Sunday, September 25, 2011

පොත් ප්‍රදර්ශනයෙදී පෙරලුන පොත්

සැප්තැම්බර් කියන්නේ පොත පත කියවන අයට වෙන්වුන මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍යය මාසය.ඊට අමතරව සැප්තැම්බර් කිව්වම මතක් වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.ලංකාවේ දැනට ඉන්න ලොකු කුඩා පොත් ප්‍රකාශන ආයතන වගේම පිටරට ඉන්න ප්‍රකාශන ආයතනත් බොහොමයක් මේ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා.ඕනම ජාතියේ පොතක් පතක් ලාභෙට ගන්න ඕනෙනම් යන්න කියාපු තැන.

බ්ලොග් ලියන කට්ටිය ( බුකියේ එකම පොස්ට් එකට වැඩිම කමෙන්ට්ස් එකතු කරමින් ලෝක වාර්තාවකුත් තියන ගමන්ම ) බුක් ෆෙයාර් යන්න සෙට් උනාට මොකෝ ඉතින් මට එදා එන්න බැරි උනා.ගියපු අය කරපු කියපුවා දකිනකොට ඉරිසියාවේ බැහැ අප්පා.මේ පාර ප්‍රදර්ශනය ඉවරවෙන දවසට කලින් දවසේ යාම්තම් පොත් බලන්න යන්න ලැබුනා.හප්පේ හිටපු සෙනග කන්දරාවක්.ඇතුලුවෙන තැනදීම ටිකට් එකක් අරගෙන ඇතුළුවෙන්න ඕන.( කට්ටියට මතක නම් මුල්ම කාලේ තිබ්බ බුක් ෆෙයාර් එකට මේ වගේ ටිකට් ගන්න ඕන උනේ නැහැ.සම්පුර්ණ නොමිලේ.මොකක්ද අරමුදලකටලුනේ ඔය සල්ලි එකතු කරන්නේ.ඒ නිසා කමක් නැහැ).

මේ පාරත් ඉතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නවීකරණය කරන නිසා ගිය පාර කාපු කට්ටම මදි නොකියන්න කන්න ලැබුනා.මාත් ඉතින් ඇතුළු වෙන තැන ඉදන්ම තෙරපි තෙරපි ඇතුළු උනා.මුළු හෝල් එකේම ඔළුගෙඩි ටිකක් විතරයි පේන්නේ.ටික දුරක් යන්න ලැබුනේ නැහැ , ඉස්කොලේ යාලුවෙක් හම්බුනා. පොරගේ (වෙන්ඩ) වයිෆ් එක්ක.ආගිය තොරතුරු එහෙම කතාකරලා මටත් ඉතින් නිකන් ඉන්න බැරි කමට ඇහුවා අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්නයක්,

මම - මොකෝ බන් මේ පැත්තේ? පොත් ගන්න ආවද ( නැතුව ඉතින් හාල් පොල් ගන්න පොත් ප්‍රදර්ශනේට එනවද බන් වගේ උත්තරයක්‌ බලාපොරොත්තු උනත් එහෙම එකක් ලැබුනේ නැහැ )
යාලුවා - ආ නෑ බන් මේ කෑල්ල එක්ක පොඩ් රවුමක් දාන්න ආවා
මම - ඉතින් බොලාට මේකට එන්න තිබ්බේ , වෙන යන්න තැන් නැද්ද බන් ?
යාලුවා - වෙන තැන් වගේද බන් , මේකට එනකොට ගෙදරින් බර බර නැහැ,අනික ඉතින් රවුමක් දාල දවල්ටම මෙතනින් කාලා බීලා යනවා

ඇයි යකඩෝ , මල් ප්‍රදර්ශනයක් වගේද පොත් ප්‍රදර්ශන කියන එව්වා.මෙච්චර කාලේකට මේ වගේ කතාවක් අහුවමද කොහෙද.කොහොමහරි මම මුන් දෙන්න එක්ක තව හිටියොත් මුන් දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකට මම ඇණයක් වෙන බව මට තේරුනා.ඒ හින්ද උන් දෙන්නට ඕන මගුලක් කරගන්න කියලා මම එතනින් මාරු උනා.ඊට පස්සේ ඔය වටා පිටාවේ ඇවිදලා කරලා කාලයක් තිස්සේ ගන්න ඕන කියලා හිතපු පොත් දෙක තුනකුත් අරගෙන එලියට එන්න හදනකොට මට ඉස්සරහින් යන කොල්ලෝ සෙට් එකක් වටාපිටාවේ යන ගෑනු ළමයින්ව බයිට් කර කර ඉන්නවා.උන් ටික ඉස්සර කරගෙන යන්න හදනකොට ඒ සෙට් එකේ කෙනෙක් අයියේ අයියේ කියලා කතා කරා , අප්පා අදුරන හාදයෙක් නේ බලන් යනකොට.

මම - ආ මල්ලි කොහොමද , පොත් ගන්න ආවද ? ( ෂික්..ආයිත් අර මෝඩ ප්‍රශ්නේ ඇහුවා )
මලයා - මොන පිස්සුද අයියේ , අද මේ ක්ලාසුත් කට් කරගෙන පොඩ් ෆන් එකක් ගන්න ආවා..
මම - නෑ..ඉතින් මොනාද කලේ
මලයා - දන්නේ නැද්ද ඉතින් ඔය කෙල්ලෙක් දෙන්නෙක් බයිට් කර කර පොත් දෙකතුනක් අල්ලලා කරලා ආවා..
මම - එල එල..මරු මරු..දැන් කොහෙද මේ යන්නේ
මලයා - දැන් මේ කොහෙන් හරි සයිවර් පාරක් දාන්න යනවා..කොහෙද මේකෙන් කන්න ආවේ,ගිනි ගනන් මේක ඇතුලේ කෑම ( ඔය කියන අතරෙත් මුන් ටික අහල පහලින් යන එන අය බයිට් කරනවා,කොල්ලෙක් එක්ක ගිය කෙල්ලෙක්ටත් මොනවද කියන්න ගිහින් යම්තම් ගුටි නොකා බේරුනා).තවදුරටත් මුන් එක්ක ඉන්න එක නුවණට හුරු නැති නිසා "යන්නම් මල්ලි" කියලා එතනින් මමතුමා මාරු උනා.

පොත් ප්‍රදර්ශනයෙන් එන ගමනුත් හිත හිත ආවේ ඇතුලෙදි වෙච්ච සිද්ධි දෙක. ඇත්තටම අපේ ඈයෝ මේ ප්‍රදර්ශනයට යන්නේ හරියට "විනෝද සවාරියකට" යනවා වගේ.පොතක් ගන්න තුන් හිතකවත් නැහැනේ මුන්ගේ.ප්‍රදර්ශනය බලන්න ලක්ෂයක් ආවනම් අඩුම ගානේ ඔයින් භාගෙට භාගයක් ඇවිත් තියෙන්නේ නිකන් කාලේ ගතකරන්න.ඒකෙන් වෙන්නේ ප්‍රදර්ශන භුමියේ අනවශය තදබදයක් හැදෙන එක විතරයි.අනේ මන්ද මට හිතුන විදියට ගොඩක් අය පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් ගන්න නෙවයි කාට කාට හරි පොත් පෙරලන්නද කොහෙද...මැදැයි ඉතින් පොත් ගන්න ගිහින් මටත් උන වැඩ.

ප.ලි - කියන්න අමතක උන දෙයක් තියෙනවා,ප්‍රදර්ශන භුමියේ තිබ්බ ස්වයංක්‍රීය තේ-මැෂින් එකනම් පට්ට.මොබිටෙල් කනෙක්ෂන් එකක් තිබ්බ නම් ට්‍රයි කරලා බලන්න තිබ්බා.දැනට ලංකාවේ ඒ වගේ ගැජට් එකක් මම දැකපු පලවෙනි පාර තමයි ඔය.

33 comments:

  1. මම මේක වෙන පෝස්ට් එකකටත් දැම්මා. මම ඔය ප්‍රදර්ශනේට යන්නේ නැත. සිත දූෂනය වන නිසාය. නෙත යන්නේ බුක් වලට නොව පුක් වලටය.

    ReplyDelete
  2. "ස්වයංක්‍රීය තේ-මැෂින්"
    ඔහොම එකක් ගැන ඇහුවමය්, තව විස්තර චුට්ටක් කියනවද, ඒකට මොබිටෙල් එක්ක තියෙන සම්භන්දතාවෙත් එක්කම

    ReplyDelete
  3. මාත් යන්න හිටියේ පොත් ගන්න. එත් වැඩ ගොඩක් හින්ද යන්න බැරි උනා අනේ... :(

    ReplyDelete
  4. මොකද්ද බං තේ මැසිමේ කතාව?

    ReplyDelete
  5. මටත් මිස් වුණා යන්න. අපරාදේ ....
    වැඩි හරියක් කට්ටිය යන්නේ පොත් බලන්න නෙවෙයි වගේ

    ReplyDelete
  6. කෝ අර තේ මැසිම ගැන ටිකක් කියන්නකො.ගත්ත පොත් වල පින්තූරයක් එහෙමත් දැම්මනම් ශෝක්.

    ReplyDelete
  7. කතාව නම් සහතික ඇත්ත අය්යේ අපේ රටේ ඉන්න සමහර ඈයොන්ට මොලේ කියල නාමයක නෑ.තමන් ගැන විතරයි හිතන්නෙ.පොත් ප්‍රදර්ශනේට මාත් ගියා අපෝ ගෙදර එනකොට මැරිල වගේ අදත් යන්නයි හිටියෙ ඒත් ඕකට ගිහින් බාගෙට මැරෙනවට වඩා හොදා ගාල්ලෙ පොත් කඩේකින් වැඩිපුර කීයක් හරි දීල පොත් ගන්නවා

    ReplyDelete
  8. හිකිස්ස්ස්ස්ස්ස්ස්..... මම දන්න හුගාක් අයත් ඔහොම ෆන් එකක් ගන්න, ෆොටෝ ටිකක් ගහගන්න බුකියට දාගන්න, ගියා. පොත් ගන්න තියා බලන්නවත් නෙවෙයි..

    ඇත්තටම පොත් ගන්න එන අයට එහෙම විනෝදෙට එන අය නිසා කරදර වෙනවා.සෙනග වැඩි ව්උනාම තෙරපිලා, පොඩි ව්එලා, පොතක් බලන්නවත් බෑනෙ...

    ReplyDelete
  9. මචන් මමත් ගියා පොතක් ගන්න, කොහෙද බන් uk පොත් තිබ්බේ නෑනේ. මම ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියේ මේකෙන් වත් ගන්න. කොහෙද, තේ මැෂිම නම් එලම තමා.

    ReplyDelete
  10. තේ මැෂිම නම් එලම තමා

    ReplyDelete
  11. ගෙදරක් ඇතුලේ ජෝඩුවකට නිරිවස්තරයෙන් ඉන්නත් බැරි එකේ පොතක් වත් අතගාල සතුටක් ලබන එක හොඳයි නේ.

    ReplyDelete
  12. පොත් ගන්න එන අයට වඩා පොත් බලන්න එන අය හන්දයි පොත් ප්‍රදර්ශනේ තදබදයක් ඇති වෙන්නේ.

    අඩේ මම් ඔය ගැජට් එක දැකලා නෑනේ.

    ReplyDelete
  13. මම කලිනුත් දැක්කා ඔය තේ මැෂින් එක ගැන පින්තූර දාලා තියෙනවා.. ඒත් ඒකේ විස්තර තිබුනේ නෑ.. යාළුවා පුළුවන්නම් විස්තර ටිකක් දාන්නකෝ...

    ReplyDelete
  14. මේ දවස් වල පොත් පුදර්ශනේට ලග පාතම හිටිය හින්ද දවස් දෙක තුනක්ම යන්න ලබුනා...හෆෝයි හිටිය සෙනග..ඒ හිටිය සෙනගෙ හැටියට එක්කෙනා එක පොත ගානෙ ගත්තනම් දවස් දෙක තුනෙන් ප්‍රදර්ශනේ ඔක්කොම පොත් ඉවර වෙනවා..හික්ස්..

    ReplyDelete
  15. @ මාතලන් අයියා - අඩු ගානට ගන්න ඉතින් වෙන තැනක් නැහැ නොවැ..

    @ ඔබා අයියා - වෙන්ඩින මැෂින් එකක් අයියේ...මොබිටෙල් පාවිච්චි කරන අයට තමා පාව්ච්ච් කරන්න පුළුවන් , එතකොට ෆෝන් එකෙන් රුපියල් 25 කැපිලා ෆෝන් එකට කෝඩ් එකක් එනවා..ඒක අර මැෂින් එකේ ගැහුවම තේ එක ගන්න පුලුවන්...
    ලංකාවේ දැක්ක පලවෙනි වතාව තමයි..

    ReplyDelete
  16. ඔය කතාවට මාත් එකඟයි. පොත් ගන්න වගේම ආතල් ගන්න ඕකට එන කට්ටියත් හරි හරියට ඉන්නවා.

    ReplyDelete
  17. ගොඩක් අය පොත් ගන්නවාට වඩා පොත් බලන්නත් ඇවිත් හිටියා තමයි. කොහොම උනත් පොත් ප්‍රදර්ශනය නම් ගොඩක්ම වටිනවා. මේ පෝස්ට් එක දැකලා මටත් පොත් ප්‍රදර්ශනය ගැන ලියන්න හිතුනා..

    ReplyDelete
  18. @ StArry aNgeL - Expograhpic එකේ කම්පියුටර් පොත් තිබ්බ අඩුවට..[සාපේක්‍ෂව ලාභයි]..යන්න තිබ්බේ...


    @ ගෝල්ඩ් ෆිෂ් - ඇයි අර තේ සීන් එක මීටර් නැද්ද..හැමතනම තිබ්බේ..බොලා ඉතින් ඕවා බලන එකක්යැ :P

    ReplyDelete
  19. @ රහස් පරික්ෂකයා - අපෝ කියලා වැඩක් නැහැ ඒ ගැන නම්..

    @ නදී අක්කා - වෙන්ඩ්න් මැෂිමක් අක්කේ..මොබයිල් එකෙන් ඔපරේට් කරන්න පුලුවන්..මොබිටෙල් කනේක්ෂන් තියෙන අයට තමයි හදුන්වලා තිබ්බේ..සිරා වැඩේ..පිටරටවල නම් ඕවා ඕන තරම් ඇති ,මම ලංකාවේ දැක්ක ෆස්ට් ටයිම්.. :D

    වැඩියම කියලා පොත් ගත්තේ නැහැ අක්කේ , සෝම හාමුදුරුවෝන්ගේ චරිතාපදානය යි , මිසදිටු බිදින හඩ යි , Sidney Sheldon ගේ the doomsday conspiracy කියන පොත් ටික තමා ගත්තේ..
    ගන්න පොත් තිබ්බා අවුට් ඔෆ් බජට් හි හී..

    ReplyDelete
  20. @ ආඩම්බරකාරී - හී හී..ඒක ඇත්ත නංගි,පොත් ගන්නවට වඩා පොත් තෝරලා ,අතගාලා බලන්නනේ කට්ටිය එන්නේ..

    @ හිතුවක්කාරි - අපෝ ඔව් හිතු කතාකරලා වැඩක් නැහැ..මම නම් පුදුම කට්ටක් කෑවේ, :/

    @ රචී - අඩේ මචෝ expograhpic එකේ පිටරට පොත් තිබ්බනේ ගොඩක්..ඒකේ බැලුවද ?

    ReplyDelete
  21. @ ඇනෝ - නෝ කමේන්ට්ස් හික්ස්..

    @ මධුරංග අයියා - ඒකනේ අය්යා..අඩේ මේ කවුරුවත් තේ ගැජට් එක දැකලා නැහැ නොවැ..

    @ උදාර - එහෙනම් එහෙනම්..මේ අපේ ස්ලිට් එකේ හිටපු උදාරද ?

    @ හංසි - ඔයා ලියපු එක මේ කියවමින් ඉන්නේ.. :)

    ReplyDelete
  22. තේ මැසිම ක්‍රියාත්මක වෙන හැටි කියන්න පුලුවන්ද ?

    ReplyDelete
  23. ඔය පොත් ප්‍රදර්ශනේට ගොඩ වෙලා තිබුනට අවාසනාවට වගේ මේ පාර යන්නම හිටියත් යන්න බැරි වුනා..වටිනා අවස්ථාවක් මිස් වුනා යාලු...

    ReplyDelete
  24. මොකක්ද අනේ ඒ තේ මැෂින් ඒක..ෆෝන් එකෙන් තේ එකක් ගෙන්න ගන්න පුළුවන් එකක් වත්ද :)

    ReplyDelete
  25. අපරාදේ යන්න බැරි උනානේ... යන්නම තමයි උන්නේ එත් ඉතින් එක්සැම් එකක් සෙට් උනනේ.. ලබන පාරවත් ට්‍රයින් කරන්න ඕනා

    ReplyDelete
  26. me poth wala prize wedi karala print karala..apita loku discount 1 lebuna wage agawanawalu eka attada....?
    matath teruna podi getayak yanawa kiyala meka asse.....??????

    ReplyDelete
  27. අපි ගියේ මුල්ම ඉරිදා මචන් .. හෙහ් හෙහ් තේ මැෂිම නං දැක්කා. එල එල,

    ජය..

    ReplyDelete
  28. ඔහොම තමා.. මමත් යනවා. මොකද ඉතින් අපි තවම තනිකඩයෝනේ .. හිකිස්‌.. කමක්නෑ ... පොත් ගත්තානම් හරි.. හිකිස්‌ ... නැත්තම් වැඩේ මාට්ටු නේ .. හිකිස්‌...

    ReplyDelete
  29. අපරාදෙ මට මේ පාරත් යන්න බැරි උනා... ලබන පාරවත් යනවා... ගිය අවුරුද්දෙත් හිතුවෙ ඔහොමයි....

    ReplyDelete
  30. ප්‍රදර්ශනේ ගැණ බලපු 101 වෙනි පොස්ට් එකද මන්දා මේ?

    ReplyDelete
  31. මටත් ලොකුවට උවමනාව තිබුනා ඕකට යන්න, ඒත් මොනා කරන්නද තිබුන වැඩත් එක්ක යන්න බැරි උනා .........

    ReplyDelete
  32. තේ මැෂිම නම් මාත් දැක්කා. ඒත් ට්‍රයි කරන්න ගියේ නැහැ. අපි බුක් ෆෙයාර් ගියේ දවල්. මහ දවාලේ තේ බොන්න පුලුවනැ :)

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!