Monday, July 11, 2011

ගන්නවනම් මෙන්න පොත්

මේ දවස් ටිකේම පොස්ට් එකක් ලියන්න බැරි උනා.අන්තිම සෙමෙස්ටර් ඒක හින්ද ප්‍රෝජේක්ට්ද , ප්‍රසන්ටේෂන් ද වැඩ කෝටියයි.මට බ්ලොග් එකට වැඩිය ලියන්න බැරි උනාට අනිත් අය ලියපුවා නම් කියෙව්වා,පුළුවන් විදියට කමෙන්ට් කරා.අදත් මේ කියන්න හදන්නේ බුකියෙන්ම සෙට් උන කතාවක්.

අපේ අය IT කරාට මොකද හොදට පොත් පත් එහම ලියන්න කියන්න පුළුවන්(ලු).ඒක හින්දා පලවෙනි ,දෙවෙනි වසරවල ඉන්න අපේ පොඩ් අයට කරන උපකාරයක් විදියට පොත් සීරිස් එකක් ලියන්න පටන් අරගෙන.මේ පොත් සීරිස් ඒක ප්‍රදාන වශයෙන්
කැටගරි 3 තියෙනවා

1. IT සම්බන්ධ පොත්
2. Communication Skills - සන්නිවේදන කුසලාතා සදහා වෙන්වූ පොත්
3.ආදරය සම්බන්ධ පොත්

IT පොත් වලින් ටිකක් නම් කලොත්
   1.How to do MCTS in 12 hours
   2.Write a Report in 2 hours
   3.How to do Litreature Survey in 5 hours
   4.How to write  Progress Reports without having a Progress

සන්නිවේදන කුසලතා වර්ධනයට හදපු ඒවාට තියෙන පොත්
   1.How to do presentation without practicing it
   2.How to Cheat Your Instructor in presentation

ආදරය සම්බන්ධ පොත්
   1.සිංහලෙන් ආදරය කිරීම I ( මේක නම් ලියන්නේ අපේ නම්බුවා , ආරංචි විදියට කොටස් දෙක තුනක්ම එන ලකුණු තියනවා )

තව මීට අමතරව " වින්ඩෝස් හයිබ්‍රිඩ් " ගැන ලියවෙන පොත් සීරිස් එකකුත් එනවා.එකේ සියලුම සංස්කරණ කටුයුතු කරන්නේ අපේ සොනික් තුමා විසින්.මේ පොතේ නම් බිල්ගේට්ස් හොයාගත්ත වින්ඩෝස් වලටත් වඩා අලුත් දේවල් ඇතුලත් බවයි කියවෙන්නේ.

මේ පොත් භාවිත කිරීමට කිසිදු මුලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.ඕන කරන එකම දේ තමයි හොදින් හුස්ම වැටෙන එක.
Communication Skills පොත් සෙට් එකටනම් අත පය හොලාවන්න පුලුවන් නම් හොදටම ප්‍රමාණවත් කියලයි කට්ටිය කියන්නේ.

17 comments:

  1. බෑනේ මෙහෙම ප්‍රසිද්ධ කලාම පොත් ලියන්න.. කොහොමද දැන් පැපරාසින්ගේන් බේරෙන්නේ ආ.. එතකොට ඔබ තුමාගේ පොත??

    ReplyDelete
  2. How to Cheat Your Instructor in presentation, Write a Report in 2 hours
    How to do Litreature Survey in 5 hours

    ඔය කියන පොත් ටිකේ කොපිරයිට්ස් මගේ හොදේ

    ReplyDelete
  3. 1.සිංහලෙන් ආදරය කිරීම I ( මේක නම් ලියන්නේ අපේ නම්බුවා , ආරංචි විදියට කොටස් දෙක තුනක්ම එන ලකුණු තියනවා )

    kadua meka liwwe?? mata uwa hamba wenna oneeeeeeee

    ReplyDelete
  4. නියමයි ඊ-බුක් කරල දැම්මොත් වටිනවා.අර How to Cheat Your Instructor in presentation මට හුගක් වැදගත් වගේ.

    ReplyDelete
  5. සික් ඇනා කමෙන්ට් දැම්මාම අයිතිය කාගෙද කියලා හොයන්නේ කොහොමද බොල

    ReplyDelete
  6. ඔය පොත් ටික හොයාගෙන බලන්න ඕනේ. මම නම් උපන්තේකට අහලා නැති නම් ටිකක්. අන්තිම අවුරුද්ද කියන්නේ වැඩ වැඩි අවුරුද්දක් නේන්නම්. අපටත් එහෙම්මමයි.

    ReplyDelete
  7. දැන් අපිට මේව ගන්න බැරිද ?? කෝ ඩවුන්ලෝඩ් ලින්ක් ?

    ReplyDelete
  8. බැරිද ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එහෙම හොයලා දාන්න .....

    ReplyDelete
  9. යකෝ.. පොඩි එවුන්ව නොමග යවන්න එපා

    ReplyDelete
  10. @ නම්බුවා - අනේ මේ මම නම් ඉතින් හරි අහිංසකයි , මම නම් ඔය පොත් ලියන සබ්ජෙක්ට් එකේ නැහැ නේ..
    දැන් මාර සීන් එක පැපා ට මේක සෙට් උනොත් නේද ;)

    @ Anno - ඇනෝ කමෙන්ට් දැම්මම කොහොමද බොල කොපි රයිට්ස් දෙන්නේ :P :P

    ReplyDelete
  11. @ අචල මලයා - අපේ නම්බුවගෙන් තමයි උත්තරේ අහන්න වෙන්නේ..ලව් සම්බන්ධ පොතේ කතුවරයා මිනිහ නේ

    @ නදිර - හි හි , E-book කරන එක ගැන හිතලා බලන්න ඕන..ප්‍රසන්ටේෂන් වලට නම් ඉතින් භාෂාව ප්‍රයෝජනයට ගත්තනම් ගොඩ

    @ කිඩෝ - එකනේ මමත් ඇනෝ ට ඕකම තමා කිව්වේ

    @ මදුරංග අයියා - අප්පා ඔයාලගෙත් අන්තිම අවුරුද්ද ද , එහෙනම් අම්බානෙක වැඩ ඇති දැන්

    ReplyDelete
  12. @ ගීත් , පන්සල් හන්දිය - තාම ඉතින් පොත් ලියමින් නේ තියෙන්නේ..නුදුරු අනාගතයේදීම ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නා පුළුවන් වෙයි ;) ;)

    @ සමිත - පල පල..මම මොකටද පොඩි එවුන් නොමග යවන්නේ..:P

    ReplyDelete
  13. SLIIT එකේදි මේ සබ්ජෙක්ට් ගැන අයිඩියා එකක් එනවා තමා අනිවා.මෙවා පුරුදු වෙන්නත් වෙනවා.ඒ වගේම කරන්නත් වෙනවා හික් හික් ලොල්

    ReplyDelete
  14. අනේ ගොනෝ මෙතැන කමෙන්ට් එකක් දාලා මට අයිති පොත් වල කොපි රයිට්ස් ඉල්ලන්නේ නැතුව...උබට වොයිස් මේල් එකක් දාන්න කියලද කියන්නේ....
    @ කිඩෝ : මම සික් නෙවේ බුද්ධාගමේ.....

    ReplyDelete
  15. අපොයි.. ලියල දෙන්නම් ඉතින් බන්.. චම්මගේ පොත ගැන තමා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ :ප

    ReplyDelete
  16. සෑහෙන වටිනා කියන පොත් ටිකක්නෙ! බැරිද ඕවායෙ තියෙන උපදෙස් සාරාංශ කරලා ලිපියක් ලියන්ට?

    ReplyDelete
  17. IT පොත් ටික නම් වටින පාටයි.E BOOK ටික හැදුවහම හොද කොල්ලා වගේ ලින්ක් ටික දාන්න හොදේ. :-)

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!