Saturday, September 17, 2011

ඇල්බා

අපේ ගෘප් එකේ හිටියා බුවෙක් ඇල්බා කියලා.හරි නම නම් ඇල්බා නෙවෙයි ඒ උනාට කවුරුත් දන්නේ ඇල්බා කිව්වම තමයි.අපේ සෙට් එකෙන් හා හා පුරා කියලා ලැප් එකක් ගත්තේ ඇල්බා.ඔය ලැප් එක අරගෙන තනිකරම කරේ ස්කයිප් / බුකියේ චැට් කරපු එක තමා.චැට් කරෙත් ආයි එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි පිටරට ජිවිතේට අදුරන්නේවත් නැති ඈයොත් එක්ක.කොච්චරක් හොදට චැට් කිරීමේ හැකියාවක් ඇල්බට තිබ්බද කිව්වොත් , අර ජිවිතේට දැකලා නැති සුද්දෝ චැට් එක ඉවර කරන්නේ "බුදුසරණයි දෙවි පිහිටයි කියලා". කොහොමද ඉතින් වැඩ !! සිංහල භාෂාව , සිංහල සිරිත් විරිත් ජාත්‍යන්තරකරණය කිරීමේ පුරෝගාමියෙක්.

ඔයිට අමතරව ඉතින් පිටරට අයට ( සුද්දියන්ට විශේෂයින්ම ) තමන්ගේ දුක්ගැනවිලි එහෙම කියලා සල්ලි ගෙන්න ගන්න වැඩ එහෙමත් පොර කලා.එක පාරක් ඔහොම දුක මාකට් කරලා යුරෝ බරගානක් මිනිහට ලැබුනා.ඒ දවස්වල අපි කිය කියා හිටියේ ආධාර ගේන්න පිටරටවලට යන ඇමතිලා සෙට් එකක් එක්ක ඇල්බව යැව්වොත් පොරොන්දු වෙච්ච ප්‍රමාණයට වඩා ලොකු මුදලක් ඒ රටවල් වලින් ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා.ඒ තරමටම මාකටින් නියමයි.

ඇල්බා කියන්නේ ටියුබ් ලයිට්.ඉස්තරම් වර්ගයේම ට්යුබ් ලයිට් එකක්.පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඇල්බගෙන් කෝල් එකක් එනවා,

යාලුවා - ඇල්බා කියපන්
ඇල්බා - අඩෝ මේ මාර සීන් එකක් වෙලා තියෙන්නේ බන්
යාලුවා - ඇයි මොකෝ
ඇලබා - කම්පියුටරේට මොකක්ද වෙලා බන් , මම මේ සෑහෙන්න වෙලා හදන්න බැලුවා හදන්න බැ බන්
යාලුවා - ඒ මොකෝ
ඇල්බා - නෑ බන් මේ කම්පියුටරේ ස්ටාර්ට් බට්න් එකත් එක්ක තියෙන තීරුව එක පාරට අනිත් පැත්තට ගියා නේ බන් $#%&%#@
යාලුවා - හරි බන් ,මොනිටර් එක අනිත් පැත්ත ගහලා බලපන් බන් ඉවරයිනේ කේස් එක

බලනකොට ඉතින් වෙලා තියෙන්නේ ටාස්ක්-බාර් එක ඇල්බා අතින් අනිත් පැත්තට ගිහිල්ලා.යාලුවා කිව්ව එක මුලින්ම ඇල්බට තේරුම ගිහිල්ලා නැහැ, පස්සේ තේරුම් ගියාම ඉතින් යාලුවට හොද වචන වලින් සංග්‍රහයකුත් කරලා තියෙනවා.

ඇමෙරිකන් හමුදාව ලග තියෙන "ඇපාච්" කියන හෙළිකොප්ටරයට "අප්පච්චි" කියලා සිංහල නම දැම්මෙත් ඇල්බම තමයි.අපි කරපු හැම ප්‍රෝජේක්ට් එකක්ම වගේ ටෙස්ටින් පාර්ට් එක කලේ ඇල්බා."ඇල්බා ද ටෙස්ටර්" කියලා පොඩ් කාඩ් එකකුත් ඒ නිසාම පොරට වැටිලා තිබ්බා.ඇල්බා කරන ටෙස්ටින් වලට අපි කිව්වේ  "ඇල්බා ටෙස්ටින් " කියලා.  ( ඇල්ෆා ටෙස්ටින් වලට කිසිදු සම්බන්ධයක් නොමැත.)

කොහොමින් කොහොම හරි ඉතින් මේ වෙනකොට අපි අතරේ ඇල්බා නැහැ.අපි අතරේ නැහැ කිව්වේ මොනවත් වෙලා එහෙමෙ නෙවේ.ඇල්බා අවුරුදු දෙකක් ස්ලිට්‌ එකේ ඉදලා අයින් උනා.දැන් නම් පොර ඉන්නේ ආණ්ඩුවේ මයික් ටයිසන් ඇමති කෙනෙක් ගාව.කොහොමද ආයි සෙල්ලම් නැහැ .කොහොමත් ටයිසන් ඇමතිතුමා වගේ කෙනෙක්ට ඇල්බා වගේ අයව ගැලපෙනවා වගේ දෙයකුත් තියෙනවනේ ;)

ප.ලි - ගොඩක් දුරට ඇල්බා ඉස්සරහට ජන්දේ ඉල්ලයි.කොහොමද ඉතින් වැරදිලා හරි දේශපාලනයෙන් ඉදිරියට ආවොත්.මං අහන්නේ කාටද ආඩම්බර !!!

29 comments:

  1. මාර ඇල්බෙක් නේ බොලේ

    ReplyDelete
  2. ඇල්බා කියන්නේ පුදුම කොල්ලෙක් නේ. මේවගේ උන් 10ක් හිටියනම් ලංකාව විශෙස් ආධාර වලින්ම නඟා සිටුවන්න පුලුවන්.
    මාත් ඇල්බා වගේ චැට් එකෙන් සල්ලි හොයන්න සිට්ටම් එකක් දාන්න ඕනා බලන්න. නාගන්න වෙයිද දන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
  3. අනාගතේට වටින පොරක් වගේ! දැන ඇඳුනුම් කම් දිගටම පවත්වාගෙන යන්න

    ReplyDelete
  4. එහෙනම් ඇමති උනාට පස්සේ ආධාර ගෙනෙයි ලංකාවට වැඩි පුරත් එක්ක...

    ReplyDelete
  5. ඇල්බා තමයි මිනිහා නේ...?ලගින්ම ඉන්න එකයි යාලු හොදම් වැඩේ..අනාගතේට වැඩක් ගත හැකි මිනිහෙක්....හැබැයි එකට වුන්නු පින්තූරුවක්වත් රාමු කරලම තිය ගත්තොත් හොදයි,හදිස්සියකදි පෙන්නන්න...කියන්න බෑනේ අනේ...වෙන මොකටවත් නෙමේ වැඩ හින්දා අමතක වුනොත්....

    ReplyDelete
  6. ෂා........ මාර යාළුවෙක්නෙ..;) මොනා වුනත් අයියා,ඡන්දෙ ඉල්ලන්න ආවොත් එහෙම අයියට ආකම්බරයක් නොවැ...;)
    dinesh අයියා කිව්වා වගේ ඇමති වුනොත් නියමයි.. විදේශාධාර වලින්ම රට ගොඩ ගන්න තිබ්බා.. කෝකටත් දිගටම ඇල්බා එක්ක ඉන්න..

    ඇල්බාටයි, අයියාටයි දෙන්නටම ජය වේවා...!!!!

    ReplyDelete
  7. එළ බුවෙක්නෙ ඇල්බා...

    ReplyDelete
  8. අඩේ ගොඩ කාලෙකට ඇල්බාව මතක උනේ වත නැ
    Thank u බුවා (chamma.exe) පොරව මතක් කරාට

    ReplyDelete
  9. මචන් මම හිතන්නේ ඔය ඇල්බාව මමත් අදුනනවා... ඔය මන්ත්‍රිගේ දුරින් නෑයෙකුත් වෙනව නේද ඕකා... ඒක හරිනම් මම කියන එකත් ඔය ඇල්බාම තමයි...

    ජය...

    ReplyDelete
  10. ඇත්තට පොර චන්දේ ඉල්ලලා දින්නොත් පන්තියෙ අයට ආඩම්බර නැතුවැයි...

    ReplyDelete
  11. chamal.exe ganath liayapnko

    ReplyDelete
  12. උඹල කා එක්කවත් කියන්න එපා.මාත් ඔය ටාස්ක්-බාර් එක අනිත් පැත්තට යවාගෙන හෙන කට්ටක් කෑව.:)

    ReplyDelete
  13. මගෙත් හොඳම යාළුවෙක් ඉන්නව ඇල්බා කියල කාඩ් එක තියෙන.
    ඌත් කරන්නෙම ඔය වගේ වැඩ තමයි.ඔක්කොම ඇල්බල එකයි වගේ.
    ඌට නම හැදුනෙ ඇල්බට් අයින්ස්ටයින් ගැන කියවන්න ගිහින්.මූටත් එහෙමද....

    ReplyDelete
  14. @ නදී අක්කා - මාරයිද කියලත් අහනවා..


    @ මධුරංග අයියා - ආයිත් අහලා එහෙනම් මෙලහකට ලංකාවා දියුණුයි..
    ඔන්න බලාගෙන ඒ වැඩේ කරන්න , මොනවා හරි උනොත් නම් මම නැහැ..හිකිස්‌

    ReplyDelete
  15. @ විසිතුරු - හික්ස්..තාමත් ලාවට ලාවට කනෙක්ෂන් තියෙනවා ;)

    @ Dinesh - අනිවා.අනිවා , ඇමති උනොත් නම් ලංකාව දියුණු වෙනවා

    ReplyDelete
  16. @ අසනී - කිව්වම තමා ඒකත් මතක් උනේ, කවිද දන්නේ ඉතින් ඉස්සරහට අමතක වෙයිද කියලත්

    @ හිතුවක්කාරි - නැතුව නැතුව හිතු..අපිට තමයි ඉතින් ආඩම්බර,කොහොමද අපිත් එක්ක හිටපු කෙනා ඇමති කෙනෙක් කියලා කියනකොට ඇගට එන ගැම්ම ;)

    ReplyDelete
  17. @ Weni - එළ එකේ හොද එක අයියා ;)

    @ Mr.D - තැන්ක්ස් පැපා..උබට වැරදිලා බන් chamal.exe කියලා එන්න ඕන..

    ReplyDelete
  18. @ ගයාන් - අඩේ මම හිතන්නේ හරි..ඒ උබ කොහොමද බුවා ව දන්නේ...


    @ ගෝල්ඩ් ෆිෂ් - ඒකනේ ඒකනේ ;)

    ReplyDelete
  19. @ රාජ් අයියා - අප්පා...මාර සීන් එකනේ..ඔන්න මම නම් කාටවත් කියන්නේ නැහැ... :D

    @ anno - පල පල..ඒ උබලගේ කුමන්ත්‍රණයක් නෙ :P

    ReplyDelete
  20. මු නම් පට්ට එකෙක් නේ බන්මු නම් පට්ට එකෙක් නේ බන්

    ReplyDelete
  21. යකා මහත්තයාSeptember 18, 2011 at 10:49 AM

    ඉස්සර ඔහොම වැඩ අපටත් ඔන තරම් වෙනවා බං...

    ජයවේවා.......

    ReplyDelete
  22. ඔය ඇල්බ වගේම ටැලන්ටෙඩ් පොරක් හිටිය මම දන්නා. උගේ මාකටින් පාර කොහොමද කියනවනම් ඌ අවුරුදු 19 ක් වයස ජර්මන් කෙල්ලක් අල්ලාගෙන (ඌට 26) ඒකිගේ මාර්ගෙන් ඌ සහ උගේ පවුලේ සහපිරිවර ජරුමන් අරන් ගියා.. දැන් ඌට එහෙ රජ සැප. එකී ජර්මන් සිටු පවුලක කෙල්ලක්.. කොහොමද අපේ ඇල්බගේ වැඩ?

    ReplyDelete
  23. බොරු කියන්නේ මොකෝ.. දුක් ගැනවිලි කියලා නම් නෙමේ මාත් එෆ් බි එකෙන් සෙට් උන යාලුවෙකුගෙන් නොකියා මියුසික් එක්ස්ප්‍රෙස් ෆෝන් එකක් හම්බ උනා.. තාමත් ඒක තමා යුස් කරන්නේ...

    ඇල්බා ව තරහ කරගන්න එපා

    හොරෙන් අහන්නේ කවුද ඔය ඇමති තුමා... ඇල්බා ගේ වැඩ නොදැන නම් අපරාදයක් රටට

    ReplyDelete
  24. ඔයාගෙ යාලුවා නම් මරු. ආධාර ලබා ගැනීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් වත් පටන් ගන්නෙ නැද්ද අහන්න.

    ReplyDelete
  25. මැක්සා ඩයල් එකක්නේ...

    සල්ලි ගහක්නේ....

    ReplyDelete
  26. හි හි එහෙම එක්කෙනක් හිටියද???ලොල්..

    ReplyDelete
  27. ඔය ඇල්බා දැනටමත් පාර්ලිමේතුවේ ඉන්නවා නේද ?

    ReplyDelete
  28. ඡන්දේ ඉල්ලනවා නං කියන්න මලයා, ඇලබට මාත් ඡන්දයක් දෙනවා ...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!