Sunday, September 11, 2011

අමා

මේක මේ ලගදි දවසක සිද්ද වෙච්ච කතාවක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ කාටවත් අපහාසයක් කිරීමේ හරි  අපහසුතාවයට ලක් කිරීමේ කිසිම චේතනාවක් නැති බව.හරි මෙන්න මේකයි උනේ.දවසක් මමයි තව මගේ යාලුවෙකුයි හවස් වරුවක පොඩ් කතාවක් දාගෙන හිටියා.ක්‍රිකට් මැච්වල වෙච්ච දේවල් , ජන්දේ ඉල්ලන එවුන් කරන ගොන් පාට් එහෙම කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව අපි කතාකරපු මාතෘකාව ලංකාවේ ටෙලි නාට්‍ය පැත්තටත් ගියා.නාට්‍යවලත් ඔය එක එක බයිලා කියව කියව ඉන්නකොට එක පාරටම අර යාලුවට කරන්ට් වැදීලා වගේ මගෙන් ඇහුවා ,

මේ උබට අමාව මීටර් ද ? "

මම : ඔව් බන් මොකෝ මන් නොදන්නේ , අර අපේ දහම් පාසල් ආපු එක නේද ?
බුවා :  ඒ අමා නෙවෙයි බන් , අර නාට්‍යයක් යන්නේ බන් අයි.ටී.එන් එකේ අන්න එකේ ඉන්න අමා ?

මම කොහොමත් ඔය නාට්‍ය සබ්ජෙක්ට් එකේ නැති නිසා ඔය නාට්‍ය ගැන අප්ඩේට් නැහැ , ඒ ඇරත් ඔය මෙගා නාට්‍ය කියන එව්වා නම් මට කොහොමටත් දිරවන්නේ නැහැ.

මම : මීටර් නැහැ බන් , මම ඔය නාට්‍ය බලන්න නෑ බන්
බුවා :  අඩෝ බලපන් , ඒක පට්ටයි බන්
මම : නාට්‍යය ද  ?
බුවා  : නෑ  බන් , ඉන්න කෙල්ල . අමාට ඉන්න කෙල්ල  !!! මාර සිරා ඒක
මම : එල මම බලන්නම් .. 

ඔය බලන්නම් කිව්වට ඔය නාට්‍ය බලන්න  මට බැරි උනා , පස්සේ දවසක අර යාලුවා හම්බුඋනාම ආයිත් ඔය කතාව ආවා . .

බුවා : අඩෝ මේ උබ අර නාට්‍ය බැලුවද ?
මම : නෑ බන් බලන්න බැරි උනා නේ , අමතක උනා
බුවා : අපෝ උබ නම් ,ඒක නෙවයි මේ මම අර ඒකේ පට්ටයි කියපු කෑල්ලේ පොඩ් අප්සෙට් එකක් තියෙනවනේ බන්
මම  : ඇයි ඒ කෙල්ල එකපාරට කලු වෙලාද ?
බුවා : නෑ බන් ඒකි දත් පෙන්නලා හිනා වෙන්නේ නැහැ නේ
මම : මොකා !!! උබ ඉන්න වෙලාවට හිනා වෙන්නේ නැතුව ඇති බන්
බුවා : නෑ බන් , මම හෙන මිටරෙන් බැලුවා , සිරාවටමයි කියන්නේ, ඒ කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

කතාවේ ඊලග කොටස උනේ මෙහෙමයි , අපේ යාලුවෝ කට්ටියක් ඉන්න තැනකදී ආයිත් ඔය "කට තදකරෙන හිනා වෙන " සීන් එක ආවා.ඇයි මෙහෙම ප්‍රධාන නිළිය කට තද කරගෙන හිනා වෙන්නේ කියලා ඇහුවම ආපු  උත්තර තමයි මේ..

පලවෙනි උත්තරය - සමහරවිට ඒකිගේ දත් පණුවෝ කාලා ඇති බන් , ඇරත් නිලියක් නේ බන් , ඉස්සරහා දත පණුවෝ කාල කියලා දැක්කම චාටර් නේ , ඒක නිසා කට තද කරගෙන ඉන්නවා ඇති !!.

දෙවැනි උත්තරය - ඩ්රෙක්ටර් බුවා කිව්වද දන්නේ නැහැ නේ දත් පෙන්නන්න එපා , දත් පෙන්නුවොත් පොරොන්දු වෙච්ච ගාන දෙන්නේ නැහැ කියලා..ඒ හින්දා දත් නොපෙන්නා හිනා වෙනවා ඇති.

තෙවන උත්තරය - ඔය නාට්‍යවලට එනකොට ගහන ගිවිසුමේ දත් පෙන්නලා හිනා වෙනවට ගානක් වෙන්කරලා නැතිව ඇති , එක නිසා දත් පෙන්නන්නේ නැතුව ඇති...ගිවිසුමේ තිබ්බ නම් ඔන්න අපිට ඒකිගේ දත් සෙට් එක බලාගන්න තිබ්බා.

හතරවෙනි උත්තරේ - කෙල්ලගේ ඒ හැටි වයසක් පේන්නෙත් නැහැ නේ, කව්ද දන්නේ ලගදි කිරි දත් වැටිලා තාම ඇවිල්ලා නැද්ද කියලා.

තව තව විවිදාකාර උත්තර ගොඩක් ලැබුනා.ඒ කිව්ව සමහර උත්තර නම් මෙතන ලියන්න බැහැ. ඔය කතා වලින් පස්සේ මාත් ඔය නාට්‍ය කොටසක් දෙකක් බැලුවා ,අපේ බුවා කියපු කතාව ඇත්ත තමයි .සිරාවටම කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන තමා.අනේ ඉතින් මටත් පෙනුන හැටිද මන්දා.

ප.ලි - මෙන්න මේ සින්දුව තියෙන්නෙත් ඔය කියපු නාට්‍යයේ , පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද කියලා බලන්නකෝ. හිනාවෙන එක කෙසේ වෙතත් මේ සින්දුව නම් සිරා.




38 comments:

  1. uba me mada gahanne katada kiyala dannawada ahhhh

    ReplyDelete
  2. මමත් ඉද හිට ඔය නාට්‍යය බලනවා...ඒ තරම් හිනා වෙන් නෑ තමයි...සමර විට ඒ චරිතේ අනුව වෙන්නත් පුළුවන්...මොකද එතනදි අක්කට රගපාන ළමයා කරන්නේ..බොහොම තැම්පත් චරිතයක්නේ.. අනේ මන්දා...
    මේ කොල්ලොන්ටත් හිතෙන එව්වා...අපෝ...අපි හොදයි....හික්ස්

    ReplyDelete
  3. සිනා නොමසෙන් දසන් දක්වා! හොඳ ළමයෙක් වගේ!

    ReplyDelete
  4. පලවෙනි ඇනෝ - ඔයා හරියට පොස්ට් එකේ මුල ටික කියවලා නැහැ , කලින්ම කියලා තියෙනවා කාටවත් අපහාසයට ලක්කිරීම චේතනාවක් නැති
    බව

    ReplyDelete
  5. @ අසනී - ඔය තියෙන්නේ ඉතින් සාක්ෂි...මට පෙනුන එකත් හරි එහෙනම් ;)

    අපි හැමදේම ගැන විමසිල්ලෙන් නේ ඉන්නේ , ටාර් ගාල ඔවාගේ ඒවා ක්ලික් වෙනවා :D

    ReplyDelete
  6. @ විසිතුරු - සිදුවිය හැකි දෙයක් ;)

    ReplyDelete
  7. පවු මචං... සුපිරිවිකි එකක් යවමුද?

    කවුරු හරි කට කාලද දන්නෙත් නෑ බං...

    ReplyDelete
  8. හික්ස් මේ කොල්ලොත් බලන ඒව ඇත්තට.. කෙල්ලත් හැඩයි. සිංදුවත් නියමයි........

    ReplyDelete
  9. සුවැර් කොල්ලට බොලු කියලා කට කාලා තමා! නැත්තන් ඉතින් කට ඇරියම වටේ ඉන්න එවුන්ට ඔක්සිජන් අඩු සීන් එකක් එනවද දන්නෑනෙ.

    පෝස් එකෙන් මඩ වැදුන්නැතත් කොමෙන්ට් දෙක තුනකින්නම් මඩක් වැදුන්න :D

    ReplyDelete
  10. සින්දුව නම් මැක්සා මචන්... ඒත් අර සින්දුව පුරාටම කන්ටේනර් යාඩ් එකකුයි හාබර් එකයි පෙන්නන්නේ ඇයි.... ඒ නාට්‍ය තියෙන්නේ ඒගැන කතාවන්ද????? :)

    ReplyDelete
  11. eki hina wenawa bun.....hodata balapan...:P :P.....

    --- meeta

    KASSA

    ReplyDelete
  12. හික්ස්......මටත් හිතෙන්නෙ කියන්න බැරි හේතුවක් ඇති...:P

    ReplyDelete
  13. හික්ස්......මටත් හිතෙන්නෙ කියන්න බැරි හේතුවක් ඇති...:ඵ්

    ReplyDelete
  14. අමා නම් හැඩයි තමයි.. මමත් ඉදලා හිටලා කතාව බලනවා.. ඇත්ත මොකද මන්දා මෙයා එහෙම හිනාවෙන්නේ...

    ReplyDelete
  15. ෂා... ඒ කෙල්ල හොදයිනෙ...;) මමත් මේ එහෙම හිනා වෙන්න ඉගනගන්න ඉන්නෙ.:( ඒත් මට බෑනෙ හෆ්ෆා...;)

    හැබැයි ඉතින් මගේ හිනාව එයාට වඩා හොදයි වගේ.. හිකිස්ස්ස්ස්...
    අයියලටත් හිතෙන දේවල්..;)

    ReplyDelete
  16. හැබෑට මුනුත් බල දේවල්...

    ReplyDelete
  17. සිනා බෝවේවා සිග්නල් ලොල් :D

    ReplyDelete
  18. අනේ මන්දා...මුංගේ මරු විචාර ශක්තිය ..

    ReplyDelete
  19. ඇයි බන් ඩයල් එක කලින් නටලා කකුලක්ද කොහෙද කඩාගෙන හිටියා නේ?.එතකොට දත් ටිකත් හැළුනද දන්නෙ නෑ...හික්ස්

    ReplyDelete
  20. මමත් නාට්‍යයෙ එක කොටසක් හරි බලන්න ඕනෙ. හික් හික්!!

    ReplyDelete
  21. @ ගෝල්ඩ්ෆිෂ් - සුපිරිවිකි යවන්න තමා වෙන්නේ...කට කාපුවා නම් මම නොදනිමි.. :P

    @ ගිම්හානි - සින්දුව නම් පට්ට :)

    @ මලියා- ඔන්න මම නම් ඔය වැදිච්ච මඩ වලට සම්බන්ධයක් නැහැ..

    ReplyDelete
  22. @ ටුටු - නැහැ නැහැ..මෑන නෙවෙයි :P

    @ මින් - මම නම නාට්‍ය බලලා නැහැ බන්..එහෙම සීන් එකක්ද දන්නෙත් නැහැ..හිකිස්

    ReplyDelete
  23. @ $කුබුවි$ - ;) ;) කියන්නට බැරිය


    @ Dinesh - නෝ අයිඩියා මචං..හිතා ගන්න බැහැ

    ReplyDelete
  24. @ හිතුවක්කාරි - දැන් කවුද කෙල්ල හොද නැහැ කිව්වේ :P
    අපෝ එහෙමනම් හිනා නොවෙන එකම හොදා..
    අපි ඉතින් ෂර්ලොක් හෝම්ස් වගේ හොදට නිරීක්ෂණය කරනවනේ හැමදේම... ;)

    @ පිස්සා පලාමල්ල - අවදානයෙන් ඉන්න එක හොදයි නේ අයියා.. :D

    ReplyDelete
  25. @ පිස්සු පුසා - අනිවා අනිවා..!! සිග්නල් දෙන්න වෙන කේස් එකක්..


    @ Sabith - ලොල් :D

    ReplyDelete
  26. @ වවුලා - ඔව් ඔව් , මට ඒ සීන් එක මීටර් උනේ පස්සේ නේ ,
    එහෙම කේස් එකක්ද දන්නෙත් නැහැ තමා :D

    @ Mr. Depp - No no.He isn't the one :P :P

    @ blog gadol - අනිවා බලන්න..එතකොට සීන් එක ක්ලික් වෙයි ;)

    ReplyDelete
  27. අනේ ඉතින් උබලට වැඩක් නැහැ නේ කෙල්ලොන්ගේ දත් ගණන් කරනවා ඇරෙන්න.. :P :P
    අඩෝ උබ කියපු කේස් එකනම් සිරා තමා , ඒකී හිනා වෙන්නේ නැහැ බන්..

    ReplyDelete
  28. හිකිස්... මේකනේ කථාවක් තියෙනවානේ සිනා නොමසෙන් දසන් දක්වා කියලා.
    ඒ කෙල්ල ඒක අකුරටම පිළි අරගත්ත කෙනෙක් වෙන්න ඇති...

    ReplyDelete
  29. සිනා නොමසෙන් දසන් දක්වා කියලා කියන හන්දද මන්දා ඒ කෙල්ල හිනා වෙන්නේ නෑ ය කියලා කියන්නේ.
    නාට්‍යයේ කෙල්ල නම් නියමයි. කතාව නම් ආස නෑ.

    ReplyDelete
  30. අපෝ මෙයා නේද අර දිගු දෑස දුටුවාම සින්දුවෙ වීඩියෝ එක භක්ෂනය කරලා තියෙන්නේ

    ReplyDelete
  31. මොකක් හරි අවුලක් ඇති....
    දත් ප්ලෙට් දෙක සමබර නෑ..උඩු හනුව ඉස්සරහට වැඩි. හැබැයි ගොඩක්ම නෑ
    දිගු දැස විඩියො එක බලන්න. යටි හනුව ටිකක් පළල්
    තව එකක් තිනවා හිනා වෙන කොට කට දිග් වෙනවා වැඩි

    ReplyDelete
  32. අමා නැත්තටම නැති වූනේ ඡන්දෙන් තමා .......

    ReplyDelete
  33. හප්පට සුර. එහෙමත් සීන් එකක් තියද. කතාව හැමදාම බලන්නේ නැති වුනාට බලන්න ආසාවක් ආවා. හිදින්කෝ මමත් කතාව හැබෑවද කියල බලනකම්...

    ReplyDelete
  34. අමා ලස්සනයි තමයි. ඒත් මං තරම් නම් නැ:P

    ReplyDelete
  35. මම බය උණාද මන්ද????????????????

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!