Saturday, July 30, 2011

රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows

" අපගේ මිළග සුපිරි තරුව වන්නේ . . . .  "

මේ ටිකේම අහන්න දකින්න පුළුවන් සුපුරුදු වදනක් තමයි ඉතින් ඕක.ලංකාවෙත් ඉතින් පුදුම රියලටි ෂෝ තොගයක් නේ තියෙන්නේ.මොන නාලිකාව බැලුවත් අපරාදේ කියන්න බැහැ සති අන්තයට නම් රියලටි ෂෝ වරදින්නේ නැහැ.මගේ මතකයට අනුව නම් ලංකාවේ පටන් ගත්තු පලවෙනි රියලටි එක තමයි "සුපර් ස්ටාර්".ඒකාලේදී හිතාගන්න බැරි තරමටම ජනප්‍රියත්වයක් ඒ වැඩසටහන ලබා ගත්තා.රේටින්ග්ස් වලින් ගත්තත් ,වෙළද දැන්වීම් පැත්තෙන් ගත්තත් ලබා ගන්න පුළුවන් උපරිම ජනප්‍රියත්වය ඒ වැඩසටහන ලබා ගත්තා. තාමත් මතකයි ඒ තරගය යන කාලයේ ජන(අ)ප්‍රිය ගායකයෙක් ඉවත් උනා කියලා ගෑනු ළමයි එහෙම අඩපු හැටි. හිකිස්‌ . . ඔහොම පොඩියට පටන් ගනිපු රියලටි උන්මාදය අනිත් නාලිකාවලටත් බෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ ගොඩක් නාලිකා රියලටි කරන්න ගිහින් වැඩේ අනාගත්තා.

ලංකාවේ හැදුන ගොඩක්  රියලටි  වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol  කියන වැඩසටහන් වලින්. වෙන රටවල දී වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත්  යොදා ගත්තා.කොහොම උනත් ඔතනදි මම කියපු "අභාෂය" කියන දේත් පොඩ්ඩක් විතර කොන්දේසි වලට යටත් වෙනවා.මොකද කියනවනම් ඇමෙරිකාවේ පවත්වපු තරග වලදී භාවිතා කරපු දැවැන්ත වේදිකා , උසස් තාක්ෂණය, වෙනස් වෙනස් කැමරා කෝණ වගේ දේවල් මුල් කාලයේ තිබ්බ රියලටි ෂෝ වල තිබ්බේ නැහැ.මගේ අදහස තාමත් තාක්‍ෂණය සහ වේදිකාවන් කියන කාරණා ගත්තොත් දෙරණෙන් කරන රියලටි ෂෝ එක ඉදිරියෙන් ඉන්නවා.

කොහොමහරි ඔය තරගවල තියෙන පොදු ලකෂනයක්ද මන්දා ජයග්‍රහණය කරන කෙනා ට වඩා තරගය තුලදී ජනප්‍රිය නැත්නම් ඉස්මතු වන වෙන කෙනක් ඉන්නවා.American Idol ගත්තත් ලංකාවේ රියලටි  ගත්තත් ඔය දේ පොදුයි.උදාහරණත් ඕනනම් මම කියන්නම් අජිත් බන්ඩාර ට වඩා ශිහාන් මිහිරංග ජනප්‍රියයි , ප්‍රදීප් රංගනට වඩා සුරේන්ද ජනප්‍රිය යි ,උදේශ් ඉන්දුලට වඩා චින්තක මලිත් ජනප්‍රිය යි. American Idol ගත්තොත් Taylor Hicks ට වඩා Chirs Daughtry ද , Kris Allen ට වඩා Adam Lambert  ජනප්‍රියයි. දක්ෂතාවය සහ ජනප්‍රියත්වය එකිනෙකට වෙනස් කාරණා දෙකක් තමයි.හැබැයි මම  කියන්නේ උත්සාහ කරේ රියලටි වල පොදු ලක්ෂණයක්.

දැන් කට්ටිය බලනවා ඇති මම උදාහරණ ගන්නකොට ඇයි සිරස සහ දෙරණ විතරක්ම ගන්නේ කියලා.ඒකටත් හේතු තියෙනවා. මගේ පුද්ගලික අදහසක් තමයි ලංකාව වගේ රටක කරන රියලටි ෂෝ වල ගුණාත්මක බව ( සහ ජනප්‍රියත්වය ) මනින්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ අදාළ වැඩසටහන පවත්වන වාර ගනන නැත්නම් සීසන් ප්‍රමාණය.මොකද ඕනෑම නාලිකාවක් කැමති වෙන්නේ නැහැ අනුග්‍රාහකයන් නැතිව නිකන් බොරුවට වැඩසටහන් කරන්න.කප්පරක් රියලටි ලංකාවේ තිබ්බට යම්තම් සීසන් දෙකක් හරි ඊට වඩා පවත්වාගෙන යන්න පුළුවන් රියලටි කරමින් ඉන්නේ මම ඉස්සර කියපු නාලිකා දෙක විතරයි.අනිත් නාලිකාවලින් දක්ෂයන් බිහිනොවුනා නෙවෙයි, නමුත් යම් යම් හේතු මත ඔවුන්ගේ වැඩසටහන් අසාර්ථකයි.

තව හේතුවක් තමයි ඔය නාලිකා දෙකෙන්ම තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න "ගොන්-පාට්" දාන්නේ නැහැ.උදාහරණ ඉතින් කියන්න ඕනෑ නැහැනේ.

තවත් එකක් තියෙනවා , මේක නම් මගේ යාලුවෙක් ගේ අදහසක්.මම 100 % එකග නැහැ.හැබැයි වැරැද්දක් කියන්නත් බැහැ. එයා කියෙන්නේ තමන්ගේ වැඩසටහන ජනප්‍රියනම් බය නැතිව අවසාන මහා තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ තියන්න පුළුවන්කම තියෙන්න ඕනලු.ගොඩක් සෙනගක් දාන්න පුළුවන් දැනට තියෙන එකම තැන එහේ විතරනේ.ඒ තර්කෙට අනුව බැලුවත් සුගතදාස ක්‍රීඩාංගනය පිරෙන්න සෙනග ගෙනල්ලා රියලටි ෂෝ කරලා තියෙන්නෙත් මම කලින් කියපු නාලිකා දෙක විතරයි.

ඔය මොන නාලිකාවලින් හරි එක එක විදියට තරු හැදුවත් ඔය බබලන තරුවලින් ගොඩක් කට්ටිය උල්කාපාත වගේ බිමට කඩන් පාත් වෙනවා.ඒකටත් ඉතින් හේතු එමටයි.හැම ආධුනික ගායකයෙක්ම ගායනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය අයගේ ගීත.ඉතින් ඔය කට්ටියට SMS යවන්නේ එයාල ගීතය කියනවටත් වඩා මුල් ගීතයට/මුල් ගායකයාට තියෙන කැමැත්තට.ඉතින් කවදා හරි තමන්ගේම කියලා ගීතයක් ඉදිරිපත් කරාමත් මිනිස්සු හිතන්නේ " මෙයාට මේ වගේ සින්දු කියන්න බැහැ..මෙයාට අරයගේ සින්දු නම් ලස්සනට කියන්න පුලූවන්" වගේ දෙයක්. නම් නොකිව්වට දැන් ඔයාලගේ හිතට ඕනෑ තරම් උදාහරණ එනවනේ. ඔය දෙයින් මිදිලා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ජෝතිපාල ගේ සින්දු ලස්සනට කිව්වා කියලා ජෝතිපාල වෙන්නත් , රූකාන්තගේ සින්දු ඒ වගේ කිව්වා කියලා තවකෙනෙක්ට රූකාන්ත වෙන්නත් බැහැ.

මේ ඉදිරි කාලය ලංකාවට ගොඩක් තරු පායන්න ඉන්න කාලයක්නෙ.ඔය පායන්න ඉන්න තරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ උල්කාපාත නොවී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරු වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.හැබැයි එහෙම නොවුනා කියලා ඔය මොන නාලිකාවක්වත් තමන් කරන රියලැට් ෂෝ නවත්වන්නෙවත් , ප්‍රේක්ෂකයො ඕවා බලන ඒක නවත්වන්නෙවත් නැහැ.ඒකනම් සියයට දෙසීයක් විශ්වාසයි.

ප.ලි -ටෙම්ප්ලේට් එක ටිකක් වෙනස් කරා ඒක අවුලක් නැහැ කියලා හිතනවා.

32 comments:

  1. රියලිටි වැඩසටහන් සංකල්පය අපේ රූපවාහිනි කලාවම අරක් අරන්..ඉවරයි..ඒත් තියෙන ප්‍රශ්නය කරන්නන් වාලේ කරන්නට ගොස්, තම ආයතන පවා විකුනන්නට වෙන තත්වයට පත් වන තුරුම යතාර්තය අවබෝධ නොවීමයි..

    කොතෙක් කතා කරත්,අද රියලිටි වැඩසටහන් වල එදා තිබුනු නැවුම් බවත් එක්කම..ඒ සදහා දරණ ප්‍රයත්නය පවා අඩු වෙලා ඇති බවනම් හොදින්ම පෙනි යන්නවා.. දෙරණ ආයතනය ඒ අතරින් ඉදිරියෙන් ඉන්න බවට මගෙත් පෞද්ගලික විශ්වාසයක් තියෙනවා.නමුත් තරු පිට තරු වහින්න යෑමේ ප්‍රතිඵලයක් විදියට..අද තරු අසාධරන විදියට තඹේට වැටිලා බවනම් පහැදිලිව පේන කරුණක්..

    කෙසේ වෙතත් තරුවකට තරුවක් වෙන්න උදව් කරනව විනා.. තරු පෑව්වාටම මදි කියන එකයි මගේ මතයනම්.

    තත් කාලීන නිමිත්තක් යාලු කතා බහට අරන් තියෙන්නේ..නියමයි..

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම ලංකාවට හරි හෝ වැරදි අලුත් දෙයක් ගේන්නේ සිරස තමයි.
    මමත් ඔය සුපර් ස්ටාර් සීසන් එක දෙක එහෙම ආසාවෙන් බැලුවා.
    හැබැයි ඔය සිරස පටන් ගත්ත මෙගා වලට නම් මම විරුද්ධයි.
    මොනවා වුනත් ඔය ස්ටාර් තරග වලින් බිහි වෙන තරු උල්කාපාත වගේ කඩන් වැටෙන කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
  3. අදත් ෆයිනලයක් තියනව මයේ හිතේ .. කැමරා කෝණ හා වේදිකාවෙන් නම් දෙරණ තමයි අංක එක , වැඩසටහනේ ජනප්‍රියතාවයෙන් නම් සිරසේ පලවෙනි වැඩසටහන් 2 තමයි ඉහලින්ම තියෙන්නේ , දක්ෂතා බැලුවත් එන්න එන්නම අඩු වෙන බවක් තමයි පේන්න තියෙන්නේ . මාකටින් පැත්ත අප්සෙට් ගියත් ජාතික රූපවාහිනියේ රජත රශ්මිය වැඩසටහනෙත් මාර දක්ෂ පොවල් ටිකක් හිටියා

    ReplyDelete
  4. අපො දැන් බලාගෙන ගියාම හැම චැනල් එකේම රියලිටි ශෝ එකක් හරි දෙකක් තියෙනවානම්යි නේ. ඉස්සර නම් ඔහොම නෑ. ඔය ඉතින් පිටරටින් එක දේවල් නේ.

    මොනා කරන්නද අපේ මිනිස්සු එන හැමදේම ඉස් මුදුනින්ම පිලිගන්න ජාතියක් වෙච්චි කොට.

    මොනදේ ටීවී එකේ පෙන්නුවත් අපි අපිට ඕනදේවල් බෙදා වෙන් කරගෙන බලනවනම් තමයි වඩාත්ම හොද !!!!

    එක රැයකින් ජනප්‍රිය වෙන උන්දෑලා එක රැයකින්ම බැහැලා යන එකනේ වැඩේ !!! හික්ස් :)

    ReplyDelete
  5. අම්ම මුත්තා කිව්වත් මටනම් ඔය රියලිටි කියන ඒවා අරහන්. මොකද ඕවගෙන් කරන්නේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි ටික වියදම් කරවලා තම තමුන් පෝසත් වීමක් හෙවත් හැදීමක්. මගෙත් හිටියා එක යාලුවෙක් ලංකාවේ ඔය කියන එක ප්‍රසිද්දම වැඩසටහනක් හරහා සුපර් ස්ටාර් කෙනෙක් උන. පුදුම විදියට වියදම් කරන්න වෙනවා ඒ මිනිස්සුන්ට. සිම් කාර්ඩ් ගන්න එස්.එම්.එස් යවන්න. අයිඩෙන්ටි කාර්ඩ් එකතු කරව්වේ ඒ දවස්වල හරියට 88 89 කාලේ වගේ. එක කරේ ඌ විතරක් නෙවේ. ඒ හැම එකම එහෙමයි. උගේ වාසනාවට ඌ දිනුවා. දිනුවේ නැත්තන් ? එස්.එම්.එස් එකක් රුපියල් 2 විතර වැඩි මේ නම්බර් වලට. ඉතින් මේ වැඩි සල්ලි යන්නේ කාටද? කව්ද එකෙන් පෝසත් වෙන්නේ? ශිහ්... මටනම් වහ වගේ ඔය කෙහෙම්මල් රියලිටි ෂෝ..

    ReplyDelete
  6. ටෙම්ප්ලීට් එක චෝයි.. ළස්සනයි.... අද දෙර්ණ ඩ්‍රීම් ඉස්ටාර්... ඉන්න තුන් දෙනාම ටැලන්ටඩ්.. බිහිවෙච්ච දක්ෂම දෙන්න තමයි.. සුරේන්ද්‍ර සහ උපේඛා.. මාරම කට හඬවල් දෙකක්.. ගඟ අද්දර ගායනා කරන් කොට මට ඇඬෙනව....

    ReplyDelete
  7. ඇත්තටම මම අනිත් නාලිකාවල රියලිටි ශෝ බලලා නම් නැ අඩුම තරමේ ෆයිනල් එකවත් බලන්න උනේ නැ.... එත් සිරසේ ගිය ඒවා ටික නම් බැලුවා... එත් ඇත්තටම හතු පිපෙනවා වගේ ඒවා ඇතිවෙන්න ගිය නිසා ඒවාගේ තියන ජන ප්‍රිය තාවෙත් ටිකක් අඩු වෙලා වගේ කියලා මට හිතෙනවා.....
    කොහොමත් සුපර්ස්ටාර් වෙන කෙනට වඩා තරගේ ජනප්‍රිය වෙන කෙනාට පැවත්මක් තියන්වා..කියලා මම නම් හිතනවා

    ReplyDelete
  8. මම නම් රියැලිටි බැලුවෙ සුපර් ස්ටාර් 1,2 විතරයි. ඊට පස්සෙ එපාම වෙලා ගියා. මට අල්ලන්නෙම නැති දේ තමයි මුල් වට වල අහිංසක තරඟකරුවන්ව නෝන්ඩි කරලා අයින් කරන එක. පව්! මුළු අනාගතයටම ඔය සිද්දිය බලපානවනෙ? මගෙ යාලුවෙකුත් ඔහොම නෝන්ඩි කරලා අයින් කලා සුපර් ස්ටාර් එකෙන්. පොර එතකොට සංගීත් විශාරද.

    ReplyDelete
  9. උඩුගං බලා ගිය ශ්‍රී ලංකාවේ රියලිටි කලාව ආපහු අපස්සට ඇද්දේ මිනිස්සුන්ට එපා කෙරෙව්වේ ස්වර්ණවාහිනිය තමයි..ඒ දවස් වල ඔය නාලිකාවේ තිබ්බ කොලිටියට මොනා උනාද කියල හිතා ගන්න බෑ!

    ReplyDelete
  10. කියන්න දෙයක් නෑ.මම බලන්නෙ නෑ.

    ReplyDelete
  11. ම්ම්ම්ම්ම්.....දෙරණ ඩ්‍රීම් ස්ටාර්,සිරස සුපර් ස්ටාර් මම බලලා තියනවා.අදත් එකක් තියන්වනෙ බලන්න ඕනෙ...ඒ නාලිකා දෙක කරන වැඩසටහන් ඇත්තටම විකාර නැතුව අහුගානෙ බලන්නත් පුලුවන්...සමහර නාලිකා මිනිසුන්ට එපා කලා රියලිටි වැඩසටහන්...

    ReplyDelete
  12. අප්පා මම ආසම නැති දෙයක්නේ ඕක.වැඩක් නැහැ කතා කරල ඔය ගැන.මොනවා උනත් ඇත්ත කියලා තියෙන්නේ.එල එල

    ReplyDelete
  13. @ අසනී - ඒක ඇත්ත අසනී , රියලැටි කියන එකත් වෙනමම කලාවක් නේ.ඒක උනත් හරියට කරන්නේ කීයෙන් කී දෙනාද ..
    ඔයා කිව්වා වගේ එකිනෙකාට උදව් කරගෙන ලංකාවේ සංගීතයටක් යමක් කරනවා නම් තමයි හොද..
    තරු වැඩි වෙලා හින්දද මන්දා තරු දැන් සතේට ගණන් ගන්නෙත් නැහැ..
    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට අසනී :)

    ReplyDelete
  14. මම හිතන විදියට ජාත්‍යන්තර රියැලිටිය තරඟ බිමට ගෙනාවේ සිරස, දෙරණ ගුණාත්මක භාවය අතින් හොඳ වුනාට දෙරණ ජාත්‍යන්තර රියැලිටියට වඩා තමන්ගේ තරඟකාරයාව මොන ක්‍රමයෙන් හරි පහත දාන්න බලන්නේ, මේකට පහු ගිය සීසන් වල ප්‍රචාරණයට යොදා ගත්තු පාඨයන් ගත්තොත් හොඳ වැටහීමක් ගන්න පුළුවන් වෙයි,මම හිතන විදියට නම් ජාත්‍යන්තරයෙන් හොඳ දේ අරගෙන අපිට ගැලපෙන රියැලිටි කලාවක් හදා ගන්නවා මිසක් හුදු තරඟකාරිත්වයකට ප්‍රතිවාදියා කරන කරන දෙයම ඊට වඩා හොඳින් කළයි කියලා පෙන්නලා වැඩක් නෑ, ස්වර්ණවාහිනිය ගැන නම් කියන්නම දෙයක් නෑ, රියැලිටිය විනාශ වුන තැනක්.

    ReplyDelete
  15. @ චාලි - සිරා කතාව..ආරම්භය සිරසෙන් තමයි ( හොද දේවල් සහ නරක දේවල් දෙකම ),මටත් ඔය සිංහල ඩබ් කරලා පෙන්නන හින්දි ටෙලි එහෙම පෙන්නන්න බැහැ...

    @ බුවා - ඔව් ඔව් අදත් ෆයිනලයක් තියෙනවා...ඒකත් හේතුවක් උනා මේ පොස්ට් එක දාන්න..රූපවාහිනි එකෙන් ආපු අයත් මාර දක්ෂයි , හැබැයි දැන් කාටවත් මතක නැහැ..එහෙම උනේ නාලිකාවේ ප්‍රෝමොට් කිරීමේ අවුලක් කියලයි මම නම් හිතන්නේ..

    ස්තුතියි ප්‍රතිචාර වලට :)

    ReplyDelete
  16. @ රජිත් - ඒක ඇත්ත..කොච්චර කට්ටිය (අ)කැමති උනත් එයා තමයි ගානට මාකටින් එහෙම කරගෙන ජනප්‍රියව ඉන්නේ...එයාට පස්සේ කොච්චර අය ආවත් ඒ ජනප්‍රියත්වය ගන්න නම් කාටවත් තාම බැරි උනා.

    @ මධුරංග අයියා - ඔව් අයියේ..මොන චැනල් ඒක බැලුවත් ඉතින් රියලැටි එකක් මිස් වෙන්නේ නැහැ නේ...එන අයත් ඉතින් එක රැයින් බැහැලා යන අය.. ( උල්කාපාත ) හිකිස්‌..

    ReplyDelete
  17. @ ක්සැන්ඩර් - කවිද අප්පේ ඒ යාලුවා..ඔව් අය්යේ ඔය තරගවලට එන
    හැමෝම ඔහොම තමයි ලූ.දිනන්න ඕනනම් සල්ලි වියදම් කරන්නම ඕන.
    කෙටි පණිවිඩයක් ඉස්සර රුපියල් 2 උනාට දැන් රුපියල් 5 විතර වෙනවලු..ඇයි ඉතින් ඊට අමතරව කටවුට්,පෝස්ටර් ..අප්පා ,විකිණෙන වැඩක් තමයි ඉතින් බලාගෙන ගියාම

    @ මාතලන් - අනිවා , ඔය තරගවලින් ආපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න දෙන්නෙක් තමයි සුරේන්ද්‍ර සහ උපේඛා..

    ආ ටෙම්ප්ලේට් එක අවුලක් නැහැනේ..එච්චරයි :D :D මම හිතුවා කළු වැඩිද කියලත්...

    ReplyDelete
  18. @ දේවා - අනිවා මචෝ , ස්ටාර් වෙන කෙනාට වඩා අනික් අය ජනප්‍රියයි..දැනට තිබ්බ ඔක්කොම තරගවල උනේ ඒ දේම තමයි..

    @ විසිතුරු - මටත් ඔය මුල් වටවල කරන වැඩේ නම් දිරවන්නේ නැහැ..හැබැයි ඒ දේ කරන්නේ මාකටින් උපක්‍රමයක් විදියට.බොහොම සිල්ලර උපක්‍රමයක් , ඒ දේ නිසා විනාශ වෙන්නේ හොද දක්ෂ කෙනක් ගේ අනාගතය..හරියට ඔයාගේ යාලුවට උනා වගේ , විශාරද විභාගේ සමත් කෙනෙක්ටත් ඉතින් මුලික වටයකින් ඉස්සරහට එවන්නේ නැහැ කියන්නේ ඉතින්....අනේ මන්දා..

    ReplyDelete
  19. @ Sabith - 100% එකගයි..ඉස්සර ශ්‍රී ලාංකීය අභිමානය..දැන් ????

    @ නදීර - හිකිස්..ඔය නිකන් විනොදෙට වගේ එකක් දෙකක් බලන්න , ලේ පිරිසිදු කරගන්න පුළුවන් ;)

    @ හිතුවක්කාරී - ඒක ඇත්ත..මමත් මේ අද එක ලාවට වගේ බල බල හිටියේ..ස්තුතියි ප්‍රතිචාරයට :)

    ReplyDelete
  20. @ පිස්සු පුසා - හිකිස්...දැන් අද දවසෙම ලෙක්චර්ස් ගිහින් , කෙලින්ම නිදා ගන්නවා කියලා නේද කිව්වේ...ලොල්..

    @ චතුර - අනිවා මචන් මට ඒක මිස් උන පොයින්ට් එකක්..පහුගිය සීසන් එකේ තේමාව උනේ මොකක් හරි " තරගකරුවන් අපහසුතාවයට පත් නොකරන...." මොකක් හරි එකක් නේ.ඒ නම් බයිට් එක දුන්නේ සිරසට තමයි..හිකිස්‌...ඔව්වා ඔක්කොම තමන්ගේ වැඩසටහනට ජනප්‍රිය කරවන මාකටින් වැඩනේ.. :)

    ReplyDelete
  21. ඔය තරගවලින් ආපු සුපිරිම දෙන්නා තමයි උපේඛා නිර්මානි සහ සුරේන්ද්‍ර පෙරේරා.ඒ දෙන්නාගේ ගායන හැකියාවන්නම් ආයේ කියන්න දෙයක් නැහැ..සුපිරියි..

    හැබැයි සුරේන්ද්‍ර ලගදි නිකුත් කරපු ජෝති ගේ සින්දු ආයි කියපු ඇල්බම් එක ගැනනම් කතාකරලා වැඩක් නැහැ.ජෝතිගේ නමවත් නැහැ ඇල්බම් එකේ.ඔක්කොම ජෝතිගේ ලස්සන සින්දු ඇතුලත් ඒ ඇල්බම් එකට.

    ReplyDelete
  22. සුපර් ස්ටාර් පලවෙනි එක තමා හොඳටම නැගල ගියේ...දෙරණෙ යන අර පුංචි ළමයින්ගෙ නර්තන තරඟයත් හොඳයි...

    ReplyDelete
  23. Mata nam dan owa epa wela bun thiyenn...All realities sucks....

    ReplyDelete
  24. මම නම් ජීවිතේට බලලා නැති වැඩසටහන් ජාතියක්! ඉස්සරහට බලන්න ආසාවකුත් නැහැ...ඒක නිසා ඕවා ගැන දන්නේ නැහැ :P

    ReplyDelete
  25. අපේ පැත්තට සිරස,දෙරණ දෙකම අහු වෙන්නෙ නැ.
    අපි ඉතින් බලන්නෙ ස්වර්ණවාහිනි තමයි.මම හිතන්නේ ඒක ගැන කියන්න දෙයක් නෑ කියලයි.

    ටෙම්පල් එක හොදයි.හරිම සිම්පල්...

    ReplyDelete
  26. තට්ට අයියාAugust 1, 2011 at 9:48 AM

    අනේ මේ පණ්ඩිත වාක්‍ය කියන්නේ නැතිව ප්‍රෝජෙකට් වැඩ ටිකයි අසියින්(ග්)මන්ට් වැඩ ටිකයි කරන්න පටන් ගන්නවා....

    ReplyDelete
  27. රියැලිටි ශෝ වලින් ලංකාවේ නව පරපුරට ඇත්තෙන්ම සැලකියයුතු සේවයක් වෙනවා කියලා කියන්න පුළුවන් . ඒත් ඉතිං පනදාගෙන මහන්සිවෙලා ගොඩ යන්න මග පාදගන්න අපෙ උන්ට් ඒක රැකගන්න නම් කිසිම උවමනාවක් නැති බවයි පේන්නේ . ඉතිං හතු පිපෙන්නා වගේ ඇවිත් නැතිවෙලා යනවා . අපේ අයට ශේස්ත්‍රයට එන්න වගේම ඒක රැකගන්නත් කියලා දෙන්න වෙලා නොවැ තියෙන්නේ . නේද . . . :D

    ReplyDelete
  28. @ ප්‍රසංග - ඔව ඒක ඇත්ත මචං , පලවෙනි වැඩසටහන සුපර් හිට් එකක්

    @ Deeps - American Idol බලන්නේ නැද්ද , ඒක පට්ට නේ

    @ මී හරක් පිඩියා - ඇදෙ උබ කොහෙද බන් ඉන්නේ ,

    ReplyDelete
  29. @ තට්ට අයියා - ලොල්..පල පල

    @ සුශාන් - එක ඇත්ත අයියා , අත-හිත දුන්නට අපේ එවුන් ඒකෙන් ගොඩ යන පාටක් පේන්න නැහැ..හිකිස්‌

    ReplyDelete
  30. @ මුල් ඇනො - මට ඒ සීන් එක එච්චරම මීටර් නැහැනේ,මිනිහා ඇල්බම් එකක් කරලද..දන්නේ නැහැ බන්

    @ දෙවෙනි ඇනෝ - හි හි..ඒකත් ඇත්ත තමා

    ReplyDelete
  31. එල මචන්, නියම පොස්ට් එකක්. එත් ඔය එස් එම් එස් කෙරුවාම නම් සුවර් නෑ, උන්ට ඕනේ එවුන් තමා ඔය ස්ටාර් වෙනවා කියලා හිතෙන්නේ

    ReplyDelete
  32. එල මචන්, නියම පොස්ට් එකක්. එත් ඔය එස් එම් එස් කෙරුවාව නම් චව් වගේ, මට නම් හිතෙන්නේ උන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න උන්ට ඕනේ එවුන් කපනවා, උන්ට ඕනේ එවුන් තෝරනවා

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!