මේ කියන්න යන සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලේදී.ඒ කියන්නේ 2007 කාලේදී.ඉස්කෝලේ යන කාලේ එක එක ජාතියේ ආසාවල් එහෙම තියෙනවනේ.අපේ සෙට් එකේ හිටපු එවුන්ට තිබ්බ ආසාවක් තමයි ගෑනු ළමයින්ගේ ඉස්කෝලෙක තාප්පේ තමන්ගේ නම ලියන එක. කියන්නයන කතාවත් එහෙම ලියන්න ගිහින් වෙච්ච පොඩ් ඇබැද්දියක්
තාප්පෙක නමක් ලියන්න කොලඹ පැත්තේ තිබ්බේ හොද තැන් දෙක තුනයි. කොලඹ ඉස්කෝලේ ගිය කාගෙන් හරි ඇහුවොත් නම් ටාර් ගාලා කියයි.එකක් තමයි S.P.M එකේ තාප්පේ , අනිත් එක තමයි වීශාකා එකේ තාප්පේ. ඔය දෙකෙනුත් මම හිතන්නේ S.P.M එකේ තාප්පෙ තමයි ජනප්‍රියම එක. ඒ කාලේ ඔය ඉස්කෝලවල තියෙන විද්‍යා / වාණිජ දිනයක් එහෙමත් නැත්නම් සංගීත ප්‍රසංගයක් එහෙම තියෙන දිනයක් නොවැරදීම ඔය S.P.M බිත්තියේ සටහන් කරනවා.අනිත් දේ තමයි ගොඩක් වෙලාවට තාප්පේ තීන්ත එහෙම ගානවා අඩුයි.මොකද ඉතින් තීන්ත ගාල ඉවරවෙලා ඊලග දවසේ බලනකොට ඉතින් ආයි පෙර තිබ්බ තත්වෙටම ඇවිත්.
හරි මේ වෙන වෙන ඒවා කියන්න ගිහින් ට්‍රැක් එක පැන්නනේ.මෙන්න මේකයි උනේ.ඉස්කොලේ බිග් මැච් තිබ්බ කාලේක රෑ වෙලා අපේ සෙට් එකක් යනවා ස්ප්‍රේ පාරක් දාන්න කියලා.අර මම කලින් කිව්වා ඉස්කෝලේටම තමයි යන්නේ.ඔය තාප්පේත් හෙන දිගයි.අපේ එවුනුත් එක එක තැන්වල ස්ප්‍රේ කරගෙන ඉන්නවා.2007 Rox , MC Rox ඔය වගේ ඒවා. ඔහොම ස්ප්‍රේ කර කර ඉන්නකොට.
සෙට් එකේ එකෙක් : " මේ බන් මෙච්චර පොඩියට ගහලා හරියන් නැහැ බන්..ගහමු ලොකුවට ඇඩ්රස් නැති වෙන්න , එතකොට හැමෝටම පේනවත් එක්කනේ "
දෙවැන්නා : " හරි උබ පටන් ගනින්..කරන මගුලක් ඉක්මනට කරපන් කවුරුහරි දැක්කොත් චාටර්"
ඊට පස්සේ අර පලවෙනි එකා ලොකුවට M.C Power කියන එක ගහන්න පටන් ගත්තා. භාගයක් ගහගෙන යන කොටම ආවේ නැද්ද පොලිසියේ ජංගම මුර රථයක්.ඔය කාලේ කොටි කේස් එහෙමත් තිබ්බා.අපාරදේ කියන්න බෑ ඉතින් හිටපු පොලිස් අන්කල්ලා අපේ එවුන්ට ඉතාම කරුණාවෙන් කරන වැඩේ වටිනාකම කියලා දීලා තියෙනවා.පස්සේ අපේ ඉස්කෝලේ ගාවින් ගිහින් බස්සලත් තියෙනවා.
කට්ටියටම තරු පේන්න ගත්තේ පහුවෙනිදා ඉස්කෝලේ ආවාමයි.පොලිසිය ආපු කලබලේට ස්ප්‍රේ කරපු එකා හරියට ගහන එක ගහලා නැහැ.මිනිහා ස්ප්‍රේ කරලා තියෙන්නේ M.C Pow කියලා $#!~@$(@ !!!
වස නෝන්ඩියයි නේ.ඒ අස්සේ අදාළ ඉස්කෝලේ ළමයි හම්බඋනාම අහන්නෙත් ඔය සීන් එකමයි.තව ඒ දවස්වල ක්ලාස්වලදී එහෙම ඔය මොනවහරි කේස් එකක් ගිය ගමන් වෙන ඉස්කෝලවල උන් අහන්නේ " අඩෝ ඉතින් උබලගේ ඉස්කොලේ එවුන් පව් කියලා උබලගේ උන්ම කියනවනේ..තව මොනවාද බන් " කියලා. එකෙක් කරපු ගොන් වැඩක් නිසා අපේ එවුන් ඒ කාලේ අම්බානෙක බයිට්.
ප.ලි - අර ගහන්න ගියපු වචනේ අන්තිම අකුරු දෙක පස්සේ දවසක තව සෙට් එකක් ගිහින් ස්ප්‍රේ කරලා ඇවිත් තිබ්බා.
අනිවා ඔය පලවෙනි දවසේ ගිය සෙට් එකට නිකමටවත් චම්මා එහෙම ගියෙ නැහැලු....
ReplyDeleteපස්සේ අකුරු දෙක ගැහුවට පස්සේ වැඩේ ශේප් ද????
අනේ පව් නේද අප්පා...කොහොමත් කොහොමත් M.C. පව් තමා...හික්ස්.. :D
ReplyDelete@ මංච් - ඔය හදන්නේ ඉතින් මංච්ගේ ඉස්කෝලේ ගැනත් පොස්ට් එකක් දාගන්න තමයි :P
ReplyDelete@ දේවා - ඒකනේ ඔන්න මම නම ඕවට නැහැ..
ReplyDeleteහප්පා චාටර් සීන් එකනේ මලේ....:)
ReplyDeleteපොලීසියෙ අංකල්ලත් නියම තැනදි වැඩේ නවත්තල තියෙන්නෙ..
ReplyDeleteකවුර්ය් කළත් මානසික ලෙඩක්.. තවමත් ඒ මානසිකත්වයේනම් ඉන්නේ.. මානසික වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳා...
ReplyDeleteපොලිසිටය චුට්ටක් කියලා ඉතුරු අකුරු ටිකත් ගහලම ආව නං ඉවරනේ ........
ReplyDelete@මාතලන්,
ReplyDeleteකොලු කාලෙට ඔහොම දේවල් කරනවා බං, ඕක කොලු කාලෙන් පස්සෙත් තියනවා නං මානසික ලෙඩක් .......
අඩෙ මට ඔය සීන් එක මතකයි බන්. මම පතනෙ. හැමදාම ඔතනින් නොවැ යන්නේ.. හෙහ් හෙහ් එල එල.. ඊයෙත් දැක්කා නා නා ප්‍රකාර එව්වා ස්ප්‍රේ කරල තිබ්බා...
ReplyDeleteජය...
හික්ස්ස්ස්ස්ස්ස්.... M.C පවු....!!! තමා.. මොනා වුනත් ජොලි වැඩේ...
ReplyDeleteM.C ගැන ඉතින් කියලා වැඅඩක් නෑලු...;)
M.C. පව්......හිකිස්..........
ReplyDeleteමල්ලියෙ අපි ආරස්සා කොරපු ඉස්කෝලෙ නම කන්ඩ එපා බොල , ලියන 1 ක් දාර්ශනික විදිහට ලියල වරෙන්........
ReplyDelete@ පන්සල් හංදිය
ReplyDeleteඅපිත් ඔය වයස පහු කළානේ.. ඒත් ඔය වගේ වැඩ කළෙත් නෑ. ඒවට අනුබල දුන්නෙත් නෑ. කරන ඒවුන්ට ගැහුවේ අපියි. සර්ල නෙමෙයි. තමන්ගේ පාසලේ තාප්පේ තියෙනවනම් කොච්චර දුකද...? කැතද...?
පවු තමා ස්ප්‍රේ කරපු එකාට... හික් හික්..... ඔක්කොම ගහන්න දුන් නෑ නේ.....
ReplyDeleteහික්ස්! පව් අප්පා.
ReplyDeleteඉස්කෝලේ එවුන් පවු නේ.
ReplyDeleteඔය කියන්නේ ඩුප්ලිකේශන් පාරේ තියෙන ඉස්කෝලේ ගැන එහෙම නෙමෙයි නේද. මම් නිකමට අහන්නේ.
අපේ HR එකේ අක්කා කෙනෙක් නෝ පාර්කින් කියන එකට ගැහුවා "NO PAKING" කියලා....
ReplyDelete@ හිතුවක්කාරී - එහෙනම් අර කතාවේ දසුන් ෂුවර් එකට M.C එකේ එහෙම නේද ?
ReplyDelete@මධුරංග අයියා - ඒක තමයි ඉස්කෝලේ ..හිකිස්
ReplyDelete@ ගෝල්ඩ් ෆිෂ් - ලොල්..එකනම් පට්ට
@ ප්‍රසංග , රාජ් - මොනවා කරන්නද ඉතින්.. ;)
@ සමීර අයියා - දැන් ඉන්න එවුන නම් ඉතින් මොනා කරගන්නවද දන්නේ නැහැ...ලොල්
@ ගයාන් - අප්පා එහෙමද..ඒක ඉතින් පොදු නෝටිස් බෝඩ් එකනේ ;)
ReplyDelete@ අසනී - මේ MC එකත් එක්ක කට්ටියට මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා මට පේන විදියට..
@ අසංක , වෙනි - චාටර් ද කියලත් අහනවා...පොලිසියත් එන්නේ ඉතින් අනවශ්‍ය වෙලාවටම තමයි..
@ මාතලන් , පන්සල හන්දිය - බුදු අම්මෝ මෙන්න වලියක්...!!!
හි හි....අපිත් ඕකේ අනන්තවත් ලියලා ඇති.මම කිව්වේ S.P.M තාප්පේ.මොනවා උනත් සාටර් සීන් එක හොදේ ලොල් ;)
ReplyDelete