Sunday, April 15, 2012

අවුරුදු (කු)මාරයා !!!

අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.

25 comments:

  1. අවුරුදු (කු)මාරයා ආවට වඩා ඉක්මනින් ගියාද මන්දා... කොහොම උනත් කරදර ටැක්ස් අඩු වෙන 2500 න් ජිවත් වෙන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙනවනම් සුභම සුභ අවුරුද්දක්ම තමයි,

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් එන ඉක්මනටම යනවනේ :/

      Delete
  2. අම්මෝ මෙදා කපේ අවුරුද්දනම් ගිනස් එකට යන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. මෙදා පාර තමයි 'අමතක නොවන අවුරුදු' ;)

      Delete
  3. මම දඹදෙණිය කියන සුන්දර ගමේ.මේ සැරේ අවුරුදු අපිටනම් අන්තිමයි.ගමේ තිබුණු අවුරුදු හොරු ගෙනිහින්.කොහා නෑ,එරබදු මල් නෑ,කජු පුහුලන් නෑ,නිකන් මළගෙදරක වගේ තමයි අවුරුදු...

    ReplyDelete
    Replies
    1. නාගරීකරණය වීමේ පෙරමග සලකුණු මචන්..ඊළග අවුරුද්ද වෙනකොට ඔය තියෙන ටිකත් නැති වෙයි !!

      Delete
  4. දැන් ගොඩක් මිනිස්සුන්ට දවසට එක පරක් හරි නොනගතය ලබනවා.. කෑම වෙලාවට..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ ..ඒකත් ඇත්ත තමයි !!

      Delete
  5. අවුරුදු ඇවිත් අපිව කාලා ගියා....

    ReplyDelete
    Replies
    1. මට වුනෙත් මේකමයි....
      තාම අතේ පයේ තුවාල.. :(

      Delete
    2. හැම පාරම වගේ..

      ඈ ඒ මොකෝ අයියේ උනේ !

      Delete
  6. ආ.. ඔය අවුරුදු සුභ පැතුම මටනම් ආවා..:D :D :D මට එවන්නෙ නැතිව කොහෙද..;)

    //ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා//

    ඔව් ඉතිං බඩගින්නෙ හිටපු අය හිටියා ඕනෙ තරම්, හැබැයි ඔයානම් එහෙම හිටියා කියලා පච කියන්නෙපා :P :P

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාටත් ආවද සුභ පැතුම..හරි ෂෝක් :P
      අනේ මේ අපි නම් හරියටම නැකතට තමයි කෑවේ... ;) ;)

      Delete
  7. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්

    ReplyDelete
  9. මහින්ද මාමි අපේ මොබිටෙල් ජාලයට පින් සිද්ද වෙන්න කරන ඒ පුණ්‍යකර්මයම ඇති ලබන ආත්මේ ෆෝන් කොම්පැනියක අයිතිකාරයෙක් වෙන්න. කිව්වත් වගේ වෙන ඉතින් මොකාද අපිට සුබ පැතුවේ අර කියන්න වගේ පඳුරක් ගානේ ඇමතිලා මන්තිරිලා හිටියට. කවදත් වගේ වෙළඳ ප්‍රජාවට නම් අවුරුදු සරුයි කියන ඒක මම අත්දැකීමෙන් හා වගකීමෙන් කියනවා. සුනාමි කතාවට කියන්න තියෙන්නේ ඉතින් නෑ එක්කෝ,,ඒ ටික ඕන නෑ...

    සුභ අලුත් අවුරුද්දක් වේවා චම්මට.. බන්දුල රජ වෙච්ච දාට 2500 කින් කාල ඉතුරුත් කරන්න පුළුවන් වෙයි මයේ හිතේ. එතකන් ඉමු.

    ReplyDelete
    Replies
    1. මොබ්ටෙල් නෙවයි හැම එහෙකටම ලැබුනා නේ..බඩු විකුණන අයට නම් ඉතින් හැමදාම අවුරුදු නේ..හි හි..
      සුනාම් පෙර සුදානම හැමපාරම වගේ මේ පාරත් නෑවා එච්චරයි...අනේ මන්දා.කොම් !!

      අයියටත් සුභම සුභ අවුරුද්දක් වේවා :)) !!!

      Delete
  10. මම නම් ඔය නැකත් ඔක්කොම පැත්තකින් තියලා හොඳට බඩ කට පිරෙන්න දවසෙම කකා බිබී හිටියා....

    ReplyDelete
    Replies
    1. හැමදාම කන එකේ..නරකද එදාට වත නොකා හිට්යොත් :P

      Delete
  11. මටත් එයාගෙන් සුභ පැතුමක් ආවා. :පි
    චම්මා අයියාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ තව එක්කනෙක් :P :P
      වර්ණා නංගිටත් සුභම සුභ නව වසරක් වේවා :))

      Delete
  12. අපිත් සුනාමි ආව කිව්වට දැනගත්තේ සෑහෙන්න පරක්කු වෙලා... ඒ මදිවට ඉන්නෙත් මූද කිට්ටුව...

    අවුරුදු නම් කියල වැඩක් නෑ.. ඒකත් ඉවරයි අපිත් ඉවරයි... නොනගතය වෙලාවට කන්න බිස්කට් පැකට් එකක් කලින්ම ලෑස්ති කරලා තිබ්බ නිසා අවුලක් උනේ නෑ :)))

    ReplyDelete
    Replies
    1. මුහුද කිට්ටුවද ඉන්නේ..අෆ්ෆා එහෙනම් ඉතින් බලපෑම උපරිමේට තියෙන්න ඇති !!!

      Delete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!