Thursday, September 8, 2011

අපරාදේ බිලක් ගෙවා ගන්න තිබ්බ චාන්ස් එක

මේ සිද්දිය උනේ මම ස්ලිට් එකට ගියපු මුල්ම කාලේදී වගේ.ඔයා කාලෙදිම වගේ අදුරන කෙනෙක්ගේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා.ගෙදර කට්ටියත් එක්ක මටත් ඕකට යන්න සෙට් උනා.දන්න නොදන්න නෑදෑයෝයි අරගොල්ලොයි මේගොල්ලොයි හැමෝම ඕකට ඇවිත් ඉන්නවා දැන්.ඔය අතරේදී ටිකක් විතර දුරින් නැදෑ වෙන බුවෙක් මාත් එක්ක කතාවට සෙට් උනා.

බුවා : පුතා කොහමද ඉතින්  ?
මම : වරදක් නැහැ අන්කල් , ඔහේ ඉන්නවා
බුවා - කොහොමද ඉතින් ගෙදර කට්ටිය එහෙම සතුටින් ඉන්නවද ?
මම - ඔව් අන්කල් හොදින් ඉන්නවා
බුවා - අහන්නත් බැරි උනානේ , දැන් පුතා මොනවාද කරන්නේ ?
මම - මම අන්කල් ස්ලිට් නේ දැන්
බුවා - ආ ඇත්තද පුතා ..අහන්නත් සන්තෝසයි නේ

මොකා , මොන මගුලකට මම ස්ලිට් යනවා කිව්වම ඒක අහන්න සන්තෝෂ වෙන්නේ.අන්කල් ගේ වයර් වත් මාරු වෙලාද ?

මට ඔය වගේ අප්සට් දේවල් හිතෙන අතරේ ආයි පොර කතාවට සෙට් උනා.

බුවා - ඕකට පුතා ලේසියෙන් යන්න බැහැ , සෑහෙන කට්ටක් එහෙමත් කන්න වෙනවා..පුතාට එහෙම ඉස්සරහට හොද වෙයි

දැන්නම් මට හොදටම ෂුවර් වයර් ෂෝට් එකක් තමයි කියලා.මොකද ඉතින් ස්ලිට් ඒකෙ වැඩ කරගෙන යනඑක අමාරු උනත් ඉතින් ඇතුළු වෙන ඒක ඒ හැටි අමාරු නැහැ නේ.කොයිකටත් ඉතින් මම හිනා වෙලා හිටියා.මොනව අදහස් කරාද දන්නේ නැහැ නේ.ඔය අතරේ මිනිහාට වෙන වැඩක් සෙට් වෙලා ඒකට ගියා.වැඩේ ඉවරකරගෙන ආයි කදේට වැටුනා.

බුවා - දැන් පුතා කවද්ද ප'මනන්ට් කරන්නේ ? අවුරුද්දක්වත් ට්‍රේනින් ඉන්න ඕන නේ ?
හරි මගේ සැකේ ටක්කෙටම හරි,වයර් ෂෝට් වීමක්ම තමා.

මම - අන්කල් මම වර්ක් කරන් නැහැ තාම
බුවා - ආ පුතා දැන් කිව්වේ SLT කියලා
මම - නෑ නෑ අන්කල් මම මේ ස්ලිට් එකේ , අර මාලබේ එහෙම තියෙන්නේ
බුවා - ආ මම ඕවා ඉතින් දන්නේ නැහැ නේ සන් .. මම හිතුවේ SLT කියලා.එහෙනම් ඉතින් අපිට හදිස්සියකට බිලක්‌ වත් පුතාට කියලා ගෙවාගන්න පුළුවන් නේ $*%@$#%!!&

21 comments:

  1. අන්කලුත් දන්නේ හදිසියකට කාගෙහරි දතක් ගලවගන්න පුළුවන් තැන් ගැන විතරයි වගේ

    ReplyDelete
  2. නියම වයර් ශෝට් එකක්!

    ReplyDelete
  3. හිකීස්.. අපරාදෙ තමයි බිලක් ගෙවා ගන්න තිබුනු චාන්ස් එක මිස් උනා..

    ReplyDelete
  4. හප්පේ...අන්කල් ගිහින් තියෙන දුර....:D

    ReplyDelete
  5. //ඕකට පුතා ලේසියෙන් යන්න බැහැ , සෑහෙන කට්ටක් එහෙමත් කන්න වෙනවා..පුතාට එහෙම ඉස්සරහට හොද වෙයි//
    බයවෙන්නෙපා පුතාට ඉස්සරහට හොද වෙයි!

    ReplyDelete
  6. අංකල් කාරයා වලිගේ පාගගෙන. හික්ස් :)
    කොහොමද මල්ලි එස් එල් ටී එකේ වැඩ කලා නම් !!!!
    අර අංකල්ගේ ඔක්කොම ටෙලිකොම් බර අදින්න වෙන්නේ මල්ලිට තමයි. බිල් ගෙවන්න කියයි නෙට් අරන් දෙන්න කියයි. අවිලක් උනොත් ඒක බේරුන් කරලා දෙන්න කියයි. වැඩ කෝටියයි !!!!

    ReplyDelete
  7. වෙලාවට...SLT උනානන් කොල්ලට අන්කල්ගෙන් බේරෙන්න වෙන් නෑ...

    ReplyDelete
  8. අපරාදේ බිලක් ගෙවාගන්න තිබුන චාන්ස් එක.. හොද වෙලාවට මෑන් එහෙම කිව්වේ.. බිලක් නොඑන්න හදාගන්න බැරිද කියලා අහන්නෙ නැතුව...

    ReplyDelete
  9. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්.... මරු අංකල් කෙන්ක් නෙ... කවුරු කවුරුත් වාසියට හෝයියා ලූ...;)

    ReplyDelete
  10. @ අම්බලම , විසිතුරු - ආයිත් අහලා දතක් ගැලවීමේ උපරීමය සහ වයර් ෂෝට් වීමේත් උපරිමය...

    @ වෙනි - හිකිස් , ඒ කෙසේවෙතත් මට බිලක්‌ වැටීම චාන්ස් එක මිස් උනා ;)

    ReplyDelete
  11. @ නිසුපා අක්කා - එහෙනම් එහෙනම් :D

    @ රාජ් - මාත් මේ බලන් ඉන්නේ ඒකම තමා අයියා ;)

    ReplyDelete
  12. @ මධුරංග අයියා - හික් හික්...මටත් මැවිලා පේනවා සෙට් වෙන්න තිබ්බ වැඩ සෙට් එක..හිකිස්‌


    @ අසනී - එහෙනම් එහෙනම් ;)

    ReplyDelete
  13. @ දිනේෂ් - ලොල්..එහෙනම් ඔක්කොමලා ගස්


    @ හිතු - වාසි පැත්තට හෝයියා ;) ;)

    ReplyDelete
  14. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල තමා සහෝ

    ReplyDelete
  15. හෙහ් හෙහ් අපරාදේ අන්කල්ගේ බිලක් ගෙවා ගන්න තිබ්බ චාන්ස් එක උබ කෑවනේ.. හෙහ් හෙහ්

    ජය...

    ReplyDelete
  16. ඕකට මචන් ස්ලිට් නොකියා S L I I T ( S L ඩබල් I T ) කිව්වා නං අන්කල් අයි මුකුත් අහන එකක් නෑ :D :D

    ReplyDelete
  17. ඉතින් යලුව මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  18. අපරාදේ දත...... එත් පොඩ්ඩක් හොයලා බැලුවේ නැද්ද ඉතින් අන්කල්ගෙන් ගලවන්න පුලුවන් දෙයක් ගැන එහෙම

    ReplyDelete
  19. හැබෑටම ඒ මනුස්සය අහලවත් නැතුව ඇති ස්ලිට් එක ගැන... ඒක නෙමෙයි මලේ... ( මලේ වෙන්න ඕනි ) දැන් සෙමිස්ටර් එකකට කීයද ස්ලිට් එකේ ගාන ??

    ReplyDelete
  20. හි හි ශික් අපිටත් බිලක් ගෙවාගන්න තිබ්බ චාන්ස් එක ලොල්....

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!