Sunday, December 25, 2011

ඉන්ටර්නෙට් මනි

ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලිව්වේ නැති උනත් අද කියන්න හදන මාතෘකාව මේ දවස්
ටිකේම බුකියෙයි,බ්ලොග් ලෝකයෙයි නිතරම වගේ කතාවෙනවා.ඒ නිසා ඒ ගැන මම දන්න දේවල්
ටිකත් කියන්න ඕන කියලා හිතුවා.

Internet Money එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිත කරලා සල්ලි හොයන එක වෙන
කවදාකටවත් වඩා මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා වගේ.අපේ අයත් ඉතින් මහන්සි නොවී ලේසීයෙන්
සල්ලි හොයන්න තියෙනවානම් ඉතින් ඒ දේට කැමතියි නේ.මේ ළගදී බුකියේ ෆොටෝ එකක් ෂෙයාර්
වෙලා තිබුනා මුලින්ම රුපියල් 10,000 ගෙවලා රෙජිස්ටර් වෙලා , මොකක්ද කම්පනියකට වැඩ
කරලා සල්ලි හම්බු කරන විදියක් ගැන.ඕක ෂෙයාර් කරපු හැමෝම කියලා තිබ්බේ අතේ තියෙන
10,000 විදගන්න ක්‍රමයක් කියලයි.ඔය ලේසියෙන් සල්ලි හොයන ක්‍රම ගැන රංග අයියා ලියපු
බ්ලොග් පොස්ට් එකට බලන්න මෙතනින් යන්න.

මගේ යාලුවෙක් ඉන්නවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන.හැබැයි මිනිහා නම් ඔය වෙබ් සයිට් වලට
ගිහින් ලින්ක්ස් ක්ලික් කරලා නම් නෙවෙයි සල්ලි හොයාගන්නේ.Odesk කියලා සයිට් එකක්
තියෙනවා අන්න ඒකෙන් තමයි මිනිහා සල්ලි හොයන්නේ.වෙබ් සයිට් හදන වැඩ , ලෝගෝ හදන වැඩ
වගේ ඒවා තමයි මගේ යාලුවා කරලා තියෙන්නේ.සැලකිය යුතු ගණනක් එහෙම දැනට හොයලත්
තියෙනවා.මම දන්න විදියට Odesk එකේ සල්ලි ගෙවන විදි එහෙම ආරක්ෂාකාරීව තමයි වෙන්නේ ,
Odesk වැඩ කරලා අමාරුවේ වැටුණ අය දන්නා විදියට නම නැහැ.මගේ අදහස නම් ලින්ක්  ක්ලික්
කරලා බොරුවට කාලේ කනවට වඩා තමන් දන්න දෙයකින් වැඩ ගන්න එක ලොකු දෙයක් නේ.

අද මේ නත්තල් දවසේවත් අනුන්ට කරදරයක් නොකර මිනිස්සු ඉන්න පුරුදු වෙනවානම් කොච්චර එකක්ද.එහෙම ලෝකයක් අපිට කවදා දකින්න ලැබෙයිද ?. ඒ කොහොම උනත් බ්ලොග් ලෝකයේ නත්තල් තියෙන/නොතියෙන හැමෝටම උදා වූ නත්තල  සාමය සතුට පිරි  සුභම සුභ නත්තලක් වෙන්න ඕන.

22 comments:

  1. aka atta.godak aya bagata uganala ataarinawa.atakota karakawala ataariyawaga.mama site akak karanawa internet money gana.waradi ati ath awith balanna
    http://www.internetmoneylearningguide.com

    ReplyDelete
  2. ★ Merry ★* 。 • ˚ ˚ ˛ ˚ ˛ •
    •。★ Christmas ★ 。* 。
    ° 。 ° ˛˚˛ * _Π_*。*˚
    ˚ ˛ •˛•˚ */____/'\。˚ ˚ ˛
    ˚ ˛ •˛• ˚ | 田田 |門| ˚
    ................. ✿♥✿................

    ReplyDelete
  3. http://it-harsha.blogspot.com/2011/12/how-to-earning-money-in-microworkers.html

    ReplyDelete
  4. ෆ්‍රි ලාන්සර් ඩොට් කොම් එකත් හොඳයි මයේ හිතේ ...උබේ නිර්දේශය නිසා අවුට්සෝස් බැලුවා පට්ට ඇ

    ReplyDelete
  5. මට නම් මම් ගන්න පඩිය හොදටෝම ඇති. ඒ නිසා ඊ මනී හොයන්න යන්නේ නෑ. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කැමති අයට මේක උදවුවක් වෙයි.

    ReplyDelete
  6. ඔයා කියපු කතාව ඇත්ත.ඔයා ඇත්තටම දන්නේ නැති උනාට දැනට හොඳටම සල්ලි ගෙවන වෙබ් අඩවි 49 යෙන් එකක් තමයි ODESK මට එකෙන් ලොකු ගානක් (ලක්ෂ 18 ක් විතර ) හම්බ වෙලත් තියෙනවා.තව විස්තර ඕනෙනම් මගේ සිංහල බ්ලොග් එකට එන්න.

    ReplyDelete
  7. @ indika @ internet money - මට හිතෙන විදියට නම් උගන්නලා අතහරින්න හරි දෙයක් නැහැ..උගන්වන්න දෙයක් නැති කොට..පුද්ගලික අදහසකි...

    @ දූපත් වැසියා - ඔබතුමාටත් සුභම සුභ නත්තලක් වේවා.. :))

    ReplyDelete
  8. @ බුවා - ඔව් ඔව් ඒකත් හොදා තමා..මම දන්නා බුවාලා දෙතුන් දෙනෙක් ඒකේ වැඩ කරා , සල්ලිත් හෙවුවා..

    ආ ඒකනේ , ඒක ෆට්ට..මේ දවස්වල තව පට්ටම සීරිස් ටිකක් සෙට් වෙලා බලමින් ඉන්නවා..ඒවා ටිකත් පට්ට ;)
    Psych පුලුවන්නම් බලන්න..ඒකත් පට්ට

    @ මධුරංග අයියා - මාත් ඉන්නේ ඔය මතයේම තමා :D

    ReplyDelete
  9. link ක්ලික් කරන වැඩෙ නම් මරු කාලෙ කාදැමීමක්. අන්තිමට ඉතිරුවෙන්නෙ පසු තැවීම විතරයි.

    ReplyDelete
  10. ඇත්ත කතාව...ෆ්රීලාන්සර් එකත් හොඳයි කියලා අහල තියනවා..

    ReplyDelete
  11. ලින්ක් ක්ලික් කරල හම්බ කරනවාට වඩා තමන් දන්න දෙයකින් ප්‍රයෝජන අරන් ඉන්ටනෙට් වලින් හම්බ කරනවානම් වඩා හොඳයි කියලයි මටත් හිතෙන්නෙ..

    ReplyDelete
  12. අහ්හ් හොද දෙයක් අයියා.. තමන් දන්න දෙයකින් කීයක් හරි හොයාගන්න එක වටිනවා...:)

    ReplyDelete
  13. මමනම් ඔවාලට තාම ගිහින් නැහැ, යන්න බලාපොරොත්තුවකුත් නැහැ.


    ඔයාටත් සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා අයියා..

    ReplyDelete
  14. මාගේ යාලුවෙක් 5000 ක් ද කොහෙද දීල මොකක්දෝ කොම්පැනියක රෙජිස්ටර් වෙලා ඔය ඉන්ටෙර්නෙට් මනි සෙල්ලම කරකර හිටිය. මිනිහට දෙන්නේ උදේට ලොග් වෙලා දීල තියන ලිස්ට් එකේ එන එක එක අයිටම් වල ඩිස්ක්‍රිප්ෂන් සර්ච් කරලා එන්ටර් කරන්නලු. සල්ලිත් හම්බ උනා ලු. මං හිතන්නේ දාහක් විතර. පොර ඉතින් අපේ සෙට් එකටත් ඔය අපූරු කොම්පැනිය ගැන කියල ජොබ් සෙට් කරන්න හැදුව. මං එත් ඇහුව මොකද බං ඉතින් ඔය ඩිස්ක්‍රිප්ෂන් සර්ච් කරලා ආයේ එන්ටර් කරන්නේ කොහොමත් උන්ට ඕක ඕනෙනම් ඔය සයිට් වලට ගියාම ගන්න පුළුවන් නේ කියල. ඒ සැකේට මම උගේ අපූරු කොම්පැනියට ගියේ නෑ. ඔන්න මාසෙකට පස්සේ 2005 එක දවසක ඒ අපූරු කොම්පැනි කාරය තමන් මඩි ගහගත්ත සල්ලිත් එක්ක පැන්න කියන ආරංචිය එනකොට මං සැහෙන්න සන්තෝස උනා මම ඒ සැක කරන්න පුරුදු වෙච්ච එක ගැන.

    ReplyDelete
  15. ඉ-මනි ගැන කිසිවක් නොදනී.

    ReplyDelete
  16. ඉන්ටර්නෙට් මනි, මොනාද බොලේ ඒ? ගහෙන් කඩනව වගේ සල්ලි හොයන්න ක්‍රමයක්ද?

    ReplyDelete
  17. සල්ලි නම් මොනවද?..එදා වේල කන්න තිබ්බම හොඳටම ඇති....ඒ වගේද මනුස්සකම...

    ReplyDelete
  18. කතාව ඇත්ත.ඔයාටත් සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  19. ගුගල් එකෙන්ද ගෙවන්නේ???

    ReplyDelete
  20. මාත් ‍වෙබි එකක් පටන් ගත්තා http://mixwebtube.blogspot.com

    ReplyDelete
  21. http://payram.com/ref.php?page=act/ref&invcod=96030
    register this link.earn RS.3750 weekly.ma dannwa 3$ free oya link aken jone unoth

    ReplyDelete
  22. me kohomada sinhala type karanne Blogger wala danna kenek innawanam mata miss call ekak gahanna mama gannam aniwa Rs100 Relord ekakuth danawa. 071 52 86 076

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!