Thursday, September 22, 2011

පොලිටික්ස් + ඇඩ්වටයිසින්

කාලෙකට පස්සේ ආයිත් අපිට ජන්ද උණුසුම ඇවිත්.ජන්දයක් නැති කාලේ හරිම අමාරුවෙන් තමයි ගෙවෙන්නේ.ජන්ද නැති කාලෙට ටී.වී එකේ නිව්ස් බලන්නවත් හිතෙන්නේ නැහැ.හරියට නිකන් ටෙස්ට් මැච් එකක් වගේ.මෙලෝම රහක් නැහැ.ඒ වගේද ජන්ද තියෙන දවස් වලට, ඒ පැත්තෙන් මේ පැත්තට බනිනවා , මේ පැත්තෙන් ඒ පැත්තට බනිනවා බලන්නත් ආසයි.

ඇයි තාප්පවලට යන කලදසාව,බලන්න එපැයි ඔය ජිවිතේට දැකලා නැති ඈයෝ හිනා වෙලා ඉන්න ලස්සන.හරියට නිකන් අපිත් එක්කම හිනාවෙනවා වගේ නේ.අනිත් දවස්වලට මරණ දැන්වීමක් වත් අලවන්නේ නැති තාප්පේ මේ කාලෙට පෝස්ටර්ම වැහි වැහැලා. ඔය අලවන ඒ පෝස්ටර් වලත් අමුතු අමුතු දේවල් නේ ලියලා තියෙන්නේ.

 ***** මැතිදුන් අපිට දායාද කල හිතවතා 
අප්පොච්චියේ අපි දන්නා විදියට එතුමන්ට හිටියේ ළමයි දෙන්නයි නේ , එතකොට මේ හාදයා කවුද ? ඇරත් ඉතින් මේ වගේ දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හරිද මං අහන්නේ.නෝනා මහත්තයා දැක්කොත් මොනවා නොහිතයිද.

ඇත් රෑනේ - සිංහයා
තවත් මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ නේ.අනික ඉතින් ඇත්තු ගොඩේ කොහෙන්ද සිංහයෝ ?

මේක තිබුනේ ඔය අපේක්ෂකයෝ බෙදලා දෙන කොලේක , අර ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා බෙදන්නේ
....මම උසස් අධ්‍යාපනය ලැබුවේ රුපලාවන්‍ය සම්බන්ධයෙන් ඉන්දියානු විශ්ව විද්‍යාලයකිනි..
විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබුවා කියන එක නම් කියන්න ඕන හරි ඒක අපි පිළිගත්තා කියමුකෝ.ඒත් ඉතින් මහජන සේවය කරන්න එන කෙනෙක්ට රුපලාවන්‍ය උපාධියක්‌ මොකටද ?.එක අතකට ඉතින් මහජනයා ඉදිරියට වැරදිලා හරි යන දවසකට ලස්සනට යන්න ඕන නේ , ඒ හින්දාද දන්නෙත් නැහැ.

ජන්දේ ඉල්ලන තව කෙනෙක් බෝධි පුජා ගාථා තියෙන පොතක් පහුගිය පෝය දවසේදී අපේ පන්සලේදී බෙදලා දුන්නා.මුලින් කිව්වේ නම් තමන්ගේ නැති උන මව්පියන්ට පිං පමුණුවන්න තමයි මෙහෙම කරන්නේ කියලා ඒත් බැලින්නම් පොත ඇතුලේ ජන්දේ ඉල්ලන කෙනා දත් තිස් දෙකම පෙන්නගෙන හිනා වේගෙන ඉන්නවා.පිටුවෙන් පිටුවට තමන්ගේ ජන්ද අංකයත් මුද්‍රණය කරලා.

ඉතින් බලන්න මේ වගේ සත්ගුණවත් , ප්‍රතිපත්ති ගරුක අපේක්ෂකයන්ට නේ අපි ජන්දේ දෙන්නේ.ඉතින් අපේ රට දියුණු වෙන එක අහන්නත් දෙයක්ද.

ප.ලි - කව්ද බෝයි එකේ සින්දුව අපේ සිංහයා මතක් කරලා තිබ්බ කමෙන්ට් එකකින්,ඒක නිසා ඔන්න ඒකත් මෙතනටම දැම්ම.


35 comments:

  1. ඇත්ත කථාව.. කාට චන්දේ දුන්නත් අන්තිමේ රටටවත් අපිටවත් වැඩකුත් නෑ නේ,.. ඒ අය තර වෙනවා,.

    ReplyDelete
  2. සාපේක්ෂව හොඳ එකාට තමයි අපේ මිනිස්සු චන්දෙ දෙන්නෙ. ඒත් ඉතින් අනිත් උන්ගෙත් වැඩි වෙනසක් නෑ........

    ReplyDelete
  3. ලංකාවේ ඉන්න කන් නම් ඉතින් ඔන්න අපිට මේ දේවල් වලින් ඇත් වෙන්න නම් බැරිවෙයි....

    මොකෝ එක පාරම මෙහෙම හිතුනේ ඇල්බා ප්‍රා.ස වත් සෙට් කරලා දෙන්නම් කිවද??

    ReplyDelete
  4. අපෝ..ඕව නම් මට එපා වෙලා තියෙන්නෙ...ඡන්දෙ කාලෙට ගෙට එන්නෙ නිකන් හැමදාම හවසට අපෙහයින් තේ බීපු එවුන් වගේ......

    ReplyDelete
  5. @ ප්‍රර්ථනා - සහතික ඇත්ත,තර වෙනවා කියන එක තමා හරිම වචනේ


    @ විසිතුරු - උනුත් එකයි මුනුත් එකයි

    ReplyDelete
  6. @ දේවා - අම්බෝ නැහැ,ඇල්බා එහෙම කිව්වත් මම නම් ඕවට නැහැ...හිකිස්‌
    මේ වෙන වැඩ දැකලා නිකන් හිතුනා ;)

    @ පිසාචයා - අපෝ ඔව්,හරියට නිකන් පරන නෑයෙක් වගේ

    ReplyDelete
  7. මම නම් ඔය එකෙක්ටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.අපිට කිසි වැඩක් වෙන්නේ නැහැනේ..ඒකයි

    ReplyDelete
  8. ඡන්ද කාලෙ වන්දනාව ආසනේ.....
    එන්න එන්න ඡන්දෙ දෙන්න පෝලිමේ.....

    ලොලේ ලොල්

    ReplyDelete
  9. මමත් ඔය පෝස්ටර් වල තියෙන එව්ව කියෝ කියෝ යනව මේ දවස්වල.. හිනා යනවා කියල තියෙන දේවල් වල අර්ථය බැලුවහම !

    ReplyDelete
  10. ඔන්න මගෙ ගානේ සින්දුවක්..



    ඒ කාලෙ ඉදල කියන කතාවක් මේ
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු අයෙ කොර ඇන ඇන බිමින් යයි

    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා..
    ඊට පස්සේ ඒ ගොල්ලො සුදු ඇදගෙන ඇවිල්ල ජනතාවට සේවය කරනවා..

    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
    ආප්ප වගෙ මුනු සුදට තියෙන්නේ
    කේප්ප හරකුන් කතිරය ගහන්නේ
    රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ

    ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා..
    තාම බලේ තියෙන්නෙ බාගෙට නේ ඉතුරිකත් හම්බුනාම වැඩ කොරයි

    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    ReplyDelete
  11. මම දැක්ක පෝස්ටරේක තිබුනේ "ගමේ එකා ගමේ කමට " කියලා අනේබං මුන්ට පෝස්ටරයක් ගහගන්න තේරෙන්නෑ නේ ! එනවා මෙතන ජන්දේ ඉල්ලන්න

    මම නම් පහුගිය ජන්දෙට බැහැල වැඩ කරලා මගේ එකෙක්ව නගරාධිපති කරගත්තා ..පස්ට හැපී ඌ මගේ එකා නිසා ..

    ReplyDelete
  12. මමනම් කාටවත් තාම චන්දේ දීලා නෑ.. දෙන්න බලාපොරොත්තුවකුත් නෑ..

    ReplyDelete
  13. මම දන්න ටිකක් දුර පලාතක හාදයෙක් චන්දෙ ඉල්ලුවා. මිනිහට ඒ පලාතෙ කියන්නෙ ගල්මෝලෙ මහත්තයා කියලා. මොකද එයා ගමේ ගල් මෝලක් කලා. අපි හිතමුකෝ ගල්මෝල තියෙන්න කන්දෙගම කියලා. මිනිහා ගහලා තිබුනා තඩි බැනර් එකක්.
    "කන්දෙගම ගල්මෝලෙන් අලුත් හඬක්...."
    අම්මපා ඇත්තම කතාවක්.

    ReplyDelete
  14. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....... ඔය පෝස්ටර් කියෙව්වහම මොලේ විකර වෙනවා.. මාර හුරතල් නම් දාගෙන ඉන්නෙ. ඔය මොනා කිව්වත් අන්තිමට ජනතාව තමා අමාරුවෙ වැටෙන්නෙ. එයාලට සැප.

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල ලුනෙ... ;)

    ReplyDelete
  15. මම උසස් අධ්‍යාපනය ලැබුවේ රුපලාවන්‍ය සම්බන්ධයෙන් ඉන්දියානු විශ්ව විද්‍යාලයකිනි. - මේ අර සුරූපි නිළිය වෙන්න ඇති... හි හි......
    මගේ ජිවිතේ මුල්ම ඡන්දේ , එක දෙන්න වෙන්නේ මුන්ටනේ,
    අයියෝ.......

    නියම ලිපිය හොදේ.... එල එල

    ReplyDelete
  16. ඇත්ත කතාව මල්ලි. ඡන්දේ ඉල්ලන එවුන්ගෙන් සත පහක ලාබයක් අපට nae. අපිත් කට්ට කගෙන ගිහින් මුන්ට කතිරේ ගහලා එනවා. වෙලාවකට හිතෙනවා අපිම ගස් බැදගෙන අපිටම දිමි ගොට්ටක් දාගන්න එක හොදා කියලා.

    ReplyDelete
  17. අලුත් ටෙම්ප්ලේට් එක නියමයි. සරලයි. කියවන්න ලේසියි. ඒ වගේම ලෝඩිනුත් අවුලක් නෑ.හොදටම ලෝඩ් වෙනවා

    ReplyDelete
  18. @ පිස්සු පුසා - අපෝ එහෙම කරන්න එපා , අපේ අයිතිය නොවැ මලයෝ.. ;)

    @ වවුලා - අඩේ ඒක මොකේද තිබ්බේ , කතුරේ නේද ?

    ReplyDelete
  19. @ Weni අයියා - ආයිත් අහලා..මුණ දාන්න විතරනේ ඕන කට්ටියට, තේරුම වැඩක් නැහැ.. හිකිස්‌

    @ Gayan - හී හී..අඩේ මේ සිංහයාට හිතෙන එව්වා..පට්ට පට්ට..
    ඔන්න මතක් කරපු නිසාම ඒ සීන්දුවත් පොස්ට් එකටම දැම්ම.. :)

    ReplyDelete
  20. තව ටිකක් දැම්මා නම් හොඳයි. පොස්ට් එක එල

    ReplyDelete
  21. මෙන්න මේ ගැන මගේ අත්දැකීම

    http://tikakhinawenna.blogspot.com/2010/05/blog-post_31.html

    ReplyDelete
  22. මම දාන කොමෙන්ට්ස් පෙන්නේ නෑනේ

    ReplyDelete
  23. @ සදරු - හිකිස්‌..ගමේ එකා ගොන් කමට කියලා ආවනම් මොකද ;)
    නගරාධිපති කරගත්තා වගේ නෙවෙයි පස්සේදී අමතක වෙයිද දන්නේ නැහැ..

    @ Dinesh - හි හී..මම නම් යාම්තම් දෙපාරක් විතර ජන්දේ දීලා තියෙනවා..

    ReplyDelete
  24. @ charmi - ඒකනම් පට්ටම සීන් ඒක.."කන්දෙගම ගල්මෝලෙන් අලුත් හඬක්.."..ලොල්

    @ හිතුවක්කාරි - සහතික ඇත්ත හිතු..කාරිය කෙරෙන තුරු තමා කාගේ කාගේත් රැවටිල්ල..

    @ රහස් පරික්ෂකයා - මල්ලි හරි මල්ලි ;)

    @ මධුරංග අයියා - හීක්ස්..අන්තීමට කෙලවෙන්නෙත් අපිට තමා..මනාපේ අරන් අමනාප වෙනවා..

    ටෙම්ප් ඒක වෙනස් කරා අයියේ , ඇත්තම කියනවනම් මේක තමයි හිතට ඇල්ලුවේ..කලින් එකේ පොඩි පොඩ් වෙනස්කම් කරන්න ගිහින් පොඩ්ඩක් හබක් උනා.. :D :D

    ReplyDelete
  25. @ rachi - තැන්කු තැන්කු වේවා..නෑ මේ නෙට්වර්ක් අවුලක් තිබ්බ..ඒක නිසා වෙන්න ඈති..


    @ අභි අයියා - අයියගේ පොස්ට් එකේ කියලා තියෙන දේ නම් සහතික ඇත්ත..පින්තුරේ ඉන්න බුවා ගැනනම් ඉතින් කතාකරලා වැඩක් නැත..

    ReplyDelete
  26. කව්ද බන් අර **** දාල තියෙන්නේ ? නම කියහන්කෝ

    ReplyDelete
  27. අපේ පැත්තේ එකෙක් ගහල තිබ්බ XXXX විද්්‍යාලයේ හිටපු ශි.නායක කියලා :)
    තව ජිම් යන එකෙක් ගහලා කාය වර්ධන මොකක්ද එකක් :)

    ReplyDelete
  28. මම නම් ජන්දේ අතුරු ප්‍රතිපලය ලෙස දකින්නේ හොද පිරිසිදුවට තියෙන නියපොත්ත ජරා වෙන එක විතරයි ඕන්..අනේ..

    ReplyDelete
  29. හි හි ....කවුද බෝයි එකේ කෑල්ලකුත් තියෙන්නේ....ඉතුරු ටිකත් ආපහු බලන්න ආසයි..ඒත් හොයාගන්න බැහැ :(

    ReplyDelete
  30. මාර කතාවක්නේ බන් උඹ කියන්නේ. රූප ලාවන්‍ය කරපු එකා තමයි හොඳම එකා. ඇයි බන් ඌ නේ දන්නේ අන්දන එක නියමෙටම..

    ReplyDelete
  31. පිස්සු හැදෙන සද කිව්වලු..මම මේ කල්පනා කළේ මුන්ට ඡන්දෙ දෙන උන්ට මොකද වෙන්නෙ කියලා....

    ReplyDelete
  32. මේකනේ මල්ලි.. ඔය ඇත් රැන් වල සිංහයෝ ඉන්න එකයි එක එකා දුන්න දායාද ගැන කියන එකයි ඉතින් එයාලගේ දැනුම පෙන්නන විදියනේ

    ReplyDelete
  33. චන්දෙට පෙර ජනතාවට විහිලු සපයන්නෝ බලය ලත් පසු ජනතාවට තරු පෙන්නන්නෝ..

    ReplyDelete
  34. ඔය පෝස්ටර් මඟුල් හින්දා අමාරුවෙන් හදා ගෙන තීන්ත ගාපු තාප්ප ටික ඉවර වෙන එක විතරයි වෙන්නෙ .......

    ReplyDelete
  35. ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි.

    ඊට පස්සෙ මොකද වෙන්නේ දන්නවද ඔයා..
    ඊට පස්සේ ඒ ගොල්ලො සුදු ඇදගෙන ඇවිල්ල ජනතාවට සේවය කරනවා..
    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
    ආප්ප වගෙ මුනු සුදට තියෙන්නේ
    කේප්ප හරකුන් කතිරය ගහන්නේ
    රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ

    ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා..
    තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බුනාම වැඩ කරයි
    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි

    ඊට පස්සෙ මොකද වෙන්නේ දන්නවද ඔයා..
    මන් කිව්වේ දිනලා එන්නේ ජනතාවට සේවය කරන්න
    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    කතිරේ ගහලා අපි වරදක් කලාද
    කොටාගන්නේ මේ වගේ අපි නිසාද
    මේ විදියට කොච්චර කල් ගියාද
    ඒ උනාට කිසිම දෙයක් උනාද ...

    ලබන පාර කරන වැඩේ දන්නවද ඔයා
    ලබන පාර අපි දෙනවා කෙලින්ම අනිත් පැත්තට
    මෙච්චර කල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා
    ඒ උනාට එකෙන් වුන සෙතක් නැ

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!