Sunday, March 18, 2012

බස් මාකටින් - "Marketing" in a Bus

අද මේ කියන්න යන්නේ ලංකාවේ බස්වල සුලභව දකින්න පුළුවන් දෙයක්.කොහොමත් අපේ රටේ හැම තැනකදීම ඕනෑම විදියක වෙළදාමක් දකින්න පුළුවන් එකේ ඉතින් බස් එහෙකදී මොනවහරි විකුණන එක මහ ලොකු දෙයක් නෙවෙයි.හැබැයි මම මේ කියන්න යන වෙලදාම් කරන මාකටින් ක්‍රම ටික නම් සුපිරියි.මේ ගොඩක් දේවල් දකින්න ලැබුනේ 154 අගුලාන - කිරිබත්ගොඩ බස් මාර්ගයේදියි කොටුව බස් නැවතුම්පොළේදීයි.

පළවෙනියටම ඉන්නේ සාමාන්‍ය වෙළෙන්දෝ.ඉස්සර නම් මොනවහරි පලතුරු / ටොෆි / චොකලට් වගේ දේවල් ගෙනාවත් දැන් දැන් අයිස් වතුර බෝතල් වල ඉදන් සැහැල්ලු ආහාර විකුණන තත්වයටම දියුණු වෙලා.කොටුවේ නවත්තලා තියෙන බස්වල නම් මේක ඕනෑ තරම් තියෙනවා.

දෙවැනියට ඉන්නේ කිසිම දෙයක් විකුණන්නේවත් නැහැ මුකුත් කරන්නේ නැහැ , හැබැයි අනුකම්පාව දිනාගෙන කියක් හරි ඉල්ල ගන්න බලන අය.සමහරුන්ව නම් ඉතින් දැක්ක ගමන් පේනවා කිසිම අමාරුවක් නැහැ කියලා ඒ උනාට ලෝකේ නැති අමාරුකම් කියවනවා.ඕකෙත් ඉතින් දෙපැත්තක් තියෙනව , අපි සල්ලි දෙන්නේ අපි හිතේ හොද චේතනාවකින් නේ ඒ නිසා අදාළ කෙනා කියන්නේ ඇත්ත හෝ බොරු හෝ ඒ දේ අපිට ප්‍රශ්නයක් නැහැ.

තුන්වෙනි ටයිප් එකත් ට්කක් ප්‍රසිද්ධයි.ඒ තමයි බස්වල පොත් පත් විකුණන එක.බෝධි පුජා කවි / ගාථා පොත් ඒ වගේම සිංහල / දෙමල / ඉංග්‍රීසි වචන 1000 පොත් වගේ ඒවා තමයි ගොඩක්ම විකුණන අය ගේන්නේ.අනිත් විශේෂත්වය වෙන්නේ මේවා විකුණන්නේ පොත් 4 ම රුපියල් 100 කියලනේ.ඒ නිසා පොත අනවශ්‍ය උනත් ලාභ නිසා පොත් ගන්න අය ඕනෑ තරම් ඉන්නවා.

දවසක් බස් එහෙකට නැග්ගා ඔහොම පොත් විකුණන කෙනෙක් , විකුණුවේ අවසාන සටන කියල පොතක්.බස් මාකටින් වල දෙවනියට හොදම මාකටින් එක විදියට මම නම් කරන්නේ ඒක තමයි.පොර මෙන්න මේ විදියට තමයි විකිණුවේ.

" අම්මේ තාත්තේ අපි අද ඉන්නවා හෙට මැරෙනවා , ඒ උනාට අවුරුදු 30 තිස්සේ තිබ්බ යුද්ධය තිබ්බ විදිය දන්නේ අපි විතරයි.. ඔබේ දුව පුතා ඒ දේ දන්නේ නෑ.. ඒ කුරිරු යුද්ධය ඉවර කරපු හැටි දන්නේ නැහැ..අද දෙපැත්තේ හිටයත් මහින්ද මහත්තයයි , සරත් මහත්තයයි යුද්ධේ ඉවර කරපු හැටි ඔබේ දුවා පුතා දැන ගන්නම ඕන.. මේ පොතේ තියෙනවා ඒ විස්තරේ අකුරින් අකුර..දවසින් දවස විස්තරේ..පින්තුර ඔක්කොමත් එක්කම අවසන් සටනේ විස්තර ඔක්කොම තියෙනවා.. "

ඔය කිව්ව විස්තරේට අමතරව සුදූ කොඩි කේස් එකත් එහෙන් මෙහෙන් විස්තරේට දැන්මා..බස් එකේ මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමණයක් ඔය පොත නම් ගත්තා.

හතරවෙනි ටයිප් එක තමයි මාල විකුණන වැඩේ.මේකත් 154 නම් ඕනෑතරම්.මේකෙදි වෙන්නේ කවුරුහරි බුවෙක් බස් එකට නැගලා ඉමිටේෂන් මාල විකුනනවා හැබැයි මේ මාලවල පාට යන්නේ නෑ මොනවා කරත් ( එහෙම තමා කියන්නේ ).ඒක පෙන්නනවා පහේ කාසියකින් හුරලා.ඕන කෙනෙක්ට අල්ලලා බලලා චෙක් කරන්න පුළුවන්.රුපියල් 150 කට තමා විකුණන්නේ.හොදම දේ කියන්න By one Get One Free Offer එකක් තිබ්බ වැලන්ටයින් දවසේ , මාලයක් ගත්තොත් පෙන්ඩන් එකක් නිකන් දුන්නා ( 154 බස්වල )

පස්වෙනි ටයිප් එක සහ මට අනුව හොදම මාකටින් ඇක්ට්  එක. මේක කරන්නේ සෙනග අඩු බස්වලදී. බස් එකේ ඉස්සරහින් තමයි වැඩේ කරන බුවා නගින්නේ , නැගලා ළගම  තියෙන රැක් එහෙක බුරුලියට නුලක් ගැටගහනවා.ඊට පස්සේ ඉස්සරහට ගිහින් තමන් කරන දේ ගැන කියවනවා පොඩ්ඩක් ( මට කියපු දේ නම් හරියටම ඇහුනේ නැහැ ) . ඊට පස්සේ කරන්නේ අර නුලේ එක කොනක් නහය ඇතුලට දාගෙන පොඩ්ඩ පොඩ්ඩ අදිනවා.ඇදලා සම්පුර්ණ නුල්ම දාගන්නවා නහය ඇතුලට , ඊට පස්සේ බස් එකට ඇහෙන්න කියනවා " මම දැන් ඔයගොල්ලෝ දැක්ක නුල මගේ නහය ඇතුලට දාගත්තා , මම මිට කලින් දාගත්තු නුල ගන්නත් මට ඔපරේෂන් එකක් කරන්න ඕන උනා..මේ දැන් මගේ නහය ඇතුලට ගියපු නුල ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙයි..අනේ ඉතින් එකට පුළුවන් විදියට කීය කීය හරි දෙන්න " කියලා. ආතල්ම වැඩේ කියන්නේ ඉතින් අපි කවුරුත් මිනිහට නුලක් දාගන්න කිව්වේ නැහැ නේ , මිනිහම නේ දාගන්නේ. ඒ උනාට අනිත් හැම එහෙකට වඩා ( පොත් විකුණන එක ඇරෙන්න ) වැඩියෙන්ම සල්ලි ලැබුනේ මේකට.මොකද මේක කරපු බුවා කරපු වැඩේ නියමෙටම කරා.

ඔය එක එක මාකටින් ක්‍රම වලට හොයන සල්ලි මොනවට වියදම් වෙනවද කියලා නම් දන්නේ නැහැ හැබැයි ඉතින් මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හොයනවට වඩා ඉතින් කටේ බලෙන් සල්ලි හොයන එක හොදයිද මන්දා.

මේ මාසේ ලියපු මගේ මතය කැටගරි එකේ පොස්ට් එක
ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ද ?

52 comments:

  1. මේ පාර ලංකාවට ආවම යන්න ඕනෙ බස් වල. ගිය පාර කෝච්චියේදී දැක්ක නා නා ප්‍රකාර වෙළෙන්දෝ...හෙහ්...හෙහ්... අර නූල් සූස්තර කාරය නම් මරු...

    ReplyDelete
    Replies
    1. ඌට ඕස්ට්‍රේලියාවෙන් ජොබක් සෙට් කරොත් කොහොමද ඔබා මාමේ?

      Delete
    2. @ ඔබා අයියේ - බස් වලනේ හොද හොද සෙල්ලම තියෙන්නේ ..මේ ඒ බුවාට ජොබක් සෙට් කරන වෙලා අපේ එකෙක්ට සෙට් කොරන්න.. :D

      Delete
  2. නුල්සුත්තර කාරයා ඇර අනික් ටය්ප් වල අය නම් ඕනි තරම් මුන ගැහිලා තියනවා

    ReplyDelete
    Replies
    1. මිනිහව සෙට් උනේ නම් 154 තමයි..

      Delete
  3. අර මාල කේස් එක නම් නැගලම යනවා. මාලයක් රුපියල් සීයටත් විකුනනවා මයෙ හිතේ.

    ReplyDelete
  4. හෑ :O :O බස් වල නිදාගෙන යන අයට මෙව්වා ඇහෙනවද?? මිනිසු වෙළඳාම් කරනකොට කියන කතා?? හරි පුදුමයි..:D

    හෆ්ෆා.. හුඟක් වෙලාවට ඔය වගේ කට්ටිය අපේ පැත්තෙ බස් නවත්තන තැන වැහිවැහැලා.. බස් එක යන්න පටන්ගන්න වෙලාව වෙනකන් එක එක ජාතියෙ අය නැගලා බහිනවා..

    "ළමා පත්තර 3ම 20යි" " සූකිරි ගන්න පැකට් එකක් 20යි" "කන් හැන්දක්, ඉඳිකට්ටක් ,සපත්තු සෙරප්පු අලවන ගම් එකක් ගන්න 20යි" ඔක්කොම 20යි...:D

    තව එක්කෙනෙක් එනවා, තේ කොළ අරන්.. 2013 ඉලක්කයක් වෙනුවෙන් , ස්ව්යං රැකියාවක් විදියට බිස්නස් කරනවාලු.. ඇත්තටම කතාවෙන් මාර ලස්සනට බිස්නස් කරගෙන යනවා.. තව තව හුඟාක් අය ඉන්නවා නිතරම හම්බෙන..:D

    ආ.. තව පාවෙන බැලුන් අරගෙනත් එනවා.. ශෝයි ඒකනම්!!!

    නූල් සූත්තර මරු!!!! :D

    ReplyDelete
    Replies
    1. ඈ..කවුද බොලේ බස්වල නිදාගෙන යන්නේ..:P :P
      හිතුටත් විකුනන විදිය කට පාඩම් නේ..මරේ මරු...

      මේ කන් හැදිත් විකුණනවද :O

      Delete
    2. නිදාගෙන යන්නෙ කවුද ඉතිං..මම ඈ?? :p

      ඔව් ඔව්.. හැමදාම ඉතින් බස් එකට එකම සෙට් එකක් නැගලා ඔය ටික කියවන් යද්දි කට පාඩම් හිටිනවානෙ.. :/ :/ හික්ස්ස්.. ඔව් ඔව් කන් හැඳිත් විකුණනවා.. කන් හැධි විකුණන මිනිහා මහ පිස්සෙක්..:/ :@ මටනම් පේන්න බෑ... ඒ මිනිහා ඉස්කෝලෙ යන ගෑණූ ළමයින්ගෙ කනට කරලා "කන් හැන්දක් ඕනෙද ?" අහනවා.. ළමයිනුත් ඉතිං හිකි හිකි ගානවා.. :/ පිත්තු හෆ්ෆා... :D

      Delete
  5. මම ඔය ඔක්කොම දැකලා තියෙනවා ඔය නූල් සූත්තර කාරයා ඇරෙන්න.. ඇයි අප්පා එයාම නූල දාගෙන එයාම සල්ලි ඉල්ලන්නේ..අහලා බලන්න එපාය මොකක්ද ඒ විකාරේ තේරුම කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ ඒවා අහලා ඒ අසරණ මනුස්සයාගේ මාකටින් පාර නැති කරන්නේ මොකටද ප්‍රාර්ථනා :P

      Delete
  6. මමත් මොකක්හරි සුකුරුත්තමක් දාගෙන බස් එකකට නගින්න ඕන බලන්න... :D

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ගුටි නොකා වර :P

      Delete
  7. // By one Get One Free Offer එකක් තිබ්බ වැලන්ටයින් දවසේ , මාලයක් ගත්තොත් පෙන්ඩන් එකක් නිකන් දුන්නා //

    Missed it.. :P

    ReplyDelete
  8. සිරාවටම කතාව ඇත්ත. මොන ක්‍රමේකින් හරි සල්ලි හොයනවනම් කමක් නෑ එක සාධාරණ නම් විතරක්.
    අපේ පැත්තේ ටව්මකත් ඉන්නවා පොරක්. මනුස්සය හැමදාම බස් වලට නැගල බෙහෙත් බඩු විකුනනවා.
    හැබැයි කියනකොට කියන්නේ " අපි හැම සතියකට වතාවක්ම මේ ටවුමේ ඉන්නවා" කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔය තෙල් බේත් විකුණන සීන් එක නම් ඒ කාලේ ඉදන්ම තිබ්බ නේ..මතකද "බෝඩිම" කියලා නාට්‍යක් ගියා , ඒකෙත් හිටපු වෙදා විකුණන්නේ ඔය තෙල් බේත් නේ..

      Delete
  9. මම දෙන්නේ සෘතියට සින්දු කියන උන්ට විතරයි.

    ReplyDelete
  10. ඇයි බං මේ පාර ආවම එකෙක් මාතර කොළඹ බස් එහෙකට රත්මලානෙන් නැගලා ලොකු ඇලුමීනියම් වලින් හදපු කඩුවක් වගේ එකක් මිට විතරක් එලියට හිටින්න කට ඇතුලෙන් බැස්සුවා..බස් එක විදලා යනවා වෙට්ටු දදා මූ අත්පුඩි ගහනවා අත් දෙකෙන් ...කඩුව කටේ! :D

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකන් සර්කස්.. කඩු ගිලින එකෙක් ටි.වී එකෙත් පෙන්නුවා බුවාමැද දන්නේ නෑ..

      Delete
  11. ලංකාවේ මිනිස්සු මාර වැඩ තමයි දෙන්නේ..

    ReplyDelete
  12. 154 යන්න වටින රූට් එක නේ

    ReplyDelete
    Replies
    1. නැත්තම් නැත්තම් කොච්චරක් කියලා වටින දේවල් තියනවද ඒ රූට් එකෙ ;)

      Delete
  13. නූල් සුත්තරකාරයට සල්ලි දෙන අයත් හිටියනේ නේද?.

    ReplyDelete
    Replies
    1. හිටියා නේන්නම්..පොර තමයි හොදම ගානක් හෙවුවේ..

      Delete
  14. ඔය නූල් බුවාව මායි මගේ පවුලයි(සිතුවිලි නිහඬයි) දැක්කා.. පොර ගල් හිටන් ගිලිනවා.. අපි බලන් හිටියේ අර නූලෙන් ඇදලා ගිලපු ගල් ටික ගනීවී කියලා. පස්සේ ඉන්නම බැරිතැන ඇහුවා ගල් ටිකට මොකද වෙන්නේ කියලා.

    උදේට කක්කුස්සියේදී අරගෙන හෝදලා ගන්නවාලු.. ඒ ගල් තුන හතර් මුගේ ආහාරමාර්ගයේ අස්සක් මුල්ලක් නෑර දන්නවා ඇති.. නූල ගැන ඔහොම කතාවක්නම් කීවේ නෑ.. අවුරුදු 45ක වගේ පොරක් නේද

    ReplyDelete
  15. ඔය නූල් බුවාව මායි මගේ පවුලයි(සිතුවිලි නිහඬයි) දැක්කා.. පොර ගල් හිටන් ගිලිනවා.. අපි බලන් හිටියේ අර නූලෙන් ඇදලා ගිලපු ගල් ටික ගනීවී කියලා. පස්සේ ඉන්නම බැරිතැන ඇහුවා ගල් ටිකට මොකද වෙන්නේ කියලා.

    උදේට කක්කුස්සියේදී අරගෙන හෝදලා ගන්නවාලු.. ඒ ගල් තුන හතර් මුගේ ආහාරමාර්ගයේ අස්සක් මුල්ලක් නෑර දන්නවා ඇති.. නූල ගැන ඔහොම කතාවක්නම් කීවේ නෑ.. අවුරුදු 45ක වගේ පොරක් නේද

    ReplyDelete
    Replies
    1. 50 කට කිට්ටුයි වගේ නම් තමයි..මම ගිය බස් එකේ නම් කිව්වේ ඔය සීන් එක නෙවෙයි..රූට් එකෙන් රූට් එකට මාරු කරනවා ඇති කතාව.. සල්ලි ලැබුනානේ කට්ටියගෙන් කොහොමහරි !

      Delete
  16. දැන් බස් එකකට නගිද්දි බස් ටිකට් එකට විතරක් සල්ලි අරන් නගින්න හොද නෑ..

    ReplyDelete
    Replies
    1. පිනට යමක් දෙන්නත් අරගෙන යන්න ඕනෑ.. :)

      Delete
  17. බස් එකේ පොත් විකුනන බුවෙක් රජ වරුන්ගේ නම් පොතක් විකුනනවා..ආ මේ මහත්තයා කියන්න බලන්න ලංකාවේ අන්තිම සිංහල රජා කව්ද කියලා අහපි.....ඌට එරෙව්වත් එක්ක ...රෙදි ගැලවුනා බස් එකේ සෙනඟ ඉස්සරහා....

    ReplyDelete
    Replies
    1. හික්ස්..මිනිහා නම් ළගදීම කයි වගේ එහෙනම් කොහෙන් හරි..

      Delete
  18. නූල් කාරයනම් හම්බෙලාම නෑ අනිත් සෙට් නම් හම්බෙලා තියනවා.......

    ReplyDelete
    Replies
    1. පොර වැඩිය නැහැ මම හිතන්නේ..මොකද සෙනග අඩු බස් එපැයි තෝරගන්නත්..

      Delete
  19. 5කාසි මාලෙ පිටකොටුවෙ 100යි. වැලන්ටයින් දවසෙ සීන්එක මටත් මතකයි.

    ReplyDelete
    Replies
    1. සල්ලි වෙනස් කරන්න නීතියෙන් තහනම් මම දන්න විධියට

      Delete
    2. තහනම් තහනම්..ඒ උනාට මේ යෝදයා හුරලා පෙන්නනවනේ..

      Delete
  20. අයියෝ අර නූල් සූත්තර කාරයා නම් බලන්නම වැඩේ... දැකල නෑනේ... "මනස" සඟරාත් බස් වල විකුණනවා.. හැබැයි ඇත්තටම ඒක නම් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඈ මට නම් සෙට් වෙලා නැහැ නේ තවම..අඩු ගානට වගේ දෙනවත් ඇති..

      Delete
  21. මම ලඟදි බ්ලොග් පොස්ට් එකක හෝ කොමෙන්ට් එකක දැක්ක පිටකොටුවේ ස්ටෑන්ඩ් එකේ 'පපුවට ෆෑන් එකක් හයි කළා වගේ, නුවරඑළි ගියා වගේ සනීපයක් දැනෙන්නෙ' කියමින් මෙන්තෝල් ටොෆි විකුණන සීය කෙනෙක් ගැන. රස්සාව නරක නැතුව ඇති, මට මතකයි ඔය දේම කියමින් 'ස්ට්‍රෙප්සිල්ස් ' වික්ක තරුණ හාදයෙන් 70 ගණන් වල මුල හරි ඉඳලම පිටකොටුව ස්ටෑන්ඩ් එකේ. මිනිහ මම 80 ගණන් අග හරියේ මෙහෙ එනකම් ඉඳල හිටල දැක්ක ඒ වාක්‍යම කියමින් වෙලඳාන් කරනව. ඒ මනුස්සයම වෙන්නැති කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මිනිහා කාලේ වෙනස් උනත් ජොබ අත ඇරලා නැහැ.. වැඩේ වාසි ඇති !!

      Delete
    2. කාලේ වෙනස් උනත් මිනිහා ජොබ මාරු කරලා නැහැ කියන්නේ වාසි ඇති ජොබ් එක..

      Delete
  22. 154 නම් මතක් කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම කියන්න එපා..කොච්චර සිරා රූට් එකක්ද ඒක :P

      Delete
    2. atta kathawa ah.. kiyala wadakna bun..
      ai anith aka thamai
      "mama kalayak ganja gahuwa dan mama ganja gahanne na mage amma jewath karanne me hoya ganna kiyakin hari thamai"

      Delete
  23. ඒ මිනිස්සු අඩු තරමෙ මොඩයන්ව විකුනලා වත් කීයක් වත් හම්බ කර ගන්න එපැයි (මහ එව්වෝ ඔය ඊට වඩා ඒවා කියලා හම්බ කර ගන්න එකේ )

    ReplyDelete
  24. බස් මාකටින් වැඩෙත් වෙනම කලාවක්! අධ්‍යයනය කරන්න තරං වටින උපක්‍රම ටිකක්! :))

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!