Monday, August 22, 2011

ශ්‍රී ලංකා රොක්ස්

අවංකවම කතාකලොත් අපේ රට නම් මාරම මාර සිරා රටකි.මේ රටේ වෙන දේවල් මේ ලෝකේ වෙන කිසිම රටම සිද්ද වෙන්නේ නැතුව ඇති. සින්දු කියන මන්ත්‍රීලට , ආණ්ඩුකාරවරුන්ට මන්ත්‍රී නළුවන්ට අමතරව අපේ රට තවත් අමුතු අමුතු,අප්සට් දේවල්වලින් පිරි ඉතිරි තිබේ.

මේ ඒ වගේ අප්සෙට් දේවල් ටිකක්. . . 

1.රේඩියෝ එකකින් සින්දුවක් ඉල්ලන කෙනෙක් සින්දුව ඉල්ලනවට අමතරව තමන්ගේ හත්මුතු පරම්පරාවෙම අයෙගේ නම් කියන්නේ ඇයි. ? 
මොකද ඒ කට්ටියත් ඒ වෙලාවේ සින්දුව අහන්න රේඩ්යෝ එක ළගට එනවද ?

2. බස්වලට යන්න වෙනම ලේන් එකක් පාරේ ඇදලා තියෙද්දී ඇයි බස් ඒ තීරුවේ යන්නේනැතුව පාරේ හැම තැනම යන්නේ ?

3.අපි කන බොන දේවල් පාරේ / පදික වේදිකාවේ කිසිම ආරක්ෂාවක් නැතිව විකුණනකොට , සෙරෙප්පු / සපත්තු වායු සමීකරණයකරපු කාමරවල තියාගෙන විකුණන්නේ ඇයි ?

4.දාන දාන හැම මැච් එහෙකදිම ලකුණු ලබාගන්න බැරි පිතිකරුවොන්ටම ,ඇයි තව දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නකොටත් තව තවත් අවස්ථාවන් ලබා දෙන්නේ ?

ඉතින් බලමුකෝ ඒ ටිකෙත් හැටි නේද....ඔන්න තව අප්සෙට් දේවල් තිබ්බොත් අටපට්ටමට කියන්න ඕනේ..

මේකේ තිබ්බ සමහර අප්සට් දේවල් මම මිට කලින් කෝපි කඩේ තිබ්බ මෙන්න මේ පොස්ට් එකේදිත් දැක්කා.


21 comments:

  1. අනේ කොල්ලෝ..ඔය වගේ මල සමයම් කොච්චර නම් මේ රටේ තියෙනවද..කතා කරල වැඩක් නෑ!

    ReplyDelete
  2. කියලා වැඩක් නැත....

    ReplyDelete
  3. පිලිතුරු සැපයීම,
    1. හිහ් ... හිහ් .....මලයා දන්නෙ නැද්ද සිංදුව ඉල්ලන්න කලිං කතා කරන කෙනා තමන්ගෙ හත්මුතු පරම්පරාවම දැනුවත් කරලා ඉන්නෙ ඔන්න මම දැන් සිංදුවක් ඉල්ලනවා කියලා. මැරිච්ච උන්ට කියන්න පුලුවන් නම් උන්ටත් කියනවා .....

    2. ඇයි දෙයියනේ එහෙම නොගියොත් කොයින්ද ඇක්සිඩන්ට්, ලංකාවේ ජනගහණය ගැන හිතලා තමා එහෙම යන්නෙ .....

    3. ඒකවත් දන්නෙ නැද්ද කෑම අද කෑවා හෙට උදේට ගියා, සෙරෙප්පු, සපත්තු ඒ වගේද කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද ......

    4. එහෙම නොදුන්නොත් අපේ පරණති දේශපාලකයින්ගෙයි, අනිත් අදාල පුද්ගලයින්ගෙයි කකුල් මිරිකන්නෙ කවුද ....

    ඔය පිලිතුරු සාධාරණ වුවත් නැතත් සෑහීමකට පත්විය යුතුමය.

    ReplyDelete
  4. හික් හික්.... මේ පෝස්ට් එක දැකලද කොහෙද අර පිතිකරුව අද නෑ කියන්නේ.. මම මේ ගැන තනිකර පෝස්ට් එකක් දාන්නයි හිතන් උන්නේ...

    ReplyDelete
  5. 1.කතා කරන එකාට පම්පෝරි ගහන්න ආසා නිසා
    2.ටයිම් කිපර්ලා උදේ සිට හැන්දැව වන තෙක් සිටින තුරා පමණයි ඕක වෙන්නේ
    3.කන බොන ඒවා අපේ පොළොවෙන් සපත්තු සෙරප්පු ඉම්පෝර්ට්ඩ් කරන ඒවා නිසා
    4.පන්දමක් කවුරුන් හෝ අත එතන ඇති නිසා

    මේ ලෝකේ හැම දේටම හේතුවක් ඇතේ .......

    ReplyDelete
  6. මේකයි..ඔය ඔක්කොටම හේතුව මේ ලංකාවනේ යාලු...හික්ස්..
    වැඩිය ඕන් නෑ
    "ඉගන ගන්න කියලා ගිහින් වැඩිපුරම ගෙදර ඉන්නේ මොන රටේද..."(අපේ රටේ එහෙම නෙවෙයිනන් ඕන් කමන් නෑ ඉතින්)

    ReplyDelete
  7. හ්ම් ලංකාවේ මිනිස්සු ඒ කියන්නේ අපි...කවදාකවත් හදන්න බෑ...ටිපිකල් ශ්‍රි ලංකා

    ReplyDelete
  8. ඇත්තෙන්ම ටිකක් නිවී හැනහිල්ලේ හිතුවම කොයි තරම් මේ වගේ සිදුවිම් තිබෙනවාද ? හොඳ පෙළඹවිමක් ?

    ReplyDelete
  9. ඕවා ගැන හිතන්න ගියොත් බන් අපිට ජිවත් වෙන්නත් බැරිවෙනවා ඔය දේවල් ගැන නොහිතා ඉමු

    ReplyDelete
  10. මටත් හිතා ගන්න බැරුව හිටියේ බන් මේ සින්දු ඉල්ලනකොට හත් මුතු පරම්පරාවම කියන්නේ ඇයි කියලා.........
    සිරාවටම ඇයි බන් එහෙම කරන්නේ?

    ReplyDelete
  11. ලඟදීම උඹ දේස දොරෝහී ලිස්ට් එකට වැටෙන බව මට පෙනවා . . කොල්ලෝ . .

    මේ වගේ දේවල් පේන්න පටන් අරගෙන ඊලඟට පේන දේවල් කියන්න ගත්තු ගමන් උඹ අර කිව්ව ලිස්ට් එකට වැටෙනවා.

    (උදාහරණයක් විදිහට රට බේර ගන්න ජීවිතේ පරදුවට තියලා සටන් කරපු සරත් ෆොන්සේකා හිරේ ඉන්නකොට දළදා මාලිගාවට බෝම්බ ගහන්න සංවිධානය කරපු, පොලිසියේ 600ක් අමු අමුවේ මරන්න ඕඩර් දුන්නු කරුනා අම්මාන් පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද වගේ ඒවා හිතෙන්න ගත්තොත් උඹට බඩුම තමා කොල්ලෝ)

    ReplyDelete
  12. ඕවට ඉතින් මල්ලි කාගාවද උත්තර තියෙන්නේ. ගොඩක් අය මේක ලංකාවනේ කියලා ෂේප් වෙයි.

    ඒත් ඒක ප්‍රශ්නෙට නියම උත්තරේ නෙමෙයි නේ.

    ReplyDelete
  13. දුකා අයියා කිව්ව කතාව ගැන හිතුවොත් නම් ඉවරම තමා

    ReplyDelete
  14. @ වජිරදේවි & @ Blog Gadol - කියලා වැඩක් නැත..පෙරදිග (අ)මුතු ඇටේ නේ ;)

    @ පන්සල් හන්දිය - හි හි පිළිතුරුවලින් සෑහිම්කට පත්විය හැක... :D

    ReplyDelete
  15. @ මාතලන් - දාමු දාමු බලන්න පොස්ට් එක අදාළ පුද්ගලයා ගැන ;)

    @ ෴ වේලාව ලගයි ෴ - හිකිස්‌..හැම දේකටම පැහැදිලි කිරීමක් තිබේ..." හේතුපල දහම "

    ReplyDelete
  16. @ අසනි - මට ඒ ඉගෙන ගන්න ගිහින් ගෙදර ඉන්න සීන් එක අමතක උනානේ...ඇඇත්ත තමයි මොන රටේද එහෙම වෙන්නේ

    @ පිස්සු පුසා - ආයිත් අහලා , ටිපිකල් ශ්‍රී-ලංකා

    ReplyDelete
  17. @ මහේෂ් අයියා - නිවී සැනසිල්ලේ හිතුවම තව ඔයවගේ එව්වා ගොඩක් මතක් වෙනවා :)

    @ දේවා - ඒක ඇත්ත බන් , අපේ ඔලුවත් නරක් වෙනවා !!

    ReplyDelete
  18. @ දුකා අයියා - බුදුඅම්මෝ දැන් මාවත් සුදු පාට වෑන් එකක අරගෙන යයිද දන්නේ නැහැ..

    මාව දැනටමත් අර ලිස්ට් එකට වැටිලද දන්නේ නැහැ.. :D

    ReplyDelete
  19. @ rachi - සින්දු ඉල්ලද්දී කේස් එකනම් මටත් තාම හිතාගන්න බැහැ , මොන අටමගුලකට හැම එකාගෙම නම් කියනවද කියලා...

    @ මධුරංග අයියා - හ්ම්ම්..උත්තරේ නම් නෙවෙයි තමයි , ඒ උනාට ඉතින් දෙන්නේ වෙන්නෙත් ඒ උත්තරේම තමා නේද

    @ deeps - හික් හික්...මාත් මේ ඒක ගැන තමා බයේ ඉන්නේ ;)

    ReplyDelete
  20. උබව සුදුවෑන් එකකින් උස්සයි බොල තවත් මොකුත් නොකියා හිටු....

    ReplyDelete
  21. ඔය වගේ මල කෝලං වැඩ ලකාවේ අනන්තයි අප්‍රමානයි.... ලොලේ ලොල්ය..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!