Sunday, June 3, 2012

කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !!

මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට පස්සේ සිකුරු සංක්‍රාන්තිය වෙන්නේ ජුනි 6 වෙනිදා.ඒ ගැන කියන එක තමයි අද නිමිත්ත.

මේ සිකුරු සංක්‍රාන්තියේදි අපිට පේන්නේ හරියට සුර්යයා උඩින් සිකුරු ග්‍රහය ගමන් කරනවා වගේ.ඒ උනාට ඇත්තටම වෙන්නේ සූර්යයා,සිකුරු සහ පෘතුවිය එක රේඛාවක එක එල්ලේ පිහිටන එකයි.මේ වගේ පිහිටීමක් එන එක හරි විරල සිදුවීමක්.

මීට කලින් ඒ කියන්නේ 2004 තිබ්බ සිකුරු සංක්‍රාන්තිය අපේ රටට හොදට බලා ගන්න පුළුවන් උනාට මෙදා පාර නම් සම්පුර්ණයෙන්ම බලන්න වෙන්නේ නැහැ.අපේ රටට පැය 4 වගේ කාලෙකට තමයි සිකුරා මාරු වෙන එක බලාගන්න වෙන්නේ.අපේ රටේ වේලාවෙන් උදේ 5.55 පස්සේ ( ඉර උදා උනාට පස්සේ ) තමයි මේ සිකුරු සංක්‍රාන්තිය බලන්න වෙන්නේ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන එක සුදුසු නැහැ, ඒ නිසා සුර්ය පේරෙන පාවිච්ච් කරන එක තමයි සුදුසුම වැඩේ.නැත්තම් සුර්යාගේ ජායාව සුදු බිත්තියකට වැටෙන්න දීලා ඒකෙන් බලාගන්නත් පුළුවන්.ඔය ක්‍රම දෙකම අප්සට් වගේ නම් යකඩ පාස්සන අය පාවිච්ච් කරන ආරක්‍ෂිත දෑස් ආවරණයකින් උනත් මේ වැඩේට හොදයි.

අවුරුදු ගානකට පස්සේ මාරු වෙන මේ සිකුරත් එක්ක බ්ලොග් ලියන / කියවන හැමෝටමත් සිකුරා ලබන්න වාසනාව ලැබේවා !!!!

සංක්‍රාන්තිය බලන්න පුළුවන් රටවල් ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

සිකුරු සංක්‍රාන්තිය ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.


19 comments:

  1. ඔය සිකුරා හිනදා මගේ සෙනසුරු නීච උනොත් මම ඕකවා පෙති ගහනවා

    ReplyDelete
  2. මාත් සිකුරා බලන්න ඕනෙ.වතුර බේසමක් තියලා ඒකෙන් ඡායාව බැලුවට අවුලක් නැති වෙයි නේද.

    link එක දැම්මට ස්තූතියි හොඳේ..

    ReplyDelete
  3. මං හිතුවෙම චම්මට සිකුරා ලබලා කියල.. වැඩ වැඩි වගේ දැන් නම්?

    ReplyDelete
  4. තාවම ආවෙ නැද්ද අනේ.මම නම් හිතුවෙ මේ දවස් වල නම් ෂුවර් ඇවිත් කියලා..:D

    ReplyDelete
  5. මම් හිතුවෙ ඔයාටත් සිකුර ලබලවත් ද කීලා.

    ReplyDelete
  6. හෆ්ෆටතිලි!! බලන්නම වටින එක්කෙනෙක්නෙ සිකුරා... බයයි හැබැයි!! ඔය සිකුරා බලන්න ගිහින් මටත් සිකුරා කඩන් වැටුනොත් :O

    ReplyDelete
  7. මටනම් දැනටම සිකුරා ලබලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ආ.... අපි දන්නවා.. ඔයාට එක සිකුරෙක් නෙවෙයි, සිකුරො ගොඩා......ක් ලබලා නේ?? :p :p

      Delete
  8. මේ දවස්වල මයේ සිකුරා නීච වෙලා. සෙනසුරා ලබලා.

    ReplyDelete
  9. අපිට හැම සතියටම එක දවසක් සිකුරා(දා) ලබනවා

    ReplyDelete
  10. හරියටම චන්ද්‍රග්‍රහණයේ සීන් එකම වෙන්නේ බලන්හියහම..

    ReplyDelete
  11. ඔය සිකුරා රජ උනොත් මලවිජ්ජුම්බරයක් නොවැ වෙන්නේ

    ReplyDelete
  12. මට නම් හිතෙන්නේ මගේ ඉන්න ග්‍රහයෝ ඔක්කොම මට විරුද්ධව කැරලි ගහනවද කියලා..කරන කරන වැඩේ අබ්ලික්..

    ReplyDelete
  13. සිකුරා මගේ යාළුවා. මම ඉපදිලා තියෙන්නෙත් සිකුරු දශාවෙන්ලු. මේක බලන්න ආසයි. බලමුකෝ....කාලෙකට පස්සේ චම්මා දැක්කේ...

    ReplyDelete
  14. අපි 10 වසරේ ඉද්දී ඒ කියන්නේ 2004 දීත් මොකක් හරි සංක්‍රාන්තියක් වුනා වගේ මතකයි. අපි මහ දවල් ඉර දිහා බලද්දී ඉර ගාවින් කළු පාට බෝලයක් වගේ එකක් යනවා වගේ දැක්කා

    ReplyDelete
  15. මට නම් සිකුරා ලබන්නෙම නැහැනේ සික්

    ReplyDelete
  16. මේ අය්ටම් එක ගැන නම් පත්තරේ තියෙනවා දැක්කා,මාත් මේක බලන්න ප්ලෑන් එක අන්දලා තියෙන්නේ
    මේ බ්ලොග් එකේ ෆලෝ කරාට පස්සේ කියවපු පලවෙනි පොස්ට් එක
    දිගටම ලියන්ඩෝ

    ReplyDelete
  17. මාත් බලන්නමයි හිටියේ....කොහෙද ඒ දවස් ටිකේ මට වෙච්ච දේවල් දන්නවනේ....

    ReplyDelete
  18. චම්මාගේ සිකුරා මේ දවස් වල නළලටත් උඩින් ඉන්නේ...දන්නෝ දනිති..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!