" මේ උබට අමාව මීටර් ද ? "
මම : ඔව් බන් මොකෝ මන් නොදන්නේ , අර අපේ දහම් පාසල් ආපු එක නේද ?
බුවා : ඒ අමා නෙවෙයි බන් , අර නාට්‍යයක් යන්නේ බන් අයි.ටී.එන් එකේ අන්න එකේ ඉන්න අමා ?
මම කොහොමත් ඔය නාට්‍ය සබ්ජෙක්ට් එකේ නැති නිසා ඔය නාට්‍ය ගැන අප්ඩේට් නැහැ , ඒ ඇරත් ඔය මෙගා නාට්‍ය කියන එව්වා නම් මට කොහොමටත් දිරවන්නේ නැහැ.
මම : මීටර් නැහැ බන් , මම ඔය නාට්‍ය බලන්න නෑ බන්
බුවා : අඩෝ බලපන් , ඒක පට්ටයි බන්
මම : නාට්‍යය ද ?
බුවා : නෑ බන් , ඉන්න කෙල්ල . අමාට ඉන්න කෙල්ල !!! මාර සිරා ඒක
මම : එල මම බලන්නම් ..
ඔය බලන්නම් කිව්වට ඔය නාට්‍ය බලන්න මට බැරි උනා , පස්සේ දවසක අර යාලුවා හම්බුඋනාම ආයිත් ඔය කතාව ආවා . .
බුවා : අඩෝ මේ උබ අර නාට්‍ය බැලුවද ?
මම : නෑ බන් බලන්න බැරි උනා නේ , අමතක උනා
බුවා : අපෝ උබ නම් ,ඒක නෙවයි මේ මම අර ඒකේ පට්ටයි කියපු කෑල්ලේ පොඩ් අප්සෙට් එකක් තියෙනවනේ බන්
මම : ඇයි ඒ කෙල්ල එකපාරට කලු වෙලාද ?
බුවා : නෑ බන් ඒකි දත් පෙන්නලා හිනා වෙන්නේ නැහැ නේ
මම : මොකා !!! උබ ඉන්න වෙලාවට හිනා වෙන්නේ නැතුව ඇති බන්
බුවා : නෑ බන් , මම හෙන මිටරෙන් බැලුවා , සිරාවටමයි කියන්නේ, ඒ කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
කතාවේ ඊලග කොටස උනේ මෙහෙමයි , අපේ යාලුවෝ කට්ටියක් ඉන්න තැනකදී ආයිත් ඔය "කට තදකරෙන හිනා වෙන " සීන් එක ආවා.ඇයි මෙහෙම ප්‍රධාන නිළිය කට තද කරගෙන හිනා වෙන්නේ කියලා ඇහුවම ආපු උත්තර තමයි මේ..
පලවෙනි උත්තරය - සමහරවිට ඒකිගේ දත් පණුවෝ කාලා ඇති බන් , ඇරත් නිලියක් නේ බන් , ඉස්සරහා දත පණුවෝ කාල කියලා දැක්කම චාටර් නේ , ඒක නිසා කට තද කරගෙන ඉන්නවා ඇති !!.
දෙවැනි උත්තරය - ඩ්රෙක්ටර් බුවා කිව්වද දන්නේ නැහැ නේ දත් පෙන්නන්න එපා , දත් පෙන්නුවොත් පොරොන්දු වෙච්ච ගාන දෙන්නේ නැහැ කියලා..ඒ හින්දා දත් නොපෙන්නා හිනා වෙනවා ඇති.
තෙවන උත්තරය - ඔය නාට්‍යවලට එනකොට ගහන ගිවිසුමේ දත් පෙන්නලා හිනා වෙනවට ගානක් වෙන්කරලා නැතිව ඇති , එක නිසා දත් පෙන්නන්නේ නැතුව ඇති...ගිවිසුමේ තිබ්බ නම් ඔන්න අපිට ඒකිගේ දත් සෙට් එක බලාගන්න තිබ්බා.
හතරවෙනි උත්තරේ - කෙල්ලගේ ඒ හැටි වයසක් පේන්නෙත් නැහැ නේ, කව්ද දන්නේ ලගදි කිරි දත් වැටිලා තාම ඇවිල්ලා නැද්ද කියලා.
තව තව විවිදාකාර උත්තර ගොඩක් ලැබුනා.ඒ කිව්ව සමහර උත්තර නම් මෙතන ලියන්න බැහැ. ඔය කතා වලින් පස්සේ මාත් ඔය නාට්‍ය කොටසක් දෙකක් බැලුවා ,අපේ බුවා කියපු කතාව ඇත්ත තමයි .සිරාවටම කෙල්ල හිනා වෙන්නේ කට තද කරගෙන තමා.අනේ ඉතින් මටත් පෙනුන හැටිද මන්දා.
ප.ලි - මෙන්න මේ සින්දුව තියෙන්නෙත් ඔය කියපු නාට්‍යයේ , පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද කියලා බලන්නකෝ. හිනාවෙන එක කෙසේ වෙතත් මේ සින්දුව නම් සිරා.
uba me mada gahanne katada kiyala dannawada ahhhh
ReplyDeleteමමත් ඉද හිට ඔය නාට්‍යය බලනවා...ඒ තරම් හිනා වෙන් නෑ තමයි...සමර විට ඒ චරිතේ අනුව වෙන්නත් පුළුවන්...මොකද එතනදි අක්කට රගපාන ළමයා කරන්නේ..බොහොම තැම්පත් චරිතයක්නේ.. අනේ මන්දා...
ReplyDeleteමේ කොල්ලොන්ටත් හිතෙන එව්වා...අපෝ...අපි හොදයි....හික්ස්
සිනා නොමසෙන් දසන් දක්වා! හොඳ ළමයෙක් වගේ!
ReplyDeleteපලවෙනි ඇනෝ - ඔයා හරියට පොස්ට් එකේ මුල ටික කියවලා නැහැ , කලින්ම කියලා තියෙනවා කාටවත් අපහාසයට ලක්කිරීම චේතනාවක් නැති
ReplyDeleteබව
@ අසනී - ඔය තියෙන්නේ ඉතින් සාක්ෂි...මට පෙනුන එකත් හරි එහෙනම් ;)
ReplyDeleteඅපි හැමදේම ගැන විමසිල්ලෙන් නේ ඉන්නේ , ටාර් ගාල ඔවාගේ ඒවා ක්ලික් වෙනවා :D
@ විසිතුරු - සිදුවිය හැකි දෙයක් ;)
ReplyDeleteපවු මචං... සුපිරිවිකි එකක් යවමුද?
ReplyDeleteකවුරු හරි කට කාලද දන්නෙත් නෑ බං...
හික්ස් මේ කොල්ලොත් බලන ඒව ඇත්තට.. කෙල්ලත් හැඩයි. සිංදුවත් නියමයි........
ReplyDeleteසුවැර් කොල්ලට බොලු කියලා කට කාලා තමා! නැත්තන් ඉතින් කට ඇරියම වටේ ඉන්න එවුන්ට ඔක්සිජන් අඩු සීන් එකක් එනවද දන්නෑනෙ.
ReplyDeleteපෝස් එකෙන් මඩ වැදුන්නැතත් කොමෙන්ට් දෙක තුනකින්නම් මඩක් වැදුන්න :D
Meh malitha nemei neda ? :P
ReplyDeleteසින්දුව නම් මැක්සා මචන්... ඒත් අර සින්දුව පුරාටම කන්ටේනර් යාඩ් එකකුයි හාබර් එකයි පෙන්නන්නේ ඇයි.... ඒ නාට්‍ය තියෙන්නේ ඒගැන කතාවන්ද????? :)
ReplyDeleteeki hina wenawa bun.....hodata balapan...:P :P.....
ReplyDelete--- meeta
KASSA
හික්ස්......මටත් හිතෙන්නෙ කියන්න බැරි හේතුවක් ඇති...:P
ReplyDeleteහික්ස්......මටත් හිතෙන්නෙ කියන්න බැරි හේතුවක් ඇති...:ඵ්
ReplyDeleteඅමා නම් හැඩයි තමයි.. මමත් ඉදලා හිටලා කතාව බලනවා.. ඇත්ත මොකද මන්දා මෙයා එහෙම හිනාවෙන්නේ...
ReplyDeleteෂා... ඒ කෙල්ල හොදයිනෙ...;) මමත් මේ එහෙම හිනා වෙන්න ඉගනගන්න ඉන්නෙ.:( ඒත් මට බෑනෙ හෆ්ෆා...;)
ReplyDeleteහැබැයි ඉතින් මගේ හිනාව එයාට වඩා හොදයි වගේ.. හිකිස්ස්ස්ස්...
අයියලටත් හිතෙන දේවල්..;)
හැබෑට මුනුත් බල දේවල්...
ReplyDeleteසිනා බෝවේවා සිග්නල් ලොල් :D
ReplyDeleteඅනේ මන්දා...මුංගේ මරු විචාර ශක්තිය ..
ReplyDeleteඇයි බන් ඩයල් එක කලින් නටලා කකුලක්ද කොහෙද කඩාගෙන හිටියා නේ?.එතකොට දත් ටිකත් හැළුනද දන්නෙ නෑ...හික්ස්
ReplyDelete@Ruchira I feel da same machan
ReplyDeleteමමත් නාට්‍යයෙ එක කොටසක් හරි බලන්න ඕනෙ. හික් හික්!!
ReplyDelete@ ගෝල්ඩ්ෆිෂ් - සුපිරිවිකි යවන්න තමා වෙන්නේ...කට කාපුවා නම් මම නොදනිමි.. :P
ReplyDelete@ ගිම්හානි - සින්දුව නම් පට්ට :)
@ මලියා- ඔන්න මම නම් ඔය වැදිච්ච මඩ වලට සම්බන්ධයක් නැහැ..
@ ටුටු - නැහැ නැහැ..මෑන නෙවෙයි :P
ReplyDelete@ මින් - මම නම නාට්‍ය බලලා නැහැ බන්..එහෙම සීන් එකක්ද දන්නෙත් නැහැ..හිකිස්
@ $කුබුවි$ - ;) ;) කියන්නට බැරිය
ReplyDelete@ Dinesh - නෝ අයිඩියා මචං..හිතා ගන්න බැහැ
@ හිතුවක්කාරි - දැන් කවුද කෙල්ල හොද නැහැ කිව්වේ :P
ReplyDeleteඅපෝ එහෙමනම් හිනා නොවෙන එකම හොදා..
අපි ඉතින් ෂර්ලොක් හෝම්ස් වගේ හොදට නිරීක්ෂණය කරනවනේ හැමදේම... ;)
@ පිස්සා පලාමල්ල - අවදානයෙන් ඉන්න එක හොදයි නේ අයියා.. :D
@ පිස්සු පුසා - අනිවා අනිවා..!! සිග්නල් දෙන්න වෙන කේස් එකක්..
ReplyDelete@ Sabith - ලොල් :D
@ වවුලා - ඔව් ඔව් , මට ඒ සීන් එක මීටර් උනේ පස්සේ නේ ,
ReplyDeleteඑහෙම කේස් එකක්ද දන්නෙත් නැහැ තමා :D
@ Mr. Depp - No no.He isn't the one :P :P
@ blog gadol - අනිවා බලන්න..එතකොට සීන් එක ක්ලික් වෙයි ;)
අනේ ඉතින් උබලට වැඩක් නැහැ නේ කෙල්ලොන්ගේ දත් ගණන් කරනවා ඇරෙන්න.. :P :P
ReplyDeleteඅඩෝ උබ කියපු කේස් එකනම් සිරා තමා , ඒකී හිනා වෙන්නේ නැහැ බන්..
හිකිස්... මේකනේ කථාවක් තියෙනවානේ සිනා නොමසෙන් දසන් දක්වා කියලා.
ReplyDeleteඒ කෙල්ල ඒක අකුරටම පිළි අරගත්ත කෙනෙක් වෙන්න ඇති...
සිනා නොමසෙන් දසන් දක්වා කියලා කියන හන්දද මන්දා ඒ කෙල්ල හිනා වෙන්නේ නෑ ය කියලා කියන්නේ.
ReplyDeleteනාට්‍යයේ කෙල්ල නම් නියමයි. කතාව නම් ආස නෑ.
hikz
ReplyDeleteඅපෝ මෙයා නේද අර දිගු දෑස දුටුවාම සින්දුවෙ වීඩියෝ එක භක්ෂනය කරලා තියෙන්නේ
ReplyDeleteමොකක් හරි අවුලක් ඇති....
ReplyDeleteදත් ප්ලෙට් දෙක සමබර නෑ..උඩු හනුව ඉස්සරහට වැඩි. හැබැයි ගොඩක්ම නෑ
දිගු දැස විඩියො එක බලන්න. යටි හනුව ටිකක් පළල්
තව එකක් තිනවා හිනා වෙන කොට කට දිග් වෙනවා වැඩි
අමා නැත්තටම නැති වූනේ ඡන්දෙන් තමා .......
ReplyDeleteහප්පට සුර. එහෙමත් සීන් එකක් තියද. කතාව හැමදාම බලන්නේ නැති වුනාට බලන්න ආසාවක් ආවා. හිදින්කෝ මමත් කතාව හැබෑවද කියල බලනකම්...
ReplyDeleteඅමා ලස්සනයි තමයි. ඒත් මං තරම් නම් නැ:P
ReplyDeleteමම බය උණාද මන්ද????????????????
ReplyDelete