Thursday, March 22, 2012

ආදර ජාති - Types of Love

අපි කවුරුත් ඉතින් එක එක විදියට ආදරේ කරලා , ආදරේ ලබලා තියෙනවනේ.පුංචිම කාලේ ඉදන් ලැබෙන දෙමව්පිය ආදරෙන් පටන් ගත්තම තරුණ කාලේ කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදෙරේ වෙනකන්ම අපිට ආදරේ එක එක විදියට ලැබෙනවා.සාමන්‍යයෙන් ගත්තම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ මොන කාලේදී උනත් වෙනස් වෙන්න නැති උනාට කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් ( එහෙම තමයි පැරණි පඩිවරු කියලා තියෙන්නේ ).

කොහොමහරි මේ කාලේදී කොල්ලෝ / කෙල්ලෝන්ගේ තියෙන ආදරේ එක එක ප්‍රහේද තියෙනවා.මේ ඒවගෙන් ප්‍රධාන එව්වා ටිකක්.
  • බත් ආදරේ - මේකෙදි කෙලින්ම කෙල්ල / කොල්ලාගේ ටාගට් එක වෙන්නේ අදාළ කෙනාගේ බත් පාර්සල් එක.ගොඩක් වෙලාවට ඉතින් මේ ආදර වර්ගයෙදී අගතියට පත් පාර්ශවය වෙන්නේ කෙල්ලෝ තමයි.මොකද ඉතින් කොල්ලෝ කියලා කෑම උයන එකක්ද.
  • නෝට් ආදරේ - කලින් එකේ බත් පැකට් එක වගේ මේකේදී ටාගට් එක අදාළ කෙනාගේ නෝට් මිටිය.කැම්පස් වල නම් ඉතින් මේවගේ එව්වා එමටයි.සුපුරුදු පරිදි අගතියට පත් පාර්ශවය කෙල්ලොම තමා.කොල්ලෝ ගාව නෝට්ස් කියලා දේවල් නැහැ නේ.
  • ඇකා ආදරේ - ඇකඩමික් කියන එක කෙටියෙන් තමයි ඔය ඇකා කියලා කියන්නේ.ඉස්සෙල්ලා එක වගේම තමයි , ඒකේම ටිකක් දිග වර්ෂන් එක. කෙල්ලෝ / කොල්ලෝ දෙගොල්ලොම අගතියට පත් වෙන්න පුළුවන්. ඇක ගොඩ දාගන්න කාලේදී හොද බුලට් එකක් හම්බ උනොත් දෙන්නම ගොඩ කියලා කියන්නේ ඉතින් කට කහනවට නෙවයි නේ.
  • බස් ආදරේ - ලව් කරන ඩබලගේ ගම් පළාත් එහෙම තියෙන්නේ ටිකක් ඈත නම් , යන්න වෙන්නේ පැය හතර පහක ගමනකින් වගේ නම් අන්න බස් ආදරේකට හොද පොයින්ට් එකක්. බස් එකේ ගැනත් ගානට බේරගන්න පුළුවන් ( භාගේ - භාගේ දානවනම් එහෙමයි නැත්තම් කොල්ලෝ ෆුල් දානවනම් එහෙමයි )
ඔය ටිකට අමතරව තවත් ආදර ජාති හම්බු උනොත් අටපට්ටමට කියන්න ඕන හොදද !!!

ප.ලි - මේ ටිකේ බ්ලොග් ලියන / කියවන ඒවා කරේ හරිම අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ දවස්වල විනෝදාංශයක් විදියට නිදාගන්න එක කරන එක. කලින් ලියපු බස් මාකටින් එකත් ගොඩ කාලෙකට කලින් ඩ්රාෆ්ට් කරලා තිබ්බ එකක් තමයි පබ්ල්ෂ් කලේ.

44 comments:

  1. අම්මෝ මෙයා දන්න දේවල්...:ප

    ReplyDelete
    Replies
    1. හි හි..එහෙම තමයි අක්කේ ;)

      Delete
  2. ෆෝන් ආදරේ - ෆෝන් එකෙන් කතා කරනවා, රීලෝඩ් දානවා.
    බලං ගියාම හැම තැනින්ම අගතියට පත් වෙන්නේ කෙල්ලෝ තමා :(

    ReplyDelete
    Replies
    1. ආ ඔය තියෙන්නේ තව එකක්...
      එහෙම නම් කියන්න බෑ කොල්ලොත් ඉන්නවා අගතියට පත් වූ..

      Delete
  3. තව ආදර තියෙනවද කොහෙද... මතක නෑ නෙ.
    අනේ මටත් විනෝදාංශයක් විදියට නිදාගන්න තියෙනවානම් ටික දවසකට හරි….:((

    ReplyDelete
    Replies
    1. අක්කට ඉතින් මේ දවස්වල බිල්ඩිම නිසා වැඩ ඇති නේ :(

      Delete
  4. ටිකට් ආදරේ- බස්වල යන කෙල්ලො කොන්දට දක්වන ආදරේ. මම දන්න කියන කෙල්ලො සෙට්එකක්ම හිටිය ඩිංගක් ඇඹරිලා හිනාවෙලා පිනට බස්එකේ යන.

    මෝල් ආදරේ- කසාද බැදීම වගේ අවශ්‍යතා ගැන හිතන්නෙ නැතුව අහවල් වැඩේ කරගන්නම කරන ආදරේ.

    ReplyDelete
    Replies
    1. කමෝන් රාජ් අය්යා ඔය තියෙන්නේ ;) ;)

      Delete
  5. අර බත් ආදරේ නම් මමත් ඉස්කෝලේ යන කාලේ කරලා තියේ.. වචනයෙන් ආදරෙයි කියලා කාටවත් කියලා තිබුනේ නැති උනාට දවල් කෑම නම් මට කවදාවත් අත ඇරිලම නෑ... :)

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න තවත් බත් රසිකයෙක්..

      Delete
  6. ඔව්වා කැම්පස් ලව් වෙන්නැති නේ !!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ අය්යේ..මේ එදිනෙදා දකින්න තියෙන දේවල් ටිකක් ලිව්වේ..

      Delete
  7. යකො උබ හිතාගෙන ඉන්නෙ කැම්පස් වල විතරයි ආදරෙ තියෙන්නෙ කියලද? ලියපියකො පොදු ජනතාව ගැනත් හිතලා :D

    ReplyDelete
    Replies
    1. හි හි...ලියමු ලියමු එහෙනම් :P

      Delete
  8. පිචර් හෝල් ආදරේ
    මල්වතු ආදරේ
    ඒව ඉස්සර දැන් නං කෙලින්ම රෙස්ට්/ගෙස්ට් හවුස් ආදරේ

    ReplyDelete
    Replies
    1. ඔබ මාමේ ++++++++++++++++++++++

      Delete
    2. ඔය තියෙන්නේ එළකිරි වගේ සෙට් එකක්...

      මොකෝ වර්ණා ඔබා මාමාව ගුගල් + කරා ද

      Delete
  9. මම නම් ඔය මල ඉලව් ගැන දන්නේ නැහැනේ :P

    ReplyDelete
    Replies
    1. අම්බේ දන්නෙම නැද්ද ..මට සුවර් නෑ :P

      Delete
  10. බත් ආදරේ??? :O හෆ්ෆා එහෙම අඅදරයක් නම් ඇහුවාමයි.. අනිත් ආදර ටිකනම් අඩු වැඩි වශයෙන් අහලා දැකලා තියෙනවා..:D

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඒවා තියෙනවා හිතු නංගා..ඔයා තාම පොඩියි නේ ඔයා දන්නේ නෑ.. :P

      Delete
  11. මං අහපු අමුතුම ජාතියේ ආදර කැටගරි ටිකක් :D

    එන්න එකතු වෙන්න අපි අපිට බ්ලොග් සින්ඩිය වෙත
    www.api-apita.blogspot.com

    ReplyDelete
  12. හිකිස්.. අපේ ඕවාට කියන්නේ බත් කොක්ක, නෝට් කොක්ක etc etc ඒ වුනාට ඔය කොකු නම් එච්චර හොඳ එව්වා නෙවෙයි අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඔය කොකු හොද නැති උනාට ඉතින් ඒවා නැති වෙන්නෙත් නෑ නේ ප්‍රාර්ථනා

      Delete
  13. පුදුම ආදර සීන් නේ මෙවුවා !

    ReplyDelete
  14. ලව් ඉලව් මල ඉලව්...

    ReplyDelete
  15. අම්මෝ අදර කැටගරි ටික!!! ඒ වුනාට දැන් නම් ආදරෙත් විකුණන් කන එවුන් නේ ඉන්නේ..

    ReplyDelete
  16. ado machan Xander ube kathawanam 100%kma hari bun..
    dan godak enne a jatheye aya thama..

    ape chammath dan dan tekak ahemada manda ;)

    ReplyDelete
    Replies
    1. කවුද මෙ ඇනෝ ? මාව දන්නා එවුන් නම් දන්නවා මම එහෙම නෑ කියලා

      Delete
  17. SLIIT ake katahawedinam oya adra tekak wenas neda chamma

    kellonta kiyala
    kama bill danna,
    phone bill gewa ganna,
    aka aka uwamana karana badu muttu genna ganna..

    kello ithin gonnu wage genath denawa..

    habi ithin anthimata kollama kellage charethe gathane karanawa.. ape aun bageta bagayak kale akane bun..welawakata kello pau kiyalath henawa yako

    ReplyDelete
    Replies
    1. දෙවැනි ඇනෝ..ඔව් ඔව් "එහෙමත්" ඒවා උනා ලු නේ..

      Delete
  18. ඔච්චර අගතියට පත්වෙත්දිත් කොල්ලන්ට ආදරේ කරන්න කෙල්ලොන්ට කොල්ලෝ කොච්චර වටින සත්තු ජාතියක්ද අප්පා ! ;-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අමුතුම සත්තු ජාතියක් තමා අපිත්

      Delete
  19. හොඳ දැනුමක් තියෙයි වගේ...ඊළඟ වටයට සුදුසුකම් ලබනවා.....

    ReplyDelete
  20. මෙතන තියෙන ආදර වර්ග කීපයක් නම් අහල තියෙනවා...අනිත් ඒවා ගැනනම් දන්නෙ නැහැ.දැන් දන්නවා...හොඳ අර්ථකතනයම් අයියේ...:D

    ReplyDelete
  21. මැක්ස්... ආ... වෙන නැද්ද ලව් ඉලව්????

    ReplyDelete
    Replies
    1. ලව් - ඉලව් නම් කෝටියයි ෂානි...හික්සි...

      Delete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!