Wednesday, December 7, 2011

කයිරෝගේ සටහන්

හැම සතියකම අපේ ගෙදරට ලක්බිම පත්තරේ ගෙනාපු ගමන්ම මම නොවරදවාම බලන කොටස තමයි මණ්දාකිණිය අතිරේකය.ඒ කොටසේ හැමදාම තියෙනවා ලස්සන කතාවක්.නම තමා කවුන්ට් ලුවී හැමන් නොහොත් කයිරෝ ගේ සටහන් ඇසුරින් ලියවෙන ඓතිහාසික චරිතයක ඉරණමේ හෝරාව
කයිරෝ කියන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන රේඛා නිරීක්ෂණය කරලා ඒවා මගින් ඒ පුද්ගලයන්ගේ අනාගතය ගැන අනාවැකි කියන කෙනෙක්.කතා මාලාවේ හැටියට කයිරෝ ජිවත් වෙන්නේ ලන්ඩන් නුවර.ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ ගොඩක් දෙනෙක්ට කයිරෝ අනාවැකි කියලා තියෙනවා ,ඒ වගේම ඒ දේවල් 100% හරි ගිහිල්ලත් තියෙනවා.

ඇත්තටම මෙහෙම කෙනෙක් මෙහෙම අනාවැකි කිව්වද කියලා කියන්න නම් මම හරියටම දන්නේ නැහැ(විකිපීඩියා එකේ විස්තර තියෙන පිටුව ). හැබැයි දැනට ලියවෙලා තියෙන කතාවලට අනුව දෙවන ලෝක යුද්ධ කාලයේ හිටපු සෙන්පතියොන්ට,ඔස්කාර් වයිල්ඩ් වගේ ප්‍රසිද්ධ අයට,රුසියාවේ සාර් රජ පෙළපතේ හිමිකරුවෝ වගේ වැදගත් ඒ වගේම ඉතිහාසයේ ඇත්තටම ජිවත් උන අයට කයිරෝ අනාවැකි කියලා තියෙනවා.පසුගිය සතියේ ගියපු කතාවේ තියෙන්නේ එංගලන්තයේ උමං දුම්රිය මාර්ග තැනීමේ මුලිකත්වය ගෙන කටුයුතු කරපු විටෙකාර් ගැන ලියවුනු කතාවයි.

මේ කතා මාලාව ලක්බිම පත්තරේට ලියන්නේ වෛද්‍ය බන්ධුල සිරිවර්ධන මහත්මයා.හැම සතියකදිම හරිම වෙනස් විදියේ කතාවක් තමයි ලියවෙන්නේ.දැනට මම හිතන්නේ කතා 50 කට කිට්ටු වෙන්න වගේ ලියවිලා ඇති.කියවලා නැත්නම් කියවලා බලන්නකෝ.ගිය සතියේ ගියපු කොටස මෙන්න මෙතනින් බලන්න පුළුවන්.( අකුරු නම් හොදටම පොඩි , ඒක නිසා සයිස් එක ලොකු කරගෙන බලන්න වෙයි )

ප.ලි - මම සාමන්‍යයෙන් කාට හරි මොකක් හරි බලන්න කියලා දුන්නොත් ගොඩක් දුරට ඊළග සතියේ වගේ ඒ බලන්න ගියපු එක ඉවර වෙනවා.ටික කාලෙකට කලින් ජාතික රුපවාහිනීයේ පෙන්නුවා මායා රංග කියලා නාට්‍යක්.හොල්මන් , අද්භූත කතා තේමාවක් තමයි තිබ්බේ.මගේ යාලුවෙක්ට සිරා නාට්‍යක් කියලා තියෙන වෙලාවයි,දවසයි ඔක්කොම කිව්වා.වැඩේ කියන්නේ ඉතින් ඊළග සතියෙම නාට්‍ය පෙන්නලා ඉවර උනා.ඒ දේ නම් කයිරෝ ගේ කතා මාලාවට වෙන්න නම් එපා !!

22 comments:

  1. මණ්දාකිණිය අතිරේකය? මලා මම කවදාවත් එහෙම කොටසක් දැකලා නැහැනේ, මොකද මම ලක්බිම කියවන්නේ නැහැනේ හිකිස්‌, හොදයි එහෙනම් කියවන්නම්කො,,

    ReplyDelete
  2. ඒර්ර්ර්ර්ර්ර්ර්....මම හිතුවා පත්තරේ අරගෙනත් මණ්දාකිණි දැකලා නැතිව ඇති කියලා

    ReplyDelete
  3. ඔයා නොකියා ඔය අනාවැකියක්ද කිව්වේ....ඒ ලිපි පෙල ඉවර වෙනවා කියලා....හරි ගියොත් අපි දානවා... ඔයාගේ කටට රුපියලේ කාසී...

    ආයේ කට අරින්න බැරි වෙන්න හි හි හි....විහිළුවක් කරේ...

    ReplyDelete
  4. සිරාවට ඊලග සතියෙ පත්තරේ ඕක තියෙයිද?

    ReplyDelete
  5. ඇත්තටම මම කයිරෝ ගැන දැන ගත්තෙත් ඔබෙන්... ඉඩ තියෙන වෙලාවක මමත් බලන්නම් විස්තර ටිකක්..

    ReplyDelete
  6. හික්ස්ස්ස්ස්ස්ස්... මොනා වුනත් අයියාට වෙන්නෙ හරිම අමුතු ජොලි වැඩ තමා.. හික් හික්... ලිපි පෙළ ඉවර වුනොත් නම් මරු..:D

    අපේ ගෙදරට ගේන්නෙ රිවිර පත්තරේනෙ..:(

    ReplyDelete
  7. @ අසනී - අපෝ රුපියලේ කාසි වැඩක් නැහැ..10 කාසිනම් ඔන්න කමාන නැහැ :D

    @ නදීර - අනේ මන්දා.කොම් , ඊගාව සතියේ බලන්නම වෙනවා

    @ දිනේෂ් - ඒක සිරා , නිකන් ඉන්න වෙලාවට බලන්නකෝ :)

    @ හිතු - අපෝ ලිපි පෙළ ඉවර උනොත් නම් මම ආයි කාටවත් මොනවත් බලන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ.. :/

    ReplyDelete
  8. අපරාදේ. මේ කතාව මුල ඉදලම දන්නවා නම් පත්තරේ අරගෙන කියවන්න තිබුනා.

    ReplyDelete
  9. ස්තුතියි..මුල ඉදන්ම කියවන්න ලැබුණ නම් හොදයි කියලා හිතෙනවා..:(ඔය මායා රංග කියන නාට්‍ය නම් මාත් බලලා තියෙනවා ටිකක්..:)

    ReplyDelete
  10. මාත් කියෙව්ව. ඒත් මගේ හිතට ඇල්ලුවෙ නෑ.

    ReplyDelete
  11. අපේ ගන්නෙ ලංකාදීපනේ.අහ් කියවල බලන්නම්කො කොහොමද කියල

    ReplyDelete
  12. මමත් ආසාවෙන් කියවපු එකක තම මේ කවුන්ට් ලුවී හැමන් ගේ සටහන්, මටනම් තේරෙන විදියට කයිරෝ අංක ශාස්ත්‍රයේ කෙලපැමිනි විද්වතෙක්. එත් එයා ඒ ශිල්පය කාටවත් දීල නැති හැඩයි. එකත් හොඳයි එක අතකට. මොකද නිකම් හරි අද කාලේ එහෙම කෙනෙක් හිටියනම් ඉවරයක් නැතුව කිඩ්නැප් කරයි ටිකට් වල දිනන අංක හොයන්න ඔට්ටු දාන්න එහෙම. දැන් නේ මතක් උනේ. ගිය සතියේ ලක්බිම බැලුවේ නෑ නේ.

    ReplyDelete
  13. @හිතුවක්කාරී..අයියට කොහොමත් වෙන්නේ ජොලිම වැඩ තමා...මේ ළඟදිත් හොඳ ජොලි වැඩක් වුනා ආයෙත් ජීවිතේටම අමතක නොවෙන විදිහේ එකක්..

    ReplyDelete
  14. තෑන්ක් යූ, ගිහින් බලන්නම්.

    ReplyDelete
  15. කණගාටුවෙන් දැනුම්දෙමි. සීරීස් එක ගිය සතියෙන් ඉවරයි.

    ReplyDelete
  16. @ මධුරංග අයියා - කියවලා බලන්නකෝ..නියමයි

    @ චතුමිතු - ආ මායා රංග බලපු තව කෙනෙක් ඉන්නවා..හිකිස්‌..

    @ රාජ් - අෆ්ෆා එහෙමද..මුල්ම කොටස් දෙක තුන නම් ටිකක් කම්මැලි ගතියක් තිබ්බා වගේ කියලා තව කියවපු දෙතුන් දෙනෙක්ම කිව්වා..මට නම් අවුලක් නැහැ අයියේ..

    ReplyDelete
  17. @ නදී අක්කා - බලන්නකෝ..ලංකාදීපේ ඉස්සර ගියා කොන්ඩදෙණියේ හාමුදුරුවන්ගේ කතා ටිකක්..ඒ ටිකත් නියමයි..

    @ ඇනෝ - පල පල :P

    @ ක්සැන්ඩර් අයියා - ආ මේ ඉන්නේ තව කියවන කෙනෙක්..ඒක තමා අද ඔයා ක්‍රම ටික තිබ්බ නම් අපේ අය නියමෙට ඕක මාකට් කරනවා... ;)

    @ ඔබා අයියා - බලන්නකෝ අයියේ :)

    ReplyDelete
  18. කියවලා බලන්න ඕනා

    ReplyDelete
  19. මේ සිදිධිය දැන් දැනගත්තේ ... අවුලක් නැනේ... වැදගත් වෙවිද?

    ReplyDelete
  20. ස්තූතියි සහෝ..... රසවත් ලිපි පෙලක් වගෙ....

    ReplyDelete
  21. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!