Tuesday, April 3, 2012

වාසගමේ ප්‍රයෝජනේ

මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.

ඔන්‍න‍ දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.
අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.

මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "

අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "

අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "

අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "

31 comments:

  1. ඒ කියන්නේ කට්ටියට තියෙන්නේ එක එක වාසගම්.. සෑහෙන සංතෝස වෙන්න ඕන කාරණයක්නේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...එහෙනම් එහෙනම්..

      Delete
  2. සෑහෙන්න වටේ ගිහිං තියනව.:)

    ReplyDelete
  3. හයියූ....ෂෝයි ගෑනු පරානේ මගෙ අන්ත:පුරේට ගන්න බැරිවෙයිද දන්නෑ
    මගෙ වාසගමත් දාගන්න පුළුවන් වෙයි මයෙ හිතේ :)

    ReplyDelete
    Replies
    1. බොටම හරියනව වගේ කියල තමා මටත් හිතෙන්නේ..

      Delete
  4. මගේ මේල් එකට උත්තර කෝ?

    ReplyDelete
    Replies
    1. අඩේ මොන මේල් එකටද බන්...මේ ටිකේම නෙට් අවුල් ..

      Delete
  5. ඒකත් නියම ක්‍රමේ...හි හි

    ReplyDelete
  6. අප්පේ..... මරු නෙ.....හිකිස්...

    ReplyDelete
  7. හෑ??? :O කට්ටියට තියෙන්නෙ එක එක වාසගම්?? මාරයිනෙ හෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. මාර නෑ අනේ..දියණුව ..දියුණුව..

      Delete
  8. අයියෝ හරි සිම්පල් ක්‍රමයක් නේ ...... ;)

    ReplyDelete
  9. මරු අයිඩියා එක.....

    ReplyDelete
    Replies
    1. හැම වෙලාවෙම ඉතින් අයිඩියා එකනේ වැදගත් වෙන්න ඕනේ..නැද්ද ;)

      Delete
  10. හිහ් මම හිතුවෙ ඈන් කියන්නෙ වාසගම වෙන්නැති කියල, :)

    ReplyDelete
    Replies
    1. :O මෙන්න ටියුබ් ලයිට් එකක් :P

      Delete
  11. නියම කතාව.ගෑණු කෙනා හරි වාසනාවන්තයි.සලකන්න බර සෙට් එකක්ම ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ..වාසනාවේ පරතෙරටම ඇවිත් ඉන්නේ ;)

      Delete
  12. ඒ සීන් එක නම් මරු.. ඔක්කොම ඈන්.. ඒ උනාට සර්නේම් වෙනස්.. හය්යෝ සල්ලි//

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..මේ අයියේ මේ ටිකේම මිසින් මොකෝ..

      Delete
  13. ලොල් වාසගම් අයිතිකාරයෝ ගෙදර ආවම මාරු එකට තියෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. හා හා..එච්චර දුර හිතන්න එපා :P

      Delete
  14. සමහර විට ඒ ගෙදර ළමා නිවසක් කරලා ඇති. ලියපු එකයි අනික් අයයි ඔක්කෝම වල්..

    ReplyDelete
    Replies
    1. ඉතින් බලමුකෝ ඒකෙත් හැටි , මාතලන් අයියට හිතුනා වෙනමමැ පැත්තක් :P

      Delete
  15. එතකොට ඈන්. කියන්නේ වාස ගම නෙවෙයි ද?

    ReplyDelete
  16. හිකිස්.....දැන් කාලෙ හරි දියුණුයි නේද....

    ReplyDelete
  17. මෙහෙම කතාවක් මාත් අහලා තියෙනවා !!!

    ReplyDelete
  18. හුටා හුටා. අහල තියෙනවද අර මාතෘ වාට්‍ටුවක එකක වෙච්ච මේ දෙබස?
    "නර්ස්, මට තරහ නැතුව ටෙලිකොම් ඩිරෙක්ටරිය ගෙනත් දෙන්න පුලුවන්ද?"
    " ඒ මොකටද අප්පා?"
    "මේ බබාට දාන්න නමක් හොයාගන්න."
    "ඩිරෙක්ටරියෙ තියෙන්නෙ වාසගම්නෙ."
    "වාසගමක් තමයි හෙව්වෙ."

    henryblogwalker the Dude

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!