Saturday, February 18, 2012

තොප්පිය වැටුන දා...

හිතවත් Chamma වෙත ,

ඉතින් ඔබගේ සැප දුක් කෙසේද ? මම නම් තාමත් සුපුරුදු පරිදි තොප්පියක් දෙකක් විකුණගෙන චාටර් වේවි ඉන්නවා.ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන නිසා තමා මේ ලියමන ලියන්න හිතුනේ.

දැන් ඉතින් තොප්පි කිව්වම එක එක ජාතියේ තොප්පි තියෙනවනේ.මල තොප්පි , චාටර් තොප්පි , සතුටුදායක තොප්පි වගේ.දැන් ඊයේ වැටුනේ ඇවිල්ල සතුටුදායක තොප්පියක් නේ. කොහොමත් බොට එහෙම මේ අවුරුදු තුන,හතරට කියලා වැටුන තරමක් වැටුනේ තොප්පිම නේ , එයිනුත් ඉතින් ඔය සතුටුදායක තොප්පියක් වැටුනමද කොහෙද නේ.

අවුරුදු ගානක් තිස්සේ සාටර් උනේ ඉතින් ඔය තොප්පිය දාගන්න නේ.ඒ උනාට මට ආරංචි උන විදියට තොප්පි දාන උත්සවේ තිබ්බ දවසේ නම කස්ටිය හැමෝම හිටියේ කොයි වෙලාවේ තොප්පියයි , ලෝගුවයි ගලවනවද කිය කියලු නේද ? අනේ ඇයි එහෙම උනේ.තොප්පිය දාගෙන ඉන්න පින්තූර ගන්න ගිහිල්ලත් කට්ටියට නියම තොප්පි ටිකක් වැටුනලු නේද?

තොප්පි දාන්න කියලා ඉතින් ඔයාලා සෙට් එකත් එක්ක කී දෙනක් ආවද නේද , ඒ උනාට ඉතින් එක එක හේතු හින්දා ඒ අයට තොප්පි දාන උත්සවේට එන්න බැරි උනා නේ.ඒ අය නැතිව කට්ටිය පාලුවෙන් වෙන්න ඇති නේද ඉන්න ඇත්තේ.කොහොමත් බොලාලගේ පට්ට සෙට් එකක් හිටියනේ , ඔයින් ඊයේ දවසේ එන්න බැරි උන එවුන් බොලාලට මතක් නොඋනොත් නේ පුදුම.බොලාලගේ මෙච්චර කාලයක් තිබ්බ ෆිට් එක තවත් ඉස්සරහට , පුළුවන් තරම් කාලයක් ගෙනියන්න පුලුවන්නම් තමා හොද , එහෙම තමා වෙන්නත් ඕන.

මම එහෙනම් මේ ලියමන අහවර කරන්නයි යන්නේ , මේ පාර තොප්පි දාගන්න පුළුවන් උන හැමෝටම ඔන්න මගෙන් ටිකක් විතර සීතල වෙච්ච් සුභ පැතුම්.පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.හැමෝටම සුභ අනාගතයක් .

මිට ,
සදා තොප්පි සපයන ,
තොප්පි වෙළෙන්දා

ප.ලි - ඔය දාගත්තු තොප්පි ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මණට ලැබෙන්න සැලස්සුවොත් හොදා , නැත්තම් වෙනම  තොප්පියක් ඒකට වැටෙන්න පුළුවන්.


54 comments:

  1. චම්මා... තව පලියක් දාලා මේකෙ තේරුම ටිකක් කියපං...

    ReplyDelete
    Replies
    1. පින්තුරෙන්වත් වැඩේ මීටර් නැතෙයි..

      Delete
  2. ඔව් ඔව් ඔය තොප්පි ටික ආපහු ගිහින් දෙන්න..ඒත් ඉස්සෙල්ලා ෆොටෝ ගහ ගන්න හතර අතේ ඉඳන්ම.. !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා වෙනි අයියේ..ගැහැව්වා හතරේ අතේ තියාගෙන !

      Delete
  3. තොප්පි වැ‍ටුණද? වට්ට ගත්තද? :D මාත් ඔය පැත්තේ රවුම් ගහහා තමයි හිටියේ.. එත් අනේ ඔයාව දැක්කේ නෑ.. දැක්කත් කොහොම අදුරගන්න ද???? හැමොම එක වගේ නේ..:P ඔන්න එහෙනම් ඔයා ගේ තොප්පි දා ගැනිල්ලට මගෙන් සුබ පැතුම්..:)

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ වැඩක් නෑ..කතා කරන්නණේ අක්කේ තිබ්බේ :/ :/

      Delete
  4. තොප්පි වැ‍ටුණද? වට්ට ගත්තද? :D මාත් ඔය පැත්තේ රවුම් ගහහා තමයි හිටියේ.. එත් අනේ ඔයාව දැක්කේ නෑ.. දැක්කත් කොහොම අදුරගන්න ද???? හැමොම එක වගේ නේ.. :P ඔන්න එහෙනම් ඔයා ගේ තොප්පි දා ගැනිල්ලට මගෙන් සුබ පැතුම්.. :)

    ReplyDelete
  5. අපටනං තොප්පි දාගන්න තව ටික දොහක් බලා ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. බලන් හිටියට ඔන්න පාඩුවක් වෙන්නේ නෑ පුතේ..

      Delete
  6. ආ... ජය වේවා!! ඔය වැටුණූ තොප්පියා සෑහෙන්න වටිනවලුනේ??? අනේ අපිට කොයින්ද ඉත්ං තොප්පි කිව්වලු..

    ජය වේවා අයියා!! ඔන්න අඅයෙමත් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තොප්පියක් දාගත්තේ නැත්තම් බලාගමු :/
      තැන්කු වේවා කිව්වා :)

      Delete
  7. Congratz Chamma! I think this is B.Sc. Right ? Now go for M.Sc! Then for Ph.D !! :D

    ReplyDelete
  8. Congratulations my dear friend. Hope you will be successful in your every other endeavors too. මටත් ලබන අවුරුද්දෙ තොප්පියක් වැටෙයි මගෙ හිතේ :)

    ReplyDelete
    Replies
    1. අ‍ා එළනේ..අපෙත් සෙට් එකක් ඉන්නවා ලබන අවුර්ද්දේ ගන්න..එන්න පුළුවන් වෙයි කොහොමත් ඔය පැත්තේ ;)

      Delete
  9. ආයේ ගෙනල්ලා දෙන්න කිව්වා එක නම් හරි නැහැ.ඕවා ආයේ දෙන්න උබට ලෝබ නැද්ද?.

    ReplyDelete
    Replies
    1. ලෝභ උනාට මොනා කොරන්නද බන්..දෙන්නම වෙනවා

      Delete
  10. දාගත්ත තොප්පියට ඔන්න මගෙන් සුභ පැතුම්.. තව තවත් තොප්පි ඔළුවට වැටේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වේවා..කොහොමත් මෙ ටිකෙත් හෙට තොප්පි වැටෙනවා මචෝ

      Delete
  11. ඔයාට තොප්පි වැ‍ටුනාට මගේ සතුට .. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ගිම්හානි අක්කේ :)

      Delete
  12. මොකක්ද බන් මේ. අවබෝධයක් නොමැත..

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි..පින්තුරෙන්වත් ක්ලික් නැතෙයි මාතලන් අයියේ

      Delete
  13. සන්තෝසයි සන්තෝසයි....... ඔන්න තොප්පි වැටුනට මගෙනුත් සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩයා අයියේ..මොකෝ මේ ටිකේ මිසින්

      Delete
  14. තොපිය වැටුනට උණුසුම් සුභපැතුම්!!!!
    සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා සුභ අනාගතයක්..හොදට හිටි :P
      තැන්ක්ස් ඇනෝ

      Delete
  15. සුබ පැතුම් තොප්පි උත්සවේට, මම හොයලා බැලුවා අපේ එකට නම් තොප්පි නැතිලු, අපරාදේ!

    ReplyDelete
    Replies
    1. අප්පා එහෙමද තොප්පිය දාගෙන ඉන්න නම් අවුල්..හැබැයි ඔය විසි කරන ඇඩ් එක නම් පට්ට

      Delete
  16. සුභ පැතුම් මගෙනුත්~

    ReplyDelete
  17. Congratulations...!!!චම්මත් තොප්පිය දා ගත්ත එහෙනං... :-)

    ReplyDelete
  18. සුබ පැතුම් මල්ලිට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදී අක්කේ :))

      Delete
  19. චම්මා තොප්පිය දාගැනීමේ ප්‍රීතිය වෙනුවෙන් ...... අපේ ප්‍රීතිය..... ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අයියේ.. :)

      Delete
  20. අනේ ඉතින් අපිට කොයින්ද තොප්පි? අර වවුල් ලෝගුව නම් දානවා ලබන සතිය දිහාට..:PP
    චම්මා අයියට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ආ ලබන සතියේ නේ..ඔන්න පාටියක් ඕන හරිද :P

      Delete
  21. අහ්හ් සුභ පැතුම් තොප්පි වෙළෙන්දෝ :ඩි

    ReplyDelete
    Replies
    1. තොප්පි වෙළෙන්දා :P
      ස්තුතියි වර්ණා නංගි

      Delete
  22. හලේ චම්මා ඉල්ලන් තොප්පි දාගෙන.. අපි නම් දන්නේ නෑ ඕන්න..
    ඔන්න මමත් පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනේ අම්බෝ මේ තොප්පිය ඇති වගේද මන්දා...ස්තුතියි ප්‍රර්ථනා.. :))

      Delete
  23. අනේ වාසනාවන් තව තව නේක තොප්පි දාගන්න ලැබේවා.......!!!!!........උණුසුම් සුභ පැතුම්............!!!!!!!

    ReplyDelete
    Replies
    1. හි හි...මේ එක එක ඒවා වැටෙන කාලයයි මලයෝ

      Delete
  24. චම්මා මල්ලි තොප්පි දගෙන !!!
    අපිත් ලඟදි තොප්පි දා... ආහ් නෑ අපට තොප්පි නෑ නෙව. අපි දාන්නේ ලෝගුවක් !!!
    වැඩි කල් නෑ මාර්තු පලවෙනිදා මාත් ඔය ලෝගුවක් දාගන්නවා !!!!

    මල්ලිට සුබ පැතුම් ය !

    ReplyDelete
    Replies
    1. ආ අයියලාගේ මාර්තු මාසේ නේ..මම දන්නවා :)) අපිට බලන්න බැරියෑ අයියා ලෝගුව දැන්මම කෝමද කියලා..

      Delete
  25. එළ එළ ජය වේවා !!!!

    ReplyDelete
  26. තව තවත් සතුටුදායක තොප්පිම වැටේවා..!!!
    සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  27. මමත් තොප්පි දැම්මා එදා..ඒත් ඉතින් චම්මව අදුනන්නේ නෑනේ.. මගේ සුබ පැතුම්..

    ReplyDelete
  28. මමත් තොප්පි දැම්මා එදා..ඒත් ඉතින් චම්මව අදුනන්නේ නෑනේ.. මගේ සුබ පැතුම්..

    ReplyDelete
  29. කොන්ග්රෑට්ස් කිව්වා එහෙනම් ඔන්න :)

    ReplyDelete
  30. තොප්පි වෙළෙන්දෙක් දවසක්, තොප්පි ගොඩක් කරේ තියං, තොප්පි ගන්න මාමලාට, තොප්පි ගන්න නැන්දලාට, තොප්පි ලාබයි තොප්පි ලාබයි, තොප්පි ලාබයි කියා ගියා !!!!

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!