Tuesday, June 28, 2011

අපේ කට්ටියගේ අලුත් ගැජමැටික් එක

අපේ මෙට්‍රෝ එකේ සෙට් එකට දැන් අලුත් ගැජමැටික් එකක් සෙට්වෙලා ඇත.අලුත් කිව්වට ඉතින් බ්ලොග් ලියන අයට නම් මෙය අලුත් නැත. ගැජමැටික් එක නම් සිංහලෙන් අප්සෙට් එකක් නැතිව ටයිප් කිරීමයි.ගුගල් දෙය්යාට පින් සිදු වෙන්න අපේ කට්ටිය හිටු කියා ගැජට් එක ඩවුන්ලෝඩ් කොරගෙන ඇත.

සාමන්‍යයෙන් බුකියේ ස්ටේටස් සිංහලෙන් අප්ඩේට් කොලේ මම තුමා ඇතුළු අපේ සෙට් එකේ කිහිප දෙනෙක් පමණි.( ඔන්න මම පොර උනා ). මේ නව ගැජට් එකට කොතරම් ඇබ්බැහි ව් ඇද්දැයි කියතොත් දැන් අපේ අය බුකියේ ස්ටේටස් අප්ඩේට් කරන්නෙත් සිංහලෙනි.

මේ එවැනි එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවා දෙක තුනක්.සිරා වැඩේ කියන්නේ ඉතින් ඒවාට කමෙන්ට් වැටෙන්නෙත් දැන් සිංහලෙන් නොවැ.

මේ අපේ තට්ට අයියා දාපු එකක්

අපේ තට්ට අයියාගේ ස්ටේටස් එකක්

ඔය අස්සේ අපේ සොනිකාට ත් මොකක්ද මන්ද බයිට් එකක් යනවා.ඒකත් ඉතින් සිංහලෙන්ම තමා.

සොනික් ට මඩ පාරක්


ෆන් ස්ටේටස් අස්සේ හෙන සීරියස් ඒවාත් ඉතින් තිබ්බ.මේ එයින් දෙක තුනක්.
" පාළුව කියන්නෙ මොකක්ද කියලා මම ඉගෙන ගත්තෙ ඔයා මගෙ ජිවිතෙන් යන්න ගියාමයි. "
   "සමහර ‍දේදවල් එ‍හෙම තමයි...අන්තිම ‍මොහොතේ .... අ‍පෙන් ගිලිහිලා යනවා. " 
" ඇත්තටම ඇය ම‍ෙගද ? ඇය මැවු‍නේ මටමද ?සත්තයි.....ඇය කා‍ගේදැයි  ‍නොමදැන ...බලා‍පොරොත්තු තබා‍ගෙන හිස් අහස පි‍රෙන්නම මම ඇයට කොතරම් පෙම් කලාද ? " 

ඔය ජරමර සේරම අස්සේ අපේ එකෙක් සිංහෙලෙන් ලව් කරන්නත් පටන් අරන්නේ.
සිංහලෙන් ලව් කිරීම


ඔය අස්සේ ඉතින් මැසේජස් වලත් ඉතින් ලාවට වගේ සිංහලෙන් බයිට් පාර යනවා.

මේ ඉතින් මැසේජස් වල ගියපු මඩ පාරක්

එක අතකට ඉතින් ජපන් අයට ජපන් භාෂාව තියෙනවා එයාලගේ පරිගණක වල.අනිත් ප්‍රධාන රටවලත් ඉතින් එහෙමනේ. එහෙව් එකේ ඉතින් අපිත් හැම තැනම අපේ මව් භාෂාව භාවිත කරන එකේ කිසි වරදක් නැහැ.මේ ගැජට් එක ඉතින් තාම අපේ අයට අහුවෙලා දවසයි දෙකයි නේ, ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙවී.

ප.ලි - මේකත් ඉතින් කියන්නම ඕන මේ ස්ක්‍රින් ෂොට් එහෙම දැම්මේ කාටවත් මඩ ගහන්න එහෙම නෙවෙයි.සිරාවටම කියන්නේ ඔන්න මඩ ගහන අරමුණක් නම් මගේ තුන් හිතකවත් (නො) තිබ්බේ නැහැ.අපේ කට්ට්ය මාත් එක්ක ඔන්න තරහ වෙන්න එපා.

21 comments:

  1. කට්ටියට අාතල් වගේ

    ReplyDelete
  2. කොහොමහරි සිංහල ජනප්‍රිය වෙනවනම් අපට ඒ ඇති.

    ReplyDelete
  3. සිංහල රටේ මෙහෙමවත් සිංහල භාවිතා උනේ නැත්නම් ඇත්තටම රටටත් හොද මදි... තව තව මේ භාවිතය අපි වැඩි කරන්න ඕනා යාලුවා

    ReplyDelete
  4. @ Ruchira - :P :P Forgot to write about your sinhala comments :/

    @ Hishan - හි හි කට්ටියට ආතල් ද ත් අහනවා..පිස්සු කෙලින එකෙත් උපරිමයි.

    ReplyDelete
  5. @ මධුරංග අය්යා - මේ යන විදියට නම් අපේ අය අතරේම පරිගණකයේ සිංහල භාවිතාව සම්බන්ද සීග්‍ර වරදානයක් දැක ගන්න පුළුවන් වෙයි. :D

    @ දේවා ගේ අඩවිය - අනිවා අනිවා..100% එකග වෙනවා අදහස සමග..

    ReplyDelete
  6. ආතල් ලෝකයයි

    ReplyDelete
  7. අලේ සිංහලෙන් ලියන එක ජනප්‍රිය කරන එක හොදා.අපිනම් සිංහලෙන් ලියන්න අරන් දැන් ගොඩක් කල් වෙනව.

    ReplyDelete
  8. දැන් මොකද්ද බන් ගැජමැටික් එක සිංහලෙන් ස්ටේටස් දාන එකද . . .

    අම්මෝ උඹලව නම් කොහොමට වත් ෆේස්බුක් එකට ඇඩ් කොර ගන්න නරකයි . .

    පස්සේ එකේ ඒවා කොපි කරලා මේ වගේ බඩ පෝස්ට් දායි . . හෙ හෙ හේ

    ReplyDelete
  9. අප්පා පිස්සු ආතල් ආ.........

    ReplyDelete
  10. චම්මට දැන් වෙන වැඩක් නැති වගයි

    ReplyDelete
  11. අපේ ලංකාවේ සිංහලෙන් හැමදේම නැති නිසා තමයි අපිට ඉංග්‍රීසියේ පිහිට පතන්න වෙලා තියෙන්නෙ, දකුණු කොරියාවෙ එහෙම හැම දෙයක්ම පොත පතේ ඉඳල උන්ගෙ භාසාවෙන් තියනවා, ඔය විදියට හරි සිංහල ඉස්සරහට එනවා නම් ඒක ලොකු දෙයක් .........

    ReplyDelete
  12. @ Samitha - නැතුව නැතුව..ආතල් ලෝකයයි ;) ;)

    @ නදී අක්කා - ඒක නම් ඇත්ත අක්කේ..මොනවා උනත් ඉතින් අපේ මව් භාෂාව නේ..මම නම් බ්ලොග් ලියන්න අරන් තාම පොඩි කාලයයි නේ..මම නම් සිංහලෙන් බ්ලෝග්කරන එකට අලුත් :)

    @ මලියා - පිස්සුද කියලත් අහනවා..හි හි මේ සෙම්ස්ටර් එකේ වැඩ පටන් ගන්නකන්නේ ;)

    ReplyDelete
  13. @ දුකා අයියා - ඒකනම් තමා ගැජමැටික් එක අයියේ.. ඔන්‍න‍ බුකියට ඇඩ් නොකර එහෙම ඉන්න එපා... ;)
    අනිත් එක බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවීත් ගියාට.. :)

    @ පන්සල් හංදිය - මමත් ඔය දකුණු කොරියාවේ සීන් එක නම් අහලා තියෙනවා..අපේ භාෂාවට ලැබිලා තියෙන ගැන නම් ඉතින් හරි දුකයි තමා..බලමු ඉතින් ඉස්සරහටවත් වෙනස් වෙයිද කියලා..
    මේ පැත්තේ ආවට ස්තුතියි :)

    ReplyDelete
  14. ඉංග්‍රීසියෙන් කුණුහබ්බයක්වත් හරියට ලියාගන්න බෑ නේ බන්.ඒකේ නියම රසය එන්න නම් සිංහලෙන්ම ලියන්න ඕනේ

    උඹ ඇතුලු උඹලගේ සෙට් එකේ එවුන් ඒක තේරුම් ගත්ත බව පේනවා සමහර කමෙන්ට් මකලා තියෙන එකෙන්. :D

    ReplyDelete
  15. දැන් ටික ටික සිංහල ඉස්සරහට එනවා. ඉස්සර සමහර සයිට් වල රෙජිස්ටර් වෙනකොට ලංකාව ලොවෙත් හොයාගන්න නෑ. ඒත් දැන් එහෙම නෑ. සිංහල ෆයර්ෆොක්ස්, හන්තාන ලිනක්ස් වගේ දේවල් හොද උදාහරණ. ඒ වගේම සිංහලෙන් බ්ලොග් ලියන එක...මේවා ගොඩක් උතුම් වැඩ.

    ReplyDelete
  16. ආහ්..... දුකා අයියත් ඇවිත් තියෙන්නේ. අළුතෙන් බ්ලොග් ලියන කෙනෙක්ට දුකා අයියා මාරම සපෝර්ට් එකක් දෙන්නේ. අපිත් ඉතින් දුකා අයියගේ අඩිපාරේ යන උදවිය නේ. :)

    ReplyDelete
  17. සිරා කතාව පාල ;)
    @ චාම් - පොඩ්ඩ පොඩ්ඩ හරි ඉතින් සිංහල ඉදිරියට එනවනම් ඒක කොච්චර හොද දෙයක්ද..
    @ මධුරංග අයියා- ඒකනේ දුකා අයියත් මේ පැත්තේ ආවනේ :)
    අනිවා ඉතින් අයියලත් ඒ වගේ සප් එකක් අපිට දෙනවනේ

    ReplyDelete
  18. බ්ලොග් ලියන්න ආපු දවසේ ඉදන් මට සින්ග්ලිශ් ටයිපින් කෙලවෙලා කොහෙන් ගියත් සිංහලෙන්මයි ටයිප් වෙන්නේ හදිස්සියට සිංග්ලිශ් ටයිප් කරනකොට ගොඩක් වෙලාවට සිංහල ටයිප් කරන විදිහට ටයිප්වෙන්නේ ඇත්තටම දැන් සින්ග්ලිශ් කියවන්නවත් හිතෙන්නේ නෑ....

    ReplyDelete
  19. සිංහල රටේ සිංහලෙන් වැඩ කරන එක අපේ අයිතියක්... ඒ අතින් සහෝ යාළුවන්ට ඔය ගැජට් එක හඳුන්වා දිලා කරගත්තේ ලොකු පිනක්...! ජය !!!

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!