බ.කොටින්ම GPA එක දැක්ක ගමන් මට කදුළු ආවේ නැති එක විතරයි.ඔය සෙමෙස්ටර් එකේදී කෙල වෙච්ච GPA එක හදාගන්න ඉතුරු සෙමෙස්ටර් හතරේ කාපු කට්ට දන්නේ මායි මගේ හිතයි විතරයි.

මගේ ජිවිතේ ආපහු පටන් ගන්න කියලා කවුරු හරි මට චාන්ස් එකක් දුන්නොත් මම ආපහු යන්නේ මෙන්න මේ සෙමෙස්ටර් එකට.මොකද පස්සේ කාලෙකදි උන ගොඩක් දේවල්වල පටන් ගැන්ම උනේ මේ සෙමෙස්ටර් එකේ උන දේවල්.ඒ දේවල් දැන් වැඩක් නැහැ..වෙන්න තිබ්බ දේවල් උනා...

පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මගේ වැඩ :

  • GPA එක කෙලවිම සහ ෆස්ට් ක්ලාස් සිහිනයට සුදු කොඩ් පෙනෙන්නට පටන් ගැනීම.
  • Dine-More එක ගෙදර වගේ වීම සහ Submarine එක ජාතික ආහාරය බවට පත් වීම.
  • කෙල්ලෙක් සෙට් වීම.
  • බැච් එකේ ඔක්කොම එවුන් වගේ ෆිට් වීම.
ඔන්න ඔහොම තමයි මගේ ස්ලිට්‌ එකේ පලවෙනි අවුරුද්ද එහෙමත් නැත්තම් මගේ දැනට ගෙවපු ජිවිතේ Turning Point කාලය ගෙවුනේ.අනිත් අවුරුදු දෙක ගැනත් ලියනවද නැද්ද කියලා ආයේ දෙපාරක් , තුන් පාරක් නෙවෙයි n වතාවක් හිතලා බලන්න ඕන.මොකද මිට පස්සේ තිබ්බ අවුරුදේ දෙකේදී වෙච්ච හැම දෙයක්ම වගේ මම සම්පුර්ණයෙන්ම වගේ අමතක කරලයි තියෙන්නේ , ආයි මොකටද අමතක කරපුවා මතක් කර ගන්නේ..අනිත් දේ ඊළග අවුරුදු දෙකේදී ඉගෙන ගත්ත එක විතරයි හරියකට උනේ.අනිත් හැමද්ම අප්සෙට් යන්න පටන් ගත්තා..ඒක හින්දා ලියන්න වෙන්නේ කොමඩි නැති , සීරියස් විදියට වැඩ කරපු දේවල් ගැන තමා...බලමුකෝ !!

57 comments:

  1. adoo mama SAD cut karai na

    ReplyDelete
  2. එල, අපේ සෙට් එකේ නම් කැල්ලක් දාගත්තම අනිත් එවුන්ට 1000 ක් දෙන්න ඕනි,ඒ සතුටට,
    බූට් එකක් කෑවත් 1000 ක් දෙනවා ඒ දුකට, මල්සරා අපේ සෙට් එකේ එකකුට මොකක් හරි කරත් අනිත් එවුන්ට party

    ReplyDelete
    Replies
    1. අපෙත් කියලා මහ වෙනසක් නැහැ බ්න්..හිකිස්

      Delete
  3. අනේ පින්සිද්ද වෙයි ... ඇතිවෙලා ඉන්නේ.. ඔය ඉන්නවා වගේ ආතල් එකේ ඉඳන්... වෙන දෙයක් ලියපන්...

    ReplyDelete
    Replies
    1. අවවාදය පිලිගනිමි මාතලන් අයියේ..

      Delete
  4. DBMS,Java, SAD මගේ ආසම සබ්ජෙක්ට් 3 .හම්මියෝ...මතක්වෙද්දිත් ආසයි....:@ :@ :@ :@ හික්ස්ස්..:D


    //මගේ ජිවිතේ ආපහු පටන් ගන්න කියලා කවුරු හරි මට චාන්ස් එකක් දුන්නොත් මම ආපහු යන්නේ මෙන්න මේ සෙමෙස්ටර් එකට.මොකද පස්සේ කාලෙකදි උන ගොඩක් දේවල්වල පටන් ගැන්ම උනේ මේ සෙමෙස්ටර් එකේ උන දේවල්.ඒ දේවල් දැන් වැඩක් නැහැ..වෙන්න තිබ්බ දේවල් උනා...//

    හුඟක් අයට ජීවිතේ මොකක්හරි තියෙනවා තැනකකතීතෙට ගිහින් ආපහු හදන්න කියලා කිව්වොත් හදලා එන්න. මං හිතන්නෙ හැමෝටම එහෙම ඇති.ඒකනෙ මේ ජීවිතේ කියන්නෙ. මං නම් ඉතිං කියන්නෙ දැන් වෙච්ච දේවල්වලට පසුතැවිලි වෙලා නෑ.. හැමදේම හොදින් නිසා,ඉස්සරහට වෙන දෙයක් හරියට කරහම හලි..:)

    වැඩියම වල් කරන්නෙ නැතිව ඉතුරුටිකත් ලියමුකෝ බලන්න අයියේ...;)

    ReplyDelete
    Replies
    1. බ්ලන් යනකොට අපි ඔක්කොම එක සෙට් එහෙක නෙ..හි හි...
      පරන දෙවල් මක්කටද කියලත් වෙලාවකට හිතෙනවා අෆ්ෆා..
      අමතක උනා නෙ SAD හොදට කරන්න හලි ද;) ;)

      Delete
  5. ආතල් නේ...

    ReplyDelete
    Replies
    1. අඇයෙත් අහලා..සුපිරි ආතල්.. ;)

      Delete
  6. එල එල... මමත් නෙට්වර්ක් ඩිසයිනින් ක්ලාස් එකට ගියේ දවස් තුනයි. එස් පී එම් ක්ලාස් එකට දවස් තුනයි. එස් පී එම් එකේ ටීචර් මගෙන් දවස් දෙකක්ම ඇහුවේ ආ යු අ නිව් ස්ටුඩන්ට්? කියල තුන්වෙනි දවසේ කිව්වේ අයි හොප් ෆොර් අ මිරකල් ෆොර් යු කියල.. හික්.. අන්තිමට රිසල්ට්ස් කිව්වම ටීචර්ට කලන්තේ දාපු නැති ටික විතරයි උනේ.. නෙට්වර්ක් ක්ලාස් එකේ පුංචිම ස්ලයිඩ්ස් ගානක ප්‍රසන්ටේෂන් එකයි පුංචිම සොලුෂන් බුක් එකයි හැදුවේ මම. අන්තිමට හයස්ට් රිසල්ට්ස් තිබ්බෙත් මට.. අනේ ඒ කාලේ කෙලපු පිස්සු... තව එකක්.. අපිත් බැච් එකෙයි ඉන්ස්ටිට්යුට් එකයි එක්ක ෆුල් ෆිට් උනෙත් සැහෙන ප්‍රසිද්ධ උනෙත් ටැලන්ට් ෂෝ එකක් හරහා.

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ අපි වගේ අයියා කෙකෙන්ක්..හි හි..අපිටත් ඔවැනි අත්දැකීම නම් එමටයි..හිකිස්‌..
      ඒ උනාට අන්තිම්දී අපිත් ඉන්නවා හොදම රිසල්ට් තියෙන සෙට් එකේ...
      සද්ද නැතිව වැඩ ;)

      Delete
  7. මම නම් කියන්නේ.. 2 වෙනි අවුරුද්ද SKIP කරමු.. 3 වෙනි අවුරුද්දෙත් අන්තින්ම හරියේ ඉදලා පටන්ගමු story එක :D :D :D
    හෑබෑයි මේ දවස් වල වෙන දේවල් ලිව්වේ නෑත්නම් ලොකු අඩුවක් වගේ දෑනෙයි :P :P :P

    ReplyDelete
    Replies
    1. ලොල්...ඒකත් ඇත්ත තමා මචෝ ;) ;) Let's see :P

      Delete
  8. වල් පැලත් තිබුනට කාරියක් නෑ..වගේ.

    ReplyDelete
    Replies
    1. සමහර ඒවාගේ හුගක්ම වල් බන් එකයි සීන් එක..

      Delete
  9. දැන් නම් ෆස්ට් ක්ලාස් සිහිනයක්ම තමා බං...හැම එකාම සුපිරියටම කෙලවනවා.... :P

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ගත්තොත් ඔබ හපනා නේ :P

      Delete
  10. හැමදාම කියවන එකෙක්February 26, 2012 at 1:31 PM

    අඩෝ මේ උබේ මානව හිමිකම් කඩ උන ඒවා ගැනත් ලිය්පන්කෝ :P :P :P අනිත් එක තමයි උබ 1 st year ටැලන්ට් ෂෝ එක ගැන ලියලා නැහැ නේ බන්.ඒක ගැන ලියහන්කෝ.කොච්චර තියේද බන් එතන උන රස කතා :P

    ReplyDelete
    Replies
    1. මගේ කාඩ් කුඩු බොල ඒවා ලියන්න ගියොත් :P

      Delete
  11. ඊට පස්සේ උන දේවල් අමතක කරලා තියෙන්නේ මොකක් හරි විශේෂ හේතුවක් නිසානම් ඒ ගැන ලියලා ආයේ ඒ මතකය අළුත් කර ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. හම්බෝ අතිශයින්ම විශේෂ හේතුවක් මචෝ...

      Delete
  12. අපි නම් SAD ගියේ ඉගෙන ගන්න නෙවේ..උගන්වන මිස් දිහා බලාගෙන ඉන්න...තව පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමති...

    //පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මගේ වැඩ :

    ජීවිතයට කෙලවිම සහ ජීවිතයට සුදු කොඩ් පෙනෙන්නට පටන් ගැනීම.//

    ReplyDelete
    Replies
    1. ඇයි රෑට හීනෙන් ගොක් කොළ පේන්න ගත්තෙත් ඔය කාලේ නේද චම්මා....දැන් නම් දෙවියනේ කියල හොඳට නිදා ගන්නවා නේ...

      Delete
    2. මට උබලා දෙන්න කවුද කියලා හිතාගත්ත ඇහැකි :P

      Delete
  13. Aniwa defa.. kiyala wadak naha e kale.. pixxuma thama.. apit ithin 1-2 year pixxu kelapu ayane.. dannam ewa matak wedit dukai. but hamadema wenne hodatane.. ;)

    ReplyDelete
    Replies
    1. එහෙම් එහෙම්...අනිවා පිස්සු කෙලපු අයනේ ;)

      Delete
  14. මාත් කියන්නෙ ස්ලීට් එකෙ තිබ්බ හොදම කාලෙ පස්ට් ඉයර් එක.
    කැමට පෙරත් හෙලො
    කැමට පසුත් හෙලො

    ReplyDelete
    Replies
    1. කට්ටියට හලෝ වලින් තොර ලොවක් නැතිවනේ හිටියේ ;)

      Delete
  15. ha ha ha .....
    kauda ban me hithuvakkarii ....""SAD" asama subject ekak "... pissu hadenava ,"SAD" teach karapu miss vitarai fun.. subject nam "no FUN".
    adooo "after 3rd year" kiyana eka thama Hotma topic eka...eka gana liyapan.
    Hoda Headline ekak dennam "Pasu Vimasuma"....LOL....

    ReplyDelete
  16. ha ha ha .....
    kauda ban me hithuvakkarii ....""SAD" asama subject ekak "... pissu hadenava ,"SAD" teach karapu miss vitarai fun.. subject nam "no FUN".
    adooo "after 3rd year" kiyana eka thama Hotma topic eka...eka gana liyapan.
    Hoda Headline ekak dennam "Pasu Vimasuma"....LOL....

    ReplyDelete
    Replies
    1. මලියා SAD වල ගත්ත ආතල් මතකද?

      Delete
  17. sliit athal nam kiyala wadak naban..eth dan ape kale wage nemei kiyalath aranchi...

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න කස්ටියත් විවිධ විදියට පිස්සු කෙලිනවා කියලයි මටත් ආරංචිය...

      Delete
  18. මතකය සිත රිදවනවා නම් ලියන්න එපා සහෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි..හිත රිදෙනා මතකයන් තමා ඉදිරියට තියෙන්නේ..ඒ නිසා මාත් නොලියා ඉන්නයි කල්පනාව :)

      Delete
  19. පොස්ට් නැතත් කමක් නෑ මටත් බූට් කතා නම් එපා.. :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් අයියේ..බුට්‌ සින්දුත් අහන්නේ නැති මම බුට්‌ කතා ලියයිද..

      Delete
  20. එළ ෆන්ට් අරගෙන නේ ඒ කාලේ....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..ෆන් රස වෑහෙන කාලයක් නොවැ..

      Delete
  21. ජීවිත කතාව ලියනව වගේ....හ්ම්...

    ReplyDelete
    Replies
    1. චාටර් කාලේ ජිවිත කතාව ඔබා අයියේ

      Delete
  22. ඉතිරි කතා කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අනේ කොල්ලෝ මම ස්ට්ල් තින්කින් ලියනවද කියා..

      Delete
  23. ස්ලිට් එකේ උගන්නන එකා..... ස්ලිට් එකේ උගන්නන එකා.....February 27, 2012 at 5:37 PM

    ටැලන්ට් ෂෝ එකට එන්න පෙරුම් පුරාගෙන හිටියට ඔය කාලෙ තමා අර චිකන් ෆොක්ස් වසන්ගතය ආවේ...... ඒ දවස් වල තිබ්බ ටැලන්ට් එක කොච්චරද කියනවනම් දවස් 21 ක් යනකම් ඇඳේ තමා හිටියේ.... හබැයි ඔය වකවානුවෙ තමා මල්සරා ගේම දුන්නෙ.....දැන්නම් ඉතින් මල්සරාගෙන් ලයිසනුත් ගත්තනේ....

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...,,,ඔය ඇවිල්ලා අපේ බැච් එකේ නිල ලෙඩ්..එකෙක් ගේනවා..අන්තිමේ භාගෙකට සෙට් වෙලා නේ නතර උනේ..

      Delete
  24. Halo ඔන්ලයින් ගහන එක ලැබ් නෙට්වර්ක් එකේ ගහන තරම් ජොලි නැහැ නේද..කට්ටිය එක තැන ඉඳගෙන කෑ ගගහා(නික් නේම් වලින්) ඕක කරද්දී තමයි ගති..:)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අක්කේ...එහෙම ෆන් එකක් නම් නැහැ ඔන්ලයින් ගහනකොට..

      Delete
  25. මාර ෆන් ගොඩක් අරගෙන තියෙන හැඩයි.

    ReplyDelete
  26. මට මතකයි 1st Year 2nd සෙමෙස්ටර් එකේ දවසක චම්මා ඇවිල්ල කිව්ව
    "මචන් මම ඊයේ රෑ හීනෙන් ගොක් කොළ දැක්ක ගොක් කොළ දකින්න හොඳ නෑනේ කියල"...
    ඊට දවස කීපයකට පස්සේ චම්මා මර උගුලකට අහුවුනා...

    ඔය වගේම 3rd Year 2nd සෙමෙස්ටර් එකේ දවසක චම්ම ඇවිල්ල කිව්වා
    "මචන් ඊයේ රෑ මම හීනෙන් දැක්ක මම එපා කියද්දී මලියා මාව වඩා ගත්ත එතකොටම උඩ කැරකි කැරකි තිබ්බ ෆෑන් එකේ මගේ ඔලුව වැදිලා මම මැරෙනවා දැක්ක...එහෙම හීන දකින එක හොඳයි නේ කියලා.."
    ඊට දවස් කීපයකට පස්සේ චම්මා කිව්වා මචන් මම දැන් නිදහස් ගොවියෙක් කියලා......

    මම කව්ද කියලා චම්මා දන්නවනේ.....

    ReplyDelete
  27. ඈ බන්‍,
    බලන් යනකොට මල්සරා මාමා ගේ ඊතල වැදුන දවසේ ඉදන්ම් උඹ ඉදලා තියෙන්නේ අකමැත්තෙන්නේ.........
    මල්සරාගෙන් වෙචිච හොදක් ඇත්තෙම නෑ ව්ගේනේ..... මල්සරා මාමාටත් විදින්න වෙන ඊතලයක් තිබිලම නැද්ද බන්......
    සිරවටම ඒකි උඹට love කලේම නැද්ද යකෝ....
    ඒ කෙල්ලව ඒ කාලෙම අයින් කලානමි හරිනෙ මචෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චම්මා _ _ _ ඔය ගැනී උඹ LOVE කලේම නැද්ද අහ!!!!

      Delete
  28. ado chamma meka adai mama dakke.....deffa deffa.....mona unath first year ekanam amataka wenne ne.......and api thundena hamadatama yaluwo.......

    ReplyDelete
  29. අනේ අනේ ඉතුරු ටිකත් ලියන්න. නොලියා ඉන්න එපා. එවාලින් අපිට ජිවිතේ පාඩම් ඉගෙන ගන්න පුළුවන් :)

    ReplyDelete
  30. Machan, umba Metro da? o.O

    ReplyDelete
  31. වැලේ වැල් නෑ බන්, අපිත් ඔය බෝට්ටුවේම තමයි

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!