Wednesday, November 30, 2011

T.V සීරීස්

මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා ඇබෑර්තු ඇත කියන නාට්‍ය.මට නම් ඒක නියමයි .සිරා කතාවක් තිබ්බා ( ලාවට වගේ ලව් ස්ටොරියකුත් තිබ්බා , දැන ගන්න ලැබුන විදියට මේ පාර සුමති සම්මාන උළෙල හොදම නාට්‍ය විදියටත් තේරිලාලු )

කොහොමත් ලංකාවේ පෙන්නන ඉන්දියාවේ අච්චාරු නාට්‍ය බලනවට වඩා මට නම් ටී.වී සිරිස් එකක් බලාගෙන ඉන්න එක සැපයි.මොකද ඔය මෙගා කියලා පෙන්නන ඒවාගේ ( මෙගා කියන්නේ මම දන්න තරමට දැවැන්ත නිෂ්පාදනයක් නම් නේ , ඒ උනාට ලංකාවේ මෙගා නම් ? ) අද බලන කොටසයි , තව මාසයකින් බැලුවමත් මහ ලොකු වෙනසක් නැහැ.

මේ පල්ලෙහා තියෙන්නේ මම දැනට බලන / බලපු ඒවා ටිකකුයි , මගේ යාළුවෝ බලන ටී.වී සීරිස් ටිකයි.මේවා නම් ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන හරි බැලුවට පාඩු නැහැ.

1. Nikita - කතාව හොදයි , දැනට දෙවැනි සීසන් එක යන්නේ
2. Outsourced - කෝල් සෙන්ටර් එකක් ඉන්දියාවට අවුට්සෝස් කරපු කතන්දරයක් තියෙන්නේ.කොමඩියක්,එක සීසන් එකයි තියෙන්නේ.මම බලපු සිරාම එකක්.
3. Vampire Diaries - දැනට තුන්වෙනි සීසන් එක යන්නේ , දැනට මම බලපු ඒවගෙන් හොදම එකක්.
4. Breakout Kings - Prison Break හදපු සෙට් එකමයි හදලා තියෙන්නේ , මමත් මේ දවස්වල බලමින් ඉන්න එකක්.
5. Californication - X-Files වල හිටපු මෝල්ඩර් මේකේ ඉන්නේ.දැනට සීසන් 4 තියෙනවා.
6. Community - සිරා කොමඩියක් තියෙන්නේ මේකෙත්.කතාව සිරා , සීසන් 3 තියෙනවා.

ඔය සෙට් එක තමයි ඉතින් මේ දවස්වල බලන්නේ , ඕවාට අමතරව මේ ටිකත් මගේ ලිස්ට් එකේ තියෙනවා. The Secret Circle, Alphas, CSI, LOST ,Chuck,Whit Collar,Castle,Sherlock Holmes,Merlin,The Walking Dead,The Office,Suits,V,Hung,The Event

Prison Break,Supernatural,The Legend of the Seeker,Kyle XY ඒවත් හොදයි.

බුකියේ තියෙන මෙන්නේ මේ Entertrainement World කියන පේජ් එකේ අලුතින්ම එන ටී.වී සිරිස් / ෆිල්ම්ස් ගැන අප්ඩේට්ස් ගන්න පුළුවන්.ඩවුන්ලෝඩ් කරන්න ඕන අයට Direct ලින්ක්ස් එහෙමත් තියෙනවා.පොඩ්ඩක් ඔළුව දාලා බලන්න.

ටී.වී සීරිස් ගැනම අපේ දෙන්නෙක් අතරේ උනු කතාබහකින්ම මේ පොස්ට් එක ඉවරකරන්නම්කො.

මෙට්‍රෝ එකට මාතර පැත්තේ ඉදන් ආපු බුවෙක් දවසක් අපේ එකෙක් ගෙන අහලා තියෙනවා ,
" මේ මට නිකිටා එකේ සීසන් වන් එකේ 5 වෙනි එපිසෝඩ් එක දීපන්කෝ  " කියලා
ඕකට ඉතින් උත්තරේ විදියට ලැබිලා තියෙන්නේ ,
" අනේ නිකන් පලයන් බන් යන්නේ , කෝපි-කඩේ බල බල හිටපු උබලට මොන නිකිට ද "
ප්‍රශ්නේ අහපු බුවා ඉතින් ඊට පස්සේ නෝ-කතා.

40 comments:

  1. ඔතනින් බාගෙකටත් වඩා මාත් බලල තියෙනවා.ඇබ්බැහි උනොත් ඉතින් සොරිම තමා.

    ReplyDelete
  2. මමනම් ඔය එකක්වත් බලලා නැහැ, heros ලියල series එකක්නම් බලලා තියෙනවා..

    ReplyDelete
  3. @ නදීර - ආයිත් අහලා මේ ටී.වී සිරිස් නිසා මේ දවස්වල දින චර්යාව සම්පුර්ණයෙන්ම අවුල් ගිහින් ඉන්නේ, දැන් දවල්ට නිදාගෙන , රෑට ඇහැරගෙන ඉන්නවා ;)

    @ වර්ණා - Heroes 2006 වගේ ආපු එකක් නේද..බලන්න නම හම්බු උනේ නැහැ ඒක නම්

    ReplyDelete
  4. ටිවි සිරිස් බලනව අඩුයි මම නම් , චිත්‍රපටි තමයි වැඩිපුර , ඉන්දියානු නාට්‍ය හරි නොගියට මම වැඩිපුරම බලන්නෙ හින්දි චිත්‍රපටි , හොලිවුඩ් ප්ලොට් එකක් කොපි කරල හැදුවත් බොලිවුඩ් ෆ්ලේවර් එක එකතු වුනාම එන්නෙ වෙනස්ම රසයක් , අර මෝල්ඩර් ගොය්යා ඉන්න ටිවි සිරිස් එක මොනවගේ එකක්ද ? කැමතිම නලුවෙක් නිසා බලන්න හිතයි

    ReplyDelete
  5. @ බුවා - ඒක ඇත්ත , මම මේ කිව්වේ ඔය මහගෙදර , ප්‍රවීනා වගේ කතා අප්සෙට් කියලා..අනිවා බොලිවුඩ් ෆිල්ම්ස්වල අපිට හරියන ගතියක් තියෙනවා..

    මෝල්ඩර් බුවා ඉන්න එකේ ස්ටොරියක් තියෙන්නේ + කොමඩි..ඇමරිකන් එකක් හින්දා ඉතින් ගෙවල්වල අය සමග නොබලන තරමට හොදා :P [ පින්තුරේ බැලුවම ඇයි කියලා තේරෙයි ]
    ඒත් කතාව සිරා + මෝල්ඩර් අයියගේ ඇක්ටින් පට්ට ..
    මෙන්න විස්තරේ

    ReplyDelete
  6. එල එල ..... ට්වී සීරියස් නැත්තම් අපි ඉවරයි නැද්ද බන්... අහ් මේ චම්මෝ මේ ඔය කියල තියෙනවා වගේ ලංකාවේ ඒවා බලන්නේ නැත්තෙමත් නැ නේද... අර A හේම ;)

    ReplyDelete
  7. Californication ටිකක් විතර 18+ අර ඒකෙ ඉන්න තට්ට බුවා කවුද මට නම මතක නෑ

    ReplyDelete
  8. බලන් යනකොට බ්ලොග් ලියන අයගෙන් ගොඩක් ය ටීවී සීරියස් බලන්න ඇබ්බැහි වෙලා වගේ මමත් එහෙම තමා මේ දවස් වල මම බලන ටීවී සීරියස් ටික තමා මේ.
    1. Terra Nova - තවම යන්නේ සීසන් 1
    2. The Vampire Diaries - තුන්වන සීසන් එකත් ඇවිල්ල එත් මම තවම සීසන් 2
    3. The Secret Circle - එයේ බලන්න පටන් ගත්ත දැනට නම් හොදයි වගේ
    4. Lost - බලල ඉවර කරා
    5. Prison Break - එයේ හවස සම්පුර්ණයෙන්ම දෙවෙනි පාරටත් බලල ඉවර කරා
    6. Smallville - සිඉසන් ක් වෙනකන් බැලුවා 8 වෙනි එක ඩවුන්ලෝඩ් කරන ගමන්
    7. 24 - සීසන් 6 වෙනකන් බැලුවා නවත්තන්නේ නැතුව. 7 වෙනි එකේ මුල් ටික බැලුවා ඊ හොයන බලන්න ඕනේ

    තව ඉතින් අම්බානෙකට තියෙනවා
    ටීවී සීරියස් බලන්න කැමති ය ඉන්නවා නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න mefiafire ලිනක්ස් තියෙනවා
    http://www.mediafiredowns.com/p/tv-shows.html

    ReplyDelete
  9. mama nam nemea oya anthimata tiyana 1a kiwwea lol

    ReplyDelete
  10. X-Files බලලා නවත්තපු ටීවී සීරිස් බැලිල්ල ආපහු පටන් ගත්තේ Prison Break බලලා...තෑන්ක්‍යු චම්මා අළුත් එව්වා ගැන කිව්වට....මට කොමඩි නම් අල්ලන්නේ නෑ...හිතන්න තියෙන එව්වා පට්ට....

    ReplyDelete
  11. @චම්මා -Californication බලන්න ඕනි , අර කෝල් සෙන්ටර් සීන් එකටත් හිත ගියා , විවේක වෙලාවක් අල්ලල දෙකම බලන්න ඕනි ,මහ ගෙදර ප්‍රවීන නම් කාන්තා පාර්ශවේට විතරමයි හරියන්නෙ මයේ හිතේ , මම අන්තිමට බලපු සිංහල ටෙලි නාට්‍යය හතර දෙනෙක් සෙන්පතියෝ හරි ඉසුරු බවන හරි (ඔය දෙකෙන් අන්තිම්ට ගිය එක ) , 18+ රජ කාලේ කථාවකට කැමති නම් camelot කියල එකක් තියෙයි මම ටිකක් විතර කැමති එකක්
    http://www.imdb.com/title/tt1672189/

    ReplyDelete
  12. අපෝ ලංකාවේ නාටක බලනවට වඩා මේව කොච්චර හොදද.

    ReplyDelete
  13. ඔන්න ඔය මෙයා හදන්නේ අපිව වලට ඇඳලා දාන්න...

    ReplyDelete
  14. @ ජනක - අනිවා අනිවා ;) මොකක්ද A කතාව මට මීටර් නැහැ නේ :P

    @ නදීර - ඔව් මචෝ ටිකක් විතර නෙවයි , ගොඩක් 18+ ද මන්දා
    ආ තට්ට බුවා Charlie Runkle :D

    ReplyDelete
  15. @ Dar[K] - එක තමා බ්ලොග් ලියන සෙට් එක ටි.වී සීරිස් පිස්සෝ වගේ ;)
    ඔයාගේ ලිස්ට් එකෙන් LOST තමා බැලුවේ නැත්තේ..VD නම් තුන්වෙනි එකේ දැනට පෙන්නපු අන්තිම episode එක එනකම් බැලුවා..
    Secret Circle , episode 7 විතර බැලුවා..
    TN බලමින් පවතිනවා..
    Prison Break නම් තාමත් නම්බර් වන් !!!

    මිඩියා ෆයර් ලින්ක් එකට තැන්ක්ස්.. :)

    ReplyDelete
  16. @ chabi - නෝ කමෙන්ට්ස් !! LOL

    @ මකුළුවා - ආ තවත් X-files බලන කෙනෙක්..කොමඩි මටත් වැඩියේ දිරෙව්වෙ නම් නැහැ..ඒත් Outsourced වගේ බලන්න..ඒක නම් මරු..

    @ බුවා - අනිවා බලන්න , ඒ දෙකම පට්ට..
    අන්තීමට ගියේ සතර දෙනෙක් සෙන්පතියෝ මම හිතන්නේ..මාත් ඒක නම් ආසාවෙන් බැලුවා..කැම්ලට් කොහොමද දන්නේ නැහැ..පොඩ්ඩක් බලන්න ඕන..

    @ නදී - ඒකනේ අක්කේ.. :) :)

    ReplyDelete
  17. මේ දවස්වලනම් මම බලන්නේ How i met ur mother සහ big bang theory. නිකිටා බලන්න ආස හිතුනා ඔයා කිව්වම. ඒත් දැනට අවසාන වෙලා නැති සීරිස් බලන්න පටන් ගන්න මොකක්ද වගේ...ඊ ළඟ සීසන් එක එනකන් කට අරගෙන බලන් ඉන්න වෙනවනේ :)

    ReplyDelete
  18. දිලා තිබුනු ලින්ක් එක බැලු බැල්ලමට නම් ගොඩාක් වටිනවා වගේ හිතුනා.. තැන්ක්ස් ඔන්න... මම කොහොමත් කැමති පුලුවන්නම් ඩිරෙක්ට් ඩවුන්ලොඩ් වලට...

    ලංකාවේ නම් මම ඩ්‍රාමා නම් බලන්නේම නැති තරම්... එක එක මේගාත් ලංකාවේ හැදුනානේ... හැබැයි මට නම් අල්ලපු එකක් තාම නැ...

    මේ පොස්ට් එක මට කාලයක් බලන්න ඒවා ටිකක් හොයලා දුන්නා,.. තැන්ක්ස් චම්මා

    ReplyDelete
  19. මාත් ඔය කියන සීරීස් එකක් දෙකක් බාගෙනම බලන්න ඕනා.

    ReplyDelete
  20. ගොඩක් ඒවා මාත් බලනවා.. HOUSE මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ.. තව සමහරක් තියෙනවා..

    ReplyDelete
  21. මචන් Prison break එක වගේ එකකක් කියන්න පුලුවන්ද? එක තම පට්ට .

    ReplyDelete
  22. මං ඔය එකක්වත් බලල නෑනේ...

    ReplyDelete
  23. මගේ නම් කැමතිම සීරීස් එක vampire diaries තව මම බලනවා smallville, Nikitha, CSI, Prison Break, The X-Files, ඔක්කොගෙන්ම වෙනස්ම විදියට හිතට ගිය කථාවක් තමයි The legend of the seeker. ඒකේ ෆැන්ටසි ගතියට මම මාර ආසයි,. nikita කථාවත් නියමයි,.

    ලංකාවේ කථා ගැන නම් ඉතින් කථා කරලා වැඩක් නෑ,. හැමදාමත් එකම දේ තමයි,.:P

    ReplyDelete
  24. ලන්කාවේ ඒවට වඩා ගොඩක් හොඳයි මේවා. මම නම් හැමදාම කැමති How I met your mother එකට. දැන් යන්නේ 7th season . ඒ වගේම "The Closer", "Rizzoli & Isles" ඒවත් මරු

    ReplyDelete
  25. එල එල තව බලපං... :) ලංකාවේ කොමැටෙල් කෑලි වලට වැඩිය ඔව්වා බලන එක කොහොමත් හොඳයි බං.අඩුම ගානේ තාක්ෂණය ගැන හරි අයිඩියා එකක් ගන්න පුළුවන්...

    ReplyDelete
  26. ආ මේකෙන් මම කැමතිම එක තමා Vampire Diaries... මම මේ දක්වා බලපු නියමම TV series එක. පුලුවන්නම් Sherlock Holmes සහ Vampire Diaries සීසන් 3 ටොරන්ට්ස් දාන්න....

    ReplyDelete
  27. අපෝ ලංකාවේ ඒවා බලනවට වඩා TV series කොච්චර පට්ටද ... මමත් බලනවා නවත්තගන්න බැරුව ඉන්නේ .. මේ මම මේ දවස වල බලන ටිකක් ..
    Nikita , Covert Affairs , Falling Skies , Pretty Little liars

    ReplyDelete
  28. Supernatural නම් බැලුවා මාර ලස්සනයි. Sherlock homes බලන්න ගත්තා වැඩිය තේරෙන් නැති නිසා එපා උනා..
    කොමඩි කියපු සෙට් එක හොයාන් බලන්න ඔනේ තැන්කු.

    ReplyDelete
  29. මමත් ටීවී සීරිස් බැලුව. එත් අලුතෙන් එන ඒවා කියලම නෙවෙයි. හිතට වදින ඒවා. ප්‍රිසන් බ්‍රේක් බැලුව සීසන් 3ක් වෙනකම් එත් එපා උනේ එකේ හැමදාම පෙන්නන්නේ එකම දේ හින්ද. මොන මගුලක්ද හිරේ කඩාගෙන යන එක හැමදාම කියල නිකා හිටිය. ඒත් තාම බලන පරණම ටීවී සීරිස් එකක් තියනවා. මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්. මේක 1960 බ්‍රිටිෂ් කොමඩියක්. බීබීසී එක හදපු. අනික තමා ටු ඇන්ඩ් අ හාෆ් මෙන්. මේකෙනම් මේ අවුරුද්දෙත් සීරිස් එකක් ගියා. ටිකක් විතර 18+. තව එකක් තමා එච්බීඕ එක හදපු බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස්. මේක ඇත්තම කතාවක් පසුබිම් කරගෙන හදපු හොඳ ටීවී සීරිස් එකක්,.. තව එකක් තිබ්බා.. මැල්කම් ඉන් ද මිඩල්.. මරු කොමඩියක්...

    ReplyDelete
  30. @ ක්සැන්ඩර් | Xander අයියා - මට නම ප්‍රිසන් බ්‍රේක් පට්ට :D Two and Half men තියනවා හැබැයි තාම බැලුවේ නම් නැහැ..බලන්න ඕන ..

    @ රත්නේ - මට SN එකේ මුල ටික මිස් උන නිසා වැඩිය අල්ලලා ගියේ නැහැ..Sherlock Holmes පැයක් විතර තියනවා හින්දා..ටිකක් කම්මලිත් ඇති..

    @ Dream Boy - ආයිත් අහලා..ඕවා ටික ෆට්ට..

    ReplyDelete
  31. @ සහන් - අර මම දාපු FB Page එකේ Direct Links එහෙම තියෙනවා..පොඩ්ඩක් බලන්න..
    නැත්තන් මම බලල ටොරන්ට් ටිකක් දාන්නම්..
    VD මැක්ස් !!

    @ ගෝල්ඩ් ෆිශ් - ආයිත් අහලා..අඩුම ගානේ කඩ්ඩ හරි හදාගන්න පුළුවන්..

    ReplyDelete
  32. @ pandukabaya - ඔයාගේ සෙට් ඒකෙන How i met your mother විතරයි පොඩ්ඩක් හරි බලලා තියන්නේ..අනිත් සෙට් එක නම බලලා නැහැ..කොහොමද ඒවත් හොදද..

    @ ප්‍රාර්ථනා - Legend of the seeker සිරා තමයි..Season 3 එනවා කියලා කතාවක් තියෙනවා..

    @ මධුරංග අයියා - අනිවා බලන්න.. ;)

    @ දේවා - අර FB Page එකේ ගොඩක් තියෙන්නේ Direct Links තමයි මචං..පොඩ්ඩක් බලන්න..

    @ සයුරි අක්කා - HIMYM පොඩ්ඩ පොඩ්ඩ බලලා තියෙන්නේ..වෙලාවක් සෙට් උන ගමන බලන්න ඕන..Big ban theroy හොදද ?

    @ ඇනෝ - Prison Break වගේම නෙවෙයි..ඒක හදපු සෙට් එකම තමා Breakout Kings හදන්නෙත්..හිරෙන් පනින අය අල්ලන සීන් එකක් තියෙන්නේ..ඒක එළ..

    @ chamara - You'r always welcome machan

    @ Dinesh - House එකේ ඔක්කොම නම් මම බලලා නැහැ..හොදයි වගේ කියලා හිතෙනවා..

    @ ඔබ නොදුටු ලොවක් - අප්පා එහෙමද...එහෙනම් Outsource එකෙන් වගේ පටන් ගන්න වැඩේ ;)

    ReplyDelete
  33. ඔව් ඔව් 2006 වගේ තමයි.

    ReplyDelete
  34. @ චම්මා මල්ලි : big bang theory සමහරුන්ට අල්ලලා ගියාට සමහරුන්ට හරි යන්නේ නැහැ ලු...මටනම් ෂේප් එකේ බැලුව හැකි..

    ReplyDelete
  35. හම්මෝ!!! දැන් ඉතින් නිදහස් ගොවියෙක්නෙ අයියා නේ?? හික්ස්ස්ස්
    TV සීරිස් බල බල ඉන්න තියෙන්නෙ..:D මාර තොගයක් තියෙනවනෙ අයියා ළග..:)

    හෆ්ෆෝයි පවු අනේ අර ළමයා.. ඔහොමත් කියනවද මිනිස්සුන්ට..

    ReplyDelete
  36. මමනම් මේ දවස්වල බලන්නෙ Breaking Bad, IMDB 9.4 අගයක් තියෙනවා... මරු story එක...

    ReplyDelete
  37. මම නං සීරීස් බලන්නේ නැත.//අනේ නිකන් පලයන් බන් යන්නේ , කෝපි-කඩේ බල බල හිටපු උබලට මොන නිකිට ද//
    එය නම් සැබෑ මඩ පහරකි.

    ReplyDelete
  38. කෝපි කඩේ කථාව ගැන අදහසක් - ඒක මහ පට්ට මඩක් වුනත් , කෝපි කඩේ කියන්නේ ලංකාවට ආවෙනික අපුරුවත්වයක් මතු කරපු ස්වර්ණමය යුගයක් තිබුනු නාට්‍යයක් කියලත් කියන්න ඕනි

    ReplyDelete
  39. prison break මන් 4 පාරක් බැලුවා.. ඇඩෙනවා..!! එක බලන්න්න.........

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!