Saturday, July 21, 2012

බිල ගෙව්වනම් සලකා බැලිය හැක !!

මේක උනේ ඒ/ලෙවල් කරපු අන්තිම කාලේදී වගේ.කතාවේ ප්‍රධාන චරිතවලින් එකෙකේ මගේ යාලුවෙක් , අනිත් කෙනා කෙල්ලෙක්. ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක්.ඒ කාලේ ( 2007 අන්තිම වගේ ) හවසට තිබ්බ ටි.වී ප්‍රෝග්‍රෑම් එකක් කරා.

මගේ යාලුව ඔය කෙල්ලව මුලින්ම දැකලා තියෙන්නෙත් ඔය හවස ටී.වී ෂෝ එකක් කර කර ඉන්නකොට..මගේ යාලුවත් දැකපු මුල් දවසේ ඉදන්ම ෆුල් ලව් කෙල්ලට. කොහොමහරි දවස් ගානක් චාටර් වෙලා මේකා , ඔය කෙල්ලගේ ෆේස් බුක් එකවුන්ට් එක හොයාගෙන රික්වෙස්ට් එකක් දැම්මා.කෙල්ලත් දවසකට දෙහෙකට පස්සේ මුගේ රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා තිබ්බා.

පස්සේ දවසක කෙල්ල ඔන්ලයින් ඉන්න වෙලාවක් බලලා , පලවෙනි වතාවට මගේ යාලුවා චැට් කරන්න පටන් ගත්තා.ටික වෙලාවක් ගිහින් කෙල්ලගෙනුත් රිප්ලයි එන්න ගත්තා.දැන් ඉතින් මුට රජ මගුල්.කොහොම හරි මේ කාලෙම අලුත් මොබයිල් ෆෝන් එහෙකුත් මගේ යාලුවා අර ගත්තා.අරගෙන ෆේස්බුක් මොබයිල් ඇක්ටීවේට් කරගත්තා.දැන් ඉතින් කෙල්ලයි , මේකයි හෙන ෆිට් වෙලා.හැම තිස්සෙම ෆේස් බුක් මැසේජින්ම තමා.

දැන් ඔහොම සති දෙක තුනක් ගියා, දැන් ඉතින් ඊළග පියවරට යන්න ඕනේ නේ.ඒ කියන්න කැමතිද - නැද්ද කියල අහන පියවරට.දැන් ඒක අහන්න විදියක් ප්ලෑන් කරගෙන ඉන්න කොට , කෙල්ලගෙන් මුගේ ෆේස්බුක් එකට  මැසේජ් එකක් එනවා.

කෙල්ල - Hi **** , ඔයා ෆ්‍රී ද ?
යාලුවා - ඔව් ඔව් කියන්නකෝ !!
කෙල්ල - අනේ බලන්න මගේ මොබයිල් එක කපල නේ. :(
යාලුවා - ආ..එහෙමද
කෙල්ල - ඔව් අනේ..මට යාළුවෙක්ටවත් ටෙක්ස්ට් කරන්න බැහැ නේ.. අනේ ***** ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න.
යාලුවා - මොකක්ද බලන්න කියන්නකෝ 
කෙල්ල - ඔයාට පුලුවන්ද මගේ බිල් එක සෙට්ල් කරන්න 
යාලුවා - කියක් විතරද ?
කෙල්ල - 3200 වගේ තියෙන්නේ අනේ
යාලුවා - ආ !!! #$#$#$#$#
කෙල්ල - අනික මට ඉම්පෝටන්ට් කෝල් එකක් ගන්නත් තියෙනවා අද ?
යාලුවා - ඒකත් එහෙමද...හ්ම්ම්.. කාටද ?
කෙල්ල - මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ට ?
යාලුවා - ආ ඔයාට කලින් බෝයි කෙනෙකුත් හිටියද ?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කොහොමහරි අන්තිමේදී මගේ යාලුවා මොබයිල් බිල් එක නම් ගෙව්වේ නැහැ.ඔය කතා-බහ ගිහිල්ලා , සති දෙක තුනකට පස්සේ කෙල්ල මුත් එක්ක තියෙන කනෙක්ෂන් ටි‍ක ටික අයින් කරා.මේ වෙනකොට නම් කිසිම කනේක්ෂන් එකක් නැති තරම්.කෙල්ල නම් ළගදී බැන්දා කියලත් ආරංචියි.

ප.ලි - දැන් කෙල්ල කවුද කියල හොයන්න නම් එපෝ.දෙන්න පුළුවන් එකම ඉගිය කෙල්ල මේ වෙනකොටත් උදේට උදේට ටි.වී චැනල් එහෙක පත්තර කියවනවා කියන එක විතරයි ;)

24 comments:

  1. හෙක්..හෙක්...වෙලාවට අපේ යාලුවට ආමාශේ හරි පොඩි මොල කැල්ලක් තිබ්බේ

    ReplyDelete
  2. ටිකක් මීටර් කවුරු වෙන්නැතිද කියල.පව් බැඳපු එකා..

    ReplyDelete
  3. හම්මෝ සමහර කෙල්ලෝ කොහොම හරි කඩාගන්න බලන්නේ.

    ReplyDelete
  4. මට උනේ ඔයකේ අනික.. එකියක් මගේ නම්බරේ හොයාගෙන කතා කර කරා හිටියා. අන්තිමට මට කියනවා බිල සෙට්ල් කරන්නලු. මම ඇහුවා ඇයි මට කිචි කියලා හිතුවද කියලා. :-)

    ReplyDelete
  5. හිහි නියම වැඩේ

    ReplyDelete
  6. කවුද අනේ ඔය ගෑණූ ළමයා?? මට මතක් වෙන්නෙ නෑනෙ...:(

    ReplyDelete
  7. 3200ට ටීවී එකෙ පත්තර කියවන කෙල්ලෙක්...ම්ම්ම්ම්...පාඩු නෑ බං.. දැන් කොහොමත් වර්ල්ඩ් මාකට් එකේ ඔයගාන යන්නේ ;)

    ReplyDelete
  8. අයියෙ ඔයා කිව්ව යාළුවා වර්චුසා එකේ වැඩ කරන රත්මලාන පැත්තෙද කොහෙද ගෙවල් තියන බ්ලොග් ලියන කෙනෙක් නේද...ඕකා ඔහොම්මමයි අයියේ... ;)

    ReplyDelete
  9. ඔය කෙල්ල කෙට්ටුම කෙට්ටු කෙල්ලෙක් නේද?

    ReplyDelete
  10. කෙල්ලොත් මාර ගණන් නේ !!!

    ReplyDelete
  11. ඇති යාන්තන් කොල්ලා දත් ටික බේරගෙන ඇවිදින්. හික්ස් :)

    ReplyDelete
  12. දැන් ඉන්නේ ***වාහිනියේ ?

    ReplyDelete
  13. මුල් පිටුව කරන මහින්ද පද්මකුමාර එක්ක තිබ්බ සීන් එකක්ද මචං :ඩී

    අහ්..ඩී.ජේ අරා විත් පැස්බරා එකේ පැස්බරා ගැනවත්ද ?

    ReplyDelete
  14. හි හි.. මාර වැඩ තමා..

    ReplyDelete
  15. අඩේ රුපියල් 2000ක් තිබ්බ නම් ලංකාවෙන් හොඳ චීන කෙල්ලෙක් හොයා ගන්න තිබ්බා....

    ReplyDelete
  16. Mama nam dannawa pora kawda kiyala.... Rathmala asane kenek nam neme....

    ReplyDelete
  17. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියලා කියනවනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  18. හි හි...යන්තම් බේරිලා වගේ

    ReplyDelete
  19. හේ හේ...මරු තමයි...

    ReplyDelete
  20. අපෝ මෙහෙම කෙල්ලොනම් වාසනාවන්තයි.

    ReplyDelete
  21. හයියෝ..වෙලාවට යාලුවා ඒ කෙල්ලට අහුවුනේ නැත්තේ.

    ReplyDelete
  22. ම්ම්ම්ම්.... කවුද බොලේ මේ කෙල්ල...? යාළුවට නම් මොලේ තිබුණ නිසා හොඳයි...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!