මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.
ඔන්‍න දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.
අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.
මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "
අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "
අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "
අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "
ඒ කියන්නේ කට්ටියට තියෙන්නේ එක එක වාසගම්.. සෑහෙන සංතෝස වෙන්න ඕන කාරණයක්නේ..
ReplyDeleteහිකිස්...එහෙනම් එහෙනම්..
Deleteසෑහෙන්න වටේ ගිහිං තියනව.:)
ReplyDeleteහා හා..කට !! කට !!!
Deleteහයියූ....ෂෝයි ගෑනු පරානේ මගෙ අන්ත:පුරේට ගන්න බැරිවෙයිද දන්නෑ
ReplyDeleteමගෙ වාසගමත් දාගන්න පුළුවන් වෙයි මයෙ හිතේ :)
බොටම හරියනව වගේ කියල තමා මටත් හිතෙන්නේ..
Deleteමගේ මේල් එකට උත්තර කෝ?
ReplyDeleteඅඩේ මොන මේල් එකටද බන්...මේ ටිකේම නෙට් අවුල් ..
Deleteඒකත් නියම ක්‍රමේ...හි හි
ReplyDelete;) ;)
Deleteඅප්පේ..... මරු නෙ.....හිකිස්...
ReplyDeleteහෑ??? :O කට්ටියට තියෙන්නෙ එක එක වාසගම්?? මාරයිනෙ හෆ්ෆා..
ReplyDeleteමාර නෑ අනේ..දියණුව ..දියුණුව..
Deleteඅයියෝ හරි සිම්පල් ක්‍රමයක් නේ ...... ;)
ReplyDeleteඒකනේ කියන්නේ... ;)
Deleteමරු අයිඩියා එක.....
ReplyDeleteහැම වෙලාවෙම ඉතින් අයිඩියා එකනේ වැදගත් වෙන්න ඕනේ..නැද්ද ;)
Deleteහිහ් මම හිතුවෙ ඈන් කියන්නෙ වාසගම වෙන්නැති කියල, :)
ReplyDelete:O මෙන්න ටියුබ් ලයිට් එකක් :P
Deleteනියම කතාව.ගෑණු කෙනා හරි වාසනාවන්තයි.සලකන්න බර සෙට් එකක්ම ඉන්නවනේ.
ReplyDeleteඒකනේ..වාසනාවේ පරතෙරටම ඇවිත් ඉන්නේ ;)
Deleteඒ සීන් එක නම් මරු.. ඔක්කොම ඈන්.. ඒ උනාට සර්නේම් වෙනස්.. හය්යෝ සල්ලි//
ReplyDeleteහිකිස්..මේ අයියේ මේ ටිකේම මිසින් මොකෝ..
Deleteලොල් වාසගම් අයිතිකාරයෝ ගෙදර ආවම මාරු එකට තියෙනවා ඇති.
ReplyDeleteහා හා..එච්චර දුර හිතන්න එපා :P
Deleteසමහර විට ඒ ගෙදර ළමා නිවසක් කරලා ඇති. ලියපු එකයි අනික් අයයි ඔක්කෝම වල්..
ReplyDeleteඉතින් බලමුකෝ ඒකෙත් හැටි , මාතලන් අයියට හිතුනා වෙනමමැ පැත්තක් :P
Deleteඑතකොට ඈන්. කියන්නේ වාස ගම නෙවෙයි ද?
ReplyDeleteහිකිස්.....දැන් කාලෙ හරි දියුණුයි නේද....
ReplyDeleteමෙහෙම කතාවක් මාත් අහලා තියෙනවා !!!
ReplyDeleteහුටා හුටා. අහල තියෙනවද අර මාතෘ වාට්‍ටුවක එකක වෙච්ච මේ දෙබස?
ReplyDelete"නර්ස්, මට තරහ නැතුව ටෙලිකොම් ඩිරෙක්ටරිය ගෙනත් දෙන්න පුලුවන්ද?"
" ඒ මොකටද අප්පා?"
"මේ බබාට දාන්න නමක් හොයාගන්න."
"ඩිරෙක්ටරියෙ තියෙන්නෙ වාසගම්නෙ."
"වාසගමක් තමයි හෙව්වෙ."
henryblogwalker the Dude