Monday, January 2, 2012

අළුත් අවුරුද්දක් - අළුත් ආරම්භයක්

අළුත් අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක.අළුත් අවුරුද්දේ අපි කැමති දෙයකින් වැඩ අල්ලන එක
කොහොමත් හොද වැඩක් නේ.ඒක හින්දා ඉතින් බ්ලොග් පොස්ට් එහෙකින්ම වැඩේ පටන් ගත්තා.අවුරුද්දේ අන්තිම දවසේ නම් බුකියේ නෝටිෆිකේෂන්වලින්ම සංතෘප්ත වෙලා තිබුනේ.ඒ අස්සේ අපේ එවුන් දෙතුන් දෙනෙක්ට මල පැනලා ස්ටේටස් අප්ඩේට් කරලා තිබුනා " තව එක ෆොටෝ එකක් හරි ටැග් කරොත් ටැග් කරන එකාව රිමුව් කරනවා " කියලා.කොහොමත් ඉතින් අළුත් අවුරුද්දට , 31 වෙනිදා වගේ  ඔය දේවල් වැඩිය ගානකට ගන්න ඕනේ නැහැ.

මේ අවුරුද්දේ කරන්න නම් වැඩ ගොඩයි.මුලින්ම කරන්න ඕන මේ දවස්වල නිශාචර වෙලා තියෙන ජීවිතය යථා තත්වයට ගන්න එකයි.පහුගිය මාස දෙක තුනම වැඩිය වැඩක් තිබ්බේ නැති නිසා රෑ (පාන්දර) 4-5 වෙනකම් ටී.වී සිරිස් බලන එක තමා කරේ.ඒ කරලත් උදේ 9-10 ඇහෙරෙනවා.අළුත් අවුරුද්දේ මොන දහම් ගැටයක් හරි ගහලා ආයි සාමාන්‍ය ජිවිතයට එන්න ඕන.ඊට අමතරව ඉතින් ජිවිතයේ ලොකු වැඩක් තියෙනවා පෙබරවාරි මාසයේ.(කසාදයක් බදින්න නෙවෙයි ).ඒ දවස එනකන් ඉතින් ඇගිලි ගැන ගැන ඉන්නවා.

බුවා පටන් ගත්තු අළුත් වැඩේ ගැන කියන එක තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ආලකමන්දාව තමයි මේ අළුත් වැඩේ.තමන් රසවිදින ඕන දෙයක් ගැන තමන්ගේ අදහස් / යෝජනා මේකෙ ලියන්න පුළුවන්.වැඩි විස්තර මෙතන තියෙනවා, ගිහිල්ලම බලන්නකෝ .මාත් වැඩේට පුළුවන් විදියට සම්මාදම් වෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.

අවුරද්ද පටන් ගන්න මේ මාසේ හැමෝටම තමන් කරන්න හිතන් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලා මේ ගමන්ම ප්‍රර්ථනා කරන්නම්.

A New Life..A New Beginning...I'm Ready For My World....My Destiny !!


17 comments:

  1. මාත් එන්න හිතං ඉන්නෙ.

    ReplyDelete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා.ආලකමන්දාවට අපිත් එනවා...

    ReplyDelete
  3. බුවා අයියත් එළුත් වැඩකට අතගහලා එහෙනම්. මරු.
    අළුත් අවුරුද්දේ අළුතින් වැඩ පටන් ගම්මු. මල්ලි දැන් ඩිග්‍රියත් කම්ප්ලීට් කරපු එකේ ඊලඟට මොනවද කරන්න ඉන්නේ ?

    මල්ලිට සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  4. අහ් එළ....සුභ අළුත් අවුරුද්දක් වේවා.......

    ReplyDelete
  5. අලුත් පැතුමට සුභ පතනවා පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා..

    සුභ නව වසරක්

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් යාළුවා..

    ReplyDelete
  7. හැපි නිව් ඉයර් එකක් වේවා...!!!

    ReplyDelete
  8. @ රාජ් අයියා - මේ පාර ගෙට්ටුවට නම් එන්න වෙන්නේ නැහැ..චක්‍......,,අපරාදේ... :/

    @ නදීර - අන්න හොදා...ආලකමන්දාවටැ පුළුවන් ලිපිත් ලියන්න :))

    ReplyDelete
  9. @ මධුරග අයියා - දැන් නම් ඉතින් ජොබ් කටුවක් හොයාගන්න එක තමා බලාපොරොත්තුව..
    අයියටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..නෙට්වර්කින් ඉගෙන ගන්න වැඩෙත් හරීයන්න ඕන...

    @ ඇනෝ - ඉතින් ඒ බ්ලොගට ගිහින් ඒවා කියවන්න්කෝ..වැඩේ අහවරයි නේ..

    @ ~~තරූගේ ලෝකය~~ - එසේම වේවා..ඔයාටත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  10. @ වර්ණ - ඔයාටත් සුභ නව වසරක් වෙන්න ඕන නංගි..ඕන කෙනෙක්ට අළුත් බ්ලොග් එකට ලියන්න පුළුවන්..ඔයාලත් ලියන්න...

    @ ලොකු ජොන් - සුභ නව වසරක් වෙන්න ඕන..

    @ දිනේෂ් - ඔයාටත් සුභ නව වසරක් වෙන්න ඕන..

    @ ඔබා අයියා - එසේම විවා !!! :D

    ReplyDelete
  11. බොහොම ස්තුතියි සහෝ , සපෝට් එකට . ආරාධනාවක් එව්වා . දායක වෙන්න කැමති ඕනි කෙනෙකුට ආලකමන්දාව විවෘතයි . ඊයක් එවන්ටයි තියෙන්නෙ

    ReplyDelete
  12. අයියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා කිවුවා චම්මාට.....:)

    ReplyDelete
    Replies
    1. එසේම වෙන්න ඕන වවල්ස්ටත්.. :)

      Delete
  14. මමනම් හිතන්නේ ඩිග්‍රී සෙරමනි එක ඇත්තේ පෙබරවාරියේ වෙන්න ඇති.. එකනේ ඔය ඇඟිලි ගණන් කරන්නේ.. ඉතින් එහෙනම් මේ 2012 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට..

    ReplyDelete
    Replies
    1. හි හි..හරි නේ අයියා..ඒක තමා..අයියටත් මේ අවුරුද්ද සුභම වෙන්න ඕන

      Delete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!