Saturday, June 18, 2011

මයික්‍රෝසොෆ්ට් Exam නොමිලේම කරන විදිය



හරි ඔන්‍න‍ අද මම අර මයික්‍රෝසොෆ්ට් Exam  නොමිලේ ඉල්ලුම් කරන්න ඕන විදිය කියන්න හදන්නේ.මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ වැඩේ කරගන්න නමි මුලින්ම කරන්න ඕන තමන්ගේ වින්ඩෝස් ලයිව් මේල් එකෙන් මයික්‍රෝසොෆ්ට් එකට මේල් එකක් යවලා , මයික්‍රෝසොෆ්ට් Dreams Park Code එක ඉල්ලුම් කරන එක.
මෙන්න මෙතනට කොටලා අදාළ දේවල් ට්ක පුරවන්න.

ඉල්ලුම් කරන කොට වැදගත් දේවල්


Which DreamSpark product are you referring to? කියන එකට දාන්න Microsoft Visual Studio වගේ එකක්.
ඊළඟට What is the subject of your question or comment? එකට දාන්න Requesting Dreams Park වගේ එකක්.
ඊළඟ පියවර තමා Question or comment එක පුරවන එක.එතනට දාන්න , " ඔයා මයික්‍රෝසොෆ්ට් Exam එකක් කරන්න ඉන්නවා......" වගේ දෙයක්.ඊළඟට  දාන්න ඔයාගේ ඊමේල් එක.මතක ඇතිව ලයිව් එකේ ඇඩ්රස් එක දාන්න.එකක් නැත්තම් ඉතින් හිත හිත ඉන්නැතිව මෙතනට ගිහින් එකක් හදාගන්න.


දැන් ඉතින් කරන්න තියෙන්නේ මයික්‍රෝසොෆ්ට් එකෙන් ප්‍රතිචාරයක්‌ එනකම් ඉන්න එකයි.බය නැතිව ඉන්න පැය විසි හතරක් යන්න කලින් ප්‍රතිචාරයක්‌ එනවා.

ඉතින් ඒ එන රිප්ලයි එකේ තියෙනවා ඔයාගේ එක පාරක් විතරක් පාව්ච්චි කරන්න පුළුවන් Dreams Park Code එක සහ  ඔයා ඊළඟට කරන්න ඕන දේවල් ටික. ඊමේල් එකේ තියෙනවා Dreams Park Code එක activate කරන විධි දෙකක්.කැමැති එකකින් යන්න.ඔය ටික කරගෙන යනකොට ඔයාලට ලැබේවි Exam Voucher code එකක්.

ඊළඟට තියෙන්නේ Prometric වෙබ් එකට ගිහින් ඔන්ලයින් රෙජිස්ටර් වෙන එක ඔයාලට Prometric account එකක් එහෙම දැනටමත් නැත්නම් ඒකටත් මේ ගමන්ම හදා ගෙනම ගියානම් වැඩේ පහසුයි..වෙබ් අඩව්යට යන්න මෙන්න ලින්ක් එක.  ඔතන තියෙන Start එක ක්ලික් කරාම අපිට පුළුවන් exam එක කරන දවස, තැන,වෙලාව, අදාළ exam එක එහෙම තීරණය කරන්න.අන්තිම හරියේ එනවා exam fees ගෙවන්න අන්න එතැනදී තෝරන්න තියෙන්නේ Exam Voucher කියන එක.ඊට පස්සේ අපිට මුලින්ම ගත්තු Voucher code එක එතනට ඇතුළු කරන්න තියන්නේ.ඊට පස්සේ එක වලංගු එකක්ද කියල බලනවා.බය වෙන්න එපා code එක වලංගුයි. :D 

ඔක්කොම අවුලක් නැතුව කෙරුනනම් ඔයාට ඊමේල් එකක් එන්න ඕන.ඔයා තෝරපු exam එක, වෙලාව, තැන, දිනය එහෙම සදහන් කරපු.ඊට පස්සේ ඉතින් දෙය්යනේ කියල exam හොදට කරගන්න එක තමා කරන්න තියෙන්නේ. ;) ;)

මොනවා හරි අවුලක් එහෙම තිබේනම් කියන්න.ඔයාලගේ ප්‍රතිචාර ගොඩක් වැදගත්.එහෙනම් හොදට exam එක කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

9 comments:

  1. මොකක්ද බන් මේ exam එක?

    ReplyDelete
  2. මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන ලබන ඕනෑම exam එකක් කරන්න පුළුවන්.. :)

    ReplyDelete
  3. මේ ක්‍රමය තාමත් වලංගුයිද ??

    ReplyDelete
  4. ඔව් ගීත් මේ ක්‍රමය තාම වලංගුයි.හැබැයි මේ මාසේ 31 වෙනි දා වෙනකන් විතරයි.සමහරවිට ඊට පස්සෙත් ටික කාලයකට මේ ක්‍රමයට දිගුවක් ලබාදෙයි.හැබැයි ඉතින් ඒවා ෂුවර් කරන්න බැහැ.කෝකටත් ඉක්මනටම කරන එක තමා හොදම දේ :)

    ReplyDelete
  5. ස්තුතියි දැනුවත් කළාට , ඒවගේම මගේ සොඳුරු සුව අසපුවට නිතර ගොඩවදිනවාට...

    ReplyDelete
  6. onna danna kattiyata kivva !!! vade ela....

    dan uba mokkda karanna hitan inna exam eka ???

    ReplyDelete
  7. @ Mahesh - බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.පුළුවන් හැම වෙලාවෙම සුව අසපුවට ගොඩ වෙනවා. අපිව දැනුවත් කරන එකට නම් ගොඩක්ම පින් :)

    @ Yaka - අන්න ඒක තමා ප්‍රශ්නේ..කරන මොක උනත් ඉක්‌මනටම කරන්න ඕන

    ReplyDelete
  8. මේ ලිපිය ගොඩක් වටිනවා. මයික්‍රොසොෆ්ට් එකේ එග්සෑම් එකක් නොමිලේ කරගන්නම් පුලුවන් කියන්නේ ඔයිට වඩා තව මොනාද ඕනේ. ඒනිසා අදම ඇප්ලයි කරලා බලන්න ඕනේ. තෑන්ක්ස් මල්ලි දැනුවත් කලාට.

    ReplyDelete
  9. හොඳ දැනුවත් කිරීමක් ........

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!