Sunday, October 23, 2011

රිටර්න් ටු බ්ලොග්

මම හිතන්නේ බ්ලොග් ලියන්න ඇවිත් ගතකරපු අප්සෙට්ම මාසේ මේකද කොහෙද.මේ මාසෙටම ලියලා තියෙන්නේ පොස්ට් දෙකයි.අනිත් හැම මාසේම පොස්ට් හත අටක්වත් ලියපු මම මේ මාසේ මෙලෝම දෙයක් ලියලා නැහැ නේ.

ලියන්න බැරි උන එකට ඉතින් හේතු නැත්තෙත් නැහැ.අන්තිම අවුරුද්දේ අන්තිම විභාගේ තිබ්බෙත් පහුගිය දවස්වල.ඉතින් ඒකට පොඩ්ඩක් කාලේ යෙදෙව්වා.නැතිව ඉතින් බැහැනේ මේ අවුරුදු තුනම අවුලක් නැතිව කරලා, මේ අන්තිම එක අප්සෙට් ගියොත් එහෙම.විභාගේ කාරිය ඉවර උනාට මොකෝ ඉතින් තාම උපාධියේ වැඩ නම් ඉවර නැහැ.අන්තිම Viva එක තියෙනවා.ඒකෙන් පස්සේ ඉතින් අපිත් නිදහස් ගොවියෝ.

පොස්ට් එකක් ලියන්න බැරි උනාට අනිත් අය ලියපු කියපුවා නම් පුළුවන් විදියට කියවලා හිටියේ.අපේ කට්ටිය අලුතින් මාර මාර ටොපික් හොයාගෙන තියෙනවානේ ඉතින් ලියන්නත්.ඉතින් ඉස්සරහට නම් පුළුවන් විදියට ලියන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.මම ටිකක් ඉස්සර විනෝදෙට වගේ ලිව්වා ගන්නවානම් මෙන්න පොත් කියලා පොස්ට් එකක්.ඒ පොස්ට් එක තනිකරම කොමිටල් පොස්ට් එකක් උනාට ඒකට ආපු ප්‍රතිචාර එක්ක Communication Skills ගැන මට වගේම අපේ ගෘප් එකේ ඉන්න අනිත් අයගේ අත්දැකීම් ගැන පොස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා.අපිටත් ඉතින් අවුරුදු තුනක්ම අත්දැකීම් තියෙනවානේ කොහොමද presentation එකක් එහෙම කරන්නේ කියන එක ගැන.

ඉතින් ඔය ටික තමයි අලුතින්ම වෙන්නේ , තව ඉතින් ඔයිට අමතරව පොඩි පොඩි අප්සෙට් කතා/සීන් දෙක,තුනක්,හතරක්  (ගොඩක්)  උනා.ඒවත් ඉතින් හැකි පමණ ලියන්න ඕන.එහෙනම් මේ බ්ලොග් එකට අරක් ගත්තු ප්‍රේතයෝ,භූතයෝ අහක් කරලා දාන්න අවසරයි.

ප.ලි - පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තේ ඇවිත් කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි.ඒ හැමෝටම පුළුවන් විදියට ප්‍රතිචාර දක්වන්නම්.

29 comments:

  1. විභාගේ ලේසි ද දරුවෝ....

    ReplyDelete
  2. අර අප්සට් කතා ටික ලිව්වනම් ඉක්මනට...

    ReplyDelete
  3. කොහොමද විභාගේ ලේසිද මල්ලි ? දැන් ඉතින් දවසක් ඇර දවසක් පෝස්ට් දාන්න තියෙන්නේ. එතකොට චාටර් මාසේ සුබ වෙයි. :)

    ReplyDelete
  4. @ සොදුරු සිත - අවුලක් උනේ නැහැ අක්කේ..ලේසියි

    ReplyDelete
  5. @ ගෝල්ඩ් ෆිෂ් - හික් හික්..අනිවා අනිවා..කමින්ග් සුන්

    @ මධුරංග අයියා - ප්‍රශ්නයක් උනේ නැහැ අයියේ..අම්බෝ එහෙම දාන්න නම් බැහැ ඉතින්..මොනවා හරි කරලා චාටර් මාසේනම් සුභ කරගන්න ඕන :)

    ReplyDelete
  6. //ඒකෙන් පස්සේ ඉතින් අපිත් නිදහස් ගොවියෝ.//
    ඊට පස්සෙ තමයි රියල් ගේම්එක තියෙන්නෙ.

    ReplyDelete
  7. ඇයි VIVA විතරද? නෙස්ටමෝල්ට් නැද්ද ඔය පලාතේ?

    ReplyDelete
  8. අන්න අහල.. දීපල්ලකෝ හැබෑට උත්තර.. නැද්ද නෙස්ටමෝල්ට් එහෙම? එල එල..

    ReplyDelete
  9. @ රාජ් - සිරාවට ඒක ඇත්ත..ඒක තමා රියල් ගේම් ඒක..

    ReplyDelete
  10. @ කතන්දර - අයියෝ සල්ලි...ඇයි අප්පා ඔහොම කරන්නේ :P

    @ ක්සැන්ඩර් - අප්පා මෙන්න මෙයත් පටන් අරගෙන..මෙහේ මයිලෝ තියෙන්නේ :P :P

    ReplyDelete
  11. නිදහස් උනා කියල මාධ්‍ය අයිතිවාසිකම් උල්ලංගනය කරගන්න එපා ආ

    ReplyDelete
  12. මටත් ඔය සෙතේමයි යාලු...අන්තිම විභාගේ තමයි ඉස්සරහට තියෙන්නේ...රිටන්....කියල එනවා ආයේ අතුරුදහන් ලිස්ට් එකේමයි...මොනවා කරන්නද..ඒ වැඩත් කරන්න ඕනනේ..Viva එක හරියට කර ගන්නකෝ.... සුබ අනාගතයක් යාලු...!!!

    ReplyDelete
  13. ආහ්හ්....ආපහු බ්ලොග් එක මතක වෙලා තියෙන්නෙ.... :P

    ReplyDelete
  14. මෙන්න මෙයා කාලෙකට පස්සෙ.ඉතින් කොහොමද විභාගේ

    ReplyDelete
  15. නැවත වරක් සාදරයෙන් පිලිගන්නවා ....

    ReplyDelete
  16. සාදරයෙන් පිලිගන්නවා නැවත වතාවක් ......

    ReplyDelete
  17. දැන් ඉතින් ආවනම් ලියමුද අපිට බලන්න

    ReplyDelete
  18. ලියමු ලියමු මචෝ..

    ජය..

    ReplyDelete
  19. හා හා.. අවසරය් අයියාට ඕං.. ඔන්න පටන් ගන්න ආයෙත් ලියන්න...සාදරෙන් පිළීගන්නවා

    ReplyDelete
  20. අපොයි..ඔය නිදහස් ගොවියාගේ නිදහස පොඩි කාලයයි නේ මල්ලි තියෙන්නේ...වයිවා/විවා එකත් හොඳට කරන්නකෝ...

    ReplyDelete
  21. අපිත් තව අවුරුද්දකින් නිදහස් ගොවියෝ,කොහොමද? exam

    ReplyDelete
  22. මට වැරදීමක් වෙලාද නැත්නම් මෙච්චර කල් මට චම්මගේ බ්ලොග් එක මිස් වෙලා තිබිලද? අනේ මන්දා..
    ආහ් නෑ ටෙම්ප්ලේට් එක වෙනස් වෙලා...
    කොහොම කොහොම හරි ආයේ ලියන්න පටන් ගත්ත එක නම් හොඳයි,..
    දැන් ඉතින් දිගටම ලියමු. ජය වේවා...

    ReplyDelete
  23. @ විසිතුරු - තැන්කු තැන්කු

    @ වරුණ - අනිවා අනිවා :පි

    @ අසනී - ඒකැ නොවැ..ඔක්කොම ඉතින් හොදට කරන්න ඕන නේ..

    @ නදී අක්කා - අවුලක් උනේ නැහැ අක්කේ..වැඩේ ගොඩ..

    ReplyDelete
  24. @ මංචි - හි හි..ඔව් නේන්නම් මතක් උනා නේ.. :P

    @ පන්සල හන්දිය - බොහෝම ස්තුතියි අයියා..

    @ හිස් අහස - හි හි..අනිවා මචෝ..

    @ සිංහයා - අනිවා

    ReplyDelete
  25. @ හිතු - හේ හී..මේ මට ඔයාගේ කතාව මිස් උනේ එහෙම නැහැ නේ..

    @ සයුරි - හි හි..ඔව් ඔව්..ජෝබ් කට්ටක් හොයාගත්තම මේක නැතිවෙයිද මන්දා..හිකිස්‌..

    @ නදීර - අවුලක් නැහැ මචෝ..ගොඩ..

    @ ප්‍රර්ථනා - ආ එහෙමද...ඔයාගෙත් රීඩර් එක අවුලක් ගිහින් තිබ්බ නේද..ටෙම්ප් ඒකත් වෙනස් කරා ටික දවසකට කලින්.. :)

    ReplyDelete
  26. ඇවිල්ල බැලුව ඉස්සෙල්ල එකට දාපු කොමෙන්ට් එකටවත් උත්තරයක් තියෙනවද කියල පොස්ට් නැත්තන්...ම්හු...නතින්. දැන්නේ දන්නෙ හේතුව.

    ReplyDelete
  27. කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තෙ ආවෙ කමෙන්ට් එකක් දාලා යන්න.. ආපු ගමන් මගේ ඇස් උඩ ගිහින් දාඩියත් දැම්මා. අන්තිම අවුරුද්දෙ විභාගෙලු. මම මල්ලි කිවුවාට මල්ලි කෙනෙක් නෙවෙයි වත්ද??? කොහොම උනත් හරියට දැනගන්නකම් චම්මා කියන එක හොඳයි වගේ..

    ReplyDelete
  28. @ කතන්දර Kathandara : මොන නෙස්ටමෝල්ට් ද හලෝ...මේකේ සිංහලෙන් ලියලා තියනවා නේ අන්තිම VIVA එක කියලා....එකෙන් පස්සේ බොන්න මුකුත් නෑ....

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!