Saturday, January 21, 2012

SOPA එපා

බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න කියලා ඇමෙරිකාවේ ආණ්ඩුවෙන් ගෙන්න හදන පනතක් තමයි මේ SOPA ( Stop Online Privacy Act ) කියන්නේ.බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න පනත ගේන එක කෙසේ වෙතත් මේ පනත ගේන්නේ ලොකු ලොකු කම්පැණි වල අවශ්‍යතාවටය කියල තමයි දැනට නම් පෙන්නේ.ඊයේ පෙරේදා මේ ගැන ලොකු කතාවක් ගියාට සෙනෙට් සභාවට පනත දාල තිබ්බේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ.

සාමානයෙන් ලංකාවේ ඉන්න අපි කවදාවත් ටී.වී සිරිස් එහෙමත් නැත්තම් ෆිල්ම්ස්වල ඔරිජිනල් සල්ලි දීලා ගන්නේ නැහැ නේ.මොකද එච්චර ගානක් වියදම් කරන්න අපිට බැරි නිසා.හැබැයි මේ පනත සම්මත උනොත් ඔය ඔක්කොම නැති වෙනවා.

සරලවම කිව්වොත් ප්‍රසිද්ධ රෙකෝඩ් ලේබල් එහෙකට අයිති සින්දුවක් පොඩ් ළමයෙක් කියලා , ඒක Youtube/Facebook  එකේ අප්ලෝඩ් කළා කියලා කියමු.මේ පනතෙන් පුළුවන් අර ලේබල් එක අයිති කම්පැනියට Youtube / Facebook එකට නඩු දාලා ඒ සයිට් එක වහලා දාන්න.අර ළමයට විරුද්ධව නීති මගින් කටුයුතු කරන්නත් පුළුවන්.නිකන් හිතන්නකෝ කොලවරි සින්දුව වගේ එකක්.එක එක විදියට සින්දුව වෙනස් කරා කියන එක යටතේ ( අවසර නැතිව ) නිකන්ම නඩු වැටෙනවා.

තවත් දෙයක් තියෙනවා දැන් අපි හිතමු මොකක් හරි කන්ටෙන්ට් එකක් ආණ්ඩුවෙන් බ්ලොක් කරලා තියෙනවා කියලා.හැබැයි ඔය කන්ටෙන්ට් එක Search කරාම Search Results වල පෙන්නනවා.දැන් මේ පනතෙන් පුළුවන් Search Engine එක විරුද්ධව උනත් නඩු පවරන්න.

ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගොඩක් මේ සෝපා එකට තමන්ගේ විරුද්ධතාවය පල කරලා කැම්පේන් එහෙම කරා.විකිපීඩියා එකත් ඒ අතරේ හිටියා.මේ පනත ගෙනාවොත් Twitter/Facebook/Wikipedia වගේ ප්‍රධාන පෙලේ සයිට් ගොඩකට ලොකු අවුලක් වෙනවා. මුළු ලෝකයෙන්ම ඇති උන දැඩි විරෝධය නිසාම දැන්නම් සෝපා එක ගේන එක නතර කරලා තියෙන්නේ. ඒත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බැහැ.




30 comments:

  1. සෝපාව ගේන එකක් නැ ඒත් සෝපාවේ හැඩය වෙනස් කරල කනප්පුවක් වගේ එකක් ගේයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත..නම වෙනස් එකම වැඩේ වෙන එකක් ගෙනෙයි..

      Delete
  2. හෆ්ෆෝයි!!!!! මාර වැඩ්ක්නෙ වෙන්නෙ!!!!

    ReplyDelete
    Replies
    1. ගෙනාවොත් නම් මාරම කේස් එකක් තමා වෙන්නේ

      Delete
  3. අප්පටසිරි !!!
    එහෙම උනොත් අපිට නෙට් එකෙන් සර්ච් කරලා බ්ලොග් වලට පින්තූර දාන්නත් බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා , එතකොට ඔරිජිනල් ඉම්ජ් එක අයිති කෙනාගේ අවසර ගන්නම වෙනවා..

      Delete
  4. අහ්හ් මාර වැඩේ එහෙම කලොත්. අපිටවත් සින්දුවක් කියලා යූ ටියුබ් දාන්න බැරි වෙයි අයියෝ :((

    ReplyDelete
  5. ආයිත් අහලා..Facebook / Youtube ඔක්කොම ඉවරයි..

    ReplyDelete
  6. සිරාවට සෝපා එපා.. මොකද ලංකාව ඔය මයික්‍රොසොෆ්ට් කාරය එක්ක ඇග්රීමන්ට් එක ගහන්න කලින් (මට මතක විදියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 වසරේ බලයට පත්වුණාම තම මේ දේ කරේ) ලංකාවේ ඕනෙම පේමන්ට් එකක ඇඩෝබි, ඩිස්ක්‍රීට්, මයික්‍රොසොෆ්ට් වගේ ඕනෙම කොම්පැනියක සොෆ්ට්වෙයාර් විකුණුව. රුපියල් පනහට වින්ඩෝස් ගන්න තිබ්බ කාලයක් තිබ්බා. පස්සේ මොකද උනේ? ඒ ඔක්කොම නැති කරා. දැන් වින්ඩෝස් සීඩී එකක් කීයද? ගෙඩි පිටින් 20000 වත් ඇති? ඉතින් ඕක එන්න කලින් කොම්පියුටර් තිබ්බ හැම එකාම වින්ඩෝස් එක්ස්පර්ට්ල උනා. ත්‍රී ඩී මැක්ස් කොරල් ඩ්‍රෝ කාපර්ල උනා. තනියෙන් ඉගනගෙන. එත් දැන්?

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට නම් වින්ඩොස් සි.ඩ් එකක් දැන් 50,000 + ( හරියටම ෂුවර් නැහැ , ඒ වගේ ගානක් තමයි )..ඔය වැඩේ ආවොත් අපි වගේ රටවල්වලට කෙල වෙන එක තමා වෙන්නේ

      Delete
    2. නැහැ මචන් වින්ඩෝස් 7 අල්ටිමේට් එකත් තිස් දාස් ගානක් වෙන්නේ . හෝම් ප්‍රිමියම් එක 20,000ට අඩුයි

      Delete
    3. එහ්මද මචන්..මට නම් එච්චර අදහසක් නැහැ...20 ක් උනත් අපේ එවුන් O/S එහෙකට් වියදං කරන්නේ නැහැ නේ ..

      Delete
  7. අයියෝ මෙව්ව නම් අල වැඩ බං.....ඇමරිකන් කාරයා ළඟදිම පස්ස බිම ඇන ගන්නවා ශුවර්....

    ReplyDelete
    Replies
    1. මේ කොරන වැඩ වල හැටියට එහෙම වෙන්න ඕන මකුළුවෝ..චාටර් වැඩදත් අහනවා..

      Delete
  8. ඕක ගෙනාවොත් නම් ඉතින් කාල හමාරයි...

    ReplyDelete
  9. හ්ම්ම්...ඉස්සරහට මොනවා කරයිද කියලා දන්නේ නැහැ...එහෙම කරොත්නම් විනාසයි..

    ReplyDelete
    Replies
    1. පනත අකුල ගත්තා කියලා තමයි කතාව නම් යන්නේ..අනේ මන්දා !!

      Delete
  10. මම අද නිවුස් වලනම් දැක්කා ඕක ගේන්නේ නෑ කියනවා.. ඒත් මොනවා වෙයිද කියන්න දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මෙහේ වගේ අයනේ ඉතින් ඇමරිකාවෙත් ඇත්තේ..කියන්න බැහැ මොනා වෙයිද කියලා..

      Delete
  11. පේන විදියට නම් ඕක ගේන එකක් නැතිවෙයි වගේ, ඒත් ෂුවර් වෙන ඇඳුමක් අන්දවලා ගෙනෙයි හොරෙන් ම !

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල..එකම වැඩේ , වෙන නමක් !!

      Delete
  12. දැනටම ගෙනල්ලා ඉවරයි. මට top gear full episodes බලන්න බැරියෝ.....ඒකත් වහලා........ damn them

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා...එහෙමද , මම දැක්කනේ එකෙක් දෙන්නෙක් Top Gear එකේ ටොරන්ට් ලින්ක්ස් දාලා තියෙන්ව‍ා..මම පොඩ්ඩක් බලන්නම් මචං..

      Delete
  13. සිර මේ වැඩේ වෙයිද

    ReplyDelete
    Replies
    1. වෙන සීන් එකක් තමයි බන් තියෙන්නේ :(

      Delete
  14. Replies
    1. අතීශයින්ම භයානකයි

      Delete
  15. අපොයි!!! හරි අපරාධයක් නේ!

    ~~~**දඟ මල්ල**~~

    ReplyDelete
    Replies
    1. ෆිල්ම්..සින්දු ඔක්කොම බලලා අහවරයි... :/

      Delete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!