Friday, June 24, 2011

SLIIT එකේ අපේ සෙට් එක

මයික්‍රෝසොෆ්ට් එකෙන් නිකන්ම exam කරන විදිය ගැන ලියපු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර හින්දාම මගේ ඊළග පොස්ට් එක ටිකක් ඉක්මන් උනා.ඊලගට මොනවාද ලියන්නෙ කියල හිත හිත ඉන්නකොට තමයි අපේ සෙට් එකේ මලියා කිවුවේ  "ලියනවකෝ ඕයි අපි කරපු ප්‍රෝජේක්ට් " ගැන කියලා. ප්‍රෝජෙක්ට් ගැන ලියන්න කියන්න කලින් ඉතින් ඒවා වල ඉන්න අපේ අය අදුර ගන්න ඕන නේ. ඔන්‍න‍ ඔහොම තමයි මේ පොස්ට් එකට අඩිතාලම වැටුනේ.

ඔන්‍න‍ ඉතින් මමත් උසස් පෙළ කරලා Campus එහෙම යන්න බැරුව වැලේ වැල් නැතිව ඉන්න කො‍ට තමයි SLIIT එක ගැන අහන්න ලැබෙන්නේ.ඔන්‍න‍ ඔහේ ඕන එකක් වෙන්න කියලා ඊට පස්සේ ඕකට මමත් ඉල්ලුම් කරනවා.ටික දවසකට පස්සේ මෙන්න ලියුමක් එනවා IQ Test එකක් ලියන්න මාලබේ එන්න කියලා.

A/L වලින් පස්සේ මොන IQ ද. ඒක හින්දා ඉතින් මාත් කෝකටත් කියලා අර බුද්ධි පරීක්ෂණ පොතක් එහෙම හොයාගෙන ප්‍රශ්න ටිකක් එහෙම කරලා ගියේ.ගිහින් ප්‍රශ්න පත්තරේ අතට ගත්තම නම් ඉතින් ඉල ඇදෙන්න හිනා උනා.එච්චරටම (අ)පහසු යි. A/L මැත කරපු අපිට ඕවා මොනාද. ;)

පස්සේ ඉතින් ටික දවසකින් ලියුමක් එහෙම ආවා , ඉලක්කම් 5 ක ගානක් ගෙවලා රෙජිස්ටර් වෙන්න කියලා. 2009 අවුරුද්දදේ පෙබරවාරි මාසේ දවසක හා හා පුරා කියලා මම මෙට්‍රෝ එකට ගියා. මුලින්ම එන්න කියලා තිබ්බේ මට මතක විදියට 9.00 ට වගේ. අපි කවද්ද ඉතින් වෙලාවට වැඩ කරේ. මම කොහොමහරි එදා යනකොට යාන්තමට 10 උනා. :D මුලින්ම ඉතින් අපිට උගන්නන කට්ටිය එහෙම අදුන්වලා එහෙම දීලා ලෙක්චර්ස් පටන් ගන්න දවස එහෙම කිවුවා.

මම මෙට්‍රෝ යනකොට අදුන ගෙන හිටියේ බොහොම සුළු පිරිසක්. එත් අද වෙනකට මම ගොඩක් කට්ටිය දැන අදුන ගෙන ඉන්නවා. ඔය අතරේ හිටපු බොහොම අමුතු චරිත , අප්සට් චරිත ගොඩක් මේ කාලෙට සෙට් උනා.

සාමන්යෙන් වෙන වෙන බැච් සහ අපේ බැච් එක අතර මාස තුන හතරකට වතාවක් වගේ වලි එහෙම සෙට් වෙනවා.අපේ උන්ටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ ඉතින් මොකක් හරි එකකට වලි. අපි අතර හිටපු එකෙක් හිටියා "වලි-ආකර්ෂකයි ". වලි කොහෙද මිනිහා එතන. පොරට වලියේ සම්බන්දයක් තිබුනා හෝ නොතිබුනා අපේ බුවා අපි කට්ටිය නියෝජනය කරමින් වලියේ ඉන්නවා. අපරාදේ කියන්න බැහැ ඉතින් තාම අතක් පයක් කඩා ගන්නේ නැතිව ඉන්නවා යහතින්.

තව හිටියා කට්ටියක් ඔලුව උදුම්ම්වගෙන, සරලව කිවුවොත් "අලි ඔලුවෙන්" ඉන්න අය. තමන් දන්න දේවල් අනුන්ට කියලා දෙන්න අකමැති ජාතියේ පිරිසක්. IT කිවුවාම ඉතින් හැම දෙයක්ම හැම තිස්සෙම වගේ අප්ඩේට් වෙනවනේ, ඉතින් ඔය අලුත් දේවල් අනිත් අයට එහෙම කියල දෙන්න අකමැති අයත් අපි අතරේම හිටියා.

ඔය අය අතරේ ඉතින් දෙපැත්ත කන අය , හතරවෙනි සිල් පදය එහෙම උපරිමයෙන්ම ආරක්ෂා (නො)කරපු අය එහෙම එමටයි. තමන්ට නැති වාහන , ඉඩ කඩම් එහෙම තියෙනවා කියලා " පොර" වෙන්න හදපු එක තමයි මේ කට්ටියගේ වැඩේ උනේ . අනේ මන්දා ඉතින් මිනිස්සුන්ටත් හිතෙන දේවල්.

ඔය  අතරේ හිටියා සිරාම සෙට් එකකුත්.හැමෝටම උදව් කරගෙන පිස්සු කෙලින වෙලාවට පිස්සු වැඩ කරගෙන , ඉගෙන ගන්න කොට ඉගෙන ගෙන ෆුල් ජොලියෙන් හිටපු අයත්.

මම හිතන්නේ මගේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ලබපු තැනක් තමයි මෙට්‍රෝ එක.විවිධාකාර මිනිස්සු මේ ටික කාලයට මෙතනදී මට හමුවුනා. තව ඉන්න පුංච් කාලයටත් මේ වගේම අත්දැකීම් ලැබේවි.මේ ලබපු අත්දැකීම් කවදාකහරි ජිවිතේට ප්‍රයෝජනවත් වෙයි නේ.

ප.ලි - කෙල්ලෝ සහ ආදරය සම්බන්දයෙන් ලිවුවේ නැත්තේ ඕන කමින්මයි. බොක්කෙන්ම ලව් කරපු කොල්ලෝ , බුට්‌ තියපු කෙල්ලෝ ගැන එහෙම කතන්දරත් ඕනතරම්.ඒවා ලියනවා නම් වෙනම පොස්ට් බරගානක් ලියන්න වෙයි.

14 comments:

  1. [[එහෙම කතන්දරත් ඕනතරම්.ඒවා ලියනවා නම් වෙනම පොස්ට් බරගානක් ලියන්න වෙයි.]]

    ලියමු ලියමු....

    ReplyDelete
  2. @ ගීත් | Geeth - ඒ කතන්දර ලියලා මට ආයි මෙට්‍රෝ එක පැත්තේ යන්නවත් බැරි වෙයිද දන්නේ නැහැ. ඒත් ඉතින් බලමුකෝ ඉස්සරහට ;)
    බොහොම ස්තුතියි දක්වන ප්‍රතිචාර වලට :)

    ReplyDelete
  3. @ Hishan - බොහොම ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවට.ඔයාගේ බ්ලොග් එක බැලුවම තමයි දැක්කේ SLIIT එකේම කොල්ලෙක් කියලා. :)

    ReplyDelete
  4. එල මචන් දිගටම ලියපන්.උඹ 2008 ද ඒ ලෙවල් කලේ.

    ReplyDelete
  5. Love case liwwa num liyana ekage pati role wenawa...:D

    ReplyDelete
  6. ලව් කේස් ලියනවනම් පට්ටට රස කරලා ලියන්න පුලුවන්. කියවන්න ආස හිතෙනවා. අම්මෝ ප්‍රොජෙක්ට් ගැන නම් ලියන්න එපා. කතා කරද්දිත් එපා වෙනවා.

    පුදුම කට්ටක් තමා කන්න වෙන්නේ ප්‍රොජෙක්ට් කරන කාලවලදි.

    බ්ලොග් අවකාශේ SLIIT එකේ අය ගොඩක් ඉන්නවා වගේ.

    ReplyDelete
  7. @ පාල - නැහැ මචන් මම 2007 ඒ ලෙවල් කලේ.බොහොම ස්තුතියි මම ලියපුවා කියන්වනවට.
    @ මධුරංග - ඔව් අය්යේ ප්‍රෝජෙක්ට් නම් ඉතින් :( තමා..කරන කොට නම් කට්ට තමයි හැබැයි ඉතින් දැන් මතක් වෙන කොට නම් හරිම සුන්දර මතකයන්.ඉස්සරහට හැම දෙයක් ගැන්ම ලියන්න හිතන් ඉන්නවා.

    මාත් දැක්ක බ්ලොග් වල SLIIT එකේ අය ගොඩක් ඉන්නවා.

    බොහොම ස්තුතියයි මම ලියපු ලිපිය කියාවලා ප්‍රතිචාර දැක්වුවාට.

    ReplyDelete
  8. අඩෝ අර උබට සෙට් උන කෙල්ල ගෑනත් ලියපන්
    ලොල්

    ReplyDelete
  9. එල එල පට්ට චමල් මලයා.... :)

    ReplyDelete
  10. @ සමිත - එහෙනම් ඉතින් ඔබතුමාගේ ඒවාත් ලියන්න වෙයි.. :P
    @ Dilan ayya - බොහොම ස්තුතියි බ්ලොග් එක බලන එකට.. :)
    @ Anno - මම හිතන්නේ මේ අපි දන්නා අදුනන anno කෙනෙක් වගෙයි..???

    ReplyDelete
  11. sirawata... SLIIT eke set wechcha kello gana liyanawanum itin, haha.. :P chamma methana pas kanawa.. :P liyapan liyapan ubata set wechcha kalla ganath.. ROFL.. :P

    ReplyDelete
  12. Lol chamma :D Nice post

    Oh and do tell about N***** too :D

    ReplyDelete
  13. හික් හික්.මමත් මෙට්‍රො එකෙ තම අයියේ

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!