Saturday, September 3, 2011

ටැලන්ට් ෂෝ - තිරය පිටුපස

ඊයේ අපේ ටැලන්ට් ෂෝ එක ලෙසටම පැවැත්වුනි.එන්න හිටපු 600 න් භාගෙට පොඩ්ඩක් වැඩිවෙන්න වගේ තමන්ගේ සහභාගීත්වය සු ගා  සටහන් කර තිබුනහ.ආපු සියලු දෙනා මදි නොකියන්නම ෆුල්ම ෆුල් ආතල් එකක් ගත්ත අතර ආවේ නැතිව හිටපු එවුන් බුකියේ අප්ඩේට් වෙන ෆෝටෝ කෑලි දෙස බලා හුල්ලමින් සිට්ති.ටැලන්ට් හොයන්න ගිහින් සිද්ද වෙච්ච සීන් ටිකක් තමයි මේ.

නටන්න ඇදුම් හෙවිම
ටැලන්ට් හොයන්න ගිහින් මුලින්ම පරිප්පුව කෑවේ මමතුමා සමග SLIIT භූතයා එකේ මේන් කැරැක්ටර් බුවා ය.ඒ පුජා නැටුම නටන නැට්ට්ච්යන්ට ඇදුම් හොයන්න ගොසින්ය.අපරාදේ කියන්ට බැරිය මොර සුරන වැස්සේ පාරවල් වැරදි අප දෙදෙනා සෑහෙන දුරක් පයින් ගැටුහ.පසුව ඇදුම් ලැබුනත් හිස කුදිච්ච් නැතුව නටන්න බැරියයි නැට්ට්ච්ච්යෝ සෙට් එක ප්‍රකාශකල නිසා අප දෙදෙනාගේම ඉහ මොළ රත්විය.යම්තම් ඒ ප්‍රශ්නය දුරකථන ජිල්මාට් එකක් දමා විසදා දුනි.නැත්නම් සිදුවන්නේ මටයි අපේ භූත බුවාටයි පුජා නැටුම නටන්නටය.

ආරක්ෂාව
ටැලන්ට් හොයන මුළු උළෙලහිම ආරක්ෂා කටුයුතු භාරව කටුයුතු කලේ දන්න කියන අපේ බුවෙක් ය.ඒ වැඩෙය අකුරටම බුවා ඉටුකරන ලදී.කෙතරම් ලෙසට කරාද කියතොත් උළෙලට අනුග්‍රහය දැක්වූ අයගෙන්ද ටිකට් ඉල්ලන්ට ගොස් ඇත.

නිවේදන කටුයුතු
ටැලන්ට් එකේ කඩ්ඩ නිවේදන කරේ අපේ ටුටු ය.කිව්වේ මොනවාද කියලා කාටවත් නොතේරුන නිසාදෝ සැමදෙනාම පාහේ ඔහු කියන හැමදේටම අත්පුඩි තැලුහ.

කෑම බීම
කන බොන බුවෙක්ට කෑම අංශය දිය යුතු නිසාම කෑම-බීම අංශය මමතුමාට භාරදෙන ලදී.උදේ ආහාරය කිසිදු බකට් එකක් නැතුව ඇදීගියත් අපේ ජෝන්ටෙක් විසින් අමුත්තෙකුගේ ආහාර වෙනත් පුද්ගලයෙකුට මාරු කර යැවීම නිසා දවල් ආහාරවේල අබ්ලික් විය.අවසානයේදී මදි වු ආහාර ගෙන ඒමද මට සහ සිංහලෙන් ලව් කිරීම ජාත්‍යන්තරකරණය කරන බුවාට සෙට් විය.

නැටුම්
ටැලන්ට් එකේ සිරාම ඇඩ් එක දැම්මේ yAkA ය.කාටත් කාලෙකට අමතක නොවෙන සේ යකා රොබෝ කෙනෙක් විය.එය කෙතරම් සිත් ගත්තේද කිවහොත් DJ එකේදී හැමෝම නැටුවේ රොබෝ කෙනෙක් මෙන් රොබෝ ඩාන්ස්ය.අපේ සෙට් එකේ නැටුමට දෙවැනි තැන ලැබුනි.කොහොමත් අපේ සෙට් එකට "හොදට නටන්නට" හැකිය.
වල්පල් ලියන පිස්සු පුසාත් ( තමන්ගේ පුසීත් ඇතුළුව තව සෙට් එකක් සමග ) හොද නැටුමක් නැටුහ.එයත් ලෙසටම තිබින.

ඩාන්ස් පාට්නර්
අපේ සෙට් එකේ නටන්න පුළුවන් කෙනෙකුට DJ එකේදී නටන්න පාට්නර් කෙනෙක් නොමැතිව හරි කෙලියක් විය.අදාළ කෙනා දැන් දැන් නටන්න එයි යැයි සිතුවත් ඇය "ඔහු" හා නටන්න පැමිණියේම නැත.ඇයත් සමග නැටීමේ බලාපොරොත්තුව "ලත්-තැනම-ලොප්" විය

ස්තුති කතාව
වැඩේ අහවරක් වී ස්තුති කතාව කරේ සභාපති සොනික් ය.නොකා නොබී කරන ලද පුහුණුවීමකින් අමතරව අවුලක් නැතුව කතාව කරන ලදී.කවුද කට කැඩිච්ච එකෙක් "සොනික් නිකන් කවියක් කියනවා වගේනේ කතාව කරන්නේ" කිව්වට අමතරව කිසිම අප්සෙට් එකක් කතාවේ නොවිනි.සියලුම වැඩ අහවරවී සියලුම දෙනා සොනික්ට සුභ පැතු අතර , එසේ පැමිණි සියල්ලටම සොනික් සිපාචාර්ය දැක්වීමට ගොස් යාම්තමට නවත්වා ගන්නා ලදී.එසේ නොවුනි නම් තවත් ටැලන්ට් ෂෝ එකක් බලාගන්නට තිබ්ණ.

මඩ නම් එමටය.මේ ලියපු ටිකටත් මට ගුටි කන්නට වේවි දැයි නොදන්නා නිසා මෙයින් නවතිමි.අපේ සෙට් එකේ ඩාන්ස් එක පුහුණු  වු ආකාරය ගැන ලියන්න කියා විශේෂ ඉල්ලීමක් තිබුනත් එය වෙන දවසකට කල්දමන ලදී.

24 comments:

  1. :O :P Adooo man simple english neh use kare :P

    Sonic thamai thadi english waling speech ekak hadan kiwwe :P

    Was a awesome event after all ! Chamma thank you for all you help machan ! \m/

    ReplyDelete
  2. මේ ගත්ත ෆන් එකේ ෆොටෝ කෑලි ටිකකුත් මේකට එල්ලලා තිබුනා නම් මල් 5ය.

    ReplyDelete
  3. "ටැලන්ට් එකේ කඩ්ඩ නිවේදන කරේ අපේ ටුටු ය.කිව්වේ මොනවාද කියලා කාටවත් නොතේරුන නිසාදෝ සැමදෙනාම පාහේ ඔහු කියන හැමදේටම අත්පුඩි තැලුහ."


    පට්ට කථාව @රුචිර - උඹේ සිම්පල් ඉන්ග්ලිශුත් අනික් උන්ට කැපිටල් වගේ ඇති

    කැම බීම භාරව ඉඳලත් ගුටි නොකා ආපු චම්මාට සුභ පැතුම්

    ReplyDelete
  4. හිකිස්... මරුවට ගිහින් වැඩේ නේ

    ReplyDelete
  5. දැන් රංග අයියා වැඩිය බ්ලොග් ලියන්නේ නැහැ නේ ඒ පාර උබ පටන් ගත්තද මඩ ගහන වැඩේ..ලොල්..
    වැඩේ එලට උනානම් එච්චරයි මලයා..සුභ පැතුම්

    ReplyDelete
  6. මම් තුමා පුලුවන්නම් මේකට ඔය ගත්තු පොටෝ කැලි ටිකක් එහෙම අලවන්න බැරිය... ඔය ඩාන්ස් එකේ එහෙම ඒවා....

    කැම භාරව උන්නට හොරෙන් කැම කැවා කියලා තොප්පි එහෙම වැ‍ටුන්නේ නැහලු අහ්හ්

    ReplyDelete
  7. නියම වැඩනේ මල්ලිලාත් කරන්නේ.
    එතකොට අපිට ඕක බලන්න බැරිද ? හික්ස් :)

    ReplyDelete
  8. මොනව comment කරන්නද කියල බෑලුවේ.... මොනවා උනත් ටෑලන්ට් show කරන්න ගිහින් කට්ටිය කුවුද කියලා නම් අදුන ගන්න ලෑබුනා... ඒ වගේම කියන්න දෙයක් නෑ කාට කෑම නොදුන්නත් මේ බ්ලොග් එක ලියන dial එකයි එතුමාගෙ wife අපිට කෑම packet එකක් තියන්න නම් අමතක කරේ නෑ... එකට තෑන්ක් යු හොදේ... ඩාන්ස් ගෑන කියනවා නම් ඉතින් කියන්න දේවල් ද නෑත්තේ.. එක පටන් ගත්ත දවසේ ඉදලා ෆුල් ආතල් වෑඩ උන ඉතින්.... දවස් ගානක් ලියන්න වෙයි එවා නම්.. මොනවා උනත් වෑඩේ හොදට ගියා නේ.. එචරයි.. organizing committee එකෙ හෑමෝටම සුභ පෑතුම්... !!!

    ReplyDelete
  9. ඔව් ෆොටෝ කෑලි ටිකකුත් දැම්මානම් පංකාදුයි..;)

    ReplyDelete
  10. එලය..... තවද පොටෝ වීඩියෝ ටිකක් තිබ්බා නම් මීටත් වඩා එලය.

    ReplyDelete
  11. ඇයි ඩො සිංහල presenter ගැන කිව්වේ නැත්තේ?
    ඒ වගේ චාටර් presenter කෙනෙක් මං කවදවත් දැකල නැ

    ReplyDelete
  12. හොද හොද නැටුම් නටා ඇති බව දැන් දැන් හැගේ....හික්ස්...
    වැඩේ නම් මරු යාලු..

    ReplyDelete
  13. @ Tutu - LOL..mix of SIMPLE + CAPITAL English :P
    Yeah men , we did it well... \m/


    @ වෙනි - ෆොටෝ දැම්මොත් පොස්ට් එක ලොකුවෙයි කියලා දැම්මේ නැත්තේ

    ReplyDelete
  14. @ බුවා - ඔව් ඕව..යම්තම් ගුටි නොකා ආවා ඒ වැඩේ කරලා...හිකිස්‌

    @ ප්‍රර්ථනා - මරුවට තිබ්බා වැඩේ :)


    @ දේවා - බුකියේ නම් ෆොටෝ කෑලි ටිකක් දැම්මා ,
    මොන හොරෙන් කනවද මචන් , ආපු අයටත් තිබ්බේ ගානට ;)

    ReplyDelete
  15. @ මධුරංග අයියා - වැඩේ එලට ගියා අයියා :) :)

    @ යකා - උබේ ඩාන්ස් එක නම් ඉතින් පට්ට ඈ...වෙච්ච ෆුල් ආතල් වැඩ ටිකත් පස්සේ සෙට් වෙලා මතක් කර කර ලියමු ;)

    @ හිතුවක්කාරී , රචි - බුකියේ නම් දැම්මා පින්තුර ටික

    ReplyDelete
  16. @ අසනී - අනිවා අනිවා..අර පිස්සු පුසාගෙන් අහන්නකෝ වැඩිදුර විස්තර ;)
    පුසා නම් හොද නැටුමක් නැටුවා

    @ අචලා - අනිවා..යකා රොක්ස්

    ReplyDelete
  17. ඇයි බන් ඕකට රන්බීර් කපුර් හිටන් ආව නේද ;)

    ReplyDelete
  18. රොබෝ ඩාන්ස් දාන්න ඉතින් හැමෝටමත් බෑනේ....! ඉස්සර අපි පොඩි කාලේ තිබුනා බ්‍රේක් ඩාන්ස් කියලා එකක්.... මගේ අම්මෝ ඒ කාලේ තිබුනු බ්‍රේක් ඩාන්ස් පිස්සුව...ඒකත් ඔය රොබෝ ඩාන්ස් වගේ තමයි.....!

    ReplyDelete
  19. ඔය යකා නිකන් යකෙක් නෙවේ....21 වන සියවසේ රොබොටික් "බ්ලැක්බෙරි" යකෙක්.....

    ReplyDelete
  20. sinhala wisthara vicharaya amathaka karannata bariya.....

    ex: "Natumak idiripath
    kireemata """ NANGI JAYANI """ obatai me aradhanaya....."

    meya anik pathha haraweemata gos guti noka berune 99 yeni....


    LOLZZZZZ..............

    ReplyDelete
  21. හි හි .......පට්ට මඩ ටික හොදේ.තැන්කිව් වේවා

    ReplyDelete
  22. කෝ පොටෝ කෝ වීඩියෝ?
    දාන්න හොඳේ....

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!