Tuesday, March 27, 2012

ගොසිප් සයිට්ස් සහ කමෙන්ට්ස් - Gossip Web Sites & Comments

ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා  විදියට ආවත් තාක්‍ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්‍රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස් ( Gossip Sites ).

ලංකාව වගේ විකල්ප මාධ්‍ය අඩු රටකට මේ කියන ගොසිප් සයිට්ස් වලින් කෙරෙන්නේ එක්තරා ආකාරයක උදව්වක්.අවධානය ලැබිය යුතු එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ අවධානය ලැබෙන්නේ නැති කුමක් හෝ ප්‍රවෘත්තියකට ඒ අදාළ ලැබිය යුතු ප්‍රවෘත්තිමය වටිනාකමක් ලබා දීමට මේ ගොසිප් සයිට් වලට හැකියාව තියෙනවා.මොකද Google ( දැන් නම් නම කියන්නත් බයයි ) , Yahoo , Facebook වගේ වෙබ් අඩවි වලට අමතරව ලංකාවේ වැඩියෙන්ම පිරිසක් නරඹන වෙබ් අඩවි වෙන්නේ මේ ගොසිප් සයිට්ස්.ප්‍රවෘත්ති සදහාම පමණක් තියෙන වෙබ් අඩවි පවා සමහර අවස්ථාවල මේ ගොසිප් සයිට් විසින් අභිබවා ගිහින් තියෙනවා.

මේ ගොසිප් අඩවිවල තියෙන එක විශේෂත්වයක් වන්නේ කතෘ නාමිකව පෙනී නොසිටීමයි.ඒ නිසා මේ සයිට්ස් එක්තරා ආකාරයක දැලි පිහියක් විදියටත් නම් කරන්න පුළුවන්.ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙකට අපහාස කිරීමටත් ( ඕනෑකමක් තියේනම් ) මේ අඩවි භාවිතා කරන්න පුළුවන්.

මේ සයිට්ස් වල කමෙන්ට් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් වගේම තමයි ඒ කමෙන්ට් කෙරෙන්නේ බොහෝවිට තමන්ගේ දේශපාලනය,රුචි-අරුචි කම් මතයි.මේ ලිපිය ලියන්නට හිතුනෙත් කමෙන්ට් කතන්දරයකි.ඒ කථාව මෙහෙමයි.

ගායක අමරසිරි පිරිස් මහතාගේ ගීත Ring-n-tone සදහා අනවසරෙන් භාවිතා කර තිබු බවට ගොසිප් අඩවියක් පහු ගිය දවසක වාර්ථා කරලා තිබුනා. ඒකේ තිබ්බ විදියට ජනප්‍රිය තරුණ පොප් ගායකයෝ දෙන්නෙක් තමයි මේ වැඩේට සම්බන්ධ. දැන් ඔය ටික කිව්ව ගමන්ම මතක් වෙන්නේ කවුද ????

ඔය නිව්ස් එක තිබ්බ පොස්ට් එකේ කමෙන්ට්ස් වලින් ගොඩක් අය මේ ගායකයෝ දෙන්න භාතිය - සන්තුෂ් කියලා නිගමනය කරලා තිබ්බ.ඒ විතරක් නම් මදෑ , භාතිය - සංතුෂ් ගේ නෑදෑ - හත්මුතු පරම්පරාවම මතක් කරලා හොදට බැනලත් තිබ්බා.සින්දු රිමික්ස් කරන තැන ඉදන් - සංගීතය කාබාසිනිය කරනවා කියන තැනට එනකන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලත් තිබ්බා.

හැබැයි මුලින්ම ප්‍රවෘත්තිය ගිය සයිට් එකෙන්ම භාතියගෙන් මේ ගැන කෙලින්ම අහලා තිබුනා.ඔහු සමහ තිබුණ සම්මුඛ සාකච්ඡාවත් ඒ සයිට් එකේ පළ කරා. භාතියට අනුව ඔවුන් මේ දේට කොහොමටවත් සම්බන්ද වෙලා නෑ.Ring-n-tone වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙනමම කෙනෙක්.ඒ උනාට අදාළ ප්‍රවෘත්තියට තටු ඇවිල්ලා වගේ ප්‍රචාරය උනේ වෙනමම විදියකට.

දැන් තමයි හොදම හරිය , කලින් පොස්ට් එකේ භාතිය-සන්තුෂ්ට පලු යන්න බැනපු අයම දැන් අලුත් පොස්ට් එකේ කමෙන්ට් දාලා අමරසිරි පිරිස් මහත්මයාට බනිනවා , කොහෙවත් ඉන්න කොල්ලෝ දෙන්නෙක් වැරදි කාරයෝ කරන්න හැදුවා කියලා.

අපේ රටේ අයගේ කන්න ඕන උනාම තලගොයත් කබරගොයා කර ගන්න ප්‍රතිපත්තිය තමයි මේ සිද්ධියෙදී උනත් පේන්නේ.කවුද හරි,කවුද වැරදි කියලා හොයන්නේ බලන්නේ නැතිව කාට හරි බනින්න තියෙනවානම් ඉතින් අපේ අයට එච්චර තමයි ඕනෑ.

ප.ලි - ගොසිප් සයිට් කරන සේ‍වය අවතක්සේරුවට ලක් කරන්න කිසිදු චේතනාවක් නොමැත.ඔවුන් කරන සේවය අතිවිශිෂ්ඨය.

ප.ප.ලි - ඔය ගොසිප් සයිට් වල කමෙන්ට් කරන එක්තරා සෙට් එකක් ඉන්නවා.කමෙන්ට් කරන විදිය / කමෙන්ට් කරන නම් / පාවිච්චි කරන වචන වගේ රිසර්ච් එකක් කරන්න තරම් කරුණු එතැන තියෙනවා.

38 comments:

  1. මමනම් හිතන් හිටියේ ඔය Gossip සයිට් වල අයිතිකාරයෝම ලිපියෙන් ලියන්න බැරි ඒවා Commnet වලින් දාලා බයිනවා කියලා අදාල පුද්ගලයට. කොහොමත් සයිට් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුළුවන් මචන්..සමහර කමෙන්ට්ස් ඇවිල්ලා මාගල් වගේ ලොකුයි.වෙන වැඩක් නැති වෙන්න ඕනෑ ඒවා ලියන්න නම් ;)

      Delete
  2. මමත් සමහර නිවුස් වල තියෙන කමෙන්ට් කියවන්න තමයි ආසා..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..,,කමෙන්ට්ස් නම් ෆුල් ආතල් තමා ;)

      Delete
  3. සයිමන්March 27, 2012 at 1:33 AM

    උන්ට ඒ වගේ බැන්න හින්ද තමයි ඇත්ත මොකක්ද කියල දැන ගන්න ලැබුනේ මයි හිතේ. නැත්තන් අපි නෙමේ කියල කියන්න ඕකුන්ට ඇම්මයැ.............

    ReplyDelete
    Replies
    1. අඩන්න ඕනෑලු නේ ඉතින් කිරි එන්නත්...ඒකෙත් ඇත්තක් නැත්තෙත් නෑ.

      Delete
  4. කතා බහට ලක් වෙන්න ඕනෙ මාතෘකාවක්. හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි මිත්‍රයා !!

      Delete
  5. අමරසිරි පිරිස් කියන ගායකයාට ගරු කරාට ඔහුගේ හඩ පටය අහපු දවසේ එපාම වෙලා ගියා.. ක්ලැරන්ස් ට බැනල තිබ්බේ මහා ජරා විදිහට ... මටනම් ක්ලැරන්ස් හොදය් මේ මිනිහට වඩා

    ReplyDelete
    Replies
    1. මට ඕඩ්යෝ එක අහපු වෙලාවේ නම් ටිකක් අප්සෙට් ගියා තමයි..කථා කරලා තියෙන විදිය නම් සවූත්තුයි.. ( ඒ ඕඩියෝ එක ඔහුගෙම නම් )

      Delete
  6. Bhathiya / Santhush neme kiyala 100% oba dannawada ?

    ReplyDelete
    Replies
    1. amarasiri peries kiyanawa Bhathiya Santhush nemei kiyala.

      Delete
    2. මම දාපු දෙවැනි ලින්ක් එකේ අමරසිරි මහතාම කියනවා භාතිය / සන්තුෂ් නෙවයි කියලා..

      Delete
  7. ගොසිප් සයිට් වල කමෙන්ට්ස් නම් ගොඩක් වෙලාවට ඒවයේ අයිතිකාරයොම දාන ඒවා කියලයි මට හිතෙන්නෙ. වෙන කාටද වෙලාවක් තියෙන්නෙ ඔහොම බැණ බැණ මාගල් වගේ කමෙන්ට් කරන්න.

    Eg: Gossip9

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං ..ඔකේ වෙනම සෙට් එකක් ඉන්නවද දන්නේ නෑ ඔය වැඩේට ;)

      Delete
  8. මම නං ගොසිප් සයිට් එකකට යනව කොමෙන්ටු බලන්න. ඒවා මාරම ආතල්.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ නිව්ස බලන්නේ නැද්ද...

      Delete
  9. ලංකාවේ තරම් ගොසිප් වෙබ් සයිට් ලෝකේ මොන රටකවත් නැත. මුලින්ම සාර්ථක වුන ඔබගේ කතාවට අදාළ වෙබ් අඩවිය කොපි කර දහස් ගණන් වෙබ් අඩවි නිර්මාණය වී ඇත. මේ කිසිවක හරවත් යමක් කලාතුරකින් දකිනවා මිස නිතර ඇත්තේ අනුන්ගේ කුණු කන්දල්ය. මම ජීවත් වන්නේ පිටරටක. මේ රටවල කුඩා ප්‍රමාණයේ බ්ලොග් අඩවි කරන්නේ ජීවිතයට හරවත් යමක් ඇති දේ බෙදා ගැනීමයි ඒවගේම ඒවා වඩාත් ප්‍රසිද්ද වේ. නමුත් ලංකාවේ ජනප්‍රිය වන්නේ කිසිදු වග විබාගයක් නැතිව කරන මෙවැනි කුණු කන්දල්ය. මම කිහිප විටක් සමාජයේ පිළිගත් පුද්ගලයන්ට විරුද්දව පල කරන ලද ලියුම් සහ සමහරක් ද්වේෂ් සහගත , ඊර්ශයාකාර කොමෙන්ටුත් වලට විරුද්දව මගේ මතය ප්‍රකාශ කලත් ඒවා කවදාවත් පල වුනේ නැත. නමුත් කුණුහරුප සහ ද්වේශ සහගත කොමෙන්න්ටු වලට වැඩි ඉඩකඩක් ඇත. තව දෙයක් නම් ඔය කියන වෙබ් අඩවිය, දැන්වීම් වළං ලබන අදායම කොතරම්ද කියා ගණනය කල බැලිය යුතුය. ඔවුන් අන්නුගේ කුණු සහ දුක විකුණා මුදල් හොයති. නමුත් ලංකාවේ අදායම් දෙපර්තාමෙන්තුවට අදාල බදු ගෙවනවදයි මට සැක සිතේ. එය තමන් ළඟ කුණු තියාගෙන අනුන්ගේ කුණු පෙන්වා සිටීමකි. තවද අනෙකුත් වෙබ් පිටුවල බැනර් දමාගෙන ස්ත්‍රී දුෂණ, රිය අනතුරු , පබා, ගැහැණුන්ගේ යට ජංගි වලින් හම්බ කරන්න හදන තිරිසනුන් රැලක් ඇත. මේ සියල්ලන් රටේ එක ආයතනයකින් පුහුණු කරනු බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. හොද කමෙන්ට් එකක් සුදු පුතා..ඔයා කියන දේ ගොඩක් ඇත්ත..අපේ රටේ පොඩියට පොඩියට තියෙන ගොසිප් සයිට් ඔක්කොම ඒවගෙන් කරන්නේ මඩ ගහන එක තමා..
      ආදායම් බදු කාරණය නම් මට හිතිලම තිබ්බේ නෑ..ඒකත් ඉතින් සැලකිය යුතු කරුණක් තමා..

      Delete
  10. ඇත්තටම චම්මා ගොසිප් සයිට් අද වෙනකොට අපේ ප්‍රධාන නිවුස් source එකක් වෙලා ඉවරයි.රටේ මොකක් හරි උනාම යන්තම් වචන දෙක තුනකින් නිවුස් එක ශේප් කරලා දාන නිළ ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට වඩා ඉක්මනින් වැඩි විස්තරයක් දැන ගන්න පුලුවන්.(hot news)
    පහුගිය දවස් වල එක ගොසිප් සයිට් එකක් ආණ්ඩුවට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කෝටි 2 කට (වගේ මතක)
    අරගෙන තිබුනා.
    අර කිව්වා වගේ මේක දැලිපිහියක් වෙච්ච එක තමා අවුල :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් කෝටි දෙකේ කථාව..

      Delete
  11. මමත් ඕක කියෙව්වා. එ සයිට් එකේ සඳහන් විදියට අමරසිරි පීරීස් කතා කළානම් මට කියන්න තියෙන්නේ. එයත් අමු කුහකයෙක් කියන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. එහෙම් එහෙම...ඒක ඇත්ත..

      Delete
  12. කම්මැලි වෙලාවට ගොසිප් සයිට් වල කමෙන්ට් කියෝන එක නම් කරනවා

    ReplyDelete
  13. කට්ටියම එකතු වෙලා එකම හැන්දෙන් බෙදාගෙන මදි නොකියන්න කාපු සීන් එකක්..

    ReplyDelete
  14. මාත් ගොසිප් සයිට් බලනවා ඒ කොමෙන්ට්ස් වල තියෙන ආතල් බලන්නත් එක්ක තමයි වැඩි පුරම. අනික නිවුස් වලදි වුනත් හුගක් වෙලාවට ගොසිප් සයිට් භාවිතා කරලා ඇත්තම දැන ගන්න පුළුවන්. අර උඩ කියලා තියෙන කොමෙන්ටු වැටෙන්නැති කතාවටත් මමත් එකගයි. අයිති කාරයාට හිතුනොත් විතරයි ඒවා වැටෙන්නේ..

    ReplyDelete
  15. ගොසිප් සයිට් කියවනව බොහොම අඩුයි මම නම්

    ReplyDelete
  16. චම්මා, කාලෝචිත සටහනක්. සුදු පුතාගේ කතාවට මාත් එකඟයි. අනිත් ප්‍රවුර්ති අඩවි වල මේ යක්කු දැන්වීම් දාල විකුනන්නේ ඉස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ජංගි, අර මැර ඇමතියා වගේ දේවල්. මා නම් මේවා මගහරින්නේ මේවා බලන්න බලන්න, අපත් මේවට උල්පන්දම් දෙන නිසා.

    ReplyDelete
  17. ඇත්තටම ගොසිප් සයිට් වල කමෙන්ට තමා හොද.හිනා කාලා මැරෙනවා සමහර ඒවා දැක්කාම.

    ReplyDelete
  18. ලංකාවේ මාධ්‍ය වෙබ් අඩවි කරන්නෙත්(විකලප්ම මාධ්ය කියාගන්නා එවාත් ඇතුලුව ) එක එකාගේ පිට කහන එක නිසා ගොසිප් වෙබ් අඩවි වලට මිනිස්සු ඇදෙන එක සමාන්‍යයි . ඔය සිද්ධියේ ඇත්ත නැත්ත මොක වුනත් කබරයා - තලගොයා සීන් එක නම් හරියට හරි , ඔතනදි විතරක් නෙවෙයි , රටේ සිද්ධවෙන බොහොමයක් කටයුතු වලදි !

    ReplyDelete
  19. හ්ම්ම්... අයියාත් දන්න දේවල්... මමත් ඔය මොනා හරි වැදගත් දෙයක් දැනගන්න, හොයාගන්න ඕනෙ වුනාම ගොසිප් සයිට් වලට යනවා...;)

    ReplyDelete
  20. එල ලිපියක් ගොඩක් වෙලාවට ටි.වී එකේ නිව්ස් වලට පෙන්වන කරුණු වලදී නම් ගම් දන්නේ නැහැ ඒත් ගොසිප් සයිට් වලට ගියහම මුළු ස්ටෝරියම අගක් මුලක් නෑර දැනගන්න පුළුවන් ඒ නිසා මං ඕවා කියවනවා

    ReplyDelete
  21. බිස්නස් නේ අයියේ හැම තැනම වෙන්නේ,,,.. හැමතැනම ගොසිප් තම්යි

    ReplyDelete
  22. ගොසිප් කියන වචනෙත් තේරුම ඒකනේ මචං. ඒවා වල දාන නිව්ස් හැමවෙලේම 100% ඇත්ත වෙන්නේ නෑ. අපි සිහිබුද්ධියෙන් ඒවා බැලිය යුතුය

    ReplyDelete
  23. ඔය ගොසිප් නිව්ස් වල කමෙන්ට් දාන ගොඩක් අය මෙලොවටත් එලොවටත් පල ප්‍රයෝජනකක් නොමැති බොහෝ විට ගෙදරට වී නිකරුනේ කාලය කාදමන මොඩයන් වේ යන්න මගේ මතයයි.

    බොහෝ විට අසභ්‍ය වචන වලින් ප්‍රසිධියේ එකිනෙකාට නිගා කරගන්නා නින්දිත තත්වයට පත්වී ඇති මොවුන් දන්නා එකම දේ කාගේ හෝ කුනු ගොඩක් දුටු විට එය හරා අවුස්සා ඒයින් සප්පායම් වීමයි. එහෙත් මොවුන් කතා කරන්නේ සියල්ල දත් පඬිවරයන් ලෙසින් වීමද සඳහන් කල යුතුමය....

    එසේම බොහොමයක් වෙබ් අඩවිද නැති දෙවල් මවා පාමින් කලින් පැවසූ මෝඩයන් කුලප්පු කිරීමට පුවත් මවාපාන මොඩයන් වී ඇත. රාගය ඇති කිරීමට සමත් ආකාරයේ දැන්වීම් වලින් පිරි සමහරක් වෙබ් අඩවි කාර්ය්‍යාලයේ හෝ කිසිවෙකු සිටිනා තැනක කියවීමට තබා විවෘත කිරීමටවත් නොහකි තත්වයට පත්ව තිබීම කනගාටුවට කරුනකි.

    ReplyDelete
  24. නියම ආතල් කතා තියෙන්නෙ කමෙන්ට්ස් වල....නිසුපා අක්ක කිව්ව වගේ හිනා වෙල පණ යනව ඒව කියවද්දි.....

    ReplyDelete
  25. මම නම් කියවන්න යන්නේ නෑ එහෙමට....

    ReplyDelete
  26. සමහර පෝස්ට් වල කමෙන්ට් කියෝනකොට හිනාවෙලාම බඩ කොර වෙනවා බොලේ!!!
    මමත් ආසම වැඩේ තමයි ඒක..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!