Wednesday, June 15, 2011

අපි සිංහල නේ

ඔන්න මමත් ඕන දෙයක් වෙන්න කියල අද ඉදන් සිංහලෙන්ම පොස්ට් දාන්න තීරණය කලා..ට්කක් කටු වැඩක් තමා,ඒ උනාට ඉතින් දන්න දෙයින්ම දාන එකම හොදා නේ :පි

මම මගේම කියලා බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ නම් ගොඩක් ඉස්සර.ප්‍රධාන අරමුණ කෙටියෙන් කියනවානම් Google Ad Sense තමා. ;) ඒත් ඉතින් " අපිට කොයින්ද පුසෝ මාලු" කියනවා වගේ අපිට කොයින්ද ඉතින් ඇඩ්.පස්සේ පස්සේ ඉතිම ඇඩ් සීන් එක හරියන්නැහැ කියලා තේරෙන්න ගත්තා.එහෙන්ම බ්ලොග් කෙරුවාවත් ඉවර උනා.එහෙම අතඇරලා දාපු බ්ලොග් කෙරුවාව තමයි මේ ආයි පටන් ගන්න හදන්නේ..
බ්ලොග් එක ලියලා ලියපු එක දිහා ආයි ආයි බලනකොට මොනවා උනත් හිතට දැනෙන දේ කියන්න නම් වචන නැහැ :) :)
එහෙනම් අපි ආයි මේ සයිබර් අවකාශය තුලම හමුවෙමු.හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. :) :)

4 comments:

  1. එල එල~ හොඳ දෙවල් ලියපන්!ජයවේවා!

    ReplyDelete
  2. ඇඩ් දාලා කීයක් හරි හොයාගන්නවට වඩා. ලස්සන ලිපියක් ලියලා කමෙන්ට් එකක් දෙකක් වැටිලා තියෙනවා දකින්න තියෙනවනම් ආයේ ඉතින් වෙන මොනාද. සල්ලි වලට වඩා මානසික තෘප්තිය ගොඩක්ම වටිනවා.

    බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා පතනවා !!!

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත මධුරංග අය්යේ..මොනවා උනත් සල්ලි වලට වඩා මානසික තෘප්තිය ගොඩක් වටිනවා.මේ පැත්තේ නිතරම් ගොඩ වෙනවට ස්තුතියි..

    Sabith - එල එල මචන්..බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!