Saturday, January 5, 2013

2013 සහ ශ්‍රී ලංකාව

2012 ත් ඇවිල්ලා දන්නෙම නැතුව ඉවර වෙලා ගියා, දැන් ඔන්න 2013 ඇවිල්ලා .මේ අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක.ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්න ඕන සහ කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕන.

2012 ගත්තම ගැස්සිලි පැද්දිලි එක්ක මගේ වැඩ ටික නම් හොදින් කෙරුන අවුරුද්දක් උනා.පලවෙනි ජොබ් කට්ටට ගිහිල්ලත් මේ මාසේට හරියට අවුරුද්දක් වෙනවා.2013 ගත්තම ඉතින් ලොකු ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන, අවුරුද්ද ඉවර වෙනකන්ම ප්ලෑන් එහෙම ගහලා තියෙන අවුරුද්දක්.පුළුවන් තරම් ඉතින් හිතේ තියෙන දේවල් එකින් එක කරගන්න බලන්න ඕනේ ( බ්ලොග් එක ලියන එකත් ප්ලෑන් එහෙකම කොටසක් තමයි ඕන්න )

අපේ රට පැත්තෙන් කථාකරොත් ඉතින්, හැමදාම තියෙන විදේශික අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන වලට අමතරව ගිය අවුරුද්දට වඩා එක දශමෙකින්වත් දියුණු උනොත් නම් හොදයි.ඒ දියුණුවත් එහෙම නැත්තම් සවර්ධනයත් ඉලක්කම් සෙල්ලමක් නොවෙන තරමට වඩා හොදයි. ඊට අමතරව හොරකම් කරන, දුෂිත මිනිස්සුන්ගේ තොර වෙනවානම් හොදයි. ( ඔව් ! මම දන්නවා , ඒක නම් වෙන්නේ නැති බව ). මේ මාසේ පටන් ගන්නකොටම අපට තියෙනවා අගවිනිසුරුවරියගේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර ( දිගට ඇදිලා ගියේ නැති උනොත් ), ලංකාවේ ඉදිරි දේශපාලනයේ ගොඩක් තැන් තීරණය වෙන්න එතුමියට ලැබෙන තීන්දුව හේතු වෙයි.

අද උදේ නැගිට්ට ගමන් ෆේස්බුක් එකේ දුකා අයියා ෂෙයා කරපු පොස්ට් එකක් දැක්කා. මෙන්න මේ දේ ගැන  තමයි කියලා තිබුනේ. ඔයිට අමතරව ඉතින් මේ අවුරුද්දේ මේ මාසේ ඉදන් සුපර් මාර්කට් ( නව අර්ථ දැක්වීමට අනුව : සුබෝපබෝගී මිනිසුන් ආහාර ගැනීමට යන තැනක් ) වල තියෙන ආනයනික භාණ්ඩ වලටත්  ටැක්ස් එකක් ගහලා. අනේ මන්දා අපේ රටේ ආර්ථික පාලනය නම් කොයිබටද කියලා ?

විදුලි මිල/ගෑස් මිලත් සහ තෙල් මිල ( සුපුරුදු පරිදි ලෝක වෙළද පොළේ බලපෑමට පරිදි ද මන්දා ) මේ මාසේ වැඩි වෙන්න පුළුවන් ලු. එහෙම උනොත් ගැමුණු මාමා ගිය අවුරුදුවල කරා වගේ සුපුරුදු ස්ට්‍රයික් සෙල්ලම දාලා අපිට කොකා පෙන්නයි, ඒ හින්දා එහෙම දේවල් වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ ගමනාගමන බලය තියෙන අය ක්‍රියා කරොත් හොදා. එහෙම නැතුව ස්ට්‍රයික් එකට ඉස්සෙල්ලා 'පුළුවන් නම් ස්ට්‍රයික් කරපල්ලා' වගේ නැව් ටෝක් දීලා , පස්සේ මිනිස්සු බනින කොට ස්ට්‍රයික් එක දවසේ තියෙන විශේෂ සාකච්ඡාවකින් ඉල්ලලා තියෙන ඉල්ලීම් ට්ක දෙනවට වඩා.

ඊළගට අපේ රටේ ජාතික ක්‍රීඩාව විදියට සලකන ක්‍රිකට් පැත්තෙන් කථාකරොත්, ගිය අවුරුද්දේ අන්තිම ඉදන් කාගෙන කාගෙන එන කෑම මේ අවුරුද්දෙත් ඒ වගේම යන බව තමයි පේන්නේ. මේ දවස්වල තියෙන සිඩ්නි ටෙස්ට් මැච් එකත් දවස් 4 කින් ගොඩක් දුරට ඉවර වෙයී. අලුතින් එන්න ඉන්න ඇන්ජලෝ මැතිව්ස්ට ලැබෙන්න යන්නේ නම් සුළු පටු අභියෝගයක් නෙවෙයි අලුත් අවුරුද්දෙ , අපි බලමු මැතිව්ස් කොහොමද ඒ දේ කරන්නේ කියලා.

මේ හැම දේකින්ම පේන්න තියෙන්නේ 2013 ලංකාවට ගොඩක් ගොඩක් දේවල් වෙන්න පුළුවන් වසරක් වෙයි කියන දේ තමයි. ඉතින් අපි බලන් ඉමු !!

අපි ඔබ හැම දෙනාටම සුභ අනාගතයක්ම වේවා !!!!

11 comments:

  1. සුභ අනාගතයක් වේවා !!!! :D

    ReplyDelete
  2. වැඩි වැඩියෙන් ඔබට පොස්ට්ස් ලියන්නත්, ඒ තුලින් පේජ් ලෝඩ්ස් ප්‍රමාණය වැඩි කරගන්නත් සහ තව දුරටත් ෆලොවර්ස්ලා එකතු කරගෙන තවත් වැඩියෙන් කොමෙන්ට්ස් එකතු කරගන්නත් ලැබේවා!

    තව දුරටත් ලැබුවා වූ නව වසර තුල වැඩි වැඩියෙන් ලයික්ස් එකතු කර ගැනීමටත්, කොමෙන්ට්ස් එකතු කරගැනීමටත් හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. ආ... ඔන්න එහෙනම් මේ අවුරුද්දත් අයියාට, වාසනාවන්ත, සියලු ප්‍රාර්ථනා ඉටු වෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  4. ඈ.....සුබම සුබ මෙව්ව එකක් වෙන අරහෙම එකක් ඈ....

    ReplyDelete
  5. වැඩි වැඩියෙන් ලියන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  6. ඔන්න මම 200 වෙනියට follow කරා.

    ReplyDelete
  7. Subha wewaa..thawath gezzili peddili ekka full athal awuruddak wewa..

    ReplyDelete
  8. ආ.. සුබ අනාගතයක්ම වේවා !

    ReplyDelete
  9. මටනම් හරි ආඩම්බරයි..

    ReplyDelete
  10. වෙලාවට පඩිය 49,999 යි.....

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!