Thursday, August 4, 2011

I Love You



හැමදාම ලගට වී
තුරුළුව සෙනෙහසින්
නොකිව්වට ආදරෙයි මම
මැවෙන හැමවිට
රුසිරු ඔබේ රුව
සිතෙන් කියනෙමි
හෑම මොහොතකදීම
ආදරෙයි මා ආදරෙයි. . .
දුරින් සිටියත් අප
හදවතින් නම්
ඉන්නේ හැමවිට
අපි අතරමය . .


පින්තූරය  : http://images.free-extras.com/pics/i/i_love_you_so_much-1386.gif

28 comments:

  1. ලස්සනයි.එතකොට මේවා
    "හද ආදරේ පිරී ඉතිරෙනවා"
    "අම්මපා මගේ හද පතුලෙන් ගලනවා ආලේ"
    හික් හික් ;)

    ReplyDelete
  2. සුන්දර පද වැලක් , විශේෂයෙන්ම ගතින් දුරස්ව සිටිත්දී දැනෙන සංවේදී සිත් රිදුම නිවාලන්නට කදිම , ඔසුවක් වන් පද මුසුවක්

    ReplyDelete
  3. මරු අදහස් ටික මල්ලි...

    ReplyDelete
  4. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..!!

    ReplyDelete
  5. ගතින් කොච්චර දුරස් වෙලා හිටියත් ආදරේ කරන දෙන්නගේ සිත් ගොඩක් ලං වෙනවා. තමන්ගේ පුද්ගලික අත්දැකීමක් ලිව්වද මන්දා. කවිය නම් මසුරන් !!!

    ReplyDelete
  6. ලස්සන පද වැලක්...යාලු

    "දුර ඈත සිටියාට
    නුබේ සුසුම් මා ගාව
    කියනවා ආදරය
    නුබ මටයි හැමදාම..."

    ReplyDelete
  7. අත්දැකීමක්ද?
    කොහොම උනත් ලස්සනට ලියල තියෙනවා,

    ReplyDelete
  8. "රැදෙන්නට හැකි දාට
    මම ඉදිමි නුඹ ගාව
    මට දුන්නු ආදරය
    රකින්නම් පණ සේම.."

    අසනිගෙ තනුවටම අල්ලලා ඔන්න මාත් විකාරෙන් වගේ බකප් එකක් දුන්නා...

    ReplyDelete
  9. ඇත්තටම ලස්සන පද පෙලක් ..

    ReplyDelete
  10. @ පිස්සු පුසා - හිටු උඹව මම හෙට අල්ලගන්නම් :පි

    @ මහේෂ් අයියා - බොහොම ස්තුතියි ඔබතුමාට..ගොඩක් ස්තුතියි

    ReplyDelete
  11. @ ක්සැන්ඩර් - ස්තුතියි අයියා :) :)

    @ සෝරෝ - ෂෝට් එකට කිව්වම වැඩේ ලේසි නේ ;)
    තැන්කු මේ පැත්තේ ආවට :)

    ReplyDelete
  12. @ මධුරංග අයියා - ඒක ඇත්ත අයියා , හි හි මේ වෙන වැඩක් කරන අස්සේ ඔළුවට ආපු අදහසක් තමයි මේ විදියට ලියවුනේ :)

    @ අසනී - ඔය තියෙන්නේ කාව්‍යමය පිළිතුරක් , ලස්සනයි නංගි ඒක :)

    ReplyDelete
  13. @ නදීර - ආ එහෙම්ම එකක් නෙවෙයි මචන් , ඔහේ ලිව්වේ :)

    ReplyDelete
  14. @ නාකියා - ආ ඔය තියෙන්නේ බැකප් එකත් ආයේ එලටම..හිකිස්‌
    අපි සෙට් වෙලා හදමු සින්දුවක් ;)

    @ චතුර - තැන්කු තැන්කු :) :)

    ReplyDelete
  15. @ChammA & නාකියා
    ඔව් ඔව්...හදමු හදමු..හි හි..(තුන් දෙනාටම ගුටි කන්නවත් බැරියැ)

    ReplyDelete
  16. ඔව්...ඔව් හිතින් විතරක්ම කියපන්...ඇත්තටම කිව්වොත් අගේ නැති වෙනවා...

    ReplyDelete
  17. පිස්සු ආආආ....

    ReplyDelete
  18. තට්ට අයියාAugust 4, 2011 at 9:28 PM

    @චම්මා : අසනී ගේ පිළිතුර ජේ.සී.බී ට නම් පෙන්නන්න එපා...

    ReplyDelete
  19. පෙම ,
    නොකියමි මුවින්
    පද බැඳ . . .

    හිතේ අහුමුළු
    පවා ඉතිරී
    දෝරයන පෙම
    එකම ලෙසකින්
    නුඹට , මට
    අප අතරටම වැද
    හිතින් එක්වී
    මුමුණනා බැවු
    අපට රහසක්
    නොවේ කිසිලෙස . . .

    @ chammA : හැමදාට පතනෙමි ජය . . !

    ReplyDelete
  20. ලස්සනයි. උඩින් තියෙන පින්තුරේ නම් හොඳට හුරු පුරුදුයි. පරණ මතකයක්. ගොඩක්ම ලස්සනයි කවිය.

    ReplyDelete
  21. ලස්සන පද වැල් ......
    කෙනෙක් ලග ඉන්නවට වඩා ඈතින් ඉන්නකොට මතක් වෙනව වැඩිද මන්දා????

    ReplyDelete
  22. දුරින් ඉන්න කොට ආදරේ වැඩිවෙනවලුනෙ..ගතින් ඈත් වෙන්න වෙන්න හිතින් ළංවෙනවා.... ලසන පද වැලක්...:)

    ReplyDelete
  23. සුවඳ හමන ආදරයක් . . . වාව් . .

    ReplyDelete
  24. පතනෙමි පැතුමන්
    සුන්දර ආලයක් නිසාවෙන්
    හද පොපියන අරුමෙන්
    චම්මා අය්යාගේ නාමෙන්
    ‍රැක ගනු හිතේ ආලය පනමෙන්

    ReplyDelete
  25. කොලුවාගේ කෑල්ල ලග නෑ වගේ.. හිකි හිකි... හෆොයි... දුර ඉදන් ලව් කොරන එකෙත් ජොලියක් තියනවා. (ඊට වඩා ලග ඉදන් ලව් කරනකොට ආතල් එකක් තියනවා.)

    ReplyDelete
  26. කියවන්න කිව්වෙ වෙන එකක්..කියෙව්වෙ තවත් එකක්..හැබැයි මේක කියවල හිතට ආපු අදහසක් ලියන්න හිතුන!
    හැමදාටම ලගටවී
    සිටින්නට සිතුනත්..
    අද ඔබ අතැර යන බව
    කෙලෙස කියන්නද මම
    ඔබේ ඇස් දෙක දිහා බලාගෙන...
    හදවත පිරී ඉතිරී යන
    ඒ ආදරෙත් රැගෙන
    සමුගන්නෙමි අද දින
    කවදාහෝ දිනෙක
    යලි හමුවන බලාපොරොත්තුවක් ඇතිව..

    ReplyDelete
  27. කියවන්න කිව්වෙ වෙන එකක්..කියෙව්වෙ තවත් එකක්..හැබැයි මේක කියවල හිතට ආපු අදහසක් ලියන්න හිතුන!
    හැමදාටම ලගටවී
    සිටින්නට සිතුනත්..
    අද ඔබ අතැර යන බව
    කෙලෙස කියන්නද මම
    ඔබේ ඇස් දෙක දිහා බලාගෙන...
    හදවත පිරී ඉතිරී යන
    ඒ ආදරෙත් රැගෙන
    සමුගන්නෙමි අද දින
    කවදාහෝ දිනෙක
    යලි හමුවන බලාපොරොත්තුවක් ඇතිව..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!