Thursday, February 9, 2012

ඇයි බ්ලොග් ලියන්නේ ?

මම සිංහල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැයි මාසේදී වගේ.මුලින්ම කඩ්ඩෙන් තමා බ්ලොග් එක ලිව්වේ.ඔහොම ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නේ.ඊට පස්සේ තමා මගේ කඩ්ඩ බ්ලොග් එක සිංහල වෙන්නේ.ඔය කාලේදී අහල පහල ඉන්න යාලුවෝ මම බ්ලොගක් ලියනවා කියල දැනගෙන හිටියේ නෑ , උන් ඒක දැන ගත්ත දවසේ ඉදන් අද වෙනකන්ම අහනන දෙයක් තමයි , " ඇයි බන් උබ බ්ලොග් එකක් ලියන්නේ " කියන එක.ඔය දේට මම ඒ කාලේ ඉදන්ම දීපු උත්තර ටික තමයි මේ.
  • උබලා කරන කියන දේවල් මම ලිව්වේ නැත්තම් වෙන කව්ද බන් ලියන්නේ.
  • ටි.වී සිරිස් ටික ඉවරයි , ඉතින් කරන්න දෙයක් නෑ
  • මොකෝ රෑ වෙනකන් මම මල් කඩන්න කියලද , බ්ලොගක් කියවන / ලියන එක විතරයි තියෙන්නේ.
ඔය අනං මනං උත්තර දුන්නට මොකෝ මාත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හරියට දැනගෙන හිටියේ නෑ.මොකද ඔන්න බුවා වගේ මම ලියන ඒවගෙන් රට හැදෙන්නෙත් නෑ නේ ( බුවා ලියන ඒවගෙන් එහෙම වෙනවද :P ).මේ ලියන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 52 පොස්ට් එක.ඔය පොස්ට් ඔක්කොම එක එක දේවල් ගැන ලියපු ඒවා.ඒ ඔක්කොම මටයි මගේ අහල පහල ඉන්න එවුන්ට වෙච්ච දේවල් ( අපරාදේ කියන්න බෑ මට තමයි වැඩි හරියක් දේවල් උනේ ).ඔය පොස්ට් 52 ටම තියෙන්නේ එකම එක අප්සට් සිදුවීමක් විතරයි.ඒකත් උනේ  වැරදි වැටහීමක් හින්දයි.ඒ දේ ඇරෙන්න බ්ලොග් ජිවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ හොද සතුටුදායක දේවල්.

ඉස්සරහටත් අතුරු ආන්තාරාවක්‌ නැතිව හිටියොත් මේ බ්ලොග් එක මගේ සතුට වෙනුවෙන්  දිගටම පුලුවන් හැටියකට ලියන්න හිතාගෙන ඉන්නවා.කොහොමත් බ්ලොග් එකක් කියවන / ලියන කෙනා තමයි ඒකේ තියෙන රසේ දන්නේ.බ්ලොග් ලියන අය මාත් එක්ක එකග වෙයි ඒ දේට.

මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.මේ ඊයේ පෙරේදා දවසක වැඩ කරන තැන උන කතාබහක්.එතන ඉන්න සමහරු නම් දන්නවා මම බ්ලොග් එකක් ලියනවා කියලා.අපි කට්ටියක් කතා කර කර ඉන්නකොට අපිත් එක්ක ඉන්න ගෑණු ළමයෙක් මගේ දිහා හැරිලා..

ගෑනු ළමයා : මේ ඔයාගේ බ්ලොග් එක මම කියෙව්වා..අන්තීමට ලියලා තිබ්බ ටිකෙන් ටික එකයි , ස්ලිට් එකේ එකයි දෙක තුනම කියෙව්වේ..ඒ ඔයා මාරයි නේ..
මම : ඇයි ඒ මොකද ?
ගෑනු ළමයා : නෑ ඒ ඔයාමද ලියන්නේ කියලා හිතන්න බෑ නේ..බ්ලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒ ඔයාද කියලා හිතන්න බෑ ..අනික ඔයා මෙතන ඉන්නේ හරියට  10 ට ගණන් කරන්න බෑ වගේ නේ  !!!!

ඇත්තම කියනවනම් මට  ඒ වෙලාවේ එතනම වලක් කපාගෙන යන්න හිතුනා.

63 comments:

  1. සරලම වචනේ "ආත්ම තෘප්තිය" , අපි හැමෝම ලියන්නේ ඒකට . ලංකාව කියන්නේ සම්මජාතියේ හැදෙන රටක් නොවුනට ,අපි ලියන ඒවයින් රට හැදෙයි කියලා හිතාන ඒවම ලියන්නෙත් ඒකයි . අහල පහල යාලුවන්ගෙන් නම් මට ප්‍රශ්න නැ , මොකද කිසි කෙනෙක් මම බ්ලොග් එකක් ලියනව කියල දන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. හරියට හරි බුවා! මිනිස්සු ලියන්නෙ තමන්ට සතුටු වෙන්න. ඒත් ඒ අරමුණ්ට අන්තිමට ලඟා වෙන්නෙ කී දෙනාද?

      මේ චම්ම ලියන බුවාටත් කියන්න තීන්නෙ...ලියාගෙන ලියාගෙන යන්න කියල තමයි.

      Delete
    2. හරියට හරි බුවා..අපේ සතුටට තමා නේ ලියන්නේ :))
      ඔන්න ඕක තමයි ඇනෝනිමස් ඉන්න එකේ වාසිය..කවුරුත් දන්නේ නෑ නේ..

      @ ඉන්දික අයියා - බොහොම ස්තුතියි කිව්වා :) අරමුණට ළගා වෙන්නේ නම් බොහොම සුළු කස්ටියක් තමා...

      Delete
    3. මම නම් සතුටින්.. ඉඳල හිටල වාද වලට පැටලුනාට ඒව එතනින් ඉවරයි . හැබැයි ඉතින් සමහර දේවල් ලියන්න හිතන්න වෙනවා වැඩියි , මම හෙනම ගේමක් දීල ලියපු ලිපිය ගුගල් දෙය්යො අවුලක් ගහල මැකුණා . ඒ දරුස්මාන් වාර්ථාව ගැන . මුලු රිපොර්ට් එකම කියවල , දවස් 5ක් තිස්සෙ ලියපු මගේ දිගම ලිපිය ඒක . ඒත් ඊට ආසන්න කාරණා ගැන ලියපු ලිපි වලට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය අනික් ඒවට වඩා අඩුයි , බ්ලොග් එකක් ලියන්න ගත්තේ මහන්සි නොවී බොක්කට එන දේවල් ඔහේ ලියල දාලා අර සතුටම ලබන්න පුලුවන් නිසා . මට හිතෙන විදිහට ඒ වැඩේ සැහෙන්න සාර්ථකයි

      Delete
    4. comment ver - 2.0

      මම නම් සතුටින්.. ඉඳල හිටල වාද වලට පැටලුනාට ඒව එතනින් ඉවරයි . හැබැයි ඉතින් සමහර දේවල් ලියන්න හිතන්න වෙනවා වැඩියි , මම හෙනම ගේමක් දීල ලියපු ලිපිය ගුගල් දෙය්යො අවුලක් ගහල මැකුණා . ඒ දරුස්මාන් වාර්ථාව ගැන . මුලු රිපොර්ට් එකම කියවල , දවස් 5ක් තිස්සෙ ලියපු මගේ දිගම ලිපිය ඒක . ඒත් ඊට ආසන්න කාරණා ගැන ලියපු ලිපි වලට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය අනික් ඒවට වඩා අඩුයි , Entertainment බ්ලොග් එකක් ලියන්න ගත්තේ මහන්සි නොවී බොක්කට එන දේවල් ඔහේ ලියල දාලා අර සතුටම ලබන්න පුලුවන් නිසා . මට හිතෙන විදිහට ඒ වැඩේ සැහෙන්න සාර්ථකයි

      Delete
  2. //මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.//

    මේ කතාවම මාත් බ්ලොග් ලියන්න ආපු අලුත මගේ හොදම යාලුවෙක්ගෙන් අහ ගත්තා.මං කිව්වා බ්ලොග් ලියනකොට සීමාවක් දාගෙන නෑ නෙ කියලා...

    ජය පෝස්ට් පනස් දෙකට.මටනම් තාම 50ක් ලියන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. බැලින්නම් මම විතරක් නෙවයි නේ ඒ කතාව අහගෙන තියෙන්නේ..අක්ක ඉතින් මේ දවස්වල බිල්ඩිමට හිර වෙලානේ..බිල්ඩ්ම හදලා ආයි බ්ලොග් එක යථාතත්වෙට ගමු..

      Delete
  3. බ්ලොග් ලියන අයත් කමෙන්ට් කරන අයත් කොපමණ ප්‍රසිද්ධද කියල ම්ට වෑටහුනේ ලඟදී ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගිය වෙලාවක
    …අම්මගේ අසනීපෙකට .එතන හිටපු දොස්තර කතාවට වෑටුන මාත් එක්ක . එතනදී ඔය බ්ලොග් ගෑන අහම්බෙන් කතා උනා . බලනකොට දොස්තරත් බ්ලොග් කියවන කෙනෙක්. එතනදී මම කිව්ව මම ගිම්හානි බව . ගොඩාක් සතුටු උනා ඒ මම බව කීවම .

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි නේ ගිම්හානි අක්කේ , දැන් ගොඩක් අය සිංහල බ්ලොග් කියවනවනම් තමා , සතුටට කරුණක්..

      Delete
  4. මාත් කල්පනා කලේ ඇයි කියල.

    ReplyDelete
    Replies
    1. බුවා ගේ උත්තරේම තමා දෙන්න වෙන්නේ :P

      Delete
  5. මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.

    හිකිස්... මාත් ඔය කථාව නම් ගොඩාක් අයගෙන් අහගෙන තියෙනවා ඊට වඩා ටිකක් වෙනස් විදියට. සමහර අය පුදුම වෙනවා මම බ්ලොග් එකේ ලියන ඒවා මගේම අදහස් කිව්වම... අනේ ඉතින් ඒ වගේ වෙලාවට මටත් හිතෙන්නේ වලක් කපාගන්න තමා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ජයග්‍රාහී තුන්වෙනියා..කස්ටියටම දැන් එකට වලවල් කපාගන්න පුළුවන්... :D

      Delete
  6. අනේ මේ විකාර නැතුව දිගටම ලියාගෙන පලයන්..හික්..උබට ඔන දෙ හිතෙන දේ ලියහන් එච්චරයි...

    ReplyDelete
    Replies
    1. හික්‌...,,හික්‌,,අනිවා පුළුවන් විදියට ලියන් යනවා රාජ් අයියා.. :)

      Delete
  7. අනේ මේ විකාර නැතුව දිගටම ලියාගෙන පලයන්..හික්..උබට ඔන දෙ හිතෙන දේ ලියහන් එච්චරයි...

    ReplyDelete
  8. ගනං ගන්න එපා චම්ම අයියෙ 10ට ගනං කරන්න බැරි වුනාට අම්බානෙකට කියවන්න අය ඉන්නවනෙ.....

    ReplyDelete
    Replies
    1. අඩේ පිස්සු මල්ලිත් මට බයිට දානවා නේ :p

      Delete
  9. මට බ්ලොග් ලියන්න ගත්තේ නම් ලොකු බලාපොරොත්තුවක්වත් ලොකු අසාවකුත් නැතුව...

    දිල්ෂාරා අක්කාගේ බ්ලොග් එක කියවලා එයාගෙන් ලැබුනු උදව් එක්කමයි..

    එත් මහ ලොකු දෙයක් නොලිවාත් දවසින් දවස මේකට තියන ආසාව වැඩිවෙනවා..

    දවසින් දවසගොඩාක් හොද යාලුවෝ ටිකක් එකතු වෙනවා

    නොදන්න ගොඩාක් දේවල් දැන ගන්නවා,

    මහන්සිය කාන්සිය නැති කරගන්නවා මේ නිසා

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමා මචන්..කිසිම ලොකු බලාපොරොත්තුවක තිබ්බේ නෑ..කිව්වා වගේ දවසින් දවස ආසාව නම වැඩි වෙනවා...එල සෙට් එකක් සෙට් වෙනවා...

      Delete
  10. @gimhani ane nikan inna meya oyawa mn adai dana gaththe.ehema eke doctor danne kohomada?anika oyawa doctor anduna gaththa kiyala nikan wedakam kale nane.parissamin oya wage aya ekka wedi kathawata yanna epa.

    ReplyDelete
  11. ගිම්හානී@ මම තමයි ඒ දොස්තර

    ReplyDelete
  12. මම බ්ලොග් ලියන කෙනෙක් නෙමේ. කියවන කෙනෙක්. මම ඒකෙන් ලබන්නෙ සරළ ආත්ම තෘප්තියක්. පිල් බෙදීම් වලින් තොරව සරළ වින්ඳනයක්,මානසීක නිදහසක් දෙන්න පුළුවන් ලිපි මම කියවන්න කැමතියි.
    සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඉතින් සදලි ඔයත් පටන් ගන්නකො බ්ලොග් එකක්..අපේ ගිම්හානි අක්කත් ඔයවගේ ඉදලා තමයි දැන් බ්ලොග් ලියන්න අරගෙන තියෙන්නේ...මේ පැත්තේ ආවට ස්තුතියි... :))

      Delete
    2. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. මම තාමත් බ්ලොග් ලියන්නේ නැ. කලකට පෙර ආත්තම්මගේ පෙට්ට්ගමට කවි කීපයක් දැම්මා. නමුත් ඒ බ්ලොග් එක මගේ නෙමේ. ඒක ලොකු ජෝන්ගේ . මට බ්ලොග් එකක් නැත.

      Delete
  13. දිග ගමනකට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු..ඔබා අයියේ :D :D

      Delete
  14. ගෑනු ළමයා : නෑ ඒ ඔයාමද ලියන්නේ කියලා හිතන්න බෑ නේ..බ්ලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒ ඔයාද කියලා හිතන්න බෑ ..අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!

    "10 ට ගණන් කරන්න බෑ වගේ නේ"

    පට්ට කතාව.....

    ReplyDelete
  15. බ්ලොග් එකක් ලියන එකෙන් අපි බලාපොරොත්තුවෙන්නේ පොඩි සතුටක්.. මම හිතන්නේ නම් ඒ විදිහට.. දවස පුරාම ඉන්න රාජකාරි ජීවිතෙන් ටිකක් විතර ඈත් වෙන්න මේක හොද ක්‍රමයක්..

    50ට සුභ පැතුම් යාළුවා..

    ReplyDelete
    Replies
    1. මගෙත් තියෙන්නේ ඒ අදහසම තමා මචන්...හිතට විවේකයක්..
      බොහොම ස්තුතියි මචන් :)

      Delete
  16. මම බ්ලොග් ලියන්නෙත් ආත්ම තෘප්තියට..:) හැබැයි මේ බ්ලොග් නිසා මට හම්බුනු යාලුවො ගැන මට හුඟාක් සතුටුයි!!
    හික්ස්ස්...:D ඔය කතාවට මටනම් ඉතින් කියන්න තියෙන්නෙ එච්චරම ලැජ්ජ වෙන්න, නෝන්ඩි ව්එන්න දෙයක් නෑ කියලා...නරක දෙයක් කරනවායැ???

    ප.ලි- කිව්වා නේද පෝස්ට් එකක් සීන් එක ගැන.. හික්ස්ස්..:D ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්න බ්ලොග් හින්දා සෙට් උන ෆිට් එකක්.. :) :)
      ඒකනේ ලිව්වා ලිව්වා , ඔයාගේනේ මුල් අයිඩියා එක ;)

      Delete
  17. බුවාගේ කතාවේ ආත්ම තෘප්තියට කියන දේට මම සහමුලින්ම එකඟයි. ඔව් ඉතින් අරෙහෙම කෙල්ලක් කිව්වම කොන්ක්‍රීට් පොළවක් උනත් හාරන් බහින්න නොහිතුනොත් ඇති,

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා , අයියත් සාටර් කාලා තියෙනවා වගේ

      Delete
  18. ලියන දෙයින් කියවන්නා යම් වින්දනයක් ලබයි නම් මට ඒ ඇති.

    ReplyDelete
  19. මේ පටන් ගත්ත විතරනේ...තව ඔහොම යමුකෝ....

    ReplyDelete
  20. 10 ට ගණන් කරන්න බෑ...අපිනේ දන්නේ මෙයා ගණන් කරපු තරම්...අනේ චම්මෝ...

    ReplyDelete
    Replies
    1. පල ඇනෝ..මොනාද මම කොලේ :P

      Delete
    2. උඹ මොනවද නොකළේ...

      Delete
  21. මගේ බ්ලොග් එකත් වැඩ පලේ කිහිප දෙනෙකුත් කියවනවා.. ඒ වගේම මගේ නංගිලා කිහිප දෙනෙකුත් කියවනවා..ඒත් කවදාවත් මොනවත්ම කියලනං නැහැ...

    උන්ගෙනුත් අහලම බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනිවා අහලා බලන්න මාරයියේ..බලන්න්කෝ මොනාද කියන්නේ කියලා..

      Delete
  22. ඇත්තම කියනවා නම් මම blog කියවන්න පටන් ගත්තේ අය්යාගේ blog එක කියවලා තමයි
    දැන් නම් මටත් ආසයි blog එකක් ලියන්න......
    දිගටම blog ලියන්න මගෙන් සුභ පැතුම්...!!!!!!

    ReplyDelete
  23. ado who`s the girl ? අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!
    sira kathava :P

    ReplyDelete
  24. බ්ලොග් ලියන්නේ ඇයි කියලා කීපදෙනෙක්ම අහලා තියෙනවා ?
    මම නම් ලියන්නේ ජොලියට !

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා අයියේ :)

      Delete
  25. දැන්ම වලක් කපා ගන්නවද කියලා මාත් මේ කල්පනා කලේ.. :P ඵ් හැමදාම වගේ මුණ ගැහෙන කිසිම කෙනෙක් දන්නේ නෑ මම බ්ලොග් ලියනවා කියලා.. :P
    //මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.//
    //අනික ඔයා මෙතන ඉන්නේ හරියට 10 ට ගණන් කරන්න බෑ වගේ නේ !!!!//
    දන්නවා නම් ඔය කථාව ඔය විදිහටමයි මටත් එන්නේ ..එ නිසාමයි කියන්නේ නැත්තේ.. :D :D

    ReplyDelete
    Replies
    1. :P :P :P අනිවා එහෙනම් දන්නා කස්ටියට දෙන්න ඕන මෙයාගේ බ්ලෝග

      Delete
  26. අය්යෝ.... පනස් දෙකකුත් ලියල ඔන්න මම දැනුයි ආවේ... මගෙ යාළුවෝ (බුකියේ අය ඇරෙන්න) කවුරුත් මම බ්ලොග් එකක් ලියන බව දන්නේ නෑ. මාත් 50 ට සුභ පතනවා!!!

    ReplyDelete
  27. මම නම් ගොඩක් දේ ඉගෙන ගත්ත අපේ අය ලියන බ්ලොග් වලින්.ඒ හැමටම සුබ පතනවා ඔයාල ලියන්න බලන අය මොනව හරි ඉගෙන ගනීවි.අපේ රටේ අනිත් මාද්ය ගැන නම් තියෙන්නෙ කල කිරීමක්.ඉතාලියෙන්.

    ReplyDelete
  28. තමන්ට හිතෙන දේ ලියන්න පුළුවන්. කාගෙන්වත් තහනමක් නෑ. මම ලියපුවා ආපහු කියවලා ලොකු තෘප්තියක් ලබනවා වගේම කාගෙ හරි කමෙන්ට් එකක් දැක්කම තවත් සතුටුයි.ඒකයි මම නං ලියන්නෙ.
    කියවීමෙන් වගේම ලිවීමෙනුත් සම්පූර්ණ මිනිසෙක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  29. මගෙනුත් සුබ පැතුම් , ඇත්තටම මේ සිංහල බ්ලොග් නිසා මටත් බොහෝ මිතුරන් පිරිසක් හඳුනගන්නට ලැබුණා , ඒකම සතුටක් .....

    ReplyDelete
  30. ආතල් එකට ලියන්නේ....

    ReplyDelete
  31. මමත් බ්ලොග් එකක් පටන්ගත්තෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් .. අනික හැකියාවක් තියෙනවද නැද්ද කියල හරි බලන්න ට්‍රයි කරන්න පුලුවන්නෙ ...

    සුබ පැතුම් ..!

    ReplyDelete
  32. //ඇත්තම කියනවනම් මට ඒ වෙලාවේ එතනම වලක් කපාගෙන යන්න හිතුනා. //

    …අනෙ නිකං බොරු නොකිය හිටහං ඒවෙලෙ T SHIRT එකක් ඇඳන් හිටපු හින්දා කොලර් එකක් නෑ උස්සන්න. කියලා කියුවනම් මම පිලිගන්නවා

    ReplyDelete
  33. හික් හික් ඒ අන්තිම වාක්‍ය නම් මාරු අහ්හ්

    ReplyDelete
  34. Nice work friend
    Keep it up
    Best regards....

    ReplyDelete
  35. චම්මා මටත් උය උඹට වුනා වගේ අන්තිම සීන් එක ලෙසටම වෙලා ති​යෙනවා... අනේ අප්පෝ.. එතකොට දැනෙන සනී​පේ....!!!

    සූබ පැතුම් මචං අමතකක වුන 50ට....

    ReplyDelete
  36. අද වෙනකන් මම දන්නේ නැහැ මම ඇයි බ්ලොග් ලියන්නේ කියලා.ඒත් මං දානං හිටියෙනහ මට මෙච්චරවත් දෙයක් ලියාගන්න පුළුවන් හැකියාවක් තිබුනද කියලා.

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!